𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

45.2K 6.1K 848

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40

Chapter 29

1K 161 36
By Jeon_Haeso

මාස දෙකකට පසු...

"බ්වෑක්..."

අපේ පැටියා මගේ බන්ඩියට ඇවිත් දැන් මාස දෙකක් වෙනවා.දැන් වෙලාව පාන්දර තුනයි.කොච්චර නිදා ගන්න ගියත් නින්දක් නැති වෙද්දි ඇගිලි දෙකකින් මන් නලල මිරිකගෙන ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු උනා..ටිකකින් බඩ කැලැත්තෙනවා වගේ දැනෙද්දි මන් ඉක්මනට වොශ් රූම් එකට ගිහින් කොමඩ් එක ගාවින් දන ගා ගත්තා.රෑ ජංකුක් බලෙන්ම කවපු සේරම ටික මන් වමනේ කරලා...කටත් හෝදලා මූන චුට්ටක් තෙමාගෙන මන් වොශ් රූම් එකෙන් එලියට ආවා..ඇදට යන්න ගියත් බැල්කෙනි එක ලගින් ආපු එලියක් නිසා මන් ඒ පැත්ත අඩිය තිබ්බා...

එලියේ කවුරුත් නෑ හැබැයි පාරේ අයිනට වෙන්න සුදු පාට ලයිට් එලියක්නම් එනවා...මන් ඒක බලන්න බැල්කෙනි එක අරින්න යද්දිම මන් ගැස්සුනේ ජංකුක්ගේ කටහඩට..

"ටේ.."

නිදි මතෙන්ම ඇස් දෙක පොඩි කරමින් මන් ලගට ආපු ජංකුක් ඇයි කියලා අහද්දි මන් මුකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා...

"ක'ටින් එක එහෙට වෙලා ඒක හදන්න ආවේ.."

"ආපොහු වමනේ ගියාද?"

එයා මගේ සුදුමැලි වෙලා තියන මුහුණ අතගාන ගමන් අහද්දි මන් ලාවට ඔලුව උඩට පහලට කරා..එයා මගේ කම්මුලකට හාදුවක් දීලා අපි දෙන්නම ඇදට ඇවිත් ඇලවුනා...

"Princess ව එහා පැත්තෙන් තියන්න.."

ජංකුක් කියද්දි මන් සූව පරිස්සමින් මගේ එහා පැත්තෙන් තියලා මන් මැදට ආවා..ජංකුක් කෙල්ලව වැටෙන්නෙ නැති වෙන්න වටේටම කොට්ට තියලා මගේ බඩ වටේ අත යවලා මාව ලාවට තුරුල් කර ගත්තා..

"ආපොහු අමාරු උනොත් මට කියන්න ඕනේ ම්ම්.."

එයා මගේ හිස් මුදුනට හාදුවක් දෙද්දි මන් සූවත් මට තුරුල් කරන් ජංකුක්ගේ පපුවට මගේ පිට හේත්තු කර ගත්තා.සූ මන් ලගට ඇවිත් ගුලිවෙද්දි ජංකුක් අපි දෙන්නවම වැහෙන්න බ්ලැන්කට් එක දාලා අපි දෙන්නවම තුරුල් කර ගෙන ඇස් දෙක පියා ගත්තා..

________________________________________

"මන් ගිහින් එනකන් පරිස්සමින් ඉන්න.මොනාහරි ඕන උනොත් කෝල් එකක් දෙන්න හරිද?.වැඩිය මහන්සි වෙන්න එපා."

පහුවදා උදේ ඔෆිස් යන්න ලෑස්ති වෙලා ගෙදරින් එලියට ආපු එයා මගේ ඔලුව අතගාලා කියද්දි මන් හිනාවෙලා ඔලුව වැනුවා..

"ඩැඩා ගිහින් එන්නම් මැණික..අප්පා එනකන් මමා එක්ක පරිස්සමින් ඉන්න ඕනේ"

එයා මගේ ටීශර්ට් එක ටිකක් උස්සලා කුසට හාදුවක් දීලා නැගිට්ටා.සුපුරුදු විදිහට එයා මාව තුරුල් කරන් නලලට හාදුවක් දෙද්දි මාත් එයාගේ පපුවට හාදුවක් දීලා ඈත් උනා..ජංකුක්ගේ කාර් එක ගේට් එකෙන් එලියට දැම්මට පස්සේ මන් දොරත් වහගෙන රූම් එකට ඇවිත් ටෙඩි කෙනෙක් තුරුල් කරන් නිදා ගෙන ඉන්න සූ ගාවින් ඇලවුනා..

මන් නැගිට්ටේ මගේ බඩ හරියෙන් දැනුන කිතියට.ලාවට ඇස් ඇරලා බලපු මන් දැක්කේ මගේ ටීශර්ට් එක උස්සලා චුට්ටක් විතර ඉස්සරහට ඇවිත් තියන මගේ කුස පුරාවටම හාදු තියන සූව..මන් හිනාවෙලා ඇදෙන් වාඩි වෙද්දි කෙල්ලත් දණගාගෙන මන් ලගට ඇවිත් මගේ පපුවෙන් මූණ තියා ගත්තා..

"මොකද ම්ම්..."

"මමා මල්ලි බබා එන්නේ නැත්ත~"

ජංකුක් බබා ගැන කියපු දවසෙ ඉදන්ම සූ කියන්නේ ඒ ඉන්නේ මල්ලි බබෙක් කියලා..ඩොක්‍ටර් නම් කිවුවේ තව මාස තුනකින් ජෙන්ඩර් එක බලමු කියලා...සූ මගෙන් මල්ලි බබා ගැන අහද්දි කෙල්ලගේ හිස් මුදුනට හාදුවක් දීලා මන් පැංචිව තුරුල් කර ගත්තා..

"ම්ම්..මල්ලි එන්න තව ගොඩක් දවස් තියනවනේ මැණික.."

"ම්...මල්ලිත ඉත්මනත එන්න කියන්නතෝ මමා~සූ බබාත තෙල්ලම් කලන්න ඕනනේ~"

"හරි හරි අපි කියමුකෝ මල්ලිට"

මන් කෙල්ලවත් වඩාගෙන බාත් රූම් එකට ගිහින් අපි දෙන්නම වොශ් දාන් පහලට ආවා...මන් උදේට කිරි එකක් විතරක් බොන්නේ ලොකුවට දෙයක් කෑවොත් වමනෙට එන නිසා.සූටත් කවලා අපි දෙන්නම සෝෆා එකට ආවේ සූගේ පොත් ටිකත් කරන්...කෝමත් තව මාස හතරකින් විතර පස්සේ කෙල්ලව nursery දාන්න ඕන.දැන් වෙලාව දොලහටත් කිට්ටු නිසා සූහා චිත්‍ර පාට කරන දිහා බලාගෙනම ජංකුක්ට කෝල් එකක් ගත්තා.

"හෙලෝ කූ..."

"කියන්න මැණික.."

"කෑවද ඔයා?"

"චූටි වැඩක ඉන්නේ තව ටිකකින් කන්නම්.ඔය දෙන්නා කෑවද?"

"සූහාට මන් කැව්වා...මන් කිරි එකක් බිව්වා"

මන් කියද්දි මට ඇහුනා ෆෝන් එක එහා පැත්තේ ඉදන් එයා හුස්මක් පහත දානවා..

"හ්ම් මන් ආවම ඔයාට කවන්නම් හරිද?"

"හුම්..කූ.."

"ම්ම්.."

"එද්දි චොක්ලට් කේක් එකක් ගේනවද?උඩින් චොක්ලට් චිප්ස් දාපූ"

මන් හොර පූසා වගේ කියද්දි මට ඇහුනා එයා හිනාවෙනවා..මහා හොද නෑ අප්පා මේ මනුස්සයා..

"හරි මන් ගේන්නම්කෝ..මගේ වැඩත් ඉවරයි මන් තව පැය දෙකකින් එනවා"

"හරී..කූ ඔයා එලියෙද ඉන්නේ"

මන් එයාගෙන් ඇහුවේ වාහන වල සද්ද ඇහෙන නිසා...සාමාන්‍යයෙන් එයා ඔෆිස් ටයිම් එකට එලියට යනවා අඩුයි..අනික මන් දැන් වැඩක ඉන්නෙ කියපු කෙනා මොනාද එලියේ කරන්නේ..

"..ඔව් මගේ යාලුවෙක්ව මීට් වෙන්න ආවා.."

"හරි ඒනම් පරිස්සමින් එන්න.."

වැඩිය දේවල් අහන්නේ නැතුව මන් කෝල් එක කට් කරලා සූගේ චූටී කකුල් උඩින් කොට්ටයක් තියලා එයාට රිදෙන්නෙ නැති වෙන්න මන් ඔලුව තියා ගත්තේ කෙල්ල පන්ඩිත ආච්චි වගේ මගේ ඔලුව අතගාලා හිස් මුදුනට හාදුවක් දුන්නා...

"මමාත මහන්තීද මමා~ මහන්ති උනොත් මමාත කියලා දැදාට තෝල් ගන්න තියලා දැදා තිව්වනේ මමා~"

මේ කෙල්ලනම් ඇත්තටම පන්ඩිත වෙලා..හුස්මක්වත් ගන්නෙ නැතුව කියවන කෙල්ලව මන් උකුලට අරන් තුරුල් කර ගත්තේ කියා ගන්න බැරි තරම් සෙනෙහසකින්...මට ළමයි කී දෙනෙක් හිටියත් මේ ලෝකේ මට වැඩියෙන්ම ආදරේ කරන්නේ සූහා වගේම මාත් අනිත් හැමෝටම වඩා චූට්ටක් හරි වැඩියෙන් ආදරේ කරන්නේ සූහට කියලයි මට හිතෙන්නේ...ඩැඩාගේ උපදෙස් වලට අනුව මේ කෙල්ල මට ගෙදරවත් චුට්ටක් අස් කරන්න දෙන්නෙ නෑ..නිකන් හරි මන් පොඩ්ඩක් මහන්සි වෙලා වැඩක් කරොත් ජංකුක් ගෙදර ආපු වෙලාවක ඒක දෙක කරලා තමයි මේ කපටි කෙල්ල ඩැඩාට කියන්නේ...

"කම්මැලියී නේ සූහා"

"ඕව්නේ මමා~"

"අපි ඩැඩාට රස කෑමක් හදමුද?"

"ම්හු...මමාත මහන්ති වෙන්න එපා තීවනේ දැදා"

"මගේ පණ්ඩිත ආච්චි ඉන්නවනේ මමාට හෙල්ප් කරන්න ඒ නිසා මහන්සි නෑ එන්න යමු"

මන් කෙල්ලවත් වඩාගෙන කිචන් එකට ඇවිත් මගේ අතින් මහපු චූටි ඒප්‍රන් එක සූහාට ඇන්දුවා.නැත්තන් උයලා ඉවර වෙද්දි මඩ නාපූ ඌරු පැටියෙක් වගේ ඉදියි මේ කෙල්ල...මට මතක් උනේ ජංකුක් දවසක් කිවුවා එයා බටර් චිකන් කන්න ආසයි කියලා.ඒත් මට ඒක හදලා දෙන්න අමතක උනා..ඒ නිසා අද මායි සූයි එකතු වෙලා ඩැඩාට බටර් චිකන් ඇන්ඩ් රයිස් හදන්න පටන් ගත්තා...දන්නෙම නැතුව පැයකුත් ගිහින් තිබුනා.

"මමායි දුවයි මොකෝ කරන්නේ"

අපි දෙන්නම ගැස්සිලා පිටිපස්ස ඇරුනේ ජංකුක්ගේ කටහඩ නිසා...මෙයා කොහිවෙලේද ආවේ...

"දැන්ද ආවේ කූ..."

"ම්ම්..බෙල් කරත් දොර ඇරපු නැති නිසා මන් ගාව තිබ්බ කී එකෙන් ඇතුලට ආවා..."

"සොරී..."

එයා මට ගෙනාපු කේක් එක ෆ්‍රිජ් එකෙන් දාලා මන් ලගට ඇවිත් කියද්දි මන් එයාව සයිඩ් එකෙන් හග් කරා...මන් යටි තොල පෙරලන් ජංකුක් දිහා බලන් සොරි කියද්දි මට ඇහුනේ හිනා හඩක්..පේනවද අප්පයි දුවයි දෙන්නම මට හිනාවෙන ලස්සන.

"මොනාද දෙන්නා එකතු වෙලා හදන්නේ..."

"අපි දැදාත තිකන් හැදුවනේ...බ්..බත..ම්හුක් මොනාත මමා~"

සූහා කට හද හද කියන්න ගියත් කෙල්ලට ඒකේ නම මතක නැතුව මූණත් ඇඹුල් කරන් මගෙන් අහනවා...මේ වෙලාවට තමයි මට මේ කෙල්ලව තද කරලා බදාගෙන උම්මා ගොඩක් දෙන්න හිතෙන්නේ.ඒ තරම් මගේ රෝස බෝලේ හුරතල්...

"බටර් චිකන් හැදුවා හියුන්ග් ඔයා ආසයිනේ..."

මන් කියද්දි එයා මගේ නලලට හාදුවක් දීලා උඩට ගියේ වොශ් එකක් දාන් එන්න...අපි දෙන්නත් ඉක්මනින් කෑම එක හදලා මේසෙන් තියන ගමන් ඉද්දි ජංකුක් වොශ් දාන් පහලට ආවා....

"කෝ හොද ළමයා වගේ කන්නකෝ"

කටවල් දෙකකට වඩා මට කන්න බැරි වෙද්දි දවසටම කිරි එකක් විතරක් බඩේ තිබ්බ නිසා ජංකුක් හැදුවේ කෝමහරි මට කෑම එක කවන්න...

"ම්හූ...කන්න බෑනේ කූ..."

"ඒම කියලා බෑනේ මැණික...පුලුවන් තරම කන්නකෝ රත්තරන්.හැබැයි කෑවොත් විතරයි කේක් හම්බවෙන්නේ"

මුල් ටික හොදින් කියලා අන්තිම ටික සැරෙන් එයා කියද්දි මන් දුක හිතෙන මූණක් හදාගෙන එයා කවන හැම කටක්ම කෑවා...ජංකුක් මට කවන ගමන් එයත් කද්දි මන් සූහට කැව්වා...අපි තුන් දෙනා කාලා ඉවර උනාට පස්සේ ජංකුක් කිචන් එක ක්ලීන් කරා...හවස් වෙනකන්ම මායි සූයි දෙන්නම කාටුන් බලන ගමන් ජංකුක් ගෙනාපු මුලු කේක් එකම කෑවේ ජංකුක් නම් කටත් ඇද කර ගෙන ලැප් එකෙන් මොනාහරි වැඩක් කරද්දි...

රෑට ජංකුක් හදපු කෑම කාලා මන් මගේ බෙහෙත් ටිකත් බිව්වා.මට අද දවසටම වමනේ ගියේ නැති නිසා මන් ඇදෙන් ඇල උනේ පුදුම තරම් සැහැල්ලුවකින්...සූහාත් අපි දෙන්නගේ මැදට ඇවිත් නිදා ගනිද්දි මන් කෙල්ලගේ බෝල පස්සට තට්ටු කරන ගමන් නැලව්වා..

"කූ..."

"ම්ම්..."

"සූව nursery දාන්න ඕන නේ.."

"මන් nursery කිහිපයක්ම බැලුවා.මන් ඔයාට පොටෝස් එවන්නම් ඔයා එකක් සෙලෙක්ට් කරන්න.කෝමත් මේ මාස දෙක නිවාඩුනේ.නිවාඩු ඉවර උන ගමන් කෙල්ලව nursery යවමු.."











ඊලග චැප්ටර් එකෙත් ටයිම් ස්කිප් එකක් තියනවා හොදේ...නැත්තන් කතාව ගොඩක් ඇදෙනවා නිසයි මන් ටයිම් ස්කිප් කරන්නේ.ප්‍රශ්න ටික විසදන්නත් එපැයිනේ..

ජංකුක් හම්බවෙන්න ගිය යාලුවා කවුද දන්නෙ නෑනේ..😌

අනිත් චැප්ටර් එක හෙට දෙන්න ට්‍රයි කරන්නම්..පරිස්සමින් ඉන්න ආදරෙයි..💜💚

Continue Reading

You'll Also Like

66.9K 1.7K 19
"I'm sorry," I whispered and looked at the red head who was smirking. "Could you repeat that I didn't hear you?" He had a evil little smile going on...
11K 544 17
The guardians saved a boy by the name of Jack last year, and found that he was the lost winter spirit. Five months after he is cured of his mind cont...
23.2K 3.4K 32
"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්න...
27.9K 1.5K 29
Don't judge, try to know first. _________________________________ She is rude. He is polite and friendly. She is irritable. He is calm. People w...