Comment goal 100
"මගෙ පුතා සුරංගනාවියො එක්කද ඉතින් මේ හිනාවෙන්නෙ"
"පාට පාට සුරංගනාවියො ගොඩක් මගෙ පුතු පැටියව බලන්න ඇවිල්ලද?"
පුංචි බෝල ඇස් ලොකු කරගනිමින් පුංචි ඇගිලි නවාගනිමින් දත් නැති පුංචි කට අමුතුම හැඩේකට හදාගෙන හිනාවෙන ස්නෝබෝල්ගෙ තොටිල්ලට එබුන ජන්කුක් ස්නෝබෝල්ගෙ පුංචි බෝල කම්මුල සෙනෙහසින් අතගෑවා.
අප්පව දකිද්දිම පුංචි පැටියගෙ හුරතල් මුහුනෙහි ඇදුන හිනාව තව තව වැඩි වුනා. හුරතල් හඩකින් මොන මොනවදෝ හරි හරියට ජන්කුක් ට කියමින් පුංචි ස්නෝබෝල් ජන්කුක්ගෙ ඇගිල්ලකින් අල්ලගත්තා.
"අප්පාට පුලුවන්නම් මේ ස්ට්‍රෝබෙරි පුතු පැටියව හවු හවු ගාලා ගිලින්න."
වරින් වර පිටුපස හැරිලා බලමින් පුංචි පැටියා එක්ක කතාකරන ජන්කුක් ට දවසෙ වෙලාවත් අමතක වෙලා.කලුවරේම ඇදෙන් බැහැලා ගිහිල්ලා ස්නෝබෝල්ව හුරතල් කරන ජන්කුක් දිහා ටේහියුන්ග් ඇදට වෙලා බලන් හිටියා. ඒත් ජන්කුක් පිටුපස හැරිලා බලද්දි ටේහියුන්ග් ඉක්මනින්ම ඇස් වහගත්තා.
"ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්. මගෙ පුතාගෙ ඔම්මා බෙයා දොයිය බබා කියලනෙ ඉන්නෙ. ඔම්මා බෙයාට ගොඩක් මහන්සි ඇතිනෙ මගෙ පුතෙ. එහෙමයි කියලා මගෙ පුතු පැටියට අප්පට කියන්න තියෙන කතා අප්පා අහන් නැතුව ඉන්නත් බෑනෙ."
පරිස්සමට ස්නෝබෝල්ව තොටිල්ලෙන් උස්සලා වඩාගත්ත ජන්කුක් හොර අඩි තියමින් කාමරයෙන් එලියට ගියේ ඇස් පියන් හිටිය ටේහියුන්ග් ආයෙමත් ඇස් අරිද්දි.
" අර බලන්න මගෙ මැනික. මගෙ පුතාට පේනවද හද"
"ඒ හදේ ඉන්නවනෙ ලස්සන පුංචි හා පැංචෙක්. ඒ හා පැංචා තමා ඔම්මටයි අප්පටයි මේ පුංචි හාවව ගෙනත් දුන්නෙ."
පුංචි ස්නෝබෝල්ව පරිස්සමට පපුවට තුරුලු කරන් ඉන්න ජන්කුක් හද දිහාවට ඇගිල්ල දික් කර කර පැටියට හද පෙන්නනවා.ජන්කුක්ගෙ අතේ එක ඇගිල්ලක් අල්ලන් ඉන්න පුංචි ස්නෝබෝල් පායපු හද දිහා කුතුහලය පිරුනු බෝල ඇස් වලින් බලන් හිටියා.
"දන්නවද මගෙ පැටියො ඔයා එනකන් අප්පා ගොඩ දවසක් බලන් හිටියා. දවසක මගෙ පුංචි ස්නෝබෝල් අප්පා වගේම ගොඩක් කඩවසම් තරුන මහත්තයෙක් වෙයි. "
ආඩම්බර හිනාවක් මවන් ස්නෝබෝල් දිහා බැලුව ජන්කුක් ස්නෝබෝල්ගෙ පුංචි කම්මුල් ඉවරයක් නැතුව ඉබින්න ගත්තා.
"අන්න එදාට මගෙ පුතාට කියන්න අප්පට ගොඩක් ලස්සන කතාවක් තියනවා."
"තව චුට්ටක් මගෙ ස්නෝබෝල් ලොකු වුනාම ස්නෝබෝල් එන්න කලින් ඔම්මා බෙයා බෝලයක් වගේ හිටිය ෆොටෝ ඇල්බම් එක අප්පා මගෙ මැනිකට පෙන්නන්නම්කො."
"එතකොට අපි දෙන්නට පුලු......"
"ජන්කුක්."
ස්නෝබෝල්ව හුරතල් කරමින් ඉන්න ජන්කුක් පිටුපසින් ඇහුන සුපුරුදු කටහඩට ජන්කුක් ගැස්සිලා ගියා. හොර වැඩක් කරලා අහුවුන හොර පූසා වගෙ ටේහියුන්ග් දිහා හැරිලා බැලුව ජන්කුක් මවාගත්ත හිනාවකින් ටේහියුන්ග් දිහා බලන් හිනාවුනේ අත් දෙකත් පපුවට බැදන් ලී ජනේලයට හේත්තු වෙලා ටේහියුන්ග් ඔහු දිහා බලන් ඉද්දි.
"දරුවට සීතල අල්ලයි ජන්කුක්."
ජන්කුක්ගෙ අතින් ස්නෝබෝල්ව වඩාගනිමින් ටේහියුන්ග් කියද්දි රොබෝ කෙනෙක් වගේ ජන්කුක් ඔලුව වැනුවා.
" ජන්කුක් මොකද ඔතනට වෙලා තනියම හිටගෙන කරන්නෙ .ඇතුලට එන්න පින්නට අහුවෙලා ලෙඩ වුනාට පස්සෙ ස්නෝබෝල්ට කිට්ටු වෙන්න දුන් නැහැ කියලා පස්සෙ කෙදිරි ගාන්න එපා."
ස්නෝබෝල්වත් වඩාගෙන ආයෙමත් කාමරයට යන්න හැරුන ටේහියුන්ග් තොල් අග රහස් හිනාවක් රදවන් ජන්කුක් ට පිටුපාලා හිටගෙන එහෙම කිවුවෙ ඒ කතාව ඇහුන ජන්කුක් ගෙ මුහුන ගොරකා කෑල්ලක් වගේ වෙලා යද්දි.
ටේහියුන්ග්ටත් කලින් කාමරය ඇතුලට දිවුව ජන්කුක් පුංචි දරුවෙක් වගේ ඇද උඩින් ඉදගෙන හිටියා. දරුවව වඩාගෙන ආව ටේහියුන්ග් පරිස්සමට දරුවව ජන්කුක්ගෙ අත් උඩින් තිබ්බා.
"පස්සෙ පුලුවන් මට හොරෙන් අප්පටයි පුතාටයි රහස් කතාකරන්න. දැන් ගොඩක් රෑ වෙලා.නිදියගන්න."
දරුවව මැදින් තියාගත්ත ජන්කුක් එහෙන්ම කොට්ටෙට බර වෙද්දි දැනටමත් ටේහියුන්ග් ඇස් පියාගෙන. පුංචි පැටියගෙ බඩට පුංචි පුංචි තට්ටු දදා ඇස් පියන් ඉන්න ටේහියුන්ග් දිහා ඇහිපිල්ලමක්වත් නොගහා ජන්කුක් බලන් හිටියා. මොහොතක් ඇස් පියන් දරුවව නලව නලව හිටිය ටේහියුන්ග් ජන්කුක් ඇස් පියාගෙනද බලන්න ආයෙමත් ඇස් ඇරියා . ජන්කුක් ඇස් පියන් නින්දට වැටිලා. තොල් අග පුංචි හිනාවක් ඇදෙද්දි ටේහියුන්ග් ආයෙමත් ඇස් පියාගත්තා.
ටේහියුන්ග් ඇස් පියාගත්තට පස්සෙ වම් ඇහේ කොනෙන් හොරෙන් ටේහියුන්ග් දිහා බැලුව ජන්කුක් මේ වතාවෙ ආයෙමත් හොරෙන් ඇස් ඇරියා ඒත් ජන්කුක් ආයෙමත් ඇස් අරින ඒ විනාඩියෙම ටේහියුන්ග්නුත් ඇස් ඇරියෙ ඇස් ගෙඩි දෙක ලොකු වෙච්ච ජන්කුක් ටේහියුන්ග් දිහා බලන් අහිංසක විදියට හිනාවෙද්දි.
"ජියොන් ජන්කුක්."
ටේහියුන්ග්ට කියන්න ලැබුනෙ එච්චරයි. ටේහියුන්ගෙ තොල් මතින් ඇගිල්ල තිබ්බ ජන්කුක් අනෙක් අතින් ඔහුගෙ කණ අල්ලගෙන මට සමාවෙන්න කියන මුහුන හදන් ටේහියුන්ග් දිහා බලන් හිනාවුනා.
පහුගිය දවස් ටිකේම ජන්කුක් හරියට නිදාගත්තෙම නැහැ. හරියට නෙවෙයි කොහොමත්ම නිදාගත්තෙ නැහැ. එක්කො රෑ මැද ඇහැරගෙන පැටියා හුරතල් කර කර ඉන්නවා. නැත්තම් හෙට ටේහියුන්ග්ට කන්න හදන්නෙ මොනවද ප්ලෑන් කර කර ඇස් ඇරන් මුලු රෑම ටේහියුන්ග් දිහා බලන් ඉන්නවා මෙහෙම නිදාගන් නැතුව මේ මනුස්සයා වෙන ලෙඩක් හදාගෙන තමා නවතින්නෙ. ඒකයි අද ටේහියුන්ග් ජන්කුක්ට ටිකක් සැර කලේ.
____________________________________
"මගෙ මල් කුමාරි. "
"කවුද? කවුද? මගෙ කොලු පැටියව මල් කුමාරියක් කලේ."
ස්නෝබෝල්ගෙ බෝල අත් වලට අමුණපු මල් වැලුයි ඔලුවට මල් ඔටුන්නකුයි දාලා හැඩ බලන ජන්කුක් එහෙට මෙහෙට පැන පැන ස්නෝබෝල්ගෙ ෆොටෝ ගහනවා.අප්පාටම හරියන කොල්ලා පුංචි කමටද දත් නැති කට ඇරගෙන ජන්කුක් දිහා බලන් හිනාවෙන්නෙ.
"ඒස්‍රා. ඒස්‍රා මේ බලන්නකො මම කිවුවනෙ ස්නෝබෝල් කලු පාටට තමා වැඩියෙන්ම ආස කියලා."
ටේහියුන්ග් ස්නෝබෝල්ට අන්දලා තියන පුංචි රෝස ගවුම් පොඩිත්ත අතින් අදිමින් ජන්කුක් ඇදන් ඉන්න කලු ජැකට් එක චූටි ඇගිලි වලට ගුලි කරලා අල්ලන් ඉන්න ස්නෝබෝල්ව පෙන්නමින් ජන්කුක් කෑගහද්දි ටේහියුන්ග් මුකුත් නොකියම ඒ දිහා බලන් හිටියා . ටේහියුන්ග් දැන් පුරුදු වෙලා.
ටේහියුන්ග්ට හාර්ට් ඇටැක් හදවන තරමට කලබලයෙන් කෑගහන ජන්කුක් හැමදවසකම අවසානයෙ එහෙම කෑගහලා තියෙන්නෙ ස්නෝබෝල්ගෙයි අප්පගෙයි ගැලපීම ඔම්මා බෙයා ට පෙන්නන්න.
"චූටි බබාලට කලු පාට අන්දන්න හොද නැහැ ජන්කුක් ."
" එහෙනම් මගෙ ස්නෝබෝල් තව ටිකක් ලොකු වෙනකන් අප්පට බලන් ඉන්න පුලුවන් . ඊටපස්සෙ අප්පට පුලුවන් ස්නෝබෝල් එක්කම එක වගෙ ඇදුම් අදින්න. මේ මේ තියෙන්නෙ මේ බලන්න."
ස්නෝබෝල්ට ෆෝන් එක පෙන්නමින් කියවන ජන්කුක් දිහා බලන් ටේහියුන්ග් හිස දෙපැත්තට වැනුවා.
"ජන්කුක්."
"ම්ම්ම් මැනික?"
"ස්නෝබෝල් විතරද ජන්කුක් එක්ක ගැලපෙන ඇදුම් අදින්නෙ?"
ජන්කුක්ගෙ ඇස් දිහා හරි කෙලින් බලන් ටේහියුන්ග් අහද්දි ටේහියුන්ගෙ හදිසි ප්‍රශ්නය ජන්කුක්ගෙ කන් රතු පැහැයට හැරෙවුවා. ගෙවුන දවස් කිහිපයේම ටේහියුන්ග් මේ වගේ ප්‍රශ්න ජන්කුක්ගෙන් අහනවා.
ජන්කුක් බලාපොරොත්තු නොවුන වෙලාවටම ටේහියුන්ග් ඒ වගේ ප්‍රශ්න අහන නිසා ඒ හැම වෙලාවෙම ජන්කුක්ගෙ කන් රතු පාටට හැරවුනා.
" ඔම්මා බෙයාලා අදින්න ඕන රෝස පාට. ඔම්මා බෙයාලට කලු පාට කැතයි."
ටේහියුන්ග්ට තරහ යන බව දැන දැනම ඇගිල්ලක් උඩට දික් කරන් සීරියස් බැල්මක් හදන් ජන්කුක් කිවුවේ මොහොතක් ජන්කුක් දිහා හැගීමකින් තොර මුහුනින් බලන් හිටිය ටේහියුන්ග් ඔහු ඉදගෙන හිටිය තැනින් නැගිටලා ඇවිල්ලා ජන්කුක් ලග ඉන්න ස්නෝබෝල්ව වඩාගෙන එතනින් යන්න යද්දි.
"ආහ් ආහ් කොහෙද මේ යන්නෙ."
"ටේහියුන්ග්."
"මගෙ මැනික."
"නපුරු කුමාරි"
"ටෙන්ඩරෙල්ලා"
ටේහියුන්ග් පස්සෙන් හිනාවෙමින් ඇවිදන් යන ජන්කුක් ටේහියුන්ගෙ මුහුනට එබෙමින් එක එක නම් වලින් කතාකලත් ටේහියුන්ග් නැහැ ජන්කුක් දිහාවත් බැලුවේ.
"ඒස්‍රා ඇනබෙල්."
ජන්කුක් ඔහු ලග තියන අන්තිම තුරුප්පුව පාවිච්චි කලා. ජන්කුක් හිතුවා වගේම ටේහියුන්ග් ඔහුගෙ ගමන නතර කරලා මගින් නතර වුනා. ආදරය පිරුනු ඇස් වලින් හිනාවුන ජන්කුක් ටේහියුන්ගෙ උරහිස මතින් නිකට තියන් ටේහියුන්ගෙ ඉණ වටේ අත් දෙක ඔතාගත්තා.
"ඇයි මේ මගෙ ඇනබෙල් බෝනික්කිට තරහ ගිහිල්ලා."
"ආදරේටද? ම්ම්ම්ම්."
"කාටද?"
"ස්නෝබෝල්ට?"
ටේහියුන්ගෙ කන ලගටම පහත් වෙලා රහස් හඩකින් ජන්කුක් අහද්දි ටේහියුන්ග් හෙමින් ඔලුව වැනුවා. පුංචි හාදුවක උනුසුම් හුස්ම ටේහියුන්ගෙ කන පෙත්ත මතින් දැනෙද්දි ඔහු තදින් ඇස් පියාගත්තා.
"එතකොට එයාට?"
"කාටද?"
"ස්නෝබෝල්ගෙ අප්පට? එයාටත් ආදරෙයිද?"
ගෙවුන දවස් ජන්කුක්ගෙත් ටේහියුන්ගෙත් ජීවිතයෙ තවත් අලුත් වෙනසක් ඇති කරලා තිබුනා. ටේහියුන්ග් ජන්කුක් අතර තිබුන හිඩැස ස්නෝබෝල් ඉපදුනාට පස්සෙ ටිකෙන් ටික පිරෙන්න පටන් ගෙන. ටේහියුන්ග් ව බැක් හග් කරන්න, ටේහියුන්ගෙ කම්මුල් මත හාදු තියන්න දැන් ජන්කුක් දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ.
ටේහියුන්ගෙත් ජන්කුක්ගෙත් ආදරය දිනෙන් දින දලු ලමින් වැඩෙනවා. ඒ ආදරයෙදි ටේහියුන්ග් ජන්කුක්ව රතු කරන්නත් ජන්කුක් ටේහියුන්ග්ව රතු කරන්නත් ගොඩක් දක්ශ වුනා.ආයෙමත් ඒ කාලයෙ වගේමයි. දෙන්නට දෙන්නා සෙකන්ඩ් වෙන්න පොඩ්ඩක්වත් කැමති නැහැ.
____________________________________
ස්නෝබෝල්ට කිරිපොවන ටේහියුන්ග් කාමරය පුරා ඇවිදිමින් අදෘශ්‍යමාන මීයෙක් හොයන ජන්කුක් දිහා බලන් හිටියා.මීයෙක් කාමරයට දුවන් ආවා කියලා මුලු කාමරය පුරාම ඇවිදිමින් ජන්කුක් මීයො හොයනවා.
මෝඩ කමට බෙහෙත් නැහැ කිවුවට ජන්කුක්ගෙ කපටි කමටත් බෙහෙත් නැහැ.
"මීයො අල්ලන්න ඕනෙ නැහැ ජන්කුක්. ජන්කුක් ට පුලුවන් ඇවිත් මං ලගින් ඉදගන්න."
"ආහ් හහ් හහ් හා ඕනෙ නැහැ ටේහියුන්ග් .ඔයා ස්නෝබෝල්ට කිරි පොවන්නකො. මම මම මීයා අල්ලන්නම්."
බොරු හිනාවකින් හිනාවෙමින් උගුර හද හද ජන්කුක් කියද්දි ටේහියුන්ග් බිම බලන් හිනාවුනා.ජන්කුක් තවම ඉවරයක් නැතුව මීයා හොයනවා. ටේහියුන්ග් දන්නවා ජන්කුක් ඔහු ලගින් ඇවිත් ඉදගෙන ස්නෝබෝල් කිරි බොනවා බලන්න ආසයි කියලා.
"අන්න අන්න දිවුවා. "
"කෝ කෝ කොහෙටද දිවුවෙ?"
"දොරෙන් එලියට දිවුවා."
"කාමරයෙන් එලියට?"
"හ්ම් ඔවු. යන්න ඉතින් මීයා අල්ලගන්න ජන්කුක් "
"ආහ් ආහ් මේ එක මීයෙක් නෙවෙයි මීයො පහක්ම දුවන් ආවනෙ. තව හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනත් අල්ලන් මම
යන්නම්."
ඔලුව කස කස ජන්කුක් කියද්දි ජන්කුක් කියන කතාව පිලිගත්තා වගේ ටේහියුන්ග් බොරුවට ඔලුව වැනුවා.
ජන්කුක් අදෘශ්‍යමාන මීයො පස් දෙනා හොයන අතරෙම ටේහියුන්ග් ටයි පැටියටයි දෙන්නටම නින්ද ගිහිල්ලා.හීනි අඩි තියමින් ටේහියුන්ග් ලගට ඇවිදන් ආව ජන්කුක් පහලට නැවෙමින් ටේහියුන්ගෙ නලල මත හාදුවක් තිබ්බා. ටේහියුන්ගෙ එහෙ මෙහෙ වෙලා තියන ශර්ට් එක හරියට හදපු ජන්කුක් ස්නෝබෝල්ව පරිස්සමට වඩාගෙන තොටිල්ලාවෙන් තිබ්බා.
එක අතකට ඔලුව නවන් ඉන්න නිසා ටේහියුන්ග්ට පහසු වෙන ඉරියවුවෙන් ඔහුව හාන්සි කරපු ජන්කුක් සුදු බ්ලැන්කට් එකෙන් ටේහියුන්ග් ව ආවරනය කලා. ඇදෙ කෙලවරින් වාඩි වෙලා ටේහියුන්ග් කෙහෙරැලි අතරින් ඇගිලි යවමින් ජන්කුක් ටේහියුන්ගෙ හිස අතගාන්න ගත්තා.කාලය ගෙවෙද්දි ඇද විට්ටමට හේත්තු වෙලා ඉන්න ජන්කුක්ගෙත් ඇස් පියවුනේ තවමත් ජන්කුක්ගෙ අත ටේහියුන්ගෙ හිස මත තියෙද්දි.
ඔම්ම බෙයාටයි අප්පා බෙයාටයි නම් හොදටම නින්ද ගිහිල්ලා. ඒත් පුංචි කුමාරය නම් දැන්ම නිදියන පාටක් නැහැ.පුංචි බෝල් ඇස් ඔවුන් දිහා බලන් හිනාවෙනවා.
පාට පාට සුරංගනාවියො ස්නෝබොල්ගෙ රෝස කම්මුල් සිපගනිමින් ස්නෝබෝල් වටේට පියබනවා. ස්වභහදහම් මාතාවන්ගෙ සුරංගනාවියන්.
පයින් කැලෑවේ සුන්දර ජීවමාන ආත්මය.
_____________________________________
අදහස් දොඩන් යන්න.
තව ටිකායි. චැප්ටර් 4 ක් වගේ🌟🌸
ඒ නිසා අදහස් පොජ්ජ මන්දො කරලා යන්න.