යුගාන්ව ගන්න එන්න කියලා සනෝජ්ගෙන් ලැබුණු පණිවිඩේ නිසා විරාජගේ KTM එක ඉස්කෝලේ gate එක ළඟ නතර උනා වගේම හෙල්මට් එක ගලවපු විරාජ පස්සට පීරපු බෙල්ලෙනුත් පහළට කඩා වැටෙන කොන්ඩේ දෙපැත්තට ගසලා යුගාන් දිහා බැලුවා.
" නවත්තගන්නවා ඇඩිල්ල.."
විරාජ වෙනස් වෙලා නෑ..ඉස්සර වගේමයි.ඇහිබැම කොනකින් දාපු කට් එක එහෙමමයි..වම් කන විදලා එල්ලෙන්න දාපු කළු කරාබුව තාම එහෙමමයි..අවුරුදු පහළවක දුවෙක් ඉන්න පපා කෙනෙක්..ඒත් නෙහාර වගේ නෙවෙයි..විරාජ කියන්නේ විරාජමයි..තාම එදා උන්න අවුරුදු විසි එකේ කොල්ලාමයි.වෙනසකට තිබ්බේ ළාමක පෙනුම විතරක් දැන් නෑ..පරිණත පෙනුමක් ඇවිත්.
" උඹට වෙලා තියන තුවාල වල හැටියට අනික් එකා හොස්පිටල් වෙන්න ඕනි.."
යුග්මගේ ශර්ට් එකේ ලේ පැල්ලම් වගේම මූණේ බෙල්ලේ තිබුණු තුවාල දිහා යුග්මව කරකව කරකව බලපු විරාජ කිව්වේ ඩිෆෙන්ඩර් එක ළඟ හිටගෙන බලාගෙන ඉන්න අයුකට කින්ඩි හිනාවක් දාන ගමන්.යුග්මනම් මොකුත් කිව්වේ නෑ..කොල්ලා කෙලවරක් නැති පාර දිහා බලාගෙන දිග හුස්මක් හෙලුවා.
" ගැහුවානේ මගේ පුතේ උඹ..එහෙනම් එච්චරයි..අප්පච්චිගේ යකා..පැයක් යන්න කලින් මගේ ගෙදර ඉන්න ඕනි උඹ.."
" ඇමතිතුමා..මගේ කොල්ලා පැයක් යන්න කලින් මගේ ගේ ඉස්සරහා නොහිටියොත් අද දවස ඉවර වෙන්න කලින් ප්‍රතාප් ඔබතුමාගේ ගෙදර දොරකඩ ඉදිවි..මොනවයින් මොනවා එළිවෙයිද මොනවා වෙයිද කියන එක එතකොට කාටවත් කියන්න බෑ..සහෝදරයාගේ කේන්තිය මෙහෙම නම් පුතාලා දෙන්නාටම කරදරයක් උන අප්පච්චිගේ කේන්තිය ගැන හිතන්නවත් බෑනේ..ඒ නිසා පරිස්සමෙන්.."
යුග්මගේ පිටට තට්ටුවක් දාන ගමන් අයුක දිහා බලපු විරාජ කිව්වේ හීන් හඬින් ඒත් දැඩිව.අයුක ගැනයි යුග්ම ගැනයි ප්‍රතාප්ට අමතරව දැනගෙන හිටි කෙනා විරාජ..ඒ යුග්ම විරාජ එක්ක එකතුයි..යාළුවෝ වගේ..ඒකට හේතුව උනේ නිවුන්නු දෙන්නෙක් එක්ක නෙහාරට හැමදේම බැලන්ස් කර ගන්න බැරි වෙද්දි නෙහාරට උදව් කලේ විරාජ.යුගාන් අම්මාගේ තුරුලෙන් අයින් නොවෙද්දි යුග්ම බලා ගත්තෙම විරාජ..ඒ කාලේ ඉදන් ඒ තිබුණු බැදීම තාම එහෙමමයි.
ඒ දෙන්නා අතර තියෙන බැදිම ගැන විරාජ දැනන් හිටි නිසා අයුකට යුග්මව ගෙනියන්න ඉඩ දුන්නත් ඊට වඩා විරාජ බය නැති උනේ යුග්මට රිද්දන්න අතක් තියන්නවත් අයුක මෝඩ වෙන්නේ නෑ කියලා දන්න නිසා..මොකද ඒක උඩ බලාගෙන කෙල ගහා ගන්නවා වගේ වැඩක් වගේම ප්‍රතාප් නිකන්ම තමන්ගේ දරුවෝ තනියම දාලා රුසියාවේ තියා කොළඹින් පිටවත් යන කෙනෙක් නෙවෙයි.අනිවාර්යයෙන්ම ඒ තුන් දෙනා පස්සෙන්ම ආරක්ෂකයෝ ඉන්නවා..ඉතින් යුග්ම ළඟින් ඒ හෙවනැලි අයින් වෙන්නෙම නෑ.
යුගාන්ගේ අතින් අල්ලගෙන ගිහින් බයික් එකට දාගත්ත විරාජ යන දිහා අයුක බලාගෙන හිටියේ නොපහන් බැල්මෙන්.විරාජ කියන්නේ කවුද කියලා නොදත් අයුකට ඉරිසියා හිතුනා වගේම එයාව තඹේකට මායිම් නොකර හැසිරුණු විදිහ නිසා අයුකට කේන්ති ගියා.
" යුග්ම.."
" යුග්ම ගිහින් නැගපං වාහානේට.."
පලවෙනි සැරේ කතා කලාම නෑහුණා වගේ ඉද්දි දෙවෙනි සැරේ යුග්ම කෑ ගැහුවේ මේ වෙද්දි එයත් ඉන්නේ කේන්තියෙන් නිසා.
" උඹ කෑ ගැහුවා කියලා බය වෙලා වාහනේට නඟින්න මං උඹේ කටු කන බ්..."
" කටවහාගෙන ගිහින් වාහනේට නැගපං..මෙතන ෆ්‍රී ෂෝ පෙන්නන්න ඕනි නැත්නම්.."
යුග්ම එක්ක කේන්තිය තවත් වැඩිවෙද්දි කොළර් එකෙන් අල්ලගෙන කෑ ගහන්න ගියත් කොලර් එකෙන් අල්ලපු පාර තමන් දිහාට හැරුණු ගිනි රතු පාට ඇස් බැල්ම එක්ක අයුක පොඩ්ඩක් පස්සට අඩිය තිබ්බත් ආයෙම එයාට විතරක් ඇහෙන්න සීතල හඩකින් කිව්වා.
තමන්ගේ ශර්ට් කොලර් එකෙන් අල්ලන් උන්න අයුකගේ අත අල්ලලා පැත්තකට කල යුග්ම අයුකවත් තල්ලු කරගෙන ගිහින් ඩිෆෙන්ඩර් එකට නැග්ගා.
" කේන්ති ගන්න එපා..කේන්ති ගන්න එපා..එයා කේන්ති ගනිද්දි ඔයත් කේන්ති ගත්තොත් වෙන්නේ තව ඇවිලෙන එක..calm down අයුක...මේ වෙලේ ඔයත් පොඩි ළමයෙක් වෙන්න එපා..මේ ප්‍රශ්නේ දුරදිග යන එකයි වෙන්නේ.."
යුග්ම ඩිෆෙන්ඩරයට නැග්ගත් අයුක තාමත් එතැනමයි.එයා එයාටම කතා කරන ගමන් එයාව සන්සුන් කර ගන්න උත්සහා කලා.
ටික වෙලාවකින් ඉස්සරහා දොර ඇරපු අයුක කැබින් එකෙන් first aid box එකක් අරගෙන ආයෙම වාහනේ පිටිපස්සෙන් නැග්ගා.
" යමු.."
ඒ අණ එක්ක ඩිෆෙන්ඩරය ඉස්සරහාට ඇදෙද්දි පුළුවන් කෑල්ලක් ගත්ත අයුක යුග්මගේ තුවාල පිහිදාන්න ගියත් යුග්ම ඒ අතට පාරක් ගහලා තල්ලු කරලා ටිකක් එහාට ගියා.
" හිතුවක්කාර වෙන්න එපා චූටි මහත්තයා.."
" මට ඇත්තටම හිතා ගන්න බැරි තමුසේ මට මෙච්චර ආදරෙයිද නැත්තම් තමුසේ කොහොමත් අංක එකේ නළුවෙක් නිසා ලස්සනට රඟපානවද කියලා..මිනිස්සු ඉස්සරහා රගපාන රඟපෑවිල්ලට මේවා මොනවද..?"
" ඔයා දැන් මොනවද කියන්නේ යුග්ම.."
තවමත් අහක බලාගෙන තමන්ට අවඥාවෙන් කට කොනින් හිනාවෙන යුග්මගෙන් අයුක ඇහුවේ පුදුමෙන් වගේ..මොකද මේ කිව්ව කතාවේ තේරුම ඇත්තටම අයුකට තේරුනේ නෑ.
" මාව අල්ලන්න එපා ඕයි.."
" මට කියන්න මොකක්ද ඒ රඟපාන කතාව.."
" තමුසෙගේ ආදරේ ගැන මට මේ පුදුමේ..හරි නම් මේ වෙද්දි තමුසේ ඉන්න ඕනි තමුසෙගේ අර අවජාතක මල්ලි ළඟ..ඒත් තමුසේ මෙන්න මෙතන මට බෙහෙත් දානවා..උඹේ රඟපෑම මරු බං..ඒත් මං අහුවෙන්නේ නෑ..මොකද තමන්ගෙම ලේ වලට වඩා කොහෙවත් යන මිනිහෙක් ලොකු වෙන උඹව මං විශ්වාස කරන්නේ කොහොමද බං.."
තමන්ගේ මූණෙන් අල්ලන් අයුකගේ පැත්තට හරවගන්න ගිය යුග්ම අයුකට කෑ ගැහුවත් අන්තිමටම කට කොනේ හිනාවත් එක්කම යුග්ම කියන දේවල් අයුක අහන් හිටියේ ඇස් වල කඳුළුත් එක්ක..එයා හරිම ඉවසීමෙන් සද්ද නැතිව ටිකක් වෙලා යුග්ම දිහා බලාගෙන උන්නා..
යුග්මට බැනලා තේරුමක් නෑ..අවුරුදු 17 කොල්ලෙක් කියන්නේ ක්ෂණිකව react කරන කොල්ලෙක්..හරියට ඔය වයසේ ළමයි බෝම්බ වගේ..
" මං ඔයාට මේ වෙනකල් ආදරෙයි කියලා නෑ යුග්ම..කියයිද දන්නෙත් නෑ..ඒත් මතක තියාගන්න..ඔයාට අනුව මං දැන් ඉන්න ඕනි මගේ මල්ලි ළඟ..ඒත් මං ඉන්නේ ඔයා ළඟ..ඒ ඇයි දන්නවද..? කොහොම උනත් කොහේ උනත්..ඌ rapist කෙනෙක් උනත් ඌ මගේ මල්ලි..ඒක ඌ මැරුණත් වෙනස් වෙන්නේ නෑ යුග්ම..ඒ මගේ ලේ..ලේ බැදීම් වෙනස් වෙන්නේ නෑ. ඒවා ගලේ කෙටුවා වගේ..මැරුණත් අයිතිය වෙනස් වෙන්නේ නෑ..තාත්තා තාත්තාමයි..අම්මා අම්මාමයි..සහෝදරයෝ සහෝදරයොමයි..ඒ බැදීම් වෙනස් වෙන්නේ නෑ..හැබැයි යුග්ම ඔයා..ඔයා කියන්නේ මට කොයි වෙලේ වෙනස් වෙයිද කියන්න බැරි බැඳීමක්..මන්ධීර් කොහොම උනත් මං උගේ අයියා..ඒත්..මං ගියා නම් දැන්..ඔයා එක්ක තියෙන බැඳීම තියෙයිද..? මැරුණත් ඒ මගේ කොල්ලා කියන බැඳීම තියෙයිද..? නෑ නේද යුග්ම..ඔයා ලේසියෙන්ම අල්ලගත්ත අත අතහරින්න ලෑස්ති..ඔයාගේ පව්ල වෙනුවෙන්..ඒත් ඔයා මතක තියා ගන්න චූටි මහත්තයෝ..මං ආදරෙන් හරි වෛරෙන් හරි දෙයක් අල්ල ගත්තොත් අල්ල ගත්තාමයි..අතහරින්නේ නෑ..මං මගේ හිතේ ආදරෙත් රැකගන්නවා වෛරෙත් රැක ගන්නවා..මට මල්ලි එක්ක රකින්න පරිස්සම් කරන්න දුර්වල බැඳීම් නෑ යුග්ම..හැබැයි මට ඔයා එක්ක තියෙන්නේ මම ම රැකගන්න ඕනි පරිස්සම් කරන්න ඕනි බැඳීමක්..ඉතින් එහෙම පරිස්සම් කරන්න ඕනි බැඳීමක් කැඩෙයි කියලා මට බය හිතෙනවා නම් මට තැන,වෙලාව,සිද්ධිය අදාළ නෑ..මං ඒ බැඳීම අල්ල ගන්නවා..ඒක රඟපෑමක් වගේ නම්..its ok yugma.."
" දැන් ඇයි මාව මේ මඟුල අස්සේ දාන්..?"
" පරිස්සමට..හරි වැරැද්ද මොකක්ද නොදන්නවා උනත්..මගේ අප්පච්චි මගේ මල්ලිට මේ දේ කලේ කවුද කියලා දැන ගත්තොත් උඹව ප්‍රතාප්ගේ පුතා කියලා බලන එකක් නෑ යුග්ම..ඔයා කිව්වාට ප්‍රතාප් මැරුණේ නෑ රට ගියා විතරයි කියලා..මේ සිද්ධිය වෙච්ච ආරංචිය ඔයාගේ අප්පච්චිට යද්දි ඔයා මැරිලා කාණුවක ඉදී..ඔයා විතරක් නෙවෙයි ඔයාගේ අයියත්...මොකද දන්නවද යුගාන් කියන්නේ ඔයාගේ පවුලේ වටිනම දේ වගේම මන්ධීර් කියන්නේ මගේ පවුලේ වටිනම දේ..මගේ අප්පච්චිගේ පණ ටික..."
" ලොකුකම කියවන්නද කතා කලේ බෙහෙත් දදා..ආහ්..මාව බය කරනවද තමුන් ආහ්.."
හරිම නිවුණු හඬින් හෙමින් යුග්මට තේරුම් කරන ගමන් ඒ තුවාල වලට බෙහෙත් දාන ගමන් උන්න අයුක ගැස්සුනේ යුග්ම කේන්තියෙන් first aid box එකට අතෙන් ගහලා කෑ ගහද්දි..බෙහෙත් බැන්ඩේජ් සීසීකඩ ගියා..ඒ පස්සෙන් අයුකගේ ඇසුත් ගියාත් එයා ආයෙම ඉක්මන්ට යුග්ම දිහා බැලුවා.
" මං මොනවා හරි කරන්නම්..වෙච්ච දේ වහන්න..ඒත් එයාට වැඩිකල් හංගන් ඉන්න බැරිවෙයි..ඒ නිසා මොනවා හරි කරන්න..මොනවාම හරි..මට පරිස්සම් කරන්න පුළුවන් වෙයිද කියලා මට සැකයි..ඒකයි..දන්නවානේ ඔයාගේ අප්පච්චිට සල්ලි තියනවා..මගේ අප්පච්චිට බලය තියනවා..ඔය දේවල් කවදාවත් එකට හැප්පෙන්න හොඳ නෑ..සමාන්තරවයි යන්න ඕනි..මේ ගිනි තව ඇවිලෙන්න ඇවිලෙන්න වෙන්නේ විනාශයක් විතරමයි යුග්ම..ඒ නිසා තේරුම් අරන් පරිස්සම් වෙන්න..අයියාව පරිස්සම් කර ගන්න..මං අද හංගන්නම්..ඒත් දිගටම මට ඒක කරන්න බෑ..මං ඒකයි අපේ සම්බන්දේ පටන් ගන්න කලිනුත් ඔයාට කිව්වේ..මේවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ කියලා.."
" ඒක ඔයාගේ මල්ලිට කියන්න..මේකට අපි දෙන්නාගේ සම්බන්දේ ගාව ගන්න ඕනි නෑනේ..?"
" මට පොරොන්දු වෙන්න..පරිස්සම් වෙනවා කියලා.."
" අමුතුවෙන් පරිස්සම් වෙන්න දෙයක් නෑ.."
" දෙසැම්බර් නිවාඩුව පෙබරවාරි වෙනකල්ම තියෙන නිසා රෂියා යන්නකෝ..."
" එක එකාට බයේ හැංගෙන එකෙන් නෙවෙයි මම..වැරැද්ද උඹගේ මල්ලිගේ..ඌට පරිස්සම් වෙන්න කියපං..මං උඹටත් එක්ක කියන්නේ අයුක අයියේ ආයේ උඹේ මල්ලිගේ හුළඟක්වත් මගේ එකාට වදින්න බෑ..එච්චරයි..එහෙම උනොත් ඌවත් මරාගෙන මාත් මැරෙනවා.."
" යුග්ම..තමුසෙට මං කියන සිංහලේ තේරෙන්නේ නැද්ද යකෝ..හරියටම උනේ මොකක්ද කියලා නොදැන මගේ මල්ලිටම වරද පටවන්න බෑනේ..ඒ දෙන්නා loversලා නම් මොකද..? ඔයා හරියට හොයා නොබලා කෑ ගහන්න එපා..අපි දන්නෙ පොඩි සිද්ධියක් විතරයි..ඒකත් මතක තියා ගන්න..ඔයාට ඔයාගේ සහෝදරයා වගේ තමා මටත් මගේ එකා..ඒ නිසා..හැම ලබ්බටම මගේ මල්ලිගේ වැරැද්දම කියන්න එපා..ඔයා ඌට ගැහුවානෙ..මං වචනයක්වත් නොකියා ඌව හොස්පිටල් ඇඩ්මිට් කලා..සිද්ධියත් යට ගහන්න දගලනවා..ඒත් ඔයා..මටයි මගේ මල්ලිටයි බනිනවා..අමතක කරන්න එපා යුග්ම..මේක ප්‍රසිද්ධ උනොත් මගේ මල්ලිට විතරක් නෙවෙයි උඹේ අයියාටත් බලපානවා..නිකන් පිස්සෙක් වගේ දගලන්නයි කියවන්නයි ලෑස්ති වෙන්න එපා..බොරු හුත්තවල් වලට..ඔයයි මේ පොඩි සිද්දිය ලොකු කර ගත්තේ..තමුන් හිතනවද මේක මෙතනින් නවතීවි කියලා..මං කියලා ආවාට මෙතනින් එහාට ආයේ මොකුත් බෑ කියලා..ඒක නවතීද..? මට වැඩිහිටියන්ව බය කරලා කටවල් වහන්න් පුළුවන්..ඒත් ළමයින්ගේ බෑ..උන්ට ඕක මහා නිවුස් එකක්..අප්පච්චිලාගේ කනට ගියොත් මේක ලේසි වෙන්නේ නෑ..මේ සිද්ධිය අමතක වෙනකල්..පොඩි දවසකට ලංකාවෙන් යන්න.."
" කීයටවත් නෑ..වහානේ නවත්තන්න.."
වාහනේ නවත්තන්නත් කලින් ඉදගෙන උන්නු තැනින් නැගිටපු යුග්ම ආයෙම ටිකක් වෙලා අයුක දිහා බලාගෙන උන්නා.
" මොක්හ්බ්ම්...."
මොකද අහන්න ගියපු අයුකට වචන නැතිවෙලා ගියේ එයාගේ ආරක්ෂකයොත් බලාගෙන ඉද්දි යුග්ම ඒ දෙතොල් මත තියපු හාදුව නිසා.ඒක පුංචි හාදුවක්..රළු තොල් දෙකකින් තවත් පිරිමි දෙතොලකට තියපු පුංචි හාදුවක්.හැඩිදැඩි දඩබ්බරයෙක් උන යුග්ම ඒ වගේ සියුම් හාදු ගැනත් දන්නවද..? එදා අවසර අරගෙන කම්බුලකට දුන්න හාදුව අද අවසර නැතිවම දෙතොල් මත තැබුවේ අයුක සම්පූර්ණයෙන්ම රතු වෙද්දි.
" ආදරේට දෙන හාදු ඒ වගේ..ආදරණීයයි..ඒ හාදුව ඔයාගේ ඇස් වලට කඳුළු ගෙනාවේ නෑ නේද හිනාවක් මිසක්..ඒත් මගේ අයියාගේ ඇස් වල කඳුළු තිබුණා..ඔයාගේ කකුල් පොළොවට තද උනානේද..? ඒත් මගේ අයියාගේ කකුල් තිබ්බේ පොළොවේ නෙවෙයි..එයා පොළොවෙන් අඩියක් විතර උඩට ඉස්සිලා බිත්තියට හිරවෙලයි හිටියේ..ඒක ආදරේට දුන්න හාදුවක් නෙවෙයි..එයාලා loversලා උනත් ඒ හාදුවේ තිබුණේ රාගය මිසක් ආදරේ නෙවෙයි..ඔයා දැක්කනේ එයාව..එයා චූටි දරුවෙක්..රිදෙයි කියලා අල්ලන්නවත් ලෝබ හිතෙන..තාම හිතනවද ඔයාගේ මල්ලි හරි කියලා..ම්ම්.."
අයුක මොකුත්ම නොකියා බිම බලා ගනිද්දි අයුක ළඟින්ම දනහිස නවලා වාරු අරගෙන ඉදගත්ත යුග්ම හෙමින් ඒ ඔලුව අතගෑවා.
" මං ගැන කරදර වෙන්න එපා..මගේ පස්සෙන් අප්පච්චිගේ අය ඉන්නවා..ඔයාගේ අප්පච්චිට බොරු කිකියා මාව ආරක්ෂා කරන්න ඕනි නෑ..අනික් දේ ඔයාගේ යුග්ම කියන්නෙත් ඔයාට කවදාවත් මඟනොහැරෙන අත්නොහැරෙන බැඳීමක්..අද ඔයාව මට තවත් ඕනි උනා..මං ආසයි තමුසෙගේ විදිහට..මං යන්නම්.."
විරාජගේ ගෙදර ළඟදි යුග්ම කිව්වේ යන්තම් හිනාවෙලා.ඒත් අයුක යුග්මගේ අතින් අල්ලගත්තා.
" මේ අර ඉස්කෝලෙට ඇවිත් අයියාව අරන් ගිය මිනිහාගේ ගෙදරද..?"
" ඔව්..මොකද අහන්නේ..?"
" කවුද ඒ..?"
" මොකටද ඔයාට...?"
" ඒ කවුද කියපං..නැත්තම් මම...මම...මම මේ ගේ ගිනි තියනවා.."
" ගිනි තියා ගනින් වලිගේ..ඒ විරාජ..අම්මිගේ යාළුවා..එයා තමා මගේ දෙවෙනි අම්මා.."
" එහෙනම් කමක් නෑ...ඒ මොනවා උනත් එයාට ඔයාව වැඩිය අල්ලන්න දෙන්න එපා.."
" ඒ මොකෝ..විරාජ පපාට ඒඩ්ස් නෑ.."
" ඒත් එපා මං ආස නෑ.."
" යකෝ..ආස නැතිවෙන්න උඹව අල්ලනවද ඒ මිනිහා.."
" ඔයාව අල්ලනවා කියන්නේ මාව අල්ලනවා වගේ තමා.."
" ඉරිසියාව යකෝ මුගේ..උඹ නම් වැරදිලාමයි වයසට ගිහින් තියෙන්නේ.."
" හුහ්..ඒකට මොකද තමුසෙට තියෙන්නෙත් වැරදි උප්පැන්නයක් නේ..බූරුවෝ හතකගේ වයස වගේ හැසිරෙන්නේ..ඒ උනාට අවුරුදු 17යිලූ.."
" ෆිට් කොල්ලෝ තමා..ඈ.."
" යන්න..පරක්කුවෙයි.."
ඒ ඇස් ළඟ නැවතිලා තව ටිකක් ඉන්න හිතුනත් මන්ධීර්ව බලන්න ඕනි නිසා අයුක යන්න ගියා.
_______________________________________________
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Bonus එකක් කියලා හිතන්න දරුවනේ