Call me by your name 🦋 ( Com...

By thashi123

59.6K 10.2K 11.7K

පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස්... More

prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 32
Chapter 33
Last chapter

chapter 31

1.8K 292 424
By thashi123

" පුංචි මහත්තයා...ක්....කිම් නෝනා...කිම් නෝනා මහත්තයාට එන්න කිව්වා..."

ඉස්තෝප්පුවේ ඉදිය සේවකයා හති අරින ගමන්ම එහෙම කියද්දි දෙපැත්තට වෙන් උන කමිස පලු දෙක එකට ලං කරන් උඩට යනකල් හෙමි හෙමින් බොත්තම් තද කරමින් හිටිය ටේහියුන්ගේ සංසුන් බව පරදා ඉහෙන් කනෙන් දාඩිය වක්කරන්න ගත්ත ජන්කුක් ඉක්මනින්ම ඇඳෙන් නැඟිට්ටා...

" ලොකු නෝනාට කියන්න මං එන්නම් කිව්වා කියලා.."

කමිසයේ සේරම බොත්තම් පියවගෙන , ජන්කුක් ලඟදි පමණක් වෙනස් වෙන තමන්ගේ ගැඹුරු කටහඩින් සේවකයාට අණ කෙරුව ටේහියුන්ග්ද ඉදගෙන හිටිය තැනින් නැඟිට්ටා...

" හ්...හියුන්ගී..."

ජන්කුක් ලොකු වෙච්ච ඇස් එක්ක ටේහියුන්ගේ කමිසේ අත ඇඟිලි තුඩු දෙකකින් තද කර ගත්තා...

" මොකද මේ හ්ම්ම්..."

කලබල වෙලා ඉන්න ජන්කුක් දිහා බලලා තමන්ගේ දඹර ඇඟිල්ලක් ඒ නිකට ‍යට එහෙ මෙහෙ කෙරුව ටේහියුන්ග් ජන්කුක්ගේ නලල මතින් හාදූවක් තවරලා බය වෙන්න හේතුවක් නැති බව ජන්කුක්ට එත්තු ගැන්නුවා...

" මමත් එන්නද හියුන්ගී එක්ක යන්න ? "

" ඕන නැහැ මැණිකේ...හියුන්ගී ගිහින් එන්නම්කෝ හොඳද...කෝ යූනා ඔම්මාට අඬ ගහන්න..."

ටේහියුන්ග් සේවකයාට කතා කරපූ විදිහට වඩා වෙනස්ම සියුම් හඬකින් ජන්කුක්ට කතා කරනකොට ටේහියුන්ග් කිව්ව දේට ඔලුව වනලා කුස්සියට දිව්ව ජන්කුක් නැවතත් යූනා එක්කම සාල කෑල්ලට ආවා...

" පුතේ ,ඔය යන්නද ? මං බතල ටිකක් තැම්බෙන්න දැම්මා උබලාට කන්න දෙන්න.. "

" කරදර වෙන්න ඕන නැහැ ඔම්මා..මං ඉක්මනින් ගිහින් එන්නම්කෝ....මේ , එක එක්කෙනාගේ අත් වල පණිවිඩත් එවලා..."

" හොඳයි...එහෙනම් පරිස්සමින් ගිහින් එන්න...හැබැයි දන්නවා නේ...කිම් නෝනා මොනා කිව්වාත් එයා එක්ක අරියාදුවට එහෙම යනවා නෙමෙයි...තේරුනා නේ...? මොන දේ කරත් ඉවසගෙන ඉන්න ඕන..හරි ද ? "

" හරි ඔම්මා.."

තමන්ගේ ඔලුව අතගාපූ යූනා එක්ක කට පුරෝලා ලස්සනට හිනා උන ටේහියුන්ග් අවසානේ රැයක් නිදි වැද්ද ඒ පුංචි පැල්පත ඇතුලෙන් එළියට බැස්සා...

" සේරී , දැන් කේන්ති ගන්න එක නවත්තලා කොල්ලා ආවාම මේ දේවල් නිවිහැනහිල්ලේ කතා කර ගන්න..."

" තේ බිබී නිවිහැනහිල්ලේ කතා කරගන්න පුලුවන් වැඩක් ඌ කරේ...අපේ නම්බුව එහෙම්පිටින්ම කාලා දැම්මා..."

" දැන් කොල්ලා ආවාම ගහන්න බනින්න එහෙම නම් තියා ගන්න එපා...තේරුනා නෙ...."

" ගහන්න ? ගහන්න නෙමෙයි මං අද ඕකාව බාවනවා...ආව දෙන්කෝ කොයි වේලාවේ හරි ගෙදර..."

ගෙදර ඉස්තෝප්පුවට අඩිය තිබ්බ හැටියේ ටේහියුන්ග්ගේ කන් වලට ඇහුනේ දේහියුන්ග් වගේම සේරීත් එකිනෙකාට ඇන කොටා ගන්න සද්දෙයි...

ටේහියුන්ග් ඉන්න තැනේ ඉදලාම ඔලුව දික් කරලා ගෙදර ඇතුල බැලුවා...මුලු ගෙදරම විනාස වෙලා ගිහින්...බිඳුන පෝසිලෙන් මල් පෝච්චි , තැන තැන කෑලී කැඩිලා ගිය පිරීසී කෑලී , තව නොයෙකුත් වර්ගයේ බඩු බාහිරාදියෙන් මුලු සාලේම රතු පොලව වැහිලා ගිහින් තිබුනා...

" අප්පා"

ටේහියුන්ග් ගෙදර දොරකඩ ලඟ හිටගෙන දේහියුන්ගේ නම කතා කරන්කොට දේහියුන්ග්ටත් කලින් ඒ පැත්තට බෙල්ල හැරෙව්ව සේරී ගිනි පුපුරු පිටවෙන ඇස් දෙකත් එක්ක අඩියට දෙකට ටේහියුන්ග් ලඟට ගියා...

" අහ් ආවාද උබ? අපේ පවුලේ නම්බුව නැති කරාපූ පිස්සා..."

" සේරී !!! "

" අහ් !!! "

දේහියුන්ග් සේරීගේ නම සද්දෙන් කෑගැහලා ඒ ලඟට කිට්ටු වෙන්න හැදුවාත් ඊට කලින් ඉස්සර උන සේරීගේ අත එහෙමම ටේහියුන්ගේ කම්මුලකුත් , ඒ පැත්තෙම කනකුත් එකම මොහොතේ සිප ගත්තේ ඒ ගමන්ම ටේහියුන්ගේ ඇස් වලටත් කඳුලු පනින්න සලස්වලා...

සේරීගේ අත ඇවිත් වැදුන කම්මුලේ තද රතු පාටින් ඇඟිලි සලකුණු හතරක් සටහන් වෙද්දි සේරී අතේ පැලඳගෙන හිටිය මුදුව වැදිලා ටේහියුන්ගේ තොල කෙලවරත් තුවාල වෙලා ගියා...

ඒ පාර ඇත්තෙන්ම සැරයි...ටේහියුන්ගේ මුලු කම්මුලම ගිනි ගහන්න වගේ රත් වෙන්න පටන් ගත්තා...එහෙන් සේරීගේ අල්ලත් රතු පාටට හැරුනා...සේරී උනාත් මේ තරම් හයියෙන් ටේහියුන්ග්ට අත උස්සපූ පලවෙනි පාර මේ...

නමුත් සේරී එක කම්මුල් පාරකින් පමණක් නොනැවතුනා...කිහිප වතාවක්ම උඩට ඉස්සුන සේරීගේ පුපුරු ගහන අත එහෙමම ගිහින් ටේහියුන්ගේ බාහුවෙත් පිටෙත් දෙතුන් පාරක්ම නැවතුනා...

" සේරී ඕක නවත්තනවා....!! "

දේහියුන්ග් සේරීව නවත්තන්න උත්සහා කරත් මේ මොහොතේ සම්පූර්ණයෙන මනසම වෙනතකට හැරිලා තිබ්බ සේරී තමන්ගේ වැඩේ එතනින් නවත්තන්න බලාපොරොත්තු නොවුනා...

" තමුන් පැත්තකට වෙලා හිටියෝත් බොහෝම හොඳයි දේහියුන්ග්....මූ...මූ...අපේ ඇස් වලටත් වැලි ගහලා කොහෙවත් ඉන්න නොසන්ඩාලෙක් එක්ක පැනලා ගියපූ වේලාවකත් තමුසේ මූගේ පැත්තටම කතා කරයි....කරන්න ඕන සේරම තුප්පැහි වැඩ කරලා තවත් ඉන්න ලස්සන විතරක්.."

තමන්ගේ කතාවේ අවසානේත් සේරී නැවතත් ටේහියුන්ගේ පිට මැද්දට සද්දේ ඇහෙන්නම පාරක් ගැහුව්වා...

" ආ යකෝ !!! තෝ මේ ඔම්මාගෙන් බීපූ කිරි වලටවත් ගුණේ තියාපූ විදිහද මේ අහ්? මට ලැජ්ජයි අයිසේ තෝ වගේ පුතෙක්ව වදාපූ එකටත්...අපි තෝට කරපුවාට තෝ මෙහෙමද යකෝ අපිට ස්තුති කරන්නේ ?...බලපන්...බලපන් මං කොහොමද දැන් අර මිනිස්සුන්ට මුහුන දෙන්නේ කියලා...තොට හොඳක් කරන්න ගියාම තෝ දෙනොදහක් මැද්දේ අපේ මුහුනේ දැලි ගෑවා...තොගේ මී හරක් වැඩ දැන ගත්තොත් ගමේ එවුන් අපිට පුකෙනුත් හිනා වෙයි.."

" ඔම්මා...ඕක නවත්ත ගන්න..."

කතා කරන වචනයක් වචනයක් පාසා සේරීගේන් හම්බෙන සැර පහරවල් විඳ දරාගෙන හිටිය ටේහියුන්ග් ඇස් දෙක වහගෙන පුලුවන් තරම් ඉවසීමෙන් එහෙම මුමුනන්න උනා...

" ඇයි ? ඇයි තොට රිදෙනවා ද ? රහද අර අඩු කුලේ එවුන්ගේ බත් නෑබිලිය අහ් ? තෝ දැනුත් ඒ ගුබ්බැයම අස්සේ රිංගන් ඉදලා නේද ආවේ ? තවත් ලැජ්ජාවක් නැතුව ඇඳුමක් ඇදගෙන උබ මගේ ඉස්සරහා මෙහෙම හිටගෙනත් ඉන්නවා නේ...පලයන්...ගිහින් එහෙම බින්න බැහියන්...දහඩිය මහන්සි වෙලා උබව චුටි කාලේ ඉදලාම කඳුලක් නොදි සැප පහසූවට හැදුවේ මේ දේ කර ගන්න නේ...ඉතිං පලයන්...වේලක් ඇර වේලක් කනකොට තේරෙයි උබට අපි දුන්න සැප කොහොමද කියලා..."

" ඔව් යකෝ !!! මං යනවා තමයි...මං කොහොමත් ආවේ මෙහෙට බින්න බහින්න නෙමෙයි...මේ මහ ලොකු ඉලව් වලව්වට වඩා මට ඒ පුංචි පැල්පත දහයෙන් සම්පතයි බොල...!!! වේලක් ඇර වේලක් කෑවත් මේ අපායේ ජීවත් වෙනවාට වඩා මං ඒ මැටි පොලොව උඩ සතුටින් ඉන්නවා....!!!"

ඉවසගෙන ඉදලා ඉදලා බැරිම තැන ටේහියුන්ග් බෙල්ලෙ නහරත් උලුප්පන් සද්දෙන් කෑගහන්න ගත්තේ වලව්වේ වහලත් උඩට ඉස්සෙන විදිහට....

" අහ් උබ දැන් ඔහොමද තමන්ගේ ඔම්මාට කතා කරන්නේ...ඔව් ඔව්..අර කොහෙවත් ඉන්න හිඟන හැතිකරේව ආශ්‍රය කරාම උබට ඔම්මා අප්පාවත් දැන් අඳුරගන්න බැහැනේ...ඉතිං පලයන්...කවුද උබව නවත්ත ගත්තේ...ගිහින් අර ජියෝන්ගේ ගැණීගේ බිබික්කමවම හුරතල් කර කර ඉදපන්...උබට දුකක් නොදි ජීවත් වෙන්න මාර්ගයක් හොයලා දුන්නම උබට ලොකු අර ගුබ්බෑයම නම් පලයන් එහෙටම වෙලා ඉදපන්..හැබැයි , උබට ආයේ මේ වලව්වෙන් එක වතුර උඟුරක් ලැබෙන්නේ නැහැ...අන්න ඒකත් හොඳට මතක තියා ගනින්...අදින් පස්සේ මගේ පුතාත් මැරුනා...තව හත් දොහකින් මං උබේ දානේත් මගේ අතින්ම බෙදනවා..."

" ඉතිං බෙදා ගන්න...මට මොකද...මේක හරි කෙලියක් උනා නේ..උබලා මට බලෙන් බන්ඳන්න හදන එක එක නගර සෝබනියන්ට වඩා යූනා ඔම්මාගේ බිබික්මව මට කොහොමත් හොඳයි තමයි බොල !!! කොහෙවත් ඉන්න සක්කරවට්ටම් වලට වඩා අර ගුබ්බෑයමේ ඉන්න හිඟන කොල්ලා මට කොහොමත් වටිනවා...මං ආයේ මෙහෙ ලඟින්න එන්නෙත් නැහැ...උබලා ඔය කියවන දාන්නේ මන්නේ , අර තව නම්බු නාම.. අන්න ඒවාම එක්‍ රැස් කර කර ඉදපන්...කවදා හරි වල පල්ලට යද්දිත් ඕවා අරගෙන යනවා නේ...උබලාගේ මේ තියෙන කුහකකමට කවදා හරි වල පල්ලටත් හෙන ගහයි කිම් සේරී...!! ."

" ටේහියුන්ග් !!! "

" ඇත්ත කිව්වම ලමාතැනීට වේදනා ඇති...මටත් හැකියි තනියම හම්බ කරන්න..උබලාගෙන් මාස පතා හම්බෙන්ම සොච්චමට මෙහෙම කතා අහනවාට වඩා හොඳයි යකෝ ගිහින් පාරේ හිඟා කන එක....ආයේ තොපිලාගේ එක තබ සතයක දෙයක් මට එපා...මට වතුර උගුරක් තියා ආයේ මගේ බල්ලාවත් මෙහෙට අඩිය ගහන්නේ නැහැ...."

" ටේහියුන්ග් !!!! "

ටේහියුන්ග් මුහුනටම කියන කතා අහගෙන ඉන්න බැරි උන සේරී නැවතත් ටේහියුන්ග්ට අත උස්සද්දි ඒ අතේ මැණික් කටුව ගාවින්ම තද කරලා අල්ල ගත්ත ටේහියුන්ග් , සේරී දිහා රතු වෙලා නලියන ඇස් වලින් බලාගෙන ඉන්න ගමන්ම මිටමොල වෙච්ච අතෙන් වැරෙන් පහරක් එහා පැත්තේ බිත්තියට එල්ල කරා...

" උබට මාව පුතා විදිහට පිලිගන්න බැහැ වගේම මටත් උබව ඔම්මා විදිහට පිලිගන්න බැහැ...මං හිතේ තිබ්බ ගෞරවය නිසා මෙතාක් වෙච්ච දේවල් ඉවසගෙන හිටියා මිසක්කා දැන් මගේ හිතේ තිබ්බ ඒ පොඩි ගෞරවයත් නැහැ....මින් මත්තට මට උබලාගේ හුලඟක්වත් වදින්න ඕන නැහැ.... තමන්ගේ එකම පුතාගේ හැඟීම් තේරුම් ගන්න නම් උබට ආයේත් සැරයක් මැරිලා ඉපදෙන්න වෙයි සේරී..."

සේරීගේ මුහුනට නැවිලා දත් මිටිකාගෙන මිමිනුම් ස්වරයකින් එහෙම කිව්ව ටේහියුන්ග් අල්ලගෙන හිටිය සේරීගේ අත අතැරලා ඒ උරහිසේ වැදීගෙනම කාමරේට ගිහින් මල්ලක් අරගෙන අල්මාරිය හිස් කරන්න පටන් ගත්තා...

සේරී එහෙමම බිත්තියට හේත්තු වෙලා ටේහියුන්ගේ ඇඟිලි පාර හිටිලා තිබ්බ මැණික් කටුව අත ගාන්න ගත්තා...

" පුතේ...පුතේ ටේහියුන්ග්..උබ මොනාද කරන්න යන්නේ..? "

" අප්පා , කරුණාකරලා අහකට වෙන්න...මට තවත් මේ ගෙදර ඉන්න ඕන නැහැ..."

" පුතේ ඒත් ඔහොම හැසිරෙන එක නවත්තන්න.."

දේහියුන්ග් ඒ වචන කියලා ඉවර වෙනවාත් එක්කම ටේහියුන්ග් එකට යා වෙච්ච ඇහිබමත් එක්ක දේහියුන්ග් දිහා බැලුවා...

" මමද මේවා මුලින් පටන් ගත්තේ අහ් ? මමද අතපය විසි කරගෙන ආවේ...මං කොන්ද පණ නැති නපුන්සකයෙක් නෙමෙයි අප්පා..මමත් පිරිමියෙක්...කාගෙන් උනාත් වැරැද්දක් නැතුව ගුටි කනකන් මං බලන් ඉන්න ඕනද ? ඔම්මා කියන නම නිසායි මං මෙච්චරවත් ඉවසූවේ...ඔයාටම ඇහුනා එයා කිව්ව කතාව...ඉතිං මං තවත් ඉවසන්න ඕන ද...නැහැ අප්පා තවත් නැහැ...

එයා , හිතේ තිබ්බ ඒ පොඩි ගෞරවයත් නැති කරගත්තා...මට ඕන නැහැ තව මොහොතක්වත් මේ ගෙදර ඉන්න...ඒ වගේම මේ ටේහියුන්ග් 'කිම්' කෙනෙක් වෙලා ඉන්නේත් මේ තප්පර ගානේ විතරයි...එයාගේ පුතා මැරුනා නම් , ඉස්සරහටත් ඒ විදිහටම ජීවත් වෙන්න කියන්න..."

අන්තිම වචන ටික පැත්තක ඉන්න සේරීටත් ඇහෙන විදිහට කිව්ව ටේහියුන්ග් පාර හරස් කරගෙන හිටිය දේහියුන්ග්වත් පැත්තකට කරමින් ආයේ නොයෙන්නම වලව් දොරෙන් පිටවෙලා ගියා...

ගෙට්ටුව ඇරිලා වැහෙන සද්දේ ඇහෙනකොට මෙච්චර වෙලා තිබ්බ අහංකාරකම් නවත්ත ගත්ත සේරී බිත්තිය දිගේ රූටලා ගිහින් එතනම බිම ඉදගෙන අඬන්න පටන් ගනිද්දි දේහියුන්ග් ඉක්මනින් සේරීව පපුවට තුරුල් කර ගත්තා...

" මං වැරැද්දක් ද කිව්වේ අපේ මහත්තයා...මට ඕන උනේ ඌව අපි නැති කාලේකටත් සතුටින් තියන්න විතරයි..බලන්න ඌ එච්චර කරපූ මට කියලා ගිය දේ....මේ සේරම අර ජියොන්ගේ හිඟන කොල්ලා නිසා...ඒ හිඟන්නා තමා මගේ කොල්ලාගේ ඔලුවට විස පිරෙව්වේ..."

" කාටත් ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ සේරී...ඔයාගේ කටයි හොඳ නැත්තේ...තමන්ගේ දරුවෙක්ට කියන්න ඕන කතාවක්ද ඒ දරුවාගේ මුහුනටම කිව්වේ...මං මේ දේවල් මෙහෙම වෙයි කියලා දන්න නිසාමයි කිව්වේ මේ ප්‍රශ්න දුර දිග යවන්නේ නැතුව හෙමීට කතා බහා කරලා විසඳ ගන්න කියලා...කොහෙද උබත් මුරණ්ඩුයි..ඌත් මූරණ්ඩුයි...දැන් පේනවා නේ අන්තිමට වෙච්ච දේ...උබ කොහොමද බං උබේ අතීතේ අමතක කරේ...උබ අද කොල්ලාට බැන්නාට උබත් ආදරේ කරේ දුප්පත් මිනිහෙක්ට නේද...උබමයි එදා කිව්වේ ආදරේට තරාතිරම් ඕන නැහැ කියලා..එහෙව් කිව්ව උබම අපේ කොල්ලා නැවතුන තැනට ඇනුම් පද කියනවා...ඇයි සේරී ඇයි ? ඇයි උබ උබේ අප්පාම වෙන්නේ...."

" මට ඒ දුක ටේහියුන්ග්ට දෙන්න ඕන උනේ නැහැ...අපි මේ තැනට එන්න ගොඩාක් දුක් වින්දා...මට ඕන නැහැ කොල්ලාත් අපේ තත්වෙටම වැටෙනවාට...නමුත් ඌ අරහම හැසිරෙනකොට මගේ කටින් පැන්නේ මංවත් නොදන්න වචන..."

"අපි ඌගේ දෙමාපියෝ උනාත් අපිට එයාලාගේ ජිවීතේට ඇඟිලි ගහන්න පුලුවන් සීමාවක් තියෙනවා සේරී...ඌ නැවතුනේ ඌට නැවතෙන්න ඕනයි කියලා හිතුන තැන...අපිට ඒක වලක්වන්න බැහැ...සල්ලි නෙමෙයි ජිවීතේ...ඌ ඌගේ සතුට හොයාගෙන යන දිහාවකට ගියපූ දෙන් ...අපේ සීමාව මෙතනින් එහාට ඉවරයි...දැන් ඔය කඳුලු පිහගෙන යමන් කාමරේට...කොලුකමට හිතේ ඇති වෙච්ච තරහාට උබට සැර කරාට ඌ උබට තාමාත් ගරු කරනවා...ඔය කේන්තිය අඩු උනාම ආයේමත් ඔම්මා ගාගෙන උබ ගාවටම එයි...කෝ නැඟිටපල්ලා දැන්... වෙන්න ඕන දේ වෙලා ඉවර නේ..."

දේහියුන්ග් එහෙමම සේරීව වාරු කරන් දණගහගෙන හිටිය තැනින් නැඟිට්ටා...

.

.

ඒ අතරේ කිම් වලව්වෙන් කේන්තියෙන්ම එලියට බැස්ස ටේහියුන්ග් අවසානේ නැවතුනේ තමන්ගේ හිනාවටත් හේතුවක් උන ඒ පුංචි මැටි පැල්පතේ ඉස්තෝප්පුවේ උඩ...

" ජන්කූ....!!!! "

ගෙදර දොරකඩ ලඟ හිටගෙන දොරේ දාරේ මිරිකගෙන හිටිය ටේහියුන්ග් ජන්කුක්ගේ නම විලාප තියද්දි පිලිකන්නේ දර කඩන්න ගිය ජන්කුක් ඇහුන කෑගැහිල්ලත් එක්ක අතේ තිබ්බ පොරවත් බිම වට්ට ගත්තා...

" හ්..හියුන්ගී..."

දොර දාරේ ඇඟිලි තුඩු රතු වෙනකන් මිරිකගෙන, පිම්බුන නහයෙන් වේගෙන් හුස්ම එලියට ඇතුලට ගන්න ටේහියුන්ග් දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටිය ජන්කුක් හෙමීට ඒ ලඟට කිට්ටු උනා...

" මල්ලකට ඇඳුම් කෑලි දෙක තුනක් දාගෙන එන්න..."

" කොහෙ යන්නද හියුන්ගී ? "

ඒ වක්‍යායේ අන්තිම වචනේත් එක්ක ජන්කුක්ව ගැස්සිලා ගියා...ටේහියුන්ග් ගහෙන් ගෙඩි එන්න වගේ කිව්ව කතාවට ප්‍රශ්නාර්ථයක් මුසු පුදුමකින් හිටිය ජන්කුක් ටේහියුන්ගෙන් එහෙම ඇහුව්වත් හරි ඊලඟ තප්පරේ ජන්කුක්ව පේන්නම ගැස්සිලා ගියේ ටේහියුන්ග් කන් අඩි පිපිරිලා යන සද්දෙන් කෑගැහුව්ව නිසා...

" උබටත් දැන් කියන දේ තේරෙන්නේ නැද්ද...මෙතන ඉදන් හුන්ගී හුන්ගී නොගා ගිහින් කිව්ව දේ විතරක් කරලා වරෙන් ජන්කුක්...!!! "

ටේහියුන්ග් දත් මිටිකාගෙන පාරේ යන මිනිස්සුන්ටත් ඇහෙන තරම් සද්දෙන් කෑගහනකොට ගැස්සිලා ගියපූ ජන්කුක් ඉක්මනින් අතේ ඇඟිලි ටික එකට මිරික ගත්තා...

" පුතේ...?"

ඉස්තෝප්පුවෙන් ඇහෙන ශබ්දේට කුස්සියේ හට්ටිත් එක්ක පොර බඳිමින් හිටිය යූනාත් කලබලෙන් කුස්සියේ ඉදන් එලියට දුවගෙන එන ගමන් ඇස් වල කඳුලු පුරවන් ඉන්න ජන්කුක් දිහා බලලා එහෙමම ටේහියුන්ග් දිහාවට ඇස් ගෙනියමින් ඒ ලඟට අඩි තිබ්බා....

" ඔම්මා.."

" උබ රණ්ඩු කරා ද බං...? අනේ මං උබට කිව්වා නේ රණ්ඩු කරන්න එපාය කියලා..."

" ඒ කිව්ව පඩත්තර කතා ඉවසගෙන ඉන්න බැරි උනා ඔම්මා....ඉතිං මට කේන්ති ගියා..."

" දැන් උබ ඔය කඳමලු බැඳන් කොහෙ යන්නද ? "

" මං නගරේට යනවා....මට තවත් මේ ගමේ ශික්..මට තවත් තප්පරයක්වත් මෙහෙ ඉන්න ඕන නැහැ ඔම්මා....එතකොට උබ...? තවත් මොනාද ඕයි මෙතනට වෙලා කට බලි කරන් බලාගෙන ඉන්නේ...කිව්වාම අහලා ඇඳුම් ටික දාගෙන වරෙන්..."

බිය වැදිලා ඉන්න ජන්කුක්ට යූනා එක්ක කතා කරන ගමන්ම කෑගැහුව්ව ටේහියුන්ග් , ජන්කුක් ගේ අස්සට දුවන අතරේ එහෙමම ඇවිත් ඉස්තෝප්පුවේ බංකුවෙන් වාඩි උනා...

මොහොතකින් කලින් දවසේ නගරේට ගෙනහින් තවමත් සුද්ද කරගන්න බැරි උන ගමන් මල්ල අත් දෙකෙන්ම අල්ලන් ජන්කුක් ටේහියුන්ගේ ඉස්සරහින් හිට ගනිද්දි බංකුව උඩින් නැඟිට්ට ටේහියුන්ග් ඒ බාහුව මිරිකලා අල්ල ගන්න ගමන් යූනා දිහාවට හැරුනා...

" වූබින් අප්පාට කියන්න ජන්කු මගේත් එක්ක ගියා කියලා..."

ටේහියුන්ග් එච්ච්රයි කිව්වේ...එහෙමම පඩිපෙල් හතරෙන් බිමට බැහැලා වැලි පාරට අඩිය තිබ්බ ටේහියුන්ග් ජන්කුක්ව ඇදගෙන වගේ ගමේ වැට දිහාවට යනකොට කිසිවක් කර කියා ගන්න බැරුව තුශ්ටිම් භූත වෙලා හිටිය යූනා පඩියකින් බිමට බැහැලා පිටිපස්සට හැරි හැරි ටේහියුන්ග් එක්ක ඇදිලා යන ජන්කුක් දිහා බලාගෙන හිටියා....

ඊට පැය භාගේකට පස්සේ සෝල් වලට අල්ලපූ නගරය බලා පිටත් වෙන කෝච්චියක් ස්ටේශමෙන් නතර වෙද්දි ඒක සෝල් වලට නොයෙන බව දැන දැනම ටේහියුන්ග් ජන්කුක්වත් එක්කගෙන ඒ දුම්රියට ගොඩ උනා...

" ඉද ගන්නවා.."

ටේහියුන්ග් අල්ලගෙන හිටිය ජන්කුක්ව ආසනේ දිහාවට තල්ලු කරද්දි පඩරැල වගේ හිටිය ජන්කුක්වත් ඇඳිලා ගිහින් ජනේලේ ගාවින් ඉබේම වගේ ඉන්ද ගැනුනා...

ටේහියුන්ග්නුත් කරේ එල්ලන් හිටිය මලු දෙක , උඩ රාක්කෙන් දාලා ජන්කුක්ගේ එහා පැත්තෙන් ඉද ගන්න ගමන්ම නිකට ටිකක් උස්සන් හිස් අවකාශය දිහා බලාගෙන හිටියා...

මොහොතකින් නාලාව නාද කරමින් දුම්රිය ස්ටේශම පහු කරා...

විනාඩි කිහිපයක් ගත උනාත් මේ මුලු කාලය පුරාම ටේහියුන්ග් තියා ජන්කුක්වත් එකදු වචනයක් හෝ අනෙකා සමඟ බෙදා නොගත්තා...

ජන්කුක් ස්ටේශම පහුවෙලා ටිකක් දුර ගියාම ජනේලෙන් එලියේ තියෙන ඇස් දෙක කරකවලා හොරාට වගේ ටේහියුන්ග් දිහා බැලුවා...

ඒ මුහුනම ලොවි ගෙඩියක් වගේ රත් පැහැ වෙලා...ඇස් දෙකම ගිනි බෝල දෙකක් තරම් රතු පාට වෙනකොට ඒ ඇස් වල සුදු පාට අවකාශය වහ ගනිමින් චුටි චුටි රේඛා හැම තැනම පැතිරිලා තිබුනා..බෙල්ලේ නහර තවමත් එලියට පේනවා...හිනී නිකට පවා ඕනාවටත් වඩා තියුණු වෙලා පෙනුනේ සැරෙන් සැරෙන් දත් මිටිකන නිසා වෙන්න ඕන...රතු වෙච්ච නාස් කුහර තවමත් මකරෙකු ගිනි පිට කරන්නාක් මෙන් වේගෙන් ඉහල පහල උනා...

ටේහියුන්ග් ඉන්නේ කොහෙත්ම හොඳ තත්වෙක නෙමෙයි කියලා මේ අංග ලක්ශන වලින් තේරුම් ගත්ත ජන්කුක් ආයේමත් කිසිම කතාවක් නොකර තවත් ජනේලේ පැත්තට ඇලිලා නැවුන අත උඩින් නිකට තියා ගත්තා...

ජන්කුක්ගේ කලවා උඩ ගුලි ගැහුන අත කිහිප සැරයක්ම දිග ඇරි ඇරි නැවුනේ ටේහියුන්ගේ අත අල්ලන්න කියලා බල කරලා උන නමුත් ඒක කරන්නත් බය වෙච්ච ජන්කුක් ඒ අදහස එහෙමම අමතක කරලා දැම්මේ කලින් වගේ බැනුම් අහන්න ආසාවක් කොහෙත්ම ඒ හිතේ නොතිබ්බ නිසා...

ඉතිං ජන්කුක් පුලුවන් තරමක් ටේහියුන්ග්ට වද නොදි ඉන්න තිරණේ කරා......

නමුත් ඒත් එක්කම ජන්කුක්ව ගැස්සුනා...

ජන්කුක්ගේ කලිසම උඩ ගුලි ගැහුන අතේ පිට අල්ලට නොහිතුව විදිහට තවත් අල්ලක උණුසුමක් දැනෙන්න ගත්තා...

එහෙමම ජන්කුක් ඔලුව උස්සලා ටේහියුන්ග් දිහා බලද්දි ඒ වෙනකොටත් ටේහියුන්ගේ රත් පැහැ ගැන්වුනු ඇස් ජන්කුක් ලඟ නතර වෙලා තිබ්බා...

" අතින් අල්ලන්න ඇයි ඔච්චර කෙකර ගාන්නේ..."

ටේහියුන්ග් අහනකොට ඒ ඇස් මඟහැරපූ ජන්කුක් බිම බලා ගන්න ගමන් ටේහියුන්ග් අල්ලගෙන ඉන්න තමන්ගේ අත අනිත් පැත්ත හරවලා ටේහියුන්ගේ ඇඟිලි අතර තමන්ගේ චුටි ඇඟිලි පටලව ගත්තා...

" හියුන්ගීව තවත් කේන්ති ගස්සවන්න ඕන උනේ නැහැ..."

" වරෙන් ලඟට..."

ටේහියුන්ග් කියන කොට ජන්කුක් ආසනේ දිගේම ඇදිලා ඇවිත් ටේහියුන්ගේ උරහිස උඩින් ඔලුව තියා ගත්තා...

ටේහියුනුත් තමන් අල්ලගෙන ඉන්න ජන්කුක්ගේ අත ඔඩොක්කුව උඩින් තියාගෙන මහපට ඇඟිල්ලෙන් හෙමීට ඒ අත පිරිමැද්දා...

" මං මගේ ජන්කූ එක්ක කවදාවත් කේන්ති ගන්නේ නැහැ කියලා ජන්කූ දන්නවා නේ...හ්ම්ම්..."

ටේහියුන්ග් නිදහස් අතින් ජන්කුක්ගේ නලල වහගෙන හිටිය කොණ්ඩ කැරැල්ල කන පිටිපස්සෙන් රැදෙව්වා...

" අපි ආයේත් ගමට එන්නේ කවද්ද හියුන්ගී..."

" මං කලින් කිව්වා නේ...අපි ආයේත් ගමට එන්නේ නැහැ ජන්කූ..."

" මොකක්ද !? "

ජන්කුක් ඒත් එක්කම ඇස් ලොකු කරගෙන ඒ උරහිස උඩින් ඔලුව ඉස්සුවා...

" ආයේ ගමට එන්නේ නැහැ..."

" ඒත් -"

ජන්කුක් යමක් අහන්න ගියාත් ඒක ඊලඟ තප්පරේ තමන් විහින්ම නවත්ත ගත්තා ...

ටේහියුන්ග් ජන්කුක් දිහා බලලා යාන්තමට හිනා උනා...

" මොනාද කියන්න ගියේ ? "

" නැහැ... මුකුත් නැහැ.."

" වචන ගිල ගත්තේ මගේ මුහුන ඒ තරම් බය හිතෙන නිසාද...? "

" එහෙම නෙමෙයි...ඒත් මට දැන ගන්න පුලුවන් ද ඇයි ගෙදරින් එන්න තරම් මුරණ්ඩු උනේ කියලා... "

" මං ඉවසුවා...ඔම්මා නිසාම මං ඉවසූවා ජන්කූ...ඒත් ඒ කියන ජරා කතා අහගෙන මට ඉන්න බැහැ....ඔක්කොමත් හරි ..එයාලා උබට හිඟන කොල්ලා කියනකොට , මේ පපුව කකියනවා මැණිකේ...උබ දන්නේ නැහැ ඒ වේලාවට මට දැනෙන දේ...ඕන කෙනෙක් ඕනම තිරිසන් කතාවක් මට කියාපූදෙන්...ඒ සේරම මට ඉවසුව හැකි...නමුත් මගේ සීමා පනිනවා , මොකෙක් හරි එකෙන් මගේ කන් වලට ඇහෙන්න උබට අපහාස කරනකොට..."

ටේහියුන්ග් ඉස්සරහා බලාගෙනම අන්තිම වචන ටික මුමුනද්දි ජන්කුක් අල්ලගෙන හිටිය ටේහියුන්ගේ අත අරන් ඒ උඩින් තොල් තිබ්බා...

" ඉතිං ඒක ඇත්ත නෙමෙයිද මගේ හියුන්ගී...හියුන්ගීලා එක්ක බලනකොට මං ඇත්තටම හිඟන්නෙක් තමයි නේ..."

" හිඟන්නු කියන්නේ විදීයක් විදීයක් ගානේ ඉදන් අතපාන මිනිස්සුන්ට....උන් එහෙම කරන්නෙත් බඩගෝස්තරේ හොයා ගන්න..දෙයියන්ගේ පිහිටෙන් උබලා තාම ඒ තත්වෙට වැටිලා නැහැ...වුබින් අප්පා දාඩිය මුඟුරු දාන් කුඹුරේ නැහිලා නැහිලා සොච්චමක් හරි ගෙදරට අරන් එනකොට ඔබලා කොහොමද බං හිගන්නු වෙන්නේ...වේලක් ඇර වේලක් කෑවත් උබලා පවුලක් විදිහට සතුටින් ඉන්නවා...

සල්ලි අතගෑව මිනිස්සු කවද්ද බං ආදරේ හැදිනුවේ...සල්ලියි නම්බුවයි විතරක් ජිවීතේ කර ගත්තු මිනිස්සු අතරින් මං ඒ පුංචි පැල්පත ඇතුලේ පවුලක හරිම තේරුම අත් වින්දා...ගෙදර ගෘහ මූලීකයා උන වූබින් අප්පාත් යූනා ඔම්මාගේ අතින් බත් කනකොට , අපි දෙන්නාත් බිම ඉදගෙන විහිලු කර කර හිනා වෙනකොට මට පවුලක් ඇතුලේ තියෙන එකමුතුකම ඕනාවටත් වඩ දැනුනා ජන්කූ...ඉතිං එහෙම බැලුවාම සල්ලි වලට ගන්න බැරි ගොඩාක් දේවල් වලින් ජන්කූ පොහොසත් නැද්ද.."

" අනේ හියුන්ගී..."

" මට පුලුවන් මැණිකව නඩත්තු කරන්න...වගකීමක් ගන්න පුලුවන් නිසායි මං උබව එහෙට අරගෙන යන්නේ...මොන දේ කරලා හරි මං ඔය පුංචි බඩගෙඩිය පුරවනවා..ඒ වගේම නගරේට ගියාම පුංචි මහත්තයායි , ජියොන්ගේ කොලුවයි කියන අය නැහැ...මගේ ගේ ඇතුලේ ජීවත් වෙන්න ඕන ටේහියුන්ග් වගේම ජන්කුකුත් විතරයි...කිම්ලා ජියෝන්ලා මගේ බිත්ති හතර ඇතුලේ ඉන්න බැහැ...මගේ මැණිකේට තේරුනා නේ ?"

ටේහියුන්ග් අහනකොට ජන්කුක් ඔව් කියන්න ඔලුව ඉහල පහල....

එහෙමම ඒ උරහිස වටේ අත යැව්ව ටේහියුන්ග් ජන්කුක්ව පපුවට ලං කරන් හිස් මුදුනෙන් හැඟීම් පිරුන හාදුවක් තවරද්දි ටේහියුන්ගේ ගිනි ගන්න හදවත නිවාලන්න බලාපොරොත්තුවෙන් ඒ රෝම කූප වැඩිලා කමිසයෙන් යට වෙච්ච පපූ මැද්දට අල්ල තද කරුව ජන්කුක් ඇස් දෙක පියාගෙනම ඒ පපුව අතගෑවා...

වෙනදාට පැය පහේ ගමන අද තවත් ටිකක් දීර්ඝ උනේ වෙනදාට තනි කෝච්චියකින් සෝල් නගරේට එන ටේහියුන්ග්ලාට අද දුම්රින් දෙකක ගමනාන්තය දක්වා එන්න සිද්ද උන නිසා...

කොච්චියෙන් බැස්ස හැටියේ ජන්කුක්ගේ අතින් අල්ල ගත්ත ටේහියුන්ග් සුපුරුදු පරිදි ස්ටේශම ඉස්සරහා නවත්තලා තියෙන සුදු පාට කාරයක් වෙතනට ගොඩ වෙලා තමන්ගේ නවාතැනේ ලිපිනය රියදුරාට කියන ගමන්ම දුමිරියේ එන හැම මොහොතකම නිදි කිරා වැටෙන ජන්කුක්ව උරහිසට හේත්තු කර ගත්තා...

විනාඩි තිහක් පමණ කර්යයබහුල පාරක් දිගේ ඉස්සරහාට ඇදුන කාරය අවසානේ ටේහියුන්ගේ නවාතැන් පල ඉස්සරහින් නැවැත්තුවා...

ජන්කුක් එක්ක එකටම ගොඩනැඟිල්ල ඇතුලට ආව ටේහියුන්ග් තමන්ගේ ගෙදර දොර ලඟට කිට්ටු වෙද්දි ජන්කුක්ට කලින් ඉස්සර වෙලා දොරේ අගුල විවෘත කලා....

" මේ තියෙන්නේ මගේ පුංචි මාලිගාව...නම්ජුන් මහත්තයාගේ තරම් නම් විසාල නැහැ... ඒත් අපි දෙන්නාට ජීවත් වෙන්න හොඳටම සෑහෙයි..."

තමන්ගේ ගෙදර හැම දෙයක් දිහාම ඔලුව හරව හරව බැලුව ජන්කුක්ව පිටිපස්සෙන් බදා ගත්ත ටේහියුන්ග් ඒ උරහිස උඩින් කෙටි හාදුවක් තියනකොට ටේහියුන්ග් කතාව මැද්දෙන් නම්ජුන්ගේ නම ගාවලා කිව්ව දේට අත පිටිපස්සට යැව්ව ජන්කුක් ටේහියුන්ගේ ඔලුවට රිදෙන්නේ නැති වෙන්න පාරක් ගැහුව්වා...

" මෝඩ කතා කියන්න එපා හියුන්ගී...මේ ගෙදර ඇත්තටම ලස්සනයි ...නම්ජුන් මහත්තයාගේ ගෙදර මං වගේ කෙනෙක්ට කොහොමත් බර වැඩියි...මං ආස මේ වගේ හුරුබුහුටි චුටි ගේවල් වලට...මගේ පැල්පත්කොටේ එක්ක බලද්දි මටත් මේක මාලිගාවක් තමයි...."

" එහෙනම් අදින් පස්සේ මේ මාලිගාවේ රජතුමා මම..එතකොට ජන්කූ රැජින...හුම්ම්ම් දැන් ඉතිං අඩු පුංචි පුත් කුමාරෙක් තමා..."

" අනේ හියුන්ගී ඉන්නකෝ.."

ටේහියුන්ග් කිව්ව දේත් එක්ක මුලු සර්වාංගේම රතු කර ගත්ත ජන්කුක් ටේහියුන්ග්ව තමන්ගේ ලඟින් එහාට තල්ලු කරා...

" හරි හරි...ගිහින් ඇඟ පත පොඩ්ඩක් සෝද ගන්න.."

" කොහෙද හියුන්ගී නාන කාමරේ තියෙන්නෙ..? "

" අර කුස්සිය අයිනේ දොරක් තියෙනවා නේද...අන්න ඒ දොර ඇරගෙන යන්න...තනියම ඇඟ සෝද ගන්න අමාරුයි වගේ නම් කියන්න...මංම ඒකත් කරලා දෙන්න...ඕවා ඉතිං නොදැකපූ දේවල් දැයි..."

" යනවා යන්න මෝඩයා...!!! "

මඟක් දුරට ඇවිදගෙන ගිය ජන්කුක් ටේහියුන්ග් කිව්ව දේට දැනුන ලැජ්ජාව වහන් කර ගන්න කෑගහන ගමන්ම කකුලේ දාගෙන හිටිය සෙරප්පුව ගලවලා ඒක එහෙමම ටේහියුන්ගේ ඇඟට විසි කරේ ටේහියුන්ග් සද්දෙන් හිනා වෙද්දි...

.

.

.

කලුවර අහස ලස්සනයි...තැනින් තැන පිපුන පිච්ච මල් හා සමාන තරු කැටත් දසත විහිදිලා තිබුනා...අද සඳවති අඬ නිරුවතින් ඇවිත් කලුවර අහසට එළිය දුන්නා....

ජන්කුක් කාමරේ ජනේල් පියන් අතරින් ඒ හිත නිවන අහස දිහා බලාගෙන හිටියා...ටේහියුන්ග් පහලට ගියපූ වේලාවේ ඉදන් කරන්න යමක් නොහිතුන ජන්කුක් ඇඳෙන් බිමට බැහැලා ඒ ලඟම තිබ්බ ජනේලේ ලඟින් හිටගෙන මනබන්ධන රාත්‍රි සුන්දරත්වය නිදහසේම විඳ ගත්තා...

හැමදේම හීනයක් වගේ...නොහිතුව මොහොතක නැවතත් විඳගන්න ලැබෙයි කියලා කොහෙත්ම බලාපොරොත්තු නොවුන සිතුවිලි වලට පණ ඇවිල්ලා.....වෙනස්ම මුහුනුවරක් අරන් ආව ඒ අලුත් බලාපොරොත්තු නිදහසේම පණ ගැහුනා....

ටිකකින් ජන්කුක්ට ලී පොලොව උඩින් තියෙන බර අඩි වල සද්දයක් ඇහෙනවාත් එක්කම ඒ ඉණ වටේ ශක්තිමත් අතක් එතෙන බව දැනුනා...

ඒත් එක්කම බෙල්ලේ පිටිපස්සට සීතල තෙත හාදුවක් ලැබෙද්දි ඉබේම ඇස් අඬවන් උන ජන්කුක් අතක් පිටිපස්සට යවලා තමන්ගේ පිටිපස හිටගෙන හිටිය ටේහියුන්ගේ කොණ්ඩේ අහුරක් අල්ලට ගුලි කර ගත්තා...

" හ්...හියුන්ගී..."

" හ්ම්ම්..."

ටේහියුන්ග් මිමිනුවා...

එහෙමම ජන්කුක්ගේ ඉනෙන් අල්ලලා එයාව තමන්ගේ මුහුන පැත්තට හැරෙව්ව ටේහියුන්ග් ජන්කුක්ගේ ඇස් තමන් හා බැඳෙනවත් එක්කම ජන්කුක්ව පිටිපස්සේ තිබුන ජනේලේට හේත්තු කෙරෙව්වා....

හඳ එළිය විනිවිද ජනෙල් අතරින් කාමරේට වැටිලා අඳුරු වෙලා තිබුන කාමරේම එළිය කරා ...

ජන්කුක් ටේහියුන්ගේ නිරුවත් උරහිස් දෙපැත්තෙන් අත් තියා ගත්තා...ටේහියුන්ගේ ඇස් සඳ එළිය වැටිලා දිලිසෙන ජන්කුක්ගේ බෝල ඇස් අතර මංමුලා උනා...

" ලස්සනයි...හඳ එළිය වැටුනාම මේ ඇස් ලස්සනයි...."

ටේහියුන්ග් තමන්ටත් ඒ ඉස්සරහාම ඉන්න ජන්කුක්ටත් ඇහෙන ගානට පමණක් කෙඳිරුවා...

ජන්කුක් ඉක්මනින්ම යටි තොල හපන් බිම බැලුවා...

" උස්සපන් මුහුන...මං ආසායි ඔය ඇස් අස්සෙන් මාවම දකින්න..."

ටේහියුන්ග් ජන්කුක්ගේ නිකට යටින් ඇඟිල්ලක් තියලා ඒ නිකට හෙමීට උඩට ඉස්සුවා...ජන්කුක්ගේ කම්මුල් ගිනි ගන්නවා...ඉතිං මුහුන නිකටෙන් උඩට ඉස්සුනාත් ජන්කුක්ගේ ඇස් ටේහියුන්ග්ව මඟහැරියා...

" මට මාර නිවනවක් දැනෙනවා මැණිකේ...මං කවදාවත් හිතුවේ නැහැ මේ කඳුලින් තෙත් වෙච්ච කාමරේ කවදා හරි දවසක උබේ ඔඩිකොලොන් සුවඳින් පිරෙයි කියලා..."

ජන්කුක් ඇඟ දිගේ ගලාගෙන ගිය හිරිය මඟහැර ගන්න ටේහියුන්ගේ පිට පහුරු ගැහුව්වා...මේ මුමුනන වචන ඒ හිතට බරයි...

කාත් කවුරුත් නැති වෙච්ච ගෙයක් අස්සේ ඉදන් ,තමන් මහමෙරක් ආදරේ කරන ඒ පපු කඳට හිර වෙලා ඉන්න ජන්කුක්ව දැනෙන නොදැනෙන ගැහෙන්න ගත්තා...

ටේහියුන්ග් ජන්කුක්ගේ රත් වෙච්ච කම්මුලක් කූල්මත් කරන්න හාදුවක් තිබ්බා....

" මීට වඩා හොඳට අහස බලන්න කැමති ද ? "

ටේහියුන්ග් වෙන කාටත් ඇහෙයි වගේ හඬකින් එහෙම අහනකොට කටට මුද්‍රා වැටිලා තිබ්බ ජන්කුක් නිහඬවම ඔලුව ඉහල පහල කරා...

එහෙමම ටේහියුන්ග් ජන්කුක්ගේ පිටිපස්සේ පැත්තකට අරින්න තිබ්බ ජනේලේ ඇරලා එතනින් එහා පැත්තේ තිබ්බ බැල්කනියට යන්න තිබ්බ මාර්ගේ විවර කරා...

" යන්න...ඔතනට මීටත් වඩා පැහැදිලිව ටේහියුන්ගේ පපුව ඇතුල පේනවා..."

ටේහියුන්ග් කලුවර අහස තමන්ගේ ගැඹුරු හර්දයට සමාන කරලා ජන්කුක්ව තමන්ගේන් ඈත් කරන්කොට ටේහියුන්ග්ට පිටුපෑව ජන්කුක් ජනේලෙන් එපිට තිබ්බ පුංචි බැල්කනියට ගොඩ උනා...

ඇත්තටම ජනේලේන් මෙපිටට වඩා ලස්සන දර්ශනයක් බැල්කනියට පෙනුනා...නගරේ එළියයි , සඳ එළියයි එකතු වෙලා මුලු රාත්‍රියම වර්ණවත් කරා...

ජන්කුක් බැල්කනි එකට ගිහින් අත් වැටට හේත්තු වෙනකොට කාමරේ ඇතුලේ හිටිය ටේහියුන්ග් කරේ දාගෙන හිටිය සාලුව ඇඳ උඩට විසි කරලා , තෙත කොණ්ඩේ අතින් ගසන ගමන් කලින් ගෙනාත් මේසේ උඩින් තිබ්බ කෝපි කෝප්පෙත් එක්ක ජන්කුක් හිටිය බැල්කනිය උඩටම ජනෙල් කන්ඩියෙන් එලියට පැන්නා...

" හ්ම්ම් ගන්න...කලින් ඇඟ සේදුව නිසා සීත අල්ලයි..."

ටේහියුන්ගේ අතේ තියන් කරකව කරකව හිටිය කෝපි කොප්පේ ජන්කුක්ගේ පැත්තට දික් කරද්දි ඒ දිහා බලලා ඇහිබම එකට ලං කර ගත්ත ජන්කුක් ආයේත් ටේහියුන්ග් දිහා බැලුවා....

" කෝ හියුන්ගීගේ කෝප්පේ...? "

" මට එපා...මේක අරන් බොන්නකෝ..."

" එහෙම හරි නැහැ නේ...හියුන්ගී භාගයක් බීලා දෙන්න...මං ඉතුරු ටික බොන්නම්..."

ජන්කුක් කිව්ව විදිහටම කොප්පෙන් හරි අඬක් බීපූ ටේහියුන්ග් ඒක ජන්කුක්ගේ අතේ ගුලි කරනකොට ජන්කුක්ද කෝපි කෝප්පේ අඩියටම හින්දෙව්වා...

ජන්කුක් කටේ තිබ්බ කෝපි වතුර ටික උගුරෙන් පහලට හලා ගන්නවත් එක්කම ටේහියුන්ග් ජන්කුක්ගේ අතින් ඇදලා එයාව තමන්ගේ පලල් පපුවට හේත්තු කර ගත්තා...ටේහියුන්ග්ගේ අත් ජන්කුක්ගේ ඉණ වටේ එතුනා...ජන්කුක් කෝප්පෙත් ඇඟිලි අතර හිර කරගෙනම ටේහියුන්ගේ තරමක් ඉදිරියට නෙරපූ පපු දෙපැත්තෙන් අත් තියා ගත්තා...

දෙන්නාට දෙන්නා තප්පර කිහිපයක්ම නිහඬව එකිනෙකා දිහා බලාගෙන හිටියා...

ටිකකින් ටේහියුන්ග් ජන්කුක්ගේ නලල උඩින් තමන්ගේ නලල හේත්තු කරගෙන මොහොතකට ඇස් වහලා හුස්මක් පිට කරා....

" දන්නවා ද මැණිකේ ? උබ ඇවිත් දිව්‍ය ඔසුවක්...ගිනි ගන්න හදවතක් නිවාලන්න පුලුවන් දිව්‍ය ඔසුවක්...උබ මං දිහා බලලා එකම එක ඇහි පිල්ලමක් ගහන් , සත්තයි මේ ටේහියුන්ග් කියන ගින්න සම්පූර්ණයෙන්ම නිවිලා යනවා බං....උබේ එක බැල්මක් ඇති මේ ටේහියුන්ග්ව දමනය කරන්න....."

ටේහියුන්ග් ආයේමත් මිමිනුවා...ජන්කුක් ඇස් දෙක බිමට හරවන් ටේහියුන්ග් කියන එව්වා අහගෙන හිටියා....

ජන්කුක්ට අමුතුයි...මේ වගේ වචන කාලයක් තිස්සේ ඇහෙන්නේ නැතුව ඉදලා ආයේත් පාරක් ඇහෙන්න ගත්තාම ජන්කුක්ට මහ අමුත්තක් දැනුනා....නමුත් ටේහියුන්ගේ වචන ඇතුලේ කොහෙත්ම ජන්කුක්ට අපහසුවක් නම් නොදැනුනා...ඒ වෙනුවට උඩ පනින්න ගත්තේ රිද්මයක් අහලකවත් නැති උන හදවතයි...

ටේහියුන්ග් ජන්කුක්ගේ අතේ තිබ්බ කෝප්පේ අරන් පැත්තකින් තියලා ආයේත් ජන්කුක්ගේ ඉණ හරියෙන් අල්ල ගත්තා...

ගෙවීගෙන යන තප්පරයක් තප්පරයක් පාසා ජන්කුක්ට දැනුනා තමන් ඇදගෙන උන්න කමිසේ උඩට ඉස්සිලා ටේහියුන්ගේ සීතල ඇගිලි තුඩු තමන්ගේ බඳ වටේ සක්මන් කරන බව...

ජන්කුක් ඒ ඇඟිලි තුඩු තමන්ගේ හමේ ඇවිත් වදින වාරයක් වාරයක් ගානේ ටේහියුන්ගේ උරහිස මිරිකුවා....

ටිකකින් ටේහියුන්ග් ජන්කුක්ගේ ඉණ ගාව තිබ්බ අතක් එතනින් ගලවගෙන ඒ අතින්ම ජන්කුක්ගේ කම්මුලත් කනත් එකටම අල්ලන් ඇස් දෙක වහ ගත්තා....

ජන්කුක්ද ඉඟියෙන් වගේ දැනුන ටේහියුන්ගේ ඊලඟ පියවර තේරුම් අරන් හෙමීට ඇස් අඬවල් කරා...

ටේහියුන්ගේ නාස් කුහර ඇතුලේන් එලියට පිට වෙන උණුසුම හුස්ම ජන්කුක් ලඟට ලං වෙන්න උත්සහා ගන්න ටේහියුන්ගේ දෙතොල් වලටත් කලියෙන් ඒ මුහුන සිප ගනිද්දි වැඩි වේලාවක් නොගෙනම ටේහියුන්ග් තමන්ගේ තොල් ඒ රෝස පෙති උඩින් හරි පරිස්සමට තිබ්බේ තමන් නිසා ඒ මල් පෙති තැලෙයි කියන බියත් සමඟ...

මුල් තප්පර කිහිපයේ ඒ සිප ගැනීමේ මූලාරම්භය පුංචිම පුංචි හාදුවක් උන නමුත් ඔරලෝසුවේ කටුව වටයක් කැරකිලා හරියටම විනාඩියක් සම්පූර්ණ කරනවාත් එක්කම පටන් ගත්ත පුංචි සිප ගැනීම හරිම ඉක්මනින් දිර්ඝ හාදුවකට පෙරලෙන්න පටන් ගත්තේ ඒ හාදුව තව තවත් ගැඹුරු කරවලා...

ටේහියුන්ග් තමන්ගේ දතක්වත් නොවද්දවා දෙතොල් වලින් පමණක්ම ජන්කුව රස වින්ඳා...ඒ ඇඟිලි තවමත් ජන්කුක්ගේ ඉණ මත තෙරපූනා...

ජන්කුක් යාන්තමට ඇගිලි තුඩු වලින් හිටගෙන ටේහියුන්ගේ බෙල්ල බදාගෙන ඒ ඇඟට බර වෙද්දි තව දුරටත් ඒ කකුල් වලට පණ නැහැ කියලා තේරුම් ගත්ත ටේහියුන් ජන්කුක්ගේ ඉනෙන් අල්ලගෙන , කරකවලා අරන් ජන්කුක්ව වැටට හේත්තු කරවන ගමන්ම තව තවත් ගැඹුරු හාදුවකට මුල පුරන්න බෙල්ල අනිත් පැත්තට ඇල කරා...

සඳ කිරණෙන් නැවුන ටේහියුන්ග් ජන්කුක් දෙදෙනාම සඳලුතලේ ඉදන් නොනැවතුන හාදුවකට වග කියනකොට ඒ හාදුවේන් පිට වෙන චුටි හඬත් හරි ඉක්මනට බැල්කනිය පුරා පැතිරුනා...

කඩින් කඩ නැවතුන හාදුවේ කිසිම මොහොතක දෙතොල් ඈත් වීමක් නම් සිදු නොවුනා...

දෙන්නාම වේගෙන් හුස්ම ගත්තා...සිප ගැනීම අතරතුරේ ලැබෙන පොඩි විවේකයෙදිත් අනෙකාගෙන් ඈතට යන්න ලෝබ කරපූ ටේහියුන්ග් ජන්කුක් දෙදෙනා එකිනෙකාගේ දෙතොල් උඩම හුස්ම පිට කරා...හුස්ම ගන්න අපහසූම උන තැනෙදිත් සමේ ඇඟිලි පාරවල් හිටිනකන්ම අනෙකාව මිරිකගෙන එයාලා එයාලාගේ හාදුවේ අනන්තේ සොයාගෙන ගියා...

විනාඩි දහයකට ආසන්න කාලයක්ම ජන්කුක් ටේහියුන්ග්වත් , ටේහියුන්ග් ජන්කුක්වත් සිප ගත්තා...

නමුත් ජන්කුක්ට තවත් අල්ලගෙන ඉන්න අමාරු උනා...තව දුරටත් හුස්ම නොගෙන ඉන්න අපහසු උනා...ඒ නිසාම ජන්කුක් ඉක්මනින්ම ටේහියුන්ගේ උරහිසට නියපොතු තද කරා...

ඒ ඉඟිය වටහා ගත්ත ටේහියුන්ග් අවසානේ හැඟීම් පොදි ගැහුන , ආදරෙන් එහා ගිය නමුත් රාගයෙන් මෙහා නැවතුන හාදුවට තිත තියන්න තීරණේ කරා....

දෙදෙනාගේ යටි තොල් , ගෑවිලා තිබ්බ ඛේටත් හඳ එලිය නිසාත් දිස්නේ ගැහුව්වා..

ජන්කුක් ඔලුව බිමට නමන් ඇස් දෙක වහගෙන වේගෙන් හුස්ම ගත්තා...ඒ වේගෙන්ම ටේහියුන්ග්නුත් ජන්කුක්ගේ පියවුන ඇස් දිහා බලන් මඟ නැවතුන හුස්ම යලිත් යථා තත්වයට පත් කර ගන්න වෙර දැරුවා...

ටේහියුන්ග් ජන්කුක්ගේ ලේ පිරුන කම්මුලක් හෙමීට පිරිමැදලා ඒ නලල ඉම්බා...

"ජන්කූට පුලුවනීද මට කවදා හරි ජන්කූගේ නම දෙන්න..."

තමන්ගේ ඉණ වටේ අත් බැඳගෙන ගැහෙන පිරිමි පපුවට කම්මුලක් තද කරන් ඉදිය ජන්කුක්ගේන් එහෙම ඇහුව්ව ටේහියුන්ග් ජන්කුක්ගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යැව්වා...

" මගේ නම ? "

" ඔව් "

" මොන නමද හියුන්ගී...? "

" ජියෝන් කියන නම...කවදාහරි මට ජියොන් ටේහියුන්ග් වෙන්න දෙනවාද ? "

ඒත් එක්කම ජන්කුක් කලබලෙන් ඔලුව ඉස්සුවා..

" හියුන්ගී !! මොනාද මේ කියන පවුකාර කතා.."

" එකේ මොනාද තියෙන පව්කාර කම ජන්කූ.."

" මෙච්චර වැදගත් වාසගමක් තියාගෙන...ඇයි මේ දුප්පත් එකෙක්ගේ වාසගම ඉල්ලන්නේ."

" මං උබට කිව්වා මේ බිත්ති හතරේ දුප්පත් පොහොසත් භේද නැහැ කියලා...එතකොට වාසගම ඉල්ලුවේ මට තවත් කිම් කෙනෙක් වෙලා ඉන්න ඕන නැති නිසා..."

" හේතුව ?"

" මං තව දුරටත් වලව්වට මැරිච්ච එකෙක්...ඒ වගේම මට බයයි...මට බයයි ඒ වාසගමේ ඉන්න අය වගේ මමත් ලොකු උනාම දුප්පත් මිනිස්සුන්ව පාගයි කියලා...මට ඕන නැහැ එහෙම වෙන්න...මං කවදාවත් අහංකාරකම් ඔලුවට දා ගත්ත කෙනෙක් නෙමෙයි...ඒත් බයයි වලව් ඌශ්නේ මටත් එයිද කියලා..."

ටේහියුන්ග් කියනකොට ඒ පපුවෙන් එහාට උන ජන්කුක් ටේහියුන්ගේ කම්මුල් දෙකම අත් දෙක මැදි කරන් ඒ නහය උඩින් කෙටි හාදුවක් තිබ්බා...

" ඒ ගතිගුණ වාසගමක් නිසා වෙනස් කරන්න බැහැ මගේ හියුන්ගී...සේරී නෝනා එදා ඉදලාම ආඩම්බරයි බව අපි දන්නවා නේ...ඒක වාසගම නිසාවත් , වලව්ව නිසාත් ඇති වෙච්ච දෙයක් නෙමෙයි...එයා විහින්ම ඇඟට ආවේශ කර ගත්ත දෙයක්...නමුත් හියුන්ගී ගාව ඒ ගති නැහැ...එහෙම තිබ්බා නම් හියුන්ගි කවදාත් කට පුරා මගේ දෙමාපියන්ට ඔම්මා අප්පා කියන්නේත් නැහැ...මිනිහෙක් හොඳ වෙන්නෙත් නරක් වෙන්නෙත් අපි හිතන සිතුවිලිත් එක්ක...හියුන්ගීට ඔය දෙකෙන් කැමති එකක් තෝර ගන්න පුලුවන්...නමුත් මං දන්නවා...හියුන්ගී කවදාවත් හිතුවක්කාර උද්දච්ච ගති පැවතුම් තියෙන කෙනෙක් වෙන්නේ නැහැ..."

" ඔයාට විස්වාස ද ? "

" මටත් වඩා මං මගේ හියුන්ගීව විස්වාස කරනවා.."

ජන්කුක් ඇඟිලි තුඩු වලින් ඉස්සිලා ටේහියුන්ගේ තොල් උඩ තමන්ගේ තොල් තද කරද්දි කම්මුලේ නැවතිලා තිබ්බ ජන්කුක්ගේ අතක් අල්ල ගත්ත ටේහියුන්ග් ජන්කුක් තමන්ගෙන් ඈත් වෙන ගමන් ඒ අල්ල ඉඹලා එහෙමම ඒ අත පපුවට තුරුල් කර ගත්තා...

" ජන්කූ උයන පිහන වැඩ වලට එහෙම මනාපයි නේද ? "

" ඔව් හියුන්ගී..."

" එහෙනම් හෙට උදේට ඇඳගෙන ඉන්න...පොඩි ගමනක් යන්න.."

" කොහෙද ? "

" ඔයාව උයන පන්තියකට දාන්න...මං උදේ වරුවේ ගෙදර නැති නිසා ගේ අස්සේ තනි පංගලමේ ඉන්න අවශ්‍ය නැහැ...නිකන් ඉන්න එකේ දෙයක් ඉගෙන ගන්න එකත් හොඳයි නේ .."

" අනේ හියුන්ගී..."

" මොනාද අනේ අනේ ගාන්නේ...බය වෙන්න කිසි දෙයක් නැහැ...එහෙට ගියාම ඔයාට අලුත් යාලුවෝ එහෙමත් මුණ ගැහෙයි..."

" ඒත් ඉතිං ඉන්ගිරිසි කතා කරොත් ? "

" නැහැ නැහැ...එතන කිසිම දෙයක් ඉන්ගිරිසියෙන් උගන්නේ නැහැ...පලවෙනි දවස නිසා කැමති නම් මං ඔයා එක්ක පන්තිය ඉවර වෙනකන් ඉන්නම්...ඊට පස්සේ ඉදන් තනියම වැඩ ටික කර ගන්න වෙනවා..කමක් නැහැ නේ...? "

" හූම්ම්ම්..."

ජන්කුක් තොල උල් කරන් ඔලුව හෙලෙව්වා...

" දැන් ඔය මුහුන දොඩම් ලෙල්ල වගේ කර ගන්නේ නැතුව යන් ඇතුලට..."

" එතකොට මං නිදා ගන්නේ කොහෙද හියුන්ගී..."

" මගේ ඇඳේ..."

" අහ් ? "

ජන්කුක් බිමට හරවන් හිටිය ඔලුව උස්සලා ටේහියුන්ග් දිහා ඇස් දෙක ලොකු කරන් බලාගෙන හිටියා...

" ඇයි ? "

" හියුන්ගී එක්ක මං එකම ඇඳේ නිදා ගන්න ? "

" අනේ මේ..උබේ ලැජ්ජාව පැත්තකින් තියපන්...ඊයේ රෑත් එක පැඳුරේ නේද නිදා ගත්තේ...කෝ කෝ යමූ දැන් නිදා ගන්න..."

එහෙම කිව්ව ටේහියුන්ග් ජන්කුක්ගෙන් තවත් උත්තරයක් ලැබෙන්නත් කලින්ම ඒ උරහිසෙන් අල්ලලා අනිත් පැත්ත හරවන ගමන් ජන්කුක් එක්කම කාමරේට ගොඩ උනා....

.

.

.

" හියුන්ගී.....!!!! "

පහල තට්ටුවෙන් ඇහුන ජන්කුක්ගේ විලාපත් එක්ක බල බල හිටිය පොත ඉබේම පැත්තකට විසි කෙරුන ටේහියුන්ග් දඩිබිඩියේ පඩිපෙල බහින්න ගිහින් කකුල ලිස්සලා එකපාරක් වැටෙන ගමන් ආයේත් නැඟිටලා එහෙමම කුස්සියට දිව්වා...

" ඇයි ඇයි මොකද උනේ..මැණිකේ....කෝ තුවාල කර ගත්තා ද ? මොකක්ද උනේ...? "

ටේහියුන්ග් කුස්සියට ඇවිත් කලබලෙන් වගේ එහෙම ඇහුව්වේ කන් දෙකත් වහගෙන කුස්සිය මුල්ලට හේත්තු වෙලා හිටිය ජන්කුක්ගෙන්...

ටේහියුන්ග්ගේ කටහඬ ඇහිච්ච ගමන්ම ඉක්මනින් කන් දෙක ගාවින් අත් අයින් කරලා ඇස් දෙක ඇරිය ජන්කුක් ඒ පිම්මටම දුවලා ගිහින් ටේහියුන්ගේ කරේ එල්ලුනා...

" අනේ මෙන්න මේ මැශිමෙන් ටින් ගාලා සද්දයක් ආවා නේ..."

" කෝ මොකෙන්ද ? "

"මෙකේන් "

ටේහියුන්ග් ජන්කුක්ව අහකට කරලා ජන්කුක් ඇඟිල්ල දික් කරන් හිටිය කෑම රත් කරන යන්ත්‍රය දිහාවට ඇස් ගෙනිච්චා...

" මෙකේන් ? මෙකෙන් ටින් කියලා සද්දයක් ආවා...එහෙමද ..? "

ටේහියුන්ග් මයික්‍රොවේව් එකට ඇඟිල්ලෙන් ඇනලා කියද්දි ජන්කුක් තමන්ගේ දඹර ඇඟිලි දෙකක් එකට ගාව ගාව තොලුත් උල් කරන් ඔලුව වැනුවා...

" හරි කොහොමද දැන් ටින් ගාලා සද්දේ ආවේ ? "

" මං ඒක කැරකුවා...ටිකකින් ටින් ගෑවා..."

ඒත් එක්කම කට ඉරක් කර ගත්ත ටේහියුන්ග් ඉනට අත් දෙක තියන් මුහුනත් මොකක්දෝ කරගෙන ජන්කුක් දිහා බැලුවා...

" දෙන්නේ උබට ඔලුවත් ටින් ටින් ගාන්න...ඈ බං...උබ දැන් කුකරි පන්ති ගිහින් මේ වගේ ඒව්වා පාවිච්චි කරන්නේ නැද්ද ? "

" පාවිච්චි කරනවා.."

" එහෙනම් මොකටද මල බෙරිහන් දුන්නේ ? "

" ඉතිං කුකරි පංතියෙදි මං මැශින් අල්ලන්නේ නැහැ නේ...මගේ යාලුවෝ දෙන්නා තමයි මට මැශිම දාලා දෙන්නේ..."

" යාලුවෝ දෙන්නා ? "

" ඕඕ...මට කෙල්ලො දෙන්නෙක් ඉන්නවා..."

ජන්කුක් ඇඟිලි දෙකකුත් දික් කරන් කියනකොට ටේහියුන්ග් කට කොනට හිනා උනා...

" කෙල්ලො දෙන්නෙක් ? "

" හුම්.."

" ඊයා හලෝ...උබ නම් මහ නරක කොල්ලෙක්...එකපාර කෙල්ලො දෙන්නෙක් ?"

" මේ හියුන්ගී !! ඔයා මගෙන් කනවා හරි ද ?"

ජන්කුක් කෑගහන ගමන් බැම්ම උඩ තිබ්බ අත පියහන රෙද්ද ටේහියුන්ග්ට අල්ල ගන්න පුලුවන් වෙන විදිහටම ඒ පැත්තට විසි කරා...

" කන්න ? ඔව් ඉතිං දැන් ඔය මට කන්න නේ කේක් එකකුත් හදන්නේ..."

" අහ්හ්..කවුද කිව්වේ ඒක ඔයාට කියලා..."

" එහෙනම් ? "

" ඒක මගේ කිරියාට..."

" මේන් බලාපල්ලාකෝ...මට කේක් නැහැ...තියෙන සබ්බ සකල මනාවම අර පූස් නාම්බාට...උබ ඌට දියවැඩියාව හදවන්නද යන්නේ ?"

" මේ එයාට පූස් නාම්බා කියන්න එපා හරිය..."

" ඇව් ඇව්..මං කර ගත්ත ලොකුම මෝඩකම තමා අනේ අපේ පුත් කුමාරයා නේ කියලා බලල් තඩියෙක්ව ගෙදරට උස්සගෙන ආපූ එක...ඌ පුත් කුමාරයා උනේ මෙහෙ ආපූ පලවෙනි දවසේ විතරයි..දැන් ඌ රජතුමා..මං තාමා පිටින් උස්සන් ආපූ එකා..වේලාවක්ට උබත් එකයි ඌත් ඒකයි..."

ටේහියුන්ග් අතේ තිබ්බ රෙද්ද ආයේමත් හිනා වෙවී ඉන්න ජන්කුක්ගේ පැත්තට විසි කරලා කෑම රත් වෙන මැශිම ඇතුලේ තිබ්බ පිඟාන එලියට ගනිද්දි එහෙමම බෙල්ල හරවලා ඔරලෝසූව දිහා බැලුව ජන්කුක් ඉක්මනින්ම ඇස් ලොකු කර ගත්තා...

" දෙයියනේ...!!! ගෙදරට කතා කරන්න ඕන..."

ටේහියුන්ග්ට ඇහෙන්නත් එක්ක කෑගැහුව්ව ජන්කුක් සාලේ මේසේ උඩ තිබ්බ ටේහියුන්ගේ දුරකතේ අරන් එහෙමම පුටුව උඩට වැටුනා....

ටිකකින් දුරකතනේ එහා පැත්තෙන් ඇහුනේ යූනාගෙත් වූබින්ගෙත් කටහඬයි...

" පුතේ...!!! "

" ඔම්මා...මේක මුහුන බලන් කතා කරන එකක්..ඔය පෝන් එක කනෙන් එහාට ගන්න..."

ජන්කුක් එහෙම කියද්දි එහා පැත්තේ ඇමතුමේ හිටිය යූනා ඉක්මනින්ම දුරකතනේ මුහුන ඉස්සරහාට ගෙනාවා...

" දෙයියනේ...!! මගේ කොල්ලා මං ගාව ඉන්නවා වගේ..."

" කෝ කෝ මටත් දෙන්න කතා කරන්න..."

එහෙන් වූබිනුත් දුරකතනේ ඇදලා ගන්නකොට ටේහියුන්ග් පිඟානේ තිබ්බ කෑම එකට හැන්ඳකුත් ඔබන් ජන්කුක්ගේ එහා පැත්තෙන්ම ඇවිත් වාඩි උනා...

" යූනා ඔම්මා...ඉතිං කොහොමද ?"

ටේහියුන්ග් යූනාට කතා කරන ගමන්ම කෑම පුරවපූ හැන්ඳ කටේ ඔබා ගත්තා...

" හොඳයි හොඳයි...ඔයාලාට කොහොමද ?"

" අපිත් හොඳින්...එව්ව සල්ලි ටික පෝන් එකක් ගන්න ඇති උනාද අප්පා..."

" ඔව් ඔව්...වැඩියෙනුත් තිබ්බා...ඒත් කොහෙද මේකේ අර කණු ටික වැටෙන්න ටවුමටම එන්න එපැය...ඒක නෙමෙයි , කොහෙන්ද උබට ඔය තරම් සල්ලි කොල ?"

" අහ්ම්ම්ම් ඒක රහසක්...දැන් ඉතිං කොහොම හරි හැම නිතරම කතා කරන්න පුලුවන් නේ.."

ටේහියුන්ග් දුරකතනේට ඔලුව දාගෙන එක දිගට කියවනකොට එයා දිහා ඔරවලා බැලුව ජන්කුක් ඒ ඔලුව අහකට තල්ලු කරලා දැම්මා...

" ඔම්මා , මේකා මට වද දෙනවා...හැමදාම කුකරි පන්ති ගිහින් උදේ ඉගෙන ගත්ත කෑම හදලා දෙන්න කියලා මේකා මට කරදර කරනවා ඔම්මා...."

" නැහැ නැහැ යූනා ඔම්මා..අම්බෝ මෙයා කියන බොරු..."

" බොරු ? ගිහින් බලනවා කණ්නඩියෙන් මී හරක් ඌෂ්ණේ ගහලා වගේ නැද්ද කියලා...මේ ඔම්මා පේනවාද ගිලලා ගිලලා මුහුනත් ජම්බෝලේ කරගෙන ඉන්න විදිහ..."

" අනේ මේ...මගෙන් අහ ගන්න එපා...ඔම්මා මේකා කියන්නේ සම්පූර්ණයෙන් බොරු...මෙයා මට කන්න දෙන්නේ නැහැ..හදන කෑම සේරම අර බලල් තඩියට තමා දෙන්නේ...ඌව අර කාටුන් එකේ ඉන්න ගාෆිල්ඩ් වගේ කරන්න ඕන කියලා දවසක් මට කිව්වා..."

" යනවා යන්න...එන්න එපා බොරු කියාගෙන..."

ජන්කුක් අත දිග ඇරලා ටේහියුන්ගේ බාහුවකට පාරක් ගැහුව්වා...

" අහ් යුනා ඔම්මාට තව කියන්න දේවල් තියෙනවා..මේන් මේකාගේ ඔලු ගෙඩියේ ලේඬි ඉන්නවා...මටත් බෝ කරා...අද දවලුත් ඇඳගෙන ගිහින් බලෙන් ඔලුව බැලෙව්වේ..."

" අනේ ඔම්මා...බොරු ඔම්මා.."

" බොලු ඔම්මා නෙමෙයි...මං මේ කියන්නේ සහතික ඇත්ත....අර ෆෑන් තට්ටේ එල්ලලා තිබ්බ ජංගිය ගැනත් කියන්නද ?"

" මේ ඔයාගේ වැරදි මගේ පැත්තට දාලා කතා කරන්න එපා හරිද...."

ජන්කුක් ආයේමත් කන ගමන් හිටිය ටේහියුන්ග්ට පාරක් ගැහුව්වා...

හතර දෙනාම එක දුරකතන ඇමතුමක් ඇතුලේ ඉදන් හුඟාක් හිනා උනා...

ඇමතුම අතරෙත් ජන්කුක්ගේ කම්මුල ඉඹ ඉඹ ටේහියුන්ග් ජන්කුක්ව රතු පාට කෙරෙව්වා....ඒ දර්ශන බලන් යූනාත් වූබිනුත් සතුටින් හිනා උනා...

විනාඩි ගානකට පස්සේ යූනා තමන්ගේ හිනාව එකපාරම නතර කරගෙන බැරෑරුම් මුහුනක් හදා ගත්තා...

" පුතේ , ඔගොල්ලො ආයේ එන්නේ කවද්ද ? දැන් ගමෙන් ගිහින් සති තුනක්ම වෙනවා නේ..."

" මං නම් ආයේ ගමට එන්නේ නැහැ ඔම්මා...ඕන උනොත් මං ජන්කූව දවස් කිහිපයකට එවන්නම්..."

" අනේ පුතේ , කිම් නෝනා ඉන්නේ සාං-"

" හරි ඔම්මා...එහෙනම් අපි පස්සේ ගන්නම්....මට වැඩක් තියෙනවා දැන්...ඒ නිසා යන්න වෙනවා...බායි බායි..."

‍යුනාගේ කතාව මඟින් නැවැත්තුව ටේහියුන්ග් අතත් වනලා දුරකතනේත් විසන්ධි කරලා ඒක පැත්තකට විසි කරලා දැම්මේ ජන්කුක් ඇසුත් ලොකු කරන් ටේහියුන්ග් දිහා බලාගෙන ඉද්දි...

" ඇයි ඔහොම බලන්නේ ?"

" හියුන්ගී මොකක්ද ඒ කරේ ?"

" ඇයි ? මං මොනාද කරේ...? "

" මාත් අහන්නේ මොනාද කරේ කියලා තමයි...ඇයි සේරී නෝනා ගැන කියන්න හදන හැමවේලාවේම් පෝන් එක තියන්නේ..."

" මගේ ජන්කූට කේන්ති ගියාම ලස්සනයි...ඔය මුහුන රතු වෙලා වද මලක් වගේ පිම්ඹෙන-"

ටේහියුන්ග් කතාව අනිත් පැත්ත හරවලා ජන්කුක්ගේ කම්මුලකට ඇඟිල්ලෙන් අනිනකොට ජන්කුක් ඒ අතට චුට්ටක් රිදෙන්නම පාරක් ගැහුව්වා...

" කතාව වෙනස් කරන්න හදන්න එපා හියුන්ගී...ඇයි හැමවේලාවෙම මඟ හරින්නේ...? මොන ප්‍රශ්නේ උනාත් ඒ ඉන්නේ ඔයාගේ ඔම්මා...ඔයාට යුතුකමක් තියෙනවා ඈත ඉදන් හරි ඔම්මා ගැන හොයලා බලන්න.."

" ඕක අපි අමතක කරමූ...මං දැන් ඉන්නේ සතුටින්...ඉතිං අනවශ්‍ය මාතෘකා කතා කරලා මගේ සතුට නැති කරන්න එපා...කෝ එන්න මගේ මැණිකව සුට්ටක් හුරතල් කරන්න..."

ටේහියුන්ග් අතේ තිබුන පිඟාන ඉස්සරහා මේසේ උඩින් තියලා එහෙමම ජන්කුක්වත් පෙරලගෙන සැටිය උඩට වැටෙන ගමන් ඒ නහයෙන් ජන්කුක්ගේ බෙල්ල කිති කවන්න ගත්තේ මෙච්චර වෙලා තරමක් තරහෙන් හිටිය ජන්කුක්ද සේරම අමතක කරන ගමන් ටේහියුන්ග් එක්ක සද්දෙන් හිනා වෙද්දි....

.

.

.

හායි...

වැරදි තිබ්බොත් කියන්න...ආයේම මං චෙක් කරේ නැහැ...

ඊලඟ අප්ඩේට් එක ටිකක් පරක්කු වෙයි...මොකද මගේ ෆෝන් එක අවුලක් උනා...තාම හැදුවේ නැහැ...මේ පරණ එකෙන් අප්ඩේට් එක දැම්මේත්...මේක හෙන ස්ලෝව් මඟුලක්...

තව චැප් තුනක් හතරක් වගේ තමා තියෙන්නේ....

එහෙනම්...

ආයේම පුලුවන් තරම් ඉක්මනට මුන ගැහෙන්න බලාපොරොත්තු වෙනවා...

බායි...බායි...

Continue Reading

You'll Also Like

12K 2.9K 18
කවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ...
254K 45.2K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
437K 61.7K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
51.3K 9K 45
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...