Call me by your name 🦋 ( Com...

By thashi123

59.6K 10.2K 11.7K

පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස්... More

prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Last chapter

Chapter 28

1.4K 281 338
By thashi123

ටේහියුන්ග් පොඩි කලිසම් කොටයක් වගේ තිබුන යට කලිසම විතරක් ඇඟේ පටලවගෙන තමන්ගේ කාමරේ ඇඳ උඩ ඉදගෙන හිටියා...

නමුත් තනියම නම් නෙමෙයි...

ඒ ඇඳ උඩම තවත් කෙනෙක් ටේහියුන්ග් එක්කම ඉදගෙන හිටියා..ඒ ලූනා...

ලූනාද යාන්තම් විනිවිද පේන කොට සුදු පාට රෑ ගවුමක් ඇදගෙන ටේහියුන්ග්ගේ එහා පැත්තට වෙලා අත් දෙක කලවා අස්සේ ගහගෙන උන්නා...

කාමරේ එක බල්බයක්වත් නොදැල් උනා...ඒ කාමරේට ආලෝකයක් ආවා නම් ආවේ ඇඳ ලඟම තිබ්බ ජනෙල් පියන් වලින් වැටුන ශ්වේත සලුවක් වන් සඳවතිගේ අලෝක ධාරාව පමණයි....

කලින් දවසේ නම්ජුන් යෝජනා කෙරුව විදිහටම ගියපූ චාරිකාව අවසන් උන ක්ශනිකයෙන් එදිනම රාත්‍රියේ ටේහියුන්ග්ට ලූනා එක්ක තනි වෙන්න සිද්ද උනා....

දැන් එයාලා මිනිත්තු තිහක් පමණ තිස්සේම නිහඬ කාමරයක් ඇතුලේ තනි වෙලා....

ටේහියුන්ග් හිස් අවකාශේට තමන්ගේ ඇස් යොමූ කරගෙන හිටියා...ලූනාත් නිශ්ශබ්දවම ඉස්සරහා බලාගෙන උන්නා...

දෙන්නාගෙන් කිසිම කෙනෙක් මුලින් ඉස්සරහාට පියවරක් නොතිබ්බා...

ලූනා කිහිප වතාවක්ම ටේහියුන්ග්ට ලං වෙන්න උත්සහා ගත් නමුත් ටේහියුන්ග් ඒ හැම මොහොතම වැලැක්කුවා...පස්සේ ලූනාත් තමන්ගේ උත්සාහය අතැරියා....

සඳ එළිය වැටුන යහනක , කාගේන්වත් බාධාවක් නැති කාමරයක් අස්සේ තනි උන ජෝඩුවක් මුකුත්ම නොකර , අඩුම එක හාදුවක්වත් හුවමාරු නොකර ඔහේ බලා ගත්ත අත බලාගෙන හිටියා...

ලූනාට ටේහියුන්ග් හුස්ම ඉහල පහල දාන හඬ ඇහුනා...ඒ සුසුමන් හරිම සංසුන්..කිසිම කලබලයක් නැතුව ටේහියුන්ග් නිදහසේම හුස්ම පිට කරා...

නමුත් සරාගී ලඳක් ඉස්සරහා , ඒකත් තමන් පියවරක් ඉස්සරහාට තියනකල් බලාගෙන ඉන්න කෙල්ලෙක් ඉස්සරහා වැඩුන පිරිමියෙක්ට මෙහෙමත් නිදහසේ හුස්ම පිට කරන්න පුලුවන් ද ?

ඒත් ටේහියුන්ග් එහෙම කරා...ඒ හිත කලබල වෙලාත් නැහැ...නොසංසුන් වෙලාත් නැහැ...මේ තරම් රාගික රාත්‍රියක , අඬ නිරුවතින් හිටිය කෙල්ලෙක් ඉදිරියේ ටේහියුන්ග් තවමත් සංසුන්ව හිටියා...

ඒ ඇඟිලිවත් නොසෙල්ලුනා...ශරීරයේ කිසිම අවයවක් කිසිම විදිහකින් චලනය නොවුනා...අඩුම ලූනාගේ උරහිසවත් තමන්ගේ ඇඟේ නොගවා ටේහියුන්ග් එහෙමම උන්නා...

" තව කොච්චර වේලාවක් ඔයා මේ විදිහට ඉන්නවා ? "

ලූනා තමන්ගේ දුරකතෙන් වේලාව බලනකොට විනාඩි ගානක නිශ්ශබ්දතාවයකට පස්සේ ටේහියුන්ග් හඬ අවදි කරා...

" ඔයා මාව අල්ලනකන්ම මං මෙහෙමම ඉන්නවා..."

" ඔයා කොච්චර උත්සාහ ගත්තාත් ඔයා හිතන විදිහේ කිසිම දෙයක් මගෙන් ලැබෙන්නේ නැහැ ලූනා..."

" මං කැතද ? "

" මෙතන තියෙන්නේ කැත ලස්සනේ ප්‍රශ්නයක් නෙමෙයි...ඔයා කොයි විදිහේ කෙනෙක් උනාත් මට ඔයා ගැන නරක විදිහේ හැඟීම් ඇති වෙන්නේ නැහැ..."

ටේහියුන්ග් එහෙම කියලා කට ගන්නවත් එක්කම ලූනා ටේහියුන්ග්ගේ පපුව මැද්දෙන් හෙමීට අත ගෙනියන ගමන්ම ටේහියුන්ග්ගේ මුහුන ලඟට ආවා...

" මං දිහා බලන්න ටේ ~ "

ලූනා සරාගී කට හඬකින් හෙමින් මුමුනකොට ඉක්මනින් බෙල්ල ලූනාට විරුද්ධ පැත්තට හැරෙව්ව ටේහියුන්ග් තමන්ගේ පපුව දිගේ ඇදි ඇදි එන අත එතනින් අයින් කරා....

" ප්ලීස් ලූනා...මාව විදිහට අල්ලන්න එපා..."

" ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ !!! "

ඉවසගෙන ඉන්න බැරිම තැන ලූනා තරමක් සද්දේ කෑගැහුව්වා...

" මට මුකුත් වෙලා නැහැ...මං ඔයාට කිව්වා මගේ හේතුව මොකක්ද කියලා....මට ඔයාව දැනෙනවා නම් මං තවත් මේ විදිහට බලාගෙන ඉන්නේ නැහැ... නිසා තේරුම් ගන්න...අපිට මේක තවත් දුර ගෙනියන්න බැහැ..."

" ඇයි එහෙනම් මේ ගමට එන්න කලින් ඔයා මට මේ ගැනක් කිව්වේ නැත්තේ ?"

" මට ඒකට සමාවෙන්න...මං දන්නවා මං වැරදියි...මං ඔයාගේ හැඟීම් පාවිච්චි කරා...නමුත් මං ගමන්ම තවත් කෙනෙක්වත් ඕනාවට වඩා රිද්දුවා...මට සමාවෙන්න...මම පරක්කු ඇති...ඒත් දැන් මට හැම වැරැද්දම හරි ගස්සන්-..."

SLAP ~

ටේහියුන්ග්ගේ කතාව අවසාන් වෙන්නත් කලින්ම ඒ කම්මුල හරහා ගියේ ලූනාගේ හිනී දිග ඇඟිලි....

කම්මුලට වැදුන පාරත් එක්ක මුහුන පැත්තකට හැරුන ටේහියුන්ග් මොහොතකට ඇස් දෙක වහලා ඇරියා...

නමුත් ටේහියුන්ග් කිසිවක් නොකිව්වා...ලූනාගේ කේන්තිය සාදාරණයි...ඉතිං ටේහියුන්ග් නිහඬ උනා...

" තමුසේ...තමුසේ කොහොමද මට මෙහෙම කරන්නේ ? "

" මං කිව්වා නේ මට සමාවෙන්න...මං ඇත්තටම වෙන කෙනෙක්ට ආදරේ කරනවා...මට ඒක තේරුම් ගන්න කල් ගියා... වැරැද්ද හින්දායි මේ හැම දෙයක්ම මෙච්චරවත් දුර ආවේ...."

" කවුද ? කවුද ? කවුද තමුසේ ඔච්චරටම ආදරේ කරන කෙනා..."

" කෙනෙක්..."

" ඇයි තමුසේට නම කියන්න බැරි ? ජන්කුක් හින්දාද ? "

" නැහැ..."

" බොරු විතරක් කියන්න එපා ටේහියුන්ග්...තමුසේ ඌත් එක්ක තරම් වෙන කිසිම කෙනෙක් එක්ක හාදකම් පැවැත්තුවේ නැහැ...."

" ලූනා , මං සැරයක් කිව්වා , ජන්කූ නෙමෙයි..."

" එහෙනම් , එහෙනම් කවුද ? "

" කෙනෙක්... කෙනා කවුද කියලා මගේ හිතේ විතරක් තිබ්බාම හොඳටම ඇති..."

ටේහියුන්ග් ලූනාට ඒ කවුද කියලා හැංගුවා...

නැහැ , ලූනා ඒ ගැන දැන ගන්න හොඳ නැහැ...

සමහරවිට ටේහියුන්ග් විඳවයි...මුලු ජිවීත කාලේම හරි...නමුත් ටේහියුන්ග් ඒ වේදනාවත් සතුටින් භාර ගන්න ලෑස්තියි...

කාලයක් තිබ්බා ඒ කෙනාත් ටේහියුන්ග් පස්සේ අඬ අඬා ආපූ...කාලයක් තිබ්බා ඒ කෙනාත් ටේහියුන්ග්ගේන් ආදරේ අයැදපූ...

නමුත් ටේහියුන්ග් ඒ හැම මොහොතේම ඒ කෙනාව රිද්දුවා...

අද ඒ කෙනාම තවත් කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන්...ටේහියුන්ග් තමන්ගේ ඇත්තම හැඟීම් තේරුම් ගනිද්දි එදා ටේහියුන්ග් ඉස්සරහා වැඳ වැටුන කෙනා වෙනත් කෙනෙකුට ආදරේ කරන්න අරන්....

කමක් නැහැ...ටේහියුන්ග්ට පසුතැවීමක් නැහැ...දුකක් , වේදනාවක් තියෙයි...නමුත් කවදාවත් පසුතැවීමක් නැහැ...

ටේහියුන්ග්ට පුලුවන් ඒ කෙනා වෙනුවෙන් හිතේ හැදුන ඉඩ වෙන එකෙකුට නොදි කල්ප ගානනක් උනාත් බලන් ඉන්න....

නමුත් ටේහියුන්ග් තමන්ට මහ මෙරක් තරම් ආදරේ කරපූ ඒ ජන්කුක් , අද නම්ජුන්ට ආදරේ කරන එකෙන් වලක්වන්නේ නැති වෙයි....

ටේහියුන්ගේ කිව්ව අවසන් වාක්‍යත් එක්ක ඇඳ උඩින් කේන්තියෙන්ම නැඟිට්ට ලූනා නැවතත් තමන්ගේ අත උඩට ඉස්සුවා....

කාමරේ පූරා දෙවනි වතාවටත් හමවල් දෙකක් එකට ගැටෙන සද්දේ ඇහෙද්දි ටේහියුන්ග් මේ පාරත් ගිනි ගහන කම්මුල අල්ලන් නිශ්ශබ්ද උනා....

" දැන්ද මිනිහෝ ඕවා කියන්නේ ? උබට දැන්ද ඕවා කියන්න මතක් වෙන්නේ...මුලු ගමටම අඬ බෙර ගගහා අපි ආදරේ කරනවා කියලා කිව්වායින් පස්සේද උබ වෙන එකෙක්ට කැමති කියලා මතක් උනේ...ලැජ්ජායි ඕයි...මට ඇත්තටම පාරේ බැහැලා යන්නත් ලැජ්ජායි...."

ලූනා කාමරේම දොංකාර දීලා කෑගහනකොට ටේහියුන්ග් බිම බලාගෙන හිටියා...

" මං මොනාද මගේ මාම්ලාට දැන් කියන්නේ....මට පුලුවන්ද කටක් ඇරලා උබේ ගොන්කම් ගැන එයාලාට කියන්න... නැතත් කෝලේජ් එකෙ එවුන් මං ගැන මොනා හිතයි ? මගේ කාලේ මගේ නම්බුව උබ මේ සේරම මට නැති කරා...හැමදේම මට නැති කරා ටේහියුන්ග්....."

ලූනා එහෙම කියලා ටේහියුන්ග්ගේ කම්මුල් දෙක ඇඟිලි දෙකකින් තද කරලා අල්ලන් ඒ මුහුන උඩට ඉස්සුවා...

" ලෑස්ති වෙයන් අපේ එන්ගේජ්මන්ට් එකට...සෝල් ආපූ ගමන්ම ඒක සිද්ද වෙනවා...මොකද උබට ලැජ්ජාවක් නැති උනාට , මට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවා..."

තමන්ගේ වචන වලින් පුදුමයට පත් උන ටේහියුන්ග්ව අතැරිය ලූනා එහෙමම කාමරේ දොර දිහාවට වේගෙන් ඇවිදිද්දි මෙච්චර වෙලා ලූනාට ඕනම දෙයක් කියන්න , කරන්න දුන්න ටේහියුන්ග් කලබලෙන්ම ඇඳෙන් නැඟිට්ටා...

" ලූනා , ලූනා ඔයාට බැහැ එහෙම කරන්න...ඔයාට බැහැ කෙනෙක්ගේ ජිවීතේට මෙහෙම බලපෑම් කරන්න..."

"ඕකේ...මට නේ බැරි...නමුත් ඔයාගේ ඔම්මාට පුලුවන් නේ...සෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා සේරී ආන්ටිත් එක්කම කතා කර ගන්නකෝ...යන්නම් ටේහියුන්ග්.."

කාට නැති උනාත් ටේහියුන්ග් බැන බැන හරි තමන්ගේ ඔම්මාට කීකරුයි කියලා කලින් ඉදන්ම දැනගෙන හිටිය ලූනා ඒකම තුරුම්පුවකට අරන් ටේහියුන්ග්ට ප්‍රහාර එල්ල කරේ කිසිවක් කර ගත නොහැකි උන ටේහියුන්ග් එතනම ප්‍රශ්න ගොඩක හිර වෙද්දි...

.



.



.

" ඔම්මා , ඔයා ඇයි ඒකට කැමති උනේ !!! "

ටේහියුන්ග් මුලු සාල කෑල්ලම දෙවනත් වෙන්න සද්දෙන් කෑගහන ගමන්ම ඉස්සරහා තිබ්බ පොඩි ලී මේසේ උඩට වේගෙන් අතක් පතිත කරා...

ලූනා මේ වෙනකොටත් සෝල් බලා පිටත් වෙලා තිබුනා...නමුත් නිකන්ම නම් නෙමෙයි...

කලින් රාත්‍රියේ ටේහියුන්ග්ට කියපූ අන්තිම වාක්‍යන් කිහිපයේ විදිහටම සේරීට කියපූ ලූනා ඒ යෝජනාව ස්ථිර උන මොහොතේම තමන්ගේ වාහානේත් අරන් සෝල් වලට පිටත් උනා...

ලූනා ගියාද කියලාවත් නොදැන හිටිය ටේහියුන්ග් උදෑසන නමයට පමණ නැඟිටිනකොට එතකොටත් ගොඩාක් දේවල් සිද්ද වෙලා ඉවරයි...

සාලේ ඉදගෙන හිටිය සේරී උදේ ලූනා යන්න කලින් කිව්ව දේවල් වගේම තමන්ද ඒ යෝජනාවට කැමති බව කියද්දි ටේහියුන්ග්ව කලබලේට වගේම දරා ගත නොහැකි කේන්තියට වෙව්ලන්න ගත්තා...

කොහොමද සේරී උනාත් තමන්ගේ දරුවාගේ කැමැත්ත අකමැත්ත අහන්නේ නැතුව මෙහෙම තීරණේකට ආවේ ?

" ටේහියුන්ග් , ගෙදර තරමට විතරක් කතා කරනවා...ඇරත් මොකක්ද දැන් ලමයාව එන්ගේජ් වෙන්න බැහැ කියන එකේ තේරුම ? "

" ඔම්මා , මං තාම ඉගෙන ගන්නවා...මට ඕන නැහැ දැන්ම මේ මඟුල් තුලා ගැන තීන්දු තීරණ ගන්න... "

ටේහියුන්ග් කලින් රාත්‍රියේ ලූනා එක්ක වෙච්ච අරවුල ගැන නොකියා පුලුවන් තරමක් ඒ යෝජනවා ප්‍රතික්ෂේප කරන විදිහට කතා කරා...

" අපි ඔයාට බඳින්න කියලා නෙමෙයි නේ කිව්වේ...ඒවා අපිට පස්සේ හිතන්න පුලුවන්...දැනට මුදු මාරු කර ගන්න ඇති..."

" ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි !!! ඇයි ඔයා හැමවේලාවේම එයාගේ පැත්තට විතරක් කතා කරන්නේ !!! "

ටේහියුන්ග් නැවතත් බෙල්ලේ නහරත් උලුප්පන් කෑගහද්දි ඊට එහා පැත්තේ හිටිය නම්ජුන් ඉක්මනින්ම ටේහියුන්ග්ව සංසුන් කරවන්න ඒ උරහිස උඩින් අත තිබ්බා...

" ප්‍රොෆෙසර් ප්ලීස්....ඔයාවත් මෙයාලාට තේරුම් කරලා දෙන්න මට දැන්ම එහෙම කිසිම දෙයක් ඕන නැහැ කියලා..."

ටේහියුන්ග් නම්ජුන්ගේ පැත්තට හැරිලා අයාචනාත්මක ඇස් වලින් නම්ජුන් දිහා බලද්දි නම්ජුන් තමන්ගේ උඟුර පෑදුවා...

" ඇත්තටම නැන්දේ , බැරි ටේහියුන්ග්ට තව පොඩි කාලයක් දීලා බලන්න..."

" පූතේ , මේ දෙන්නා ආදරේ කරනවා නම් ඇයි මේ මුදු මාරු කරගන්න මෙච්චර අකමැති...අරහෙන් අර කෙල්ල දැන් ගෙදර ගියේ යුන්කී එක්ක කතා කරගන්න කියලා හිතාගෙන...එහෙම තියෙද්දි අපේ එකා මෙහෙම හැසිරුනාම හරි ? "

" මට තේරෙනවා...ඒත් ටේහියුන්ග් තාම එන්ගේජ්මන්ට් එකක් වගේ දෙයකට ලෑස්ති නැත්තම් අපි එයාට හිතිච්ච කාලේකට ඒක කරොත් නරකද ? "

" මට නම් තේරෙන්නේ නැහැ...වෙන උන් නම් බඳිනකන් ඇඟිලි ගනිනවා...මෙයා තවත් කල් ඉල්ලනවා...මොකක්ද ටේහියුන්ග් උබට වෙලා තියෙන්නේ...? අර කෙල්ල අරෙහ්න් එකක් කියන්නයි , උබ මෙහෙන් තව එකක් කියන්නයි මොකක්ද හේතුව ? "

සේරී එහෙමම ඇස් හරවලා ටේහියුන්ග් දිහා බැලුවා...

" ඔම්මා ඔයාට තේරෙන්නේ නැහැ...යුන්කී නැන්දා ඔයාගේ යාලුවා වෙන්න පුලුවන්...ඒත් එහෙමයි කියලා එයාගෙ දුවත් මට හරියටම පෑහෙනවා කියලා කියන්න බැහැ නේ නේද ? ඇරත් අපි තාම ආදරේ කරන්න පටන් අරන් අවුරුද්දක්වත් නැහැ...ඉතිං ඔයා කියන්නේ එහෙම තියෙනකොට මට මුදු මාරු කර ගන්න කියලාද ? "

" මට නම් කෙල්ලගේ හැටි වරදක් පේන්නේ නැහැ...පවුලටත් ගැලපෙනවා...කොහොමත් උබ ගමේ එක එකලා එක්ක රස්තියාදු ගැහුව්වාත් උබට කවදා හරි කර ගහන්න වෙන්නේ අපේ පවුලට ගැලපෙන විදිහේ කෙනෙක්ව නේ...ඉතිං ලූනා කෙල්ලත් එක්ක එහෙම තීරනේකට ආවා කියලා මගේන් නම් කිසිම අකමැත්තක් නැහැ..."

" වැඩක් නැහැ ඔම්මා ඔයා එක්ක කතා කරලා...ඔයාට ඔයාගේ තීරණෙන් එහා කිසිම දෙයක් හිතන්න බැහැ...ඇයි ඔයාට හිතන්න බැරි එයාව මට ගැලපෙන්නවා මදි කියලාවත්...."

" දරුවා නගරේ හොඳට හැදුන ලමෙක්...ඉතිං වැඩපල කරද්දි පොඩ්ඩක් අමාරුකම් එනවා...ඒත් බැන්ඳයින් පස්සේ ඕවා ඔක්කොම ටික ටික ඉගෙන ගන්නවා...මමත් ඉස්සර උයන්න දන්නේ නැහැ...ඒත් අප්පාව බැන්ඳයින් පස්සේ මං හැමදේටම ටික ටික හැඩ ගැහුනා...ඉතිං තේරුම් ගන්න...කාලයත් එක්ක එයා ගමේ විදිහට හැදෙයි එක්කො උබ නගරේ විදිහට හැදෙයි...ඕවා ප්‍රශ්න නෙමෙයි ටේහියුන්ග්..."

සේරීගේ අවසන් වාක්‍යත් එක්ක ඇස් දෙක වහගෙන කොණ්ඩේ තද කරලා මිරික ගත්ත ටේහියුන්ග් එහෙමම සැටියේ පිටිපස්සට බර උනා...

සේරී එක්ක තව දුරටත් තර්ක කරලා ඵලක් නැති බව ටේහියුන්ග්ට වගේම පැත්තක හිටිය නම්ජුන්ටත් තේරුනා...

සේරී හිටියේ ලූනා ගැන ලොකු විශ්වාසේකින්....ඉතිං ඒ විශ්වාසේ නිසාම ටේහියුන්ග්ට ඒ හිතේ ලූනා ගෙනාපූ යෝජනාව ගැන තිබ්බ අදහස වෙනස් කරවන්න ටිකක් අපහසු කාර්යයක් උනා...

නම්ජුන් කේන්තියෙන්ම මුහුන අතුල්ල අතුල්ල ඉන්න ටේහියුන්ග්ගේ කලවා වලට තට්ටු කරලා සංසුන් වෙන්න කියලා ඉඟි කරා...

" උබ කොච්චර නැටුවත් මගේ උත්තරේ වෙනස් වෙන්නේ නැහැ...ආයේමත් සෝල් වලට ගියාම ඔය දෙන්නාගේ ගිවිස ගන්න වැඩ කටයුතු ගැන කතා කර ගමූ....එතකන් මගෙත් එක්ක ඔය සම්බන්ධ තර්ක කරගෙන එන්න එපා ටේහියුන්ග්...දන්නවා නේ ඔම්මා කියන්නේ කවුද කියලා...මගේ තීරනේ තමයි අවසාන තීරණේ..."

සේරී එහෙම කියලා එතනින් නැඟිටලා යන්න ගියේ ටේහියුන්ග්ට ලූනා ගැන ඇති වෙලා තිබ්බ කේන්තිය තවත් දෙගුණ කරවලා...

" සංසුන් වෙන්න ටේහියුන්ග්....සේරී නැන්දාගේ අන්තිම උත්තරේත් එක්ක නම් , අපි බලමූ ඉස්සරහාට මොකද වෙන්නේ කියලා..."

" ප්‍රොෆෙසර් , පේනවා නේද ලූනා කරලා ගිහින් තියෙන දේ...මගේ ඔම්මාවත් අවසානේ මගේ පැත්තට නැහැ...එදා ඔම්මාගේ මුරණ්ඩු තීරණ හින්දා මට මේ හැමදේම දාලා සෝල් යන්න සිද්ද උනා..අද එයා හින්දාම මං අකමැති කෙනෙක් එක්ක මුදු මාරු කර ගන්නත් වෙලා...සත්තයි හිතුනොතින් ගඟකට හරි පැනලා මැරෙනවා...ඒක සැපයි මීට වඩා..."

" එයි එයි..!! මෝඩ වෙන්න ලෑස්ති වෙන්න එපා...ඉවසගෙන ඉමූ...මේකට මොනාම හරි පිලියමක් ඇති නේ...අකමැත්තෙන් කිසිම දෙයක් සිද්ද කරන්න බැහැ..සේරී නැන්දා නම් මේ මඟුලට අත උඩින් කැමති යාලුවාගේ දුව නිසා වගේම පවුල් දෙක එක සමාන නිසා...වෙනසකට තියෙන්නේ නගරෙයි ගමෙයි කියන දේ විතර නේ....හැමදේටම මොකක් හරි උත්තරයක් ඇති ටේහියුන්ග්...අපි බලන් ඉමූ...."

නම්ජුන් පුලුවන් තරමක් ටේහියුන්ග්ගේ හිත හැදෙන්න වචන කතා කරලා එයාව නිවාලෙව්වා....

මේ වගේ වේලාවක නම්ජුන් හරි තමන්ගේ පැත්තට ඉන්න එක ගැන ටේහියුන්ග්ට ලොකු ශක්තියක් උනා....

හැම දරුවෙක්ගේම ශක්තිය තමන්ගේ දෙමාපියෝ...නමුත් ඒ දෙමාපියෝම ඔවුන්ගේ හීන ඉශ්ට සිද්ද කර ගන්න දරුවන්ව පාවිච්චි කරද්දි ඒ දරුවාගේ ජිවීතේම තනිකර නූල් වලින් නැටවෙන රූකඩයක් බවට පත් වෙනවා....

සේරී කියන්නේත් එහෙම කෙනෙක්...එතකොට ටේහියුන්ග් කියන්නේත් පොඩි කාලේ ඉදන්ම සේරීගේ අතේ නැටවුන රූකඩයක්...සේරී කිව්වේ මොනාද , ඒ හැමදේම ටේහියුන්ග් ඔලුව පහත් කරගෙන කරා...සේරීගේ හුඟාක් තීරණ වලට දේහියුන්ග් විරුද්ධ උන නමුත් සේරී තමන්ට ඕන විදිහට ටේහියුන්ග්ව හැදුවා...

මෙතෙක් වෙනකන් ගෙවිච්ච ටේහියුන්ග්ගේ ජිවිතේ භාගයක්ම තීරණ වල මූලාරම්භය සේරී...

ටේහියුන්ග් සේරීට විරුද්ධ උනා නම් විරුද්ධ උනේ ඒ ජන්කුක්ව ආශ්‍රය කරපූ තැනෙදී විතරයි....

හැම පිරිමි දරුවෙක්ම තමන්ගේ හිතේ හිර වෙලා තිබුන ප්‍රශ්න කියන්න දිව්වේ මවක් ලඟට උනාත් අසරණ වෙන ටේහියුන්ග් කෙලින්ම දිව්වේ දේහියුන්ග් ලඟට...මොකද සේරීට නොතේරුන ගොඩාක් තැන් දේහියුන්ග්ට හොඳින් තේරුන නිසා...

උදේ වරුවේ තේ වත්තේ වැඩට ගිහින් තවත් රාජකාරි කිහිපයක් කරගෙන හවස් යාමේ ගෙදරට ආව දේහියුන්ග්ට ගෙදර ඉස්තෝප්පුවට අඩිය තියන්න විතරයි හම්බුනේ....

" මං උබට කිව්වා ටේහියුන්ග් !!! මගේත් එක්ක ආයේත් ඕක ගැන කතා කරගෙන එන්න එපා !!! "

සේරීගේ කට හඬ මුලු ගෙදර පුරාම රැව් දුන්නා....

" ඔයාට බැහැ මගේ ජිවිතේ ගැන මේ විදිහට තීරණ ගන්න...!!! මං ආදරේ කරන්නේ කාටද නැද්ද කියන දේ මං තීරණේ කරන්නම්....!!! "

තවත් පැත්තකින් සේරීගේ හඬටත් වඩා සද්දෙන් ටේහියුන්ග්ගේ ගැඹුරු කට හඬ දොංකාර දුන්නා...

" මොකක්ද මොකක්ද මේ ඝෝෂාව ? ආඃ අරහේ ඉස්තෝප්පුවටත් ඇහෙනවා..."

දේහියුන්ග් ඉක්මනින්ම සද්දේ එන පැත්තට දුවගෙන යන ගමන් අවසානේ කුස්සියේ නතර උනා...

වීඳුරු පිඟාන් කිහිපයක් බිම වැටිලා කුඩු වෙලා ගිහින්...එලොලු බක්කිය බිම පෙරලිලා ලුණූ , අල කුස්සිය පුරාම...

ඔව් , අනිවාර්යයෙන්ම මේ ටේහියුන්ග්ගේ වැඩ...ටේහියුන්ග්ට කේන්ති ගියාම ඒ කේන්තියට වැරදිකාරයෝ උනේ ගෙදර බඩු මූට්ටු...

" දෙයිහාමුදුරුවනේ...මොකක්ද බොල උබට මේ වෙලා තියෙන්නේ ? "

විනාස වෙලා තිබ්බ කුස්සිය දැක්ක දේහියුන්ග්ගේ ඇස් දෙක කටටම කඩාගෙන හැලුනා....

" වෙලා තියෙන දේ ඔයාගේ නෝනාගෙන්ම අහ ගන්න...මටද , මට ඕන නැහැ ඔය එක්කෙනෙක් එක්කවත් කතා කරන්න...!! "

" ටේහියුන්ග් , මේ ගේ අස්සේ පිට මිනිස්සු ඉන්නවා...බෙරිහම් දිදී කතා කරන්න ලෑස්ති වෙන්න එපා..."

" අහ් !!! දැන් මට මගේ ගේ ඇතුලේත් කෑගහන්න තහනම් ? නැහැ !! මං කට වහගන්නේ නැහැ...මෙච්චර කාලයක් කට වහගෙන හිටිය නිසා තමයි හැමදේකටම හෙනේ...!! "

ටේහියුන්ග් සේරී එපා කියන දේම කරලා රාක්කේ තිබ්බ අඩු කෝප්පයක් අතට ඇදලා අරන් ඒක එහෙමම උඩට ඉස්සුවා...

" කඩපන්කෝ බලන්න තව එක වීඳුරුවක් හරි..."

" ඇයි !! ඇයි මොනා කරන්නද ?!! "

" කඩලා බලපන්කෝ උබට ඊඟාවට මොකක්ද වෙන්නේ කියලා...!!! "

සේරී නැවතත් කෑගහද්දි ටේහියුන්ග් එහෙමම ඔලුව උස්සලා අතේ තිබ්බ කෝප්පේ දිහා බැලුවා...

දෙයියනේ !! ඒක තමන්ගේ තේ බොන කෝප්පේ...

ආයේත් කෝප්පේ තිබුන විදිහටම රාක්කේන් එල්ලුව ටේහියුන්ග් කුස්සියේන් එලියට යන්න ලෑස්ති වෙද්දි සේරී හිතුවේ ටේහියුන්ග් තමන් කිව්ව දේ ඇහුව්වා කියලා....

නමුත් කුස්සියෙන් එළියට ගිහින් නැවතත් කුස්සිය ඇතුලට රිංගුව ටේහියුන්ග් රාක්කේ යටම තිබ්බ ඇලුමිනියම් හට්ටි කිහිපයක් පොලේ ගහලා අතට අහුන මැටි වලඳත් පොඩි පොඩි කෑලි වලට වෙන් වෙන්න කුඩූ කරලා යන්න ගියේ සේරී කුස්සියේ ඉදන් උඟුර ලේ රහ වෙනකන් කෑගහද්දි....

දේහියුන්ග් ඇඟිලි දෙකකින් නලල මිරිකන් යාන්තමට හැදීගෙන එන ඔලුව කකියන ගතිය මඟ හැරව ගන්න උත්සාහ කරන අතරේ නම්ජුන් කාමරේ දොරත් වහගෙන ඒත් ඇහෙන ඝෝෂාව මඟ හැරව ගන්න දුරකතනේන් සිංදුවක් හයියෙන් දාන්න ගත්තා....

" සේරී දරුවත් එක්ක ටිකක් සංසුන්ව කතා කරන්-"

" මේ ටික සුද්ද කරලා දානවා...!!! "

දේහියුන්ග් සේරී කතා කරන්න උත්සාහ ගත්තාත් සේරී ඒ බවක් නෑහුන ගානට ටේහියුන්ග්ගේ කලහකාරීත්වයට බිය වැදිලා කුස්සියේ මුල්ලේ හැංගුන සේවිකාවට ටේහියුන්ග් බින්ඳ බඩු ටික සුද්ද කරලා දාන්න කියලා අණ කරා....

" හරි , මොකක්ද උනේ කියන්නකෝ...? "

මෙච්චර වෙලා කන් ඇහෙන්නේ නැහැ වගේ හැසිරුන සේරී, දේහියුන්ගේ ඒ ප්‍රශ්නේට නම් ඔන්න ඇහුම්කන් දුන්නා...

" නැහැ අපේ මහත්තයා...මේකයි-"

" හරි හරි...අපි සාලේට ගිහින් කතා කරමු කෝ..."

සේරීගේ අතින් අල්ල ගත්ත දේහියුන්ග් බිම පිරිසිදු කරන සේවිකාවට තේ එකක් හදන්නද කියමින් සේරීවත් එක්කගෙන සාලේට ආවා....

" හරි දැන් කියන්නකෝ...මොකද මේ දෙන්නාටම කේන්ති ගිහින්...."

දේහියුන්ග් සේරීව සංසුන් කරවන්න ඒ අත හෙමීට පිරිමදින්න පටන් ගත්තා...

එතනින් පස්සේ විනාඩි කිහිපයක්ම ගත උනේ උදේ වරුවේ ලූනා ගෙනාව යෝජනාවත් , ඊට ටේහියුන්ග්ගේ ප්‍රතික්ෂේප කිරිමත් ගැන සේරී කරපූ විග්‍රහාවට...

සේරීගේ කතාවේ අවසාන වචනේ තෙක් හොඳ අවදානේකින් අහගෙන හිටිය දේහියුන්ග් ප්‍රශ්නේ තරමක් බරපතල නිසාම හුස්මක් පහල දාමින් පුටුවේ පිටිපස්සට හේත්තු උනා....

" මහත්තයාගේ තීරණේ මොකක්ද ? "

" මට කිසිම දෙයක් හිතා ගන්න බැහැ සේරී...කොල්ලාගේ පැත්ත ගන්නද , ඔයාගේ පැත්ත ගන්නද මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ..."

දේහියුන්ග් යටි තොල හපන් ඔලුව දෙපැත්තට වැනුවා...

සේරී එහෙමම තමන්ගේ අත් දෙකෙන්ම දේහියුන්ග්ගේ අතක් අල්ල ගත්තා...

" මහත්තයා , අද අපි මෙතනට එන්න කොයි තරම් දුකක් වින්ඳාද කියලා දන්නේ අපි දෙන්නා විතරයි...මට ඕන නැහැ මගේ කොල්ලාත් දුක විඳිනවාට...එයාට මේ දේපල හැමදේම තිබ්බාත් මං ආසායි එයා මීටත් වඩා සතුටින් ජීවත් වෙනවා නම්..."

" ඔයා හරි...කිසිම දෙමාපියෝ කෙනෙක් කැමති නැහැ තමන්ගේ දරුවා අපි නැති උන කාලේකට දුක් විඳිනවාට...නමුත් ටේහියුන්ග් ආස නැති කෙනෙක්ව අපිට බලෙන් බන්ඳන්නත් බැහැ නේ...චුට්ටක් තේරුම් ගන්න..."

" මං බඳින්න නෙමෙයි නේ කියන්නේ...මං කියන්නේ මුදු මාරු කරගන්න කියලා විතරයි..."

" කොහොම උනාත් ටේහියුන්ග් අකමැති නම් අපිට බල කරන්න බැහැ..."

" එතකොට මහත්තයා කියන්නේ එයා ලූනා කෙල්ලව බඳින්න බැහැ කිව්වාත් ඒකටත් එකඟ වෙන්න කියලාද ? මේ දෙන්නා ජෝඩූ දාලා මුලු ගම වටේම ඇවිදින්න ඇති...කවදා හරි ටේහියුන්ග් ලූනාව නොබැන්ඳොත් ගමේ එවුන් අපිට හිනා වෙයි...එතකොට කොල්ලාගේ නම්බුවට මොකද වෙන්නේ..."

" එතකොට කාලයක් ගිහින් දික්කාසද උනොත්...ඒක ඊටත් වඩා ලැජ්ජාවක් නේද ? "

" නැහැ...එහෙම වෙන්නේ නැහැ...මට විශ්වාසයි ලූනා කෙල්ල මගේ කොල්ලාව හොඳට බලා ගනි කියලා....එයා ගානට අපේ එකාව නගරේ විදිහට හදවයි..."

" හ්ම්ම් කැමති දෙයක් කර ගන්න සේරී...කොල්ලාට බැන්නාට මොකද ඔයාත් එයා වගේම මුරණ්ඩුයි...ඔගොල්ලො දෙන්නා කතා කරලා එක තීරණේකට එන්නකෝ...නමුත් දැන් කට වහගෙන ඉන්න...හෙට කොල්ලා සෝල් යනවා... නිසා නිදහසේ කොල්ලාට යන ගමන යන්න දෙන්න...පස්සේ ඔයාගේ අර නගරේ යාලූවත් එක්ක කතා කරලා මොකක් හරි කරගන්නකෝ..."

දේහියුන්ග් තමන්ගේ කමිසේ උඩ බොත්තම් තුන ඇරලා යාන්තම් පපුව නිරාවරණය කර ගන්න ගමන් පුටුව උඩින් නැඟිට්ටේ මේ යෝජනාවට දේහ්‍යුන්ග්ගේ ලොකු අකමැත්තක් නැහැ කියලා හිතුව සේරීගේ මුහුනේ ලස්සන හිනාවක් ඇඳෙද්දි....

.



.



.

" මං ගිහින් එන්නම් නැන්දේ "

" හොඳයි පුතේ...පරිස්සමින් යන්න..."

නම්ජුන් සේරීගේ ඉස්සරහා ඔලුව නමලා ආචාර කරන ගමන් කම්මුලේ වලවල් පේන්න හිනා උනා....

" මං කාර් එකේ ස්ටේශමට ගිහින් බස්සනද ? "

" අනේ මහන්සි වෙන්න එපා මාමේ...මං ටේහියුන්ග් එක්ක හෙමීට ස්ටේශන් එකට යන්නම්..."

" කමක් නැද්ද මන්දා එහෙම..."

" අනේ ඒක ගැන හිතන්න එපා...මේ සති තුනට නැන්දායි මාමායි අපි වෙනුවෙන් ගොඩාක් කරදර උනා නේ...ඒකම ලොකු දෙයක්..."

නම්ජුන් නැවතත් හිනා වෙන ගමන් එහෙම කියද්දි සේරී ඒ ඔලුව ආදරෙන් පිරිමැද්දා...

" ප්‍රොෆෙසර් යමූ ? පරක්කු වෙනවා..."

ඇඳුම් බෑගයත් එල්ලන් ගේට්ටුවට පොඩ්ඩක් මෙහාට වෙන්න හිටගෙන හිටිය ටේහියුන්ග් ඔරවගෙනම නම්ජුන්ට කතා කරා...

කලින් දවසේ කෝන්තර ටේහියුන්ග් තවමත් හිතේ පල් කරමින් හිටියා...

" ඉතිං ඔම්මාට අප්පාට යනවා කියන්නේ නැද්ද ? "

නම්ජුන් දොරකඩ ලඟ ඉදන් අහද්දි ටේහියුන්ග් ඒ දිහාවට බැල්මක් දාලා ආයේත් අහක බලා ගන්න ගමන් තොල් දෙක උල් කරා...

" හ්ම් මං යනවා..."

" මේකාගේ ගෑස් යකෝව්...ඇවිදින් හරියට ඔම්මාට අප්පාට කතා කරනවා...පව් මිනිස්සු...ආයේ කවදා හම්බෙයි දන්නේ නැහැ නේ...කෝ එන්න ටේහියුන්ග්.."

නම්ජුන්ගේ කටේ බලේටම ආයේත් දොර ලඟට ඇවිදගෙන ආව ටේහියුන්ග් , සේරීට වගේම දේහියුන්ග්ටත් කියලා නම්ජුන් එක්කම එළියට බැස්සා...

දෙන්නාම කතාවෙන් කතාව හුරුපුරුදු ගෙයක් ලඟ එකම මොහොතේ එකම වේලාවේ නතර උනා...

අනේ ජන්කුක් තමන්ගේ පුංචි පැල්පත ඉස්සරහා හිටගෙන හිටියා...ඒ අතේ තිබ්බ බෑගයත් වන වන ජන්කුක් නම්ජුන්ලා එනකන් දැන් පැයක විතර ඉදන් මඟ බලාගෙන උන්නා...

ජන්කුක් නම්ජුන්ලාව දැක්ක හැටියේ දත් ටිකම එළියට දාලා නහයත් හකුලන් හිනා උනා...

නම්ජුන් එහෙමම ඔලුව හරවලා ටේහියුන්ග් දිහා බැලුවා...

" ඔයා යන්න ප්‍රොෆෙසර්...ගිහින් එයාත් එක්ක කතා කරන්න..."

ටේහියුන්ග් එහෙම කියන ගමන් නම්ජුන්ට ලස්සන හිනාවක් සංග්‍රහා කරා...

ඒ අවසරේත් එක්ක නම්ජුනුත් ජන්කුක් ලඟට දිව්වා...

ඒ දෙන්නා හිනා වෙවී එකිනෙකා එක්ක කතා කරන විදිහ දිහා ටේහියුන්ග් ඈතක ඉදන් බලන් බලාගෙන හිටියා...

ඒ මුහුන මත ලස්සන හිනාවක් ඇදුනා...ඔව් , තමන්ගේ ජන්කූ එයා ආදරේ කරන නම්ජුන් එක්ක කියවන විදිහ දිහා ටේහියුන්ග් අහිංසකව හිනා වෙන ගමන් බලාගෙන හිටියා....

ආදරේත් වේලාවකට හරි පුදුමාකරයි...ලබා ගන්න පරක්කු උනොත් සිද්ද වෙන්න පරිත්‍යාග කරන්න...

ටේහියුන්ග්ද අද ඒ දේ විදිමින් හිටියා...

ජන්කුක් නම්ජුන්ගේ අතින් අල්ලන් සමූදීලා අවසානේ මෙච්චර වෙලා ඇඟිලි අතර හිර කරගෙන හිටිය බෑගය නම්ජුන්ගේ අතේ පැටලෙව්වා...

ඒත් එක්කම ජන්කුක් කිව්ව දෙයක් නිසා නම්ජුන් එහෙමම බෙල්ල හරවලා ටේහියුන්ග් දිහා බලන ගමන් ඔලුව වනමින් ජන්කුක් කිව්ව දේට එකඟ උනා...

බෑගය ඇතුලේ තිබ්බ යෝගට් ටික තමන්ටත් එක්ක කියලා කියනවා වගේ ටේහියුන්ග්ට යාන්තමට වගේ ඇහුනා...

එහෙමම ජන්කුක් ඇඟිලි තුඩු වලින් හිට ගත්තා...නම්ජුන්ද තමන්ගේ කොණ්ද පොඩ්ඩක් ඉස්සරහට නැව්වා...

ඒ මොහොතේම ටේහියුන්ග්ගේ කටින් හිනාවක් පැන්නා...නමුත් ඒ ගමන්ම ඒ ඇස් වලටත් කඳුලු බිඳු කිහිපයක් එකතු උනා...

ජන්කුක් ඇඟිලි වලින් ඉස්සිලා නම්ජුන්ගේ කම්මුලක් උඩින් තොල් තද කරලා එහෙමම ඒ කනට මොනා හරි
මිමිනුවා...

" ආව් !! "

ජන්කුක් මොකක්දෝ කියලා ඒ කනත් හපලා එතනින් ඈත් වෙද්දි තමන්ගේ කන අල්ලන් සද්දෙන් කෑගැහුව නම්ජුන් ඊලඟ මොහොතේ තමන්ගේ බෑගයෙන් පෑනකුත් පුංචි කොල කෑල්ලකුත් අර ගත්තා...

" නොම්බරේ ඉල්ලන්න කන හපන්න ඕන නැහැ නේ...ඒක රිදුනා කූ ~ "

" අහ් දැන් ඉදන් මතක තියා ගන්න මොනා හරි අමතක කරොත් කූ දෙන දඬුවම ඕක කියලා..."

නම්ජුන් අතේ තිබ්බ කොල කෑල්ල උඩ තමන්ගේ නොම්බරේ ලියලා ඒක එහෙමම ජන්කුක්ගේ අත් උඩින් තියන ගමන් තොල් දෙක උල් කර ගනිද්දි නම්ජුන්ගේ රතු වෙලා තිබ්බ කන අතගෑව ජන්කුක් ආයේත් හුරතලේට හිනා උනා....

මේ හැමදේම දිහා ටේහියුන්ග් හිනාවෙවී බලාගෙන හිටියේ තව දුරටත් ජන්කුක්ගේවත් නම්ජුන්ගේවත් රූප පැහැදිලිව නොපෙනෙද්දි...

ටිකකින් නම්ජුන් ටේහියුන්ග් දිහා බැලුවා...

ටේහියුන්ග්ද ඉක්මනින් අනිත් පැත්ත හැරිලා සාක්කුවේ දාගෙන හිටිය ලේන්සුවෙන් ඇස් පිහිද ගන්න ගමන් නැවතත් නම්ජුන්ලා දිහා බලන් හිනා උනා....

" යමූ ටේ ? "

" යමූ ප්‍රොෆෙසර්..."

ටේහියුන්ග් එහෙම කියලා නම්ජුන් ලඟට කිට්ටු උනා...

" මං ගිහින් එන්නම් ජන්කූ..."

ටේහියුන්ග් ජන්කුක්ව කිසිම විදිහකින් අල්ලන්නේවත් නැතුව ඒ විදිහට කියලා තවමත් ජන්කුක්ට සමූදෙන නම්ජුන් එක්කම අඩි කිහිපයක් ඉස්සරහාට ඇදුනා...

" හියුන්ගී "

මොහොතක් ටේහියුන්ග්ලා යන දිහා බලාගෙන හිටිය ජන්කුක් තප්පර කිහිපයකට පස්සේ ටේහියුන්ග්ගේ නම කතා කරා...

" උබ කතා කරලා එන්න...මං වැට ගාව ඉන්නම්..."

නම්ජුන් ටේහියුන්ග්ගේ උරහිසට තට්ටු කිහිපයක් දාලා , පිටිපස්සෙන් පිටිපස්සට යන ගමනුත් ජන්කුක්ට ආයේමත් අත වනලා වැට දිහාවට එහෙමම ඇවිදගෙන ගියා....

නම්ජුන් තමන්ට පිටුපානකන් හිටිය ජන්කුක් එහෙමම ටේහියුන්ග් ලඟට දිව්වා..

" මගේත් එක්ක අමනාප වෙලාද ? "

ජන්කුක් ටේහියුන්ග්ගේ අතක් තමන්ගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා...

" නැහැ මැණිකේ...මං මොකටද දෙයියෝ උබ එක්ක අමනාප වෙන්නේ..."

" එහෙනම් මුහුන පුලුටු කරන් මොකද ? "

" එහෙම නැහැ...උබ දන්නවා නේ හියුන්ගී සෝල් යන හැම දවසකම මෙහෙම කියලා..."

" හ්ම්ම්..පරිස්සමින් ගිහින් ආයේත් එන්න..."

" මගේ ජන්කූත් පරිස්සමින් ඉන්න..."

" මාව බලන්න එනවා නේද ? "

" ඔව් , අනිවාර්යයෙන්ම එනවා..."

" මට පාලූ දැනෙයි හියුන්ගී..."

" පාලු දැනුනොත් වෙනදා වගේම වචන අකුරු කරලා ලියුම් කඩදාසියක් ලියපන්...මං හැමදේම කියවන්නම්..."

ටේහියුන්ග් ජන්කුක්ගේ කන ගාව තිබුන කෙස් රැල්ලක් ඒ කන පිටිපස්සෙන් රැදෙව්වා...

ජන්කුක් එහෙමම ටේහියුන්ග්ගේ ඉණ වටේ අත යවලා ඒ පපුවට බර උනා...ටේහියුනුත් එක අතක් ජන්කුක්ගේ ඉන හරියෙනුත් අනිත් අත ඒ ඔලුව පිටිපස්සෙනුත් තියා ගත්තා...

" ම්..මං ආදරෙයි හියුන්ගී..."

" මමත් ආදරේයි ජන්කූ..."

දෙන්නාම ඒ විදිහට එකිනෙකාට මිමිනුවාත් ඒ දෙන්නාටම අදහසක් නොතිබ්බා අනෙක් කෙනා කොයි විදිහේ හැඟීමකින්ද ඒ වචන මිමිනුවේ කියලා...

ජන්කුක් එහෙමම ඔලුව උස්සලා තමන්ගේ රතු වෙච්ච ඇස් , හිනා වෙන ගමන්ම පිහිද ගත්තා...

ටේහියුන්ග්ද වෙනින් පැත්තකට බෙල්ල හරවලා රත් පැහැ ගැන්වුනු බුරුල් නහය උඩට ඇද්දා...

" හාදු දෙන්නේ නැති අද ? "

ජන්කුක් ටේහියුන්ග්ගේ පපුව ඉස්සරහා තිබ්බ කමිසේ ඇඟිල්ලෙන් කරකවන ගමන් අහද්දි ටේහියුන්ග් හිනා උනා....

එහෙමම ඒ නලලට පහත් වෙච්ච ටේහියුන්ග් ඒ නලල් තලය උඩ දිර්ඝ නිහඬ හාදුවකට මුලපිරුවා...

ජන්කුක්ද එහෙමම ඇස් දෙක වහ ගත්තා...ඒ හාදුව ජන්කුක්ගේ පපුවට ඒ තරමටම බරයි...

ටේහියුන්ග් මොහොතක් නලල උඩ ඉදන් එහෙමම ඒ ඇස් දෙකත් කම්මුල් දෙකත් නහය මුලත් පිලිවෙලකට සිප ගනිද්දි ජන්කුක් ටේහියුන්ග්ගේන් ලැබෙන දෙතොල් වල හාදුවත් බලාපොරොත්තු උනා...

නමුත් එතනට කිට්ටුවත් නොවුන ටේහියුන්ග් ජන්කුක්ගේ නලල ආයේමත් සිපගෙන ඈත් උනා....

" ඉවර ? "

" ඇයි ? "

" හාදූ සේරම සම්පුර්ණ කරේ නැහැ නේ..."

ජන්කුක් තොල පෙරලගෙන එහෙම කියනකොට ටේහියුන්ග් තමන්ගේ මහපට ඇඟිල්ල උඩ තමන්ගේ තොල් තද කරලා ඒ ඇඟිල්ල එහෙමම ජන්කුක්ගේ තොල් උඩ ගෑව්වා...

" මෙහෙම හරි දීලා අයිති නැති දෙයක් මං කරන්නේ..."

ටේහියුන්ග් කියනකොට ජන්කුක් එහෙමම නිහඬ උනා...

ජන්කුක් හිතුවේ ඒ ලූනා නිසා කියලා...නමුත් ටේහියුන්ග් එතනින් අදහස් කරේ නම්ජුන්ට වැරැද්දක් කරන්නේ කියලා...

" හියුන්ගීගේ සැන්ට් එක සුවඳයි..."

" ඇත්තටම ? "

" ඔව් , ඉස්සර ගාපූ ඒකට වඩා මෙකේ අමුතු සුවඳක් එනවා..."

ජන්කුක් නැවතත් ටේහියුන්ග්ගේ කමිසේ උඩට නහය තද කරලා ඈත් උනා...

ටේහියුන්ග් එහෙමම තමන්ගේ බෑගය ඉස්සරහාට අරන් ඒක අවුස්සමින් ඉස්සරහාම සාක්කු වල දාලා තිබ්බ තමන්ගේ සුවඳ විලවුන් බෝතලේ එළියට ඇද්දා...

" ම්ම් , මේක තියා ගන්න..."

" අනේ එපා හියුන්ගී...මං ඒක නිකන් කිව්වේ..."

" කලින් පාලු දැනෙයි කිව්වා නේ...ඉතිං මාව මතක් උනාම ඇස් දෙක වහගෙන මෙකේ මුඩිය අරින්න..."

" කමක් නැද්ද ? "

" මං දෙන දේවල් ආයේත් ඉල්ලන්නේ නැහැ නේ... නිසා ගන්න...තව කඩේට මං සිනී බෝල පහකට සල්ලි ගෙවලා ඇති...මගේ මැණික ගිහින් ටික ඉල්ල ගන්න..."

ජන්කුක් ටේහියුන්ග් දික් කරගෙන හිටිය සැන්ට් කුප්පිය පරිස්සමට අත් දෙකෙන් අරගෙන ඒක පපුවට ලං කර ගන්න ගමන්ම ටේහියුන්ග් ඊගාවට කිව්ව දේට ඔලුව වැනුවා...

එතනින් පස්සේ ඒ දෙන්නාම ඊලඟ නිවාඩුවට නැවතත් මුණ ගැහෙනකන් තාවකාලීකව සමූ දුන්නා...

ටේහියුන්ග් මඟක් දුරට ඇවිත් , තවමත් පාරේ මැද්දේ සුවඳ විලවුන් බෝතලේ තුරුල් කරන් ඉන්න ජන්කුක් දිහා බලලා යාන්තමට හිනා වෙන ගමන් ඉස්සරහාට ඇඳුනා....

" හුවෑවෑවෑවෑවෑ !!!! "

ටේහියුන්ග් තවත් ටිකක් ඉස්සරහාට එද්දි මුන ගැහුනේ වැට ගාවට යන්නම් කිව්ව නම්ජුන්ව...හැබැයි තනියම නම් නෙමෙයි....ඒ අත් උඩ හොටු පෙරාගෙන හිටිය ආරීත් හිටියා...

" අනේ මගේ කුමාලයා ආරී බබාව දාලා යන්න යනෝ නේ..."

" ශ් ශ් කෝ දැන් අඬන එක නවත්තන්න...මං ආයේ එන්නම් කිව්වා නේ..."

" ඔයා ඒත් කුව්වා නේ මාව නගරේට ගෙනියනවා කියලා...මං ඉක්මනින් ඇඳුම් ටික මල්ලට දාගෙන එනකන් ඔහොමම ඉන්නෝ ? "

"ඔප්පාට නගරේ වැඩ ගොඩාක් තියෙනවා නේ ආරී...මං ඉක්මනින් ගිහින් ආයේම ආවම ආරීව නගරේට එක්කන් යන්නම්කෝ...හාද ? "

" නැහැ ඔය බොලු...ඔයා ආයේ එන්නේ නැහැ..."

" එන්නම් එන්නම්...අනිවාර්‍යයෙන්ම ඔයාව බලන්න එන්නම්..."

" පොරොන්දු වෙන්න...පෝසත් ඔප්පා ආරී බබාව බලන්න එනවා කියලා..."

පුංචි ආරී කඳුලු පිරුන බෝල ඇස් ලොකු කරගෙන තොලකුත් කනපිට පෙරල ගන්න ගමන් තමන්ගේ චුටි සුලු ඇඟිල්ල නම්ජුන් දිහාවට දික් කරා...

නම්ජුන්ද ආරීව එක අතකට වාරු කරගෙන නිදහස් අතේ පුංචි ඇඟිල්ල ආරීගේ ඇඟිල්ලත් එක්ක පැටලුවා...

" මං පොරොන්දු වෙනවා..."

" උනාට මට දුකයි නේ..."

ආයේමත් නම්ජුන්ගේ බෙල්ල බදන් අඬන්න ගත්ත ආරී ඊට පිටිපස්සේ ඉදන් පපුව ඉස්සරහින් අත් දෙක බැදගෙන කකුලෙන් පොලොවට තට්ටු දා දා ඉන්න ටේහියුන්ග්ව දැක්ක හැටියේ ඉක්මනින්ම නම්ජුන්ගේ බෙල්ල අස්සේ මුහුන හංග ගත්තා....

" ප්‍රොෆෙසර් ? "

" අහ් ටේහියුන්ග්...ඔයා ආවා ? "

" මෙකීව කොහෙදිද මුලිච්චි උනේ ? "

" මං යන ගමන් ඉද්දි මාව දැකලා දුවගෙන ආවා..."

" ආරී...කෝ ඔය ඔප්පාගේ අතින් බහින්න..."

" හුම්ම්"

ආරි බැහැ කියන්න නම්ජුන්ගේ බෙල්ල අස්සේ මුහුන හංගගෙනම ඒ චුටි පස්ස වනන්න ගත්තා...

" ආරී මං ආයේත් කියන්නේ නැහැ...කෝ බහින්න...මේ ඔප්පාට පරක්කු වෙනවා නේ...කෝ හොඳ ලමයා වගේ බහින්න...."

ඒ ගමන නම්ජුන්ගේ බෙල්ල ලඟින් අහකට ආව ආරී තමන්ගේ අතට එන්න කියලා අත දික් කරගෙන ඉන්න ටේහියුන්ග්ට රවලා ආයේත් නම්ජුන්ගේ උරහිස උඩින් ඔලුව තියාගෙන නම්ජුන්ගේ නිකට යටින් ටේහියුන්ග් දිහා බැලුවා....

" ආරී...දැන් බහින්න ලමයෝ..."

" මට බැහැ...මගේ කුමාලයා යනකොට අඬන්නවත් මට දෙන්නකූ..."

" කුම්- මොකක් !!?? "

ටේහියුන්ග් ඇහිබමකුත් උස්සන් ප්‍රශ්නාර්ථ බැල්මකින් එහෙම අහද්දි ආරී තමන්ගේ ඇඟ පොඩ්ඩක් හොල්ලලා තවත් නම්ජුන්ගේ ඇඟ උඩට නැග්ගා...

" බැහැපිය බිමට...කිව්වාම අහලා බැහැපිය...කුමාරයා...පෙනේද මෙකීගේ පැහිච්චකම විතරක්...රට අම්මණ්ඩි...තාම කිරි සුවඳ කටින් ගිහිල්ලා නැහැ... උනාට කුමාරයෝ හොයන්නේ...ආරී , ආයේ කියන්නේ නැහැ බහිනවා බිමට...මං කතා කරන්නද ඔම්මාට...නැන්දේ !!! නැන්දේ !!! "

" ඔම්මා පොලට ගියා...හිකි හිකි..."

ආරී අතින් කට වහගෙන උරහිසුත් ගස්ස ගස්ස හිනා වෙන්න ගත්තා...

" බහින්න නේද්-"

" හියුන්ගී ? "

ආරීගේ පිටුපසට පාරක් දීලා එයාව නම්ජුන්ගේ අතින් අඳින්න හැදුව ටේහියුන්ග් පිටිපස්සෙන් ඇහුන ජන්කුක්ගේ කටහඬට නම්ජුන් එක්කම පිටිපස්සට බෙල්ල හැරෙව්වා...

ටේහියුන්ග් යනකන් ඉදලා ගෙදරට නොයා වැට ගාවට යන්න තීරණය කරපූ ජන්කුක් තවමන් මඟ ඉන්න ටේහියුන්ග්ලාව දැකලා ඒ ලඟට කිට්ටු උනා...

" මහත්තයා ? ඔයාලා තාමාත් මෙතනද ? මං හිතුවේ ගිහිල්ලාත් ඇති කියලා... "

" මේ චුටි කෙල්ල යන්න එපා කියනවා නේ කූ..."

" අනේ ජන්කූ , මෙන්න මේකීව අරගන්න...මෙතන ඉදන් වනචර කතා කිය කිය ඉන්නවා...බැහැපිය කිව්වාම අහලා...වල් පැටියා.."

ටේහියුන්ග් දෙවනි වතාටත් ආරීගේ පිටුපසට පහරක් එල්ල කරද්දි ටේහියුන්ග්ගේ පැත්තට හැරුන ආරී අත දික් කරලා ටේහියුන්ග්ගේ නලලට චාටාස් ගාලා සද්දයක් එක්කම පහරක් ගහන ගමන් නම්ජුන්ගේ අත් වලින් බැහැලා ජන්කුක් ලඟට දිව්වා....

ජන්කුක්ද එහෙමම පහතට නැමිලා ආරීව වඩා ගත්තා...

ටිකකින් හතර දෙනාම වැට ගාවට එන අතරේ ජන්කුක්ගේ අතේ ඉදන්ම නැවතත් අත දිග ඇරලා ඊට එහා පැත්තේ හිටිය ටේහියුන්ග්ගේ ඔලුවේ පිටිපස්සට ගැහුව්ව ආරී දත් ටිකම පෙන්න්නලා ඔරවන ටේහියුන්ග් එක්ක හිනා උනා...

" මෙහ් අයිස් පලමක් එහෙම කමූ...?"

කඩේ ලඟින් යනකොට තමන්ගේ දඹර ඇඟිලි දෙක එකට එක ගාව ගාව ටේහියුන්ග්ගෙන් ඇහුව්ව ආරී ජන්කුක්ගේ අතින් ටේහියුන්ග්ගේ අතට මාරු වෙලා මෙච්චර වෙලා කරපූ මැරකම් වලට හරියන්න හුරතල් වෙන්න පටන් ගත්තා...

" ඉදහන් උබට කවන්න අයිස් පලම්...මට ගහලා , මට බැනලා දැන් අයිස් පලමුත් ඉල්ලනවා ...?"

" අනේ එකක් අලන් දෙන්නකූ..."

" මට බැහැ...දැන් ටේහියුන්ගී ඔප්පාට ආදරේ නැහැ නේ...දැන් ඉතිං වෙන ඔප්පා කෙනෙක්ව හොයාගෙනනේ..."

" අනේ මං ආදලේයි...මං උයාලා දෙන්නාටම ආදලේයි...ඒත් පෝසත් ඔප්පාට චුට්ටක් වැඩියෙන් ආදලේයි..."

" අහ් දැක්කා නේ...දැක්කා නේ...එන්න එපා මගේත් එක්ක කතා කරගෙන..."

" අනීඊඊඊ...එයා මගේ කුමාලයා නේ ඉතිං...ඒක නේ ආදලේ...ඒත් අයිස් පලම් අරන් දුන්නොත් , මං එයාට වඩා වැඩියෙන් ආදලේ උයාට..."

ටේහියුන්ගේ කම්මුල් ඇද ඇද තමන්ගේ වාක්‍ය අවසන් කෙරුව ආරී ටේහියුන්ග්ගේ කම්මුල් දෙකම තමන්ගේ චුටි අත් දෙකෙන් තද කරලා ඒ නහය උඩ තමන්ගේ නහය ඇතිල්ලුවා...

" අම්බෝ ඇති ඇති නවත්තපන් උබේ කෙකර ගැහිල්ල...මං ජන්කුක් ඔප්පාට සල්ලි දෙන්නම්...දෙන්නාම කැමති දෙයක් අර ගන්නකෝ...හරි ? "

" හලීඊඊ...!!! "

ටේහියුන්ග් ඒත් එක්කම ආරීව බිමින් තියලා සාක්කුවෙන් ගත්ත සල්ලි කොලයක් ජන්කුක්ගේ අතේ මිටමොලෙව්වා...

" අපි ස්ටේශමට එන්නද හියුන්ගී ? "

" ඕන වෙන එකක් නැහැ ජන්කූ...මෙන්න මේකීගේ දොලදුක අයින් කරලා ඔයාලා දෙන්නා පරිස්සමට ගෙවල් වලට යන්නකෝ..මං ප්‍රොෆෙසර්ත් එක්ක ස්ටේශමට යන්නම්.."

" හ්ම්ම්...දෙන්නාම පරිස්සමින් යන්න එහෙනම්... වගේම ආයේමත් ඉක්මනට එන්න...මොකද ජන්කූයි කූයි දෙන්නම බලන් ඉන්නවා..."

ජන්කුක් කියද්දි නම්ජුන් සහ ටේහියුන්ග් දෙන්නාම ඊට එකඟ වෙන්න ඔලුව ඉහල පහල කරා...

නැවත වතාවක් එකිනෙකාට සමූ දුන්න හතර දෙනාගෙන් ටේහියුන්ග් වගේම නම්ජුන් දෙන්නා වැටෙන් එහා පැත්තට පනිද්දි ආරීත් ජන්කුකුත් වැටට මෙහා පැත්තෙන් නැවතුනා...

මඟක් දුරකට යනකන් ආරීටත් ජන්කුක්ටත් අත වනමින් ගිය නම්ජුන් ටේහියුන්ග් දෙන්නා නැවතත් ඉස්සරහා බලාගෙන ලොකු හුස්මක් පහල දානකොට ආරීගේ අත තදින් අල්ලන් හිටිය ජන්කුක්ගේ මුහුන මත පේන නොපෙනන ගානට හිනාවක් ඇදුනා....

ජන්කුක් සහ ටේහියුන්ග් ඒ විදිහට තවත් වතාවක් එකිනෙකාට සමූ දුන්නා...

නමුත් එයාලාගෙන් කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ මේ වෙන්වීම එයාලාගේ ඉරණම් කොයි විදිහට අවසන් කරයි ද කියලා...

.

.

.

.

.

හායි ~

කොහොමද කස්ටියට...

හ්ම්ම් මේක චැප් 30කට වඩා පනී...දැනටමත් 28 නේ යන්නේ...ඒ හින්දා තිහ පනිනවා...කොච්චරක් චැප් යනවාද කියලා මටවත් හරියට ගෙස් කරගන්න බැරුව ඉන්නේ...කමක් නැහැ..කොහොම නමුත් තිහ පනිනවා කියලා හිතන්නකෝ...

හරි එහෙනම්.....ඉක්මනින්ම ආයේත් මුණ ගැහෙනකන්...

බායි බායි.... 🥰🥰

Continue Reading

You'll Also Like

148K 33.5K 102
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...
12K 2.9K 18
කවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ...
21.3K 3.5K 20
අයිස් නිලට හුරු තහනම් රෝස කුසුමක .. හාදුවක මුසු උනු වයින් රස දෙතොලතර ... කල් මරන්න හිතෙන රාගයේ ආශාව ගැන.. අදහසක් ඔබට ඇත්තෙන්ම නැහැ මරියා... අඳුර පිර...
15.4K 2.6K 20
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...