නෙහාර අද ප්‍රතාප්ගේ ඔෆිස් රූම් එකට ගියේ නෑ.නෙහාර තරහෙන් ඉන්නේ.ඒ බව දන්න ප්‍රතාප් වැඩ ඉවර උනත් ඉක්මන්ට නිදා ගන්න කාමරේට යන්න උවමනා කලේ නෑ.
යන්තමට වගේ ඔෆිස් රූම් එකේ දොර ඇරපු ප්‍රතාප් රබර් ඇහැ දාලා බැලුවේ ලයිට් ඕෆ් කරලද කියලා.
ලයිට් ඕෆ්..ඒත් නෙහාර නිදිද දන්නේ නෑනේ..whatspp last seen..one hour ago..
" ඒ කියන්නේ නිදි.."
ප්‍රතාප් ශේප් එකේ ඔෆිස් රූම් එකෙන් එළියට බැස්සා.සද්දයක්වත් නෑහෙන්න කළුවරේම හිමිට හිමීට අඩිය තිබ්බ ප්‍රතාප් ටික දුරක් ගිහින් මොකක හරි කකුල වද්ද ගත්තා.
" මොන..හු....න්..න්..නේශූ..."
මෙච්චර වෙලා ලත උනේ නෙහාරව මගහරින්න උනත් ඒ වැඩේ අසාර්ථක උනා කියලා ප්‍රතාප්ට තේරුනේ කකුල වැදිලා තත්පරයක් යන්නත් කලින් සාලේ on උන ලයිට් නිසා.ලයිට් ටික on කල නෙහාර රිමෝට් එක මේසේ උඩට විසික් කරලා ප්‍රතාප් දිහා බැලුවේ රවාගෙන.
නෙහාරගේ මූණට දැන් අබ දැම්මොත් පුපුරනවා.කකුලක් පිට කකුලක් දාගෙන අත් දෙකත් පපුවට බැදගෙන නෙහාර තාමත් රවාගෙන ප්‍රතාප් දිහා බලාගෙන..ප්‍රතාප් හරියට වැරැද්දක් කරලා ප්‍රින්සිපල් ළඟට එක්ක ගිය ළමයෙක් වගෙ නේශු ඉස්සරහා හිටගෙන ඉන්නවා.
" වැඩ ඉවරද මහත්තයා.."
" ඔ....ඔව් නේශු.."
" අද සෑහෙන වැඩවගේ ඒ කියන්නේ.."
" ඔව්නේ.."
අතේ තියාගෙන පවන් ගගහා හිටපු පොත නෙහාර සද්දේ ඇහෙන්නම මේසේ උඩට දමා ගැහුවේ එයාගේ තරහා පෙන්නනමයි.
" මොන වැඩේ තිබ්බත්...මහත්තයාට මං කියලා ඇති වෙලාවට කන්න බොන්න කියලා..ඔයාට මගේ කෑමත් එපා වෙලාද දැන්..?"
" ඔයා ඔය තරහා ගන්නේ බොරු හේතු වලට නේශූ.."
නෙහාරගේ තොල් වෙව්ලන්න ගත්තා..ඒ කම්බුල් වලට ලේ උනලා රතු උනා..ඇස් කොනකින් එක කඳුළු කැටයක් එලියට ඇවිත් ඒ උකුලට වැටුණා.
" බොරු හේතූ...ඔව් බොරු හේතූ..ඔයා කන්න නාපු එක බොරු හේතුවක්..ඔයා මාව කාර් එකේ පිටිපස්සේ ඉන්දපු එක බොරු හේතුවක්..මං තෝරපු ටී ෂර්ට් එක වෙනුවට දුව තෝරපු එක තෝරගත්ත එක බොරු වරදක්..අර පාවෙන පඩිපෙළේ මාව දාලා දුවගේ අත අල්ලන් ගිය එකට දුක හිතෙන්නේ බොරුවක්..සේරම බොරු..සේරම..මමත් ඔයාගේ බොරුවක්..ඇත්තටම බැලුවම ඔයාගේ ආදරෙයි හැමදේම බොරු..."
" නේශූ..මං උඹට හැමදාම කියනවා උඹ මොන මඟුලක් කිව්වත් කමක් නෑ..හැබැයි මගේ ආදරේ ප්‍රශ්න කරන්න එපා කියලා..හැමදේටම over dramatic වෙලා over react කරන්න එපා..මං මෙච්චර වෙලා ඉවසුවානේ ඔයාගේ ගැස්සිලි පැද්දිලි කෑ ගැහිලි..ඔයා හැමතිස්සෙම මාව බය කරන්න කඳුළු පාවිච්චි කරනවා..දැන් ඇති හොඳේ..හොඳටම ඇති.."
" ඔයාට දැන්...ඔයාට දැන් මං බොරුවට අඩනවා වගේද පේන්නේ..මං බොරුද මේ කරන්නේ...මං බොරුවට අඩනවා වගේද පේන්නේ.. මං කඳුළු පාවිච්චි කරලා ඔයාව බය කරනවා කියලද මගේ දෙයියෝ ඔයා මේ කියන්නේ.."
නෙහාරගේ කදුළු තව අලුත් උනා.එයා ඉකිය පාලනය කර ගන්න උත්සහා කරන නිසාම ඒ පපුව වේගෙන් උස්පහත් වෙනවා..හීල්ලෙනවා..ප්‍රතාප් අහක බලා ගත්තේ ඇත්තටම ප්‍රතාප්ට එයාගේ කඳුළු දරන්න බැරි නිසා.
" enough නෙහාර..දැන් ඇති..ඔයාට හේතුනේ ඕනි..ම්ම්..කන්න නාවේ ඔයයි මමයි රණ්ඩු වෙන විදිහ අපේ දරුවෝ තුන් දෙනා දැන ගන්න ඕනි නැති නිසා..මොකද මං කන්න ආවා නම් ඔය දුවත් ඉන්න තැනමයි ඕවා කියවන්නේ..ඒ දරුවා කාලෙකින් අපි දෙන්නා එක්ක ශොපින් ගිහින් සතුටින් ඉන්නේ..එයාට කොච්චර දුක හිතෙයිද එයාගේ අම්මා එයා එක්ක තරගකාරී වෙලා කියලා දැන ගත්තොත්...ම්ම්ම්..හිතන්න පුළුවන් ද එයාට මොනා හිතෙයිද කියලා..කාර් එක පිටිපස්සේ මම නෙවෙයි ඔයාව ඉන්දුවේ නෙහාර..ඔයයි ඉද ගත්තේ..දුව දන්නේ නෑ ඔයත් අවා කියලා..ඔයා කාර් එකෙන් බැහැලා පොල් ටොෆි ඕනි වෙලා කඩේ ගියා..ඒ වෙලාවේ හිස් උන ඉස්සරහා ශීට් එකට දුව ඇවිත් නැග්ගා පුරුද්දට..මොකද එයා මං එයාව ගන්න ආවම ඉස්සරහින් තමා නඟින්නේ..හැබැයි shopping කරලා ඉවර උනාම දුව ඔයාට නඟින්න ඉඩදීලා බලන් හිටියා..ඒ වෙලේ ඔයා තෝරපු එක ගත්තේ නැති තරහා පිරිමහන්න ඔයාමයි පිටිපස්සෙන් නැග්ගෙ..එතකොට escalator එකේ සිද්දියට සොරි..මං ඒකට නම් ඔයාගෙන් සමාව ඉල්ලන්නම්..දුවත් බයයි ඔයත් බයයි..මට ඔයාගේ අත අතහැරෙනවා ගාණක් උනේ නෑ...මං එවෙලේ ඔයාගෙන් සමාවගත්තේ නැති විදිහක් නෑනේ නෙහාර..ශර්ට් එක ඔයා තෝරපු එක මං නොගත්තේ ඇයිද කියලා ඔයාටම තේරෙනවා..මං රෝස පාටට කැමති නෑ කියලා දැන දැනම ඔයා මට ඒක ගන්න බලකලා..දුව තෝරපු ash colour එකට වැඩියෙන් ඒක හොඳයි කියලා..ඔයත් දන්නවා දුවත් දන්නවා මං කැමති ash colour එකට මිසක් pink colour එකට නෙවෙයි කියලා..දුවට ඕනි උනේ මගේ සතුට..but ඔයාට ඊට වඩා ඕනි උනේ ඔයා මට තෝරන්නේ මොන ජරාවද මං නෑ බෑ නොකියා ගන්නවා,මං ඔයාවයි තෝරගන්නේ කියලා දුවට පෙන්නන්න.what a shame nehara...are you still a kid or what..මං එවෙලේ ඉදන් ඔයාගේ මේ නාඩගම් ඉවසන්නේ..මට ඔයාට කෑගහලා මේ ප්‍රශ්නේ හවසම විසදන්න තිබ්බා..ඒත් මං නොකලේ ඔයාට ළමයිත් ඉද්දි කෑ ගහන එක වැරදි නිසා..but ඔයා..මං කටවහාගෙන ඉන්න ඉන්න බල්ටි ගහනවා බොරුවට.."
" මම වැරදි...ඒකද ඔයා කියන්නේ.."
" yes ofcourse "
" අයියේ..."
" ඔය කේන්තියෙන් පුම්බන් කියන්න යන්නේ ඇදට එන්න එපා couch එකේ නිදියගනින් කියන්න නම්... ok...I will do it..."
ප්‍රතාප් යන්න හැරුණත් නෙහාර තාම එතනමයි.ඒ නිසා ප්‍රතාප් ආයෙම හැරුණා.නෙහාර බුම්මගෙන අහක බලා ගත්තා.
" ලයිට් ඕෆ් කරලා එනවා කාමරේට..ඔතන ඉදගෙන පිළිමේ වගේ නොයිද..?"
" මට බෑ..."
" ok..its your choice.."
" අයියේ..."
යන්න ගිය ප්‍රතාප් ආයෙම නැවතුනේ නෙහාරගේ හඩට.
" ඔයා දැන් මට ආදරේ නෑ..."
සුසුමක් හෙලපු ප්‍රතාප් ඔලුව දෙපැත්තට ගැසුවේ එයාගේ කේන්තිය පාලනය කරගන්න වගේ.
" ඔයාට වෙන ගෑණියෙක් ඉන්නවා..."
" ඒකයි ඔයා මට දැන් මෙහෙම සලකන්නේ.."
" ඔයා අර ප්‍රියන්මදා එක්ක යාළු වෙලා ඉන්නේ..ඒ ගෑණිනේ ඔයාට ඔය නිතර දෙවේලේ කෝල් කරන්නේ..දවස තිස්සෙත් ඒකි එක්කනේ ඉන්නේ..රෑටත් ඒකි එක්කනේ කෝල් වල ඉන්නේ..ඒකිවම කසාඳ බැඳගන්න තිබ්බානේ මා එක්ක හැමිනෙන්න ආවේ..ඔයා දැනටත් මාත් එක්ක ඉන්නේ දරුවෝ නිසා..නැත්තම් ඔයා මාව මේ වෙද්දිත් අතහැරලා..ඔයා මාව ඉවසන් ඉන්නේ දරුවෝ නිසා..උන්ට මන් නැතිව බැරි නිසා.."
ප්‍රතාප්ගේ අත් දෙක මිට මෙලවුණා.ඇස් දෙක පියාගෙන කේන්තිය පාලනය කර ගන්න හැදුවත් නෙහාරගේ වචන එක්ක බැරිවෙද්දි ප්‍රතාප් රතු වෙච්ච ඇස් වලින් නෙහාර දිහා හරි කෙලින් බැලුවේ කොච්චර කේන්තියෙන් උන්නත් ප්‍රතාප්ගේ ඇස් බැල්ම දිහා කෙලින් බලන්න බැරි නෙහාර බිම බලා ගත්තේ අත් දෙක එකට පටලවගෙන.ඒ අත් දෙක වෙව්ලනවා..ප්‍රතාප්ට තියෙන බය නිසාම.
" ආයේ වතාවක් මගේ දිහා බලාගෙන ඒ කියපු කතාව කියපං..."
ඒ හඩ සැරයි ගැඹුරුයි.නෙහාරට ප්‍රතාප්ව පෙනුනෙම හොඳුරට පනින්න බලන් ඉන්න සිංහයෙක් වගේ.එයා දුර දිග ගියා වැඩි කියලා නෙහාරට තේරෙද්දි පරක්කු වැඩියි.
" මං කිව්වේ කට ඇරලා ආයේ ඒ කියපු ටික කියපං කියලා යකෝ.."
මේ සැරේ නම් ප්‍රතාප්ගේ කෑ ගැහිල්ලට මුළු ගේම ගැස්සුනාද කොහෙද..නෙහාරත් විසික් වෙලා ගිහින් සෝෆාවේ ඉනදවුණා.නෙහාර බය උනාම කටෙන් වචන පිටවෙන්නේ නැතිකොට බිම බලාගෙනම උන්නේ ප්‍රතාප් දිහා බලන්නවත් හයියක් නැති වෙද්දි.
ප්‍රතාප් පොළොවට කකුල් තද කර ගත්තේ වැරදිලා හරි එයාගේ කකුල් එයාව නෙහාර ළඟට අරගෙන යයි කියලා බයෙන් වගේ..මොකද එහෙම උනොත් නෙහාරටමයි රිදෙන්නේ. අත් දෙකත් සාක්කු දෙක ඇතුලට දාගෙන නෙහාර දිහා ප්‍රතාප් බලන් හිටියේ එයාව සන්සුන් කර ගන්න උත්සහා කරමින්.
" කතා කරන්න බෑනේ උඹට දැන් නේ..කතා කරවන විදිහත් මම දන්නවා දරුවෝ ඇහැරෙන නිසා මං කරන්නේ නෑ.."
".........."
" මේකත් එහෙනම් අහා ගනින් නෙහාර..උඹ අර කියපු හැමදේටම මට කියන්න තියෙන්නෙත් ඔව් කියලා විතරයි.."
මෙච්චර වෙලා බිම බලන් හිටපු ඇස් දෙක උස්සපු නෙහාර ප්‍රතාප් දිහා බැලුවා.ප්‍රතාප් උන්නේ හැඟීමක් නැති ගාණට..ඒ ඇස් හතර එකිනෙකා මත ගැටිලා තිබුණා වගේම එක ඇස් දෙකක ලියවිලා තිබුණෙම බය, පුදුමය වගේම අසරණකම වෙද්දි අනිත් ඇස් දෙකේ නම් කිසිම හැඟීමක් තිබුණේ නෑ.
" මගේ දෙයියෝ.."
" උඹේ දෙයියෝ මැරුණා උඹ ඌ කතරගම දෙයියෝ කියලා හිතුව වෙලේ ඉදන්..."
" අයියේ..."
ප්‍රතාප් ඇහෙන්නේ නෑ වගේ කාමරේට ගියේ ප්‍රතාප් පස්සෙන් යන්න ආපු නෙහාර එතනම බිම ඉදගනිද්දි.එයාට ඒ කිසිදෙයක් කියන්න ඕනි උනේ නෑ..එයාට ඕන උනේ ප්‍රතාප් එයාව තුරුළු කරගෙන සනසවනවා බලන්න..එයාට ඕනි උනේ ප්‍රතාප් ආදරෙන් එයාට තේරුම් කරනවා බලන්න..එයාට ඕනි උනේ දුවට ආදරෙන් දේවල් තේරුම් කරනවා වගේ එයාටත් දේවල් තේරුම් කරනවා දකින්න..කෑවද අහලා ප්‍රතාප් කවනකොට කන්න..ඒත් ඒ දේ නොවෙද්දි නෙහාරට එයාව පාලනයක් නැති උන නිසයි වෙන ගෑණු ගැන කිව්වේ..ඒත් එයා දුරගිහින් වැඩියි.
අඩන්නවත් කඳුලක් උනන්නේ නැති වෙද්දි නෙහාර අතින් එයාගේ පපුව අතගාගත්තේ එයාගේ හීල්ලීම් එයාටවත් දරා ගන්න බැරි වෙද්දි.
ප්‍රතාප්ගේ කෑ ගැහිල්ල නිසා ඇහැරුණ දරුවෝ තුන් දෙනාම හැංගිලා අම්මා දිහා බලන් හිටියා.යුහාෂියි යුගාන්ගෙයි ඇස් වල කඳුළු පිරිලා..යුග්ම නම් ඔහේ එයාගේ අම්මා දිහා බලන් හිටියා.උනේ මොකක්ද හේතුව මොකක්ද හරියටම නොදැන උනත් අප්පච්චිගේ ඒ කේන්තිය නිසා යුග්මත් අද ටිකක් බය උනා.කාමරේ දොර වහපු වේගෙට උලුවස්සත් දෙදරලා යද්දි නෙහාරට හයියෙන්ම හීල්ලුනා වගේම දරුවෝ තුන් දෙනත් ගැස්සිලා අඩියක් පස්සට තිබ්බා.
යුග්ම නිහඩවම ගිහින් නෙහාරගේ කර වටේ අත දාලා එයාව තුරුළු කරගත්තේ නෙහාරගේ පිට පිරිමදින ගමන්.
" මගේ අම්මි..." යුගාන් වගේම යුහාෂිත් නෙහාරව වැළඳ ගනිද්දි නෙහාරට හොඳටම දැනුනා යුගාන්ගේ පපුව ගැහෙන වේගේ.එයා බයවෙලා..ඒත් නෙහාර නිසා යුගාන් එයාවම control කරගන්නවා.මොකද මේ වෙලේ අම්මිට එයාව ඕනි මිසක් එයාට අම්මිව ඕනි වෙන්න නෙවෙයි ඕනි.
අවසානෙට එදාවගේම යුග්මගේ ඇදේ තුන් දෙනාම නෙහාරට තුරුළු වෙද්දි නෙහාර පුරුදු නිහඩ බවම රැකගෙන මාරුවෙන් මාරුවට තුන් දෙනාගෙම ඔලු අතගෑවා.
නෙහාර සනසන්න,එයාට දුක අමතක කරවන්න එයා වෙනුවෙන් දරුවෝ තුන් දෙනාම උන්නත්..ප්‍රතාප්ට ඉතිරි උනේ සිගරට් එකයි විස්කි එකකුයි විතරයි.අම්මාගේ නිහඩ හීල්ලිම් තේරුම් ගන්න දරුවෝ තුන්දෙනාටම පුළුවන් උනත් අප්පච්චිගේ බර සුසුම් හඩ එක්කෙනෙකුටවත් ඇහුනේ නෑ.
________________________________________________
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඇත්තටම තනි උනේ,රිඳුණේ,අසරණ උනේ ප්‍රතාප් නෙවෙයිද