Call me by your name 🦋 ( Com...

Par thashi123

59.6K 10.2K 11.7K

පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස්... Plus

prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
chapter 31
Chapter 32
Chapter 33
Last chapter

Chapter 30

1.8K 303 557
Par thashi123

ටේහියුන්ග් ඔලුව උස්සලා ඒ ඉස්සරහාම තිබ්බ කණ්ණාඩියෙන් තමන්ගේම ප්‍රතිබිම්බය දිහා බැලුවා...

අද ලූනාත් ටේහියුනුත් මුදු මාරු කර ගන්න දවස...

නමුත් කණ්නාඩිය ඉස්සරහා හිටිය ටේහියුන්ගේ ඇස් දෙකම රතුම රතු පාට වෙලා තිබුනා...ඒ ඇස් යට ඉදිමිලා..මුලු මුහුනම මලානික වෙලා...

වැටෙන හුස්ම පවා කැඩි කැඩි එළියට පිටව යද්දි ටේහියුන්ග් තමන්ගේ අල්ල මත හිර කරගෙන හිටිය පා සලබ තද කරලා මිරික ගත්තා....

කාමරේ ඇතුලේ තිබ්බ ඔරලෝවේ කටු කැරෙන හඬ විතරක් ඒ මුලු කාමරේ පුරාම පැතිරුනාත් වැඩි වේලාවක් නොගෙන ටේහියුන්ග් ඒ සද්දෙටම නැවතත් තමන්ගේ හැඬුම් වල ශබ්ඳය එකතු කරා....

ටේහියුන්ග් කණ්නාඩිය දිහා බලාගෙනම උරහිස් ගස්සමින් ඉකි ගැහුව්වා....

" මං මොකද කරන්නේ ? "

හැම පැත්තකින්ම හිර වෙලා හිටිය ටේහියුන්ග් උත්තර නැති ප්‍රශ්නයක් තමන්ගෙන්ම අහ ගන්න ගමන් අල්ලවල් දෙකෙන්ම ඇස් දෙක තද කර ගත්තා...

තවත් උපරිම පැයයි ඉතුරු....උත්සවේ හරියටම තවත් හෝරාවකින් පටන් ගන්නවා...

නමුත් ටේහියුන්ග් අසරණ වෙලා...කර ගන්න කිසිම දෙයක් නැතුව ටේහියුන්ග් අන්ත අසරණ වෙලා...

කවුරුත් ටේහියුන්ග්ට හිටියේ නැහැ...තමන්ගේ හිතේ ඇති වෙලා තියෙන තුවාලේ වේදනාව වචන කරන්න ටේහියුන්ග් ලඟ කිසිම කෙනෙක් රැඳුනේ නැහැ...

ටේහියුන්ග් මඟින් කැඩිච්ච හුස්මක් හයියෙන් උඩට ඇදලා අත අස්සේ ගුලි ගැහුන පා සලබ දිහා බැලුවා....

ඒත් එක්කම ටේහියුන්ග්ට මේ ගෙවිච්ච දවස් කිහිපය ගැන මතකේට ආවා...

හිතුවෙවත් නැති විදිහට ජන්කුක්ගේ සෝල් ගමන ටේහියුන්ග්ව තරමක් සතුටු කරා වගේම ඒ මොහොතේම දුකිනුත් පිරෙව්වා...

ටේහියුන්ග් කොහොමද හිතකින් සතුටු වෙන්නේ ජන්කුක් ආවේ නගරේ බලන්න විතරක්ම නොවෙන කොට ?

ජන්කුක් අද උත්සවේට එයි....කලින් දවසේ ගත්ත සූට් එක ඇදගෙන ජන්කුක් අද කුමාරේක් වගේ උත්සවේට සහභාගී වෙයි කියලා ටේහියුන්ග් විශ්වාස කරා...

ටේහියුන්ග් ජන්කුක්ව ඒ ඇඳුමින් දකින්න ආස කරාත් ඒ හිතේ සතුට කියන දේ මේ වෙනකොටත් පැනලා ගිහින් ඉවරයි...

තමන් අකමැති කෙනෙක් සමඟ විවාහ ගිවිස ගනිද්දි තමන් ඇත්තටම ආදරේ කරන කෙනා පැත්තක ඉදන් අත්පුඩි ගහන විදිහ දකින එක තරම් වේදනාකාරි සිද්දියක් තවත් තියෙයි ද ?

ටේහියුන්ග්නුත් තව පැයකින් මේ දේටම මුහුන දෙන්න නියමිතයි....

ටේහියුන්ග් තවමත් හැමදේකින්ම පැනලා යන්න පුලුවන් ක්‍රමයක් ගැන කල්පනා කරා...

මේ විවාහා ගිවිස ගැනීම සම්පූරණයෙන්ම සිද්ද උනේ සේරීගේත් ලූනාගේත් කැමැත්ත මත වෙද්දි ලූනාට විරුද්ධ උනාත් තමන්ව වදාපූ මවව හැමෝම ඉස්සරහා අපහසූතාවයට පත් කරන්න හිතේ ඉඩක් නොදුන්න ටේහියුන්ග්ව වැටෙන්න ඕන අන්තේටම වැටුනා....

නමුත් කාගේවත් සිත් රිදවීමක් නොකර , කාවවත් මිනිස්සු ඉස්සරහා ලැජ්ජ නොකර මේ සියලුම දෙයින් පැනලා යන්න පුලුවන් විදිහේ ක්‍රමයක් ගැන දැනුත් ටේහියුන්ග් කල්පනා කරමින් හිටියා....

ඒත් එක්කම ටේහියුන්ග් හිටිය කාමරේ දොර ඇරුනා...

ඇතුලට ආවේ කවුද කියලා බලන්නත් කලින්ම ටේහියුන්ග් අතේ තිබ්බ පා සලබ සාක්කුවට දාගෙන අත් දෙකෙන්ම කම්මුල් පිහ ගත්තා...

" ටේහියුන්ග් , ඔයා ඇඳලා ඉවර ? "

පිටිපස්සෙන් නම්ජුන්ගේ හඬ ඇහෙද්දි ටේහියුන්ග් ඔලුව උස්සලා කණ්නාඩියෙන් නම්ජුන්ගේ පිටිපස්සට ඇස් යවන ගමන් පුටුවෙන් නැඟිට්ටා....

" කෝ එයා ? "

ටේහියුන්ග් නම්ජුන්ගේ පිටිපස්සේන් තමන් බලාපොරොත්තු උන රුව නොදැක්ක නිසා ඇහිබම හකුලවගෙන නම්ජුන් දිහා බැලුවා...

" කවුද ? "

" ජන්කූ ? "

" ! එයා ආවේ නැහැ ටේහියුන්ග්..."

නම්ජුන් හරිම සැහැල්ලුවෙන් කියද්දි ටේහියුන්ගේ ඇස් විශාල උනා....

" ඇයි ? "

" එයා අද උදේන්ම ගමේ ගියා...එයාට ඔම්මාලා ගාවට යන්න ඕන කිව්වා..."

ජන්කුක් තනියම පැය පහක හයක පමණ දුර තියෙන ගමට ගියා කියලා නම්ජුන්ගේ කටින් පිට වෙනකොට ගමේ වැට සීමාවෙන් එහාටවත් ජන්කුක්ට තනියම යන්න නොදෙන ටේහියුන්ගේ ඇස් වලට පුදුමෙත් එක්කම කලබලකාරී ගතියත් එකතු උනා...

" ම්...මොකක් ! එයා තනියම ගියා... ? "

" ඔව් "

" ඇයි එයාව තනියම යැව්වේ ? එයා තාම පොඩියි...එයා දන්නේ නැහැ තනියම ගමට යන්න..."

ටේහියුන්ග් කලබලෙන් කතා කරා...

" එයා කිව්වා එයාට තනියම යන්න පුලුවන් කියලා...."

" උනාත් එයාට තනියම යන්න බැහැ ප්‍රොෆෙසර්....එයා වැට සීමාවෙන්වත් එහාට තනියම ගියපූ කෙනෙක් නෙමෙයි... "

" එයා ඉතිං පුලුවන් කිව්වා නේ...ඇරත් ටේහියුන්ග් ඇයි ඔයාගේ යාලුවා ගැන ඔය තරම් කලබල වෙන්නේ..."

නම්ජුන් අන්තිම වචන කිහිපය සමච්චලේට වගේ කියද්දි ටේහියුන්ග් උත්තර විරහිතව ඉක්මනින්ම නම්ජුන්ගෙන් ඇස් අහකට ගත්තා....

ඇත්තට ඇයි ටේහියුන්ග් මේ තරම් කලබල ?

තප්පර කිහිපයක් නැවතත් මුලු කාමරේ පුරාම ඔරලෝවේ හඬ පමණක් ඇහුනා....

ටේහියුන්ග් මේ වෙනකොටත් නම්ජුන් අහපූ ප්‍රශ්නේට උත්තර දන්නවා උනාත් ටේහියුන්ග්ට ශක්තියක් තිබ්බේ නැහැ ඒක නම්ජුන්ගේ මුහුනට කියන්න...

ටේහියුන්ගේ නිහඬ බවත් එක්ක කාමරේ දොර ලඟින් අඩි කිහිපයක් කාමරේ ඇතුලට ආව නම්ජුන් තමන්ගේ කලිසම් සාක්කු දෙක අස්සට අත් දෙක ඔබා ගත්තා....

" ඇයි තවත් මේ විදිහට බලාගෙන ඉන්නේ ? "

" අහ් ? "

ටේහියුන්ග් ප්‍රශ්නාර්ථ බැල්මකින් නම්ජුන් දිහා බැලුවා....

" ඇයි තමන් ඇත්තටම කැමති කෙනා ගාවට නොගිහින් තවත් මෙතනට වෙලා බලාගෙන ඉන්නේ ? "

"ප්...ප්‍රොෆෙසර් ? "

" හැඟීම් කියන්නේ හරි අමුතු දෙයක් ටේහියුන්ග්...තේරුම් ගන්න අමාරුයි...ඒත් තේරුම් ගන්නකොට සමහරවිට අපි ගොඩාක් දුර ගිහින් තියෙයි...ඔයාමයි නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරවෙන් කඩන තත්වේටම අරගෙන ආවේ...හැමදේම ගැන අවබෝධ උනාත් , ඔයා තවමත් අඩියක් ඉස්සරහාට නොගෙන ඉන්න තැනම හිටගෙන ඉන්නවා..."

" ප්..ප්‍රොෆෙසර් මොනාද මේ කියන්නේ ? "

" මං කියන්නේ ඇත්ත...ටේහියුන්ග් මං ප්‍රොෆෙසර් කෙනෙක් උනේ පොතේ දැනුමෙන්ම විතරක් නෙමෙයි...මට ලමෙක් හැරෙද්දි උනාත් ඊලඟට මොකක්ද කරන්න හදන්නේ කියලා තේරෙනවා...ඔයා නගරේට ආවාම ඔයාට මුලින්ම හම්බුන ලූනාව ඔයා වෙනස්ම විදිහකට දැක්කා...ගමේ ගවුම් ඇදගෙන දුව පනින කෙල්ලො අතරින් කොට කලිසම් ඇදගෙන ඇඟෙන් භාගයක් එළියේ දාගෙන ඉන්න කෙල්ලන්ව ඔයා පර්ෆෙක්ට් කියලා හිතුවා...ඔයා එයාට අකාර්ශනේ උනා...නමුත් ඔයා හිතුවා ඔයා කරන්නේ ආදරේ කියලා...."

නම්ජුන් මොහොතකට තමන්ගේ කතාව නවත්තල්ලා ටේහියුන්ගේ ලොකු වෙච්ච ඇස් දිහා බලාගෙන හිටියා...

" එතන ආදරයක් තිබ්බේ නැහැ ටේහියුන්ග්...කොටින්ම ඔයා කිසිම වේලාවක ලූනාට ආදරේ කරේ නැහැ...ඔයාට නගරේ ඉන්නකන් ලූනාව හොඳ උනා...මොකද ජන්කුක් ඔයාගේ ඇස් පේන මානේ නොහිටිය නිසා...ඔයා ඉතිං අකාර්ශනේ ආදරේකට පෙරලගෙන ලූනා එක්ක ඉස්සරහාට ආවා...නමුත් ඔයා ගමට ආවාම , ඔයාට ලූනාගේ අඩුපාඩු පේන්න ගත්තා...මොකද ලූනාට ඔයා ආස කරපූ විදිහේ කිසිම ගතිගුණක් පිහිටලා තිබුනේ නැහැ....උබ ආස කරපූ සේරම ගතිගුණ තිබුනේ එකම එක්කෙනාටයි..."

නම්ජුන් ටේහියුන්ගේ කලබල උන ඇස් දිහා බලන් ලස්සනට හිනා උනා....

" ඔව් , ජන්කුක්..."

නම්ජුන්ගේ වචනත් එක්ක ටේහියුන්ග් ලොකු හුස්මක් උඩට ඇද්දා...

" උබ ඇත්තටම ආදරේ කරේ ජන්කුක්ට ටේහියුන්ග්...උබ එදා ඉදලා හුරු උනේ ජන්කුක්ට...උබ ලූනාගෙන් ජන්කුක්ව හෙව්වා...නගරේට ආවාම ජන්කුක්ගේ අඩුව ලූනාගෙන් පුරව ගන්න උත්සහා ගත්තා...නමුත් උබ ගමට ආව හැටියේ , උබ ජන්කුක්ව දැක්ක හැටියේ උබ ලූනාගෙන් ඈත් වෙන්න උත්සහා කරා...ඇයි බං මේ දේවල් වලට මෙච්චර කල් ගත්තේ ? ඇයි ? "

නම්ජුන් අහද්දි ටේහියුන්ගේ ඇස් කොනෙන් නැවතත් කඳුලු බිඳක් ගලාගෙන ගිහින් යට තිබුන කාපට් එක උඩට වැටුනා...

" ...මට දැන් හැරෙන්න බැහැ ප්‍රොෆෙසර්...මට..මට මේ කිසි දෙයක් දැන් වෙනස් කරන්න බැහැ...."

" නැහැ ඔයාට පුලුවන්...මේක උබේ වෙඩින් එක නෙමෙයි...මේක එන්ගෙජ්මන්ට් එක....එන්ගෙජ්මන්ට් එකකින් කියන්නේ නැහැ අපි බඳින්න ඕන මුදු මාරු කරගත්ත එක්කෙනාවමයි කියලා...හැබැයි උබ මැරේජ් එක තරම් මේක දුර ගෙනිච්චොත් මේ ප්‍රශ්නේ තවත් සංකීර්ණ වෙන එකයි වෙන්නේ... උබට දැනුත් වේලාව තියෙනවා ආයේ හැරෙන්න....ඉතිං පලයන්...ගිහින් උබට දැනුන තැන නැවතියන්...."

නම්ජුන් අන්තිම ටික ටිකක් සද්දෙන් කියද්දි කාමරෙන් යන්න ඉස්සරහාට එක අඩියක් තිබ්බ ටේහියුන්ග් ඒ තිබ්බ අඩිය ආයේත් ආ පස්සට ගත්තා....

" මට ඒක කරන්න බැහැ ප්‍රොෆෙසර්..."

" ඇයි ? "

" මං පරක්කුයි...මං මගේ පැත්තෙන් දැනටමත් පරක්කු නොවුනාත් මං ජන්කූගේ පැත්තෙන් ගොඩාක් පරක්කුයි..."

" කිව්වේ ? "

" ජන්කූ ප්‍රොෆෙසර්ට ආදරේ කරනවා...එයා ඒක ගැන මට කිව්වා..."

ටේහියුන්ග් අඬන ඇස් එක්ක යාන්තමට හිනා වෙනකොට නම්ජුන්ද ඇස් දෙක මොහොතකට වහගෙන හෙමීට හිනා උනා....

" ටේහියුන්ග්...ටේහියුන්ග්... හිත දැනටමත් කෙනෙක් සින්නක්කර ගෙන ඉද්දි මටත් දෙන්න කොහෙන්ද බං හිතට තව ආදරයක්...."

" ප්‍රොෆෙසර් ? "

" එයා තවමත් උබට ආදරේයි...පලයන්....ගිහින් උබේ අතින් වෙච්ච හැමදේටම සමාව ගනින්..."

" එතකොට ලූනා ? "

" මං ලූනා ගැන බලා ගන්නම්..."

" ඔම්මා මාව මරාවී ප්‍රොෆෙසර්...මං එයාගේ කීම හින්දායි මෙච්චරවත්-"

ටේහියුන්ගේ කතාවට බාධා කරමින් නැවතත් කාමරේ වැහුන දොර ඇරගෙන දේහියුන්ග් ඇතුලට ආවා...

" ..අප්පා ? "

" වරෙන් ලඟට..."

දේහියුන්ග් ටේහියුන්ග්ට අඬගහද්දි ටේහියුන්ග් ඒ පිම්මටම දේහියුන්ග් ලඟට දිව්වා...

" අප්පා..."

" උබට තිබ්බා මට මේවා කියන්න...ඇයි බං මට හැංඟුවේ...යාන්තමට හිතේ සැකයක් තිබුනාට මං හිතුවේ නැහැ සැකේ ඇත්තක් කියලා...ඇයි මගේ දරුවාගේ හැඟීම් මට රහසින් අහන් ඉන්න තත්වේට පත් කරේ...? උබ මට එදාම මේ දේවල් කිව්වා නම් මං උබව මෙහෙම අසරණ කරන්නේ නැහැ නේ පුතේ..."

දේහියුන්ග් තමන්ගේ ඉස්සරහා කඳුලු වක්කරන ටේහියුන්ග්ව ඇදලා අරන් තුරුල් කර ගත්තා....

" දැන්ම ගමට පලයන්...මං නෝනාව මොකක් හරි කර ගන්නම්....යක්සයා ආවේස වෙයි...ඒත් උබ ආදරේ පුංචි පැල්පතට නම් එතනට පලයන්....උබ ඇත්තම ආදරේ ලඟ නැවතියන්...මොකද උබ අකමැති කෙනෙක් එක්ක දීග ගිහින් මුලු ජිවීත කාලේම විදවනවාට වඩා මං කැමතියි ජියෝන්ගේ කොල්ලා දුප්පත් උනාත් උබ ඌත් එක්ක සතුටින් ඉන්නවා නම්....නම්බුව , මිල මුදල් නෙමෙයි බං ජිවීතේ කියන්නේ...දැනුන තැන නැවතිච්ච එකටයි ජිවීතේ කියන්නේ....

උබට පුලුවන් කැමති කෙනෙක් ලඟ නවතින්න...එයා මොන විදිහේ කෙනෙක් උනාත් , මං එයාව භාර ගන්නවා...මොකද අපි නැති වෙච්ච කාලේකට උබ සිද්ද වෙන්නේ කෙනා එක්ක ජිවීතේ ඉදිරියට යන්න...ඉතිං ඔම්මාලාගේ කැමැත්තට ඉඩ දීලා කවදා හරි උසාවි ගානේ රස්තියාදු වෙනවාට වඩා හොඳයි ආදරේ වෙනුවෙන් එකම එකපාරක් මුරණ්ඩුකම් කරන එක...ඉතිං තවත් බලන් ඉන්නේ... පලයන්....තව පැය එකහාමාරකින් ගමට යන කෝච්චිය යනවා..."

දේහියුන්ග්ගේ වචන අවසානේත් එක්ක තමන් හා හිනා වෙන නම්ජුන් දිහා බැලුව ටේහියුන්ග් දොරෙන් එපිටට දුවලා ගිහින් නොපෙනි ගියා...

දේහියුන්ග්ද නම්ජුන්ගේ උරහිසට තට්ටු කිහිපයක් දාලා එතනින් යන්න යද්දි මෙච්චර වෙලා මුහුන මත ඇදගෙන හිටිය හිනාව නවත්ත ගත්ත නම්ජුන් එහෙමම පිටිපස්ස හැරිලා කණ්නාඩියෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලන ගමන් කලින් රාත්‍රියේ උන ඒ සිද්ධිය නැවතත් මතක් කරා....

.

.

Flash back ~

මේසේ උඩ ඉදගෙන කැම්පස් එකේ වැඩ වගයක් බලමින් හිටිය නම්ජුන්ව එකපාරම ගැස්සිලා ගියේ නොහිතුව විදිහට හයියෙන් ඇරුන දොර නිසා...

එහෙමම නම්ජුන් ඔලුව හරවලා දොර දිහා බැලුවාත් හරි නම්ජුන්ට ඉබේම පුටුවෙන් නැඟිට්ටුනා...

" කූ ? ඇයි මේ ? "

දොරේ අගුල මිරිකගෙන හිටගෙන හිටියේ ජන්කුක්...ඒ කොණ්ඩේ අවුල් වෙලා...නහය මුල රතු පාටට හැරිලා...ඇස් වලින් තවමත් ඒ රෝස කම්මුල් තෙත් කරමින් පහලට කඳුලු කැට කඩා හැලුනා....කොටින්ම කිව්වොත් ජන්කුක් හිටියේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා....

නම්ජුන් කලබලෙන් ජන්කුක්ගේ හැම තැනම දුවන ඇස් එක්ක ඉස්සරහාට අඩියක් තිබ්බාත් ඊට කලින් ඉස්සර උන ජන්කුක් දුවගෙන ඇවිත් නම්ජුන්ව තද කරලා වැලඳ ගත්තා....

" දෙයියනේ කූ...කතා කරන්නකෝ...මොකද උනේ..? වැටුනාද ඔයාව ? කියන්නකෝ කූ මොකද උනේ..."

නම්ජුන් තමන්ගේ පපුව අස්සේ සද්දෙන් ඉකිගහන ජන්කුක්ගේ පිට එක අතකින් උඩට පහලට පිරිමදිමින් අනිත් අතින් ඒ ඔලුව පිටිපස්ස අල්ලන් පපුවට තද කර ගත්තා...

"ම්...මහත්තයා..."

ජන්කුක් පපුව අස්සෙ මුහුන හංගන්ම හෙමීට මිමිනුවා...

" ශ්ශ්...කෝ ඉතිං...හොඳ ලමයා වගේ නඩා ඉන්න...කෝ මං දිහා බලන්න..."

නම්ජුන් අමාරුවෙන් ජන්කුක්ගේ නිකට උස්සලා තමන්ගේ ඇස් වලට ජන්කුක්ගේ මුහුන පේන්න සැලැස්සුවා...

" ඇයි මේ ? මොකද උනේ ? "

තමන් දිහා බලාගෙන අඬන ජන්කුක්ගේ කම්මුලකින් අත තිබ්බ නම්ජුන් ඒ අතේ මහපට ඇඟිල්ලෙන් ජන්කුක්ගේ කඳුලු පිහිදුවා...

" මට මහත්තයාත් එක්ක කතා කරන්න ඕනී.."

" හ්ම්ම් අපි ඉද ගමූකෝ....කෝ එන්න..."

නම්ජුන් එහෙමම ජන්කුක්වත් එක්කගෙන ඇඳෙන් වාඩි උනා ...

" දැන් කියන්නකෝ...මොකක්ද කියන්න තියෙන්නේ..."

තමන්ගේ අත් අතර හිර වෙලා තිබ්බ ජන්කුක්ගේ චුටි අත් දෙක පිරිමදින්න ගත්ත නම්ජුන් ජන්කුක්ට සම්පූර්ණම අවදානේ දෙද්දි ඒ ඇස් දිහා එක එල්ලේ බලන්න අපහසූ උන ජන්කුක් නම්ජුන්ගෙන් ඇස් අහකට අරගෙන බිම බලා ගන්න ගමන් යටි තොල හපා ගත්තා....

" මට සමාවෙන්න මහත්තයා..."

ජන්කුක් ඇහෙන නෑහෙන ගානට මිමිනුවා...

" මොකටද සමාව..."

ඒත් එක්කම ජන්කුක් ආයේත් ඉකි ගැහුව්වා...

" මට සමාවෙන්න....අනේ මට සමාවෙන්න මහත්තයා...මට ඔයාව රිදවන්න ඕන උනේ නැහැ...එත්...ඒත් මට මහත්තයාගේ හැඟීම් පිට දෙන්න විදිහක් නැහැ මහත්තයා...අනේ මට සමාවෙන්න...මහත්තයා ගොඩාක් හොඳයි...මං මහත්තයාට කැමතියි....නමුත් මට ආදරේ කරන්න බැහැ මහත්තයා..."

ජන්කුක් අන්තිම වාක්‍යත් එක්ක ඇස් දෙක තද කරගෙන වහගෙන කලින්ටත් වඩා සද්දෙන් අඬන්න ගත්තා....

ජන්කුක්ගේ අත් අල්ලගෙන හිටිය නම්ජුන් ඒ අත් දෙක තද කෙරුවා...ඒ ඇස් වලට පවා යාන්තම් කඳුලු පටල ගොඩ ගැහෙද්දි නම්ජුන් ඒත් හිනා උනා....

" මොකක්ද කූට ඒකට තියෙන හේතුව...? මට දැන ගන්න පුලුවන් ? "

" මං...මං කෙනෙක්ට ආදරේ කරනවා....මං එයාට ගොඩාක් ආදරේයි මහත්තයා....මට එයාව අමතක කරන්න බැහැ....මං දන්නවා එයා මං ගාවට එන්නේ නැහැ...එකෙන් මට රිදෙනවා...නමුත් මං මගේ ආත්මේම එයාට දීලා ඉවරයි මහත්තයා....හිතේ කෙනෙක් ගැන තියාගෙන නම්ජුන් මහත්තයා එක්ක ගතින් විතරක් ආදරේ කරන්න මට බැහැ මහත්තයා....මගේ අතින් අඩුපාඩුවක් උනොත් නම්ජුන් මහත්තයා විදවයි....මහත්තයාව රවට්ටලා මට පව්කාරෙක් වෙන්න බැහැ මහත්තයා...මං ගාව නම්ජුන් මහත්තයාට දෙන්න තරම් ආදරයක් ඉතුරු වෙලා නැහැ...අනේ මට දහස් වාරයක් සමාවෙන්න..."

" කූ මොනාද මේ කියන්නේ...ඔය අත් දෙක පල්ලෙහාට දා ගන්න..."

ජන්කුක් තමන්ගේ ඉස්සරහා අත් දෙක එකතු කරගෙන ඉන්න විදිහ දැක්ක නම්ජුන්ගේ හදවත කඩාගෙන වැටුනා....

ඒ ඇස් අඟින් පවා කඳුලු බිඳ බිඳ හරිම හෙමීන් බිමට වැටෙන්න පටන් ගත්තා....

" කාටද කූ ආදරේ කරන්නේ. ? "

නම්ජුන් සංසුන්ව අහද්දි ජන්කුක් නිහඬ උනා...පහුවෙනිදාට විවාහා ගිවිස ගන්න ඉන්න මනුස්සයාට ආදරේ කරන බව ජන්කුක්ට කියන්න ඇත්තටම බැහැ....

" කූ , මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුව්වා...මට උත්තර දෙන්න..."

" මං කෙනෙක්ට ආදරෙයි..."

" කවුද කෙනා ? "

" කෙනෙක්..."

" හරි කවුද කෙනෙක් කියන්නේ ? "

" අනේ මහත්තයා..."

" ඇයි කූට බැරි කියන්න ටේහියුන්ග් කියලා හ්ම්ම්..."

නම්ජුන් ජන්කුක්ට පමණක් ඇහෙන තරම් මුමුනද්දි ජන්කුක්ගේ විශාල වෙච්ච ඇස් දෙක ඉබේම නම්ජුන්ගේ මුහුන දිහාවට ගියා....

" මහත්තයා...? "

" ටේහියුන්ග් නේද ? ඇයි ඕක කියන්න ඔය තරම් පස්සට යන්නේ...කූ හිතන්නේ මට මුකුත් තේරෙන්නේ නැහැ කියලාද ? "

" මට සමාවෙන්න මහත්තයා...අනේ මං මහත්තයාට වරදක් කරන්න හිතුවේ නැහැ..."

" ඔයා මොනාද මට කරපූ වැරැද්ද....කෙනෙක්ට ආදරේ කරන නොකරන එක තමන්ගේ කැමැත්ත කූ.....ඒකට ඇයි සමාව ගන්නේ...මං කූට එදා මගේ හිතේ තිබ්බ හැඟීම කිව්වේ කූ දෙන කැමතිම උත්තරයක් භාර ගන්න බලාගෙන....කූ මට බොරු බලාපොරොත්තු දුන්නේ නැහැ නේ...."

නම්ජුන් මොහොතකට තමන්ගේ කතාව නවත්තගෙන බිමට පහත් කරගෙන හිටිය ජන්කුක්ගේ මුහුන ඇඟිලි දෙකකින් ඉස්සුවා...

" මට එදා සේරම ඇහුනා...සමාවෙන්න...මං කූඩාරම ඇතුලේ ඉදන් අහන් ඉදියා නෙමෙයි....මං වැසිකිලියට යන්න එලියට එනකොට , මට ඔයාලා දෙන්නාගේ කතාව අහම්බෙන් වගේ ඇහුනා...මට එදාම තේරුනා ඔය දෙන්නාම වැරදි වැටහීම් එක්ක දෙපැත්තකට වෙලා විඳවනවා කියලා...කූ , හැඟීම් කියන්නේ බලෙන් ඇති කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි....ඒක මනුස්සෙක් තුල ඉබේම හට ගන්න දෙයක්...මට තේරුනේ නැහැ දෙන්නාම දෙන්නාට ආදරේ කරගෙන ඇයි ඒවා හිත් අස්සේ හංගෙන ඉන්නේ කියලා..."

නම්ජුන් ජන්කුක්ගේ නහය උඩට ඇඟිල්ලෙන් ඇන්නා....

" දන්නවාද ? මං ඔයාව සෝල් ගෙනාවේ මගෙත් එක්ක සාප්පු සවාරි යන්නම නෙමෙයි..."

ජන්කුක්ගේ ප්‍රශ්නාර්ථ බැල්මක් පිරුන ඇස් දැක්ක නම්ජුන් ඒත් එක්කම හිනා උනා...

"එහෙනම් මහත්තයා ? "

" මං ඔයාව ගෙනාවේ මේ වෙන්න යන දේවල් වලක්වන්නත් එක්ක...මං හිතුවා අඩුම ඔය දෙන්නා කතාබහ කරලා හිත් වල තියෙන දේවල් අන්තිම මොහොතේ හරි කියාගෙන මේ උත්සවේ නවත්තලා දායි කියලා...කොහෙද , දෙන්නාම දෙපැත්තට වෙලා විඳව විඳව ඉන්නවා මිසක් නිකන්වත් තනියම ඉදගෙන කතා බහ කරාද ? උබ මහත්තයා මහත්තයා ගාගෙන මගේ පස්සේ වැටිලා...අරකා ගැණී මැරිච්ච මිනිහා වගේ ඔහෙ අහුමුහු වලට වෙලා කල්පනා කරනවා....මොකක්ද බං උබලා දෙන්නාගේ ආදරේ තේරුම ? "

නම්ජුන් අහනකොට ජන්කුක් යටි තොලත් පෙරලගෙන ජනේලෙන් එලිය බැලුවා....

" කූ "

" හ්ම්ම් ? "

නම්ජුන් ජන්කුක්ගේ අත් දෙක තද කරලා අල්ල ගත්තා...

" දැන් මොකක්ද ඊලඟට ඔයා කරන්න ඉන්නේ..."

" මන්දා මහත්තයා...මට මුකුත් තේරෙන්නේ නැහැ....මහත්තයා ඔහොම කිව්වාට මොකද හියුන්ගී මට කැමති නම් මෙලහටත් මේ තීරණේ වෙනස් කරගන්න එපැයි..ඒත් එයා තාමාත් මුකුත් කිව්වේ නැහැ..එයා හෙට නෝනා එක්ක මුදු මාරු කරගනී මහත්තයා...ඒක අනිවාරියයෙන්ම සිද්ධ වෙයි... එතනින් පස්සේ හියුන්ගී වෙන කෙනෙක්ගේ....මට ගමේ යන්න ඕන මහත්තයා...මට එයාලා මුදු මාරු කරනවා බලන්න බැහැ...මං තරම් ශක්තිමත් කෙනෙක් නෙමෙයි....ඔම්මා කිව්වා හිත රිදුනොත් එහෙ එන්න කියලා...ඉතිං මං එහෙ යනවා..."

" ඒකද ඔයාගේ තීරණේ ? "

" ඔව් මහත්තයා...වෙන්න තියෙන දේවල් නවත්තන්න බැහැ නේ....මට රිදෙයි...මං දුක් වෙයි...ඒත් කාලයත් එක්ක මට වේදනාවෙනුත් රසයක් හොයා ගන්න පුලුවන් වෙයි...මට ගම හොඳයි මහත්තයා...එතන මට පොඩි හරි සැනසීමක් තියෙයි....හියුන්ගී ආයේත් ආවෝත් එහෙමයි...නැත්තම් මං ජිවීත කාලේම මෙහෙමම ඉන්නවා...මොකද හියුන්ගී නොදන්නවා උනාට තවමත් එයා එක අතකින් මගේ හදවත ගුලි කරගෙනවා ඉන්නවා මහත්තයා..."

" හොඳයි....එහෙනම් මං ඔයාව හෙට උදේට බස්සන්න එන්නම්..."

" මහත්තයා කරදර වෙන්න ඕන නැහැ...මට හැකියි තනියම යන්න...මහත්තයා හෙට උත්සවේට ලෑස්ති වෙන්න..මේ වේලාවේ මගේ අඩුව පුරවන්න මහත්තයා හියුන්ගී ගාව ඉන්න ඕන..."

" ඔයාට විශ්වාසද තනියම යන්න පුලුවන් කියලා..."

" මෙතනින් පස්සේ මට කොහොමත් තනියම ජීවත් වෙන්න සිද්ද වෙනවා මහත්තයා...ඉතිං හෙට ඉදලාම මං ජිවීතේට හැඩ ගැහෙන්න පටන් ගන්නවා..."

ජන්කුක්ගේ කතාවේ අවසානේත් එක්ක නම්ජුන් ජන්කුක්ව තමන්ගේ පපුවට තුරුල් කර ගත්තා....ජන්කුක්ද නම්ජුන්ගේ පපුව උඩින් කම්මුලක් තද කරලා ඇස් දෙක වහගෙන කම්මුල මතින් ගලාගෙන යන නිදහස් කඳුලු බිඳට බිමට වැටෙන්න අවසර දෙන ගමන් හෙමීට හිනා උනා....

Flashback end~

.

.

.

" අනේ මට අයිස් පලමක් අරන් දෙන්නකෝ....!!! "

වැට මායිමත් එක්ක තිබ්බ සිල්ලර කඩේ අස්සේ හිටිය ආරී තමන්ගේ මවගේ ඇඳුමේ කොන අල්ලන් තුන් වෙනි වතාවටත් කකුල් දෙක බිමට ගැහුව්වා....

" ආරී...උබ කන්න ලෑස්ති වෙන්න එපා මගෙන් , හරි ? "

" අනේ ඔම්මා මට එකක් අරන් දෙන්නකෝ..."

" මේ වැස්සේ උබ අයිස් පලම් කාලා ලෙඩ වෙන්නද ? නිකන් ඉදින්...හෙට පෑව්වොත් අරන් දෙන්නම්..."

" ඔයා නරකයි...ටේහියුන්ගී ඔප්පා නම් කිව්ව ගමන් අරන් දෙනවා..."

" අහ් එහෙනම් ගිහින් ඉල්ල ගනින් ඔප්පාගෙන්ම..."

" මං තරහයි !!! "

කොයි තරම් පෙරැත්ත කරත් තමන්ගේ මවගෙන් අයිස් පලමක් හම්බෙන්නේ නැහැ කියලා තේරුන ආරී මුහුන පුලුටු කරන් අත් දෙකත් බැඳ ගනිමින් වැට දිහාවට හැරුනා...

උදේ වරුවේ යාන්තමට ඉර පෑව්වාත් එහෙන් මෙහෙන් අහසේ පාවුන අඳුර වලාකුලු ඊට හෝරා කිහිපයකට පස්සේ හීන් පොදයක් බිමට පතිත කරවන්න පටන් ගත්තා...

නමුත් ඒ හීන් පොඳයත් රැදිලා තිබ්බේ හරිම පොඩි වේලාවයි....මිනිත්තු විස්සක් විතර හෙමින් හෙමින් බිමට වැටුන පොඳය එකපාරම අකුණු ගගහා මහ වැස්සකට පෙරලන්න ගත උනෙ හරියටම තප්පර කිහිපයක් පමණයි...

මේ වැස්සේමයි ආරී තමන්ගේ මවට කරදර කරමින් අයිස් පලම් ඉල්ල ඉල්ල ඒ දොලදුක මඟ හැරව ගන්න සූදානම් උනේ....

ආරීගේ මව කඩේ මුදලාලිත් එක්ක කතා කර කර ඉන්න අතරේ වැට පැත්තට හැරිලා හිටිය ආරීගේ ඇස් දෙක එකපාරම හිනී උනා...

හරියට ~ පැහැදිලිව නොපෙනන රූපයක් පැහැදිලිව බලා ගන්න වගේ....

නමුත් ආරීට ඒ රුව වැහි පොදත් එක්ක හරි හැටි නොපෙනුනා...

ඈත ඉදන් ගම පැත්තට එන පුද්ගලයා හෙමින් හෙමින් ලඟට කිට්ටු වෙද්දි ඒ ක්ශනිකයෙන්ම ඒ කවුද කියලා අඳුර ගත්ත ආරී මහ වැස්ස කියලවාත් නොබලා කඩෙන් එළියට පැන්නා....

" ආරී !!!! ඔය කොහෙද දුවන්නේ...ලමයෝ !!! "

ආරීගේ මව කෑගහන අතරේ සෙරප්පු දෙක අත්ලට හිර කර ගත්ත ආරී ගමෙන් එපිටට දුවනවා වෙනුවට එහෙමම ගම ඇතුලට දිව්වා....

වතුර පිරිලා තිබ්බ මඩ වලවල් වල ' චොක් ' ගාලා සද්දයක් නැගෙන විදිහටම ඒවා උඩට අඩිය ගහමින් ආරී කෙලින්ම හුරුපුරුදු පැල්පතක් හොයාගෙන දිව්වා...

ඒ අතර ජන්කුක් හිටියේ තමන්ගේ ගෙදර ඇඳ උඩ....ඒ අල්ල අස්සේ ටේහියුන්ග් මීට සති තුනකට කලින් දුන්න සුවඳ කුප්පිය හිර වෙලා තිබුනා....

උදේ වරුවම කෝච්චියක් අස්සේ ගෙව්ව ජන්කුක් හරියටම දහවලේ ගෙදරට ගොඩ උන හැටියේ යූනාව හොයන්න ගත්තා....

ජන්කුක් නිවුනේ යූනාගේ පපුව අස්සේ...ගෙදර ආවාත් හරි කොයි තරම් වේලාවක් ඒ පපුව අස්සේ ඉදන් ඉකි ගැහුව්වාද කියන්න ජන්කුක්වත් හරිහැටි නොදැනගෙන උන්නා....නමුත් තමන්ගේ පපුව ඇතුලේ හිර වෙලා තිබ්බ වේදනාව යූනාට කියලා කෑගහලා ඇඩුව ජන්කුක්ට අවසානේ පොඩි සැනසීමක් වගේ දෙයක් දැනෙන්න ගත්තා....

මැටි ගේ නිසා වැස්සට ඒ පුංචි පැලපත හරිම සීතලයි...පොලොවට අඩිය තියන්නත් බැහැ ඇඟම හිරි වැටෙනවා...ඉස්තෝප්පුවට වැටෙන හිරිකඩත් , දොර අතරින් හමාගෙන එන මද සුලඟත් නිසා ජන්කුක් කකුල් දෙකම ඇඳ උඩට අරගෙන මුලු ඇඟම ඇඳන් රෙද්දෙන් වහ ගන්න ගමන් අතේ තිබ්බ සුවඳ විලවුන් බෝතලේ මුඩිය ඇරියා....

ඒත් එක්කම ඒ නාස් පුඩු පලාගෙන ඇඟ ඇතුලට රිංගුවේ ටේහියුන්ගේ පපුව මැද්දෙන් ආව ඒ පිරිමි සුවඳයි....

ජන්කුක් සුවඳ කුප්පිය නහය ලඟට ලං කරන් උඩට ලොකු හුස්මක් ඇද ගන්න ගමන්ම හෙමීට ඇස් දෙක වහ ගත්තා...

ඇත්ත , ඒ විලවුන් සුවඳ ජන්කුක්ට ටේහියුන්ග්වම විතරක් මතක් කෙරෙව්වා...ජන්කුක් හරිම ඉක්මනට අතීතේට ඇදිලා ගියා...ජන්කුක් කලුවර ඇස් අතරින් දැක්කා තමන් ටේහියුන්ගේ පපුවට හේත්තු වෙලා මේ විලවුන් වර්ගේම සුගන්ධය වින්ඳ විදිහ...

විලවුන් වර්ග හැමවේලාවෙම පරණ මතකයන් අලුත් කරවනවා....

නාස් තුඩු අතරින් සුවඳ මැකිලා ගියාම ජන්කුක් නැවතත් හුස්මක් උඩට ඇද්දා...

මේ වෙනකොට ටේහියුන්ගේ ගිවිස ගැනීම ඉවර වෙලා ඇති කියලා හිතුව ජන්කුක් සුවඳ කුප්පිය පපුවට තුරුල් කර ගත්තා...

අවුරුදු ගානක බැඳීමකට පස්සේ ජන්කුක්ට ටේහියුන්ග්ව මතක් කරන්න හරි අවසානේට ඉතුරු උනේ සුවඳ විලවුන් බෝතලයක් පමණයි...

යූනා කුස්සියේ ඉදන් තේ කෝප්පේ හැඳි ගාන හඬ ජන්කුක් පොද වැස්ස අතරින්ම අහගෙන හිටියා...ඊට අමතරව සැරෙන් සැරෙන් සුවඳ කුප්පියේ සුවඳ විඳ ගත්තා...

මොනා කරන්නද ? මේක තමයි ජන්කුක්ට උරුම අවසානේ...අඬන්නද ? පසුතැවෙන්නද ? කේන්ති ගන්නද ? නැහැ , ඒ කිසිම දෙයකින් ආයේත් ටේහියුන්ග්ව තමන්ගේ හියුන්ගී විදිහට ලඟට ගන්න ජන්කුක්ට බැහැ....බැරිකමටත් වඩා දැන් තියෙන්නේ අයිතිය නැතිකම....

ජන්කුක් සුවඳ කුප්පියේ බිංදු දෙක තුනක් අල්ලට හලාගෙන බොහෝම පරිස්සමෙන් ඇඟිල්ලකින් ඒ දියර ටික බෙල්ල වටේ ගා ගත්තා...

දැන් ජන්කුක් ගාවත් ටේහියුන්ග්ගේ සුවඳයි....

එහෙමම බෝතලේ වහලා පැත්තකට කෙරුව ජන්කුක් ඇඟ වටේ ඔතාගෙන තිබ්බ රෙද්ද අල්ලෙන් ගුලි කරගෙන නවාගෙන උන්න දණහිස් උඩින් කම්මුලක් තද කර ගන්න ගමන් හෙමීට ඇස් පියෙව්වා...

විනාඩි දෙක තුනක් හරිම නිහඬවම ගෙවීලා ගියා....

මෝර සූරන වැස්සත් , යූනා ප්ලාස්ටික් බෝතල් එක්ක ඔට්ටු වෙන හඬත් අහගෙන ඇඟේ දැවීටිගෙන යන සුවඳ විඳගනිමින් හෙමින් පොඩි නින්දකට වග කියන්න ලෑස්ති උන ජන්කුක් වැහීගෙන ගිය ඇස් ආයේත් එකපාරම ඇරියේ ඉස්තෝප්පුවෙන් ඇහුන අඩි ශබ්දයට...

" ආරී ? "

ජන්කුක් එකපාරම ඇඳෙන් නැඟිටලා ඇස් දෙක ලොකු කර ගත්තා...

ආරී හොඳටෝම තෙමිලා වෙව්ලන ගමන්ම දොරකඩ ලඟ හිටගෙන හිටියා....

" ආරී මොකද මේ ? "

ජන්කුක් එහෙම අහන ගමන්ම ආරී ගාවට යන්න එක අඩියක් ඉස්සරහාට තිබ්බා...

නමුත් ජන්කුක් තමන් ලඟට එන්න කලින්ම ඉස්සර උන ආරී කලින් දිව්ව එකට එලියට පිට කරන හති පිටින්ම ඉන පද්දලා ඉස්සරහට අත් දික් කරලා ආයේමත් ඒ අත් දෙකම එකට එකතු කරගෙන නිකට යටින් තියන් ඇස් පිල්ලම් තුනක් ගහද්දි ගැස්සිලා ගියපූ ජන්කුක්ගේ තොල් පටල ඊලඟ තප්පරේ එකට එක තෙරපෙන්න ගත්තා....

"හ්..හියුන්ගී "

ජන්කුක් තමන්ට පමණක් ඇහෙන තරමින් මුමුනලා සෙරප්පු දෙකක්වත් නැතුව එහෙමම ගෙදරින් එලියට දිව්වා...

' නැහැ , ඒක වෙන්න බැහැ...හියුන්ගී මෙහෙ ඉන්න විදිහක් නැහැ..."

ජන්කුක් වැස්සෙම වැලිපාර දිගේ වැට ගාවට දිව්වේ ආරී දුන්න පණිවිඩේ තවමත් අදහා ගන්න බැරුව...

ඇත්ත...කොහොමද විශ්වාස කරන්නේ...? නගරෙදි අද ගිවිස ගන්න හිටිය කෙනා එකපාරම ගමට කඩා වැදුනාම කොහොමද ඒ දේ විශ්වාස කරන්නේ...

නමුත් ජන්කුක්ගේ සියලූම සිතලූ නවත්වමින් ජන්කුක්ට වඩා අඩි කිහිපයක් දුරින් හිටගෙන හිටියේ ටේහියුන්ග්...

ජන්කුක්ගේ කකුල් එතනම නැවතුනා...වැහිපොද දෙදෙනාවම තෙත බරියම් කරමින් ඇදි වත දිගේ පහලට ගලාගෙන යද්දි ජන්කුක් වේගෙන් හුස්ම ගන්න ගමන්ම වර්ශාව අතරින්ම පේන ටේහියුන්ගේ රූපේ දිහා බලාගෙන හිටියා...

අවටින් ඇහෙන ගිගිරුම් හඬ තව දුරටත් ජන්කුක්ට නෑසූනා...වැහි වතුර පොලොවට කඩා හැලෙන හඬ තව දුරටත් ටේහියුන්ග්ට නෑසූනා...

දෙන්නාම විනාඩි කිහිපයක්ම අඩි ගානක පරතරයක් තියාගෙන එකිනෙකා දිහා බලාගෙන හිටියා....

ජන්කුක්ගේ ඇස් වලට පිරිච්ච කඳුලු බිංදු වැහි වතුරත් එක්කම කම්මුල් මැදින් ගලාගෙන යන්න ගත්තේ හරියට ටේහියුන්ගේ වගේමයි...

" හ්..හියුන්ගී "

ජන්කුක් ටිකක් සද්දෙන් කතා කරා...ඉකි ගහන ගමන්ම ජන්කුක් ටේහියුන්ගේ නම ඇමතුවා....

ශබ්දකාරි පරිසරය තමන්ගේ කන් වලට නිහඬයි වගේ හැඟෙනකොට ටේහියුන්ග්ට ඒ හැමදේම අතරින් ජන්කුක්ගේ බිඳුන හඬ පමණක් කන් ඇතුලේ දොංකාර දුන්නා...

ඒත් එක්කම පිටේ එල්ලගෙන ඉන්න විශාල මල්ලත් එක්ක ජන්කුක් ලඟට දිව්ව ටේහියුන්ග් මේ මඟ හැරුන මාස ගානටම හරියන්න ජන්කුක්ව තද කරලා ඒ ගැහෙන පපුවට තුරුල් කර ගත්තා...

වැස්ස නිසාත් , හවස් වරුව නිසාත් පාරේ එකදු මිනිහෙක්වත් දැක ගන්න නොලැබුන මොහොතක හරියටම ගම මැද්දෙන් ගියපූ වැලි පාර උඩ තනි උනේ ජන්කුකුත් ටේහියුන්ග්නුත් පමණයි...

" මට සමාවෙන්න ජන්කු...!!! "

ටේහියුන්ග් එක අතක් ජන්කුක්ගේ පිට මැද්දෙන් තියන් අනිත් අත එහෙමම ඔලුව පිටිපස්සෙන් තද කරගෙන ඒ කන ලඟම ඉදන් සමාව අයැදුවා....

ජන්කුක්ගේ අත්ද ඒ පිටෙයි පලල් උරහිසකයි ගිහින් නවතිද්දි ඒ කඳුලු බිඳු වලට නම් මේ මොහොතේ නවතින්න කිසිම උවනාවක් නොතිබ්බ හැඩයි....

ටේහියුන්ග් ජන්කුක්ගේ උරහිස උඩට නලල තද කරගෙන කෑගැහලා ඇඬුවා...ජන්කුක්ද ටේහියුන්ගේ උරහිස උඩට නිකට තියන් ඉකි ගැහුව්වා...

" අනේ මට සමාවෙන්න ජන්කූ..."

ටේහියුන්ග් එකම වචනේ තුන් හතරපාරක්ම මිමිනුවා...

" හ්..හියුන්ගී...මගේ හියුන්ගී..."

" අනේ මට සමාවෙන්න...මට ගොඩාක් සමාවෙන්න...හියුන්ගී ලොකු වැරැද්දක් කරා මැණික...අනේ හියුන්ගීට සමාවෙන්න..."

ටේහියුන්ග් ඉකි ගැහිල්ල නිසාම ඕනාවටත් වඩා ගැඹුරු උන කට හඬින් මුමුනලා ජන්කුක්ව බදාගෙන ඉන්න ගමන්ම දණහිස් වලින් පහලට නැමුනා...

" හියුන්ගී ලොකු වරදක් කරා....හියුන්ගීට ඔයාව තේරුම් ගන්න බැරි උනා....මේ තිරිසනාට මගේ ජන්කූව තේරුම් ගන්න බැරි උනා..."

ඒත් එක්කම ටේහියුන්ග්ගේ දණහිස් ජන්කුක් ඉස්සරහාම තෙත් පොලොව උඩ ඇදගෙන වැටුනා....

" මට සමාවෙන්න..."

ටේහියුන්ග් අතරින් පතර සිද්ද වෙන කැස්සත් එක්කම ජන්කුක්ව බදාගෙන ඒ යටි බඩට ඔලුව තද කර ගත්තා....

" හියුන්ගී....හියුන්ගී අනේ නැඟිටින්න...අනේ නැඟිටින්නකෝ රත්තරනේ..."

ජන්කුක් ටේහියුන්ගේ අත් අස්සෙන් අත යවලා ටේහියුන්ග්ව නැඟිට්ටවන්න උත්සහා කරාත් ටේහියුන්ග් තවත් පහලට රූලට ගිහින් ජන්කුක්ගේ දෙපාමුල ඔලුව ගහ ගත්තා...

" හියුන්ගීට සමාව දෙන්න...!!!

ටේහියුන්ගේ ඇස් වලින් වැටෙන කඳුලු බිඳු ජන්කුක්ගේ කකුල් දිගේ වතුර බිංදුත් එක්ක ගලාගෙන ගියා...

" හියුන්ගී විකාර කරන්නේ නැතුව නැඟිටින්න කිව්වම අහලා නැඟිටින්න..."

තමන්ගේ ටේහියුන්ග් මේ වගේ කකුල් දෙක ලඟ දණගහගෙන ඉන්නවා තවත් දරා ගන්න බැරි උන ජන්කුක්ද ටේහියුන්ග් ඉස්සරහින්ම දණ ගහන ගමන් ටේහියුන්ගේ කම්මුල් දෙක අත් දෙකට මැදි කර ගත්තා....

" හැමදේම හොඳින්...හ්ම්ම්...මගේ හියුන්ගී මෙහෙම සමාව අයදින්න ඕන නැහැ...ජන්කූ කවදාවත් මගේ හියුන්ගී එක්ක තරහා උනේ නැහැ නේ දෙයියනේ...ඇයි මයේ දෙයියෝ මෙහෙම හැසිරෙන්න..."

ජන්කුක් ටේහියුන්ගේ නලලට තමන්ගේ නලල හේත්තු කරන් ඇස් පියා ගත්තා...

" මට සමාවෙන්න ජන්කූ...මං..මං කරේ හොඳ දෙයක් නෙමෙයි...මං ඔයාව රිද්දුවා...ඔය ඇස් මං නිසා හුඟාක් තෙත් උනා....මට ඔයාගේ ඉස්සරහා මෙහෙම දණගහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ජන්කූ...හියුන්ගී ඔයාගේ ඉස්සරහා දන ගහන්න ලැජ්ජ වෙන්නේ නැහැ....හියුන්ගී මෝඩයි...හියුන්ගීට මුකුත් තේරුනේ නැහැ...මං හැමදේම විනාස කරා..."

" ශ් ශ්....ඔයා මුකුත් විනාස කරේ නැහැ...ඔයා මුකුත් කරේ නැහැ මගේ හියුන්ගී....අනේ කරුණාකරලා තමන්ට වැරදි කියා ගන්න එක නතර කරන්න..."

" ම්...මෙතන රිදුනා නේද ? "

ටේහියුන්ග් ජන්කුක්ගේ පපුවට අල්ල තද කරා...

" හ්ම්ම් කියන්න ජන්කූ...හියුන්ගී මෙතන රිද්දුවා නේද ? "

" න්...නැහැ හියුන්ගී.."

" හියුන්ගී රිද්දුවා...හියුන්ගී ජන්කූව බිඳලා දැම්මා...හියුන්ගීට එච්චර ආදරේ දුන්නූ ජන්කූව හියුන්ගී කියන කාලකණ්ණියා රිද්දුවා...."

" දෙයියනේ හියුන්ගී....මගේ පපුව කකියනවා...ඔහොම කියන එක නවත්තන්න...."

" මං කොහොමද ජන්කූ මේ සේරම හරි ගස්සන්නේ...මං කොහොමද ආයේත් නැති උන දේවල් හරි ගස්සන්නේ..."

ටේහියුන්ග් ජන්කුක්ගේ නලල උඩින් තොල් තද කරගෙන දීර්ඝ හාදුවකට මුල පිරෙව්වා...ඒ අතර නොදැනීම ජන්කුක්ගේ ඇස් දෙකත් වැහිලා ගියා...

වැස්ස නිසා සීතල වෙච්ච ටේහියුන්ගේ තොල් ජන්කුක්ගේ නලල උඩ ස්පර්ශ වෙද්දි ටේහියුන්ගේ උනුසුම් හුස්ම දැනුන ජන්කුක් ටේහියුන්ගේ කමිසේ අත මිරික ගත්තා....

තප්පර කිහිපකයට පස්සේ ටේහියුන්ග් ජන්කුක්ගෙ නලල් තලෙන් ඈතට වෙන ගමන් ඊගාවට එහෙමම ඒ ඇස් පිහාටු උඩ දෙතොල් තද කරා....

ගෙවිගෙන යන හැම තප්පර කිහිපයක් ගානේම ජන්කුක්ගේ මුහුනේ හැම තැනක්ම ටේහියුන්ගේ තොල් වලට නතු උනා....

අවසානේ ටේහියුන් ජන්කුක්ගේ ලා රෝස තොල් වලට පහත් වෙලා මේ හාදූ වැස්ස නිමා කරන්න සූදානම් උනා...

ටේහියුන්ග් තමන්ගේ විශාල අල්ලෙන් ජන්කුක්ගේ කනකුත් කම්මුලකුත් එකවරම අල්ල ගනිමින් බෙල්ල පැත්තකට ඇල කරනකොට ටේහියුන්ගේ එක බොත්තමක් විවර උන කමිස කරෙන් අල්ල ගත්ත ජන්කුක් තමන්ගේ ඔලුව ටේහියුන්ග්ට විරුද්ධ පැත්තට හරවන ගමන් තව තවත් කමිසන් කොලරය අල්ලට තද කර ගත්තා....

ජන්කුක්ගේ මුහුනට ටේහියුන්ගේ නාස් සිදුරු ඇතුලෙන් එලියට පිට වෙන හුස්ම උණුසුම්ව ඇවිත් වැදෙනවාත් එක්කම දෙන්නාගේම දෙතොල් මාස ගානකට පස්සේ හිස් තැනක අඩුවක් පිරෙව්වා මෙන් එකිනෙකට එකතු උනා....

ටේහියුන්ග් ජන්කුක්ගේ උඩු තොල උඩ එක තෙරපුමක් සිද්ද කරා...ජන්කුක් ටේහියුන්ගේ යටි තොල තමන්ගේ දෙතොල් වලින්ම තද කර ගත්තා....

තප්පරෙන් තප්පරේ දෙන්නාම උඩ යට මාරු වෙමින් එකිනෙකාගේ දෙතොල් වලට ආවේණික උන රස නිදහසේම විඳ ගන්න උනා....

ඒ පුංචි සිප ගැනීම හිතුවෙවත් නැති තරම් දුර ගියා...ඒ දෙදෙනාටම අවට වෙන කිසිම දෙයක් ගැන කිසිම අවබෝධයක් නොතිබ්බා...මෙච්චර වෙලා දැනුන සීතල තව දුරටත් නොදැනුනා....වැස්ස තවමත් එහෙමමද නැති නම් පැවුවාද කියන්නවත් එයාලා නොදැනගෙන හිටියා....

දෙන්නාගේම බඩවල් ඇතුල කැලැත්තෙන්න පටන් ගත්තා...හදවත් එකම තාලේකට , එකම රිද්ද්මකයට ගැහුනා....

තෙමිච්ච තොල් වල රසයන් කලින් ඉදන්ම හඳුනගෙන හිටියාත් ටේහියුන්ග් සහ ජන්කුක් දෙදෙනාටම මේක ප්‍රථම හාදුව වගේ දැනෙන්න ගත්තා...

ටේහියුන්ග් තමන්ගේ දිවේ මුල ජන්කුක්ගේ යටි තොල උඩ එකපාරක් ගෙනියලා හැඟීම් පොදි ගැහුන ගැඹුරු හාදුවට තිත තියන්න සූදානම් උනා....

" හ්...හියුන්ගී..."

" දෙයක් කියන්න තියෙනවා...කාලයක් තිස්සේ හිතේ හිර කරගෙන හිටිය දෙයක්...නමුත් දැන්ම නෙමෙයි...මගේ වටේ තියෙන සේරම දේවල් හොඳින් සිද්ද වෙච්ච දාට මේ වගේ මුස්පෙන්තු අහසක් යට නැතුව පුරහඳ පෑව්ව , තරු පිරිච්ච ලස්සන කලුවර අහසක් යට මං දේ මගේ ජන්කූට කියන්නම්..."

ටේහියුන්ග් ජන්කුක්ගේ නහය මුල උඩින් එකපාරක් තොල් තද කරලා එහෙමම සාක්කුවට අත දැම්මා...

ටිකකින් ඇහුන ගෙජ්ජි සද්දෙත් එක්ක වැහි වතුරෙන් තෙමුන පා සලබ හෙමීට ටේහියුන්ගේ කලිසම් සාක්කුවෙන් එලියට එද්දි ජන්කුක්ගේ ඇස් දෙකත් මොහොතකට ටේහියුන්ගෙන් මිදිලා ඒ සාක්කුව දිහාවට දිව්වා....

" හ්ම්...දැන් නැඟිට්ටා නම්..."

" හියුන්ගී.....ඕක.."

" මෙදාපාර මං මේක බඳින්නේ , ආයේත් ඔය කකුලෙන් ඒක ගැලවෙන්න නෙමෙයි ජන්කූ....අපේ මතක , ඒවා කවදාවත් අමතක කරන්න බැහැ...මේ ජිවීත කන්නයේ අවසාන හුස්ම පිටකරනකන්ම මතක අපි ගාව තියෙන්න ඕන....ඉතිං නැඟිටින්න...නැඟිටලා මගේ දණහිස උඩින් කකුලක් තියන්න...."

ටේහියුන්ග් ජන්කුක්ගේ බාහුවක් එක අතකින් අල්ලන් උඩට උස්සනකොට ජන්කුක් දණගහගෙන හිටිය එකෙන් නැඟිටලා ටේහියුන්ගේ දණහිසක් උඩින් කකුලක යටි පතුලක් තද කරා...

ගිගිරුම් හඬවල් ටේහියුන්ග්ලා ගාවින් ඈතට ගියා...මෝර සූරන වැස්ස ටිකෙන් ටික මල් වැස්සකට පෙරලුනා...ඉර දැනටමත් වැහි වලාකුලු අස්සේම ඉදන් කඳු මුදුන් අතරින් සැඟවීලාම ගියා...ඝණ කලුවර පැත්තක ඉදන් හෙමීට මුලු අහසම තමන්ට පමණක් අයිති කර ගත්තා...

යූනා ඉස්තෝප්පුව පැත්තේන් ඇහුන පුරුදු ගෙජ්ජි සද්දෙකට ඉක්මනින්ම ඉදගෙන හිටිය පුටුව උඩින් නැඟිට්ටා...

" දෙයියනේ පුංචි මහත්‍තයා !!! "

ගොම්මන් යාමේ ජන්කුක් එක්ක තමන්ගේ ගෙදර දොරකඩ ලඟ හිටගෙන හිටිය ටේහියුන්ග්ව දැක්ක යූනාගේ ඇස් එකපාරම ප්‍රශ්නාර්ථ බැල්මක් එක්ක කලබල උනා....

නගරේ ඉදි කියලා හිතුව ටේහියුන්ග් තමන්ගේ ගෙදර ඉස්සරහින් මතු උනාම යූනාත් ජන්කුක් වගේම පුදුම වෙන එක අහන්නත් දෙයක් ද....

" ඔම්මා , තේ ඩිංගිත්තක් වක්කරලා දෙනවාද...? හියුන්ගීට සීත අල්ලලා..."

" හොඳයි හොඳයි...උබ ඉක්මනින් සාලුව අරගේන් කොල්ලාගේ ඔලුව පිහිදපන්...බලපන් උබත් නාලා නේ...මොන මඟුලක්ද බං උබලා දෙන්නා වැස්සේ තෙමීගෙන කරේ...? ඉදහන් උබටත් එක්ක තේ ටිකක් උණුවෙන් හදාගෙන එන්න...කොහෙද හදාපූ තේ ටික අරන් සාලේට එනකොට උබ අතුරුදහන් නේ...ආරී කෙල්ලෙකගෙන් ඇහුව්වාමත් උබ එළියට ගියා කියලා අනිත් පැත්තටම ගෙදරට දිව්වා...පුංචි මහත්තයා මෙතනින් ඈදී ගන්න...හයියෝ උබලා දෙන්නා අසනීපයක් හදා ගනීද මන්දා..."

‍යූනා ටේහියුන්ග්ව අල්ලගෙන ඇවිත් පුටුවකින් වාඩි කරවනකොට ජන්කුක් එහෙමම ගෙදර අස්සට දිව්වා....

" හියුන්ගීට රෑ වෙලා කසාය ටිකක් හදලා දෙන්නම්..."

" අනේ කසාය ඕන නැහැ ජන්කූ..."

තමන්ගේ වාක්‍යයේ අවසානේත් එක්ක ජන්කුක්ගේ කකුල් මැද්දේ ඉදගෙන හිටිය ටේහියුන්ගේ හිස් මුදුනට හම්බුනේ රිදෙන්නම ටොකු පාරක්....

" හෙට වෙද්දි උණ සන්නිපාතේ හදා ගන්නද ? බලන්න දැනටමත් වෙව්ලනවා...තේ ටික බීලා ලිප ගාවට වෙලා ඉන්න...."

ජන්කුක් එහෙම කියන ගමන් නැවතත් සාලුවෙන් ටේහියුන්ගේ කොණ්ඩේ පිහන්න ගත්තා....

ඒත් එක්කම කුස්සියේ ඉදන් ආව යූනා අතේ දුම් දාදා තිබ්බ කහට කෝප්ප දෙකෙන් එකක් ටේහියුන්ගේ අතේ ගුලි කරලා අනිත් කෝප්පේ රස කැවිලි පුරෝපූ පිරීසියත් එක්ක මේසේ උඩින් තියන ගමන් ටේහියුන්ග්ලා ඉස්සරහින් තිබ්බ පුටුව උඩින් වාඩි උනා....

" මොකක්ද පුංචි මහත්තයා උබ මේ කර ගත්තේ...? "

" යූනා ඔම්මා...අනේ කරුණාකරලා ඔය පුංචි මහත්තයා කිය කිය ගරු නම්බු දෙන එක නවත්තනවාද ? "

" හරි හරි කොල්ලො...උබ එකපාරම පුංචි මහත්තයා කියන්න එපා කිව්වාට ඒක ඉබේම කටින් පනිනවා නේ....ඒත් දැන් ප්‍රශ්නේ මේ නමක් නෙමෙයි නේ...උබ කරපූ හපන් කම ගැන නේ...."

" මගෙත් එක්ක ඔය ගැන කතා කරන්න එපා ඔම්මා..."

" බං...අච්චර ලොකු උත්සවයක් දාලා උබ මෙහෙම ගමට කඩා වැදුනාම හරිද ? මට වඩා හොඳට පුතා කිම් නෝනා ගැන දන්නවා නේ....දැනුත් වරම අතට ගත්තා වගේ ඇති....ඇයි ඔය මනුස්සයාව ඔය තරම් කෝපාවිශ්ට කරන්නේ...? "

" එයාට ඕන දෙයක් කර ගන්න කියන්න...මං ලමිස්සියෙක් නෙමෙයි...මටත් පිරිමි කොණ්දක් තියෙනවා....මාව බලෙන් කසාඳ බන්දන්න යද්දි මං ඒත් කරබාගෙන ඉන්න ඕනද ? එයාට හැමදාම ලොකු උනේ ගරු නම්බු විතරයි...මං එපැයි එගොල්ලො හොයලා දෙන ඕනම ගැණියෙක් එක්ක ජිවත් වෙන්න..."

" හරි හරි දැන් කේන්ති ගන්න එපා...ඒත් උබ එකපාරම මෙහෙට ආපූ එක වැරදියි දරුවෝ....වලව්වට ගියොත් නරකද ? කිම් නෝනලා හෙට දිහාවට එයි නේ...එතකොට කතා කරලා ප්‍රශ්න ටික-"

" ඔම්මාටත් ඕනි මාව මේ ගෙදරින් එලවන්න නම් , ඒක මුහුනටම කියන්න ඔම්මා...මං නැවතුනේ මට නවතින්න ඕනායි කියලා හිතුන තැන....මේ පුංචි පැල්පත ඇතුලේ මං වලව්වෙදි නොවින්ඳ සතුට තියෙනවා නම් මං ආයේත් අපායට යන්න ඕනද ? ඒත් යූනා ඔම්මා මං මෙහෙ බින්න බහිනවාට අකමැති නම් වටේන් ගේන්න ඇතුව කෙලින්ම මුහුනට කියන්න මං යන්නම් ඔලුව හැරුන අතේම..."

ටේහියුන්ග් ආයේත් අඬන්න පටන් ගත්තා....ජන්කුක් ඔලුව දෙපැත්තට වනන ගමන් ඇඟිලි දෙකකින් නලල මිරික ගනිද්දි යූනා ඇසුත් ලොකු කරගෙන ජන්කුක් ටේහියුන්ග් දෙන්නා දිහාම බලාගෙන හිටියා...

" මොකද බං මේ...මං දැන් කිව්වේ උබ මෙහෙ ඉන්නවාට අකමැති කියලාද ? උබට ඕන කාලයක් මෙහෙ නවතින්න පුලුවන්...මට අමාරු නැහැ තව බඩක් පුරවන්න...ඒත් මේවා සිද්ද වෙන්න ඕන පිලිවෙලක් තියෙනවා නේ....හෙට අනිද්දාට කිම් නෝනා උබව හොයාගෙන මෙහෙ අවෝතින් එහෙම දන්නවා නේ...ලොකු විනාසයක් සිද්ද වෙන්නේ..."

" මට මේ ගෙදර ඉන්න දෙන්න...ඔම්මා ගැන මං බලා ගන්නම්...මට නිදහසේ මේ පැල්පත ඇතුලේවත් ඇහැ පියව ගන්න දෙන්න ඔම්මා....මට වලව්වේ සැනසීමක් නැහැ....මං ඊට වඩා සැනසීමක් මේ පුංචි ගේ අස්සේ ඉදන් ලබනවා...අනේ මට මෙහෙ ඉන්න දෙන්නා ඔම්මා...."

" හරි හරි...උබට හොඳයි කියන දෙයක් කරාපන්කෝ....කැමති කාලයක් මෙහෙ නැවතියන්...හැබැයි කිම් නෝනා ගැන උබ වගකීම ගනින්...මං කට ගහගෙන ගියොත් ගමේ ඉන්ඩ හිටින්නවත් නැති කරාවී..."

" මං ගැන බලාගන්නම් ඔම්මා..."

" දැන් ඔය කඳුලු ටික පිහගෙන තේ ටික උණුවෙන් බීන්... කොහෙන්ද බං මේකා මෙහෙම අඬන්න පුරුදු වෙලා තියෙන්නේ... බං කොල්ලො , උබට එමින් ගමන් මැරිච්ච ගැහැනු ලමිස්සියෙක්වත් වැහුනාද...? "

යූනා කම්මුලට අතකුත් තියන් එහෙම අහද්දි ටේහියුන්ගේ බෙල්ල පිටිපස්සට නවන ගමන් ඒ මුහුන තමන්ගේ ඇස් ඉස්සරහාට ගෙනාව ජන්කුක් ඒ රතු වෙච්ච් මුහුන දිහා බලන්ම හුරතලේට හිනා වෙන්න ගත්තා...

තවත් හෝරාවකට පස්සේ වුබින්ද ගෙදරට ගොඩ උනා විතරයි ජන්කුක්ගේ කලිසම් කොටයන් ගහන් ජන්කුක් එක්කම රෙඩීයෝ එකේ සිංදු අහන ටේහියුන්ග්ව දැක්ක හැටියේ වූබිනුත් ගෙදර අනිත් දෙන්නා වගේම පුදුමෙන් ඇස් ලොකු කර ගත්තා....

යූනා ඉක්මනින්ම පුටුවෙන් නැඟිටලා වුබින්වත් එක්කරගෙන එහෙමම කුස්සියට ඇදුනා...

එයාලා දෙන්නා නොපෙනි යනකන් හිටිය ටේහියුන්ග් බෙල්ල ටිකක් දික් කරලා ඊට එහා පැත්තේ හිටිය ජන්කුක්ගේ කම්මුලට ක්ශනික හාදුවක් තද කරේ නොහිතුව විදිහට ලැබුන හාදුවෙන් ජන්කුක්ගේ කන් දෙක බෙල්ලට වෙනකන් රතු පාටට හැරෙද්දි....

එහෙමම ඇහැ බොලේ කරකවලා ටේහියුන්ග් දිහා හොරෙන් බැලුව ජන්කුක් තමන්ගේ ඔලුව ඒ උරහිස උඩින් තියලා ආයේමත් ඉක්මනින් අහකට ගන්න සැරසුනාත් ඊට ඉඩ නොදුන්න ටේහියුන්ග් ජන්කුක්ගේ කර වටේ යවලා ජන්කුක්ව ඇඟටම තද කර ගත්තා...

ඒ අතර වැඩිහිටි කතාවක් වෙනුවෙන් වුබින්ව කුස්සියට ඇදගෙන ආව යූනා තිර රෙද්දකින් වැහුන සාලේ දිහාවට බෙල්ල දාලා වුබින්ගේ මැණික් කටුව අතැරියා....

" මැණිකේ...මොනාද අර පුංචි මහත්තයා මෙහෙ කරන්නේ ? ඒකා අද මඟුල් තීණ්දු කරනවා කිව්වා නේද ? "

" ඔව් අපේ මහත්තයා...ඒත් මං හිතන්නේ මේකා උත්සවේ පටන් ගන්නත් කලින්ම පැනලා ඇවිල්ලා...දැන් මෙහෙ නවතින්න ඕනයි කියනවා නේ..."

" ගෙදර අය මේ ගැන දන්නේ නැහැලූද ? "

" මං හිතන්නේ දන්නේ නැහැ...අපි මොකද කරන්නේ අපේ මහත්තයා...දේහියුන්ග් මහත්තයාගෙන් නම් මොකක් හරි බේරුමක් තිබ්බාත් මේකාගේ අම්මණ්ඩි නිකන් ඉදීද...මට බයම යක්සා වේස වෙලා ගම මැද්දෙම මොන නාඩගමක් නටයිද කියලා..."

" ටේහියුන්ග් ඒකට මොකද කිව්වේ ? "

" එයා බලාගන්නම් කියනවා...ඒත් මට බයයි මහත්තයා.... ගැණි කොල්ලා කියන දේ අහයිද...හෙන ආඩම්බර උඩැක්කියක් නේ...ඒකටම හපන් මේ පොඩි එකාත්...මේවා පිලිවෙලකට වෙන්න ඕන කිව්වාම අඬන්න පටන් අරගෙන මේ ගෙදර තියා ගන්න අකමැති නම් මුහුනටම කියන්නලූ..."

යූනා ඇසුත් කරකව කරකව කිව්ව දේත් එක්ක වුබින්ට එකපාරම හිනා ගියා...

" මහත්තයා ! මේක හිනා වෙන්න ඕන වේලාවක්ද අනේ ? මට මොනා හරි පිලියමක් කියන්නකෝ..."

" එකා බලා ගන්නම් කිව්වා නම් ඔන්න ඔහේ ඔහොම ඉන්න දෙන්න නෝනේ...අපිට වැඩි නැහැ නේ එකාව...ඔය නගරේට ගිහින් වෙනස් උනා ඇරෙන්න මේකා ගමේ ඉන්න කාලේ නිදා ගන්න ටිකට විතර නේ වලව්වට රිංගුවේ..අනිත් හැම වේලේම වල්පල් දොඩව දොඩව හිටියේ මෙහෙ නේ..."

" කොල්ලා පව්...සෑහෙන්න කඩා වැටිලා වගේ..."

" හ්ම්ම් මුහුන දැක්කාම මටත් තේරුනා...ඔන්න ඔහේ මෙහෙ ඉන්න දියන්.... එකපාරම මෙහෙට ආවේ සැනසීමක් බලාපොරොත්තුවෙන් නම් අපිත් එක එක එව්වා කියවලා ඔලුව නරක් කරන්න නරකයි...එකාට දැන් අපි මොක කිව්වාත් වැරදියට හිතන තත්වේක නේ ඉන්නේ... නිසා ඌව පාරවන කතා ආයේ ආයේත් අහන්නේ නැතුව ඉමූ..."

" හුම්..."

‍යූනා ඇස් දෙක වටයක් කරකවලා යටි තොල උල් කරන් වුබින් කිව්ව දේ හරි කියන්න අනූමත කරනකොට ඒ ඉණ වටේ යවලා යූනාව තමන්ගේ පපුව ලඟට ඇදලා ගත්ත වුබින් බෙල්ලත් පැත්තකට ඇල කරලා යූනා දිහා බලන්ම අමුතු විදිහට හිනා උනා...

" ම්..මහත්තයා.."

" උබ ඇස් නටවනකොට ලස්සනයි...."

" පිස්සු කරන්න එපා...ලමයි දෙන්නා ඉන්නවා..."

" උබම නේ කිව්වේ අපේ එකා රෑට මං උබට කියන එව්වා අහගෙන ඉන්නවා කියලා..."

"එකාද...එකාත් දැන් ගානට හැදිලා ඉන්නේ..."

" ඒක නේ...ඌට කොහොමත් ඔය දේවල් සමාන්‍යයි කියලා දැනෙනවා ඇති...මොකද මම නේ ඇස් දෙකෙන්ම දැක්කේ එකා පුංචි මහත්තයා එක්ක අල්ලන කස්තිරම්..."

" මහත්තයා...මොනාද මේ කියවන්නේ ? "

" කියවන්නේ ඇත්ත...එක අතකින් මට මාරම සතුටක් දැනෙනවා...මගේ එකා ඔහොම හිනා වෙනවා දැක්කේ කාලේකින්..."

වුබින් එහෙම කියලා තමන්ගේ පපුව උඩ අත් ගුලි කරගෙන ඉන්න යූනාගේ තොල් උඩින් කෙටි හාදුවක් තිබ්බා....

" මැණිකේට අමාරු නැත්තම් නෑබිලියටම බත් ටික බෙදාගෙන ඇවිත් අපි තුන් දෙනාටම කවනවාද ? "

" මේන් බලාපල්ලාකෝ...කවන්න අත දරුවෙක් ? දුකක් නැහැ අර පොඩි උන් දෙන්නා කිව්වා නම්...ගෙදර ඉන්න මහ උන්දෑ උන් දෙන්නාටත් වඩා හපන් නේ..."

" අහ් අමතක කරන්න එපා උබේ පලවෙනි දරුවා මං බව..."

" කෝ කෝ අහකට වෙන්න...ඔය ඉතිං ! හාදු දෙන්න එපා...දැන් අරුන් දෙන්නාගේ එකෙක් මෙහෙට ආවෝත් එහෙම-"

යූනාගේ වචන කනකට නොගත්ත වූබින් යූනාව එහෙමම නිහඬ කරවන ගමන් නැවතත් ඒ දෙතොල් උඩින් තොල් තිබ්බා....

එදා රාත්‍රි ආහාර වේල හැමෝටම කැවුනේ යූනාගේ අතින්...

ඒ හෝරා කිහිපය ටේහියුන්ග් රෑට රෑට හොරෙන් අඬාපූ ඒවාට හරියන්නම සතුටින් ගෙවීලා ගියා....ගෙදර අනිත් අයත් ටේහියුන්ගේ මානසිකත්වය තේරුම් අරන් ඒ ඒ විදිහට හැසිරුනා....

එයාලා එකිනෙකාට විහිලු කර ගත්තා...ආගිය තොරතුරු කතා කරා...රේඩියෝ එකේ ඇහෙන දේවල් වලට හිනා උනා....

අවසානේ රෑ නින්දට කලින් යූනා හදලා දීපූ තවත් තේ කෝප්පෙක රස බැලුව හැමෝම ඊගාවට ලෑස්ති උනේ නිදාගන්න...

ඇත්ත , ටේහියුන්ග් කාලයක් තිස්සේ හෙව්ව ඒ සැනසීම ජන්කුක්ගේ පුංචි පැල්පත් කොටේ ඇතුලේ ඕනාවටත් වඩා තිබුනා....

" පුතේ , උබ අපේ කොල්ලා එක්ක ඇඳේ නිදා ගන්න...මායි ඔම්මායි බිම නිදා ගන්නම්..."

" අනේ ඕන නැහැ අප්පා...අප්පායි ඔම්මායි ඇඳේ ඉන්න...මට පුලුවන් බිම නිදා ගන්න..."

" උබට බිම නිදා ගන්න බැහැ බං...කියන දේ අහලා ඇඳට යන්න..."

" නැහැ අප්පා...කිව්වාම අහන්නකෝ...මට පුලුවන්..."

" දැන්නම් පුංචි මහත්තයා කියලා නොබලා දෙකක් දෙනවා හොඳද...මෙට්ට වලට ඇඟවල් හුරු වෙලා තියෙන උබලාට මේ කට්ට පොලොවේ නිදා ගන්න අමාරුයි බං...උදේට නැඟිට්ටාම කෙලින් කටින් ඉන්නවාත් බැරි වෙයි..."

ඒත් එක්කම ටේහියුන්ගේ ඇස් වලට ආයේත් කඳුලු පිරීගෙන ආවා....

" දෙයියනේ හියුන්ගී ආයේ නම් එපා..."

ඇඳ උඩ නැඟගෙන හිටිය ජන්කුක් ඇඳෙන් බැහැලා එහෙමම ටේහියුන්ගේ ලඟින් හිටගෙන ඒ පිට මැද්දට ඉක්මනින් අත තියා ගත්තා...

" ඔන්න ඔන්න ආයේත් අර ලමිස්සි වැහීගෙන එන්න යන්නේ...."

යූනාත් කට ඉරක් කරගෙන මුහුන අමුතු කරන් මුමුනකොට අර කලින් ඇස් අස්සේ පිරිච්ච කඳුලු බිඳු ටික එහෙමම ටේහියුන්ගේ කම්මුල් මැද්දෙන් නිකට ලඟට ගලාගෙන ගියා...

" අප්පාට මාව පිට කෙනෙක් වගේද ? ඒකද මට තාමාත් පුංචි මහත්තයා කියන්නේ...ඇයි හැමෝටම මාව පිට කෙනෙක් වගේ පේන්නේ...ඇයි මට නම කියලා කතා කරන්න බැරි...ඇයි ඔයාලා මාව දේහියුන්ගේ පුතා විදිහට විතරක් දකින්නේ....මාව ඔයාලාගේ දරුවෙක් විදිහට තාම පිලි ගන්නේ නැද්ද අප්පා...ඇයි මාව පිට කෙනෙක් ගානට දාලා මෙහෙම සැලකිලි කරන්නේ...අහ් අප්පා , ඔයාටත් මාව පිට කෙනෙක් ? "

ටේහියුන්ග් දවසේ කී වෙනි පාරටද මන්දා ජන්කුක්ගේ මුලු පවුලම ඉස්සරහා ආයේත් ඉකි ගගහා ඇඬුවා...

වුබින්ද මුහුන මොකක්දෝ කරගෙන ටේහියුන්ග් දිහා බලාගෙන ඉන්න ගමන් ඔලුවේ පිටිපස්ස කසන්න පටන් ගත්තා....

" උබලා මට මේකා ගැන කිව්වාට මං හිතුවේ නැහැ මේකා මෙච්චර ඔල්මාද වෙලා ඇති කියලා...දැන් ඉතිං කිව්වා නම් ඔය අඬන්නේ ඇයි කියලා...? "

" මං අඬන්නේ නැහැ !! ඒත්..ඒත් මට ඇඬෙනවා නේ...."

" අහ් අහ් නාඩා ඉදින් දැන්...උබට බිම නේ නිදා ගන්න ඕන..එහෙනම් නිදා ගනින්...නෝනේ...උදේට පුලුවන් නම් ඇඟේ පතේ වේදනාව යන්න තෙල් ටිකක්වත් උලලා කසායක් හදලා දියන්....කෝ ඉතිං නඩා ඉදින්...දැන් බිම නිදා ගන්න පුලුවන් නේ.."

වුබින් ටේහියුන්ගේ උරහිසට තට්ටු කිහිපයක් දාලා සරමේ ගැටේ ආයේත් තද කර ගන්න ගමන්ම ඇඳට නඟිද්දි ජන්කුක් ටේහියුන්ගේ පිට පිරිමැදලා ඉවර වෙලා එහෙමම බිමට පැදුර එලුවා....

" අප්පා මටත් සරමක්..."

ජන්කුක් තමන්ගේ අතට දුන්න කොට්ටේ බදාගෙන ඇඳ උඩ දිගා වෙලා ඉන්න වූබින් දිහා බැලුව ටේහියුන්ග් එහෙම අහද්දි නලල උඩ තිබ්බ අත අයින් කර ගත්ත වුබින් ටේහියුන්ග් දිහාවට ඇස් ගෙනිච්චා...

" සරම් ඇදගෙන නිදා ගන්න පුලුවන් ? "

" මං දෙපාරක් තුන්පාරක් නම් ඇදලා තියෙනවා..."

" උදේ වෙනකොටත් සරම තිබ්බ විදිහටම තිබ්බාද ? "

" අහ්ම් මෙහෙමයි...උදේට පොඩි අවුලක් නම් උනා තමා....ඒත් මං දැන්ම ඉදන් සරම් අදින්න පුරුදු වෙන්න එපැයි..."

" උබ අපේ කොලුවාට තොයිල් නටවන්නද හදන්නේ....මෙන්න මෙහෙ නිදා ගනින් බං..."

" ජන්කූ දැක්කාට මොකද...යූනා ඔම්මා දැක්කොත් තමා නේ ප්‍රශ්නේ..."

" උබට මම !! "

වුබින් එහෙමම ඉනෙන් ඉස්සිලා ටේහියුන්ගේ ඔලුවට රිදෙන්නේ නැති වෙන්න පොඩි පාරක් ගැහුව්වේ ජන්කුක්ව වගේම බිත්තිය පැත්තේ ඇලවිලා හිටියා යූනාවත් හිනස්සවලා...

අවසානේ ටේහියුන්ගේ කටේ බලේටම යට කලිසමක් එක්ක තමන්ගේ සරමක් ටේහියුන්ග්ට ඇන්දුව වූබින් ලාම්පූවේ දැල්ල තරමක් අඩු කරන ගමන් හෙමීට නින්දට වැටෙන්න සූදානම් උනා....

" හියුන්ගී ~ "

ඇඳ ලඟම බිම නිදාගෙන හිටිය ජන්කුක් තමන්ගේ එහා පැත්තේ දිගා වෙලා හිටිය ටේහියුන්ග්ට ඇහෙන නොඇහෙන ගානට කතා කරන ගමන් ඒ දිහාවට හැරුනා....

" හ්ම්ම් ? "

" නිදි ? "

" නිදි නම් මං උත්තර දෙන්නේ නැහැ නේ ජන්කූ..."

" අහ් ඔව් නේ.."

ජන්කුක් තමන්ගේ මෝඩකමට ඔලුවට පාරක් ගහ ගනිද්දි ඒ ඔලුවෙන් පිට උන සද්දේ ඇහුන ටේහියුන්ග් යාන්තම් හිනා වෙන ගමන් ඇස් දෙක වහගෙන හිටිය වැලමිට එතනින් අයින් කරලා ජන්කුක් දිහා බැලුවා...

ටේහියුන්ගේ අනිත් අත උඩ ඔලුව තියාගෙන හිටිය ජන්කුක් , ටේහියුන්ග් තමන් දිහා බලනවාත් එක්කම ඇස් පිල්ලම් ගගහා හුරතල් විදිහට හිනා වෙන්න ගත්තා...

" කෝලම් කරන වේලාවක්ද මේ...හ්ම්ම්...කෝ නිදා ගන්න...."

" හියුන්ගී මොනා හරි කල්පනා කරනවා ? "

" එහෙම විශේෂ දෙයක් නැහැ ජන්කු...අපේ ඔම්මාලා ගැන තමා හැම නිතරම කල්පනා වෙන්නේ..."

" සේරී නෝනා හියුන්ගීට ගහයි ? "

" දන්නේ නැහැ...සමහරවිට ලොකු දෙයක් වෙයි..."

ටේහියුන්ග් කියද්දි ජන්කුක් ටේහියුන්ගේ පපුව උඩින් අතක් තිබ්බා...ටේහියුන්ග්නුත් ජන්කුක් ඔලුව තියාගෙන හිටිය අතේ වැලමිට නමලා ජන්කුක්ව තමන්ගේ ලඟට ඇදලා ගත්තා....

" හියුන්ගී බය වෙන්න එපා...මං හියුන්ගී එක්කම ඉන්නවා..."

" ජන්කූ ඉන්නවා මාත් එක්ක ? "

" ඔව් "

" එහෙනම් හියුන්ගී බය වෙන්නේ නැහැ හොඳද..."

ටේහියුන්ග් පුංචි දරුවෙක් එක්ක කතා කරනවා වගේ සියුම් කට හඬකින් මුමුනලා ඒ ඉස්සරහාම ඉන්න ජන්කුක්ගේ තොල් වලින් හාදුවක් තියන ගමන්ම ඇස් උස්සලා ඇඳ අයිනේම නින්ද ගිහින් ඉන්න වූබින් දිහා බැලුවා....

" දැන් ඔය කල්පනා කරන එක නවත්තලා හොඳට නිදා ගන්න හ්ම්ම්...මුකුත් හිතන්න එපා...හියුන්ගීට තෙහෙට්ටු පාටයි..."

ජන්කුක් ටේහියුන්ගේ නිරුවත් පපුව මැද හෙමීට අත ගගා ඒ උඩට ඉස්සුන බෙල්ලට නහය තද කර ගනිද්දි ජන්කුක්ගේ නලල උඩ තොල් තියාගෙන හිටිය ටේහියුන්ග් අයේමත් ඈත් නොවී , ඉන්න විදිහෙන්ම සුව නින්දක් බලාපොරොත්තුවෙන් ඇස් වහ ගත්තා....

.

.

.

" කෝ මේ පැත්තත් රිදෙනවා ? "

ජන්කුක් ටේහියුන්ගේ කොන්දේ පැත්තකට ඇඟිල්ලෙන් ඇනලා එහෙම අහද්දි ටේහියුන්ග් එතනත් රිදෙනවා කියලා ඔලුව වැනුවා...

" හොඳ වැඩේ...ඊයේ කිඹුල් කඳුලු හල හල ඕක නේ කර ගන්න ඕන උනේ..."

ජන්කුක් තමන්ගේ අතට බෙහෙත් තෙල් බිංදු කිහිපයක් දාගෙන ටේහියුන්ගේ පිටේ අතුල්ලන අතරේ ටේහියුන්ග් කෙඳිරි ගගාම අතේ තිබුන කහට කෝප්පේ තොල් වලට ලං කර ගත්තා....

" ඔන්න මං දැන්ම කිව්වා...ආයේ නම් හියුන්ගී සරම් අදින්න එපා..."

" ඇයි ? ඊයේත් ගැලවුනා ? "

" ගැලවුනාද ? අහන ලස්සන විතරක්....මායි පාන්දර පැත්තක තිබ්බ සරමෙන් ඇඟ වැහුව්වේ...සර්වාංගේම එළියේ..."

" හා හරි හරි ඉතිං...පොඩ්ඩක් සම්බධ මට අවුලක් තියෙනවා තමයි..."

" අහ් ඒකට කමක් නැහැ....අනිත් දවසේ පුරුදු කලිසම් කොටේම ඇදගෙන නිදා ගන්න...මොකද ඔයා වගේ රෑට හතර පැත්තට කැරකෙන අයට සරම් අම්බන් කර ගන්න අමාරුයි..."

ජන්කුක් තෙල් බෝතලේ පැත්තකින් තියලා ඇඳෙන් එලියට කකුල් දා ගන්න ගමන්ම ටේහියුන්ගේ එහා පැත්තෙන් ඉද ගත්තා....

ටේහියුන්ද කුස්සිය පැත්තට බෙල්ල දික් කරලා යූනා එන්න කලින්ම ජන්කුක්ගේ උරහිස උඩට හාදුවක් තද කරලා ඉක්මනින් අහකට ගියා....

" හියුන්ගී "

" හ්ම්ම් ? "

" උදේ සේරී නෝනාලාගේ කාර් එක වලව්වට ගියා නේ..."

" හ්ම්ම් "

" ඔයා ගෙදරට ගිහින් අවොත් නරකද හියුන්ගී.."

" හ්ම්ම් "

" හියුන්ගී !!! "

" ඇයි මගේ ජන්කූ..."

" මං මෙච්චර දේවල් කියද්දි හ්ම් හ්ම් ගාන්නේ , ඔයා අහගෙන නෙමෙයි ඉන්නේ..."

" අහගෙන ඉන්නේ"

" එහෙනම් ? "

" ඔය වගේ වැඩකට නැති කතා වලට මං මොකටද ජන්කූ උත්තර බඳින්නේ..."

" උනාත් හියුන්ගී නරකද-"

ජන්කුක්ගේ කතාව එකපාරම නතර වෙලා ගියා....

දොරකඩ ලඟ හිටගෙන හිටිය මනුස්සයා වේගෙන් ගැහෙන පපුව යථා තත්වයට පත් කර ගන්න දොර දාරේ අල්ලගෙන හති ඇරියා....

ටේහියුන්ග් වගේම ජන්කුක්ද එකම මොහොතේ දොර දිහාවට බෙල්ල හරවද්දි ටේහියුන්ගේ මුහුනේ තිබුන සංසුන් බව පරදා ඉහෙන් කටින් දාඩිය දාන්න ගත්ත ජන්කුක්ට කලබලෙන්ම ඇඳෙන් නැඟිට්ටුනා...

" හ්...හ්...හියුන්ගී..."

ජන්කුක් බයටම වෙව්ලන ඇඟිලි තුඩු දෙකකින් ටේහියුන්ග් ඇඳගෙන උන්න කමිසේ අත මිරික ගත්තේ අනිත් පැත්තේන් ටේහියුන්ග්ව හොයාගෙන ආව වලව්වේ සේවකයා තමන් ජියෝන් ගෙදරට එන්න හේතු උන කාරණාව කියන්න කට අරිද්දි...

" පුංචි මහත්තයා....ක්..කිම් නෝනා...කිම් නෝනා මහත්තයාට එන්න කිව්වා..."

.


.

.

හායි...

සිදූ වූ ප්‍රමාද දෝෂයට සමාව භාජනය කරන්න...

ඔන්න ඔබ මෙතෙක් පුන පුනා බලා සිටි චැපිය...😌

දැන්වත් මට වස් කවි කියන එක නවත්තපියව්....😒

වැරදි තිබ්බොත් කියන්න...

එහෙනම් අලුත් එකෙන් මුණ ගැහෙනකන්...

බායි බායි 🥰🥰

Continuer la Lecture

Vous Aimerez Aussi

106K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
58.8K 15.4K 54
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
107K 24.3K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
437K 61.7K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...