𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

33.9K 5.3K 755

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37

Chapter 28

796 147 41
By Jeon_Haeso

"බබී නැගිටින්න..."

එවලේ මහන්සියට ඇස් දෙක වහන් හිටියත් ටිකකින් මට නිදි මතක් ආපු නිසා මන් නිදා ගත්තා...මන් ඇහැරුනේ ජංකුක් මගේ ඔලුව අතගාන ගමන් නැගිට්ටවද්දි..නිදිමතින්ම වටපිට බලපු මන් දැක්කේ අපි ගෙදර ඇවිත් කියලා..ඒත් සූව ගෙනාවෙ නෑනේ...

"කූ සූව ගන්න යන්නෙ නැද්ද?"

"යුන්ගි දෙන්නවම පාර්ක් එකට අරන් ගිහින්..හවසට ගේන්නම් කිවුවා.."

එයා කියද්දි මන් ඔලුව වනලා ආපොහු සීට් එකෙන් හේත්තු උනා.තෙහෙට්ටු ගතියක් ඇගට දැනුන නිසා..ජංකුක් කාර් එකෙන් බැහැලා බෙහෙත් බෑග් එක මගේ අතට දීලා එයා මාව හරහට වඩා ගත්තේ මන් ගැස්සෙද්දි..

"අනේ හ්‍යුන්ග් මට ඇවිදින්න පුලුවන්නේ"

"මටත් ඔයාව වඩාගෙන යන්න පුලුවන්"

මන් මූණ ඇඹුල් කරන් කියද්දි එයා පහත් වෙලා මගේ නහය හපන ගමන් කියද්දි මන් එයාගේ බෙල්ල පාමුල මූණ හංගන් ඇස් දෙක වහා ගත්තා...යොහ් මෙයා ගාව පුදුම තරම් සනීපයිනේ...ගේට් එක ගාව හිටපු ගාඩ්ස්ලා දෙන්නට අතින් සන් කරලා මොනාද කියපු එයා ගෙදර දොරත් වහගෙනම මාවත් වඩාගෙන අපේ රූම් එකට ආවා..

"ම්..මන් බලලා එන්නම්.."

රූම් එකට ඇවිත් ටිකකින් මන් බෑග් එකෙන් ස්ටික් එක අරන් බාත් රූම් එකට ගියේ ජංකුක් කලබලෙන් ඔලුව උඩට පහලට කරද්දි...ලොකු හුස්මක් ගත්ත මන් ප්‍රෙග්නසි ටෙස්ට් එක කරලා ස්ටික් එක දිහා බලද්දි නොදැනිම මගේ ඇස් වල කදුලු පිරුනා...ඉරි දෙකක් වැටිලා තියන ස්ටික් එක දිහා මන් බලන් හිටියේ බොද උන ඇස් වලින්..

මුහුණ චුට්ටක් හෝදගෙන ඒකත් අරන් බාත් රූම් එකෙන් එලියට ආපු මන් ගැස්සුනේ දොර ගාවටම වෙලා හිටන් ඉන්න ජංකුක්ව දැකලා...

"ඒක පොසිටිව් නේ..ඔයා ප්‍රෙග්නට් නේද මැණික..."

"ඔයාම බලන්නකෝ"

මන් කියන්නත් කලින් එයා පොඩි ලමයෙක් වගේ මගේ අත් දෙක අල්ලන් එක දිහට ප්‍රශ්න කරද්දි මන් හිනාවෙලා එයාගේ අතින් ස්ටික් එක තිබ්බා..ටිකක් වෙලා ඒක දිහා බලන් හිටපු එයා මාව තද කරලා බදගත්තේ මාත් හිනාවෙන ගමන් එයාව ආපිට බදාගත්තා...

"ම්...මට සතුටුයි..දෙයියනේ මට ගොඩක් සතුටුයි මැණික...ත්...තැන්ක්ව් මාව අප්පා කෙනෙක් කරාට"

එයා මගේ බෙල්ල පාමුල මූණ තදකරගෙන හුස්මක්වත් නොගෙන එක දිහට කියවගෙන යද්දි මට ටිකක් සද්දෙන් හිනා ගියා...මගේ මනුස්සයා හරි හුරතල් නේ අප්පා...මගේ හිනාව අඩු උනේ මගේ බෙල්ලට දැනුන තෙත ගතිය නිසා...දෙයියනේ මෙයා අඩනවද?

"කූ ඔයා ඔය අඩනවද?"

"ම්...මන් අඩන්නේ නෑ"

මන් අහද්දි එයා නහයත් උඩට අදින ගමන් අඩන්නේ නෑ කියලා කියද්දි මට ආපොහු හිනා ගියා..එයාට ඇති වෙනකන් අඩන්න දීලා මන් එයාගේ පිට අතගාමින් හිටියා...විනාඩි පහලවකට පස්සේ එයා මගෙන් ඈත් වෙද්දි මන් ඒ මූණ දිහා බැලුවා..අඩලම ඒ ඇස් දෙක රතු වෙලා.ඇස් විතරද කම්මුල් දෙක නහය පවා රතු වෙලා.

"මගේ චූටි බබා අඩලා ඉවරද?"

මන් අහද්දි එයා හිනාවෙලා මාවත් ඇදගෙන අපේ ඇද ගාවට ආවා..එයා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා මාව උකුලට ගන්න ගමන් මගේ කම්මුලට හාදුවක් දෙද්දි මන් හිනාවෙලා එයාගේ බෙල්ල වටේට මගේ අත් දෙක ඔතා ගත්තා.

"එයා ඇවිත් කොච්චර දවස් ද දන්නෙ නෑනේ"

"ම්ම්...සමහරවිට සති දෙකක් වගේ වෙන්න ඇති.."

මගේ කුස මත තියන එයාගේ අත උඩින් මගේ අත තියන ගමන් කියද්දි එයා මාත් එක්ක හිනාවෙලා මගේ පපුවෙන් මූන තියා ගත්තා..මන් එයාගේ කෙහෙරැලි අතරින් ඇගිලි යවන ගමන් ඒ හිස් මුදුනට හාදුවක් දුන්නා.

"හියුන්ග්..."

"ම්ම්..."

"සූව ගේන්න කියන්නකෝ"

මන් තොල් දෙකත් උල් කරන් කියද්දි එයා මගේ පපුවෙන් ඔලුව අරන් මගේ තොල් වලට චූටි කිස් එකක් දීලා යුන්ගිට කෝල් එකක් ගත්තා...මට ඇදට වෙලා ඉන්න බෑමයි කියලා එයත් එක්ක එකට එක කියන්න ගිහින් රිදෙන්නම ටොක්කුත් කාලා එයාගේ රැවිලි එක්කම මන් පහලට ආවා.ඒම ඇදට වෙලාම ඉන්න පුලුවන්ද අනේ මෙයාගෙත් විකාර...

"හියුන්ග් කොෆි එකක් හදලා දෙන්නද?"

මන් එයාගෙන් ඇහුවේ එයා දවල් ඉදන්ම මුකුත් කාලා නැති නිසා...මන් අහද්දි එයා හා කියන්න ඔලුව වනද්දි මන් කුස්සියට ආවා...මන් කොෆි එකත් හදාගෙන ලිවින් රූම් එකට ඇවිත් එයාගේ අතින් මග් එක තියලා එයාට හේත්තුවක් දාගෙනම වාඩි උනා...

"රෑට මොනාද කන්න ඕනේ ම්ම්..."

"අනේ මන් උයන්නම්කෝ"

මන් එයා දිහා හුරතල් විදිහට බලන් කියද්දි එයා ලාවට හිනාවෙලා මගේ හිස් මුදුනින් හාදුවක් තිව්වා..

"මහන්සි වෙන්න එපා මැණික...ඔයාටමනේ අමාරු වෙන්නේ"

"මට මහන්සි නෑ අනේ..මන් ලේසි දෙයක් උයන්නම් හරිද?"

"හරි ඒනම් මාත් එන්නම්කෝ උදව් කරන්න.."

ජංකුක් මන් නිසා කෑම ඕ'ඩර් කරන්න ගියත් මන් දන්නවා එයා ගොඩක්ම කැමති මන් හදන කෑම කන්න කියලා..එයා නිසාමයි මන් මහන්සි ගතියක් දැනුනත් කෑම ටික හදන්න කිචන් එකට ආවේ...

"අන්න ඇවිල්ලද කොහෙද?"

අපි දෙන්නම උයමින් ඉද්දි කා' එකක සද්දෙයක් ඇහුන නිසා ජංකුක් හිනාවෙලා එලියට ගියා..ජංකුක් යුන්ගි හියුන්ග් දෙන්න කතා කරන හඩයි සූගේ හිනා සද්දෙයි කිචන් එකේ හිටපු මට ලාවට වගේ ඇහුනා...

"ම්..මමා තූ බබා ආවා..."

මන් එලවලු ටික කපමින් ඉද්දි ජංකුක් එක්ක කිචන් එකට ආපු කෙල්ල පිටිපස්සෙන් මගේ බෙල්ලෙ එල්ලෙද්දි මන් හිනාවෙලා ඒ චූටි අතට හාදුවක් දුන්නා...

"යුන්ගි හියුන්ග්ලා ගියාද?"

"ම්ම් පොඩි කොල්ලා නිදිලු ඒ නිසා ගෙදර ගියා.."

අපි තුන් දෙනාම ඉක්මනින් කෑම ටික හැදුවට පස්සේ ජංකුක් සූවත් අරන් එයාගේ රූම් එකට ගියේ වොශ් දා ගන්න..මාත් අපේ රූම් එකට ගිහින් පිරිසිදු වෙලා සැහැල්ලු ඇදුමක් ඇදන් පහලට එද්දි ජංකුක් සූ දෙන්නත් වොශ් දාලා සෝෆා එකට වෙලා ටීවී බලමින් හිටියා..

"දෙන්නම එන්න කෑම කන්න"

"ඕකේ බොස්"

"ඕතේ~ බොත්.."

මේ කෙල්ලනම් එන්න එන්නම් පණ්ඩිත ආච්චි කෙනෙක් වෙනවා..සූහා දැපැත්තට වැනි වැනි මන් ගාවට දුවන් එද්දි ජංකුක් පිටි පස්සෙන් ආවේ කෙල්ලව වැටුනොත් අල්ල ගන්න...හයියෙන් අඩිය තියමින් ආපු කෙල්ල මගේ කකුල බදා ගනිද්දි මන් කෙල්ලව වඩාගෙන කම්මුල චොප්ප වෙලා යන්නම කිස් එකක් දුන්නා...

"මේ බලන්න princess දැන් මමා අප්පටත් ඒ වගේ කිස් එකක් දෙන්න යන්නේ"

මන් සූව කිස් කරන එක බලන් හිටපු ජංකුක් අපි ගාවට ඇවිත් කියද්දි මන් එයාට රැව්වා...පොඩි කෙල්ලව රවට්ටලා මගෙන් කිස් ගන්න හදනවා.අනේ මන්දා මෙතන පොඩි එක්කෙනා සූහා නෙවෙයි මෙයයි..සූත් කිස් එකක් දෙන්න කියලා කෑ ගහද්දි මන් ලාවට හිනාවෙලා ජංකුක් ගාවට ගිහින් එයාගෙත් කම්මුල ඇතුලට යන්නම ලොකු කිස් එකක් දෙද්දි එයා කෙල්ලගේ ඇස් දෙක වහලා මගේ ලිප්ස් වලට එයාගේ ලිප්ස් තද කරා...තත්ත්පර ගානකට පස්සේ මගේ ලිප්ස් මතින් එයාගේ ලිප්ස් අයින් වෙද්දි හදිස්සියේ ලැබුන හාදුව නිසා මන් හිටියේ රතු වෙලා...ජංකුක් සූගේ කම්මුලටත් කිස් එකක් දීලා ඩයිනින් ටේබල් එකෙන් වාඩි උනා..

"ම්..මමා තෙල්ලම් තලමුකෝ..."

වෙනදා වගේම මන් සූට කවද්දි ජංකුක් එයා කන ගමන් මටත් කැව්වා.කන්න චුට්ටක් අප්පිරිය උනත් ජංකුක් හිමින් හිමින් කෝමහරි මට කටවල් හයක් විතර කැව්වා..අපි තුන් දෙනාම කාලා ඉවර උනාට පස්සේ රූම් එකට ආවේ නිදා ගන්න උනත් සූට මාත් එක්ක සෙල්ලම් කරන්න ඕනෙමයි කියලා කියද්දි මාත් ඉතින් එයවත් වඩාගෙන ගිහින් ඇදෙන් වාඩි උනා..

"Princess මමාට මහන්සියිනේ මැණික...හොද ළමයා වගේ දැන් දොයියගෙන හෙට සෙල්ලම් කරමු ම්ම්.."

"මමාත මහන්තීද?"

"ඔව්නේ චූටී..මමා හෙට අනිවාර්යයෙන් බේබී එක්ක සෙල්ලම් කරන්න එනවා හරිද"

"පින්ති පොමිත්...?"

"පින්කි ප්‍රොමිස්.."

මන් කෙල්ලවත් ඇදෙන් ඇල කරලා මාත් සූගේ එහා පැත්තෙන් ඇලවෙන ගමන් කියද්දි කෙල්ල මගේ ලගටම ඇවිත් තුරුල් උනා...මේ දිහා බලන් හිටපු ජංකුක් අපි දෙන්නගෙම නලලට හාදුවක් දීලා සූගේ එහා පැත්තෙන් ඇල උනා...

"මමා~"

"ඕ...මැණික.."

"ම්..මමා ඒනම් තූහාට මමා තුත්තු ඕනනේ~"

සූහා මගේ ටීශර්ට් එක කූරු ගහන ගමන් කියද්දි මට හිනාගියා..කපටි බැල්මක් දාන් කියන ලස්සන මගේ හොර කෙල්ල...මන් ටීශර්ට් එක උස්සලා එයාව මගේ පපුව ලගට ලං කර ගනිද්දි කෙල්ල හිනාවෙලා එයාගේ එක අතකින් මගේ ටීශර්ට් එක මිරිකගෙන මගේ නිපල් එකක් එයාගේ චූටි තොල් වලින් අල්ල ගත්තා....

"අපරාදේ සෙල්ලම් කරන්න දෙන්න තිබ්බේ"

මෙච්චර වෙලා මේ දිහා මූණත් නරක් කරන් බලන් හිටපු ජංකුක් හිමීට මිමිණුවත් මට ඒක ඇහුනා...දැන් මන් ඕකට හිනාවුනොත් වෙන්නේ මට ඒ දෙන්නගේ මැදට එන්න.ඒ නිසාම එයා කියපු එක මට ඇහුනේ නෑ වගේ මන් සූගේ පිටට තට්ටු කරන ගමන් ඇස් දෙක පියා ගත්තේ එයත් අපි දෙන්නවම බදාගනිද්දි...








අනිත් කොටසත් ඉක්මනින් අරන් එන්නම්...❤️

පරිස්සමින් ඉන්න ආතරෙයි..💚💜

Continue Reading

You'll Also Like

1.4M 108K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
561K 45.9K 22
Indian Chronicles Book III My Husband, My Tyrant. When Peace Becomes Suffocation. Jahnvi Khanna has everything in her life, a supporting family, a hi...
1.4M 125K 44
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
258K 29.5K 75
#Book-2 of Hidden Marriage Series. 🔥❤️ This book is the continuation/sequel of the first book "Hidden Marriage - Amazing Husband." If you guys have...