Comment goal 100
ජේජු මාතාවන්ගෙ සුන්දර ප්‍රේමවන්තයා අහස ,අද ප්‍රේමනීය ලා නිල් පැහැයකින් වරණ ගැන්විලා. ජේජු පොලව පුරාවටම සීතල හුලං හමන් යන්න පටන්ගෙන.
සීතල හුලග කපන් ඉදිරියට ඇදෙන ජන්කුක්ගෙ වාහනයෙ ඉදිරිපස අසුනෙ ඉදගෙන පයින් වනාන්තරය දිහා බලන් ඉන්න ටේහියුන්ග් දිහා හොර ඇසින් බලපු ජන්කුක් ගෙ මුහුනෙ ඇදුනේ ආදරනීය සිනහවක්. පාර දිහා බලන්ම ටේහියුන්ග් ගෙ පැත්තෙ වින්ඩ්ශීල්ඩ් එක පහත් කරපු ජන්කුක් ඔහු තවමත් ටේහියුන්ග් වෙතට අවදානයක් නොදුන්නා වගේ දිගින් දිගටම වාහනය ඉදිරියට ධාවනය කලා.
ජන්කුක් ඔහුගෙ පස වින්ඩ්ශීල්ඩ් එක පහත් කරද්දි භාවනාවකට සමවැදිලා මෙන් ඈත බලන් හිටිය ටේහියුන්ගෙ ඇස් ජන්කුක් වෙත යොමුවුනා. නමුත් ජන්කුක් තවමත් පාර දිහා බලන්. මොහොතක්ම ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් හිටියත් ටේහියුන්ග් ඉන්නවදවත් හෝ තැකීමක් නැතුව ජන්කුක් වාහනයෙ drive කරනවා. ජන්කුක්ගෙන් ඇස් අහකට ගත්ත ටේහියුන්ග් විවර වුන විදුරුව මතින් අත තියමින් ඒ මතින් නිකට තියාගත්තා. හමන සීතල හුලං ටේහියුන්ග් ගෙ රෝස කම්මුල් තව තව රෝස පැහැයට හැරෙවුවා.
ටේහියුන්ගෙ දිගු ඇස් පිහාටු ඇස් පියාගනිමින් රෝස කම්මුල් සිපගනිද්දි ජේජු මාතාවන් ඇයගෙ පුංචි සුරදූතයාව ආදරනීය ඇගේ තුරුලට තුරුලු කරගත්තා.
මාස කීපයකට කලින් මේ විදියටම ජන්කුක් ජේජු වෙත ආවා. එදා ජේජුහි සීතල හුලග ජන්කුක් ගෙ ඇගේ දැවටෙමින් ඔහුට පුංචි සුරදූතයෙක් පිලිබද රහසක් මිමිනුවා. නමුත් ඒ රහස ඒ දවසෙදි ජන්කුක්ට තේරුම් ගන්න බැරි වුනා.
කාලය, එය මායාවක්. ගතවුන කාලය කොයිතරම් වෙනසක් ජන්කුක්ගෙ ජීවිතයෙ සිද්ද කරලද?
___________________________________
"මැනික ඔහොම ඉන්න. මම ඉක්මනින්ම උඩට ගිහිල්ලා එන්නම්."
ටේහියුන්ගෙ හිස මතින් හාදුවක් තියමින් මුමුනපු ජන්කුක් ටේහියුන්ග් ව සෝෆාවෙන් ඉන්දවමින් පෙන්ත්හවුස් එකේ පඩිපෙල නගිමින් උඩට ගියා.නිහඩ ඇස් වලින් පෙන්ත්හවුස් එක පුරාම ඇස් අරන් ගිය ටේහියුන්ග් ජන්කුක් යන්න ගියාත් එක්කම ඔහු ඉදගෙන හිටිය සෝෆාවෙන් නැගිට්ටා.
ලා කොලට වැවුන තණකොල පිටියට ඇවිදන් ගියපු ටේහියුන්ග් තම කුසට අත තියාගනිමින් ඇස් පියාගත්තා.
__________________________________
ආවු..ආවු...ආවු....ආවු..."
ලාතනකොල වැවුන තනගොල්ලෙ වැවුන තනකොල එක උසට හිටින්න අගලෙන් අගල මැන මැන දනගාගෙන තනකොල කප කපා ඉන්න විල්සන් කොන්ද අල්ලගෙන කෑගැහුවෙ කොහෙදෝ ඉදන් විසික් වෙලා ආව අඹ ගෙඩියක් විල්සන්ගෙ කොන්දෙ වැදුන නිසා..
තනකොල කප කප හිටිය කතුරත් පැත්තකට විසික් කරලා තරහෙන් නැගිට්ට විල්සන් නපුරු කරගත්ත ඇස් වලින් වත්ත පුරා ඇස් අරන් ගියේ අඹ ගෙඩිය ගැහුව ඇට්ටරයව හොයාගන්න..
"ඇත්තමයි උඹට කියන්නෙ කොලුවෝ උබ මගේ පේන මානෙටවත් ආවොත් උබව ඉහේ ඉදන් පට්ට ගහන්නෙ මම.."
විල්සන්ට අඹ ගෙඩියෙන් ගැහුව විසේකාරයා කොහේ කොතන ඉන්නවද දන්නෙ නැති නිසා හතර වටේට කැරකෙමින් ඇගිල්ල දික් කර කර බනින්න ගත්ත විල්සන්ගෙ ඇගෙ ආයෙම වතාවක් ඇවිත් අඹ ගෙඩියක් වැදුනේ කොන්ද අල්ලගෙන කෑගහගෙන විල්සන් බිමට නැවෙද්දි.
"අම්මපා උබට මම අද....පේනවද මේ කතුර මේ කතුරෙන් මම අද උබව කෑලි කෑලි කරනවා..."
දත්මිටි කෑව විල්සන් තනකොල කපන ලොකු කතුරත් උස්සගෙන වත්තෙ තියන හැම පදුරක් ගානෙම හොයන්න ගත්තෙ විල්සන් ගෙ තරහ ගිය කටහඩ නිසා හුරතල් දගකාර හිනාවක් ඇහෙන්න පටන් ගනිද්දි...
"ඔහේ හිටු කලවැදි පැටියා ...."
අවුස්ස අවුස්ස හිටිය පදුර ලග තිබ්බ ගහ උඩ ඉදලා බිමට පැන්න වදුරු පැටියෙක් වගේ දග කොල්ලෙක් අතෙ තිබ්බ කැටපෝලෙන් සියබලා ඇටයක් විල්සන්ට විදලා හිනාවෙවී පැනලා දිවුවේ පිටිපස්ස හැරිලා විල්සන්ට දිව දික් කරලා ඇද කරන්නත් අමතක නොකර.....
ගිරිය කඩාගෙන කොල්ලට කෑගහන විල්සන් හති වැටිලම පපුව අල්ලන් කහින්න ගත්තෙ දුවන ගමන් හිටිය කොල්ලා මගින් නතර කරවමින්...
පපුව අල්ලන් කහින විල්සන් දිහා බය වුන ඇස් වලින් බලන් හිටිය කොල්ලා දුවපු වේගෙන්ම විල්සන් ලගට දුවන් ආවා...
"රැවුල් අජුස්සි....."
විල්සන් ලගට ආව කොල්ලා පපුව අල්ල්ලන් කහින විල්සන් එ පිට අත ගගා බය වුන ඇස් වලින් විල්සන් දිහා බලන් ඉන්නවා..
"අල්ලගත්තා කලවැදි පැටියව...."
පපුව අල්ලන් කහින විල්සන් ට අවදානය දීගෙන හිටිය නිසා විල්සන් ගෙ හොර ඇස් කොල්ලා දිහා ඇස් උස්සලා බලනවා කොල්ලා දැක්කෙ නැහැ...
විල්සන්ගෙ අතටම අහුවුන කොල්ලා විල්සන් ගෙන් ගැලවෙන්න උඩ පැන පැන දැගලුවත් වයසට වඩා ශරීරය උස මහත විල්සන් ගෙ ශක්තියත් එක්ක කොල්ලට හැරෙන්නවත් බැහැ...
"ආඅහ්හ්හ්හ්හ් ආහ්හ්හ්හ් ආහ්හ්හ් යස්ස පැටියෝඕඕඕ අතාරිනවා මගෙ අත..."
විල්සන්ගෙන් ගැලවෙන්න බැරි තැන දගයගෙ දත් වලට අහුවුනෙ විල්සන් ගෙ අහිංසක අත...
විස කූරු වගෙ උල් දත් වලින් ගැලවෙන්න අන්තිමේදි විල්සන් ට දගයව අතාරින්න වුනා...
විල්සන්ගෙ අත් බුරුල් වෙද්දි දගයා විල්සන්ගෙන් ගැලවිලා ඉස්සරහට දිවුවත් ආයෙමත් අහුවුනෙ දරදඩු අත් දෙකක් අස්සට..
"ඔහොම ඉන්නවා..අල්ලගන්න ඔය රාස්ස පැටියව....ආයිශ් මගෙ අත...."
දගයව අල්ලගෙන ඉන්න අත් වලින් ගැලවෙන්න කකුල් ගගහා දගලන දගයට මේ වතාවෙ නම් ගැලවීමක් නැති පාටයි..රැවුල් අජුස්සිව හැපුවා වගේ ඔහුව හපන්න දගයට බැහැනෙ මොකද..
"හියුන්ගීඊඊඊඊඊඊඊඊඊ..."
දගයව අල්ලන් ඉන්න ඔහු දිහා බලලා තොල් බෙරි කරන් දගයා මිමිනුවේ විල්සන් ඇවිත් දගයගෙ කනෙන් මිරිකලා අල්ලගද්දි...
_____________________________________
"පුංචි කමටද වයසක මට ඔය තරම් රවන්නෙ කොලුවෝ "
"රැවුල් අජුස්සි ..."
"උඹ මෙතන කෙදිරි ගෑවා කියලා වැඩක් වෙන්නෙ නැහැ කොලුවො.."
"උඹට ඕනෙ විදියට මම තනකොල කපන් නැතුව හිටියොත් වෙන්නෙ සීමාවක් නැතුව මේ පදුරු වැවිලා මුලු වත්තම විනාශ කරලා දාන එක..එහෙම වෙන්න නොදී වගබලාගන්න එක තමා මගෙ රාජකාරිය.
තනකොල ගහ මරලා දැන්මත් සිද්ද වෙන්නෙ මට පාඩුවක්..
තනකොල ගහට ඕනෙවට වඩා උසට වැවෙන්න දුන්නත් මට වෙන්නෙ පාඩුවක්. ඉතින් හොදම තෝරාගැනීම තනකොල ගහට උනත් වැවෙන්න පුලුවන් සීමාවකට වැවෙන්න දෙන එක නෙවේද කොලුවෝ."
___________________________________
"රැවුල් අජුස්සීඊඊඊඊඊ."
"උඹට කතා කිය කිය ඉන්න වෙලාවක් මට අද නැහැ කොලුවො..යන්න යන්න ගෙදර යන්න. මතකනෙ ගිය වතාවෙ හියුන්ග් පෙන්ත්හවුස් එකටම ඇවිල්ලා අල්ලන් ගියා. "
"කවුද ඉතින් හියුන්ග්ට කේලම් කිවුවේ මමද?"
"ඔය තරම් කතන්දර අහලා උබ කතන්දර පොතක් ලියන්නවත්ද යන්නෙ කොලුවො.."
"මොනවද ඔය පුංචි ඔලු ගෙඩිය ඇතුලෙ වැඩ කරන්නෙ කලවැදි පැටියෝ.."
"ම..මගෙ? "
"හ්ම්ම් ඔවු..."
"මුකු...ත්...නෑ..නේ"
"රැවුල් අජුස්සිගෙන් මම ප්‍රශ්නයක් අහන්නද?"
"එපා.."
"කැලේ ගස් කපන්න එන නපුරො නවත්තන්න රැවුල් අජුස්සිගෙ පුංචි බේබි මොන වගේ දෙයක් කරයිද? "
___________________________________
"රැවුල් අජුස්සි හැමදාම ඔහොන්මයි.."
"කොහොමද.?"
"රැවුල් අජුස්සි මගෙ මූනට කැමති නැහැ."
"උබ කොහොමද එහෙම කියන්නෙ කොලුවො.."
"මට තේරෙනවා..රැවුල් අජුස්සිගෙ ඇස් මට එහෙම කියනවා.. රැවුල් අජුස්සිව මම බලන්න ආව පලවෙනිම දවසෙ ඉදන් අද වෙනකනුත් ඒක එහෙමමයි..රැවුල් අජුස්සි මගෙ යාලු අජුස්සි වුනත් තවමත් අජුස්සිගෙ ඇස් ඒ දේ එහෙමම කියනවා මට.."
පුංචි කොල්ලා ඇස් බිමට හරවන් කියද්දි දුර පේන පයින් කැලෑව දිහා බලන් විල්සන් හිනාවුනා..
"එහෙම නැහැ.. මම කැමති.."
විල්සන්ගෙ කටහඩ මේ වතාවෙ කාරුනිකයි..
ඇස් බිමට හරවන් ඉන්න දගයා හෙමින් ඇස් උස්සලා විල්සන් දිහා බැලුවා..
"ඔය ඇත්තමද රැවුල් අජුස්සි.."
_____________________________________
"ඩක් ඒ කියන්නෙ රැවුල් අජුස්සිගෙ පුංචි බේබි ඔයා නෙවේද? "
"මම තමා මෝඩයෝ..ඒත් විල්සන් කියලා තියන කතන්දර එක්ක බලද්දි මම හිතන්නෙ විල්සන් පුංචි බේබි කියලා තියෙන්නෙ මට නෙවෙයි."
"එහෙනම්.ඒ කියන්නෙ පුංචි බේබි කියලා කෙනෙක් නැද්ද. ඒත් ඒත් මම එයාට ගොඩක් කැමතිනෙ.."
"හැමවෙලේම හිනාවෙන මගෙ හුරතල් බක් මෙහෙම මූන ඇබුල් කරගන්න තරම් ..ඒ තරමටම පුංචි බේබිට කැමතිද?"
"ඔවු එයා සුපර් හීරො කෙනෙක් වගෙ..එයා එයා ම්ම්ම්ම් එයා ගොඩක් ගොඩක් ..."
"එයා ගොඩක් කූල් ."
"මගෙ බක් කැමතිද විල්සන්ගෙ කතා වල ඉන්න පුංචි බේබිව ඇත්තටම හම්බවෙන්න.."
"ඩක් එයාව දන්නවද? "
__________________________________
"ඉක්මනින්ම පිපෙන්න පුංචි බෙරි ටේ බෙයා බලන් ඉන්නවා."
____________________________________
හන්සන්ග් ඔහුගෙ සිරුරෙ ඉතුරු වෙලා තියන අවසන් ලේ ටිකත් කිරි කරමින් පුංචි මැනිකට පෙවුවා.
"මේ නපුරු ලෝකෙ මැද ශක්තිමත්ව පිපෙන්න මගෙ රෝස මල."
පැටියගෙ නලල මත හාදුවක් තිබ්බ හන්සන්ග් පැටියව ලීනාගෙ උනුසුමට ගුලි කලා.වෙන පැටවු ඔම්මාගෙ කිරි බොද්දි නිදාගත්තට හන්සන්ගෙ රෝස මල තවමත් පුංචි ඇස් වලින් හන්ස්නග් දිහා බලන් ඉන්නවා.
"කිම් ටේහියුන්ග් ."
"මහත්තයා."
"යන්න ලීනා.."
__________________________________
මාස නවයක් තිස්සෙ කුසේ දරාගනිමින් වැදුව ලේ කිරි කැටියා වෙනත් කාන්තාවක් අතේ යවමින් ඇය කැලෑව තුල නොපෙනී යන දිහා බලන් හිටිය හන්සන්ග් රිදුම දෙන තම පපුව අතින් අල්ලගත්තා.
තමන්ගෙ උරුමයත් ඔහුට එදා අහිමිවුනා..
ඔහුගෙ ලෝකය එලිය කල ඉයුන් වූවත් එදා ඔහුට අහිමි වුනා..
පුංචි රෝස මලත් ඔහුට අහිමි වුනා..
ලෝකයාට ඇගිලි තුඩක තරම්වත් වරදක් නොකරපු ඔහුටම සියල්ලක්ම අහිමිව යද්දි මේ පාපය දිහා බලන් හිටිය අදුරු අහස පොලවට සාපකරමින් හඩා වැටුනා.. අහසින් වැටෙන කදුලු සාප ලත් ඒ පොලව විසින්ම බාරගනිද්දි පාලු කැලෑවෙ සීතල ගහකට හේත්තු වෙලා හිටිය හන්සන්ග් ගිගුරුම් කොටන ඒ අහස දිහා බලන්ම ඔහුගෙ අවසම් සුසුම හෙලුවා..
_____________________________________
"හිතන්නවත් එපා මගෙ බෙයා. හිතන්නවත් එපා මගෙ පන.ඔහොම ඉන්න හියුන්ගි ලගම ඉන්න."
"මැනික එපා.අහන්නකො මගෙ මැනික.ඔහොම ඉන්න.යන්න එපා මැනික.හියුන්ග් ලගට එන්න."
"බෙයාට සමාවෙන්න මගෙ හියුන්ගි."
____________________________________
බෝලෙ..මගෙ බෝලෙ. ඇස් අරින්නකො බෝලෙ. නිදි නේද. ඇස් අරින්නකො බෝලෙ.
___________________________________
"තමුන් මාව දාලා යන්න නේද හැදුවෙ ඩෝලි ආහ්?"
"මේ තරම් ආදරෙන් මම උබව බලාගෙනත්. ඇයි තවමත් මගෙන් ඈතට දුවන්නෙ."
" ඔම්මා බලන්න විතරයි ඕනෙ වුනෙ.ඔම්මා බලන්නයි ආවෙ.රිදෙනවා මට .ආහ් අජුස්සි එපා."
"මගෙ ඔම්මට බෙහෙත් දෙන්න.මගෙ ඔම්මා ලෙඩ වෙලා.මගෙ ඔම්මට ගොඩක් අමාරුයි."
"එපා..එපා මගෙන් ඈතට යන්න.මාව අල්ලන්න එපා."
"ඔම්මා ලගට යන්න දෙන්න.මගෙ ඔම්මට මාව ඕනෙ."
"එපා. එපා. මාව අතාරින්න .හියුන්ගි. අනේ හියුන්ගි එන්නකො. හියුන්ගි මාව බේරගන්නකො."
අතාරින්න.ඔම්මා... හියුන්ගි... ආහ්හ්හ්හ් ....මාව අතාරින්න."
"ආහ් රිදෙනවා.අජුස්සි. එපා..."
"රැවුල් අජුස්සි..මාව ..මාව බේරගන්නකො. ඔයාට පුලුවන් නේද මාව බේරගන්න. ඔම්මායි හියුන්ගි ලගට යන්න දෙන්න කියන්නකො. මට ..මට ගොඩක් බයයි රැවුල් අජුස්සි."
රැවුල් අජුස්සි .යන්න එපා..මාව දාලා යන්න එපා. අනේ යන්න එපා."
"ආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..."
____________________________________
"ඔම්මා."
"ඔම්මා මම ආවා ."
"මට රිද්දනවා ගොඩක් රිද්දනවා.බලන්න ඔම්මා එයා මට රිද්දුවා ඇස් ඇරලා බලන්නකො.මං දිහා බලන්න මට රිදෙනවා ඔම්මා.මාව තුරුලට ගන්නෙ නැද්ද අද .ගොඩක් බය හිතෙනවා මට. තුරුලු කරගන්න්කො මාව.එතකොට මට බය හිතෙන්නෙ නැහැ .ඔම්ම අනෙ අහන්නකො.මාව ඇහෙන්නෙ නැද්ද ඔයාට."
"බෙයා පොරොන්දු වෙනකන් ඔම්මාට බෙයාව දාලා යන්න බැහැ කියලා මම කිවුවනෙ.ඉතින් ඇයි මේ ඔම්මා?"
"ඇස් අරින්න ඔම්මා.මම පොරොන්දු දුන්නෙ නැහැ.නරක ඔම්මා කෙනෙක් වෙන්නද යන්නෙ? ඇස් ඇරලා බලන්න.පොරොන්දු වුනේ නැහැ ඔම්මා .මම පොරොන්දු වුනෙ නැහැ.ඉතින් මාව දාලා යන්න බැහැ ඔයාට."
"අප්පා , පපා එයාලත් මාව දාලා ගිහිල්ලලු.පුලුන් බෝලෙත් ගියා. දැන් මගෙ ඔම්මත් යන්නද යන්නෙ ? කොහොමද එහෙම කලෙ මට.කොහොමද ඔයාලා මට එහෙම කරන්නෙ."
"ඔම්මා නැගිට්ටෙ නැත්තම් මමත් ඔම්මා හොයාගෙන එනවා.ඔම්මට යන්නම ඕනිනම් මාවත් එක්ක යන්න .මාව තනිකරලා යන්න එපා."
"මගෙ ඔම්මා සීතල වෙලා.සීතලද ඔම්මට.මං ගාව රස්නෙයි.එන්න මම මගෙ ඔම්මව තුරුලු කරගන්නම්.ඔම්මට සීතල දැනෙන එකක් නැහැ මට තුරුලු වුනාම."
"ඔම්මා ඇහැරුනාම අපි හියුන්ගිව හොයන් යමු.ඊටපස්සෙ අපි ගෙදර යමු හොදද.මට තවත් මෙහෙ ඉන්න බැහැ .ඔම්මා චුට්ටක් නිදියලා නැගිටින්න .මම බලන් ඉන්නවා.අපි යමු හොදද."
"එපා.එපා.මගෙ ඔම්මට සීතලයි. ඔම්මා ඇහැරුනාම අපි ගෙදර යන්න ඕනෙ.සීතල දැනුනොත් ඔම්මාට දිගටම නින්දයයි.එතකොට අපිට ගෙදර යන්න බැරි වෙයි."
"මගෙ ඔම්මට සීතලයි.යන්න දෙන්න මට.ඔම්මා.ඔම්මා.
ඔම්මා මම ඔයාව උනුහුම් කරන්නම්."
" මම පොරොන්දු වෙනකන් මගෙ ඔම්මට මාව දාලා යන්න බැහැ.
පොරොන්දු වුනෙ නැහැ ඔම්මා. ඇස් අරින්න.ඔයාට බැහැ මට මෙහෙම කරන්න."
"මගෙ ඔම්මා.මේ ඉන්නෙ මගෙ ඔම්මා. එයාට ඉන්න දෙන්න.මං එක්ක ඉන්න දෙන්න. මගෙ ඔම්මව ගෙනියන්න එපා."
"ඔම්මා ඉක්මනට නැගිටින්න ඔයාව අරන් යන්න එපා කියන්නකො. ඔම්මා අනෙ මගෙ ඔම්මා.ඔම්මාආආ. අනෙ ඇස් අරින්නකො."
"ශක්තිමත් නැහැ මම.බලාපොරොත්‍තු නැහැ මගෙ ලග.පොරොන්දු වෙන්න බැහැ මට. ඒ නිසා ඇස් අරින්නකො."
___________________________________
"හි.යුන්...ගි මේ.මම ඔයාගෙ. බෙ.යා."
"මම ඔයාට රිද්දන්නෙ නැහැ.හියුන්ගි මම ඔයාගෙ කරදරකාරයා.හියුන්ගි කැමති නැද්ද මගෙ ලගට එන්න."
__________________________________
විලාපයක් එය. උන්මන්තකයෙක්ගෙ හැඩීමට එහා ගිය වේදනාබර සහෝදරයෙක්ගෙ විලාපයක් එය.පුංචි කොල්ලගෙ කුස මතින් වේගෙන් අත අහකගට ගත්ත ජැක්සන් දූවිලි පොලව මත දනින් වැටුනා. දූවිලි පොලව අවුස්සමින් හිස පොලවෙ ගගහා විලාප තියමින් අඩන ජැක්සන් සැරෙන් සැරෙ පුංචි කොල්ලගෙ කුස වෙතට අත දික්කරමින් මොනවදෝ කියන්න උත්සහ කරනවා.
හයියෙන් කෑගහලා වේදනාව වචනයෙන් පිට කරන්න ඕනෙ කලත් තවදුරටත් කතාකරන්නෙ කොහොමද යන්න ජැක්සන් ට අමතකව ගොස් තිබුනා. ඉතින් විලාප තියමින් දනින් වැටුන ජැක්සන් පුංචි දගයට ඇගිල්ල දික්න්කරමින් පපුවට අතින් ගහගනිමින් හඩා වැටුනා.
ඔහුට රැකගන්න බැරි වුන පුංචි රෝස මල උන් විනාශ කර දමලා.ජැක්සන්ගෙ පුංචි බෙයා කුසක් දරාගෙන අද ඔහු ඉස්සරහ හිටගෙන ඉන්නවා. හියුන්ග් කොහොමද දරාගන්නෙ.කරෙ තියන් ඇවිද්ද උනුහුමට තුරුලු කරගත්ත පුංචි කොල්ලා ඔහු ඉදිරියෙ මෙහෙම හිටගෙන ඉද්දි උමතුව ගියත් ඒ හදවත කොහොමද දරාගන්නෙ.
___________________________________
"එයා හරි ඉක්මනින් ලොකු වෙනවා නේද?"
"ඔයාට පුලුවන් මේ දරුවට වෛර කරන්න ටේහියුන්ග් .ඔයාට ඒ අයිතිය තියනවා."
"මේ ලෝකෙ එලියවත් නොදැක්ක දරුවෙක්ට වෛර කරන්න කාටද අයිතියක් තියෙන්නෙ ජිමින්?"
"ඒත් ඔයාට පුලුවන්ද මේ දරුවට ආදරය කරන්න ටේහියුන්ග් ?"
"හ්ම්ම්ම්"
_____________________________________
"ඈතට වෙලා මං දිහා බලන් ඉදලා ඉවසන්න බැරිම නිසා මගෙ වේදනාව නැති කරන්න මාව හොයන් ආව මගෙ පුංචි සුරංගනාවි .කොහොමද මම වෛර කරන්නෙ මගෙ පුංචි සුරංගනාවිට."
"මයි මිරකල් බේබි .මගෙ පැටියා මට ලැබුන ආශිර්වාදයක්."
____________________________________
"ඩක් මගෙ සුරංගනාවි එයා ආවා මාව බලන්න."
"මගෙ බක්ගෙ සුරංගනාවිව වඩාගන්න මටත් දෙනවද ?"
"බැහැ."
"අඩන්න එපා.මම දෙන්නම් මගෙ සුරංගනාවිව. ඒත් මගෙ සුරංගනාවිට රිද්දන්න එපා හොදද."
"පොරොන්දු වෙනවද ඩක්? මගෙ සුරංගනාවිට රිද්දන්නෙ නැහැ නේද ඔයා."
"පොරොන්දු වෙන්නම් ."
"පරිස්සමෙන් හොදද. එයාට රිදෙයි."
___________________________________
"මේ ඉන්නෙ පවුකාරයෙක්ගෙ දරුවෙක් ටේහියුන්ග්. "
"මේ දරුවා මැරුනෙ නැත්තම් මට මගෙ ආදරය නැති වෙනවා.මට බැහැ. මට බැහැ මගෙ ආදරයට මැරෙන්න දෙන්න."
"ඔයාව විනාශ කරපු පවුකාරයගෙම දරුවා වෙනුවෙන් හියුන්ගෙ ජීවිතෙ බිලිදෙන්නද ඕනෙ?ඔයා කොහොමද එහෙම කරන්නෙ ටේහියුන්ග් ? මට මගෙ ජැක්සන් හියුන්ගෙ ජීවිතය හැමදේකටම වඩා වැදගත් නැද්ද ඔයාට. මං තරම්වත් ඔයා හියුන්ග්ට ආදරෙ නැද්ද?"
"ආශිර්වාදයක් නෙවෙයි මේ.පවුකාරයෙක්ගෙ ලෙයින් උපන් තවත් පවුකා.."
"මගෙ පැටියා.මගෙ පැටියා පවුකාරයෙක් නෙවෙයි."
_____________________________________
"ටේ...ටේහියුන්ග්. මට.සමාවෙන්න. මම .මම හිතලා නෙවෙයි එහෙම කිවුවෙ. ඒත් මං දිහා ඔහොම බලන්න එපා.
මගෙ තැන ඔයා හිටියනම් මොකද කරන්නෙ. ඒ මගේ ආදරය ටේහියුන්ග් . මගෙ මුලු ජීවිතේම එයා. බැදීමක් නැති මේ දරුවා වෙනුවෙන් මට බැහැ මගෙ ආදරය මරාගන්න."
___________________________________
ඔයත් ගියාද හියුන්ග්. මාව විතරක්ම තනි කරලා ඔයාලා හැමෝම ගියාද."
___________________________________
"මගෙ සුරංගනාවි.මම නිසයි මගෙ මැනිකට මෙහෙම වුනෙ. ගොඩක් විශ්වාස කලා. එහෙම නොකර හිටියනම් මගෙ පුංචි සුරංගනාවි තවමත් ඔම්මා ලග එහෙම නේද."
"පුලුවන්ද මගෙ මැනිකේ මට සමාව දෙන්න."
"මගෙ සුරංගනාවි හුස්ම ගන්න ඕනෙ. "
___________________________________
පුංචි පැටියව ආයෙමත් පපුවට තුරුලු කරගත්ත ටේහියුන්ග් ඔහු ඇදගෙන වැටුන පයින් ගහ යට පොලව අතින් හාරන්න ගත්තා. උමතුවෙන් මෙන් අතින්ම ටේහියුන්ග් පයින් ගහ මුල හාරමින් වේදනාබර කදුලු සැලුවා.
මහ ගොඩක් ලෝබයි .ඒ අහිංසක හදවතට දරාගතනොහැකි තරම් ලෝබයි. මාස නවයක් කුසේ තියන් වදපු පුංචි සුරංගනාවිව කොහොමද ඔහු පසට යට කරන්නෙ.ඔහු කොයිතරම් කාලයක් මගබලන් හිටියද සුරංගනාවිව තම දෝතට ගන්න. සුරංගනාවිගෙ උනුහුම් කම්මුල් සිපගන්න. නමුත් අද ඒ උනුහුම් කම්මුල් සීතල ගැහිලා. ටේහියුන්ගෙ පුංචි සුරංගනාවිගෙ ඇස් ඒවා හරි ලස්සනයි.පුංචි ඇස් ඇරලා විපරම් කරමින් ඇය ටේහියුන්ග් දිහා බලන් හිටියා. මේ තරම් කාලයක් ඔම්මගෙ හඩ ඇහුනට ඇය ඔම්මව දැක්කෙ නැහැනෙ. ටේහියුන්ග් ඇයට කිරි පොවද්දිත් ඇස් නොපියාම ඇය ටේහියුන්ග් දිහා බලන් හිටියා. නමුත් ටේහියුන්ග් ගෙ ඇස් පියවුන විනාඩි කිහිපයට.
ඒ මොහොතෙත් පුංචි සුරංගනාවි ඔම්මා දිහා බලන් ඉන්න ඇති. පුංචි හදවතෙ හුස්ම හිර වෙද්දිත් ඇය ඔම්මා ඇය දිහා බලනකන්ම බලන් ඉන්න ඇති.
වේදනාබර ඉකිබිදුම් ටේහියුන්ගෙ තොල් අතරින් පිටවෙද්දි ඔහු පැටියගෙ මුලු මුහුනම සිපගත්තා. එකිනෙකට ගුලි වුන පුංචි ඇගිලි මතත් හාදු තිබ්බ ටේහියුන්ග් ආයෙම ආයෙම දරුවව පපුවට තුරුලු කරගත්තා. ඔහුගෙ උනුසුම දැනිලා හෝ පැටියා නැගිටීව්දො බලන් හිටියා. නමුත් ගැස්මක් නැති සීතල නිසල සිරුර ටිකෙන් ටික තව තව සීතල වෙනවා.
___________________________________
"නැහැ. නැහැ මගෙ දරුවා හුස්ම ගන්න ඕනෙ. මගෙ දරුවා හුස්ම ගන්න ඕනෙ. "
ටේහියුන්ග් තමන්ගෙ අත් දෙකෙන්ම හාරපු වල මතින් පුංචි පැටියව තියද්දි මුලු පයින් වනයම දෙදෙරවමින් අහස වේදනාවෙන් ගිගිරුවා.
"මගෙ සුරංගනාවිව බලාගන්නවා නේද? එයාටත් ඔයාලා එක්කම හුස්ම ගන්න කියලා දෙන්න .කියලා දෙන්න හොදද. මගෙ මැනිකගෙ හුස්ම මෙහෙම නතර වෙන්න දෙන්න එපා."
"පයින් ගසෙ කද මතින් අත තිබ්බ ටේහියුන්ග් පයින් ගහ දිහා බලන් වේදනාවෙන් මිමිනුවා."
_____________________________________
"ඔයාටත් යන්න ඕනෙ වුනා නේද පුංචි පැටියෝ.එයාව පරිස්සමෙන් බලාගන්න."
පුංචි ස්නෝවිගෙ හිසට තට්ටු කරමින් ටේහියුන්ග් කියද්දි වෙනදා මෙන් ස්නෝවි ඔහු දිහා හිස ඔසවලා බැලුවෙ නැහැ. ඔහුත් දුර ගමනක් ගිහින් පුංචි සුරංගනාවිත් එක්කම
_____________________________________
කැලෑව පුරාම සීතල හුලං හමන් යද්දි ඈතින් හිටගෙන ඉන්න ඔහු ටේහියුන්ග් දිහා බලන් හිටියා. සීතල පයින් කැලෑවෙ පයින් ගසක් ලග දණ නමන් ඉන්න ටේහියුන්ග් පයින් ගසේ කද මතිනුත් ඔහුගෙ කුස මතිනුත් අත තියන් පුංචියට හිනාවෙනවා.
ඇස් වලට පිරෙන කදුලු සගවගන්න ජන්කුක් කොයිතරම් උත්සහ කලත් හැම වෑයමක්ම පරාද කරමින් ටේහියුන්ගෙ වේදනාව නමින් ඔහුගෙ ඇස් වලින් පහලට වේදනාබර කදුලු රෑටා ගියා.
"කුකී හියුන්ග්ට සමාවෙන්න මගෙ රෝස බබෝ. කුකී හියුන්ග් මගෙ රෝස බබාව ආරක්ශා කරගන්න එන්න මේ තරම් පරක්කු වුනාට කුකී හියුන්ග්ට සමාවෙන්න."
--------------------------------------------------------
හායි🙂✨
අදහස් දක්වන් යන්න.
අතීතයයි වර්තමානයයි ගලපද්දි ඔයාලට මොකද හිතෙන්නෙ.
ටේහියුන්හ් ගැන