නෙහාර අවදි වන විට ප්‍රතාප් ඇදෙහි උන්නේ නැත.තිර රෙදි මෑත් කර නොතිබුණත් උදෑසන හිරු එළිය නෙහාරගේ මුහුණට හොඳින් දැනුනි.බිත්ති ඔරලෝසුවෙහි වූ වෙලාව දෙස බැලූ නෙහාර ගැස්සි නැගිට්ටේය.
"දරුවන්ට කෑම..අයියෝහ්..."
"Good morning neshu...ම්ම්..ඔයාගේ කිරි එක.."
"අයියේ...අනේ...පරක්කුයිනේ..එයාලා ඉස්කෝලේ ග්..ගියේ..."
"කරදර වෙන්න එපා...මං සල්ලි දුන්නා..දවල්ට කන්න එක්කම.."
"ඒත් යුග්මට තරහා යනවා ඔයාට වගේම ගෙදර කෑම එක නැති උනාම.."
"එයාට ඊට වඩා තරහා යනවා එයාගේ අම්මා එයා ගැන ඕනිවට වඩා වද වෙනකොට..." ප්‍රතාප් කීවේ නෙහාරගේ හිස අතගාමිනි.
"පව් මගේ පැටව් තුන් දෙනා..."
"ම්ම්..දැන් හිතුවද ඔයාට මොනාද කරන්න ඕනි කියලා..?"
"නෑනේ...මං තව ටිකකින් හිතලා කියන්නද..?"
"හ්ම්..මං ඉක්මනින් ඔෆිස් එකට යනවා..මට කතා කරලා කියන්න කරන්න ඕනි මොනවද කියලා..ඒක ඒ වෙලාවෙම වෙයි..තේරුණාද..?උයන්න එහෙම කරදර වෙන්න එපා.."
"ම්ම්ම්..."
.
.
.
.
.
ප්‍රතාප් උන්නේ ෆයිල්ස් වගයක් re check කරමිනි.
"Excuse me sir..prime minister ඇවිත් සර්ව හම්බ වෙන්න.."
තම ලේකම් වරිය කියූ දෙය ඇසුනු ප්‍රතාප් ඇය දෙස බැලුවේ පුදුමයෙනි.
"එන්න කියන්න..."
කණ්ණාඩි කුට්ටම ගලවා පසෙකින් තැබූ ප්‍රතාප් ඇස් කොන් මහපටගිල්ලෙන් හා දබරගිල්ලෙන් පොඩි කරමින් කියුවේය.
" හායි මිස්ටර් ප්‍රතාප්..."
"හෙලෝ මිස්ටර් මනමේන්ද්‍ර..."
" ගෙදරට ගිහින් ඔයාගේ ලස්සන චූටි වයිෆිව බලලා කතා කරන්නත් හිතලා ආයේ මොකටද අහින්සකයින්ව බය කරන්නේ කියලා හිතලයි ඔෆිස් එකට ආවේ..."
නෙහාරව මතක් කරදි ප්‍රතාප්ගේ අතෙහි තිබූ පෑන් ඇඟිලි අතර මිරිකී යන දෙස නෙත් කොනින් බලමින් අගමැතිතුමා කීවේය.ඇතුළු වන විට ප්‍රතාප්ගේ මුහුණේ තිබුණු නිවුණු සාමකාමි බව වෙනුවට දැන් තිබුණේ ප්‍රතිවාදියා වෙත කඩා පනින්න සැරසෙන කොටියෙකුගේ පෙනුමකි.
"කලබල වෙන්න එපා මිස්ටර් ප්‍රතාප්...ප්‍රතාප් දන්නවා ඇතිනේ මට විරුද්ධව මොන කේස් තිබුණත් රේප් කේස් , හොර ගෑණු කේස් , කාමලෝලී කේස් නෑ කියලා..මං මගේ වයිෆ් නිතිකාට ආදරෙයි ප්‍රතාප් නෙහාරට ආදරෙයි වගේම..."
"ඔබතුමා ආවේ...?"
" මෙතන දේශපාලනය තහනම් තැනක් උනත් ඔබතුමාගේ ඔෆිස් එක ඇතුලට මට එන්න අවසර දුන්නේ මිස්ටර් ප්‍රතාපුත් කාරණාව දන්න නිසානේ..නැත්නම් අපරාධ මර්ධන පරිගණක අංශේ ප්‍රධානියාගේ ඔෆිස් රූම් එක තහනම් කලාපයක්නේ අගමැතිටත්.."
"ප්‍රශ්නේ මම දන්නවා..ඒත් දරුවන්ගේ ප්‍රශ්න වලට අපි අත නොදා ඉමු නේද අගමැතිතුමා.."
"ප්‍රතාප් ඉන්නෙත් ඒ මතේද..?"
" ඔව්...මගේ දරුවෝ මිනීමරා ගන්න තරම් දරුණු උන් නෙවෙයි..ඒ නිසා මේ ප්‍රශ්නෙදි මං කලබල වෙන්න ඕනි නෑ..ඒ රණ්ඩුවෙන් පස්සේ අද දෙවෙනි දවස..ඒත් දෙපැත්තෙන්ම කලබලයක්..ආපහු රණ්ඩුවක් නෑනේ.."
"මට දැන ගන්න ඕනි උනේ ඒක..මම ඉන්නෙත් ඒ මතේ..මං කලබල උනේ මේ දෙපාර්ශවය අතර රණ්ඩු ඇති උනොත් මගේ වගේම ප්‍රතාප්ගේ ඉවසීමේ සීමාවත් පනී කියලා..ප්‍රතාප්ගේ ඉවසීමේ සීමාව පැන්නොත් ඒක මගෙයි මගේ ලොකු පුතාගෙයි දේශපාලනයට හොඳක් වෙන්නේ නෑ කියලා දන්නවා..ඒ නිසා මං පුළුවන් තරම් මගේ දරුවා ප්‍රශ්න ඇති කර ගන්න එක පාලනය කරන්නම්..ප්‍රතාප්ගෙ පැත්තෙමුත් එහෙම වෙයි කියලා හිතනවා..මොකද මගේ ඉවසීමේ සීමාව පැන්නොත් ඒක ප්‍රතාප්ට හොඳක් වෙන එකකුත් නෑනේ..."
"එකඟයි..."
ඉල්ලීම සමඟ ගෙන ආ තර්ජනයත් ඒකමතිකව පිළිගත් ප්‍රතාප් ඉදගෙන උන් අසුනින් නැඟිට අත දිඟුකලේ අගමැතිතුමා දැන් මෙතන රැඳුණු කාලය ඇති කියන්නට මෙනි.
ප්‍රතාප්ට අතට අත දුන් අගමැතිවරයා යන්න යද්දි ප්‍රතාප් කට කොනට ආඩම්බරකාරි සිනහවක් නැඟුවේය.
ඒ මුවෙහි අහංකාර සිනහව වෙනුවට ආදරයෙන් පිරුණු සිනහවක් මතු වූවේ නාද වෙන දුරකථනයෙහි සටහන් වූ නම දැකය.
"නේශූ..."
"ගෙදර එන්න...මට ඕනි දේ මං හොයා ගත්තා.."
"මොකක්ද..?"
"ඔයාට තුරුළු වෙලා ඉන්න..චුට්ටක් මාව ඒ කාලේ උන්න අර වැඩකාර කොල්ලාව හුරතල් කරා වගේ හුරතල් කරන්න පුළුවන් ද..?"
"ම්ම්..මං එන්නම්.."
ඇමතුම විසන්ධී වී ගිය අතර ඒ වන විටත් ප්‍රතාප් උන්නේ තම කාර්යාලයෙන් පිටතට යමිනි.
.
.
.
.
ප්‍රතාප්ට ගේ ඇතුලට අඩියක් තියන්න ලැබුණේ නෑ දුවගෙන ඇවිත් නෙහාර ඔහුගේ ගෙළෙහි එල්ලුනා.නෙහාරව එක් අතින් වාරු කරගත් ප්‍රතාප් ඔහුගේ දෙතොල මත මෘදු හාදුවක් තැබුවේය.
"I miss you..."
"Miss you too baby..."
නෙහාර හිස ඔසවා බලමින් හීන් හඩින් මුමුණද්දි ප්‍රතාප්ද ඔහුගේ නාසය මත හාදුවක් තබමින් මිමිණුවේය.
.
.
.
.
පැයකට අධික සංසර්ගයකට පසුව නෙහාර උන්නේ ප්‍රතාප්ගේ පපුව මත වැතිරීය. ප්‍රතාප් නෙහාරගේ හිස් මුදුන සිප ගත්තේ නෙහාර නිහඩවම ඒ පපුව මත ඇඟිලි වලින් රටා මවද්දීය.ප්‍රතාප්ගේ එක් අතක් නෙහාරගේ කොන්ද පිරිමදින විට අනෙක් අත අතුල් පහරවල් නිසා රතු වී පාරවල් හිට තිබූ තට්ටම් විටෙක අතගාමින්ද තවත් විටෙක මිරිකමින්ද උන්නේය.
"ම්ම්හ්හ්..."
"මහන්සීද..?"
"නෑහ්..."
නෙහාර දෑස් ඔසවා ප්‍රතාප් දෙස බලා නැවත සිහින් සිනහවක් පෑවේය.
උඩුකය කෙලින් කර ගත් ප්‍රතාප් සෝෆා එකට හේත්තු වෙද්දි නෙහාර ප්‍රතාප්ගේ කකුල් දෙක අතරින් රිංගා ප්‍රතාප්ගේ ඉදිරිපසට තම පිටුපස හිටින සේ වාඩි වූවේය.නෙහාරගේ හිස පිටුපස ප්‍රතාප්ගේ පපුවට හේත්තු වී තිබුණි.දෙදෙනාගේම දෑස් තිබුණේ තනකොළ වැව් garden එකෙහිය.එහි බොහෝ තිබුණේ ප්‍රින්සස් හා නෙහාර එකතු වී පැල කල මල්ය.ඕනෑම ජාතියක මලක් මේ garden එකෙන් සොයා ගන්න පුළුවන් යැයි ප්‍රතාප් නිතර කියන්නේය.අම්මලා දුවලා මල් වවයි...පර්ස් එකට කෙලවෙන්නේ ප්‍රතාප්ගේය.ඒවට පොහොර,මල්පෝච්චි...මල් පැල...ඒත් ඒ වියදම් වල කිසිදු පාඩුවක් නැත.ප්‍රින්සස් හා නෙහාර එකතු වී මෙය පුංචි මල් වත්තක් සාදා ඇත.
"ඔයාට පේනවද අර රතුයි සුදුයි රෝස මල...?"
"ම්ම්ම්..."
"ඔය පැලේ තමා ප්‍රින්සස්ගේ අත් වලින් මුලින්ම හදපු පැලේ...ඔයාට මතකද..?එතකොට එයා තුන වසරේ.."
" ම්ම්..මතකයි ඉස්කෝලෙන් පැලයක් හිටවන්න කිව්වාම ඔය වගේ හැඩ රෝසමල් හැදෙන රෝස ගහක්ම ඕනි කිව්වානේ.."
"ඔව්...ඔයා තමා එයාව spoil කරන්නේ නිතරම...ඔය ජාතියේ චූටි රෝස පැලයක් හොයන්න ඔයා එමටම නුවරඑළි ගියා.."
"එයා අපිට ඉන්න එකම කෙල්ලනේ..මගේ කෙල්ල..." ප්‍රතාප් කීවේ ආදරේ උතුරන දෑස් වලිනි.
"එයාට දැන් ඔය පැලේ ගාණක්වත් නෑ..ඒත් මං හැම තිස්සෙම ඔය පැලේ තමා මුලින්ම ඇහැ ගැටෙන්න තියන්නේ..ඕකේ හැමදාම රෝස මලක් පිපෙනවා..පොහොර නිසා..මට ඒක පරිස්සම් කරන්න ඕනි..මං මැරෙනකල්ම...ඒ රෝස මලයි..මගේ ප්‍රින්සස්ගේ මූණයි එකවගේ කියලාමයි මට හිතෙන්නේ.."
"ඊයේ ප්‍රින්සස් කියපු කතාවට ඔයා තරහා ගත්තේ නෑ නේද..?"
"දුක හිතුනා..ඒත් ඒක සාමාන්‍යයිනේ..අපි දෙන්නා කොහොමත් රණ්ඩු වෙනවනේ.." නෙහාර කීවේ අහින්සක ලෙස සිනාසෙමිනි.
"එදා ඔයාට එයා බනිනවා මං අහගෙන නේශූ..මං සද්ද නැතිව උන්නේ එයාගේ පැත්තෙන් එයා සාධාරණ නිසා..එයා දැන් හැදෙන වයසේ ගෑණු ළමයෙක්..එයාගේ අම්මා උණත් පිරිමියෙක් නිසා ලැජ්ජා ඇති..පිරිමි හතරක් එක්ක ඒ වයසේ ගෑණු ළමයෙක්ට ජීවත් වෙන්න අමාරු ඇති නේශූ..ඒත් මං එයාට අවවාද කලා..තේරුම් කලා.."
"මං දන්නවා...මට තේරුම් ගන්න පුළුවන්..ඒත් මම අම්මානේ අයියේ..මට මහා අසරණකමක් දැනෙනවා..අම්මෙක් විදිහට මට පුතාලාට ලං වෙන්න ලේසි උනාට..එයාට ලංවෙන්න අමාරු වෙද්දි.. මතකද එයා ලොකු ළමයෙක් උනාමත් දවසක්ම හංගන් ඉදලා මන්දනා අක්කාටයි කිව්වේ...."
"හ්ම්...එදා ඔයා දුකටයි සතුටටයි දෙකටම ඇඩුවා..."
"එයාට පෑඩ් පැකට් එක පවා ඕනි කියලා දැනටත් කියන්නේ අක්කාටනේ..ඒත් අයියේ දැන් මං එයාගේ දින අල්ල ගත්ත නිසා එයා මන්දනාට කියන්න කලින් මම ම ඒ පැකට් එකක් එයාගේ කාමරෙන් තියනවා..මං හොඳ අම්මා කෙනෙක් නේද..?දුවගේ පැත්තෙන් මං සෑහෙන අසාර්ථකයි වගේ අයියේ..."
"ඔයා අසාර්ථක නෑ..එයා ඔයාව තේරුම් ගන්නේ නෑ..මේ වයස එහෙමයි..ගොඩක් ගෑණු ළමයි අම්මලා එක්ක රණ්ඩු වෙන වයස..ඒක ඔය දෙන්නා අතර වැඩී..මොකද ඔයත් පිරිමියෙක් කියන uncomfortable හැඟීම එයාට එනවා..ඔයාටත් එයා එක්ක විවෘත වෙන්න බෑ හිතෙනවා...ඒත් එයා ඔයාට ආදරෙයි නේශූ..මං ඒක දන්නවා.."
"එහෙමද..?ආදරේ ඇති නේද..?" හිස හරවා ප්‍රතාප් දෙස බැලූ නෙහාර ඇසුවේ දිලිසෙන දෑස් වලිනි.
"උඹට කාටද බං ආදරේ නොහිතෙන්නේ...?"
"ඔයා මට ආදරෙයිද..?"
"මේ හැමදේම මෙහෙම තියෙන්නේ ආදරේ නිසා නෙවෙයිද නේශූ.."
"ආදරෙයි කියන්න අනේ පණ්ඩිත කතා නොකියා.."
නෙහාරගේ කුස වටා එතී තිබුණු ප්‍රතාප්ගේ අතට පහරක් ගැසූ නෙහාර කීවේ කට ඇද කරමිනි.
"අපි දැන් middle age නේ වස්තුව..ඔයාට මොකද හිතෙන්නේ මාත් එක්ක ආපු දුර..ඔයා දැන් මේ ඉන්න තැන ගැන එහෙම...?ඔයා satisfied ද..?"
"වයසයි හිතෙනවා අප්පා..ඒත් මගේ දෙයියෝ...මට තාම හීනයක් වගේ...මට ප්‍රකෝටිපති මහත්‍තයෙක් ඉන්නවා..අවුරුදු 17ක මට වඩා උස කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා..රෝස මලක් වගේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා...මැටි පැලේ ඉරුණු පැඳුරක නිදාගත්තු නෙහාරට මේක අවදිවෙයි කියලා බය හීනයක් වගේ..මගෙන් satisfied ද අහන්න එපා අයියේ..ඔයා ලැබෙන්න කලින් මං දන්නේ නෑ මෙහෙම සැප පහසු ලෝකයක් තියෙනවද කියලවත්..හීනෙන්වත් දකින්න දැනන් හිටියේ නෑ මගේ දෙයියෝ මට..ඔයාව බැන්දාට පස්සේ ජීවත් වෙන්න හීන දැකපු විදිහටම මම අද ජීවත් වෙනවා..ඔයා ඉදලා හිටලා යක්ෂාවේෂ උනාට එක හාදුවකින්ම ඔයාට පුළුවන් මාව සනසන්න..ඔයාගේ ආදරේ කොච්චරද කියලා දැනෙන්න දෙන්න.. අපි දැන් middle age නේද..?මට ලෝභයි අනේ..ටික ටික අපි වයසට යනවා කියලා දැනෙද්දි.."
නෙහාර කීවේ ප්‍රතාප්ගේ අත් දෙකම අතර තම ඇඟිලි යවා තද කර අල්ලා ගනිමිනි.විටින් විට ඔහු ප්‍රතාප්ගේ අල්ල සිප ගත්තා මෙන්ම ප්‍රතාප්ද සැරින් සැරේ ඒ හිස් මුදුන මත හාදු තැබුවේය.
"අයියේ..මැරෙන්න එපා හොඳේද මාව දාලා..ඔයාට මැරෙන්න තහනම් හරිද..?ඔයාට තේරෙන්නේ නෑනේ ඔයා එකමොහොතක් ලඟ නැති උනාම දැනෙන පාළුව මට.."
එක්වරම යමක් මතක් වූවාසේ ප්‍රතාප් දෙසට හැරී බැලූ නෙහාර ඔහුව තදින් බදා ගත්තේය.
හවස එකහමාරට කිට්ටු වෙද්දී පුරුදු විදිහටම චුරු චුරුව පටන් ගනිද්දි යුගාන් හිටියේ ගාථා ඉවර වෙලා පනින්නේ කීයටද බලාගෙන.
"මේ වැස්ස නම් සාපයක් බං..."
"ඇයි බං මුන් අපි එළියට බහින වෙලාවටම වස්සවන්නේ.."
"අපි කරන වැඩ වලට ඔලුවට හෙන පත නොබා වතුර ටිකක් විතරක් බිමට හෙලන එක ගැන සතුටු වියන්.."
යුගාන් කිව්වේ පිටිපස්සෙම පෝලිමේ ඉදන් බෑග් එකත් අරගෙන ඉස්සරහා පෝලිමකට යන ගමන් ඇයි ඉතින් ගාථා ඉවර උන ගමන් දුවන්න ලේසියිනේ.
යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි
තං සුගතං සරණත්ථමුපේමි
මුල් ටික තාලෙට කියාගෙන ආවත් අන්තිම ගාථා පේළිය නම් කිව්වේ ගිරියකඩාගෙන කෑ ගහගෙන වගේම හයි ස්පීඩ් බස් එකක් වගේ.
යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසූ පුරිස යුගේසූ
අට්ඨ ච පුග්ගල ධම්ම දසාසේ
Run...
අන්තිම පද පේළිය යන්න කලින් යුගාන් එළියට පැන්නත් පන්තියෙන් එළියේ ඉන්න රුව දැක්ක ගමන් කොල්ලා නැවතුනා.
"කොහෙද දුවන්නේ..?"
"මන්ධීර්.."
"තමුසෙට කොහේ දුවන්නද කඩි කුලප්පුව ආහ්..ගාථා කියන්නෙත් නැතිව.."
"ඔයා තෙමෙනවනේ මන්ධීර්..ඒකයි.."
"මං උඹට කියලා තියෙනවා යුගාන්..විකාර කරන්න එපා.."
අනිත් අයට යන්න ඉඩ දීලා යුගාන්ව පැත්තකට කර ගත් මන්ධීර් යුගාන් දිහා බැලුවේ රවාගෙන.
"මුල ඉදන් කියනවා..."
"මොකක්ද..?"
"ගාථා..."
"අනේ පරක්කු වෙනවනේ මන්ධීර්..."
මන්ධීර්ගේ රැවිල්ලත් එක්ක යුගාන් වැදගෙන ආයේ හිමින් හිමින් ගාථා මුමුණද්දි මන්ධීර් එයා එක්ක ආව අනිත් ප්‍රිෆෙක්ට් බෝයි එක්ක හිනා වෙවි කතාවක.ඒ ලස්සන සුදු කොල්ලාගේ කම්බුලකුත් මිරිකුවා මන්ධීර්...යුගාන්ට තරහයි..එයාට ඉරිසියයි.මන්ධීර් කවදාවත් එයා එක්ක එහෙම හිනා වෙලා කතා කරන්නේ නෑ..
ගාථා කියලා ඉවර උන යුගාන් මන්ධීර්ට යන්නම් කියා හෝ නොකියා යන්න යද්දි මන්ධීර් දැක්කා කොල්ලාගේ රෝස පාට උන මූණ.
"පිස්සු.."
ඔලුව දෙපැත්තට වනලා මනසෙන් ඒ දුකටද කේන්තියටද ඉරිසියාවටද කියලා නොදන්න රෝස පාට උන මූණ අමතක කරපු මන්ධීර් කොරිඩෝව දිගේම ගිහින් නොතෙමි පන්තියට ආවට කාර් එකට යනකල් අනිවා කොල්ලාට තෙමෙන්න වෙනවා...
_________________________________________________
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
හායී...🙃