යුග් (Just For You - Season 0...

بواسطة damsachi_99

193K 26.9K 7.1K

21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය. المزيد

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66

Chapter 52

2.8K 430 88
بواسطة damsachi_99

මන්ධීර් උන්නේ පාන්දර දෙකටත් ඇහැරගෙන.නින්දේ යන්නේ නැති තැනමයි කොල්ලා බැල්කනි එකට ආවේ..ආපහු වතාවක් සිගැරට් එකක් උරන්න හිතුනත් මන්ධීර් එයාවම පාලනය කරගත්තේ එයාවම විනාස කර ගන්න අකමැති නිසා.

" චූටි බේබි...සමාවෙන්න රෑ කරදර කරා නම්..ඇහැරලා ඉන්නවා දැක්ක නිසයි ආවේ.."

" details මොනවද..?"

" ඔඛිත නිකේත් රත්නායක..අවුරුදු 23යි..N$## කැම්පස් එකේ visualization degree එකක් කරනවා..කළුතර තමයි ගෙවල්..හැබැයි දැන් ඉන්නේ නිලේෂ් රත්නායක කියන කෙනාගේ ගෙදර..නිලේෂ් කියන්නේ මිසිස් මන්දනා එහෙමත් නැත්නම් ප්‍රතාප් සර්ගේ අක්කාගේ මහත්තයා.."

" ඒ කියන්නේ යුගාන් කසින් කෙනෙක්.."

" ඔව් බේබී..පොර සාමාන්‍ය පොරක්..ලොකු ලොකු නඩු තියෙන එකෙක් නෙවෙයි..graphic designing,photography, video editing වලට කාපර් කෙනෙක්.."

" නරක එකෙක් නෙවෙයි.."

" ඔව්..මේ CCTV footage බලන්න..බේබිට ඕනි වෙයි කියලා ගෙනාවේ.."

මංජුල මන්ධීර්ගේ අතට පොඩි චිප් එකක් දෙද්දි මන්ධීර් ඒක ෆෝන් එකට සම්බන්ද කලා.

" යුගාන්ගේ හැසිරීම එයාගේ සාමාන්‍ය හැසිරීමට වඩා වෙනස්..එයා uncomfortable..ඒත්..මේ බලන්න මංජුල..එයා කකුල් හොලවන වේගේ..ඒ කියන්නේ එයා බයෙන් ඉන්නේ..හැබැයි එයාගේ කතා කරන රටාවෙන් කියන්න පුළුවන්..යුගාන් ඉන්නේ තරහෙන්..එක අතකින් බය අනිත් පැත්තෙන් බය හංගන්න කේන්තිය.."

යුගාන් ඇස් කොනින් බල බල තොල දිවෙන් තෙත් කරන දිහා බලන් උන්නු මන්ධීර්ගේ අත් මිටි උනත් එයාගේ මූණේ හිනාවක් ඇඳුනා.

" he teasing him.."

" චූටි බේබි..."

" ම්ම්...මොකුත් නෑ..දැන් යන්න..ගිහින් නිදා ගන්න..මං තව ටිකකින් නිදියනවා.."

" ඒත් චූටි බේබි එළියේ ඉද්දි.."

" මං ඉන්නේ මගේ රූම් එකේ බැල්කනි එකේ අයිසේ..මගේ කාමරේ එළියේ දොර වැහෙන්න ඕනිද තමුසෙට නින්දේ යන්න..ගිහින් නිදා ගනින් බං.."

මංජුල යන්න යද්දි මන්ධීර් ආයේ ආයෙම ඒ cctv video දිහා බලන් හිටියේ උවමනාවෙන්.

" Boy friend කියනවා..වර්ජින් නෑ කියනවා..ආදරෙයි කියනවා..ඒත් මේ මූණ නෙවෙයි යුගාන් මං ළඟ ඉද්දි තියෙන්නේ..මෙතන එයා කේන්තියෙන් ඉන්නේ..කේන්තියට වඩා...ඒක..ඒක් නිකන්...අනේ මන්දා..ඌට ආදරෙයිලු..ඒත් මං විසිකල කේක් කෑල්ලත් අහුලන් කනවා.."

" පොඩ්ඩක් ඉන්න..පොඩ්ඩක් ඉන්න...මගේ දේවල් ගන්න පරක්කු වෙන්න එපා කිව්වා..මගේ දේවල්...මගේ දේවල්...මගේ දේවල්..."

තවත් ටික වේලාවක් කල්පනා කරමින් උන් මන්ධීර් ඇඳට වැටුනේ පසුදා උදෑසන නැවත පන්ති යෑමට අවැසි බැවිනි.







" ඕයි..."

" ඕයි...මල්ලි..."

" ඕයි...මන්ධීර්...නැගිටපාං..."

" නැගිටපං යකෝ...."

" ඒයි...නැගිටපං මල්ලී...මන්ධීර්..."

අයුක මන්ධීර්ගේ උරහිසට ඇන ඇන කතා කරත් මන්ධීර් නෙවෙයි ඇහැරුණේ.

" නැගිටපිය පොඩි පගයා...මහා පාන්දර දුම් ඇදලා ඇදලා පුක උඩ දාන් බුදි දවල් වෙනකල්..."

" ආව්...හුත්තෝ..."

මන්ධීර්ගේ පස්ස හරහා රත් වෙන්න අතුල් පාරක් වදිනකොට මන්ධීර් උඩ ගිහින් ඇහැරුණේ කුණුහරපෙකුත් කියාගෙනම.

"නැගිටපිය...නැගිටපිය...මට තියනවා ප්‍රශ්න වගයක් විසදන්න..."

" නැගිටලානේ ඕයි ඉන්නේ තව මොනාද ගහන්නේ.."

මන්ධීර් අවදි උනත් අයුක කරේ අත වදින වදින පැත්තට මන්ධීර්ට ගහපු එක වෙද්දි මන්ධීර් කේන්තියෙන් ඇදේ ඉදගත්තේ මාරයා ආවේස වෙලා..දෙවෙනි වතාවට හතරපස් වතාවක් මහා පාන්දර ඩන්හිල් දුම් ඇදපු මන්ධීර් උන්නේ තද ඔලුව කැක්කුමක වෙද්දි අයුකගේ හැසිරීම එක්ක ඔලුවේ කැක්කුමයි මානසික පීඩනෙයි නිසා මන්ධීර් උන්නේ පුපුරන්න ඔන්න මෙන්න පිම්බුණු බැලුමක් වගේ.

" ගහන්නේ..ගහන්න නෙවෙයි..හිටපං අම්මයි අප්පච්චි එනකල්.."

" මොකක්ද ප්‍රශ්නේ...?"

"ඊයේ පන්දර ඇහැරගෙන බැල්කනි එකට වෙලා සිකරට් බිව්වාද තමුසේ...?"

" ඔව්..."

" ඔව්...ඔව්...ඔව් කියන කැත බලකෝ මේකා...තාම අවුරුදු 17යි...කොහෙන්ද තමුසෙට සිකරට්..ආහ්...කොහෙන්ද..?"

මන්ධීර් කිසිම බයක් නැතිව ඔව් කියද්දි අයුක ආයෙම පරල වෙලා මන්ධීර්ට ගැහුවා..ඒත් මන්ධීර් නෙවෙයි ආපහු වචනයක් කිව්වේ..අයියා ගහන හැම පාරක්ම දරාගෙන උන්නා.මන්ධීර් කොහොමත් එහෙමයි..අම්මා අප්පච්චි ගැහුවත් එයාව ආරක්ෂා කර ගන්න ඇකිලුනේවත් හෙලවුනේවත් නෑ..එයා වැරදී නම් ගහනකල් උන්නා..බනිනකල් අහන් උන්නා..

"ගහලා ඉවර නම් මං චූ කරන්න යන්නද..?ටෙන්ට් එක පහත් කර ගන්නත් ඕනි.."

අයුක දිහා කම්මැලි බැල්මක් දාපු මන්ධීර් ආයෙම ඇස් කොනින් එයාගේ morning wood එක අයුකට පෙනලා ඇදෙන් බැස්සා..

" මල්ලි තමුසෙට ප්‍රශ්නයක් නම්..

දඩාං....

අයුකට කියන්න පුළුවන් උනේ එච්චරයි මන්ධීර් මහා සද්දෙන් බාත්රූම් එකේ දොර වහා ගත්තා. වැහුණු දොර දිහා බලාගෙන සුසුමක් හෙලපු අයුක මන්ධීර් නින්දේ ඉදලා යකා නටපු අම්බලම වගේ වෙලා තිබුණු ඇද හදලා බැල්කනි එකේ වැටිලා තිබුණු සිකරට් කොට ටික ඇහිද ගත්තේ මනමේන්ද්‍රට අහුවෙයි කියලා..වයසින් මුහුකුරා ගියත් අයුකටවත් සිකරට් බොන්න තහනම් කරලයි තිබුණේ අප්පච්චි..මන්ධීර් සිකරට් බොනවා කියලා දැන ගත්තොත් උස්සලා පොලොවේ ගහයි..

" මංජුල...."

අයුක මන්ධීර්ගේ කාමරේ ඉදන්ම බෙරිහන් දුන්නේ මංජුලට..

" කෑ ගහන්න ඕනි නම් මගේ කාමරෙන් එළියට ගිහින් කෑ ගහනවා අයිසේ..."

මන්ධීර් බාත්රූම් එක ඇතුලේ ඉදන්ම කෑ ගහද්දි මංජුලත් අනිත් පැත්තෙන් දුවගෙන ආවා.

" ලොකු බේබි..."

" මේ සිකරට් තමුසෙද මූට ගෙනත් දුන්නේ.."

අයුක ඇහුවේ සිකරට් කොට ටික මංජුලගේ කකුල් පාමුලට විසි කරන ගමන්.මංජුල සද්ද නෑ..ගෙනත් දුන්නේ මංජුල නොවුනත් මංජුල කියන්නේ අගමැතිතුමා ඉස්සරහාවත් මන්ධීර්ව පාව දෙන කෙනෙක් නොවුන නිසා.

" කතා කරන්න එපා..කතා කරන්න එපා..ගල් බිල්ලා වගේ හිටපං...මට සුරේන් කිව්වේ අරූ රෑ එළිවෙනකල් සිකරට් බිව්වා කියලා.."

" සිකරට් ගත්තේ මම...ඔය මනුස්සයා අල්ලාගෙන කන්නේ නැතුව හිටපං..ආහ් පෙට්ටිය..ඕක ගත්තේ මීට මාස ගාණකට උඩදි..චෙක් කරලා බලන්න..එකයි එදා බිව්වේ..ආය බොන්න ඕනි උනේ නෑ.හැබැයි ඊයේ බිව්වා..මට බොන්නම ඕනි උන නිසා..ආය බොන්නේ නෑ..නටන්නේ නැතිව ඉන්නවා..."

කණ්ණාඩි මේස ලාච්චුවක තිබුණු ඩන්හිල් පෙට්ටිය අරගෙන අයුක දිහාට විසිකරපු මන්ධීර් අයුකවත් මංජුලවත් ඉන්නවා කියලා හිතන්නේ නැතිවම එයාගේ closest එක ඇතුලට ගියා.

" තමුසේ underage මන්ධීර්...තමුසේ කොහොමද කොහෙන්ද  මේක ගත්තේ.."

" Under age උනාට..I want it...I got it...අනික ඉතින් අගමැති පුතා ඉල්ලන දේ නොදී ඉන්න නීතියටවත් හයියක් නෑනේ..ම්ම්..දැන් තමුසේ මගේ පුක බලන්න ආසාවෙද මේක අස්සටත් රිංගුවේ.

මන්ධීර් පස්සෙන්ම අයුකත් closest එකට ඇවිත් ප්‍රශ්න කරද්දි මන්ධීර් තුවාය කඩා දාලා හෙළුවෙන්ම ශෝටක් හොයන ගමන් උන්නා..අයුකට පේන්නේ මන්ධීර්ගේ පුක විතරයි.

" මල්ලි..."

" ඔව්..."

" ප්‍රශ්නේ මොකක්ද..?මට කියනවා..මං විසදලා දෙන්නම්..."

" විසදලා දෙන්න මේක ගණිත ගැටළුවක් නෙවෙයිනේ ඕයි..ඊයේ පොඩි දේකට අවුල් ගියා..දැන් හරි..යනවා මට පාඩම් කරන්න ඕනි පන්තිත් යන්න බැරි එකේ..."

මන්ධීර් පොත් මේසේ පුටුව ඇදගෙන ඉදගනිද්දිත් අයුක මන්ධීර් පස්සෙන්ම ඇවිත් එතන හිටගෙන උන්නා.ඒ මදිවට මන්ධීර්ගේ මූණ ඉස්සරහාටම අත දික් කරා..බනින්න කට හැදුවත් ඒ දිලිසෙන ඇස් දැකපු මන්ධීර් කටවහාගෙන ඒ මූණ දිහා බලන් උන්නේ ඇයි අහන්න.

" පොරොන්දු වෙනවා ආයේ සිකරට් බොන්නේ නෑ කියලා.."

" මං කිව්වානේ ඉස්සෙල්ලත් ආයේ බොන්නේ නෑ කියලා.."

" මට ඉන්නේ තමුසේ විතරයිනේ ඕයි..තමුසේ දැන් මට වඩා උස මහතයි..මට වඩා දරදඩුයි..ඒ උනාට මං තමුසෙගේ අයියානේ අයිසේ..පරිස්සමට ඉන්නවා..අසනීප වෙයි තමුසේ ඕවා බිව්වොත්..."

" හරි හරි ඕයි..දැන් සාප නොදී පලයංකෝ..."

" හා හා..තමුසෙගේ තේ එක එවන්නම් මං...මම නම් උදේට කෑවා..තමුසේ දැන් තේ බිව්වාම උදේට කන්න වෙන්නේ දවල්ටනේ...මං දවල්ට උයන්නම්..උඹ වැඩට ඉන්න උන් හදන කෑම කන්න කැමති නෑනේ.."

" කිරි එකත් වෙන උන්ට කියලා නම් එපා..තමුසෙම හදනවා හොදේ..අද තමුසේ ගෙදර එකේ..එපා උනා ඕයි වැඩට ඉන්න උන් හදන එවා කාලා..තමුසෙට අද නිවාඩුනේ..."

" හා..පාඩම් කරනවකෝ එහෙනම්..."

මන්ධීර්ගේ ඔලුව අතාගාපු අයුක කාමරෙන් එළියට ආවේ සතුටින්.

" යුග්මටත් දවල්ට ක්ලාස් ඉවරයි..මාව බලන්න එයි..එයාටත් බත් කටක් හරි කැව්වා නම් හරි.."

අයුක උයන්න දන්න එකෙක් නෙවෙයි..ඒත් හිටි ගමන් අම්මා එක්ක උයලා තියෙනවා වගේම youtube වලින් සමහර recipe බලාගෙන අලුත් කෑම හදන්න ආසයි..





















නෙහාර අද හරි පරිස්සමට ප්‍රතාප්ගේ කෝට් එකේ බොත්තම් පියවන දිහා ප්‍රතාප් බලා උන්නේ ආසාවෙන්..අද තමා ප්‍රතාප්ට eppello සමාගම් ජාලයේ CEO of Asia තනතුර ලැබෙන්නේ..රුසියාවට හා ඇමරිකාවට සීමා වුණු eppello software company එක මුලින්ම ලංකාවට ආවේ ප්‍රතාප් එක්ක..එතනින් පටන් ගෙන indea වලට එතනින් Thailand  , korea , china , Japan , bangalore වලට ව්‍යාප්ත උනා වගෙම ඒ හැමදේටම සහයෝගය දැක්වූවේ ප්‍රතාප් වෙද්දි ආසියාවෙම මේ සමූහ ව්‍යාපාරයේ CEO පට්ටම ප්‍රතාප්ට ලැබුණා වගේම ප්‍රධාන director board එකේ පුටුවක්ද ප්‍රතාප්ට අයිති වුණා.

ප්‍රතාප්ගේ under code එකේ බොත්තම් පියවපු නෙහාර දහාවතාවකට වඩා ප්‍රතාප්ගේ under coat එකේ නොපෙනෙන දූවිලි පිහ දැම්මා..ඒකත් හරි පරිස්සමට..එයාගේ අතේ තිබිලා කුණු ගෑවෙයි වගේ බයේ.අන්තිමට ප්‍රතාප්ගේ පපුව තරම්වත් උස නැති කොල්ලා ඇස් උස්සලා ප්‍රතාප් දිහා බැලුවා..අද ප්‍රතාප්ගේ දවස ඒත් කලබල වෙලා ඉන්නේ නෙහාර..ප්‍රතාප් නෙහාර ගේ ඇස් දිහා බලාගෙනම යන්තම් හිනාවුණා.ඒ ලා හිනාවට නෙහාර නම් ප්‍රතිචාරයක් විදිහට කට පුරෝලා හිනා වුණා.

" ඔයාට හිර නෑ නේද..?අපහසුවක් නෑනේද මයේ දෙයියෝ..?"

" පුරුදු වෙන්න ෆුල් සූට් අදිනවා නෙවෙයිනේ නේශූ.."

" ඒ උනාට..අද විශේෂයිනේ...මගේ ප්‍රතාපවත් ප්‍රතාප් අද හැමෝටම වඩා කැපිලා පේන්න ඕනිනේ.."

" ඔන්න ඔය කෝට් එක දාපං බං..යන්න පරක්කු වෙනවා නැත්නම්..උඹ ලෑස්ති වෙන්නත් ඕනිනේ.."

" මට එච්චර වෙලා යන්නේ නෑනේ..."

ප්‍රතාප්ගේ උඩ කෝට් එකත් අන්දවපු නෙහාර ආයේ ආයෙම නොපෙනෙන දූවිලි පිහදුවා.

" මගේ දෙයියෝ...ඇස් වහක් වදින්න එපා මගේ රන්කඳට.."

අන්තිමටම ප්‍රතාප්ගේ පපුවට හාදුවක් දුන්න නෙහාර මිමිණුවා.

ප්‍රතාප්ගේ මූණට හිනාවක් මතුවුණේ ඊළඟට නෙහාර කකුලේ ඇඟිලි වලින් ඉස්සි ඉස්සි නටන නාඩගම දැකලා..කොල්ලා මේ ඇඟිලි තුඩුවල අන්තිම කොනෙනුත් ඉස්සිලා දඟලන්නේ ප්‍රතාප්ගේ නළලට හාදුවක් තියන්න..ඒත් කොහෙද බිම්මලට කොච්චර ඉස්සුනත් බෑ..නෙහාරව තේරුම් ගත්ත ප්‍රතාප් හිනා වෙවිම නෙහාරගේ කිහිලිකරු අස්සෙන් අත් දාලා පොඩ්ඩක් පොලොවෙන් උඩට ඉස්සුවාම නෙහාර ප්‍රතාප්ගේ මුළු මූණම දෝතින් අරන් නළලට දීර්ඝ හාදුවක් තිබ්බා..නෙහාර ඉන්නේ ලෝභකම එක්ක මුහුවුණු ආඩම්බරකමින්..ප්‍රතාප් තනිකරම එයාගේ විතරක් උනත් නෙහාර ප්‍රතාප්ට ලෝභයි.නොසෑහෙන්න ලෝභයි..

" මං ඉක්මනින් ලෑස්ති වෙනකල් චූට්ටක් ඉන්න අයියේ වාඩි වෙලා.."

" ම්ම්ම්.."

නෙහාර දුවනවා..ප්‍රතාප් පිහදලා තෙත් වුණු තුවාය කරේ දාගෙන බාත්රූම් එකට දිව්වා..ප්‍රතාප් අහාගෙන දඩබඩාං ගාලා handshower එක බිම වට්ට ගන්න සද්දේ..ආයේ ටිකකින් කකුල වද්ද ගත්තාද කොහෙද sink එකේ යට කණුවේ.කොහෙද ඉතින් කොල්ලාට කලබලේ.ප්‍රතාප් හිනාවුණා.

සෝෆා එකේ ඉදගත්තු ප්‍රතාප්ට එයාට ඉස්සරහින් තිබුණු බිත්තියේ පදාසයක්ම අල්ලගෙන උන්න කණ්ණාඩියෙන් එයාවම පේනවා..

ප්‍රතාප් eppello වලට join උනේ අවුරුදු 19දි..එතකොට ප්‍රතාප් රුසියාවට ඇවිත් අවුරුද්දයි..scholarship එකක් නිසා.ඩිග්‍රි එකෙත් පළවෙනි අවුරුද්දේ අන්තිම..intern software engineer  කෙනෙක් විදිහට company එකට එයා join උනේ..ඒ කියන්නේ එයාගේ field එකේ තියන job වලින් පහළම තැන.මාස හයකින් කොල්ලාගේ performance නිසාම කෙලින්ම software engineer උනා..ඊළඟට senior software engineer..degree එක ඉවර වෙද්දි කොල්ලා senior software engineer කෙනෙක්..අවුරුදු හතරක experience එක්ක..ඊළඟට Associate Techlead ඊට පස්සේ පිළිවෙලට  TeachLead..Head Of Development , Chief Solution Architecture කොල්ලා ලංකාවට ආවේ පොඩ්ඩක් නිදහසේ ඉන්න උනත් ඔබත් මමත් ඇයත් එකේ මායා කිව්වා වගේම eppello එකේ CEOත්  ' ඔයා ඔෆිස් ආවේ නැති උනොත් මං ඔෆිස් එක ඔයා ළඟට ගේනවා' කියලා eppello එකේ branch එකක් ලංකාවට ගෙනත් ප්‍රතාප්ට බාර දුන්නා..ඒ පටන් ගත්ත ගමනේ එයා ඇවිත් තියන දුර ගැන ප්‍රතාප් කණ්ණාඩියෙන් පේන එයාගේ රූපේ දිහා බලාගෙනම කල්පනා කලා.

නෙහාර ආයෙම කලබල කරනවා..කලිසම අදින්න ගිහින් තව පොඩ්ඩෙන් භූමි නමස්කාර කරනවා.

" අනේ මගේ දෙයියෝ..මේ necklace එක දාලා දෙන්නකෝ.."

දැන් අවුරුදු විස්සකට වැඩිය නෙහාරගේ බෙල්ලේ මාල දෙකක් තියනවා..නෙහාර මොනවා උනත් ඒ මාලදෙක ගලවන්නේ නෑ..එකක් තනි රත්තරං වලින් හදපු එයාලාගේ කසාදේ දවසේ ප්‍රතාප් දැම්ම මාලේ..අනිත් එක ප්‍රතාප් නොකියාම ලංකාවෙන් ගිය දවසේ කරට දාලා ගිය සුදු යකඩ puppy necklace එක..අද දැන් මේ ඒ මාල දෙකට අමතරව තව මාලයක් තමා නෙහාර දාන්න යන්නේ..ඒකත් ප්‍රතාප් රුසියාවෙදි හදලා දීපූ දියමන්ති layer දෙකක් තියන මාලයක්.

" ඕක දාන්න එපා පැටියෝ..අනිත් necklace දෙක ඇදුමට වැහුනත් ඕක වැහෙන්නේ නෑ..ඩීසන්ට් පෙනුමක් එන්නෙ නෑ   ඇඳුමට ගැලපෙන්න..."

" අනේ..මේක දාන්න වෙන තැනක් නෑනේ.."

" ඇට දෙක වටේ ඔතා ගනින් එහෙනම්.."

" එහෙම නෙවෙයි අනේ..මේක දාගෙන වෙන කොහේ යන්නද අනේ.."

" ඩිනර් එක්කට එක්ක යන්නම්..මෙහෙන් යන්න කලින් දවසේ..එදාට දාන්නකෝ..දැන් පොඩ්ඩක් මගේ උකුලට එනවකෝ රත්තරං.."

" අනේ ඇදුම පොඩි වෙයිනේ අයියේ ඔයාගේ මං වාඩි උනොත් දැන් උකුලේ.."

" අනේ..මෙන්න මෙහේ වරෙන්..මට උඹව ටිකක් තුරුළු කර ගන්න ඕනි.."

" පරක්කුයිනේ අයියේ..."

" අනේ මේ නෙහාර..මං පරක්කු උනා කියලා මගේ promotion එක නැති වෙන්නේ නෑ..එක්කො උඹ වරෙන්..නැත්නම් මං උඹව ගෙන්න ගන්න හැටිත් දන්නවා.."

නෙහාර ඇවිත් ප්‍රතාප්ගේ උකුලෙන් ඉදගෙනත් ඉවරයි.

" මාව කෑ ගස්සන්නම ඕනිනේද උඹට ම්ම්.."

නෙහාර සද්දයක් නැති වෙද්දි ප්‍රතාප් ඒ ගෙළ පාමුලට හිස තියාගෙන ඇස් පියා ගත්තා. නොපෙන්නුවාට ප්‍රතාප් ඉන්නේ mix emotions එක්ක වෙද්දි එයා උන්නෙත් nervous වෙලා..ප්‍රතාප් ඕනි උනේ එයා සන්සුන් කර ගන්න.

ටිකකින් දෙන්නා එක්කම party එක තිබුණු හොටෙල් එකට ආවේ කට්ටිය ප්‍රතාප්ව හරි ඉහළින් පිළිගනිද්දි..හැබැයි ප්‍රතාප් කොයි වෙලාවකවත් නෙහාරගේ අතින් අත හැරියේ නෑ..ප්‍රතාප්ට ලැබුණු මල් පොකුරු තුනක්ම නෙහාරගේ අතේ.

අරහෙන් මෙහෙන් හිටු කියලා ෆැලැෂ් ලයිට් එලි වැදෙනවා.නෙහාරට නුහුරුයි.ඒත් එයාගේ අත එක්ක පැටලිලා තියෙන ප්‍රතාප්ගේ අත එයාට හයියක් ගෙනාවා..එළලා තිබුණු රතු පලස දිගේ හෙමින් හෙමින් අඩිය තියද්දි හැමෝගෙම ඇස් තිබුණේ ප්‍රතාප් ළඟ.

" Hellow Man...I'm so proud of you..."

Company එකේ අයිතිකාරයා ප්‍රතාප් එද්දි නැඟිටලාම එයා ළඟට ඇවිත් අතට අත දීලා අතින් අල්ල ගත්තේ ලෙන්ගතු කමින්.

" Hellow Mr.James..After long time..Nice to meet you sir.."

" Me too man..look how much you grown up..still remember little Prathap who was always curious and didn't get tired.."

" Mr.James...this is my wife...Nehara..He is a visiting lecture in one of sri lankan University and mother of my children..Nehara this is owner of the company..Mr.James Steve..."

" Hellow Sir..Nice to meet you.."

" Your are very beautiful little one..Nice to meet you.."

ප්‍රතාප් නෙහාරව හඳුන්වා දෙන විට නෙහාරත් ලස්සන සිනහවක් පා Mr.Jamesට අතට අත දුන්නේ සතුටින්.

හතර වටින්ම ප්‍රතාප්ට ප්‍රශංසා වර්ණනා කෝටියයි..ප්‍රතාප්ට වඩා සතුටින් පුපුරන්නේ නෙහාර..ප්‍රතාප්ට වඩා ආඩම්බර වෙන්නේ නෙහාර..ඒ ඇස් සතුටින් දිලිසෙන දිහා ප්‍රතාප් ඇස් කොනෙන් බලන් උන්නා.

අවසානේ ප්‍රතාප්ට කතාවක් කරන්න ආරාධනා ලැබෙද්දි හැමෝගෙම අත්පොලසන් මැද්දෙ ප්‍රතාප් ස්ටේජ් එකට නැග්ගා..හැමෝම හරි ආසාවෙන් නොඉවසිලිමත්ව බලාගෙන ඉන්නවා ප්‍රතාප් කතාව පටන් ගන්නකල්..ඔක්කොටම වඩා නෙහාර දෑස් දල්වගෙන බලන් ඉන්න හැටි ප්‍රතාප් දැක්කා.

" හැමෝගෙන්ම අවසරයි..මහා ලොකු දේවල් කියන්න නෑ..මට කියන්න තියෙන්නේ.. * silent * ....මේ වෙලාවේ දිලිසෙන චූටි ඇස් දෙකක ආඩම්බරේට කඳුළු පුරවන් කෙනෙක් මං දිහා බලාගෙන ඉන්නවා..මගේ සීට් එකට එහා පැත්තෙ වාඩි වෙලා.. * Camera turn to Nehara * ..මට කියන්න තියෙන්නේ මෙච්චරයි...Thank you මාව දරාගත්තාට..මාව ඉවසුවාට..හැමෝම මං ගැන වර්ණනා කලා..ඒ නිසා ආයේ අමුතුවෙන් කියන්න දේවල් මට නෑ..ඔලුව නවලා ආචාර කරනවා ඔයාට..Thank you Nehara..මාව අල්ලන් උන්නාට..හැමෝම දකින්නේ පිස්සෙක් වගේ තමන්ගේ ආයතනයට වැඩ කරන අවංක දක්ෂ මිනිහෙක්ව..කවුරුත් දන්නේ නෑ ඒ මනුස්සයාව උදේ නැගිට්ට වෙලාවේ ඉදලා නිදා ගන්න යනකල්ම බලාගත්ත කෙනාව..ඔය මගේ එහා පැත්තේ සීට් එකේ ඉදගෙන අඩ අඩ හිනාවෙන්නේ එයා..මං සෑහීමක් නැති මිනිහෙක්..හැබැයි අද ඒ ඇස් දැක්කාම මං දැන ගත්තා සෑහීම කියන්නේ මොකක්ද කියලා..මං මෙච්චර කල් පිපාසාවෙන් හොයපු දේ මට ලැබුණා...Thank you..."

___________________________________________
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

කටාර් වල කුමාරයාට හිත ගිහින් ඉන්නේ ළමයි..යෝහ්...

واصل القراءة

ستعجبك أيضاً

110K 17.4K 54
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්...
85K 13.8K 86
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්
4.6K 814 10
යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ සහෝදරයා......
68K 14.8K 69
අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)