𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

45.2K 6.1K 848

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40

Chapter 08

1K 144 3
By Jeon_Haeso

උදේ 10ට විතර ගෙදරින් පිටත් උන තුන්දෙනා විනාඩි විස්සකින් පස්සේ ප්‍රසිද්ධ restaurant එකක් ගාවින් කාර් එක නැවත්තුවා.

"ඔයා සූ එක්ක ඇතුලට යන්න මන් කාර් එක පාර්ක් කරලා එන්නම්."

ජංකුක් කියපු දේට ඔලුව වනපු ටේ සූවත් වඩාගෙන කාර් එකෙන් එලියට බැස්සා.ඇස් බෝල කරන් කුතුහලයෙන් වටපිට බලන් සූගේ බෝල කම්මුලකට හාදුවක් දුන්න ටේ සූත් එක්ක restaurant එක ඇතුලට එද්දිම එයාලා දෙන්නගේ ඉස්සරහට වේටර් කෙනෙක් ආවා.

"Mr.Jeon Taehyung?"

"ම්-මම තමයි කියන්න"

වේටර් තමන්ව Jeon Taehyung කියලා හදුන්වපු නිසා ටිකක් කලබල උන ටේ අමාරුවෙන් වචන ගලපන් කතා කරා.

"Mr.Jeon ටේබල් එකක් බුක් කරලා තියෙන්නේ.මේ පැත්තෙන් එන්න."

වේටර් කියද්දි පුදුමෙන් ඔලුව වනපු ටේ එයාගේ පස්සෙන් ගියා.ජංකුක් බුක් කරලා තිබ්බේ ටිකක් කොනකට වෙන්න තිබ්බ ටේබල් එකක් නිසා එයාලව වැඩිය කාටවත්ම පෙනුනේ නෑ.

"Thank you"

ටේහ්‍යුන්ග් හිනාවෙලා ස්තූති කරද්දි ආපිට ටේට ආචාර කරලා හිනාවුන සේවකයා මෙනු කාඩ් එක තියලා එතනින් ගියා.

"මමා~"

"කියන්න බෙබී"

"බ්-බදගිනියි"

"දැන්නම් මමාටත් බඩගිනියි අනේ.බලන්නකෝ මමාවයි එයාගේ princessවයි ඩැඩා තනියම දාලා ගියානේ"

"දැදා න්-නෝතියි~"

"ඔව් ඩැඩා නෝටියි තමයි"

සූ බබා මූනත් ඇඹුල් කරන් එයාගේ ඩැඩාට බනිද්දි ඊට නොදෙවෙනි විදිහට සූගේ මමාත් මූන ඇඹුල් කරන් ජංකුක්ට බැන බැන හිටියා.එයාලට අඩි හතරක් විතර දුරින් ඉදන් ජංකුක් මේ දිහා බලන් හිටියේ ආදරණීය හිනාවක් මුහුණේ රදවගෙන.

"මමායි බේබීයි සමාවෙන්න මන් පරක්කු උනාට"

ජංකුක් ටේගේ ඉස්සරහින් වාඩි වෙන ගමන් කියද්දි සූ වගේම ටේත් හිනා උනා.

"කෑම order කරාද?"

"නෑ ඔයා එනකන් හිටියේ"

ජංකුක් වේටර් කෙනෙක්ට කතා කරලා එයාටයි ටේටයි චීස් පැස්ටා ඕඩර් කරා.ජංකුක් වේටර්ට කියලා සූටත් කෑම එකක් ඕඩර් කරා.

"මේ ඒක නෙවෙයි මන් සූ එක්ක ඇතුලට එද්දි ඒ වේටර් මට කතා කරේ Mr.Jeon Taehyung කියලනේ"

ටේහ්‍යුන්ග් මූණත් දෙක කරන් කියද්දි මෙච්චර වෙලා ෆෝන් එක ඔබමින් හිටිය ජංකුක් ටේ දිහා බලලා ලාවට හිනා වුනා.

"ඒක එච්චර හිතන්න එපා යුන්ගිට කියලයි මන් මේක බුක් කර ගත්තේ ඌ වෙන්න ඇති කියන්න ඇත්තේ."

කෑම ආවට පස්සේ තුන්දෙනා එක්කම කාලා restaurant එකෙන් එලියට ආවා.තුන් දෙනා එක්ක ඊලගට ආවේ පාර්ක් එකකට.

"දැදා ත්-තෙල්ලම්~"

"කෝ එන්න යමු"

ජංකුක් සූව ටේගෙන් අරන් බිමින් හිටවලා අත් දෙකත් අල්ලන් සූත් එක්ක හිමින් හිමින් ඇවිදිමින් ගියේ සූත් අප්පා එක්ක හයියෙන් හිනාවෙවී ඉස්සරහට ගියා.මේ දිහා බලන් හිටපු ටේ ෆෝන් එක අරන් අප්පගෙයි දුවගෙයි ෆොටෝස් ගන්නත් අමතක කරේ නෑ.

_______________________________________

"මහන්සියිද?"

ටේහ්‍යුන්ග් ඇහුවේ තමන් වාඩි වෙලා ඉන්න බෙන්ච් එකේ එහා කොනින් වාඩි උන ජංකුක්ගෙන්.

"princess එක්ක ඔට්ටු අල්ලන්න ලේසී නෑ."

අවුරුදු පහක් හයක් උන ළමයි එක්ක mat එක උඩ වාඩි වෙලා ඒ ලමයි ගෙනාපු සෙල්ලම්
බඩු එක්ක සෙල්ලම් කරන සූ දිහා බලන් ජංකුක් කිවුවා.

"ඔලුව ටිකක් අතගාන්නකෝ"

"කෝ එන්න"

ජංකුක් කියද්දි හිනාවුන උන ටේහ්‍යුන්ග් එයාගේ උකුලට තට්ටුවක් දාද්දි ජංකුක් එයාගේ හිස ටේගේ උකුලෙන් තියා ගත්තා.

"ඔයාට ගෙදර ඉන්න එක කම්මැලිද ටේ"

"සූ ඉන්න නිසා කම්මැලි නෑ කෝමත් ගෙදර වැඩ ටික කරලා ඉවර වෙද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ."

"ඔයා ගෙදර වැඩ කරන්න ඕනේ නෑ කියලා මන් කිවුවනේ.මන් හෙට වැඩට කෙනෙක් බලන්නම්."

"මන් කැමති නෑ"

ටේ ජංකුක්ගේ ඔලුව අතගාන එක නවත්තලා රවන් කියද්දි ලාවට හිනාවුන ජංකුක් ආපොහු ටේගේ අත අරන් එයාගේ ඔලුවෙන් තියා ගත්තා.

"ඔයාගෙම හොදටනේ මන් ඉතින් එහෙම කිවුවේ.ඔයා සූගේ වැඩ විතරක් කරන්න.කෑම
හදන එක ගෙවල් අස් කරන එක වැඩට එන කෙනා බලා ගනියි."

"හරි ඒනම් ඔයත් වැඩ ඇරිලා ගෙදර එද්දි සූට විතරක් දේවල් ගේන්න මට ගේන්න එපා."

"ඒ ඇයි."

ජංකුක් ව්‍යාකූලව අහද්දි ටේහ්‍යුන්ග් අහක බලා ගත්තා.

"ඔයා මට ගේන ඒවා වැඩට එන කෙනාට දෙන්න.කොහොමත් මන් කරන්නේ සූගේ වැඩ විතරනේ."

"හරි හරි ඉතින් ඔයාට කේන්ති ගන්න දෙයක් කිවුවේ නෑනේ.ඇයි ඔයා ඒකට කැමති නැත්තේ"

"එහෙම කෙනෙක් ඕනේ නැති නිසා.ඔයා ඔෆිස් ගිහින් අපි වෙනුවෙන් මහන්සි වෙනවා මන් මගේ මැණිකවයි ගෙදරයි බලාගෙන ඉන්නවා.අනික ඔයාට කෑම හදලා දෙන එක එච්චර දෙයක් නෙවෙයි ජංකුක්"

ටේහ්‍යුන්ග් නවත්තන්නේ නැතුව එක දිගට කියවගෙන යන දිහා ජංකුක් ආසාවෙන් බලන් හිටියා.

"ඕකේ ඕකේ හස්බන්ඩ් උන මන් ඔයා දෙන්නා වෙනුවෙන් හම්බකරන්නම්.වයිෆ් උන ඔයා අපේ පැටියවයි මාවයි බලාගෙන පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න හරිද?"

ජංකුක් තොල් දෙක තද කරන් හිනාව පාලනය කරන් කියද්දි රතු උන ටේහ්‍යුන්ග් ජංකුක්ගේ පපුවට පාරක් ගැහුවා.

"මම වයිෆ් නෙවෙයි හරිද අනික මන් බලා ගන්නේ සූව විතරයි"

"එහෙම කොහොමද ඔයා සූගේ මමා මන් සූගේ ඩැඩා.මන් ඔය දෙන්නටම එකම විදිහට සලකනවා වගේ ඔයා මාවත් සූ වගේම බලාගන්න."

"ම්හුක් ආස ඇති"

ටේ ඔරවලා අහක බලා ගෙන ඔලුව අත ගාද්දි ජංකුක් හිනාවෙවී ඇස් දෙක වහා ගත්තේ දැනෙන සනීපෙට.

"ජංකුක් නැගිටින්න"

සනීපෙට නින්ද ගිය ජංකුක් නැගිට්‍ටේ ටේගේ කටහඩට.

"යමු නේද සූත් නිදිමතේ ඇත්තේ"

මෙට් එකට වෙලා ඈනුම් අරිමින් සෙල්ලම් කරන සූ දිහා බලන් ටේහ්‍යුන්ග් කියද්දි ඔලුව වනපු ජංකුක් බෙන්ච් එකෙන් නැගිටලා සූවත් වඩාගෙන එයාලා ඉන්න තැනට ආවා.

"එන්න මැණික මමා ගාවට"

"ම්-මමා~"

ටේහ්‍යුන්ග් අත් දෙක දික් කරද්දි හයියෙන් හිනාවුන සූ බාබා ටේගේ බෙල්ලේ මූණ ඇතිල්ලුවේ නිදිමත නිසා.

"දෝ ම්-මතයි~"

"දහඩිය නානකන් දගලලා දැන් නිදිමතේ"

ජංකුක් සූගේ කොන්ඩේ අතින් අවුල් කරන ගමන් හිනාවෙවී කිවුවේ ටේත් හිනාවෙලා සූට හාදුවක් දෙද්දි.

"නම්සන් යනවද ටේ?"

"වෙන දවසක යමු නේ පව් මෙයාට නිදිමතේ"

ටේ කියද්දි හා කියන්න ඔලුව වනපු ජංකුක් කාර් එක ගාවට යද්දි ටේත් සූව වඩාගෙන පස්සෙන් ආවා.







________________________________________

අප්ඩේට් දෙන්න පරක්කු උනාට කමා කරන්න.🥲

අනිත් කොටසත් ඉක්මනින් අරන් එන්නම්.

Continue Reading

You'll Also Like

362K 9.4K 48
[DISCONTINUED] "Peace is a fragile thing, Miss Evans. One disruption and chaos shall ensue." in which the Capitol's sweetheart loses everything and m...
17K 413 13
Blake is a 14 year old boy with amnesia that arrives at Berk and befirends Hiccup, he starts a new life on Berk but things get interesting when he an...
66.9K 1.7K 19
"I'm sorry," I whispered and looked at the red head who was smirking. "Could you repeat that I didn't hear you?" He had a evil little smile going on...
1.7M 93.2K 46
|𝐑𝐨𝐬𝐞𝐬 𝐚𝐧𝐝 𝐂𝐢𝐠𝐚𝐫𝐞𝐭𝐭𝐞𝐬 - 𝐈| She was someone who likes to be in her shell and He was someone who likes to break all the shells. "Jun...