𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

45.3K 6.1K 848

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40

Chapter 35

1.1K 163 28
By Jeon_Haeso

Jungkook p.o.v

"පලවෙනි එකට උත්තරේ Junghyun ගේ අප්පා දැන් ජීවතුන් අතර නෑ..."

"එයාට මොකද උනේ..."

"Junghyun ගේ අප්පා තමයි මගේ first love එක..අපි දෙන්නා යාලු උනේ මන් university යන කාලේ.අපි අවුරුදු තුනක්ම සතුටින් හිටියා ඒත් පුතා දන්නවනේ මන් ඉපදුන පවුලත් බිස්නස් ෆැමිලි එකක් කියලා ඉතින් මගේ අප්පා මට මිස්ටර් ජියොන්ව මැරි කරන්න කියලා propose කරා.."

"එතකොට ඔයාලා දෙන්න ලව් කරලා නෙවෙයිද මැරි කරේ..මේක arranged marriage එකක්ද?"

"ඔව්..මන් කොච්චර බෑ කිව්වත් අප්පා ඒකට කැමති උනේ නෑ...මන් ආදරේ කරපු කෙනා සාමාන්‍ය පවුලක කෙනෙක් නිසා මට ගෙදරට හදුන්වලා දෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..ඔයාගේ අප්පා බිස්නස් වැඩකට ෆාන්ස් ගිය නිසා වගේම මන් මේ marriage එකට බෑ කියන තීරණේම හිටපු නිසා ඔය ගැන කතා කරන එක මාස කිහිපයක් නවත්තලා තිබ්බේེ..මන් ආදරේ කරපු කෙනා පාර්ට් ටයිම් වැඩ කරේ රෙස්ටුරන්ට් එකක..දවසක් එයා එයාගේ බයික් එකේ ඕර්ඩර් එක ඩෙලිවරි කරලා එද්දි එයාව ඇක්සිඩන්ට් උනා.."

ඔම්මා කියද්දි මන් එයා දිහා ටිකක් වෙලා බලන් හිටියා...මුල් ටික සතුටින් කිව්වත් අන්තිම ටිකේදී එයාගේ ඇස් වල තිබ්බේ කියාගන්න බැරි තරම් දුකක්..

"එයා ඇක්සිඩන්ට් උන දවසේ උදේ මන් එයාට කිව්වා 'මට වැදගත් දෙයක් කියන්න තියනවා මට ඔයාව මීට් වෙන්න ඕනේ කියලා' එයා හවසට අපි වෙනදට මීට් වෙන තැනදිම හම්බවෙමු කීව නිසා මන් හිටියේ කියා ගන්න බැරි තරම් සතුටින්...ඒත් එයාගේ ෆෝන් එකෙන් හවස ආපු කෝල් එක නිසා උදේ ඉදන් තිබ්බ සතුට ඒම්මම නැති වෙලා ගියා..පුලුවන් තරම් ඉක්මනින් මන් එයා හිටපු හොස්පිටල් එකට ගියත් මන් යද්දි වෙන්න ඕනේ සේරම වෙලා ඉවරයි.එ..එයාව ම්..මන් යද්දිත් හිටියේ සුදු ර්..‍රෙද්දිකින් වහලා.."

ඔම්මා අන්තිම ටික ඉකිගගහා කියද්දි මන් එයාව තුරුල් කර ගත්තා...එයා මට මොන දේ කිව්වත් මොන දේ කරත් මේ ඉන්නේ මගේ ඔම්මා..එයාගේ පලවෙනි ආදරේ දැන් ජීවතුන් අතර නැති උනත් එයා තාමත් මගේ හියුන්ගේ අප්පට ආදරෙයි වගේ..

"ම්...මන් එයාට උදේ කෝල් එකක් අරන් මීට් වෙමු කිව්වේ ම්..මන් ප්‍රෙග්නට් කියලා කියන්න..මන් දන්නවා එයා ඒක දැන ගත්තනම් මේ හැමදේම අත හැරලා මාව ගෙදරින් අරන් ගිහින් හරි මාවයි ඔයාගේ හියුන්ග්වයි හොදින් බලා ගන්නවා කියලා මොකද ඒ තරම් එයා මට
ආදරේ කරා...එයාට හැමදේටම හිටියේ මන් විතරයි..මන් හොස්පිටල් එකට වෙලා ඉද්දි හිතපු නැති විදිහට ඔයාගේ අප්පා ආවා...මිස්ටර් ජියොන් තමන්ගේ සල්ලි වලින්ම එයාගේ අවසන් කටයුතු සේරම කරා.."

"මන් ඇහුවා ඇයි ඔයා දැන්ම ආවේ කියලා මොකද එයා අපේ අප්පට කියලා ගියේ එහේ වැඩ ඉවර වෙන්න අඩුම අවුරුද්දක් වත් යයි කියලා...මගේ අප්පා එයාට කෝල් කරලා කියලා එයා මාව මැරි කරේ නැත්තන් මාව වෙන කෙනෙක්ට බන්දලා දෙනවා කියලා..ඉතින් මන් මිස්ටර් ජියොන්ට කිව්වා මන් ප්‍රෙග්නට් වගේම මට එයාගේ ලමයව නැති කරන්න බෑ කියලා.මන් හිතුවා එතකොටවත් මිස්ටර් ජියොන් මේ marriage එකට අකැමති වෙයි කියලා ඒත් එයා කිව්වේ මන් හිතුවෙවත් නැති දෙයක්..'මන් ළමයත් එක්කම ඔයාව බාර ගන්න කැමතියි'."

"ඉතින් ඔම්මා එච්චර ආදරේ කරපු ලමයව මරන්න තරම් එයා කෝමද හිත හදා ගත්තේ..."

"සල්ලි වලට බලයට පෙරේත මිනිස්සුන්ට තමන් ආදරේ කරපු උන්ව පේන්න ගන්නෙත් හතුරො වගේ පුතා..."

ඔම්මා කියද්දි මන් එයා දිහා බැලුවේ ඒ කියපු කතාවේ තේරුම මොකක්ද කියලා අහන්න වගේ.

"අන්තිමට අපි දෙන්නා මැරි කරා..ඒත් එයා මගේ අප්පට කිව්වේ නෑ මන් ප්‍රෙග්නට් කියලා...කාලය ගත වෙලා ගියා.එයා junghyun ට ආදරේ කරේ එයාගෙම පුතෙක්ට වගේ...junghyun ට අවුරුදු හතරක් වෙද්දි ඔයා ඉපදෙන්න හිටියා.මන් බය උනා ඔයා නිසා එයා junghyun ට තියන ආදරේ අඩු වෙයිද කියලා..ඒත් ඒක ඒම උනේ නෑ ඔය දෙන්නා ලොකු වෙනකන්ම ඒ ආදරේ කිසි වෙනසක් නැතුව ඔය දෙන්නටම සමානව දුන්නා..."

"ඔයාට මතකද ඔයා යුනි යන කාලේ හියුන්ග් අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්තා.."

"නැතුව ඉතින් මන් මේ කරන් යන්නෙත් එයාගේ කම්පැනි එකනේ.."

"එයා ඔය බිස්නස් එක පොඩියට පටන් ගත්තත් අවුරුදු දෙකකින් විතර එයා ලොකු තැනකට ආවා..ඔයාට මතකනේ ඉස්සර ඒකේ නම JJK Corporation නෙවෙයි.ඒකේ නම JSA Corporation.."

ඔම්මා කියද්දි මන් ඔව් කියන්න ඔලුව වැනුවා... JSA Corporation කියන්නේ Junghyun, Sooha and Ara කියන නම් වල මුල් අකුරු අරන් දාපු නේම් එක...මන් ම තමයි ඔය නේම් එක හියුන්ග්ට කිව්වේ...

"මීට අවුරුදු දෙකකට කලින් aword Ceremony එකක් තිබුනා..ඒ කාලේ ඔයා හිටියේ ඕස්ට්‍රේලියා වල..ඒ aword ceremony එකේ Businessman of the year aword එකට ඔයාගේ හියුන්ගේ කම්පැනි එක වගේම අප්පගේ කම්පැනි එකත් nominate උනා...ඉතින් එදා මායි අප්පයි වගේම junghyun එයාගේ වයිෆ් ළමයා එක්ක මේකට ආවා...කෝමහරි Businessman Of The Year aword එක හම්බ උනේ හියුන්ග්ට..."

"අප්පගේ හැමදේම ඉස්සරහාට බාර ගන්න තිබුනේ ඔයාට...එයා මොන කතාව කිව්වත් එයාගේ හිතේ කොනක පවා තිබුනා junghyun කියන්නේ වෙන එකෙක්ගේ ළමයෙක් ඔයා විතරයි එයාගේ ලේ කියලා..junghyun දියුණු වෙන එක ගැන ඔයාගේ අප්පට ඉරිසියා හිතුනා..ඒ ඉරිසියාව දරාගන්න බැරි තරම් කේන්තියකට පෙරලුනේ එදා aword එක එයාට නැතුව හියුන්ග්ට හම්බ උන නිසා..."

"ම්..මට කියන්න එපා අප්පා හියුන්ග්ව මැරුවේ මේ වැඩකට නැති aword එකක් නිසා කියලා.."

"ඒක එහෙම තමයි ජංකුක්...එයා බය උනා Junghyun උඩට ආවොත් ඔයාට තැනක් නැති වෙයි කියලා...ඒ නිසා එයා එදා රෑම කාටද මන්දා කෝල කරලා කියලා ඔයාගේ හියුන්ග්ව අ..ඇක්සිඩන්ට් කරලා ම්..මරන්න ක්...කියලා"

"ඔම්මා ඔයා මේ දේවල් දැනන් හිටියද? ඇයි සද්ද නැතුව හිටියේ ආ..එයා මැරුවේ ඔයාගේ ලොකු පුතාව ඔම්මා!"

මට තිබුනේ ඔම්මා එක්ක පවා කේන්තියක්..එයා කෝමද මේ දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියන්නේ..එයා මේ ගැන දැනන් හිටියනම් පොලිසියට බැරිනම් අඩුම මට හරි කියන්න තිබුනා...

"මන් දැන ගත්තෙත් මේ ළගදී පුතා...ඔයාගේ හියුන්ග්ව ඇක්සිඩන්ට් කරපු කෙනාව ඔයා හොයනවා කියලා අප්පට කෝල් කරලා ඒ මනුස්සයා කිව්වා..මට ඒක ඇහුන නිසා මන් එයාගෙන් ඒ ගැන ඇහුවා...කතාව ටිකක් දුර දිග යද්දි අපි දෙන්නා රණ්ඩු උනා..එයාට තිබ්බ කේන්තියටම හැමදේම එයාගේ කටින් කියවුනා ඊට පහුවදාම අපි ආපොහු කොරියාවට ආවා..."

"ඉතින් ඊට පස්සේ මොකද උනේ"

"ලොරිය ඇවිත් තියෙන්නේ ආරා හිටපු පැත්තට උනත් ජංහියුන්ග් කා එක එයාගේ පැත්තට හරවගෙන..ආරා සූහාව තදින් බදාගෙන හිටපු නිසා සූහාට තුවාල විතරයි උනේ ඔයාගේ හියුන්ග් එතනම ජීවිතෙන් සමු දුන්නා..ආරාවයි සූහවයි ඉක්මනින් එතනට ආපු කට්‍ටියක් හොස්පිටල් ඇඩ්මිට් කරලා..ICU එකේ හිටපු ආරා නැති උනේ දවස් දෙකකට පස්සේ...ඔයා මේ ඇක්සිඩන්ට් එක දැනගෙන දවස් හතරකින් ආපොහු ආවනේ..සූහාට සිහිය ආවේත් ඔයා ඇවිත් දවසකට පස්සේ.."

"එයාට ඔ...ඕන දේවල් උනානම් ඇයි එයා තාමත් අපේ පස්සෙන් එන්නේ..ඇයි එයා මගේ සූහටයි ටේහ්‍යුන්ග් ටයි ඉන්න දෙන්නෙ නැත්තේ..."

අප්පා තමයි එදා අර බොක්ස් එකත් එවලා තිබ්බේ...එයාට ඕන හැමදේම උනාටත් පස්සේ තවත් මොනා ඕන වෙලාද මගේ ළමයි දෙන්නට කරදර කරන්නේ..

"මොකද ඇක්සිඩන්ට් එකෙන් junghyun නැති උනත් එයා හිතපු කිසි දෙයක් උනේ නැති නිසා..එයාට ඕන උනේ Jeon Company එක ඔයාට බාර දෙන්න ඒත් ඔයා JSA company එක JJK කරලා ඒක කරන් ගිය නිසා අප්පට තවත් කේන්ති ගියා...අප්පා දැනන් හිටියේ නෑ හියුන්ග් එයාගේ කම්පැනි එක ලියලා තියෙන්නේ ඔයාගේ නමට කියලා"

ඇත්තටම මට අවුරුදු 25න් බිස්නස් බාර ගන්න කිසිම වුවමනාවක් තිබ්බේ නෑ..ඒත් හියුන්ග් එයා නැති කාලෙක එයාගේ කම්පැනි එක මගේ නමකින් ඉස්සරහාට අරන් යන්න කියලා තිබුන තිබුන කොලේ දැකලා මට ඒක නොකර ඉන්න බැරි උනා...මන් කම්පැනි එකේ නේම් එක මාරු කරෙත් ඒ කොලේ තිබුන හියුන්ගේ ඉල්ලීම නිසා..

"මට සමාවෙන්න ඔම්මා ඒත් මන් මේක ලේසියෙන් අත හරින්නෙ නෑ...මන් හියුන්ගේ නඩුව ආයෙම ඕපන් කරලා තියෙන්නේ කෝමත් ලගදිම මිස්‍ටර් ජියොන්ට එයා කරපු පව් වලට වන්දි ගෙවන්න සිද්ද වෙයි..."

මන් කේන්තියෙන් කිව්වත් ඔම්මා කිසි දෙයක් කිව්වේ නෑ...මන් ඒම්මම ජියොන් මැන්ශන් එකෙන් එලියට ඇවිත් කාර් එක හැරෙව්වේ ගෙදර යන්න...ගෙදරට ආවත් ගාඩ්ස්ලා දෙන්න හිටියේ නැති නිසා මන් නලලත් රැලි කරන් ඉක්මනින් කාර් එක ගේට් එක ඇතුලෙන් දැම්මා..

"දොරවල් ඇරන් මොන හු##ක් කරනවද?"

දැනුන බයටයි කේන්තියටයි මන් ටේටත් බැනගෙන ඇරලා තියන දොරෙන් ගේ ඇතුලට ආවා...

"ටේහ්‍යුන්ග්!!"

වෙනදට කාර් සද්දෙ ඇහුන ගමන් දොර ගාවට එන කෙන මන් කොච්චර කතා කරත් ආවේ නැති නිසා මන් ජිමින්ට කෝල් එකක් ගත්තා...

"හෙලෝ ජංකුක්"

"ජිමින් ටේයි සූයි ඔහේ ආවද?"

"නෑනේ ජංකුක්...ජංකුක් මොකක්හරි ප්‍රශ්නයක්ද?"

ජිමින් එහා පැත්තෙන් කතා කරත් මට වචනයක් කියන්නවත් කට ඇරුනේ නෑ..ඒම්මම මන් කෝල් එක කට් කරලා හොබීට කෝල් එකක් ගන්න ගියත් මන් ගල්වුනේ unknown number එකකින් ආපු පොටෝ එකක් නිසා...

"දෙයියනේ මගේ ළමයි දෙන්නා"











හී...මන් කැපුනා හොදේ

ප්‍රශ්න ටික විසදුනා හොදේ...අහන්න දෙයක් තියේ නම් අහන්න

අනිත් එකත් අරන් ඉක්මනින් එන්නම්...ආතරෙයි ❤️😘

Continue Reading

You'll Also Like

564K 19.2K 144
Read and find out...
17K 413 13
Blake is a 14 year old boy with amnesia that arrives at Berk and befirends Hiccup, he starts a new life on Berk but things get interesting when he an...
1.2K 197 6
සත්තමයි මැරැනත් මගේ පපුව... තුල තිබූ ප්‍රේමය ඔබ සතුව... තිබේවී නොවෙනස්ව... ලෝකයක් නෑ මට ඔබ නැතිව...🥺❤️ ...
82.9K 2.6K 52
!+12! "I don't love you!Okay?!"I say. "Okay.Prove it then!"He says after that I hesitate. "What?!Are you afraid of 'hurting' me?"He says heartlessly...