Comment goal 100
සුදු බ්ලැන්කට් තුලට ගුලි වෙලා ඇස් පියන් ඉන්න ටේහියුන්ග් හෙමි හෙමින් ඇස් ඇරියා.ටේහියුන්ගෙ කාමරය තුලට පුංචිම ආලෝකයවත් ගලන් එන්නෙ නැහැ. ඔහු විසින්ම ඔහු වෙත ගලන් එන ආලෝකය අදුරෙන් ආවරණය කරගෙන.කලක් ස්වභහදහම් මාතාවගෙ ආලෝකයෙ පුංචි දේවදූතයා වුන පුංචි දගයා අද වෙද්දි සම්පූර්ණයෙන්ම අදුරට පෙම් බදින ඒස්‍රා බවට පත් වෙලා.
අදත් ටේහියුන්ගෙ ජීවිතයෙ සාමාන්‍ය දවසක්. දිනෙන් දින ටේහියුන්ගෙ කුස තුල වැඩෙන පුංචි පැටියා මේ ලෝකයෙ එලිය දකින්න ඉතුරු වෙලා තියෙන්න තව පුංචිම කාලයක් විතරයි.පිරුනු කුස වෙතට අත රැගෙන ආව ටේහියුන්ග් පරිස්සමට ඔහුගෙ කුස පිරිමැද්දා. ටේහියුන්ග් ඔහුගෙ කුස පිරිමදිද්දි පුංචි පැටියා කුස තුල හෙමි හෙමින් චලනය වෙන්න ගත්තෙ ටේහියුන්ග් ගෙ තොල් අග පුංචි හිනාවක් මවමින්.
පුංචියට හිනාවෙමින් පැටියා දිහා බලන් හිටිය ටේහියුන්ග් ගෙ අවදානය පැටියා වෙතින් වෙනත් අතකට යොමුවුනේ හුරුපුරුදු තටු ගසන හඩ ඇහෙද්දි.දීප්තිමත් පුංචි නිල් සමනලයා අදත් ටේහියුන්ග්ව හොයන් ඇවිල්ලා. අදුර මැදින් ටේහියුන්ග් වෙත පියබන් එන පුංචි නිල් ආලෝකය ඒත් අද වෙනදා වගේ ටේහියුන්ග් ලගටම පියබන් ආවෙ නැහැ. පුංචි නිල් සමනලයා තමන් වෙත පියබන් නොඑන නිසා බ්ලැන්කට් එක ඉවත් කරමින් ටේහියුන්ග් තනිවම ඇදෙන් බිමට බැස්සා. නිල් සමනලයා වෙත අත දිගු කරමින් ඔහු පලවෙනිම අඩිය ඉස්සරහට තිබ්බා නමුත් ඒ මොහොතෙම නිල් සමනලයා ටේහියුන්ගෙන් තවත් පුංචි දුරක් ඈතට පියෑබුවා.
පුංචි නිල් සමනලයා ටේහියුන්ගෙන් ඈතට පියාබන්න පියාබන්න ටේහියුන්ග් ඔහු වෙත ඇවිදන් ගියා. නිල් සමනලයා තමන් වෙත එන් නැතුව තමන්ගෙන් ඈතට පියාබද්දි ටේහියුන්ග් ගෙ හදවත ඒ දුරස් වීමට ගොඩක් බය වුනා. දරුවත් එක්ක දවසින් දවස බෝල වුන ටේහියුන්ග් දැන් ඇවිදින්නෙ බොහොම හෙමින්.අදුර මැදින් සමනලයා පසුපසින්ම ඇවිදන් යන ටේහියුන්ග් නොදැනීම ඔහුගෙ කාමරයෙන් එලියට ඇවිදන් ගියා. ටේහියුන්ග් ඔහුගෙ කාමරයෙන් එලියට එනවාත් එක්කම හිරු ආලෝකය ඔහු වෙත ගලන් ආවෙ ඔහු වෙනුවෙන් ඔවුන් මග බලන් හිටියාක් මෙන්..
ගෙවුන දවස් කිහිපය කාමරය තුලටම වෙලා අදුරෙ ගෙවපු නිසා හදිසි ආලෝකයට හුරු වෙන්න ටේහියුන්ග් ගෙ ඇස් වලට මොහොතක් ගත වුනා.නිල් සමනලයා තවමත් ටේහියුන්ග් වටේට තටු ගසමින් ඔහු වෙනුවෙන් බලන් ඉන්නවා.
ගලන් ආව ආලෝකය ටිකෙන් ටික ටේහියුන්ග් ගෙ ඇස් වලට හුරු වෙන්න පටන් ගනිද්දි ආලෝකයෙන් ආවරණය වෙන්න ඔසවපු අත ටේහියුන්ග් හෙමින් පහල දැන්මා.ටේහියුන්ග් ආලෝකයට හුරු වෙනකන් මග බලන් හිටිය සමනලයා ආයෙමත් ටේහියුන්ගෙන් ඈතට පියාබන්න ගත්තා. සමනලයා පියාබන්නෙ ඔවුන්ගෙ නිවසින් එලියට.
ටේහියුන්ග් බලන් හිටියා පුංචි නිල් සමනලයා නිවසින් එලියට පියබලා යනවා. නමුත් මේ වතාවෙ ටේහියුන්ග් සමනලයා පසුපසින් ඇවිදන් ගියේ නැහැ. ඔහු දිගින් දිගටම විවර වුන දොර දිහා බලන් හිටියා.ටේහියුන්ග්ටවත් තේරුනෙ නැහැ ඇයි ඔහු මෙහෙම දොර දිහා බලන් ඉන්නෙ කියලා. හරියට ඔහු කෙනෙකුගෙ පැමිනීම බලාපොරොත්තු වෙනවා වගෙයි.මොහොතක් දොර දිහා බලන් හිටිය ටේහියුන්ග් ගෙ ඇස් යලිත් ඔහුගෙ කුස වෙත යොමුවුනා. පරිස්සමට කුස මතින් අත තියාගත්ත ටේහියුන්ග් ආයෙමත් ඔහුගෙ කාමරයට යන්න හැරුනා.
නමුත් අඩි දෙක තුනක් ඉදිරියට ඇවිදන් ගිය ටේහියුන්ගෙ දෙපා හිටිගමන් එක තැන නතර වුනා.නම්ජුන් හියුන්ග් අද වෙනදටත් කලින් ටේහියුන්ග්ව බලන්න ඇවිල්ලා වගෙයි.නිවස ඉදිරියේ නතර වුන වාහනයෙ දොර ඇරිලා වැහෙනවත් වාහනයෙන් එලියට බැස්ස නම්ජුන් ටේහියුන්ග් වෙතට ඇවිදන් එන අඩි හඩත් ටේහියුන්ග් ට ඇහුනා. නමුත් මේ අඩි හඩ? ටේහියුන්ග් ගෙ හදවත ඔහුටත් ද්‍රෝහි වෙමින් නොසන්සුන්ව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.
ටේහියුන්ග් වෙත ඇවිදන් එන ඔහුට පිටුපාලා හිටගෙන ඉන්නවා මිසක් ටේහියුන්ග් ඔහු දිහා හැරිලා බැලුවෙ නැහැ.තදින් තොලට තොල හපාගත්ත ටේහියුන්ග් නිහඩවම ඉදිරිය බලාගෙන හිටියා.
"මගෙ ඒස්‍රා මං වෙනුවෙන් බලන් හිටියද?"
මාස පහකට පස්සෙ ටේහියුන්ග්ට ජන්කුක්ගෙ කටහඩ අහන්න ලැබුනා. ටේහියුන්ගෙ හදවතෙ ඇති වුන හැගීම තරහක්ද, සැනසීමක්ද, දුකක්ද, සතුටක්ද කියලා දන්නෙ ටේහියුන්ග්ම පමනයි .මොකද හැගීම් හංගගන්න දක්ශ ටේහියුන්ගෙන් අදත් ජන්කුක්ට ලොකු ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ.
ජන්කුක් දිහා නොබලම ඔහු හෙමින් ඔහුගෙ හිස දෙපැත්තට වැනුවා.
"මගෙ ඇනබෙල් මාත් එක්ක තරහ වෙලාද ම්ම්ම්?"
ජන්කුක් හඩ හීනි කරමින් අහද්දි මේ වතාවෙත් ටේහියුන්ග් ඔහුගෙ හිස දෙපැත්තට වැනුවා. ජන්කුක්ගෙ තොල් අග ඇදුනෙ දුක්බර පුංචි හිනාවක්. තත්පරයක්වත් ගත වුනේ නැහැ ජන්කුක් ඔහුගෙ හිතට ආව පලවෙනිම අදහස ක්‍රියාත්මක කලා.බලාපොරොත්තු නොවුන ගැස්මක් ටේහියුන්ග් ගෙ මුවින් පිටවෙද්දි ජන්කුක් ටේහියුන්ග් ව හරහට වඩාගත්තා.ටේහියුන්ගෙ දිගටි ඇස් ඔහුව වඩාගෙන ඉන්න ජන්කුක් වෙත යොමුවෙද්දි හිනාවෙන් පිරුනු ජන්කුක් ගෙ ඇස් ටේහියුන්ග් දිහා බලන් හිටියා.
ජන්කුක්ගෙ ඇස් කොයිතරම් හිනාවුනත් ඒ ඇස් තුල හැංගිලා තියන වේදනාව ගොඩක් හොදින් ටේහියුන්ග් කියෙවුවා. ඇසි පියවත් නොගහා ජන්කුක් දිහා බලන් ඉන්න ටේහියුන්ග් දිහා බලන්ම ජන්කුක් ඔවුන්ගෙ කාමරය වෙත ඇවිදන් ගියා.
කාමරයට ඇවිදන් ආව ජන්කුක් ටේහියුන්ග්ව පරිස්සමට ඇද මත තියන්න ගියත් ටේහියුන්ගෙ දිගු ඇගිලි ජන්කුක් ගෙ ශර්ට් එක ගුලි කරලා අතට අල්ලගත්තා. තවමත් පුංචිම වෙනසක්වත් නොමැතිව ඒ බැල්මෙන්ම ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් ඉන්නවා.
"මම ඉන්නවා."
ටේහියුන්ගෙ අත ශර්ට් එකෙන් ගලවගත්ත ජන්කුක් ආදරයෙන් ටේහියුන්ගෙ අත සිපගත්තා. ටේහියුන්ග්නුත් ජන්කුකුත් අතර වචනයෙන් ලොකු කතා බහක් සිදු නොවුනත් මේ වෙද්දිත් හැගීම් වලින් ඔවුන් දෙදෙනා ගොඩක් දේවල් කතාකලා. ටේහියුන්ගෙ අත සිපගත්ත ජන්කුක් එහෙන්ම ටේහියුන්ග් ලගින් ඉදගෙන ඔහුගෙ නලලත සිපගත්තා.
ජන්කුක්ගෙ ඒස්‍රා ගොඩක් ලස්සනයි. ලස්සනට පෙති විකසිත වෙලා පිපුනු සුදු රෝස මලක්.
"ජින් හියුන්ග් කිවුවා පැටියගෙ ජෙන්ඩර් එක දැනගන්න ටේහියුන්ග් කැමති වුනේ නැහැ කියල. ඒත් මම රහසක් කියන්නද?"
"මේ තරම්ම මගෙ රෝස මලගෙ කම්මුල් පිරිලා තියෙන්නෙ අපේ පැටියා පුංචි කුමාරයෙක් නිසා."
"පිරිමි ලමයි හම්බෙන ඉන්න ඔම්මලා රෝස බෝල වගේ ගොඩක් බෝල වෙනවලු.මගෙ මැනිකත් රෝස බෝලයක් වගෙ බෝල වෙලා."
තවමත් ටේහියුන්ග් ජන්කුක්ට මුකුත්ම නොකියා ඉද්දි තනියමම ටේහියුන්ග් එක්ක හිනාවුන ජන්කුක් ටේහියුන්ග් ව ඔහුගෙ පපුවට තුරුලු කරගත්තා.
"මම ආවා මගෙ එස්‍රා.මම ආවා ඔයා ලගට."
"මගෙ ලෝකෙ හොයන් මම ආවා."
____________________________________
ඊටපස්සෙ රාජ කුමාරයයි රාජ කුමාරි එයාලගෙ පුංචි රාජකුමාරයත් එක්ක ගොඩක් සතුටෙන් ජීවත් වුනාලු.කතන්දර පොත වැහුව ජන්කුක් ටේහියුන්ග් ගෙ කුස මතින් පුංචි හාදුවක් තිබ්බා.කිසිම දෙයක් සිද්ද වුනේ නැහැ වගේ. සාමාන්‍ය විදියට හැසිරෙන ජන්කුක් දිහා තවමත් ටේහියුන්ග් නිහඩව බලන් ඉන්නවා.
"ඇයි මගෙ මැනික ඔහොම බලන්නෙ."
ජන්කුක් ටේහියුන්ග් බලන්න ආව වෙලාවෙ ඉදන් තවමත් එකම බැල්මෙන් ජන්කුක් දිහා බලන් ඉන්න ටේහියුන්ග් ගෙ රෝස කම්මුලක් ස්පර්ශ කරමිම් ජන්කුක් අහද්දි ටේහියුන්ග්නුත් ඔහුගෙ අත හෙමින් ඉස්සුවා. ටේහියුන්ගෙ දිගු ඇගිලි ජන්කුක් ගෙ කම්මුල ස්පර්ශ කරද්දි දැනුන උනුහුමට ජන්කුක් ඇස් පියාගත්තා. නමුත්,
"ආඅහ්හ්හ්හ්හ්වු."
බලාපොරොත්තු නොවුන වේදනාවක් කම්මුලෙන් දැනෙද්දි ජන්කුක් වේගයෙන් ඇස් ඇරියෙ පුංචි කෑගැස්මක් ඔහුගෙ තොල් අතරින් පිටවෙද්දි. වේගයෙන් ඇස් ඇරිය ජන්කුක් ටේහියුන්ග් දිහා බැලුවෙ පුදුම වුන බැල්මකින්.ඒත් ජන්කුක්ගෙ කෑගැසිම ගැන ටේහියුන්ග් ට නම් ගනනක් නැහැ වගෙ. ආයෙමත් ජන්කුක් ගෙ කම්මුලෙන් අත ඈතට ගත්ත ටේහියුන්ග් ඔහුගෙ කුස මතින් අත තියාගත්තා.
"මගෙ ස්නෝබෝල්ගෙ අප්පා අද ඇත්තටම ඇවිල්ලා.ස්නෝබෝල් කිවුවා වගේම ඔම්මා අප්පාව කොනිත්තලා බැලුවා."
ජන්කුක්ව කොනිත්තලා බබායි ජන්කුක්ව කොනිත්තන්න කිවුවෙ කියලා නොකියා කියන කපටි ඒස්‍රා දිහා බලන් ඔලුව වනමින් තනියමම හිනාවුන ජන්කුක් ටේහියුන්ග් ගෙ අත උඩින්ම ඔහුගෙ අත තිබ්බා.
"මගෙ චෑම්ප් ඔම්මට කිවුවද අප්පව කොනිත්තන්න කියලා.දැන්ම ඉදන් ඔම්මයි පැටියයි එක ටීම් එකක් වෙලාද? ම්ම්ම්ම්ම්"
"අපිට ජේජු යන්න ඕනෙ."
"හ්ම්ම්ම්ම්?ඒත් මේ වගේ වෙලාවක අහන්......."
"පැටියටයි යන්න ඕනෙ කියන්නෙ..මේ තරම් කාලයක් අප්පා එනකම් බලන් ඉදලත් අප්පා ආවම ජේජු එක්ක නොගියොත් පැටියා ඔයත් එක්ක තරහ වෙයි."
" පැටියා විතරමද අප්පා එක්ක තරහ වෙන්නෙ?"
"පැටියා තරහ වුනොත් ඔම්මටත් තරහ වෙන්න වෙනවා. ඔම්මා කැමති නැහැ පැටියා තරහ වෙච්ච මිනිස්සු එක්ක කතාකරන්න."
"ඔහ්හ්හ්හ් මිනිස්සු!!?"
කට උල් කරමින් ටේහියුන්ගෙ වචන හයිලයිට් කරලා ජන්කුක් ආයෙමත් කියද්දි තොලට තොල හපාගෙන අහක බලාගත්ත ටේහියුන්ග් හෙමින් ඔලුව වැනුවා. ආපහු ගමට එද්දි ජන්කුක් මේ වගේ ටේහියුන්ග් කෙනෙක් බලාපොරොත්තු වුනේ නැහැ. ඔහු හිතුවා සමහරක්විට ටේහියුන්ග් ඔහුව මගහරියි කියලා එහෙම නැත්තම් ඉස්සර වගේම ඔහුත් එක්ක අවශ්‍ය වෙලාවට විතරක් කතාකරයි කියලා.
ඒත් ජන්කුක්ටත් තේරුම් ගන්න බැරි අමුතුම වෙනසක් ටේහියුන්ග් තුල තිබුනා. ජන්කුක්ගෙ හදවතට ටේහියුන්ග් ගෙ වෙනස් හැසිරීම දැනුනෙ ආඩම්බර පුංචි හුරතලෙක්ගෙ හැසිරීමක් විදියටයි.
ජන්කුක් එක දෙයක් නම් හොදාකාරයෙන්ම දැනගෙන හිටියා. ආඩම්බර පුංචි හුරතලා ජන්කුක්ව ඔහුගෙ මුරන්ඩු ආසාවන් වලට එකගකරවගන්න හොදම ආයුදයක් හොයාගෙන.
"පැටියා තමා ඕන කිව්වෙ."
"නැත්තම් පැටියා තරහ වෙයිེ"
පැටියා තරහ වුනොත් ඔම්මටත් තරහ වෙන්න වෙනවා."
-------------------------------------------------------------
එන්න යන්න පැටියයි ඒස්‍රායි ජන්කුක් එක්ක කැලේ ඇවිදින්න.🌟
අදහස් කියන් යන්න.
ඔයාලා ඇයි මේ තරම් බය.🫢
ඉක්මනින්ම එන්න කිවුවම ජන්කුක්ට එන්න වෙන එකක් නැහැ කියලාත් හිතාගෙන.😪
ඔයාලා මට බයයි නේද?😌😌😁 මගෙ වචන වලට.🙃