Call me by your name 🦋 ( Com...

By thashi123

59.6K 10.2K 11.7K

පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස්... More

prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Last chapter

Chapter 29

1.6K 290 359
By thashi123

සති තුනකට පසූ ~

" වරෙන් උබේ ඔලුව බලන්න...අනේ මන්දා උබත් කොහෙන් මේ උකුණෝ බෝ කරන් ඇවිත් කියලා...කෝ මෙතනින් වාඩි වෙයන්..."

‍යූනා ඉස්තෝප්පුවේ තිබ්බ බංකුව උඩින් වාඩි වෙලා කෑගහන අතරේ ජන්කුක් තොල් දෙකත් උල් කරගෙන ඇවිත් යූනාගේ කකුල් මැද්දේ , බිමින් වාඩි උනා...

" බලහන් කොණ්ඩේ හැටි...නරකද හවහාකටවත් ගිහින් ඔය වහල්ල බාගෙන ආවා නම්...බලහන් වැද්දෙක් වගේ...කහපන් කහපන් තව කහපන් ඔලුව..."

යූනා අතේ තිබ්බ පනාවෙන්ම ඔලුව කස කස හිටිය ජන්කුක්ගේ අතට පාරක් ගැහුව්වා....

" අනේ ඔම්මා ~ "

" අනේ ඔම්මා ? අනේ ඔම්මා නෙමෙයි...ලැජ්ජ වෙයන් කොල්ලෙක් ලේඬි බෝ කරන් ආවා කිව්වාම...ඇත්තමයි උබ නැතුව මට කෙල්ලෙක්වත් හිටියා නම් ඒකත් එකක්..."

" අහ් දැන් මං හිටියා කියලා පාඩු වෙලා තියෙයි...? "

" හරි හරි...පාඩුවක් නම් උනේ නැහැ...මොනා නැති උනාත් උබ කෙලි පැටික්කි වගේ මගේ හැමදේටම උදව් කොරනවා නේ...මං හිතුවේම උබත් මහ එකා වගේ යයි කියලා..."

" අප්පා ඉස්සරත් මේ දැන් වගේද ඔම්මා...? "

" අනේ නැහැ...දැන් මේ උලව් රේඩියෝ එකක් බදාගෙන හිටියාට ඉස්සර උන්දෑ එහෙම නැහැ...බැන්ඳ මුල් කාලේ ඉදන් උබව හම්බෙනකන්ම එකා මට හුඟාක් උදව් කරා...උබව හම්බෙන්න ඉන්න කාලේ මගේ යට ඇඳුම් පවා සේදුවේ ඒකා... තරමටම අප්පා උබවත් මාවත් කාලේ පරිස්සම් කරා බං..."

" නොකිව්වාත් අප්පා ඔම්මාට හරි ආදරේයි..."

ජන්කුක් කියද්දි ජන්කුක්ගේ ඔලුව පීර පීර ඉදපූ එක නවත්තපූ යූනා යාන්තමට හිනා උනා...

" ඔව්...උබලැයි අප්පා අපි දෙන්නාටම හුඟාක් ආදරේයි..."

" ඉතිං එච්චර ආදරේ වෙලාත් ඇයි උදේට කුඹුරුට යද්දි ඔම්මාට හාද්දක්වත් දෙන්නේ නැත්තේ...? "

" උබට ඔල්මාදේද ? ඒවා දැන් කරන්න පුලුවන් ? "

" ඇයි ? "

" ඇයි අහන්නේ..උබ ඉන්නවා නේ..."

" අනේ මේ ඉන්න ඔම්මා...මං දන්නවා නේ ඔය දෙන්නා රෑට රෑට මට හොරා කරන එව්වා..."

" හහ්...!! "

ජන්කුක් කිව්ව දෙයින් යූනාගේ හුස්ම ටිකත් හිර වෙන්න ආවා...

" කියපන් මොනාද උබ දන්නේ ? "

" ඇයි මගේත් එක්ක පැඳුරේ නිදියලා මට නින්ද ගියාම අප්පා එක්ක ඇඳට වෙලා කරන්නේ "

" මොනාද ඉතිං ? "

" එව්වා එහෙම කියන්න පුලුවන්ද...ලැජ්ජායි නේ හයියෝ..."

" නැහැ නැහැ කියපන්කෝ බලන්න මොනාද කරන්නේ කියලා..."

" ඇයි ඇඳ උඩ අප්පා එක්ක තුරුල් වෙලා මහ රෑ පෙම් බස් දොඩව දොඩව ඉන්නේ...මං අහගෙනනේ උන්නේ..."

" උබට මං !! "

යූනා අතේ තිබ්බ පානාවෙන්ම එහෙමම ජන්කුක්ට ගහද්දි ජන්කුක් පනාව ඇවිත් වදින වදින තැන අත ගගා හිනා වෙන්න ගත්තා...

" වලත්ත කොල්ලා...එන්න එපා බොරු විතරක් කියාගෙන...මං අප්පාට පෙම් බස් කියලා නැහැ..."

" කවුද කිව්වේ ඔම්මා කියලා...මං කිව්වේ අප්පා දොඩනවා කියලා නේ..."

" පලයන් යන්න..ඉදපන්කෝ අප්පා ආවාම මං කියන්න..."

" අම්බෝ මුහුනේ තියෙන පෙම් හිනාව..."

" ඉස්සරහා බලා ගනින්...පැහෙන්නේ නැතුව..."

" මං හිටියා කියලා හිතන්න එපා...අනිත් දවසේ අප්පා වැඩට යද්දි හාද්දක් එහෙම දීලා පිට කරන්න...එතකොට නේ අප්පාටත් කුඹුරු සීයක් විතර එක දවසින් කොටන ශක්තිය එන්නේ..."

" උබ කනවා කොල්ලො මගෙන් හරි...නවත්තපන් දැන් ඕක..."

" මෙහ් ? "

ජන්කුක් එහෙමම බෙල්ල පිටිපස්සට නවලා යූනා දිහා බැලුවා....

"මොකද ? "

යූනා එහෙම අහනවත් එක්කම ජන්කුක් ඉදගෙන හිටිය තැනින් නැඟිටලා යූනා ඉදගෙන හිටිය බංකුව උඩින්ම ගිහින් වාඩි උනා...

" ඔම්මායි අප්පායි ආදරේ කරේ කොහොමද ? "

" උබට දැන් ඇයි ඒක ? "

" නිකන් දැන ගන්න...අනේ කියන්නකෝ ඔම්මා...කොහොමද ඔය දෙන්නා හම්බුනේ ? "

ජන්කුක් අහද්දි යූනා පනාව පැත්තකින් තියලා බර හුස්මක් පපුව ඇතුලට ඇද ගන්න ගමන්ම ලස්සනට හිනා උනා...

" හම්බුනේ කියන්නේ , මායි අප්පායි දෙන්නාම මේ ගමේ...අපි පුංචි කාලේ ඉදන්ම හොඳ යාලුවෝ...එකට සෙල්ලම් කරා , එකට ගස් උඩ නැග්ගා...පස්සේ අප්පා ඉලන්දාරියෙක් උනාම , මට අප්පා ගැන මහ අමුත්තක් දැනුනා..."

" කිව්වේ ? "

" කිව්වේ , අප්පා වෙනදාට වඩා ගොඩාක් වෙනස් උනා...හැම නිතරම මං දිහා බැලුවා...මගෙත් එක්කම කාලේ ගත කරා...උබට කියන්න සමහරක්දාට යාලුවෝත් එක්ක මං තනියෙන් පාරේ යනකොට විහිලුත් කරා..."

" නැහැඈඈඈඈ..."

" නැහැ නෙමෙයි බං ඔව්...පස්සේ මගේ එවුන් ටිකත් මාව වූ එක්ක ජෝඩු කරන්න පටන් ගත්තා...ටික කාලයක් ගියාම අප්පා මට එයාගේ හිතේ තියෙන දේ කිව්වා..."

" ඉතිං ඔම්මාත් එකපයින්ම හා කිව්වා...මං දන් නැද්ද ඉතිං "

ජන්කුක් අත්පුඩියකුත් ගහලා එහෙම කියනකොට යුනා කට ඉරක් කරන් ජන්කුක් දිහා බැලුවා...

" උබට අපේ ආදර කතාව අලුතෙන් හදන්න ඕන නම් හදාගනින්...මගේන් අහන්න එපා ආය..."

" හරි හරි ඉතිං...කියන්නකෝ ඉතුරු ටික...ඔම්මාත් හා කිව්වා නේද ? "

" උබට පිස්සුද ? එහෙම කොල්ලෙක් ඇහුව්වාම එකපාර හා කියනවාද...? දෙයින් පස්සේ මං තවත් මගේ ගනන් ඉස්සුවා..."

" අනේ පව් අනේ අප්පා..."

" උබේ ඔම්මා එහෙම තමයි...ඒත් ඊට පස්සේ මමත් වූට කැමතියි කිව්වා...අපි කාලයක් ආදරේ කරා...ඊට පස්සේ තමයි සේරම කරදර පටන් ගත්තේ..."

" කිව්වේ ? "

" ඔය කාලේදි මගේ අප්පා නැති උනා...මායි ඔම්මායි තනි වෙද්දි මාව බලා ගන්නත් එක්ක වූ මාව කසාඳ බැන්දා...අපි බැඳලා හුඟ කාලයක් දරුවෙක් නැතුව ඉන්නකොට වූගේ පවුලේ අය මං වඳයි කියලා උබේ අප්පාට මාව දික්කාසද කරන්න කීවා....ඒත් වූ ඒකට කැමැති උනේ නැහැ..."

" ඊට පස්සේ ? "

" ඊට පස්සේ වූගේ පොඩි සහෝදරි බැන්ඳාම පවුලේ හැමෝම වූව මේ ගමේ දාලා මෙහෙන් යන්න ගියා...අන්තිමට අපි දෙන්නාටම වැඩිහිටියෙක්ට කියලා හිටියේ මගේ ඔම්මා විතරයි...එයාත් අපේ මිනිබිරියක් හරි මුනුබුරෙක් හරි එනකන් මඟ බලාගෙන ඉදලාම අවසානේ උබව හම්බෙන්න කලින් අවුරුද්දේ අන්ත්‍රා උනා..."

" අනේ පව්....ඒත් ඇයි ඔම්මාට මාව හම්බෙන්න පරක්කු උනේ ? "

" දන්නේ නැහැ..සමහරවිට දෙයියන්ට අපිට දෙන්න ඕන දරුවාව හොයාගන්න පරක්කු වෙන්න ඇති..."

" ඇයි ඔම්මා මගෙන් පස්සේ තව කෙනෙක්ව හැදුවේ නැත්තේ ? "

" ලමයි දෙතුන් දෙනා රන් කරන්න අපිට කොහෙන්ද බං වත්කමක්...උබට බත් ඩිංගක් කවා ගන්නත් අප්පා දහඩිය මුගුරු දාන් ගිනි කාශ්ටකේ අර කුඹුරේ නැහෙන නැහිල්ලට අපි කොහොමද තවත් දරුවෙක්ව නඩත්තු කරන්න හිත හදා ගන්නේ..."

" ඔම්මාට මමත් ඇවිත් කරදර කරලා නේද ? "

" උබට පිස්සුද....උබ තමයි මාවත් අප්පාවත් චුටි පවුලක් කරේ...උබ ආවාත් හරි ගෙදර තිබුන මුස්පෙන්තුකම එහෙමම නැති වෙලා ගියා......මට උබ විතරක් හොදටෝම ඇති බං...දෙවියෝ පිරිමි ලමෙක්ව මට දුන්නේ ගැහැණු දරුවෙක්ගේ අඩුපාඩුවත් ගමන්ම පිරිමහන ගමන්..."

‍යූනා හිනා වෙලා ජන්කුක්ගේ පිරුන කම්මුලක් මව්
සෙනෙහසකින් අත ගාද්දි ජන්කුක් බිම බලාගෙන හෙමීට හිනා උනා...

" නමුත් උබ දෙයක් දන්නවා ? "

යූනා තප්පර කිහිපයක නිශ්ශබ්දතාවකට පස්සේ තමන්ගේ හඬ අවදි කරනකොට ජන්කුක් නැවතත් යූනාට සවන් දෙන්න ඔලුව ඉස්සුවා...

" හ්ම්ම් ? "

" මට උබවයි පුංචි මහත්තයාවයි දැක්කාම දැනුනේ හරියට මගේයි උබේ අප්පාගෙයි ආදර කතාවට ආයේමත් පණ ඇවිල්ලා වගේ කියලා බං..."

" ඇයි ? "

" මට තාමාත් මතකයි උබ ඉපදිච්ච දවසේ දවල් පුංචි මහත්තයා උබව බලන්න ඇවිත් , කිසිම තෑග්ගක් නැති නිසා හොරෙන් උබ දිහා බලාගෙන ඉදපූ විදිහ...වූ ඇවිත් කතා කරපූ ගමන්ම එකා දිව්වේ නිකන් ඊතලේ වගේ...නමුත් ඌගේ උත්සාහය අතහැරියේ නැහැ බං...එකා ඊට පහුවෙනිදාත් සිනී බෝල බෑග් එකක් උස්සන් උබව බලන්න චණ්ඩියා වගේ ආවා...අනේ උබ එතකොට කිරි සප්පයා...දතුත් නැහැ...එකා මට සිනී බෝල බෑග් එක දික් කොරලා කියනවා උබට ඒක උයලා දීපන්ලූ...ටෙටේ දුන්නා කියලාත් කියන්නලූ..."

යූනා මීට අවුරුදු දහඅටක් විතර පරණ මතකන් නැවතත් මතක් කරමින් හිනා වෙද්දි ජන්කුක්ද යූනා එක්කම හිනා උනා...

" ඔම්මාට ඒවා තාමාත් මතකයි නේද ? "

" කොහොම අමතක කරන්නද එකා උබේ අප්පාම වෙනකොට...පුංචි මහත්තයා තරම් දඟ කොල්ලෙක් කාලේ ගම් හතකවත් ඉන්නේ නැතුව ඇති...හැම තැනම දුවනවා..අස්සක් මුල්ලක් නෑර හැමතැනම රිංගනවා...ඔක්කොම තනියම කරන්නේ...මේන් මෙච්චර බටු ඇටේ වගේ හිටිය එකා සේරම එව්වා කොරේ තනියම...ඒත් දන්නවාද ? උබ ඉපදුනාත් හරි එකා සේරම චන්ඩිකම් නවත්තලා මේ ගෙදරම බින්න බහින්න ආවා..."

යූනා කතාවේ අවසානේත් එක්ක ජන්කුක් දිහා බැලුවා...

" උබට පණ ඇරලා ආදරේයි බං...උබ ඉපදිච්ච වේලාවෙදිම සේරී නෝනාගේ කෙලි පැටික්කි නැති උනා නේ...පව්...පුංචි මහත්තයා සංකාවාත් එක්ක තමා උබව බලන්න ආවේ...ඒකයි උබට තරමටම ආදරේ කරේ...මුලින් මුලින් උබට කතා කරේත් නන්ගි බබා කියලා....නමුත් උබලා දෙන්නාම ලොකු ඉලන්දාරියෝ වෙනකොට , සහෝදර බැඳීම ගොඩාක් දුර ගියා බං..."

යූනා ලොකු හුස්මක් පහත දැම්මා...

" වගේ ඉදිය එකා හිටිහැටියෙම නගරෙන් නෝනා කෙනෙක් උස්සන් ආවාම , ඇත්තමයි මං පුදුම උනා...මට හිතා ගන්න බැහැ පුංචි මහත්තයා නගරේ කෙනෙක්ට කැමති උනේ කොහොමද කියන්නවත්...මං දන්නවා...මේකට සේරී නෝනා නම් අත උඩින්ම කැමති ඇති...කොහොමත් උන්දෑට ගමේ එවුන්ව අරහන් නේ..."

" දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ ඔම්මා... හැමදේම දැන් සිද්ද වෙලා ඉවරයි "

ජන්කුක් නියපොත්තෙන් තමන්ගේ කලිසම පහුරු ගහන ගමන් හෙමින් මුමුනද්දි එයා දිහා බැලුව යූනා ජන්කුක්ගේ එක අතක් තමන්ගේ ඔඩොක්කුව උඩට අරන් ඒ අත හෙමීට පිරිමැද්දා...

" උබත් ඌට ආදරේ කරා...එහෙම නේද ? "

" ඔම්මා ! "

යූනා කිව්ව දේත් එක්ක පුදුම උන ජන්කුක් විදුලි වේගෙන් ඇසුත් ලොකු කරන් යූනා දිහා බැලුවා...

" තවත් හංගලා වැඩක් නැහැ බං...මං දන්නවා ඒක...මං විතරක් නෙමෙයි , උබේ අප්පාත් දන්නවා...උබට කියන්න අපි ඇත්තටම දේ සිද්ද වෙයි කියලා බලාපොරොත්තු උනා..."

" ඔම්මා මොනාද මේ කියන්නේ..."

" මං කියන්නේ ඇත්ත බං..මට හිතිච්ච දේ...නිකන් හරි කොලුවා මගේ ලඟට ඇවිත් ' යූනා ඔම්මා මං උබේ කොල්ලාට ආදරේයි...මට මේ ගෙදර ඉන්න දියන් ' කිව්වා නම් , උබ දන්නවාද මං වේලාවේදිම ඌව මේ ගෙදරට වද්ද ගන්නවා...මට ඌගේ දේපල ඉඩකඩම් වැඩක් නැහැ බං...මං ආස ඌගේ ගතිගුණ වලට...ඌගේ තියෙන පිරිමිකමට...මගේ දරුවාව ඇහැක් වගේ පරිස්සම් කරන්න පුලුවන් නම් ඔම්මා කෙනෙක් විදිහට මට ඕන එච්චරයි බං..."

" එව්වා දැන් වැඩක් ඔම්මා...උන දේ උනා...දැන් සේරම අතීතේ...මංවත් ඔයාවත් දැනන් හිටිය හියුන්ගී ආයේමත් එන්නේ නැහැ...එයා ආයේ එන්නේ නැහැ ඔම්මා.."

ජන්කුක්ගේ ඇස් යූනාගේ වචනත් එක්ක හරි ඉක්මනට තෙත් වෙන්න පටන් ගත්තා...

" උබට බැයිද ටවුමේ පෝන් එකකින් එයාට කතා කරලා එකම එකපාරක් එකාට මනාපයි කියන්න ? "

" බැහැ ඔම්මා... දේ කරන්න බැහැ..."

" හේතුව ? "

" පවුල් කඩනවා වගේ පව්කාර වැඩ කරන්න මට බැහැ ඔම්මා...හියුන්ගී නෝනාට ආදරේයි නම් එයාත් එක්කම ඉදපූවා වේ... නැතත් මට බැහැ තව කෙනෙක්ගේ හිතක් ගමන්ම රිද්දන්න..."

" අර අහවල් එකාගෙද ? "

යුනා අහද්දි ජන්කුක් යූනා දිහා බලලා තොල් මත පොඩි හිනාවක් ඇද ගත්තා....

" නම්ජුන් මහත්තයාගේ "

" ම්..මොකක් !! මේ..මේ නගරේ මහත්තයා ? "

" හ්ම්ම්...දැන් කිහිප දොහකට කලින් මහත්තයා මට මනාපයි කීවා..."

" උබ මොනාද කිව්වේ ඉතිං..."

" මං තාම මුකුත් කිව්වේ නැහැ..."

" මට මේක කියහන්....උබ මහත්තයාට මනාපයි ? "

" කැමති කියන්නේ ඔම්මා මහත්තයා ගාව වරදක් කියන්න තරම් නම් නැහැ..නමුත් මට මොකක්දෝ හිස් තැනක් තියෙනවා කියලා දැනෙනවා...සමහරවිට තාම මහත්තයා මට අලුත් කෙනෙක් නිසා වෙන්න ඇති..."

" හ්ම්ම් හ්ම්ම්...මේ අහපන්කෝ..."

‍යූනා ජන්කුක්ගේ උරහිස් වලින් අල්ලන් තමන්ගේ පැත්ත හැරෙව්වා...

" මං උබට එපා කියනවා නෙමෙයි...නගරේ මහත්තයා බොහෝම ගුණයහපත් දරුවෙක්...මට ප්‍රශ්නයක් නෙමෙයි උබ නගරේ බැරි නම් එරොප්පෙන් හරි එකෙක්ව කැන්ඳගෙන ආවාට...නමුත් තව ටිකක් හිතපන්...මොකද නගරේ දුවිල්ලට ගමේ හුලඟ පෑහෙනවා අඩුයි මයේ පූතේ... නිසා තීරණයක් ගන්නකොට හොඳට හිතලා බලලා පස්සේ කාලේ දුකක් නොදැනෙන තීරණයක් ගනින්...මගේ රත්තරන්ට තේරුනා නේද ? "

" එහෙමයි ඔම්මා..."

ජන්කුක් හෙමීට ඔලුව වනන අතරේ ඒ කම්මුල් දෙකම තමන්ගේ මහපට ඇඟිලි දෙකෙන් පිරිමැද්ද යූනා එහෙමම තමන්ගේ දෙතොල් ජන්කුක්ගේ නලල මත තෙරපුවා...

" ඩිංගක් ඉදින්...මං කහට චුට්ටක් වක්කරගෙන එන්නම්..."

ඒ කොණ්ඩේ අස්සෙන් ඇඟිලි ගෙනිච්ච යූනා එහෙම කියමින් බංකුව උඩින් නැඟිටිද්දි බංකුව උඩ වැතිරිලා හිටිය පනාව අත්ලට හිර කර ගත්ත ජන්කුක් තමන්ගේ බෙල්ල ලඟට දිග කොණ්ඩේ පීරලා එහෙමම කෙහි වැටිය එකට එකතු කරන ගමන් කොණ්ඩ බෝලයකින් බැඳ ගත්තා....

කුස්සියේ හිටිය යූනා ප්ලාස්ටික් ජෝග්ගුව හැඳි ගාන ගමන්ම පිරීසියකට හකුරු කෑලී කිහිපයකුත් හලා ගත්තා...

ඒ අතර පිලිකන්න පැත්තේ දොරෙන් එලියට ඇහෙන තේ හැඳී ගාන හඬ අහගෙන කකුල් පද්ද පද්ද හිටිය ජන්කුක් ඉර එළියෙන් නැහැවුන පරිසරේත් එක්ක ඇඟේ දැවිටිගෙන යන මද සුලඟත් විඳගනිමින් පාර දෙපැත්තට බෙල්ල හරව හරව උන්නා...

නමුත් වැඩි වේලාවක් නොගියා...

කලු පාට තොප්පියක් දාගෙන ඈතින් ආව චායාවක් දැක්ක හැටියේ ජන්කුක් බංකුවෙන් බැස්සා නෙමෙයි ඉබේම බංකුවෙන් බිමට පැන්නුනා...

" ම්..මහත්තයා "

ජන්කුක් පුදුමෙන් විශාල උන ඇස් එක්ක ඉස්තෝප්පුවත් එක්ක තියෙන පඩිපෙල ලඟට දුවගෙන ගිහින් ඈත ඉදන් එන නම්ජුන් දිහා බලාගෙන හිටියා....

අඩියක් අඩියක් ගානේ ජන්කුක්ගේ ගොම මැටි ගේට ලං වෙන නම්ජුන්ද ජන්කුක්ව දැක්ක මොහොතේම මෙච්චර වෙලා හැඟීම් විරහිතව තිබ්බ මුහුන මත හිනාවක් නංවාගෙන ජන්කුක්ට අත වැනුවා...

ජන්කුක් එහෙමම තවත් පඩියක් බිමට බැස්සා....

" මහත්තයා මොකද මේ වේලාවේ මෙහෙ කරන්නේ ? "

ජන්කුක් , ලඟට ආපූ නම්ජුන්ට කලියෙන් කතා කරලා එහෙමම නම්ජුන්ගේ පිටිපස්සට බෙල්ල දැම්මා...

" පොඩි වැදගත් කාරණාවකටත් එක්ක තමයි ආවේ ? "

" හරි හරි...යමූකෝ මුලින් ඇතුලට..."

ජන්කුක් නම්ජුන්ට ඉස්සර වෙන්න දීලා නැවතත් නම්ජුන් ආව පාර බලලා නම්ජුන්ගේ පිටිපස්සෙන් ගෑටූවා...

නම්ජුම් ඉස්තෝප්පුවෙ බංකුව උඩින් වාඩි වෙලා කලිසම් සාක්කුවේ තිබ්බ ලේන්සුවෙන් නලලත් බෙල්ලත් පිහගෙන ජන්කුක් දිහා බැලුවා...

ජන්කුක්ගේ ඇස් වල තවමත් කුතුහලේ...

" කෝ මහත්තයාගේ අර පත මල්ල ? එතකොට හියුන්ගී....කෝ එයා ? "

කලින් දවස් වල නම්ජුන් දාගෙන හිටිය විශාල මල්ල නැති එක ගැන ජන්කුක්ට ඇති උනේ ප්‍රශ්නයක්...

ඒ කියන්නේ නම්ජුන් ඇවිත් තියෙන්නේ නවතින්න බලන් නෙමෙයි...

" මං නවතින්න නෙමෙයි ආවේ කූ...."

" එහෙනම් ? "

" මට ඊට කලින් නැන්දාව මුණ ගැහෙන්න පුලුවන් ? කෝ නැන්දා ඉන්නවා ? "

" ඔම්මා නේ ? ඔව් ඔව් ඉන්නවා...ඉන්න , මං අඬ ගහන්න....ඔම්මා !!!! "

ජන්කුක් එහෙම කෑගහන ගමන්ම ගේ ඇතුලට රිංගුවා...

තවත් තප්පර කිහිපයකට පස්සේ ජන්කුක් වගේම නම්ජුන්ගේ හදිසි පැමිණිමට පුදුම වෙලා හිටිය යූනා අත පිහිද පිහිද ආපූ රෙදි කෑල්ල පුටු ඇන්දෙන් දාලා එහෙමම ඉස්තෝප්පුවට ආවා...

" දෙයියනේ..මහත්තයා !! මොකදෑ මේ හදිස්සියෙන්ම ?"

නම්ජුන් ඒත් එක්ක්ම ඉදගෙන හිටිය බංකුවෙන් නැඟිට්ටා...

" පුංචි කාරණාවක් කියන්න නැන්දේ..."

" එන්න ගේ ඇතුලෙන් ඇවිත් වාඩි වෙන්න..."

" මෙහෙම හොඳයි නැන්දේ..."

" හ්ම්ම්...එහෙනම් ආව කාරණේ කීවා නම් ? "

එහෙමම පැත්තක හිටිය ජන්කුක්ගේ අතින් ඇදලා තමන්ගේ ලඟට ගත්ත යූනා ඒ උරහිස වටේ අතක් දා ගනිමින් නිදහස් අතින් ජන්කුක්ගේ අත් ගොබයක් අල්ල ගත්තා....

" මං ආවේ නැන්දාට දෙයක් කියන්න වගේම අවසර ගන්න..."

" මොකක්ද මහත්තයා..? "

" අවසරේ ගැන කිව්වොත් නම් මං ආවේ කූව සෝල් වලට ගෙනියන්න...වැඩි කාලේකට නම් නෙමෙයි සතියකකට වගේ පොඩි කාලේකට..."

නම්ජුන්ගේ වාක්‍යයේ අවසානේ එක්ක ඇහිබම එකට ලං කරගෙන හිටිය ජන්කුක් යූනා දෙන්නාම මුහුනට මුහුන බලන් නැවතත් නම්ජුන් දිහා බැලුවා...

" අර අහවල් එකකටද මහත්තයො.."

" අහ්ම් මේකයි...හ්ම්ම් මං මේ කියන්න ගියේ අපේ ටේහියුන්ග් ඉන්නේ "

" මේ අපේ පුංචි මහත්තයා නේ ? ඔව් ඉතිං ? "

" ඉතිං ටේහියුන්ග් තව දවස් හතරකින් මඟුල තීන්දු කරලා මුදු මාරු කර ගන්නවා..."

" හහ් !!! "

ජන්කුක්ට සද්දෙන් හුස්ම හිර උනා...ඒ උඩට ඇද්ද පපුව නැවතත් පහලට වැටුනාද කියන්න ජන්කුක්වත් නොදැනගෙන හිටියා...ජන්කුක්ගේ අත එහෙමම භාගේට ඇරුන කට වහගන්න දුවද්දි එයා වගේම කනට ඇහිච්ච දේ නිසා විස්මයට පත් වෙලා හිටිය යූනා ඇස් දෙක ලොකු කරන් අල්ලගේන හිටිය ජන්කුක්ගේ අත් ගොබේ තවත් මිරිකුවා...

නම්ජුන් නිහඬව යූනාගේත් ජන්කුක්ගේත් මුහුනෙන් පෙන්වන ප්‍රකාශන දිහා බලාගෙන හිටියා...ඔව් , මේ කාරණාව ගැන අහන හැමෝගේම මුහුනවල් වල ඉරියව් දැන් යුනා සහා ජන්කුක්ට සමාන වෙනකොට නම්ජුන් මේ වගේ පෙනුමක් මේ දෙන්නාගෙනුත් බලාපොරොත්තු උනා...

" ඉතිං නැන්දේ මං මේක ගැන කියන්නයි ආවේ..."

විනාඩියක් පමණ ගත උනාත් ජන්කුක් යූනා දෙන්නාගෙන් එක්කෙනෙක්වත් වචනයක්වත් හොල්ලන්න මහන්සියක් නොදරන තැන නම්ජුන්ම තමන්ගේ කට ඇරියා....

යූනාගේ ඇස් නම්ජුන්ගෙන් අහකට වෙලා එහෙමම ජන්කුක් ලඟට දිව්වා...ඉස්සරහා ඉන්න නම්ජුන්ට නොපෙනුනාත් පැත්තකින් ජන්කුක්ගේ ඇස් දිහා බැලුව යූනාට ඒ ඇස් වල කඳුලු කැට දිලිසෙන විදිහ දැක ගන්න පුලුවන්කම තිබ්බා...ජන්කුක්ගේ අත් දෙක වෙව්ලන්න ගත්තේ ඒ ගමන්ම ඒ අත් අල්ලගෙන උන්න යූනාවත් වෙව්ලවලා...

මීට දවස් දෙකකට කලින් කිම් පවුලේ ජෝඩුව වලව්ව දාලා කාරයේන් නැගගෙන ගියේ වෙන කොහෙවත් නෙමෙයි ඒ මේ මඟුල් තීන්දුවට කියලා ඉක්මනින්ම තේරුම් ගිය යූනා ජන්කුක්ගේ අත හෙමීට පිරිමැද්දා....

" ඉතිං මහත්තයා මගේ කොලුවා සිදාදියට ගිහින් මොනා කරන්නද ? "

යූනා නිහඬ ජන්කුක් වෙනුවෙන් කතා කරා...

" ටේහියුන්ග් කූගේ හොඳම යාලුවා නිසා ~ මට හිතුනා එයාව මේ වගේ වැදගත් වේලාවකට ගෙනියන එක හොඳයි කියලා...මේ මොහොතේ ටේහියුන්ග්ට කූව ගොඩාක් ඕන කරනවා නැන්දේ...ඒකයි මං තකහනීයක්ම ආවේ..."

" ඒත් මහත්තයා මගේ කොලුවා-"

" මං එන්නම් මහත්තයා..."

නම්ජුන් තියා යූනාවත් කොහෙත්ම බලාපොරොත්තු නොවුන උත්තරයක් ජන්කුක් දෙද්දි එයා දිහා ඇස් දොඹගෙඩි කරගෙන බැලුව යූනා නම්ජුන්ටත් කියලා ජන්කුක්ව ඇදගෙන ගේ අස්සට ගියා...

" උබට ඔල්මාදේ හැඳීගෙන එනවා ? උබ ගිහින් උන් මුදු මාරු කරගන්න විදිහ බලන් ඉදලා හිත පාරවගෙන එන්නද ? "

" ඔම්මා...මට හියුන්ගීව බලන්න පුලුවන් වෙන අන්තිම දවස ඒක නම් , මං උත්සවේට අනිවාර්යයෙන්ම යනවා ඔම්මා..."

" උබට මාන්දම...උබ ඔය කොරන්න යන්නේ කොහෙත්ම උබට හොඳක් වෙන දෙයක් නෙමෙයි...මතකයි නේහ් කාලයක් සාංකාවට පිස්සෙක් වගේ හැසිරිච්ච විදිහ...උබ උඩ දාගෙන නගරේට ගිහින් ආයේ එනකොට මං උබ උන්මත්තකයෙක් වෙලා ඉන්නවා බලන්නද ඕන ? "

" එහෙම වෙන්නේ නැහැ ඔම්මා..."

" මට උබේ වචන මේ මොහොතේ කොහෙත්ම විශ්වාස කරන්න බැහැ පුතේ...උබට මොකක් හරි උනොත් මේ ඔම්මාගේ පපුව පැලිලා මැරෙයි..."

" මාව විශ්වාස කරන්න...මං පොරොන්දු වෙන්නම් ගිය විදිහටම ආයේත් එන්නම් කියලා...හියුන්ගී තව කෙනෙක්ට අයිති වෙන්න කලින් මේ ජන්කූගේ හියුන්ගී විදිහට මට හියුන්ගීව එකපාරක් හරි බලන්න ඕන ඔම්මා.... නිසා මට යන්න දෙන්න...අනේ කරුණාකරලා මට යන්න දෙන්න ඔම්මා..."

ජන්කුක් යූනාගේ ඉස්සරහා බැගෑපත් වෙන ගමන් අත් දෙක එකට එකතු කරා...ඒත් එක්කම ඒ දෙනෙත් වලින් කලින් පිරුන කඳුලු වැල් කිහිපයක් කම්මුල් දිගේ පහලට රූලට ගියා...

යූනාත් ජන්කුක් එක්කම ඇඬුවා...තමන්ගේ දරුවාගේ අඬන ඇස් එක්ක කරන ඉල්ලිම ඉස්සරහා අසරණ උන යූනා , ජන්කුක් එක්කම අඬන ගමන් ජන්කුක්ව තද කරලා ඒ මව් සෙනෙහස වැක්කෙරුන පපුවට තුරුල් කර ගත්තා....

ටේහියුන්ග් ඇරුනාම ජන්කුක් නැලවුන තවත් තැනක් උන යූනාගේ උරහිස් උඩ ජන්කුක් හිතට දැනෙන වේදනාව කඳුලු වලට පෙරලලා ඉකි ගගහා ඇඩුවා....

දෙන්නාටම එලියේ ඉස්තෝප්පුවේ ඉන්න නම්ජුන්ව මොහොතකට අමතක වෙලා යද්දි ජන්කුක් ටේහියුන්ග් වෙනුවෙනුත් , යූනා තමන්ගේ එකම පූතා වෙනුවෙනුත් කඳුලු සලන්න ගත්තා...

ජන්කුක්ගේ හදවත පොඩි උනේ වේදනාවෙන් උනාට යූනාගේ හදවත පුරා කැරකුනේ බිය කියන වලාකුල...

ජන්කුක්ට තනියම නගරේට යන්න දෙන්න කොහෙත්ම කැමැත්තකින් නොසිටිය යූනාට ජන්කුක් ඉල්ලන අවසන් ඉල්ලිම අහක දාන්නත් බැරි උනා....

ටිකකින් යූනා තමන්ගේ පපුවේ අස්සේ අඬන ජන්කුක්ගේ මුහුන තමන්ගේ අත් දෙකෙන්ම අල්ලන් මහපට ඇඟිලි දෙකෙන් ඒ පිම්ඹුන රෝස කම්මුල් පිහිදලා දැම්මා...

" උබ ඉල්ලන නිසා යවන්න හිත හදා ගත්තා මිසක මේ ඔම්මා උබ නගරේට යනවාට කොහෙත්ම මනාප නැහැ මගේ රත්තරනේ....නමුත් මං උබේ කැමැත්තට ඉඩ දෙන්නම්...මොනා හරිම හිත රිදෙන දෙයක් සිද්ද උනොත් , වේලාවෙදීම ඔම්මා ගාවට දුවගෙන වරෙන්...උබට හැකියි ඔම්මාගේ පපුව අස්සේ ඕන තරම් කාලයක් අඬන්න...තේරුනාද ? උබ වෙනුවෙන් ලේ කිරි කරපූ මට උබව දරාගෙන ඉන්න බැරිකමකුත් නැහැ මයේ දෙයියෝ..."

යූනා තමන්ගේ වාක්‍ය අවසන් කරනවාත් එක්කම ජන්කුක්ගේ තොල් සිප ගත්තා...පුංචි කාලේ වගේම ඒ තොලුත් , දෙකපුලුත් , නලල් තලයත් වේගෙන් සිපගෙන ගිය යූනා එහෙමම ජන්කුක්ව නැවතත් තමන්ගේ උරහිස අස්සේ හංග ගත්තා...

.


.


.

නම්ජුන්ගේත් උදව් ඇතුව ජන්කුක් තමන්ගේ ගමන් මල්ල හරි ගස්සන අතරේ ලැබුන පණිවිඩේ නිසා දඩිබිඩියේ ගෙදර දුවගෙන ආව වුබින්ගේ අතින් අල්ලගෙන පිලිකන්නට දිව්ව යූනා , නම්ජුන් කිව්ව කාරණා ගැන වුබින්ටත් කියලා එයාගේ අවසරෙත් අර ගත්තා....

තවත් හෝරාවක් ගෙවීගෙන යද්දි ජන්කුක් තමන්ගේ ගමන් මල්ල කරේ පැත්තකින් එල්ලන් ඉස්තෝප්පුවට ආවා...

" උබට මේ ගමන යන්නම ඕනාද කොල්ලො ? "

යන්න ගියපූ ජන්කුක්ගේ අතින් අල්ල ගත්ත වුබිනුත් යූනා අහපූ ප්‍රශ්නේම ජන්කුක්ගෙන් අහනකොට නම්ජුන් එක්කම පිටිපස්ස හැරුන ජන්කුක් යාන්තම් හිනා වෙලා ඔලුව ඉහල පහල කරා....

යූනා වූබින්ගේ පිටිපස්සේ ඉදන් කරගන්න යමක් නැතිකමටම නිහඬ වෙලා හිටියා...වුබින් උනාත් අවසර දුන්නේ හිතකින් නම් නෙමෙයි...

ඒ දෙන්නාටම ජන්කුක්ට සිද්ද වෙන්න යන දේ ගැන මේ වෙනකොටත් ඉඟි ලැබුනා...

නමුත් ජන්කුක් ඉල්ලුව අවසන් ඉල්ලිමවත් ඉශ්ට නොකලොත් ජන්කුක් මුලු ජිවීත කාලේටම තමන්ට වෛර කරයි කියලා වුබින්ගේ වගේම යූනාගේත් හිත් වටේ කැරකෙන්න පටන් ගත්තා...

ගියාත් නොගියාත් ඔය දෙකටම ජන්කුක් අනිවාර්යයෙන්ම සංකාවෙන් පෙලෙන බව යුනා වුබින් දෙන්නා දැන්ම ඉදන් දැනගෙන උන්නා...

ඉතිං එයාලා අකමැත්තෙන් උනාත් නම්ජුන්ගේ ඉස්සරහා අයැදලා ජන්කුක්ව පරිස්සම් කරන්න කියලා ඉල්ලමින් මේ ගමනට හදවත් පැත්තකින් තියලා කැමති උනා...

ගොම්මන් යාමේ පඩිපෙල් හතරෙන් බිමට බැස්ස ජන්කුක් , වුබින් දිහාත් ඒ බහුවේ ඉල්ලිලා හිටිය යූනා දිහාත් බලලා කට පුරෝලා ලස්සනට හිනා උනා...

නමුත් ඒ හිනාව වෙනදා වගේ යූනාගේ හිතට තියා වුබින්ගේ හිතටවත් හොඳක් නොගෙනවා...

" පරිස්සමින් ගිහින් වරෙන් මයේ මැණික..."

තමන්ගේ දරුවාගේ වේදනාව ඉස්සරහා ඇස් වලට කඳුලු පිරුනු වුබින්ද බහ තෝරන කාලේන් පස්සේ ඒ තරම් ආදරේන් ජන්කුක්ට කතා කරන්න ගත්තේ දැනටමත් ඒ පපුවට තුරුල් වෙලා යූනා ඉකි ගහඳ්දි...

ජන්කුක් නම්ජුන්ගේ අතින් අල්ලන් ගමෙන් එළියට ඇවිත් එහෙමම ස්ටේශමට ගියා...

ගමන පැය පහක් පමණ වෙහෙසකාරීයි...ගෙදරින් හවස් යාමේ එළියට බැස්සාත් නගරේට ඇතුල් වෙනකොට රාත්‍රි නමයේ කනිසමත් පහු වෙලා තිබුනා...

" කූ ~ දැන් නැඟිටින්න...අපි නගරේට ආවා..."

නම්ජුන් තමන්ගේ උරහිස උඩ ඔලුව තියාගෙන හිටිය ජන්කුක්ගේ පපුවට තට්ටු කිහිපයක් දැම්මා...

ජන්කුකුත් කට කොනෙන් වැක්කෙරිලා තිබ්බ කෙල ටික ඉක්මනින් ඇඳුමෙන් පිහිදගෙන නම්ජුන් එක්කම පුටුව උඩින් නැඟිට්ටා...

ජන්කුක්ගේ බෑගය කරේ පැත්තකින් එල්ල ගත්ත නම්ජුන් ජන්කුක්ගේ අත නිදහස් අතින් තද කරගෙන අල්ලන් තවමත් නිදිමත හින්දා නිශ්ශබ්දව ඉන්න ජන්කුක්වත් එක්කරගෙන දුම්රිය දොරටුවෙන් එළියට ආවා...

අවසානේ ඉපදිච්ච දා පටන් නොවින්ඳ නගරේ සුවඳ ජන්කුක්ගේ නාස් පුඩු හරහාත් හරි ඉක්මනට ඇඳිලා ගියා....

නම්ජුන් ජන්කුක්ගේ අත අල්ලගෙන ස්ටේශමෙන් එලියට එන අතරේ මෙච්චර වෙලා භාගේට ඇස් ඇරගෙන හිටිය ජන්කුක්ගේ නිදි මතත් ඒ ශරීරෙන් පැනලා දුවන්න ගත්තා...

" දිව්‍ය ලෝකේ වගේ..."

ජන්කුක් දිලිසෙන බෝල ඇස් ලොකු කරන් බෙල්ල වටේට හරව හරව ඇහෙන නොඇහෙන ගානට මුමුනද්දි ඒ කෙඳිරුව වචන කිහිපය ඇහුන නම්ජුන් හෙමීට හිනා උනා...



ජන්කුක් හිටියේ වටේටම අහසක් උසට නැඟුන ගොඩනැඟිලි වලට අතරමැදි වෙලා...රාත්‍රි සීතල ගමේ තරම් හීත නොවුනාත් පලවෙනි පාර නගරේ දැක්ක ජන්කුක්ට නගරේ හුලඟත් සීතලයි වගේ දැනෙන්න ගත්තා...පොලොවෙන් මතු උන අමුතු සුවඳ ගතේ දැවීටීගෙන යන මද පවනත් එක්ක මුසු වෙලා ගෙනාවේ අමුතුම නැවුම් බවක්...

එදා ගම දැකලා පිස්සු වැටුන නම්ජුන් අද තමන්ගේ තත්වේ ඉන්න ජන්කුක්ව අරගෙන ස්ටේශම ඉස්සරහා නවත්තලා දාලා තිබ්බ තමන්ගේ කාරය මතට නැග්ගා...

" ඔය බෙල්ට් එක දා ගන්න..."

පලවෙනි වතාවට වාහනයක් ඇතුලට රිංගුව ජන්කුක් ඇතුලේන් දැනෙන පීච් ගෙඩි සුවඳත් විඳගනිමින් වටේටම ඔලුව හරවද්දි නම්ජුන් තමන්ගේ බෙල්ට් එක මොහොතකට ගලවලා ජන්කුක් දිහාවට පහත් උනා...

වටේට බෙල්ල හරව හරව හිටිය ජන්කුක්ව එකපාරම ගැස්සුනා...නම්ජුන් ජන්කුක්ගේ මුහුන ඉස්සරහාම ඉදන් ජන්කුක් හිටිය පුටුව එහා පැත්තේ තිබ්බ ආසන පටිය හෙමීට පහලට ඇද්දා...

ජන්කුක් දැනෙන නොසංසුන්කම මඟ හැරව ගන්න ඇඳගෙන හිටිය කමිසයේ යට කොටස මිරිකන් හුස්මත් හෙමීට උඩ පහල කරා...

නම්ජුන් ආසන පටියෙන් ඇස් අරගෙන එහෙමම ජන්කුක් දිහා බැලුවා...

ජන්කුක්ගේ ඇස් පහතට වැටිලා...හුස්මත් ඇහෙන නොඇහෙන ගානට එළියට පිටවෙද්දි නම්ජුන්ගේ ඇස් ඒ රෝස තොල් ලඟ නැවතුනා...

දත් අතරට හිර වෙලා ආයේත් ටිකකින් පෙරලිලා එලියට පනින ජන්කුක්ගේ යටි තොල , ගෑවුන ඛේටත් අවට තියෙන ලයිට් එළියත් එක්ක දිලිහන්න පටන් ගත්තා...

" කූ ~ "

පපුව නොවිසිල්ලෙන් ගැහෙන්න ගන්නකොට නම්ජුන් ජන්කුක්ගේ නම හෙමීට මිමිනුවා...

ඒ කටහඬ වෙනදාට වඩා ගැඹුරුයි , රළුයි...සමහරවිට ඒ හෙමින් කතා කරපූ නිසා වෙන්න ඇති...

ජන්කුක් පුංචි හා පැටියෙක් වගේ බෝල කරගෙන උන්න ඇස් උස්සලා යාන්තමට තමන්ට වඩා සෙන්ටිමීටර තුන හතරක දුරින් ඉන්න නම්ජුන්ගේ මුහුන දිහා බැලුවා....

" බය වෙලාද හ්ම්ම් ? "

නම්ජුන් ආයේමත් මිමිනුවා...කටේ තියන් සූප්පු කරන ටොපිය නිසා ඒ මුවෙන් පිට උන හුස්මත් අමුතු මින්චි සුවඳකට සමාන උනා...ජන්කුක්ගේ නාස් කුහර ඇතුලේන්ද ඒ සුවඳ ඉක්මනට පැතිරුනා...

එහෙමම ජන්කුක් නම්ජුන් ඇහුව්ව පැනයට නැහැ කියන්න හෙමීට ඔලුව දෙපැත්තට වැනුවා...

නම්ජුන් ඒත් එක්කම අතේ හිර කරගෙන හිටිය පටිය ජන්කුක්ගේ පුටුවට සම්බන්ධ වෙලා තිබ්බ ගාංචුව ඇතුලට දාලා අඟුල් දැම්මා...

තවත් ජන්කුක්ව අපහසුතාවයට පත් කරන්න නොහිතුව නම්ජුන් තමන්ගේ ආසන පටිත් පැලඳගෙන වාහානේ ක්‍රියාත්මක කරන ගමන්ම රේඩියෝවේ සිංදු යන චැනලයක් කැරකෙව්වා...

රෑට කලුවර අහසේ පායන තාරුකා වගේ නගරේ පොලොවත් එලිය කරමින් වෛවාරන වාහන වල විඳුලි පහන් දැල්වුනා...

ජන්කුක් ඇහෙන සිංදුවට කන දාගෙන ජනේලේ පැත්තට ඔලුව හරවන ගමන් තමන්ව පහුකරගෙන යන ගොඩනැඟිලි , කඩ සාප්පු , එළිය උන විදී දිහා බලාගෙන ගියා...

නම්ජුන් නිහඬවම පාරට අවධානේ දෙන ගමන්ම ඇස් කොනෙන් නගරේ සුන්දරත්වය විඳින ජන්කුක් දිහාත් බැලුවා...

ස්ටේශමේ ඉදන් තමන්ගේ නිවසට මිනිත්තු පහලවක වගේ දුරක් තිබුනාත් පාරේ තිබුන එළි ජන්කුක්ගේ දෙනෙත් වලට වැදිලා ඒ හැදෙන පරාවර්ථනය ඉක්මනින් නැති කරලා දාන්න අකමැති උන නම්ජුන් නිවසට යන්න තිබ්බ ලඟ පාර නැතුව මිනිත්තු තිහක් හතලිහක් පමණ ගත වෙන මාර්ගයක් තෝර ගත්තා...

කොහොමින් කොහොම හරි විනාඩි පහලවේ ගමන විනාඩි තිස් පහකට දික් කරගන්න සමත් උන නම්ජුන් අවසානේ තමන්ගේ වත්ත ඇතුලට වාහනය දැම්මා...

විශාල ගෙයක්...එළියේ පෙනුම සම්පුර්ණයෙන්ම කලු පාටින් වර්ණවත් උන නිවසේ හැම තැනම වගේ විශාල ජනේල් සවි කරලා තිබුනා...

ජන්කුක් ඉස්සරහා වීදුරුවෙන් නම්ජුන්ගේ ගෙදර දැකලා ගැස්සුනා...

ජන්කුක්ගේ පැල්කොටේ නම්ජුන්ගේ මන්දිරේට සමාන කරොත් ඒ වගේ පැල්පත් විසි ගුණෙකින් විතර නම්ජුන්ගේ ගෙදර විසාලයි...

" කූ බහින්න අදහසක් නැද්ද ? "

නම්ජුන් පිටිපස්සේ පුටුවේ දාලා තිබ්බ ජන්කුක්ගේ බෑගය කරට අරගෙන රියදුරු ආසනේ තිබ්බ ජනේලේට තට්ටු කරලා එහෙම අහද්දි නම්ජුන්ගේ මන්දිරේ දිහා ඇහිපිල්ලමක්වත් නොගහා බලාගෙන හිටිය ජන්කුක් කඩිමුඩියේ බිමට බැස්සා....

නම්ජුන් ආයේමත් ජන්කුක්ගේ අතින් අල්ලගෙන දෙන්නාත් එක්කම ඇතුලට ගියා...

" හහ්...!! "

නම්ජුන් දැව ලීයෙන් නිම උන දොරක් ඇරලා ජන්කුක්ව මුලින්ම ගෙට ඇතුල් කරද්දි දොර වහමින් හිටිය නම්ජුන්ට ඇහුනේ ජන්කුක් සද්දෙන් උඩට ඇද්ද හුස්මේ හඬ විතරයි....

නම්ජුන් දොරේ යතුර කරවන ගමන්ම ඔලුව දෙපැත්තට වනමින් හිනා වෙලා හුස්ම වැටෙන එකත් නැවතිලා ගිහින් තිබ්බ ජන්කුක්ගේ එහා පැත්තෙන් හිට ගත්තා...

" මොකෝ ? "

නම්ජුන් ජන්කුක්ට වැලමිටෙන් ඇන්නා...

" මහත්තයා කිව්වේ මහත්තයා සමාන්‍ය පවුලක කෙනෙක් කියලා නේ..."

" ඔව් සමාන්‍ය පවුලක තමයි..."

නම්ජුන් කියද්දි ජන්කුක් දිස්නේ ගහන ගෙදරින් ඇස් අහකට අරගෙන එහෙමම නම්ජුන් දිහා බැලුවා...

" මේ වගේ මාලිගාවක් තියන්ද නම්ජුන් මහත්තයා මට බොරු කියන්නේ..."

" නගරේ ගෙවල් ඔහොම තමයි කූ....කෝ ඇතුලට එන්නකෝ..."

නම්ජුන් එහෙම කියලා ඉස්සරහාට යද්දි ජන්කුක් නැවතත් ගේ දිහා බැලුවා...



ඇත්තටම ඒක ජන්කුක්ට නම් රාජධානියක් වගේ තමයි...

වීඳුරු පොලොව උඩ සපත්තු දාගෙන ඇවිදින්නත් බය උන ජන්කුක් එහෙමම දොර ගාවට දුවගෙන ගිහින් තමන්ගේ පටි ගියපු සපත්තු දෙක ගලවලා සීතල පොලොවට අඩිය තිබ්බා...

ඒ යටි පතුලෙන් පටන් ගත්ත සීතල මුලු ඇඟේ දිගේම හිස් මුදුන දක්වා යද්දි ජන්කුක්ව හිරිවැටිලා ගියා...

" කූ !!! මෙහෙ එන්න "

ඈතට ගිහින් හිටිය නම්ජුන් කොහෙදෝ ඉදන් කෑගහද්දි ජන්කුක් ඒ හඬ ආපූ දිහාවට ඇවිදගෙන ගියේ හරියට වීදුරු පොලොවට රිදෙයි වගේ හැඟීමකින්...

නම්ජුන් තමන්ගේ බෑගයත් එල්ලන් කෑම මේසක් ලඟ හිටගෙන හිටියා...

ජන්කුක් හෙමීට කිට්ටු වෙලා නම්ජුන්ගේ පිටිපස්සෙන් හිටගත්තා...

ඒත් එක්කම තමන්ගේ ශරීරේ නිසා වැහුන ජන්කුක්ව එළියට පේන්න අඩියක් එහා පැත්තට පැන්න නම්ජුන් කෑම මේසේ උඩ ඉදගෙන හිටිය හැමෝටම ජන්කුක්ව පේන්න සැලැස්සුවා...

තමන්ගේ ඉස්සරහා හිටිය නම්ජුන්ගේ කකුල් එතනින් පැත්තකට වෙනවා දැක්ක ජන්කුක් කම්මුලුත් රතු කරගෙන ආයේත් ඇඟිලි තුඩු වලින් නම්ජුන් ලඟට ගිහින් නම්ජුන්ගේ කමිසයේ යට කොටස ඇඟිලි වලින් මිරික ගත්තා...

තවමත් ඔලුව නොඉස්සුවාත් ජන්කුක්ට දැනුනා කෑම මේසේ උඩ කිහිප දෙනෙක් ඉදගෙන ඉන්න බව...ඒ හැඟීමම ජන්කුක්ව තරමක් අපහසුතාවයට පත් කරා....

ටිකකින් එක පුටුවක් පිටිපස්සට ඇදුනා...ජන්කුක් ඔලුව බිමට නමාගෙනම උන්නා....

" ජන්කූ "

ජන්කුක්ට ඒ හඬ හීනෙන් වගේ ඇහෙන්න ගන්නකොට ජන්කුක් කලබලෙන් ඔලුව ඉස්සුවා...

එතන ටේහියුන්ග් හිටියා..නැහැ , මේක හීනයක් නෙමෙයි...එතන ඇත්තටම ටේහියුන්ග් හිටියා...

නම්ජුන්ගේ පවුලේ කට්ටියත් එක්ක ඉදගෙන හිටිය ටේහියුන්ග් කොහෙත්ම නොහිතුව විදිහට දැක්ක රූවෙන් ජන්කුක් වගේම පුදුමයට පත් උනා...

" ඩා...සප්‍රායිස් !! "

නම්ජුන් අත් දෙක දෙපැත්තට කරලා ටේහියුන්ග්ට කියද්දි ටේහියුන්ග් ලොකු වෙච්ච ඇස් වලින් ජන්කුක් දිහා බලාගෙන හිටියා...

ජන්කුක්ගේ ඇස් වලටද තමන් දකින දේ විශ්වාස කරගන්න බැරි උනා...

විස්මිත වෙලා හිටිය ජන්කුක් නොදැනීම නම්ජුන්ගේ ඇඟට ගිහින් ඇලුනා...ටේහියුන්ග් ඒ දිහා වේදනා දෙන ඇස් වලින් බලාගෙන හිටියා...

ඒත් එක්කම ලූනා පුටුවෙන් නැඟිටලා ඇවිත් නම්ජුන් ඉස්සරහින් හිට ගත්තා...

" මෙන්න ඉන්විටේශන් කාඩ් එක....ප්‍රොෆෙසර් අනිවාර්යයෙන්ම අපේ එන්ගෙජ්මන්ට් එකට එන්න ඕන..."

ලූනා කට පුරවලා හිනා වෙන ගමන් නම්ජුන්ට අතේ තිබුන ආරධනා පත්‍රය දික් කරද්දි ටේහියුන්ග් ජන්කුක් දිහා බලාගෙනම ඇවිත් ලූනාගේ පිටිපස්සෙන් හිට ගත්තා....

ජන්කුක්ට තවත් ටේහියුන්ග්ගේ රතු පාට ගිලා බැස්ස ඇස් දිහා බලන්න පණක් නොතිබ්බා...ඉතිං එයා එහෙමම බිමට ඇස් හැරෙව්වා...

නම්ජුන් ලූනා අතර තවත් මොන මොනවාදෝ වචන කිහිපයක් හුවමාරු උනා...නමුත් ඒ කිසිම දෙයක් ජන්කුක්ටවත් ටේහියුන්ග්වත් නෑසුනා...

ජන්කුක් බිම බලාගෙන තමන්ගේ අත් වල ඇඟිලි එකට මිරිකගෙන ඉද්දි ටේහියුන්ග් ලූනාගේ ඔලුව උඩින් ජන්කුක්ගේ හැම ඉරියව්වක් දිහාම බලාගෙන හිටියා....

" හරි හරි බං...මං දන්නවා හොඳ ජුවලරි ශොප් එකක්...හෙට උදේට අපි හතර දෙනාම යන්කෝ..."

නම්ජුන් තමන්ගේ කතාවේ අවසානේත් එක්ක ජන්කුක්ගේ කරට අත දා ගන්නකොට අනිත් පැත්තෙන් ලූනා ටේහියුන්ග්ගේ බාහුව වටේ අත ගෙනියලා ඒ ඇඟට හේත්තු උනා...

තවත් විනාඩි කිහිපයකට පස්සේ ලූනා ටේහියුන්ග්ව අරගෙන නම්ජුන්ගේ ගෙදරින් පිට වෙන්න සූදානම් උනා...

ලූනා ඉස්සරහා දොර ගාවට ඇවිදගෙන යන අතරේ ටේහියුන්ග් එකම එකපාරක් පිටිපස්සට බෙල්ල හැරෙව්වා...ජන්කුක්ද ඔලුව බිමට නමාගෙනම යාන්තමට උරහිස උඩින් තමන්ව පහු කරගෙන ගිය ටේහියුන්ග් දිහා බලලා ඒ ක්ශනිකයෙන්ම ඉස්සරහා බලා ගත්තා...

ඉස්සරහා දොර ඇරිලා වැහෙද්දි නම්ජුන් තමන්ගේ පවුලේ කට්ටියට ජන්කුක්ව හඳුන්වලා දෙන ගමන් එහෙමම ජන්කුක්ව තවත් ගෙදර ඇතුලට ගෙනාවා...

" මේක තමයි කූගේ කාමරේ...මං නම් ඉන්නේ අතන කෙලවරේ...කූ රෑට බයයි වගේ නම් , මං මගේ එහා පැත්තේ තියෙන කාමරේ කූට දෙන්නම්...මොකද කියන්නේ ? "

නම්ජුන් කාමරේක දොරක් ඇරලා දිලා ජන්කුක් එක්කම කාමරේට ගොඩ වෙන ගමන්ම එහෙම අහනකොට ජන්කුක් ඔලුව උස්සලා කාමරේ දිහා බැලුවා...

හැමදේම අලුත්....විශාල අල්මාරියක්...ලොකු මෙට්ට දාපූ සුවපහසු ඇඳක්...තවත් නොයෙකුත් වර්ගයේ ලී භාණ්ඩ රාශියකින් ඒ කාමරේ පිරිලා ගිහින් තිබ්බා...

ජන්කුක්ට මේවා නුහුරුයි...ටයිල් පොලොවේ ඉරි තැලෙයි කියලා බය උන ජන්කුක් කොහොමද එක රැයක් උනාත් මේ සුවපහසූ ඇඳන් උඩ නිදියන්නේ ?

ජන්කුක් මුලු කාමරේ වටේටම ඇස් ගෙනියලා අල්මාරියේ දොර අරිමින් හිටිය නම්ජුන් දිහා බැලුවා....

" මට හැකියි මහත්තයා සාල කෑල්ලේ නිදියන්න..."

ජන්කුක් හෙමින් මිමිනුව දේ කාමරේ පුරා දොංකාර දෙනකොට නම්ජුන් අල්මාරියේ තිබ්බ රෑට අඳින ඇඳුම් කිහිපයක් එලියට අදින ගමන්ම ජන්කුක් දිහා ඇස් හිනී කරන් බැලුවා...

" සාලේ නිදියන්න ඔයා මෙහෙට ආවේ වැඩට නෙමෙයි නේ කූ...හ්ම්ම්....ඉතිං කියන්නකෝ මේ කාමරේ හොඳයිද නැත්තම්-"

" කාමරේ හොඳයි මහත්තයා..."

" හ්ම්ම්...ඔය ඔයාගේ එහා පැත්තේ තියෙන දොර පොඩ්ඩක් අරින්නකෝ..."

නම්ජුන් අල්මාරිය ඇතුලට රිංගගෙන එහෙම කියද්දි ජන්කුක් තමන්ගේ වම් පැත්තට බෙල්ල හරවලා අඩි දෙකක් එහාට වෙන්න තිබ්බ ලී දොර ඇරියා...

දෙයියනේ වැසිකිලිය !!

ඔක්කොම කිරි පාටින් දිලිසුනා...එක දුවිලි බිඳක් ඇතුලේ නොතිබ්බා...සේරම දේවල් නවීන පන්නයේ බඩු...

එහෙන් ජන්කුක්ට හුස්ම හිර වෙන්න වගේ ආවා...නාන්න ගඟට යන ජන්කුක්ට , අත්‍යවශ්‍ය වැඩ කරගන්න වතුර බාල්දි උස්සන් ගේ පිටිපස්සට දුවන ජන්කුක්ට ඇත්තටම මේ දේවල් නුහුරුයි...හැමදේම සුඛෝපභෝගී පන්නයේ වෙද්දි ජන්කුක්ට දැනුනේ තමන් රජ මාලිගාවකට ගොඩ උන හිඟන්නෙක් වගේ කියලා....

ගමේ එක එක තැන් වලින් සපුරා ගන්න අවශ්‍යතා නගරේ ගේවල් වලදි එකම තැනින් කර ගන්න පුලුවන් උනා...

ජන්කුක් ඇරිය දොර ආයේත් හෙමීට වහලා නම්ජුන්ගේ පැත්තට හැරුනා....

" කූ , ටොයිලට් එක ඇතුලේ සබන් එහෙම තිබ්බා නේද ? දත් බෙහෙත් එකක් මං දැන් ගිහින් අරන් එන්නම්...මං අල්මාරියෙන් වැඩක් නැති ඇඳුම් ටික ගත්තා...කූට පුලුවන් දැන් අල්මාරිය ඇතුලට ඔයාගේ රෙදිපිලි ටික දාගන්න..."

" මහත්තයා මට පැදුරක් දෙනවා ? "

කියවන නම්ජුන්ගේ කතාව මැද්දට පැන්න ජන්කුක් එකපාරම පැඳුරක් ඉල්ලද්දි තවත් දෙයක් කියන්න කට ඇරිය නම්ජුන් එහෙමම කියන්න ගිය එක නවත්තලා ජන්කුක් දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බැලුවා...

" පැඳුරක් ? මොකටද ? "

" නිදියන්න..."

" අනේ දරුවෝ මේ ඇඳක් තියෙන්නේ ඒකට නේ.."

" අනේ මට නුහුරුයි මහත්තයා...ඇරත් මං හින්දා මේ ඇඳන් රෙදි කිලිටි වෙයි..."

" ඕවා කිලුටු වෙන්න තමයි කොහොමත් තියෙන්නේ...බය නැතුව මේ සේරම දේවල් පාවිච්චි කරන්න...කැඩෙන බිඳෙන දේවල් ගැන හිතන්න එපා...මොනාම හරි දෙයක් පාවිච්චි කරන්න නොදන්නවා නම් මට ඕන රෑක අඬ ගහන්න..."

නම්ජුන් එහෙම කියමින් අතේ තිබුන අනවශ්‍ය ඇඳුම් කිහිපයත් එක්ක දොර ගාවට ඇවිදගෙන ගියා....

" දැන් හොඳට ඇඟ සෝදගෙන , එන්න කෑම කන්න...මුහුන හොඳටම මහන්සි පාටයි...කාල ඉවර වෙලා ඇවිත් නිදා ගන්න..."

නම්ජුන් එහෙමම කාමරේන් එලියට යන්න සැරසුනා...

" අහ් මහත්තයා ? "

" හ්ම්ම්..කියන්න කූ..."

නම්ජුන් දොර ගාවදිම ආයේත් පිටිපස්ස හැරුනා...

ජන්කුක් බිම බලාගෙන තමන්ගේ ඇඟිලි එක්ක සෙල්ලම් කරා....

" කූ ? මොකක්ද අහන්න තියෙන්නේ ? "

" අනේ මං මහත්තයාලාට කරදර කරනවා ඒක කිව්වොත්...කමක් නැහැ මහත්තයා යන්න..."

" කියන්න දරුවෝ...මොකක්ද අහන්න ගියේ ? ඇයි මොනා හරි ඕනා ? "

නම්ජුන් අහද්දි ජන්කුක් හෙමීට ඔලුව වැනුවා...

" මොනාද ඕන ? "

" මේ...මේකයි...නම්ජුන් මහත්තයාට මේ රේඩියෝ එකක් එහෙම තියෙනවා ? "

ජන්කුක් අමාරුවෙන් වචන ගෙට ගහන් එහෙම අහනකොට නම්ජුන් හිනා උනා....

" අහ්හ්හ්හ් ඒකද ? ඉන්න ඉන්න මගේ කාමරේ කැසට් එකක් තියෙනවා....මට අමතක උනා නේ ඔයාගේ නාට්‍ය ගැන....මට තප්පරයක් දෙන්නකෝ...මං මේ ඇඳුම් ටික තියලා සුටුස් ගාලා කැසට් එක අරන් එන්නම්..."

ජන්කුක් තමන් කිව්ව දේට ඔලුව වැනුව ක්ශනිකයෙන් නම්ජුන් අතේ තිබ්බ රෙදි ටිකත් උස්සන් තමන්ගේ කාමරේට දිව්වා...

.

.

.

දවස් තුනක් වේගෙන් ගෙවීගෙන ගියා...

ඒ දවස් තුන ඇතුලේ ජන්කුක් මුලු නගරය පුරාම රස්තියාදු ගැහුව්වා...නමුත් තනියම නම් නෙමෙයි...එයා එක්ක නම්ජුන් , ලූනා වගේම ටේහියුන්ග්ද හිටියා...

තුන් හතර දෙනාම මේ දවස් තුනේ හරියට කාර්යයබහුල උනා...

එයාලා ඇඳුම් කඩ ඇතුලේ වරු ගනන් ඇවිද්දා...අතට දාන්න ඕන මුදු හොයන්න රත්තරං බඩු සාප්පූ ගානේ හෙම්බත් උනා...උත්සව ශාලා හොයන්න ගිහින් එතනම පුටු වලින් ඉදන් හති ඇරියා...

ඒ අතරින් පතර නම්ජුන්ගේත් ටේහියුන්ග්ගේත් පසුම්බි හිස් වෙන්න පටන් ගත්තා...

" ටේ , මේ රින්ග් එක ලස්සනද ? "

" හ්ම්ම් "

" මේ ගවුම ලස්සනයි නේද ටේ ? "

" හ්ම්ම් "

සාප්පු අස්සේ රිංගගෙන උද්‍යෝගයෙන් ඇඳුම් , මුදු මාල තෝරන ලූනාට ඒ හැම මොහොතේම ටේහියුන්ග්ගේන් හම්බුනේ හිස්ම හිස් නිශ්ඵල උත්තරයක් පමණයි...මොන ඇදුම ඇඟට දැම්මාත් , මොන මුදුව අතේ පලඳවගෙන හිටියාත් ටේහියුන්ග්ගේ ඇස් ඒ කිසිම මොහොතක දිස්නේ නොගැහුව්වා...ටේහියුන්ග් යන්න ඕනාවට පඬරැල වගේ ලූනා පස්සේ ගියා මිසක්ක ඒ හිතේ මේ ගමන් බිමන් ගැන කිසිම ආශාවක් නොතිබ්බා...

ගමේ ඉදන් ජන්කුක්ටත් කලියෙන් නගරේ අසිරිය බලන්න ආව කිම් පවුල ලූනාගේ මහ ගෙදර නැවතෙද්දි දවස පුරාම පාරේ කරක් ගහන ටේහියුන්ග් නැවතුනේ තමන් කුලියට ගත්ත ඒ පුංචි ගෙදර ඇතුලේ...

ඒ අතර ජන්කුක්ගේ නගරේ චාරිකාව ලස්සන කරන්න නම්ජුන් ගොඩාක් උදව් කරා...හිතේ යම් යම් අදහස් තියාගෙන හිටිය නම්ජුන් ඒ කිසිවක් එලියට නොපෙන්වා ජන්කුක් එක්ක අවංකවම හිනා උනා...පුංචි එකෙක් වගේ දඟලන්න ගත්තා...ජන්කුක්ගේ හිත රිදෙයි කියන බයත් එක්ක නම්ජුන් කොයි වේලාවේත් ජන්කුක් එක්ක ඉදන් ඒ මනස වෙනතකට යවන්න වෙර දැරුවා...

නම්ජුන්ගේ පිහිටෙන් ජන්කුක් නගරේ ඇතුලේත් ලස්සන මතක කිහිපයක් ගොඩගහා ගත්තා...

තුන්වෙනි දවසේ රෑත් හොඳටම හෙම්බත් වෙලා ගෙදර ආව නම්ජුන් ආපූ ගමන් පුටුව උඩට ඇදගෙන වැටුනා....

ජන්කුක්ද නම්ජුන් කකුල් අත පය විහිදගෙන පුටුව උඩ ඉදගෙන ඉන්න ආකාරය දැකලා හිනා වෙන ගමන් නම්ජුන්ගේ කකුල් ඉස්සරහින් බිම වාඩි උනා....

" එයි එයි...ඔය මොකද කරන්නේ...? "

ඇස් දෙක වහගෙන හෙමින් හුස්ම ගනිමින් හිටිය නම්ජුන් තමන්ගේ වේදනා දෙන කකුල් පුංචි ඇඟිලි වගේකට මිරිකෙන විදිහ දැනිලා කලබලෙන් ඇස් අරින ගමන් ජන්කුක්ගේ අත් අතරින් කකුල ඇදලා ගත්තා....

" කකුල දෙන්න...පොඩ්ඩක් අතගෑවාම ඔය කකුලේ වේදනාව අඩු වෙලා යයි..."

" පිස්සු නැතුව නැඟිටින්න කූ...අනික බලන්න ඔය කාපට් වල දුවිල්ලත් ඇවිත්....කෝ කිව්වාම අහලා නැඟිටින්න..."

නම්ජුන් එහෙමම ජන්කුක්ව අතින් අල්ලලා බිමින් නැගිට්ටවලා ජන්කුක්ගේ ඇඳුම අතින් ගැසුවා....

" මහත්තයාගේ කකුල ගොඩාක් රිදෙනවා නේ...මට අතගාන්න දෙන්නකෝ..."

" නැහැ නැහැ ඕන නැහැ...මං කලිනුත් කියලා තියෙනවා කූ...මං ඔයාව ගෙනාවේ මෙහෙ වැඩකාරකම් කරන්න නෙමෙයි...කී පාරක් කිව්වාද ගේවල් අස් කරන්න එපා උයන්න එන අයට උදව් වෙන්න යන්න එපා කියලා...කෝ අහනවා ? කොයි වේලාවේ බැලුවාත් කොස්සක් හරි උස්සගෙන ඉන්නවා...ඇත්තමයි තව මොනා හරි පිස්සු වැඩක් කරොත් නම්ජුන් මහත්තයා නරකයි කියන්න එපා ඕන්..."

පිටිපස්ස හැරිලා හිටිය ජන්කුක්ව ඉස්සරහට හැරෙව්ව නම්ජුන් තොල් දෙක උල් කරගෙන ඉන්න ජන්කුක්ගේ කොණ්ඩේ පිටිපස්සට කරන ගමන් ඒ නලලට එහෙමම ඇඟිල්ලෙන් ඇන්නා...

" අද නාට්ටි අහන්නේ නැද්ද ? "

" හහ්...!! දෙයියනේ මට ඒක අමතක උනා..."

" තව පැය භාගයක් විතර තියෙනවා...ඉක්මනින් ඇඳුම් මාරු කරගෙන ගිහින් අහන්න...අහ් අනිත් එක...! මතකයි නේ , අද වේලාසන නිදා ගන්න...හෙට අපි උදෙන්ම හෝල් එකට යන්න ඕන..ඔක්කොටම කලින් අර ඊයේ ගෙනාපූ සූට් එක එලියෙන් තියලා තියන්න...මං ඒක අයන් කරලා දෙන්නම්..."

" හොඳයි මහත්තයා..."

" අම්බෝ හෙට කුමාරයා වගේ ඉදී ඉතිං..."

" මහත්තයාත් ගත්ත සූට් එක ලස්සනයි...අර කබාය එහෙම මහත්තයාට හොඳට ගැලපෙනවා..."

" ඇයි ටේහියුන්ග්ගේ සූට් එක ? සූසූසූ මට ලෝබ කමේ බැරු ගියා..."

ටේහියුන්ග්ට හෙට අඳින්න තිබ්බ ඇඳුමට හූල්ලමින් හිටිය නම්ජුන්ව දැකලා ජන්කුක් හෙමීට හිනා උනා...

නමුත් ඒ හිනාව ඇතුලේ එළියෙට නොපෙන්වූ කඳුලු කතාවක් තිබුනා...

හෙට තමයි දවස...ටේහියුන්ග් ජන්කුක්ගේ හියුන්ගී වෙලා ඉන්න අන්තිම දවස...හෙටින් පස්සේ ටේහියුන්ග් කියන්නේ ජන්කුක්ටත් වලව්වේ පුංචි මහත්තයා විතරයි...

හැමෝම හෙට දවසට , දවස් ගානක් තිස්සේ ලක ලෑස්ති උනාත් රාත්‍රිය උදා වෙන්න තිබ්බ අන්තිම හෝරා කිහිපයෙදි ජන්කුක්ගේ හැසිරීම වෙනදාට වඩා ගොඩාක් වෙනස් උනා...

වෙනින් වේලාවක හිනා වෙවී හිටිය ජන්කුක්ගේ හිනාව එකපාරම හොරු අරගෙන ගියා...නම්ජුන් එක්ක සාප්පු අස්සේ දුව පනිමින් හිටිය ජන්කුක්ගේ දාංගලේ එකපාරම අතුරුදහන් උනා...ඒ ඇස් වෙනදාටත් වඩා ඕනෑකමින් ටේහියුන්ග් දිහා බැලුවා...කොයි වේලාවේත් එයා ටේහියුන්ග් එක්ක තමන් ගාව තිබ්බ ලස්සනම හිනාවත් එක්ක සිනාසුනා...

ජන්කුක් අද ටේහියුන්ග් ඇල්ලුව තමන්ගේ අත උඩට උස්සලා ඒ දිහා බැලුවා...හෝරා කිහිපයක් ගත උනාත් ජන්කුක්ට තවමත් ටේහියුන්ග්ගේ ඇඟිලි වල උණුසුම් ස්පර්ශ ඒ විදිහටම දැනුනා...

ජන්කුක්ට කිසිම දෙයක් නොතේරුනා...ඒ සාප්පුව ඇතුලේ වෙච්ච කිසිම දෙයක් ජන්කුක්ට නොතේරුනා...

ටේහියුන්ග් හිටි හැටියේම තමන්ව පිරිමි වැසිකිලියක් තුලට ඇදගෙන ගිහින් දොර වැහුන ක්ශනිකයෙන් තමන්ව තද කරගෙන බදාගෙන එකපාරම අඬන්න ගත්තේ ඇයි කියන්න ජන්කුක්ට නොතේරුනා....

විනාඩි කිහිපයක්ම ටේහියුන්ග් ඉකි ගගහා අඬද්දි තමන් කිසිවක් හිතා ගන්න බැරුව ඔහේ හිස් බිත්තිය දිහා බලාගෙන හිටියේ ඇයි කියන්න ජන්කුක්ට නොතේරුනා...ටිකකින් තමන්ගේ උරහිස උඩ ඉකි බින්ඳ ටේහියුන්ග්ම එතනින් ඔලුව අරන් කම්මුල් දිගේ බේරුන කඳුලු අල්ලවල් දෙකෙන්ම පිහගෙන කිසිවක් නොවුන ගානට ලස්සනට හිනා වෙලා තමන්ව වැසිකිලිය ඇතුලේ තනි කරලා දාලා යන්න ගියේ ඇයි කියන්න ජන්කුක්ට නොතේරුනා....

ලූනා කියන්නේ ටේහියුන්ග්ගේ ආදරේ නම් , මේ වගේ හොඳ දවසක් එනකොට ඇයි ටේහියුන්ග් අඬන්නේ ?

ජන්කුක්ට මේ කිසිවක් නොතේරුනා....

" කූ ? "

වෙනින් කල්පනාවකට වැටිලා හිටිය ජන්කුක්ව නම්ජුන්ගේ සද්දෙත් එක්ක ගැස්සුනා....

ජන්කුක් හයියෙන් ඇස් පිල්ලම් කිහිපයක් ගහලා නම්ජුන් දිහා බලද්දි නම්ජුන් ප්‍රශ්නාර්ථ බැල්මක් පිරුන ඇස් එක්ක හිනා උනා...

" මොනාද කල්පනා කරන්නේ ? "

" ම්...ම්..මොකුත් නැහැ මහත්තයා...මං..මං ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්නම්..."

එහෙමම තමන්ගේ වාක්‍ය ඉවර වෙනවත් එක්කම නම්ජුන්ට පිටුපෑව ජන්කුක් තවත් තප්පරයක්වත් නොයිද තමන්ගේ කාමරේ දිහාවට ඉක්මනින් අඩි තිබ්බා....

.

.

ටේහියුන්ග් නම්ජුන්ලාගේ පිටවීමෙන් පස්සේ ලූනාගේ වාහනේ තියෙද්දිම බස් එකේන් ගෙදර එන්න ආවා...

වේලාව රාත්‍රි අටට කිට්ටුයි...

ටේහියුන්ග් කුලියට ගත්ත ඒ පුංචි ගෙදරේ දොර ඇරලා සාල කෑල්ලේ තිබ්බ විදුලි බල්බ සක්‍රීය කරා...



ඇත්තටම ඒ ගෙදර හුඟාක් පොඩියි...නමුත් ටේහියුන්ග්ට ප්‍රමාණවත්...

ගෙදර ඇතුලට ගොඩ උන වහාම ටේහියුන්ග්ගේ ඇස් දිව්වේ පැත්තක එල්ලලා තිබ්බ බිත්ති ඔරලෝසූවට...

තවත් විනාඩි පහක් ගෙවීලා ගිහින්....

ඒත් එක්කම ටේහියුන්ග් මුලු ගෙදරම විදුලි බල්බ නැවතත් නිවලා දාලා ලී පඩිපෙල නඟින ගමන් සඳ එලියෙන් ආලෝකමත් උන ඇඳ උඩින් වාඩි උනා...

ඒ අතේ හෙඩ්ෆෝනයක් හිර වෙලා තිබුනා...ඇඳ ඉස්සරහාම තිබ්බ ලොකු ජනේලෙන් මුලු කාමරේටම සරිලන පරිදි එලිය වැටෙද්දි ටේහියුන්ග් ඇඳේ පිටිපස්සට ඔලුව හේත්තු කරන් තමන් ලඟකදි ඉදන් පුරුදු උන රෙඩීයෝ එකේ යන නාට්ටි අහන්න ලෑස්ති උනා...

රූප නොපෙනන , වචන වලින් පමණක් හැඟීම් උලුප්පන නාටකයේ හැම සිදූවීමක්ම පාහේ තමන්ගේ පියවුන ඇස් අස්සෙන් ටේහියුන්ග් දැක්කා...

බිත්ති හතරකින් වට වෙච්ච කාමරයක් අස්සේ ඉදන් තනි පංගලමේ හෙඩ්ෆෝනයෙන් ඇහෙන වචන කන් ඇතුලෙන් හදවතට අරගෙන ගිය ටේහියුන්ග් ඒ ඇහෙන හැමදේම තමන්ගේ හිතට එච්චරටම කා වද්ද ගත්තේ සමහරක්විට ඒ නාට්‍යත් තමන්ගේ ජිවීත කතාවටම සමාන උන නිසා වෙන්න ඇති...

මොහොතකින් රේඩියෝ එක ඇතුලේ හිටිය චරිත සේරම පොඩි විවේක කාලයක් ගනිද්දි ටේහියුන්ග් මෙච්චර වෙලා හිර කරගෙන හිටිය හුස්ම පහතට දාලා ඊගාවට ඇහෙන සිංදුව අහගෙන හිටියා....

ඒ අතර ටේහියුන්ග්ගේම රේඩියෝ චැනලය අහගෙන , බිම එලලා තිබ්බ රෙද්ද උඩින් වාඩි වෙලා කැසට් එක තියෙන මේසේ උඩටම ඔලුව ගහන් හිටිය ජන්කුක් එකපාරම ගැස්සෙන ගමන් වහගෙන හිටිය ඇස් ඇරියා....

නුඹ සඳක් වෙලා පායා
මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි..

විවේක ගන්න ගිය නාට්ටිකාරයෝ වෙනුවට කැසට් එකේ ස්පීකර අස්සේ හදවතට කතා කෙරුව සිංදුව ඇහුන ජන්කුක් වේගෙන් හුස්ම ගත්තා....

ඒ ඇස් හිතා ගන්නවත් බැරි වේගෙකින් තෙත් වෙලා ගියා...කඳුලු බිඳු ඇස් අස්සේ පිරිලා පිරිලා තවත් දරාගෙන ඉන්න අපහසූම තැන කම්මුල් දිගේ කඩන් හැලුනා...ජන්කුක්ට තව දුරටත් ගායකයාගේ කටහඬ නෑසූනා...ඒ වෙනුවට ජන්කුක්ට ඇහුනා...ඔව් , ජන්කුක්ට ඇහුනා ටේහියුන්ගේ කටහඬ...ඒ හැම වචනයක්ම ගායකායාගේ තාලේන් ටේහියුන්ග් තමන්ගේ කනට මුමුනනවා ජන්කුක්ට ඇහුනා....ටේහියුන්ගේ බිඳුන කටහඬ ජන්කුක්ගේ කන් බෙර පුපුරවන් හැම නහරයක් පසාම උඩු දිව්වා..

ඒ හඬ , ඒ වචන , ඒ තාලය ජන්කුක්ව උන්මත්තකයෙක් මෙන් අඬවන්න සැලැස්සුවා.....

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
ඉනි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි...

ටේහියුන්ගේ ඇස් ගැස්සුනා....ඒ මුලු ඇඟම දරදඬු වෙද්දි ටේහියුන්ග් යාන්තමට බෙල්ල හරවලා ඈත දිලිසෙන තනිකඩ චන්ද්‍ර්‍යා දිහා බැලුවා...


වලාකුලු අස්සේ හැංගිලා සඳවති ටේහියුන්ග් දිහා හොරෙන්ම බලන් හිටියා...

සිංදුවේ අන්තිම පද පෙලී කිහිපය තවමත් ටේහියුන්ගේ කන් ඇතුලේ රැව් දෙද්දි ටේහියුන්ග් හඳ දිහා බලන්ම තමන්ගේ දණහිස් අත් දෙකෙන් බදා ගත්තා...

ජන්කුක් තමන්ගේ ලඟ ඉන්නවා කියලා ටේහියුන්ග්ට දැනෙන්න උනා...

ඒ කියවෙච්ච පද පේලි ජන්කුක් ටේහියුන්ග් ලඟ කෙඳිරිරුවා...

ජන්කුක්ගේ රෝස පාට අල්ල තමන්ගේ කම්මුලක් මත තද වෙනවා කියලා දැනෙනකොට ටේහියුන්ග් ඇස් දෙක මොහොතකට වහලා ඒ අල්ල උඩ කම්මුල අතුල්ලලා තමන්ගේ දකුණු පැත්තට බෙල්ල හැරෙව්වා....

හඳ එළිය වැටිලා ජන්කුක්ව දිලිසුනා...ඒ කිරි පාට හම හඳ වටේ කැරකුන තරු වගේ දිස්නේ ගැහුව්වා...ටේහියුන්ග් ජන්කුක්ව තමන්ගේ එහා පැත්තේ ඉදගෙන ඉන්නවා හැබැහින් දැක්කා...

නමුත් එක මනඃකල්පිතයක්...ටේහියුන්ගේ ඔලුවේ ඇදුන චිත්ත රූපයක්...ටේහියුන්ග් මයාව විශ්වාස කරා...

තමන්ගෙන් ගිලිහෙයි කියලා බය වෙච්ච ටේහියුන්ග් ජන්කුක්ගේ අත අල්ල ගන්න හැදුවා...ඒත් ඒ අත ජන්කුක්ගේ ඇඟ හරහා ගියා....ටේහියුන්ග් ලොකු උන ඇස් උස්සලා ජන්කුක් දිහා බලද්දි ජන්කුක් බෙල්ල පැත්තකට ඇල කරලා නහය හකුලන් හුරතලේට හිනා වෙන ගමන් එතනින් මැකිලා ගියා....

ටේහියුන්ග්ට ඇඬුනා...තමන්ගේ කොණ්ඩේ තද කරලා ඇද ගත්ත ටේහියුන්ග් කෑගහලා ඇඬුවා...ඒ කටින් පිට උන ඉකියවල් ඒ චුටි ගේ පුරාම රැව් දෙනකොට ටේහියුන්ග් විලාප තියමින් පිස්සෙකු මෙන් කෑගහලා ඇඬුවා....

සිංදුවේ අවසානේත් එක්ක ටේහියුන්ග්ගේ හදවතේ තුවාලේ පෑරිලා ලොකු කුහරයක් හදනකොට වෙලුම් පටි ඔතලා ලං කෙරුව හදවත දෙවනි සැරේටත් දෙකඩ උන වේදනාව දරාගෙන ඉන්න අමාරු උන ජන්කුක් අඬ අඬාම කාමරේන් එළියට දිව්වා....

.

.

.

හායි...

ඔන්න තාශි ආවා... 😌

මං කූරයි ද ? ඔව් මන් කූරයි 😈

ටේහියුන්ග්ව කලුවර අහස විදිහටත් ජන්කුක්ව සඳ විදිහටත් මවන් උඩ සිංදුවේ පද පේලි එකෙනෙකාට කියන විදිහට මවා ගන්න....මං කතාව ලිව්වේ එහෙම හිතන්...

එහෙනම් ඊලඟ එකෙන් ඉක්මනින් හමූවෙමූ...

එතකන් බායි බායි....

Continue Reading

You'll Also Like

22.1M 683K 29
"Ethan." Aiden pauses. "I want you." He softly bites my ear. "I want to kiss you more than you will ever know." Trying to avoid the daily beatings of...
151K 20.9K 15
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
12K 2.9K 18
කවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ...
58.8K 15.4K 54
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥