Stolen Love

By U_MiShi

149K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 87

1.4K 304 336
By U_MiShi

Ps: චැප්ටර් එකේ සදහන් වෙලා තියන හැම කරුනක්ම සමහරවිට ඒ විදියටම හරි නැතුව ඇති. මොකද මට ඒ ගැන experience එකක් නැති නිසා මම දන්නෙ නැහැ. මම ඒත් මගෙ උපරිමයෙන් උත්සහ කලා.

Comment goal 100
____________________________________

රෝස මල ආසම ඇඹුල් අඹ කඩන් එන්න ජන්කුක් කැලෑවට ගියත් මොහොතක් ගත වෙද්දි කොතනක හරි වැරැද්දක් තියන හැගීමක් ඔහුට දැනුනා. කඩාගත්ත අඹ ගෙඩි ටික විතරක් වට්ටියට දාගත්ත ජන්කුක් නිවස බලා වේගයෙන් දුවන් ආවේ කිසිම හේතුවක් නැතුව.

එහෙම දුවන් ආව ජන්කුක්ගෙ ඇස් ඉස්සරහා ටේහියුන්ග් අර විදියට හිටන් ඉද්දි ජන්කුක්ගෙ මුලු ලෝකයම එක තැන නතර වෙලා ගියා.

"මගෙ මැනිකෙ."

අතේ තියන අඹ වට්ටිය බිමට අතෑරිය ජන්කුක් ඔහු දිහා බලන් ඉකිගහන ටේහියුන්ග් ලගට දුවන් ගියේ ජන්කුක්ගෙ ඇස් වලත් ඉබේටම කදුලු පිරෙද්දි.ටේහියුන්ග් ලගට දුවන් ආව ගමන් ජන්කුක් ටේහියුන්ග් ව හරහට උස්සලා වඩාගත්තා. කලබලයෙන් පඩිපෙල බහින්න ගත්ත ජන්කුක් ටේහියුන්ග්වත් අරන් ඉක්මනින්ම කාර් එකට දුවන් ගියත් ජන්කුක්ගෙ ශර්ට් එක ගුලි කරලා අල්ලගත්ත ටේහියුන්ග් වේදනාවෙන් කෑගැහුවා.

"එපා. එපා. ඔහොම නතර වෙන්න. ජන්කුක් මාව උඩට එක්ක යන්න."

නමුත් ටේහියුන්ග් කියන දෙයකට ඇහුම්කන් දෙන්නවත් ජන්කුක් මේ වෙලාවෙ සූදානම් නැහැ.

"ජ.න්.කුක්. මාව උඩට අරන් යන්න."

වේදනාවෙන් මිරිකෙමින් ටේහියුන්ග් තවත් වතාවක් උත්සහ කලා.

මේ වතාවෙත් ජන්කුක් ටේහියුන්ග් කියන දේකට ඇහුම් කන් දෙන්න සූදානම් නැහැ. ටේහියුන්ග්ව වඩාගෙනම කාර් එකේ යතුර කලබලෙන් හොයන ජන්කුක්ගෙ කම්මුල මතින් අත තිබ්බ ටේහියුන්ග් ජන්කුක්ගෙ මුහුන ඔහු වෙතට හරවගත්තා.

වේදනාවත් එක්ක සටන් කරන ටේහියුන්ග් ගෙ ඇස් සමග කදුලු පිරුනු ජන්කුක් ගෙ ඇස් එකිනෙකට ගැටෙද්දි ජන්කුක්ගෙ නලල මතින් ටේහියුන්ග් ඔහුගෙ නලල තියාගත්තා.

"මට ජීවත් වෙන්න ඕනෙ ජන්කුක්."

ටේහියුන්ගෙ මේ වචන ටික මේ තරම් වෙලාවක් කලබලයෙන් හිටිය ජන්කුක්ගෙ අවදානය ඔහු වෙතට ගත්තා.

"ඔවු මගෙ මැනික ජීවත් වෙන්න ඕනෙ. මගෙ මැනික අනිවාර්යයෙන්ම ජීවත් වෙනවා."


"අපේ පැටියත් ජීවත් වෙන්න ඕනෙ ජන්කුක්"

" අපේ පැටියත් ජීවත් වෙනවා මැනික. මගෙ පැටවු දෙන්නම ජීවත් වෙනවා.මගෙ තුරුලෙ මගෙ පැටවු දෙන්නා සතුටෙන් ජීවත් වෙනවා."

වේගයෙන් හිස වනමින් ජන්කුක් කියද්දි ජන්කුක්ගෙ ඇස් දිහා බලන් හිටිය ටේහියුන්ග් ජන්කුක්ගෙ හිස මත හාදුවක් තිබ්බා.

" ස්නෝබෝල් එක්කයි මගෙ කූ එක්කයි මට ජීවත් වෙන්න ඕනෙ."

"ඔවු මැනික අපේ පැටියා ජීවත් වෙනවා. ඇයි ඔහොම කතා කියන්නෙ. අනේ මගෙ හුස්ම උඹනෙ මගෙ කොල්ලො. මුරන්ඩු වෙන්න එපා මගෙ රත්තරනෙ."

"මට බයයි කූ .මට ගොඩක් බයයි."

"කූ ඉන්නවා .බය වෙන්න එපා මැනික. මම ඉන්නකන් ඔයාට මුකුත්ම වෙන්නෙ නැහැ."

"ඒත් ජින් හියුන්ග් කිවුවා පැටියයි මායි අතරින් එක්කෙනෙක් ජන්කුක් ට තෝරගන්න වෙයි කියලා."

" නැහැ .කොහෙත්ම නැහැ. මගෙ මැනිකෙ මම උඹට එහෙම වෙන්න දෙන්නෙ නැහැ. හියුන්ග් කිවුවා මගෙ මැනිකට දැන් ගොඩක් හොදයි කියලා. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාගෙ කූව විශ්වාසයි නේද?"

"විශ්වාසයි.මට විශ්වාසයි.ඒත් ඔයාව විතරමයි ජන්කුක්. ඔයාව හැර එයාලා කිසිකෙනෙක්ව මම විශ්වාස කරන්නෙ නැහැ."

"කූ දැක්කා නේද මගෙ සුරංගනාවි මාව දාලා යන්න ගියා. ඉතින් මම කොහොමද එයාලව විශ්වාස කරන්නෙ. මට බැහැ ජන්කුක්.මගෙ පැටියව මම විශ්වාස කරන් නැති මිනිස්සු ටිකක් ලගට අරගෙන යන්න මට බැහැ."

"ඔයාට විතරයි පුලුවන් කූ."

"ඔයාට විතරමයි පුලුවන්."

"ඔයාට විතරමයි පුලුවන් අපේ පැටියව පරිස්සමට මේ ලෝකෙට ගේන්න. ඔයාව හැර වෙන කාවවත්ම මම විශ්වාස කරන්නෙ නැහැ."

"මාව තනි කරන්න එපා කූ. නොදන්න මිනිස්සු ටිකක් ලග මගෙ අන්තිම හුස්ම හෙලන්න මට ඕනෙ නැහැ."

"නවතිනවනම් මගෙ හුස්ම ඔයා ලගම විතරක් මම  මගෙ හුස්ම අතාරින්නම්. අනේ මාව උඩට අරන් යන්න "

"මොනවද මේ කියන්නෙ මගෙ මැනිකෙ.මැනිකගෙ හුස්ම මගෙ හුස්ම ගැහෙනකන් පරිස්සම් කරගන්න මම පොරොන්දු දීලා ඉවරයි.ඉතින් කොහොම නතර වෙන්නද මගෙ මැනිකගෙ හුස්ම. කූ ඉන්නවා .තත්පරයකටවත් මගෙ මැනිකව තනි කරන්නෙ නැහැ."

"කූට පුලුවන්.මගෙ කූ මට පොරොන්දු දුන්නා .මාව ආරක්ෂා කරගන්න කූ පොරොන්දු  දුන්නා. ඉතින් මටවත් මගෙ පැටියටවත් මගෙ කූ ලගදි මුකුත්ම වෙන්නෙ නැහැ නේද? . ඔයා තරම් කාවවත්ම විශ්වාස නැහැ කූ. කාවවත්ම විශ්වාස නැහැ. ඔයා කියනවනම් විශ්වාස කරන්නම්. මගෙ හුස්ම නතර වෙන එකක් නැහැ. අපේ පැටියා පරිස්සමෙන් මේ ලෝකයට එයි."

"ඔවු මැනික."

"කූ දැන් මාව මෙතනින් අරන් ගියොත් හොස්පිට්ල්  එකක් හොයන්න අපිට ගොඩක් දුර යන්න වෙනවා. ඒ වෙනකන් මට අල්ලන් ඉන්න බැහැ කූ. මට රිදෙනවා. ඔයා දන්නවා මම ගොඩක් දුර්වලයි කියලා."

"නැහැ. මගෙ මැනික දුර්වල නැහැ. මගෙ මැනික ගොඩක් ශක්තිමත් ."

"ඔයාව විතරමයි විශ්වාස කරන්නෙ කූ. එයාලා කාටවත්ම බැරි වෙයි මගෙ පැටියව බේරගන්න. ඒත් ඔයාට පුලුවන්. මගෙ අතින් අල්ලගත්තෙ කවදාවත් මගෙ අත අතාරින්නෙ නැහැ කියලා නේද? ඉතින් අතාරින්න එපා. මාව තදින් අල්ලගන්න. "

"අපේ ස්නෝබෝල්ව කූගෙ අත් වලින් මේ ලෝකයට අරන් එන්න."

____________________________________

ටේහියුන්ග්ව හරහට වඩාගෙන ආව ජන්කුක්  සකස් කරපු ලා උනුසුම්  bath tub එකේ පරිස්සමට ටේහියුන්ග්ව දිගා කෙරෙවුවා.ලා උනුසුම් වතුර හා  ටේහ්යුන්ග්ගේ  ශරීරය කන්ටැක්ට් වෙද්දිම ජන්කුක්ගෙ  අතින් අල්ලන් ඉන්න ටේහියුන්ගෙ ග්‍රහණය තව තව වැඩි වුනා.බය පිරුනු ඇස් වලින් ජන්කුක් දිහා බලන් ඉන්න ටේහියුන්ග්ව දකිද්දි ජන්කුක්ගෙ හදවත හරහා වේදනාත්මක රිදීමක් ඇදිලා ගියා.

"කූ ඉන්නවා මැනික."

බාත්  ටබ් එක ලග දණ ගැහුව ජන්කුක් , ටේහියුන්ගෙ වේදනාව පිරි දෑස් දිහා බලන් මිමිනුවෙ ටේහියුන්ගෙ දිගු සිහින් අතැගිලි ඔහුගෙ ශක්තිමත් දෑගිලි සමග පටලවගනිමින්.

"මගෙ මැනික  තනි වෙලා නැහැ.ඔයාගෙ කූ ඔයා ලගින්ම ඉන්නවා. තත්පරයකටවත් බය වෙන්න එපා මගෙ මැනික.කූ පොරොන්දු වුනා මගෙ මැනිකට."

බාත් ටබ් එකෙ මුදුනිනුයි ටේහියුන්ගෙ කොන්දට පහසු වෙන්න කොට්ටයකුයි තිබ්බ ජන්කුක් පරිස්සමට ටේහියුන්ග්ව ඒ වෙතට හේත්තු කලා. එක අතකින් ටේහියුන්ගෙ පිට ආදරනීයව අතගාන්න ගත්ත ජන්කුක් අනෙක් අතින් ටේහියුන්ගෙ ඇස් අගින් ගලන් යන කදුලු පිස දැන්මා.

"මගේ මැනික , මගෙ මැනිකගෙ  හුස්මට හොදින් අවධානය දෙන්න. හැම හුස්මක් පාසාම මගෙ මැනික ශක්තිමත් වෙනවා.හැම හුස්මක් පාසාම අපි ටිකෙන් ටික පැටියට ලං වෙනවා. කොයිම වෙලාවකවත් අතාරින්න එපා. පැටියව විතරක්ම මතක තියාගන්න මගෙ මැනික."

මෙඩික් බොක්ස් එකෙන් ගත්ත blood pressure cuff එක ජන්කුක් ටේහියුන්ගෙ අත වටේ ඔතද්දි ටේහියුන්ග් ටිකක් කලබල වෙන්න ගත්තා.

"ජන්කුක් අපේ පැටියා හොදින්ද?"

සීමාවට වඩා ටේහියුන්ගෙ blood pressure එක පහලට බැහැලා තිබ්බත් ටේහියුන්ග් දිහා බලලා හිනාවුන ජන්කුක් ටේහියුන්ගෙ ඔලුව අතගෑවා.

"හැමදේම ගොඩක් හොදින් මගෙ මැනික. මගෙ මැනික තව හොදට හුස්ම ගන්නකො. එතකොට තවත් හොදයි . මගෙ ශක්තිමත් ඒස්‍රා "

තත්පරයෙන් තත්පරය ටේහියුන්ගෙ හුස්ම ගැනීමෙ වේගය වැඩි වෙනවා. සිරුර ඉරී යන්නාක් මෙන් වේදනාවක් ශරීරය පුරා උඩුදුවද්දි ජන්කුක්ගෙ අත තදින් මිරිකලා අල්ලන් ඉන්න ටේහියුන්ග් තොල් විවර කරමින් මුවින් පවා හුස්ම ඉහලට පහලට පිට කරමින් හුස්ම ගන්න ගත්තා.

"මගෙ මැනිකට මතකයි නේද? අපි පුරුදු වුනා. ඒ වගේ හොද හුස්මක් ඉහලට  අරගෙන පැටියට එන්න දෙන්න."

"බය වෙන්න එපා. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ලොකු හුස්මක් අරගෙන පැටියට තල්ලුවක් දෙන්න. ඔයාට පුලුවන් මගෙ ටේහියුන්ග් ."

ජන්කුක් ඇමරිකා වලදි delivery දෙකකට සහභාගි වෙලා තිබුනත් එදා ඔහුට මේ හැමදෙයක්ම පෙනුනෙ හරිම සාමාන්‍ය සිදුවීම් වගේ. ඒත් අද ජන්කුක්ගෙ ඒස්‍රා වේදනාවෙන් මිරිකෙමින් කදුලු සලද්දි ඒ හැම ඔම්මා කෙනෙක්ගෙම වේදනාව ජන්කුක්ට දැනෙන්න ගත්තා. ටේහියුන්ග් කියන්නෙ ජන්කුක්ගෙ ජීවිතයෙ ආලෝකය.ජන්කුක් ජීවිතේ නොවිදපු ගොඩක් හැගීම් ටේහියුන්ග් නිසා ඔහුට විදින්න හැකි වුනා.

ජිමින්ගෙ  අනතුර නිසා ජන්කුක් ඔහුගෙ ඩිග්‍රි  එක අතරමග නතර කරලා දාලා ආයෙමත් කොරියාවට ආවත් දරුවෙක්ව deliver කරන්න ඩොක්ටර් කෙනෙක්ට අවශය සාමාන්‍ය දැනීම  ජන්කුක් ලග තිබුනා. ඒ නිසාම තමා ජන්කුක් ටේහියුන්ගෙ ඉල්ලීමට එකග වුනේ.ටේහියුන්ගෙත් දරුවගෙත් ජීවිතයෙ සම්පූර්ණ වගකීම ජන්කුක් ඔහුගෙ අත් මතට ගත්තා.

තත්පර විනාඩි වෙමින්  කාලය ගෙවීගෙන ගියා. තෙත මාත්තු කරපු රෙද්දකින් ටේහියුන්ගෙ නලලට එකතුවෙන දහඩිය පිහිදාන ජන්කුක් ටේහියුන්ගෙ කර වටා අතක් යවමින් ඔහුව තමන් වෙත බර කරගත්තා. ආදරනීය වචන මුමුනමින් දිගින් දිගටම ඔහු ටේහියුන්ග්ව ශක්තිමත් කලා. වේගයෙන් හුස්ම ගන්න ටේහියුන්ගෙ හුස්මෙ තාලයටම ඔහුගෙ පපුව උස් පහල වෙනවා.හැම හුස්මක් පාසාම ජන්කුක් ටේහියුන්ග් ගෙ හිස මත හාදු තවරනවා.

සුරංගනාවි මේ ලෝකයට ඉපදෙන දවසෙ පුංචි ටේහියුන්ග් මේ වේදනාව තනිවම දරාගත්තෙ කොහොමද කියන සිතුවිල්ල ජන්කුක්ගෙ මනසට එද්දි ඇස් පිහාටු තෙමෙමින් ජන්කුක්ගෙ ඇස් වලින් පහලට කදුලු කැට කඩන් වැටුනා.

ලා උනුසුම් වතුර ටේහියුන්ගෙ කොන්දට පරිස්සමට වත්කරපු ජන්කුක් පුලුවන් තරම් උත්සහ කලේ ටේහියුන්ගෙ වේදනාව අඩු කරන්න. ජන්කුක්ගෙ අත වටා අත යවමින් ජන්කුක්ව තද කරලා අල්ලන් ඉන්න ටේහියුන්ග් වේදනාබර කෙදිරිලි පිට කරද්දි ටේහියුන්ග්ව වඩාගෙන තුරුලට ගන්න ජන්කුක් ට කොයිතරම් ඕනෙ කලාද.

සුරංගනාවි ඉපදෙද්දි ටේහියුන්ග් තනිවම වේදනාව ඉවසන් දරන් හිටිය නිසා මේ වතාවෙත් වේදනාවෙන් කෑගහන්න ටේහියුන්ග් බය වුනා. ජන්කුක්ගෙ අත අස්සෙ ඔලුව තියන් ඉන්න ටේහියුන්ග් තොල් හපන් වේදනාව දරාගන්න කරන උත්සහයෙන්ම ජන්කුක් ට එය තේරුනා.

ටේහියුන්ගෙ හිස අතගාන ජන්කුක් වරින් වර ටේහියුන්ග්ට මිමිනුවෙ ඒකට කමක් නැහැ පැටියො කියලා.ඔයාගෙ කූ ඔයා ලග ඉන්නවා. කාටවත්ම බය වෙන්න එපා. කවුරුත්ම එන්නෙ නැහැ.

ටේහියුන්ගෙ දරදඩු වෙන උරහිස් වරින් වර මසාජ් කරමින් දිගින් දිගටම ජන්කුක් ටේහියුන්ග්ව ශක්තිමත් කලා. බාත් ටබ් එක ඉස්සරහින් තියල තියන කන්නාඩියෙන් පැටියා වෙනුවෙන් බලන් ඉන්න ජන්කුක් ටේහියුන්ගෙ රෝස කම්මුල් මත හාදුවක් තිබ්බා.

"මගෙ මැනික පුලුවන්. ඔම්මා බෙයා ගොඩක් ශක්තිමත් .හොද හුස්මක් ගන්න මැනික. පැටියට එන්න දෙන්න."

තවත් මොහොතක් කාලය ගෙවිලා ගියා.ටේහියුන්ග් තවමත් වේදනාවෙන් කෙදිරි ගාමින් පැටියා වෙනුවෙන් මහන්සි වෙනවා. ගෙවෙන තත්පරයක් පාසා ටේහියුන්ගෙ සිරුරෙ ශක්තිය ටිකෙන් ටික අඩුවෙනවා. ජන්කුක්ගෙ අත තදින් අල්ලන් ඉන්න ටේහියුන්ගෙ අතේ ග්‍රහනය ටිකෙන් ටික ලිහිල් වෙද්දි ටේහියුන්ගෙ ඇස් හෙමින් හෙමින් පිය වෙන්න ගත්තා.

"මැනික. මගෙ මැනික ඇස් පියාගන්න එපා. තව ටිකම ටික දුරයි මගෙ මැනිකට යන්න තියෙන්නෙ. ස්නෝබෝල්ව මතක් කරගන්න මැනික. "

ටේහියුන්ගෙ කම්මුල් තෙමමින් ටේහියුන්ගෙ කම්මුල් වලට තට්ටු කරන්න ගත්ත ජන්කුක් පුලුවන් තරම් උත්සහ කලේ ටේහියුන්ග්ව සිහියෙන් තියාගන්න.ටේහියුන්ග් එක්කම බාත් ටබ් එක ඇතුලට බැස්ස ජන්කුක්  ටේහියුන්ග් මුහුන ලගටම ලං වෙලා ටේහියුන්ගෙ කුසත් ටේහියුන්ගෙ කම්මුලත් අතගෑවා.

"මගෙ ඒස්‍රාට පුලුවන්.මේ බලන්න කූත් එක්කම හුස්ම ගන්න මැනික.කූ දිහා බලන් හුස්ම ගන්න."

යන්තම් ඇස් ඇරගෙන ජන්කුක් දිහා බලන් ඉන්න ටේහියුන්හ් දිහා බලන් ජන්කුක් හුස්ම ඉහලට පහලට ගනිමින් පෙන්නුවෙ ජන්කුක් දිහා බලන් ආයෙමත් ටේහියුන්ග් හුස්ම ගනිද්දි.

"තව එකම එක වතාවයි. කූ පොරොන්දු වෙනවා.ලොකු හුස්මක් ඉහලට ගන්න මැනික. ඊටපස්සෙ පැටියට ආයෙමත් තල්ලුවක් දෙන්න."



කාලය එකතැන නතර වුනාක් මෙන් වෙද්දි ගතවුන තත්පරයක වේගයෙන් ටේහියුන්ග් හිස ඔසවමින් වේදනාබර හැඩීමකින් කෑගැහුවේ ඒ වේදනාබර හැඩීමට තවත් පුංචි පැටියෙක්ගෙ හැඩීමක් එකතු වෙද්දි.

විනිවිදව පෙනෙන ජලයට රක්ත රුදිරිය එකතු වෙද්දි පුංචි ස්නෝබෝල්ගෙ හිස ටේහියුන්ග් තුලින් එලියට මතුවුනා. ස්නෝබෝල්ගෙ හිස මතුවෙද්දිම ඉක්මන් වුන ජන්කුක් ස්නෝබෝල්ගෙ හිස ඉදිරියෙන් අත තියමින් දරුවාව පරිස්සමෙන් අල්ලගත්තා. ජන්කුක් බොහොම ඉවසීමෙන් බොහොම පරිස්සමෙන් ටේහියුන්ග් යටිබඩ සෙමින් පහලට තල්ලු කලා. සම්පූර්ණයෙන්ම පුංචි ස්නොබෝල් ජන්කුක් ගෙ අත මතට ලිස්සලා එද්දි පුංචි දරුවව ජලයෙන් උඩට උස්සලා වඩාගත්ත ජන්කුක්ගෙ තොල් වෙවුලන්න ගත්තා.

දරුවව අතට ගත්ත ජන්කුක් කොයිතරම් ලොකු සතුටක් හිතේ දරාගෙන හිටියාද කියනවනම් ජන්කුක්ගෙ අත් පවා ගැහෙන්න ගත්තා. පුංචි පැටියව ටේහියුන්ගෙ පපුව මතින් පරිස්සමට තිබ්බ ජන්කුක් මහන්සිබරව ඇස් පියන් ඉන්න ටේහියුන්ගෙ නලලත මතින් හාදුවක් තිබ්බා.

ජන්කුක්ගෙ උනුසුම් හාදුවක් නලලත මත දැනෙද්දි ටේහියුන්ග් හෙමින් ඇස් ඇරියා.

"ස්නෝබෝල්."

"අපේ පැටියා."

දුර්වල පුංචි හිනාවකින් ටේහියුන්ග් කියද්දි ජන්කුක් කදුලු සලමින් හිස ඉහලට පහලට වැනුවා.

"ඔයා ඒක කලා මැනික. "

කතුර පැත්තකින් තිබ්බ ජන්කුක් උනුසුම් ටවල් එකකින් පැටියව ආවරනය කලා.නමුත් පැටියාගෙ පුංචි කම්මුල් ස්පර්ශ කරමින්  ඉන්න ටේහියුන්ගෙ මුහුනෙ සිනහව ටිකෙන් ටික අතුරුදහන් වෙලා යන්න ගත්තා.

"ජ.න්.කුක්."

ස්.නෝ.බෝල් ඇයි. අඩ.න්නෙ නැත්තෙ."

"ඇයි මගෙ ස්නෝබෝල් අඩන එක නතර කලේ."

ටේහියුන්ග් කලබලයෙන් කෑගහද්දි සුදු බ්ලැන්කට් එක මෑත් කරමින් ජන්කුක් පැටියගෙ නහය ලගට ඇගිල්ල අරන් ගියා. පැටියව අත් දෙකට වඩගානිද්දි පැටියගෙ හෘද ස්පන්දනයත් හැඩීමත් ගොඩක් හොදින් ජන්කුක්ට දැනුනා. ඒත් ඒත් ඇයි දැන් පැටියා හුස්ම ගන්නෙ නැත්තෙ.

ඉක්මනින්ම දරුවව ටේහියුන්ගෙන් ඈතට ගත්ත ජන්කුක්  දරුවගෙ පිට තදින් අතාගාමින් පුංචි අත මෑත් කරමින් පුංචි පපුව ඇගිල්ලෙන් press කරන්න ගත්තා.  දරුවව ඒ මේ අතට හරවමින් දරුවගෙ යටිපතුල් වලට ටිකක් තදින්  තට්ටු කරමින් ජන්කුක් දිගටම දරුවගෙ හුස්ම පරීක්ෂා කලා.

ඒත් තවමත් දරුවගෙ පපුවෙ හුස්ම වැටෙන්නෙ නැහැ.ජන්කුක් දිහා බලන් ටේහියුන්ග් වේදනාවෙන් ඉකිගහද්දි ජන්කුක් ඔහු කරන දේ නතර නොකර දිගින් දිගටම කරගෙන ගියා.

"ස්නෝබෝල් හුස්ම ගන්න මගෙ පැටියො."

"කමෝන් මයි චෑම්ප්"

දරුවගෙ පිට ටිකක් රලුව අතගාමින් පැටියගෙ මුව ඇගිල්ලෙන් තව ටිකක් විවර කරමින් පැටියගෙ පපුව ඇගිල්ලෙන් press කරමින් නැවතුන හුස්ම ආයෙමත් ගන්න ජන්කුක් දිගින් දිගටම උත්සහ කලා.

"නැහැ. ඔයාට බැහැ. අප්පා බලන් හිටියා. අප්පා මගෙ පැටියා එනකන් බලන් හිටියා."

"කමෝන් මයි චෑම්ප්"

"අප්පා කියලා දුන්නා වගේ හුස්ම ගන්න. අප්පා මගෙ චැම්ප්ට ඔම්මගෙ බන්ඩියෙ ඉද්දිම කියලා දුන්නනෙ අලුත් ලෝකෙට ආවම හුස්ම ගන්න විදිය."

"ප්ලීස් මගෙ පැටියෝ. හුස්ම ගන්න. "

කොයිතරම් ජන්කුක් පැටියගෙ හුස්ම ගන්න උත්සහ කලත් පැටියාගෙ පුංචි පපුවෙ හුස්ම වැටුනෙ නැහැ.පුංචි පැටියව පපුවට තුරුලු කරගත්ත ජන්කුක් පැටියට කතාකරමින් හඩාවැටෙන්න ගත්තෙ තවමත් පැටියගෙ පිට අතින් අතගාමින්.

ටේහියුන්ග් ඔහු හිටිය තැනින් කොහොම නැගිටලා ආවද ඔහුගෙ සිරුරට ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ඔහු කොහොමද හොයාගත්තද ටේහියුන්ග් දැනන් හිටියෙ නැහැ. ජන්කුක් තුරුලු කරන් ඉන්න දරුවා ලගට ආව ටේහියුන්ග් ජන්කුක් කරන දේට බාදා නොකලත් දරුවගෙ පුංචි මුහුන දිහා බලන් පුංචි කම්මුල් අතගාන්න ගත්තා.

"ඔම්මා එක්ක ටිකකට කලිනුත් කතාකලානෙ මගෙ පැටියෝ . ඉතින් ඇයි මේ. "

"මගෙ පැටියා ගොඩක් ශක්තිමත් .මම දන්නවා. ඔන්න දැන් මගෙ රත්තරන් ඇස් අරිනවලු හොදද?"

"ජන්කුක් අපේ ස්නෝබෝල්ට මුකුත්ම වෙන්නෙ නැහැ. එයා දැන් ඇස් අරියි.බලන්න එයා අඩයි .එයාගෙ ඔම්මා කියන එක එයා අහනවා."

"ස්නෝබෝල් පොරොන්දු වුනා මට ජන්කුක් .ස්නෝබෝල් ආවම ඔම්මා එක්ක එකතු වෙලා එයා අප්පට ගොඩක් ගොඩක් කරදර කරනවා කියලා.

ටේහියුන්ගෙ පැටියගෙ පුංචි අත සිපගනිමින් ඔහුගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහදමමින් ජන්කුක්ට මිමිනුවේ ජන්කුක් තොල් හපන් තවමත් දරුවගෙ පපුව press කරමින් පිට අතගාද්දි.

ටේහියුන්ග් අල්ලන් හිටිය චූටි අතේ ඇගිලි ටේහියුන්ගෙ ඇගිල්ලක් මේ වෙලාවෙදිම වගේ තද කරලා අල්ලගත්තේ හඩමින් හිටිය ටේහියුන්ග් ඇස් උස්සලා ඒ දිහා බලද්දි.

"ස්.නෝ.බෝල්. කූ අපේ පැටියා."

ජන්කුක් මුලු ලෝකය ඉදිරියෙම කෑගහලා දිවුරයි. ඒ තමා ඔහු මේ ලෝකයෙ ඇහුව සුන්දරම හඩ.

පැටියගෙ නැවතුන හදවත ජන්කුක්ගෙ තුරුලෙදි ආයෙමත් ගැහෙන්න පටන් ගද්දි , පුංචි පැටියා හයියෙන් කෑගහලා අඩන්න ගත්තා. ඒ තමා ජීවිතයෙ එකම මොහොත- පැටියෙක් කෑගහලා අඩද්දි ඔම්මයි අප්පයි ඒ දිහා බලන් හිනාවෙන.

පැටියා අඩද්දි හිනාවෙමින් වගේම ඉකිගහමින් අඩන්න ගත්ත ජන්කුක් එහෙන්ම ටයිල් පොලව මතට දනින් වැටුනේ මේ තරම් වෙලාවක් මවන් හිටිය ශක්තිය නැත්තටම නැති වෙලා යද්දි.

"මගෙ දරුවා. මගෙ දරුවා."

දරුවා වෙත අත දික්කරමින් ටේහියුන්ග් අඩද්දි දරුවත් එක්කම ටේහියුන්ග් ව වැලදගත්ත ජන්කුක් තව තව හයියෙන් ඉකිගගහා අඩන්න ගත්තා.

ටේහියුන්වත් දරුවවත් ඉබිමින් ඔහු හඩා වැටුනා. ටේහියුන්ග්ව ශක්තිමත් කරන්න ඕනෙ නිසා මේ තරම් වෙලාවක් ඉවසන් දරන් හිටිය හැම වේදනාවක්ම , හැම බයක්ම කදුලු කරමින් ජන්කුක් හයියෙන් ඉකිගහමින් හඩා වැටුනා.




___________________________________

ටේහියුන්ගෙ කැනියුලා එකට අලුත් සේලයින් බෝතලයක් සම්බන්ද කරපු ජන්කුක් දරුවව පපුවට තුරුලු කරන්ම ටේහියුන්ග් ලගින් ඉදගත්තා.

ජන්කුක්ගෙ ඇස් අඩලම ජම්බෝල වගේ රතු පාටට පිම්බිලා. ටේහියුන්ගෙ ඇස් වලත් වෙනසක් නැහැ. ජන්කුක් දුන්න ඉන්ජෙක්ශන් දෙක නිසා ටේහියුන්ග් ට දැන් නම් නින්ද ගිහිල්ලා. නලලට වැටුන කෙහෙරැලි පස්සට කරමින් ටේහියුන්ගෙ ඔලුව අතගෑව ජන්කුක් පහලට නැවිලා තවත් හාදුවක් ටේහියුන්ගෙ නලල මතින් තිබ්බා.

අද ටේහියුන්ග් ජන්කුක්ගෙ අසම්පූරන ලෝකය සම්පූර්ණයෙන්ම සම්පුර්ණ කලා. ඒ වෙනුවෙන් ජන්කුක් ටේහියුන්ග් ට කොහොමද ස්තූති කරන්න ඕනෙ කියලා ජන්කුක් දැනන් හිටියෙ නැහැ. ඉතින් තත්පරයක් තත්පරයක් පාසා ජන්කුක් ටේහියුන්ගෙ නලල සිපගත්තෙ දරාගත නොහැකි සෙනෙහසකින්.

ජන්කුක් හිතන් හිටියත් ඔහු ටේහියුන්ග් ට ගොඩක් ආදරය කරනවා ඒ ආදරය තමා සම්පූර්ණයෙන්ම perfect ආදරය කියලා. පැටියා ඉපදුනාට පස්සෙ ටේහියුන්ග් වෙනුවෙන් ජන්කුක් ගෙ හදවතෙ තියන ආදරය තව තව වැඩි වෙලාක් මෙන් ඔහුට දැනුනා. මේ හැගීම ජීවිතයෙ කවමදාකවත් ජන්කුක්ට දැනුන සතුටු හැගීම් වලට සමාන කරන්න බැහැ.

ජන්කුක් දිහා බෝල කරගත්ත ඇස් වලින් බලන් ඉන්න පුංචි ලෝකය දිහා බලපු ජන්කුක් මුව විවර කරමින් පුංචි හුරතල් හඩක් පිට කලේ ජන්කුක් දිහා බලන් ඉන්න පැටියා තව තව කුතුහලයෙන් ජන්කුක් දිහා බලන් ඉද්දි.

" ස්නෝබෝල්. මම ඔයාගෙ අප්පා."



__________________________________________

අඩුපාඩු වලට සමාවෙන්න .

අදහස් කියන් යන්න

අද මොකද හිතුනේ?

ජන්කුක් ගැන?

Continue Reading

You'll Also Like

53.9K 9.4K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
59.8K 10.2K 35
පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එය...
154K 22.1K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
163K 32.1K 98
මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........