𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

33.8K 5.2K 744

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37

Chapter 12

796 135 7
By Jeon_Haeso

Taehyung p.o.v

මන් කෑම එකයි සූගේ කිරි එකයි අරගෙන රූම් එකට එද්දි ජංකුක් රූම් එකේ හිටියේ නෑ.බාතෲම් එකේ වතුර වැටෙන සද්දෙ ඇහුන නිසා කෑම පිගාන මෙසේ උඩින් තියලා මගේ දිහා හිනාවෙවී බලන් ඉන්න සූ ගාවට ආවා.

"මගේ චූටී මැණික නැගිට්ටද?"

"ම්-මමා වදා~"

මන් සූගේ චූටී බන්ඩියේ මූණ අතුල්ලන ගමන් හුරතල් කරද්දි කෙල්ල හිනාවෙන ගමන් අත්දෙක දික් කරේ මට වඩාගන්න කියන්න.

"කුක්කු එක බීලා දෝ ගමු හරිද?"

සූව හරහට වඩාගෙන ඔඩොක්කුවේ තියා ගන්න ගමන් කිරි එක පොවද්දි බාතෲම් එකේ දොර ඇරුනා.මන් දිහා බලන්නෙවත් නැතුව closet එකට යන ජංකුක්ව දැක්කම ඇත්තටම මට දුක හිතුනා.මන් මොනවා කරාටද මාත් එක්ක තරහා වෙලා ඉන්නේ.

"ජ්-ජංකුකී කෑම එක කවන්නද?"

"ඕනේ නෑ මන් කන්නම්"

ෆයිල්ස් වගයකුයි ලැප් එකයි අරන් මේසෙන් තියනවා දැක්ක නිසා මන් කවන්නද කියලා ඇහුවම මගේ මූණවත් නොබලා එයා මේසේ උඩ තිබ්බ කෑම එක කන්න ගත්ත නිසා මන් මුකුත් නොකියා නිදන් ඉන්න සූව ඇදෙන් තියලා වොශ් එකක් දාගන්න ගියා.

මන් වොශ් දාලා එද්දි එයා රූම් එකේ හිටියේ නෑ.රූම් එකෙන් එලියට ආපු මන් දැක්කේ එයා වැඩ කරන ඔෆිස් රූම් එකේ ලයිට් එක පත්තු වෙනවා.එයා මොකක්හරි වැඩක් වෙන්න ඇති කියලා හිතුන නිසා මන් ආපොහු රූම් එකට ඇවිත් ලයිට්ස් ඕෆ් කරලා සූ ගාවින් ඇල උනා.

"අහ්ම්..."

දැන් දැන් එයාට තුරුල් වෙලා නිදා ගන්න එක පුරුද්දට ගිහින් තිබ්බ නිසා කොච්චර නිදා ගන්න හැදුවත් නින්ද ගියේ නෑ.අඩ නින්දෙන් නැගිට්ට මන් වෙලාව බැලුවමයි දැක්කේ පාන්දර එකත් පහු වෙලා කියලා.එයා කවදාවත් මෙච්චර රෑ වෙනකන් වැඩ කරන්නේ නැති නිසා මන් ඇදෙන් නැගිටලා ඔෆිස් රූම් එකට ආවා.

මන් යද්දිත් එයා පුටුවට ඔලුව බර කරන් ඇස් පියන් හිටියේ.මන් ලගට ගිහින් එයාගේ අත් ගොබේකට ඇගිල්ලෙන් අනින ගමන් කතා කරා.

"හ්‍යුන්ග්..."

"ම්ම්..."

"දැන් පාන්දරත් වෙලානේ නිදාගන්න එන්නකෝ"

මන් එයාට කතා කරද්දි ඇගිලි දෙකකින් ඇස් දෙක පිහදගෙන හරියට පුටුවේ වාඩි උනා

"කෝ එන්න."

එයා එයාගේ කලවයකට තට්ටු කරන ගමන් මට එන්න කිවුවා.වෙන වෙලාවක වගේ නම් මන් ඇයි ඒ කියලා හරි අහනවා.ඒත් දැන් මට ඕන උනෙත් එයා ගාවටම වෙලා ඉන්න නිසා මාත් එයාගේ කලවයක් උඩින් වාඩි උනා.

"මොකෝ මූණ දෙක කරන් ඉන්නේ"

එයාගේ දකුණු අත මගේ ඉන අල්ලගෙන හිටියා වගේම එයාගේ වම් අත තිබ්බේ මගේ කලවයක් උඩ.එයා මගේ කලවයක් අතගාන ගමන් කතාකරද්දි මට චූටී ලැජ්ජාවක් දැනුනත් ඒක පෙන්නන්නෙ නැතුව එයත් එක්ක කතා කරා.

"ම්හු ඔයා ඉතින් කලින් මාත් එක්ක කතා කරේ නෑනේ"

"ඒ ඉතින් මන් කේන්තියෙන් හිටපු නිසානේ."

"ඉ-ඉතින් මන් මුකුත් කරේ නෑනේ"

මන් මගේ ඇගිලි එක්ක සෙල්ලම් කරන ගමන් හිමින් අහද්දි එයා ලාවට හිනාවෙලා මගේ නහයට තට්ටුවක් දැම්මා.

"ඒකම තමයි මට කේන්ති.ඔයා මුකුත් නොකර කෙනෙක් ඔයාට නිකරුනේ බනිද්දි ඔහොම කටවහගෙන ඉන්නවද ආ...ඔම්මා තව දවස් පහක් වගේ මෙහේ ඉදියි නැත්තන් ඊට වැඩි වෙන්නත් පුලුවන්.මට ඔම්මව එලවන්න බෑනේ ටේ.ඒමයි කියලා එයාට උනත් ඔයාට නිකරුනේ බනිනවා මට බලන් ඉන්න බෑ.මන් හැමවෙලේම ගෙදර නෑනේ ඒ නිසා ඔයා වෙනුවෙන් චුට්ටක් ඔය හුරතල් කට ඇරලා කතා කරන්න.තේරුනාද ම්ම්..."

ජංකුක් මගේ ඉන පිරිමදින ගමන් මගෙන් තේරුනාද කියලා අහද්දි මාත් ඉතින් ඔව් කියන්න ඔලුව වැනුවා.

"දැන් කේන්ති නෑනේ"

"ම්ම්...දැන් නෑනේ"

එයා මන් කියන විදිහටම ඇදලා කියද්දි මට හයියෙන් හිනාගියා.

"යමුද නිදාගන්න"

එයා අහද්දි මන් ඔලුව වනලා එයාගේ ඔඩොක්කුවෙන් නැගිට්ටා.අපි දෙන්නා රූම් එකට ආවට පස්සේ එයා ටීශර්ට් එක ගලවලා සූව එයාගේ ලගට අරගෙන මටත් ලගට එන්න කියලා කතා කරා.

"Good night hyung"

"Mm..good night"

මන් එයාගේ අත උඩින් ඔලුව තියා ගන්න ගමන් කියද්දි එයත් මට ආපිට ගුඩ් නයිට් කියලා සූගේ කම්මුලටයි මගේ නළලටයි හාදුවක් දුන්නා.මාත් හිනාවෙලා ඔලුව චුට්ටක් උස්සලා එයාගේ අතට හාදුවක් දුන්නම එයා ටිකක් වෙලා මන් දිහා බලන් ඉදලා ලාවට හිනාවෙලා අපි දෙන්නව තව ටිකක් තුරුල් කර ගන්න ගමන් ඇස් දෙක වහා ගත්තා.

_______________________________________

"හුම්ම්..."

පුරුදු විදිහටම මන් උදෙන්ම නැගිටිද්දි වෙනදටත් වඩා උණුසුමක් දැනුන නිසා මන් කම්මැලි කමෙන් ඇස් ඇරියා.ඇස් ඇරපු මන් දැක්කේ එක අතකින් මාව තුරුල් කරන් අනිත් අතින් මගේ පිට හිමින් පිරිමදින ජංකුක්ව.

"ගුඩ් මෝනින් ජංකුකී"

"ගුඩ් මෝනින්"

මන් ග්‍රීට් කරද්දි එයා ලාවට හිනාවෙලා එයාගේ නහය මගේ නහයේ වද්දන ගමන් එයත් ආපිට ග්‍රීට් කරා.ඊයේ ඉදන් එයා ටිකක් වෙනස් වෙලා කියලා තේරුනත් මට ඒක ගැන අහන්න ඕන උනේ නැත්තේ මාත් එයත් එක්ක මේම ඉන්න කැමති නිසා.

"හ්-හියුන්ග් සූ කෝ"

"ඔය ඉන්නේ"

"එයා කෝමද එතනට ගියේ."

"මන් තිබ්බේ"

"අනේ ඇයි ඒ"

"ම්ම්...මට ඉතින් princess ගේ මමාව තුරුල් කරගෙන නිදාගන්න ඕන උනා ඒකයි."

දැනුයි මට සූව මතක් උනේ.අපි දෙන්නගේ මැද හිටපු ළමයා දැන් හිටියේ මගේ එහා පැත්තේ.ජංකුක් සූව වැටෙන්නේ නැති වෙන්න කොට්ට වලින් කවර් කරලයි තිබ්බේ.මන් ඇයි කියලා අහද්දි එයා කියපු කතාවට මාව රතු වීගෙන එනවා වගේ තේරුන නිසා එයා ගාවින් මන් නැගිටින්න ගියත් ආපොහු එයා මාව ඇදලා අරන් තුරුල් කර ගත්තා.

"යන්න දෙන්නකෝ හ්‍යුන්ග් කෑම හදන්නත් ඕනේ."

"අද මන් නිවාඩු ඒ නිසා ඔයා තව ටිකක් නිදා ගන්න"

"ඒත් ඔම්මා ඉන්නවනේ එයාට කෑම හදන්න ඕන නේ"

"එයා දැන්ම නැගිටින්නේ නෑ ඒ නිසා පන්ඩිත නොවී නිදා ගන්නවා."

මට සැර කරපු එයා බ්ලැන්කට් එකෙන් අපි තුන්දෙනාවම වහන ගමන් මාව තව ටිකක් තදින් තුරුල් කරගෙන ඇස් දෙක වහා ගත්තා.තාම වෙලාව පාන්දර පහයි ගානක් වගේම රූම් එකේ කර්ටීන්ස් වහලා නිසා මුලු රූම් එක කලුවර වෙලා තිබ්බේ.ඊයේ නිදා ගනිද්දිත් පාන්දර උන නිසා මන් එයාගේ බෙල්ල පාමුල මූණ තියාගෙන ඇස් දෙක වහන් විනාඩි කිහිපයකින්ම නින්ද ගියා.
________________________________________

මගේ කම්මුල පුරා යන චූටී ඇගිලි නිසා මන් හිමින් ඇස් දෙක ඇරියා.මන් තවමත් ජංකුක්ගේ අත උඩ ඉද්දි සූ එක කකුලක් ජංකුක්ගේ ඇගට දාගෙන උඩුබෙලි අතට ඉදන් මගේ මූන පුරා කුරුටු ඇද ඇද ඉන්නවා.ජංකුක් නින්දෙන්ම අපි දෙන්නව තුරුල් කරන් හිටියා.අනේ ඉතින් මේ කෙල්ල අපි දෙන්නගේ මැද්දට රිංගලනේ.

"මගේ චූටි මැණික හොරා වගේ මමයි ඩැඩයි ගාවට ආවනේ..."

"ම්-මමා~"

මන් කෙල්ලගේ කම්මුලක් මිරිකන ගමන් හිනාවෙලා කියද්දි සූත් සද්දෙන් හිනාවෙන ගමන් මාව බදාගත්තා.අපි දෙන්නගේ හිනා හඩටද කොහිද ඩැඩත් නැගිට්ටා.

"ඔහ් මේ මොකද මමාව බදාගෙන ඉන්නේ."

"නිදන් නැගිටලා අපි දෙන්නගේ මැදට ඇවිත්."

"මේ කෙල්ල මට චුට්ටක් මමා එක්ක ඉන්න දෙන්නේ නෑනේ.

ජංකුක් කියපු දේට මට හිනායද්දි ඒක තේරුනා වගේ සූත් හයියෙන් හිනාවුනා.අපි දෙන්නා දිහා බලලා ලාවට හිනාවුන ජංකුක් පහත් වෙලා මගේ බෙල්ල පාමුල මුහුණ තියන් ඉන්න සූගේ කම්මුලටත් මගේ ගෙලටත් හාදුවක් දුන්නේ මාව ගැස්සිලා යද්දි.

"හ්-හියුන්ග්..."

"මට ඔයාට කියන්න දෙයක් තියනවා ටේ.ඒත් දැන්ම කියන්න බෑ ඔම්මා ගියාට පස්සේ හිතේ සැනසීමෙන් මන් ඒ දේ කියන්නම්.මන් හිතනවා මන් කියන්න යන දේ ඔයා හොදටම දන්නවා ඇති කියලා ඒ නිසා මන් ඒක වචනෙන් කියනකන් දැනට ඒක මේ විදිහට විදින්න ම්ම්..."

එයා අපි දෙන්නව තුරුල් කරන් මගේ නලලට හාදුවක් දීලා කියද්දි මාත් එයාගේ ශක්තිමත් නිරුවත් පපුවට හාදුවක් තිබ්බා.

"හියුන්ග් මන් ගිහින් සූගේ කිරි එකයි ඔයාගේ කොෆි එකයි අරන් එන්නම්."

වෙලාව අටත් පහු වෙලා තියෙද්දි සූ බඩගින්නේ නිසා මුහුණ කට හෝදන් මන් ඒ දෙන්නව දාලා කුස්සියට ආවා.තාමත් ජංකුක්ගේ ඔම්මාගේ රූම් එකේ දොර වහලා තිබ්බේ.ජංකුක් කිවුවත් වගේ එයා දවල් වෙනකන් නිදා ගන්නවද දන්නෙ නෑ.

"ද්-දැදා එපානේ~"

මන් කිරි එකයි කොෆි එකයි හදාගෙන උඩට යද්දි ඇහුනේ ඩැඩාගෙයි දුවගෙයි හිනා සද්දේ.ජංකුක් සූගේ බඩේ මූන තියන් එහෙමෙහෙ කරද්දි දැනෙන කිතියට කෙල්ල හයියෙන් හිනාවෙනවා.

"ඕක නවත්තන්න ජංකුකී එයාට හිනාවෙලාම අමාරු ඇති."

මන් ජංකුක්ගේ පිටට පාරක් ගහන ගමන් කියද්දි එයා මට කට ඇද කරලා අතේ තිබ්බ කොෆි එක ගත්තා.මෙයත් වෙලාවට පොඩි එකෙක් වගේ.මන් සූගේ කිරි එකත් පොවලා පහලට ආවේ කෑම හදන්න.මන් එද්දි ජංකුක්ගේ ඔම්මා නයිට් ඩ්‍රෙස් එක පිටින් සෝෆා එකේ වාඩි වෙලා හිටියා.

"ඇයි දැන්ම නැගිට්ටේ තව ටිකක් නිදා ගන්න තිබ්බනේ.හස්බන්ඩ් වැඩටත් ගියාට පස්සෙද නැගිටින්නේ."

"එයා අද ඔෆිස් ගියේ නෑ මැඩම්."

මන් කියද්දි මිසිස් ජියොන් මන් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකින්.

"ඒ ඇයි?"

"ඔහ් එයාට අද සූහායි මායි එක්ක ඉන්න ඕනේ කිවුවා ඒකයි."

එක පාරටම මන් කටට ආපූ දේ කියලා දාද්දි මිසිස් ජියොන්ගේ මූණ බලන් ඉද්දි මැලවිලා ගියා.

"මගේ පුතා වැදගත් නැති දේවල් නිසා වැඩ පාඩු කර ගන්න කෙනෙක් නෙවෙයිනේ"

"ඒක හරි මැඩම් ජංකුක් කෝමත් ඒම කරන්නේ නෑ.ඒත් ඉතින් මායි අපේ දුවයි කියන්නේ එයාට වැදගත් දෙන්නෙක්නේ"

"ගිහින් කෑම හදනවා මට යන්න ගමනක් තියනවා"

කේන්තියෙන් මට කෑ ගහපු ජංකුක්ගේ ඔම්මා එයාගේ රූම් එකට යද්දි කටකොනින් හිනාවුන මන් කුස්සියට ආවේ කෑම හදන්න.දෙයියනේ ඒ කියන්නේ මන් නපුරු වෙලද?






________________________________________

ඊයේ දෙන්න බැරි උන එකට සොරි 😕

හෙට එන්නාම්....

පරිස්සමින් ඉන්න ආතරෙයි හොදේ ❤️

Continue Reading

You'll Also Like

2.5M 147K 48
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
238K 26.9K 69
#Book-2 of Hidden Marriage Series. 🔥❤️ This book is the continuation/sequel of the first book "Hidden Marriage - Amazing Husband." If you guys have...
674K 35.7K 20
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
2.9M 58.1K 18
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...