𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

34K 5.3K 755

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37

Chapter 24

937 133 23
By Jeon_Haeso

මන් එයා හදලා දීපූ කිරි එකත් බීලා උයන්න පටන් ගත්තේ එයත් මට උදව් කරද්දී...දෙන්නටම ලොකු බඩගින්නක් තිබ්බෙ නැති නිසා ලේසියට පොඩි දෙයක් හදාගෙන කෑවා...

"තව ගොඩක් තියනවද කූ...මන් උදව් කරන්නද?"

කෑම කාලා ඉවර වෙලා මන් කකුල් දෙකත් උඩ දාන් සෝෆා එකේ වාඩි වෙලා ස්නෑක්ස් පැකට් තුනක් තියාගෙන මාරුවෙන් මාරුවට කන ගමන් ෆයිල්ස් ටිකක් චෙක් කරන ජංකුක්ගෙන් ඇහුවා.

"තව චුට්ටයි මැණික...හෙට මීටීන් එකට ඕන කරන ටික විතරයි බලන්න තියෙන්නේ අවුලක් නෑ.."

එයා කියද්දි මන් ඔලුව වනලා චිප්ස් කෑල්ලක් කටේ දා ගත්තා...සූත් අසනීප උනා පස්සේ මටත් අසනීප උන නිසා එයාට මේ සතියෙම හරියට ඔෆිස් යන්න බැරි උනා.මන් උදව් කරන්නද කියලා ඇහුවමත් එයා ඒකට කැමති නැති නිසා මාත් පාඩුවේ හිටියා...

_____________________________________

"නැගිටින්න හියුන්ග්.ඔයාටම තමයි පරක්කු වෙන්නේ"

සතියකින් පස්සේ සුපුරුදු ජීවන රටාවටම අපිට වැඩ කරන්න උනා...මන් උදෙන්ම නැගිටලා කෑමත් ලෑස්ති කරලා කොෆි එක හදාගෙන රූම් එකට ඇවිත් එයාව නැගිට්ටුවත් මෙයාටනම් නැගිටින්න උවමනාවක් තිබ්බේ නෑ.සතියක්ම ගෙදර ඉදලා දැන් ඔෆිස් යන්නත් කම්මැලි වෙලා...කෝමහරි මගේ කටේ සද්දෙට උදේ පාන්දරම මූණත් ඇඹුල් කරන් කොෆි එක බොන එයාගේ ලිප්ස් වලට කිස් එකක් දීලා එයාගේ ඇදුම් ලෑස්ති කරා...

"කෙල්ල තාම නිදිද?"

මන් එයාගේ කෑම එක බෙදලා මේසෙන් තියද්දිම එයත් වොච් එක බැදගන්න ගමන් පුටුවෙන් ඇවිත් වාඩි උනා..වෙනදට උදේට අප්පා එක්කම පහලට එන පොඩ්ඩි අද නැති නිසා මන් එයාගෙන් ඇහුවා

"ම්ම්..ඊයේ දගලලා මහන්සි ඇති."

ඊයේ ජිමින්ලා සූව මට ගෙනත් දෙද්දි රෑ අටත් පහු වෙලා තිබ්බේ.වූබින් එක්ක නටලා නටලා කෙල්ල මගේ අතට ආපූ ගමන් මමා කියාගෙනම මගේ බෙල්ලේ මූණ අතුල්ල අතුල්ල ඉදලා රූම් එකට එද්දිම නිදි..නිදන් ඉන්න විදිහට නැගිට්ටවන්න ලෝබ හිතුන නිසා එයාව එයාගේ රූම් එකෙන් තියලා ඇදන් හිටපු ගවුම ගලවලා තෙත රෙද්දකින් පිහලා නයිට් සූට් එක අන්දනකනුත් මේ කෙල්ල හොදට නිදි..කවුරු වගේද මන්දා...අප්පා වගේම නැතැයි ඉතින් උස්සන් ගියත් දන්නේ නෑ...ඒකට මම ඇගිල්ලක් ඇනුනත් ගැස්සිලා ඇහැරෙනවා හුම්..😌

"කෑම එක කා' එකෙන් තිබ්බා ඔක්කොම කන්න ඕනේ හරිද?.පරිස්සමින් ගිහින් එන්න මන් බලන් ඉන්නවා.."

"ඔයත් පරිස්සමින්..දොර අරින්න කලින් බලලා අරින්න හරිද?එද්දි මොනාහරි ගේන්න ඕනේද?"

"හුම්...චිප්ස් පැකට් තුනක් විතර ගේනවද අර චීස් රස තියන එක"

එයා අහද්දි මන් ඇස් දෙකත් බෝල කරන් හුරතල් විදිහට එයාට කිවුවේ එයා මන් දිහා වශියක් කාලා වගේ බලන් ඉද්දි...හුරතල් නොවී බෑ නැත්තන් මේ ලෝබ මනුස්සයා මට ගෙනත් දෙන්නේ නෑ..

"මගෙන් පස්ස පුපුරන්න කන්න තමයි ඔය..ඕම කඩචෝරු කන්න එපා ළමයෝ..."

"හුම් ඕනේ නෑ..."

"හරි හරි ගෙනත් දෙන්නම් හැබැයි අද විතරයි."

එයා මට ටිකක් සැරෙන් කඩචෝරු කරන්න එපා කියද්දි මන් මූණත් දෙක කරන් ඕනේ නෑ කියද්දි මගේ නහය මිරිකලා අද විතරක් ගෙනත් දෙන්නම් කියලා හිනාවෙද්දි මන් එයාව බදා ගත්තා...

"මන් ආදරෙයි හොදේ..."

"කපටිම නෑනේ...ම්ම් මාත් ආදරෙයි."

එයා මගේ ඔලුව අතගාලා හිස් මුදුනට හාදුවක් තියද්දි මාත් ඒ පළල් පපුවට හාදුවක් තියලා ලෝබකමින් එයාගෙන් ඈත් උනා...එයාගේ කා' එක ගේට් එකෙන් එලියට යනකන්ම බලන් ඉදලා මන් දොරවලුත් වහලා කුස්සියට ආවේ සූගේ කිරි එක හදන්න..

"මමා මේ ල්..ලත්තනයිනෙ~"

"ඒකනේ මගේ කෙල්ල දක්ෂයි"

උදේ කිරි එක පොවලා ඒම්මම පොඩ්ඩිවත් හෝදවලා මාත් වොශ් එකක් දාගෙන අපි දෙන්නම පහලට ආවා...කෙල්ලට උදේට කවලා සාලේ බිමට එයාගේ මැට් එක දාලා එයාව එතනින් ඉන්දව්වේ ජංකුක් ගෙනත් දීපූ පාට කරන පොතුයි පාට චෝක්ස් ටිකයි සූ ලගින් තියන ගමන්...

සූ චිත්‍ර පාට කරනකන් මන් එයා ලගින්ම වාඩි වෙලා කෑම එක කෑවා...මාත් කාලා ඉවර වෙලා කෙල්ලත් එක්ක ටිකක් සෙල්ලම් කර කර ඉද්දි වෙලාව දවල් එකත් පහු වෙලා තිබ්බා...

"මැණික අපි ගාඩ්න් එකේ තියන මල් පැල බලන්න යමුද?"

"යමුතෝ..."

මන් කෙල්ලගෙන් අහද්දි කෙල්ල හා කිවුවම මන් කෙල්ලවත් වඩාගෙන එලියට ආවා...

"ම්..මමා මේ තෝයි~"

"අයියෝ කෙල්ලේ මඩ නාන්න එපා අනේ..දෙයියනේ මේ කෙල්ල ටැප් එකත් ඇරලනේ"

මන් ගාඩ්න් එකේ තිබ්බ ඇන්තූරියම් පැල වගයකට සාත්තු කර කර ඉද්දි මේ පොඩි දගකාරී වතුර බටෙත් ඇරලා මඩ නාගෙන දගලද්දි මන් ඉක්මනින් ගිහින් ටැප් එක වැහුවා.දැන් කෙල්ල ඇවිදින නිසා මට ගෙදර පවා දවසකට පස් පාරක් විතර අස් කරන්න වෙනවා.ඇයි හැමතැනම සෙල්ලම් බඩු දාලානේ.

"මන් මඩ පිටින් ඉන්න කෙල්ලවත් වඩාගෙන ගේ ඇතුලට එන්න යද්දි ගේට් එකේ බෙල් එක වැදුන නිසා මන් ගේට් එක ඇරලා බැලුවත් කවුරුත් හිටියේ නෑ..ආපොහු හැරිලා යන්න ආවත් ගේට් එක ලග බොක්ස් එකක් තිබ්බ නිසා මන් ටිකක් පහත් වෙලා බැලුවා..එවපු කෙනෙක්ගේ නමක් නැති උනත් මට එවලා තිබ්බ නිසා මන් ඒකත් අරන් ගේට් එකත් වහලා දොරත් වහගෙනම අපේ රූම් එකට ආවා...බොක්ස් එක ඒම්මම කන්නාඩි මේසේ උඩින් තියලා මායි සූයි දෙන්නම බාත් රූම් එකට ගියා..

"ඔය ඉන්නේ සුවඳට"

මඩ වලින් නාලා ඉටපු තාර පැටියව මන් නාවලා මාත් වොශ් එකක් දාගෙන කෙල්ලට චූටී ගවුමක් අන්දවලා කොලොන් දාලා පවුඩර් ගාලා ඔක්කොම ඉවර වෙලා සූව වඩාගත්තේ පොඩ්ඩිත් මගේ කම්මුලේ එයාගේ කම්මුල අතුල්ලන ගමන් හයියෙන් හිනාවෙද්දි...මෙයත් දැන් එන්න එන්න හුරතල් බෝලයක් වෙනවා...

"මමා ගාවත් ස්..සූඳයිනේ"

කෙල්ල කියද්දි මන් හිනාවෙලා කෙල්ලගේ කම්මුලට කිස් එකක් දුන්නා..එතකොට තමයි මට මතක් උනේ අර බොක්ස් එක මන් කෙල්ලව ඇදෙන් වාඩි කරවලා බොක්ස් එකත් අරන් ඇදට ආවා...බොක්ස් එක ඇරියත් ඇතුලේ තිබ්බේ රැලි කපපු කොල ගොඩක් වෙනකොට මන් ඇතුලට අත දාලා බැලුවා..

"ආව්ව්ව්..."

"ම්..මමා~"

බොක්ස් එක ඇතුලට අත දැම්මා විතරයි මගේ ඇගිලි තුනක්ම කැපෙද්දි දැනුන වේදනාවටම මට සද්දෙන් කෙදිරි ගෑවුනා...මන් ඉක්මනින් අත අරන් ලේන්සුවක් බැදගෙන මන් දිහා බලන් අඩන කෙල්ලව වඩා ගත්තා...

"ශ්..හරි හරි මමාට මුකුත් උනේ නෑනේ මගේ කෙල්ල නාඩා ඉන්නකෝ"

"ම්..මමා හික්* ඌවා උ..උනානේ.."

කෙල්ල ඉකි ගගා අඩද්දි අතේ ඇගිලි රිදුනත් ඒවා ගනන් නොගෙන කෙල්ලව නැලෙව්වා..අඩලා මහන්සියටද කොහිද කෙල්ලට නින්ද යද්දි නලලට හාදුවක් දීලා පරිස්සමින් සූව මන් ඇදෙන් තිබ්බා..

ආපොහු බොක්ස් එක අතට අරන් ඒක ඇතුලේ තිබ්බ සේරම දේවල් වැටෙන විදිහට මන් සෝපා එකට හැලුවා..ඒකේ තිබ්බේ රැලි කපපු කොල අස්සේ දාලා තිබ්බ ටිකක් මුවහත් බ්ලේඩ් හතරක් පහක්...කවුද මට මේ වගේ දෙයක් එහුවේ ඒත් ඇයි...මන් බොක්ස් එකට සේරම දාලා ඒක ඩස්පින් එකට දැම්මා..

ලේන්සුව ගලවලා බලද්දි කලින්ටත් වඩා ලේ ගිහින් තිබ්බා...ඒ බ්ලේඩ් ගොඩක් ශාර්ප් නිසා මගේ ඇගිලි තුන ගොඩක් ගැඹුරට කැපිලා තිබුනා..මන් දැනෙන වේදනාවට තොලත් හපාගෙන අතට බෙහෙත් දා ගත්තේ ජංකුක් මේ තුවාල ගැන අහද්දි කියන්න බොරුවකුත් මතක් කර ගන්න ගමන්...බෙහෙත් දාන් වෙලාව බැලුවමයි දැක්කේ හතරටත් කිට්ටුයි කියලා.තව පැය දෙකකින් වගේ එයා එයි.එයා මන් හදන කෑම කන්න කැමති නිසා වේදනාව පැත්තකට දාලා මන් එයාට කෑම හදන්න කිචන් එකට ආවා..













10K READERS Thank you so much 😭❤️

අනිත් එකත් අරන් ඉක්මනින් එන්නම්..කතාව කියවන කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ස්තූතියි...❤️😘

Continue Reading

You'll Also Like

377K 20.3K 59
"What do you want Xavier?" I said getting irritated. "For you to give me a chance to explain myself." "There's no need to explain anything to me, we...
456K 25.8K 44
The story continues to unfold, with secrets unraveling and new dangers lurking in the shadows. The Chauhan family must stay united and face the chall...
568K 46.7K 22
Indian Chronicles Book III My Husband, My Tyrant. When Peace Becomes Suffocation. Jahnvi Khanna has everything in her life, a supporting family, a hi...
1.4M 109K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...