Stolen Love

By U_MiShi

149K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 81

971 267 193
By U_MiShi

Comment goal 150

අවසන් ලියකියවිල්ලෙත් සීල් එක තිබ්බ ටේහියුන්ග්  ඔහු ඉදගෙන හිටිය පුටුවෙන් නැගිට්ටා. ටේහියුන්ග් පුටුවෙන් නැගිට්ට ගමන් උමතු වැටුන හන්ග් තන්හාවෙන් ලියකියවිලි සියල්ලක්ම එකතු කරගනිමින් පපුවට තුරුලු කරගනිමින් ලියකියවිලි සියල්ල ටේහියුන්ගෙ ඇස් වලින් හංගගන්න උත්සහ කලා. ඔහුගෙ හැසිරීම උමතු වැටුන උන්මතකයෙක්ට නොදෙවෙනි නැහැ. ඔහුගෙ නලලෙ දෙපැත්තෙන් දහඩියෙ බිදු පහලට ගලන් යනවා. විසල් කරගත්ත ඇස් වල කලු ඉංගිරියාව වේගයෙන් මාලිගය  පුරා ඒ මේ අතට ගමන් කරනවා. කවුරුන් හෝ පැමින ඔහුගෙන් ලියකියවිලි උදුරගනී කියලා බියෙන් මෙන් හන්ග් දිගින් දිගටම ලියකියවිලි ඔහුගෙ පපුව තුරුල කරගනිමින් ලියකියවිලි හංගගන්න උත්සහ කරනවා.

හන්ගෙ මේ හැසිරීම දිහා ටේහියුන්ග් බලන් හිටියෙ හිස් බවින් පිරුනු ඇස් වලින්. ටේහියුන්ගෙ  මුහුනෙ පුංචිම හැගීමක්වත් ඇදිලා නැහැ.

"අවසානයෙදි උබ පරාද වුනා ජියොන් හන්සන්ග්. උබව  මම පරාද කලා. උබේ ලේ ,උබේ මහ ලොකු උරුමක්කාරයා නැට්ට අකුල ගත්ත බලු පැටියෙක් වගේ මගෙ කකුල් දෙක ලගට ඇවිදන් ආවා. උබ රැක්ක හැම උරුමයක්ම මගෙ නමටම ලියලා දුන්නා."

"මගේ විතරයි.මගෙම විතරයි. හැමදෙයක්ම මගෙම විතරයි."

හයියෙන් හිනාවෙමින් හන්ග් තනිවම කියවනවා. ඔහු හැසිරෙන්නෙ ඔහු මායාවක් තුල ජීවත් වෙනවා වගෙයි.

"මරලා දැන්මා මම උබේ මින් යුන්ගිව. සතෙක් වගේ ඌ මගෙ කකුල් දෙක ලග වැටිලා හිටියා. මට විරුද්දව මං ඉස්සරහ හිටගත්ත ඒ කකුල් දෙක තමා මම මුලින්ම කඩලා දැන්මෙ."

" මම උබ වගේ නෙවෙයි හන්සන්ග්. උබට පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්න උබේ උන්ට උබ සමාව දුන්නත්. මම එහෙම කරන් නැහැ. එකෙක් නෑර මම මරලා දැන්මා.උබ වගේ දුර්වලයෙක් නෙවෙයි මම."



යුන්ගි මියයනවාත් එක්කම තමන්ගෙ පුංචි පුතත් මේ ලෝකයෙන් යන්න ගිහින් කියන ඇත්ත ජියොන් හන්ග් දැනගෙන හිටියෙ නැහැ.දුර්වල නැති මිනිස්සු මේ ලෝකයෙ නැහැ. හැම මනුස්සයෙක් ලගම එකම එක හෝ දුර්වලතාවයක් තියෙන්න ඕනෙ. ජියොන් හන්ග් නුත් ඒ වගේම මනුස්සයෙක් දේපල තන්හාවට අමතරව ඔහු ලග තවත් එක දුර්වලතාවයක් තිබුනා.

"දරුවෝ"

ජියොන් හන්ග් කොයිතරම් පහත් ගතිගුන තියෙන මනුස්සයෙක් වුනත් ඔහු ඔහුගෙ දරුවන්ට ඇත්තටම ආදරය කලා. ඒ ආදරය ජන්කුක්ට ජිමින්ට ජින්ට නොපෙන්නුවත් ජියොන් හන්ග් ඔවුන් තිදෙනාට සත්‍ය වශයෙන්ම බොහොම ප්‍රේම කලා.ජන්කුක් ජිමින් ජින් හන්ග්ට විරුද්දව නැගී සිටිද්දි ඒ තැන ඔවුන් වෙනුවට වෙනත් කවුරුහරි හිටියනම් මේ වෙද්දිත් ඒ මිනිස්සු මේ ලෝකයෙන් යන්න ගිහිල්ලා.බැදීම් ගැන කියමින් හන්ග් ටේහියුන්ග්ව සමච්චල් කලත් ටේහියුන්ග්  හන්ස්නග් වගේම හන්ග් පවා බැදීම් ලග ලොකු දුර්වලයෙක්.

හන්ග්ටත් නොදැනී ටේහියුන්ග් ඔහුගෙ දුර්වලතාවය ගැන ගොඩක් හොදින් දැනගෙන හිටියා.වෛරයෙ ගිනි දැල් වෙනුවට ඒ දෑස් සම්පූර්ණයෙන්ම හිස් ඇස් බවට පරිවර්තනය වෙලා තියෙන්නෙ ඒ හැගීමම නිසයි. ජියොන් ජිමින් මේ ලෝකයෙන් යන්න ගියා. ඔහුට මේ ලෝකයෙන් යන්න වුනේ ඔහුගෙම අප්පා නිසා.

තත්පර  කිහිපයකට සීමා වුන උනුසුම හන්සන්ගෙ පුංචි   පැටියා, සීතල කැලෑවෙ සීතලත් සමගින් ඔහුව තනි කරලා මොහොතින් මොහොත ඔහුගෙන් ඈතට ඇදිලා යද්දි පුංචි  පැටියා ඇස් මානෙන් නොපෙනී යනකන්ම හන්සන්ග්  ඒ දිහා බලන් ඉන්න ඇති.ඇහි පිය ගසන වේගයෙන් ඔහුට ඔහුගෙ මුලු ලෝකයම නැති වුනා. හන්ගෙ පවු එතනින් කෙලවර වුනෙ නැහැ.

පනක් ගැහෙන් නැති පුංචි සුරංගනාවිව තුරුලු කරන් ලේ ගලන දෙපයින් ටේහියුන්ග් සීතල අදුරු කැලෑව ඇතුලටම ඇවිද්දා.තමන්ගෙ අත් දෙකෙන්ම හාරපු සීතල පස් ගොඩක් යට සුරංගනාවිව ඔහු නිදි කලා.සෙනෙහස පිරි පපුවක උනුහුමකට ගුලි වෙලා නිදියනවා වෙනුවට සීතල පසක් යට ඇය සදාකාලීක නින්දකට වැටුනා.

අහිමි වීම යනු දරාගන්න අපහසුම දුක් වේදනා වලින් එකක්. ඒ අහිමි වීම් අතරින් දරු දුකේ අහිමි වීම පන පිටින් දවා අලුලන වේදනාවටත් වඩා සිය දහස් ගුනයක දරාගත නොහැකි මුලු ආත්මයම විනාශව යන දුකක්.

තනිවම කියවමින් තනිවම හිනාවෙමින් ලියකියවිලි පපුවට ගුලි කරගෙන ඉන්න හන්ග් දිහා බැලුව ටේහියුන්ග් .

"සමහරක් වේදනාවන් තියනවා ඒ වේදනාවන් දැනෙන්න ඔවුන් ඒ තැනේ හිටගන්නම ඕනෙ."

" තමන්ගෙම පවු තමන්වම ටිකෙන් ටික විනාශ කරද්දි පවුකාරයින් ඔවුන් ඇවිදන් ආව පාර දිහා ආපසු හැරිලා බලනවා.එහෙම බලද්දි තමන්ටම පවා අදහගන්න බැරි තරම් පවු ගොඩක් ඒ පාර පුරාම ගොඩගැහිලා තියනවා. පවුකාරයින් කොයිතරම් නම් පරක්කුයිද කියනවනම්. තමන්ගෙම පවු වලින් ඔවුන්ව ටිකෙන් ටික විනාශ වෙද්දි ඔවුන් ඇවිදන් ආව ඒ පාර දිගේ ආපහු හිටිය තැනටම දුවන් යන්න ඔවුන් උත්සහ කරනවා . ඒත් ඔවුන් කරපු පවු දැනටමත් පාර පුරාම ගොඩගැහිලා. ආපසු හැරිලා ඔවුන් පටන් ගත්ත තැනට දුවන් යන්න ඒ පවු පවුකාරයින්ට ඉඩ දෙන්නෙ නැහැ . ඔවුන් පරක්කුයි. ගොඩක් පරක්කුයි."

"තමන්ගෙම පවු අතර හිර වෙලා මංමුලා වෙමින් හඩා වැටෙනවා මිසක් ඒ දවසෙදි ඔවුන්ට සැනසීමක අල්ප මාත්‍රයක්වත් ලැබෙන්නෙ නැහැ."


ටේහියුන්ගෙ වචන වල සැගවුනු අදහස හන්ග්ට ඒ මොහොතෙදි තේරුම් ගන්න බැරි වුනා. ඒ වෙනුවට හන්ගෙ මුවෙන් පිට වුනේ සමච්චල් සහගත හිනාවක් පමනයි.

"තමන්ගෙම පවු වලින් ගින්නෙන් දැවෙන්න ජියොන් හන්ග්."

"තමන්ගෙන අතීතයෙ හෙවනැලි උබෙ මනස පුරාම හොල්මන් කරන්න ගනියි."

" උන්මන්තකයෙක් වගෙ උබ දුවන් යයි. ඇවිදන් ආව මේ පවුකාර ගමන අතහැරලා දාලා ඔවුන්ව හොයන් යන්න උබ උත්සහ කරයි."

"නමුත් වේදනාබර පවු පිරුනු මතකයන් විතරක් උබෙ මනස පුරාවටම හොල්මන් කරයි."

"සතුටු වෙන්න උබේ පිපාසය අද මම සංසිදෙවුවා. ජියොන් පරම්පරාවෙ හැම උරුමයක්ම අදින් පස්සෙ අයිති උබට විතරමයි."

" ඉතින් රැකගන්න හන්ග්. උබේ දේපල, උබේ උරුමය, උබේ ගෞරවය රැකගන්න."

ටේහියුන්ගෙ වචන වලට හරි හැටි උනන්දුවක් නොදුන්න උමතු හන්ග් තවමත් ඔහුට අයිති වුන උරුමය පපුවට තද කරගනිමින් වෙනම ලෝකයක හිරවෙමින් තනිවම හිනාවෙනවා.


අදුරු මාලිගයෙ ජියොන් හන්ග් පමනක් තනි වෙද්දි ටේහියුන්ග්  මාලිගයෙන් එලියට ඇවිදන් ආවා. ජියොන් හන්සන්ග් වගේමයි. අතීතයෙ ඒ වේදනාබර මතකයන් ඒ විදියටම වර්තමානයෙදිත් සිද්ද වෙනවා. නමුත් එක වෙනසක්.

එදා ජියොන් හන්සන්ග් මාලිගයෙන් එලියට බහිද්දි ඔහු වෙනුවෙන් සීතල හුලගත් වේදනාබර අහසත් පමනයි රැදී සිටියෙ. නමුත් කිම් ටේහියුන්ග්  මාලිගයෙන් එලියට බහිද්දි ඔහු වෙනුවෙන් ඔවුන් සියල්ලක්ම මග බලන් හිටියා. ජියොන්  හන්සන්ග් වෙනුවෙන් ජීවත් වුන ගම් වැසියන් ජියොන් හන්ග් ලග සේවය කරමින් වෙස් මූන පැලදගනිමින් මේ දවස වෙනුවෙන් බලන් හිටියා.ඔවුන් සියල්ලක්ම මාලිගයෙන් පාර දෙපැත්තෙ හිටගනිමින් ටේහියුන්ග් වෙනුවෙන් බලන් ඉන්නවා.

" මුලු ලෝකයටම කිම් ටේහියුන්ග් ජියොන් හන්සන්ග් කෙනෙක් වුනත්. කිම් ටේහියුන්ග් කවමදාවත් ජියොන් හන්සන්ග් කෙනෙක් වුනේ නැහැ. ජියොන් හන්සන්ග් එදා ජියොන් හන්ග්ට ඔහුට අයිති හැම උරුමයක්ම ලියලා දුන්නෙ ආපිට කිසිවක්ම බලාපොරොත්තු නොවී. ඔහුට ඕන කලේ තමන්ගෙ පවුල රැකගන්න විතරයි .ඔහුගෙ හදවතේ ඒ දවසෙදිත් හියුන්ග් වෙනුවෙන් ආදරය රැදිලා තිබුනා. දරුවෙක් එක්ක හිස් අතින්ම මේ මාලිගයෙන් ඔහු එලියට බැස්සා.පුංචිම වෛරයක්වත් ඒ හදවතෙ හන්ග් වෙනුවෙන් ඇදිලා තිබුනෙ නැහැ. ඔහු සියල්ලක්ම බැදීම් වෙනුවෙන් අතරහැරලා දැන්මා."

" නමුත්,"

"කිම් ටේහියුන්ග්  තමන්ගෙ පවුල රැකගන්න බැදීම් නමින් ජියොන් හන්සන්ග් අතහැරපු ඒ සියල්ලක්ම අද ගිනි දවා අලු කරයි."


ටේහියුන්ග් ලගට ඇවිදන් ආව මින්හො ගෞරවයෙන් ටේහියුන්ග් ට හිස නමලා ආචාර කරද්දි නිහඩවම ටේහියුන්ග් ඔහු වෙතට අත දික් කලා.

____________________________________

මාලිගය පුරාම ඇවිදිමින් මාලිගයෙ සිතුවම් සහ පිලිම ස්පර්ශ කරන හන්ග් මේ සිය්යල්ක්ම තමන්ගෙ කියමින් තනිවම හිනාවෙනවා. නමුත් එහෙම හිනාවෙන ජියොන් හන්ගෙ දෑස් බියෙන් විසල් වෙන්න යන්නෙ තත්පර කිහිපයයි. ජියොන් හන්ගෙ දෑස් ඉදිරියෙම ඔහුගෙ තන්හාව උඩුලින් ගිනිලන ගින්නක් මැදින් දැවි දැවි අලුවෙනවා.

"මගෙ. මගෙ. මගෙ මගෙ දේපල. මගෙ උරුමය. ආහ් එපා එපා. මගෙ දේපල."

ටිකෙන් ටික ගින්න විසින් ගිලගන්න මාලිගය පුරාම දුව යමින් මාලිගයෙ සිතුවම්, කර්ට්න්ස් අතින් ස්පර්ශ කරමින් ජියොන් හන්ග් විලාප තැබුවා.තමන්ගෙම දෑත් ගින්නෙන් පිලිස්සෙද්දි අතින් ගසමින් ගින්න නිවාදමන්න උන්මන්තකයෙක් මෙන් උත්සහ කලා.

හන්ග් විලාප තැබුවා. ඔහුගෙ විලාපයන් මාලිගය පුරාම දෝංකාර දෙනවා. ඔහු මේ මාලිගයට පලවෙනිම අඩිය තිබ්බ දවසෙ පටන් මාලිගය පුරා හන්සන්ග් සමග දුවමින් සෙල්ලම් කරපු අතීත මතකයන් ගින්න මැදින් හන්ගෙ ඇස් ඉදිරියෙ පටිගත වෙමින් නිරූපනය වෙන්න පටන්  ගත්තා. උමතුවෙන් කෑගහසමින් අතින් ගසමින් ගිනිගෙන දැවෙන මාලිගයෙ ගින්න නවත්තන්න උත්සහ කරන හන්ග් පසු කරමින් පුංචි  ලමයි දෙදෙනෙක් හිනාවෙමින් මාලිගය පුරාම දිව යනවා.

මේ සියල්ලක්ම මැදින් හීනෙන් මෙන් යමක් හන්ග්ට ඇසෙන්න පටන් ගන්නෙ කර්මය ඔහුව හොයන් එද්දි. ටේහියුන්ග් මාලිගයෙන් එලියට බහින්න කලින් මාලිගයෙ රෑපවාහිනිය ඔන් කරමින් හන්ග්ට කියවපු අවසන් වචන කිහිපය දිගින් දිගටම හන්ගෙ මනස තුලින් ඇහෙන්න පටන් ගත්තා.

" දැවෙන්න ජියොන් හන්ග්. උබ අවුලවපු වෛරයෙ ගින්න මැද දැවි දැවි වේදනාවෙන් විලාප තියන්න."

" උබේ දරුවා හොයන් දුවන්න  ,දැවි දැවි පාර පුරා දුවන්න."

"කොයිතරම් දිවුවත් උබේ දරුවව උබට හොයාගන්න බැරි වෙයි."

"දරු දුකේ වේදනාව විදින්න මම උබට ආරාධනා කරනවා."

ජියොන් හන්ගෙ අත් වේගයෙන් ගැහෙනවා. මේ තරම් වෙලාවක් උමතුවෙන් මෙන් නිවාදමන්න උත්සහ කරපු ලියකියවිලි හන්ගෙ දෙපා ලගම බිමට අතහැරුනා. ලියකියවිලි ගිනිගෙන අලු බවට පත් වුනත් මේ වතාවෙදි තන්හාව ලොබ කම ගෞරවය  හන්ග්ට මතක් වුනේ නැහැ.. ඔහුගෙ ඇස් හරි කෙලින් යොමු වෙලා තිබුනෙ රූපවාහිනිය වෙතට. රූපවාහිනියෙ දිගින් දිගටම දර්ශනය වෙන රූප දිහා ගල් ගැහිලා වගේ හන්ග් බලන් හිටියා.

"මගෙ දරුවා."

හන්ගෙ වෙවුලන තොල් අතරින් පිටවුනේ ඒ වචන කිහිපය පමනයි. සම්පූර්ණ  මාලිගයම වේදනාබර විලාපයකින් දෝංකාර දුන්නා.මේ තරම් වෙලාවක් තමන්ගෙ දේපල රැකගන්න උත්සහ කරමින් විලාප තැබුව හන්ග් , තන්හාවෙන් ලෝබකමින් බදාගත්තෙ  ඒ මාලිගය මැදම හඩමින් දුවන් යනවා. ගිනිගෙන දැවෙන මාලිගය හන්ග්ට පෙනුනෙ නැහැ. අහිමිවීමෙ දරු දුකේ ගින්නෙන් හන්ග් ඇවිලෙනවා.තමන් බදාගත්ත දේපලම හන්ගෙ මාර්ගය අහුරමින් ඔහුගෙ ඇග මතට කඩන් වැටෙද්දි ඇවිලෙන් ගින්නෙන් හන්ගෙ සම්පූර්ණ  ශරීරයම ටිකෙන් ටික පිලිස්සුනා. ඒත් ඒ සිය්යල්ලක්ම විසික් කරමින් හන්ග් ආයෙමත් නැගිට්ටා . ගිනිගනිමින් පිලිස්සෙමින් ඔහු මාලිගයෙ ප්‍රදාන දොර දිහාවට දුවනවා. ඔහුගෙ පුංචි  පුතා ජිමින් හොයන් දුවනවා.නමුත් හන්ගෙ පවු ඔහුගෙම පාර හරස් කරමින් ඔහු ඉදිරියට ගිනි ගෙන දැවෙමින්  කඩන් වැටෙමින් මාර්ගය හරස් කරනවා.


_____________________________________

ගිනිගෙන දැවෙන මාලිගයෙ තවත් කාමරයක තවත් පවුකාරයෙක් සුදු ටයිල් පොලව මත බඩගාමින් හිටියා. හතර වටින්ම ඇවිලෙන ගින්න දිහා ඇය උස්සලා බැලුවෙ මරන බියෙන් ගැහෙමින්. උදවු ඉල්ලලා කොයිතරම් හෙලේනා කෑගැහුවත් ඇයගෙ මුවින් වචන වෙනුවට පිට්වුනේ සියුම් කෙදිරිලි හඩවල් පමනයි. ආඩම්බරයෙන් මාලිගය පුරා ඇවිදන් ගිය ඇය අද ටයිල් පොලවත් මත බඩගාමින් ජීවිතය වෙනුවෙන් යදිමින් විලාප තබනවා. නමුත් අද ඇයගෙ විලාපයන් මිනිස් කනකට නෑහෙන තරම් දුර්වලයි . ලීනා ඇයගෙ කකුල් දෙක බඩගාමින් පුංචි  දගයා හොයන් යද්දි හෙලේනා ඇයට සිනහසුනා. කකුල් දෙකක් පන නැති ගැහැනියකට තවත් ගැහැනිය හිතක් පපුවක් නැති තිරිසනෙක් මෙන් හිනාවුනා. කර්මය ඇයව හොයන් ඇවිල්ලා.

අතීතය ලියවෙනවා. ආයෙ ආයෙම ලියවෙනවා. පවුකාරයින් විලාප තබනවා. හඩමින් ජීවිතය යදිනවා.හඩමින් දරු දුකේ වේදනාවන් ඇවිලෙනවා.







ටේහියුන්ග් මාලිගයට එන්න කලින්ම මින්හො මාලිගයෙ අස්සක් මුල්ලක් නෑරම ටයිල් මොප් කලා. ඒත් ඔහු වතුර වෙනුවට පාවිච්චි  කලේ ජියොන් හන්ග් හීනෙකින්වත් බලාපොරොත්තු නොවිච්ච් දෙයක්.

ටේහියුන්ග් ගෙ දෑසෙ දැරි ගින්න. මුලු මාලිගයම සම්පූර්ණයෙන්ම දවා අලු කරනවා.

යුන්ගි, ජිමින් ගින්නක් මැද ජීවිතය අතහැර යද්දි ටේහියුන්ග් සම්පූර්ණ ජියොන් මාලිගයම ගිනි තිබ්බා.

ගිනිගන්න ජියොන් මාලිගය දිහා බලන් හිටිය ටේහියුන්ගෙ ඇස් ඉහල අහස වෙත යොමුවුනා. ඔහුගෙ ඇස් වල ඇදිලා තිබුනෙ කියවන්න අපහසු සැගවුනු හැගීමක්.

"වෛර කරනවා මම. වෛර කරනවා ජියොන් ජිමින්."



------------------------------------------------------------

අදහස් කියන් යන්න.

ජියොන් හන්ගෙ තව කොටසක් තියනවා.

අද මොකද හිතුනෙ?

ටේහියුන්ග් ගැන?

හන්ග් ගැන?

හෙලේනා ගැන?

ඔයාලට මතකද මේ කොටස?

"රිදෙනවා."

ටේහියුන්ගෙ ඇගිල්ලෙ ක්‍රීම් ගාමින් ඉන්න ජන්කුක් ටේහියුන්ගෙ කටහඩ ඇහෙද්දි ඔහු දිහා ඔලුව උස්සලා බැලුවා.

" රිදෙනවා කියලා දැන දැන ඇයි ටේහියුන්ග් ටේහියුන්ග්ටම රිද්දගත්තෙ."

"දැනගන්න ඕන කලා ඒක කොයිතරම් රිදෙනවද කියලා."

"මොකක්ද?"

"ජන්කුක්ගෙ අප්පා මගෙ වෛරයෙ ගින්නෙන් දැවිලා යද්දි එයාට කොයිතරම්නම් රිදෙයිද මට බලන්න ඕන කලා. ඒ රිදවීමට තව වේදනාව එකතු කරන්නනම් ඒ රිදවීම මොන වගේද කියලා මම දැනගෙන ඉන්න ඕන."

Continue Reading

You'll Also Like

108K 24.3K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
443K 62.4K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
59.8K 10.2K 35
පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එය...
73.8K 10K 37
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]