Stolen Love

By U_MiShi

149K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 79

994 257 203
By U_MiShi

Comment goal 100

"සයිමන්. සයිමන්."

ජියොන් හන්ගෙ හඩ පාලු මාලිගය පුරාම දෝංකාර දුන්නා. මාලිගාව පුරාම ඇවිදිමින් සයිමන්ව හොයන හන්ග් පාලුවට ගිය මාලිගා කොරිඩෝව වෙත ඇවිදන් ආවා. ඔහු මේ වතාවෙ දැක්කා ඔහු එනකන් මග බලන් ඉන්න මාලිගාව සේවකයින් කිහිප දෙනෙක්ව.හන්ග් ඔහුන් වෙත ඇවිදන් යද්දි  ඔවුන් හිස් නවමින් හන්ග්ට ආචාර කලා.

" සයිමන් කොහෙද? උබලා සයිමන්ව දැක්කද?"

හිස් පහලට නවන් ඉන්න සේවකයින්ගෙන් හන්ග් එහෙම ඇහුවත් ඔහුට ඔවුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ.එක සේවකයෙක්ගෙන්වත් පිලිතුරු නොලැබෙද්දි හන්ග් එකිනෙකට සේවකයින් ලගට ඇවිදන් යමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කලා.පේලියට හිටගෙන ඉන්න සේවකයන් එකිනාගෙන් ප්‍රශ්නය කරමින් කොරිඩෝව කෙලවරටම හන්ග් ඇවිදන් ගියත් ඔවුන් කිසිවෙක්ගෙන්ම හන්ග්ට ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ. අවසන් සේවකයාත් කිසිවක්ම නොකියා හිස පහලට බර කරන් ඉද්දි ඔවුන්ගෙ මේ හැසිරීම තේරුම් ගැනීමට නොහැකිව හන්ග්  කුතුහලයකින් ඔවුන් දිහා බලන් හිටියා.
පුපුරන්න තරන් කැක්කුම් දෙන නලල පොඩි කරමින් හන්ග් මොහොතකට සිතුවිලි ලෝකයෙ අතරමං වුනා. ඔහුට දැනුනා ඔහුට යමක් මගහැරිලා. මගහැරුනු ඒ දෙය හොයන්න හන්ග් උත්සහ කලා.

ආයෙම කොරිඩෝවෙ හිටගෙන ඉන්න සේවකයින් වෙතට හන්හ් හැරුනත්  මේ වතාවෙ ඔහු අඩි කිහිපයක් පසුපසට විසික් වුනා. මේ තරම් වෙලාවක් ඔහුට ආචාර කරමින් කොරිඩෝව දිගේ හිටගෙන හිටිය එකදු සේවකයෙකුගෙවත් හෙවනැලක්කවත් හොයාගන්න නොහැකි වෙන අයුරින් ඔවුන් සියල්ලක්ම අතුරුදහන් වෙලා.

හන්ගෙ නලල දෙපැත්තට දහඩිය බිදු එකතු වෙද්දි හන්ග් ඔහු හිටගෙන හිටිය තැනින් ආපස්සට අඩි තියමින් දෑතින්ම හිස බදාගත්තා. ඔහුගෙ ඇස් මාලිගාව පුරාම ගමන් කලා. මනුස්ස ප්‍රානියෙක්ගෙ ඡායාවක්වත් එහි දකින්න නැහැ. සම්පූර්ණ මාලිගාවම අදුරු පාලු මූසල වටපිටාවකින් වහගෙන.

හෙමින් හෙමින් අඩි තියමින් පසුපසට ඇවිදන් ආව හන්ග් වෙවුලන දෙපා වාරු නැතුව පසුපසට ඇදගෙන වැටෙන්න ගියත් කොරිඩෝවෙ බැල්කනි ගැට්ට හන්ගෙ සිරුර සමබර කරගත්තා. හිස පිටුපසට හරවමින් හන්ග් බැලකනිය දිහා බැලුවා. එදා මීනා පහලට ඇදගෙන වැටුන ඒ බැල්කනි ගැට්ට මතටම හන්ගෙ සිරුර පහලට බර වෙලා. වේගයෙන් කෙලින් වුන හන්ග් පසුපසවත් නොබලා කොරිඩොවේන් ඈතට දුවන්න ගත්තෙ ඔහුගෙ හදවත දියෙන් ගොඩ ගත්ත මාලුවෙක් මෙන් වේගයෙන් වේගයෙන් ගැහෙද්දි.

කොරිඩෝව දිගේ දුවන්න ආව හන්ග් හදිසියෙම නතර වුනේ බාගෙට විවර වුන  දොරක් ලග. අතින් තල්ලු කරමින් දොර විවර කරපු හන්ග් හීනි අඩි තියමින් කාමරය තුලට ඇතුලු වුනා.සම්පූර්න කාමරයම අදුරකින් වැහිලා ගිහිල්ල.බිත්තිය අත පත ගාමින් කාමරයෙ ලයිට්ස් දැන්ම හන්ග් පාලු කාමරය මැද තියන ඇද වෙතට ඇවිදන් ගියා.

නිසොල්මන් ඇය දිහා බලන් ඉද්දි මේ තරම් වෙලාවක් හන්ගෙ මුහුනෙ තිබුන හැගීම්  ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. අත් දෙකෙන්ම හිස බදාගත්ත හන්ග් වියරුවෙන් මෙන් කෑගහන්න පටන් ගත්තා..

"සයිමන් නැහැ. හහ් හහ් හහ් හා. සයිමන් නැහැ.ඌ මැරිලා. හහහ් හහ් හා.

"මම ඌව මරලා දැන්මා. මැරුවා .මැරුවා මම ඌව මැරුවා. මම ඒ බල්ලව මරලා දැන්මා."

"හෙලේනා උබට ඇහෙනවද මම ඒ බල්ලව මරලා දැන්මා. "

අදුරු කාමරයෙ මැද තියන ඇද මත වැතිරිලා ඉන්න  හෙලේනාව හොල්ලමින් හන්ග් කෑගැහුවා.හන්ග් ඇස් විසල් කරගමින් කෑගහද්දි හෙලේනගෙ ඇස් ඔහු දිහා බලන් හිටියා. ඒත් හෙලේනගෙන් හන්ග්ට ආපිට උත්තරයක් ලැබුනෙ නැහැ. හන්ගෙ මුහුනෙ ඇදිලා තියන හිනාව ටිකෙන් ටික අතුරුදහන් වුනා. ඔහුගෙ මුහුන ටිකෙන් ටික වියරු වැටෙන්න පටන් ගෙන.

"කතාකරපන් බැල්ලි. කතාකරපන්. "

හෙලේනගෙ කොන්ඩෙන් ඇදලා ගත්ත හන්ග් වියරුවෙන් කෑගැහුවා. හන්ගෙ මේ වියරු හැසිරීමට හෙලේනගෙ දෑස් මරන බියෙන් වහගත්තත් ඇයට ඔහුත් එක්ක කතාකරන්න උවමනා කලත් අද ඇයට එකදු වචනයක්වත් කතාකරන්න බැහැ. හෙලේනගෙ සිරුර සම්පූර්ණයෙන්ම පන නැතුව ගිහිල්ලා. ඇය අද සම්පූර්ණයෙන්ම අංශබාග රෝගියෙක්.කර්මය අවසානයෙදි ඇයව හොයාගෙන ඇවිල්ලා.

හෙලේනගෙ ස්වාමිපුරුෂයා සයිමන් ඇගේ ඇස් ඉදිරියෙම පන අදිද්දි ඇයට ඔහු දිහා බලන් ඉන්න වුනා. අතක් පයක්වත් හොලවගන්න බැරුව ඇය ඔහු දිහා බලන් හිටියා. දරුනු වේදනාකාරි මරනයක් එය. පැය ගනනක් ලේ ගොඩක් උඩ පන අදිමින් සයිමන් මරනයට පත් වුනා. ජියොන් හන්ගෙ දරුනු වද හිංසන මැද සයිමන් සතෙක් ගානට ඔහුගෙ හාම්පුතා අතින්ම මියගියා.

ජියොන් හන්සන්ගෙ මරනයෙ අභිරහස පිලිබදව කොරියාව පුරාම කටකතා පැතිරිලා ගියා. ජියොන් හන්ගෙ උමතුව ඔහුගෙ හැසිරීම එම කට කතා වල ප්‍රදානම මාතෘකාවක් වුනා. වසර 19 ක ජියොන් හන්ගෙ මහසිය ජියොන් හන්ගෙ උමතු ආශාව ඔහුගෙ ඇස් ඉදිරියෙම ටිකෙන් ටික බිද වැටුනා. හන්ග් විසින්ම ඔහුගෙ විනාශයට වල කපාගත්තා.

කිම් නම්ජුන් ජියොන් හන්ග් අභිබවා යමින් 3/4 චන්දයකින් කොරියාවෙ අගමැති ධූරයට පත් වෙද්දි ජියොන් හන්ග් තව තව උමතු වැටුනා. ජියොන් හන්ග් රැස් කරපු ඔහුගෙ තන්හාව එකින් එක ඔහුට අහිමි වීගෙන යනවා. ජීවත් වෙන්න මාලිගාවක් පමනක් අද ඔහුට ඉතිරි වෙලා.

වියරු වැටෙන හැම වතාවකම සයිමන් විසින් හන්ග්ට ඔහුගෙ බෙහෙත් පෙති ලබා දුන්නා. ඒත් අද බෙහෙත් පෙත්තක්වත් අතට ගන්න බැරි තරම් හන්ගෙ හිත බය වෙලා. තමන් වටේ හුස්ම ගනිමින් තමන් ලග ඉන්න සේවකයින් පවා හන්ග්ට පෙනෙන්නෙ ඔහුව මරා දාන්න ඔහුව හොයන් ආව බිල්ලන් මෙනියි. එහි ප්‍රතිඵ්ලයක් වශයෙන් මාලිගාවෙ සේවය කරපු හැම සේවකයෙක්වම හන්ග් මාලිගයෙන් පන්නලා දැන්මා. ලී මින්හොත් හෙලේනත් හන්ග්නුත් පමනක් පාලු මාලිගයෙ තනි වුනා.

ඇයි හන්ග් සයිමන්ව මරා දැන්මේ? ඔහුගෙ ජීවිත කාලය තුල ඔහු ලගින්ම ඉදන් සේවය කරපු ඔහුගෙ විශ්වාසනීයම සේවකයා?

කර්මය. ඔවු කර්මය ඔවුන් සියල්ලක්වම හොයාගෙන ඇවිල්ලා. සැඩ කුනාටුවක් මෙන් ඔවුන්ගෙ ජීවිත කර්මය විසින් විනාශ කරන්න පටන්ගෙන. වැලලුනු අතීතයක කර්මය  වර්තමානයේදිත් ඒ විදියටම ලියවෙන්න පටන්ගෙන.

වියරුවෙන් කෑගැහුව හන්ග් හෙලේනව ඇදෙන් බිමට ඇදලා දැන්මා. සම්පූර්ණ ශරීරයම අප්‍රාණික  ඇයට හන්ගෙ හැම දරුනු වද හිංසනයක්ම ඇගිල්ලක්වත් හෙලවීමට නොහැකිව විදගන්න සිද්ද වුනා.එදා සයිමන් හන්ග්ට බොන්න රැගෙන ආව ඇපල් ජූස් එක හෙලේනා වෙනුවට හන්ග් පානය කලානම් අද හෙලේනා ඉන්න තැන ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි .

කර්මය හරි අපූරු සෙල්ලමක් ඔවුන් සමග සෙල්ලම් කරලා.හෙලේනව දකින හැම වතාවකම හන්ගෙ හිත බියෙන් වෙවුලන්න ගත්තා .ඔහුට අත් වෙන්න ගිය ඉරනම ඇය හරහා ඔහු දකිද්දි හුස්ම ගන්න තත්පරයක් පාසා තමන්ගෙ ජීවිතය වෙනුවෙන් හන්ග් බිය වුනා.ජීවිත සියගනනක් විනාශ කරපු රාක්ශයට පවා අවසානයෙදි මරන බය දැනෙන්න පටන් ගෙන.


එදා සයිමන් හන්ග්ට බොන්න රැගෙන ආව ඇපල් ජූස් හන්ගෙ පෙරැත්ත නිසාම ඔහුගෙ ඔඩොක්කෙ මත ඉදගෙන හිටිය හෙලේනා පානය කලා. මොහොතකින් හෙලේනා ඇය ඉදගෙන හිටිය  හන්ගෙ ඔඩොක්කෙන් පෙරලිලා  ටයිල් පොලව මතම සෙම පෙරාගෙන ඇදගෙන වැටුනේ ඇය දිහා බලන් හිටිය හන්ග් තිගැස්මකින් පුටුවෙන් නැගිටිද්දි.විනාඩි කිහිපයක පුංචි කාලයක් තුල සිද්ද වුන කිසිමදෙයක් හන්ග්ට තේරුම් ගන්න බැරි වුනා.

හෙලේනව පරීක්ෂා කරපු වෛද්‍යවරයා පැවසුවෙ ඇය පානය කරපු ඇපල් ජූස් එකට ඇපල් සයනයිඩ් කවලම් වෙලා කියලා. ඇයට ජීවිත කාලය පුරාවටම ඔත්පල වෙන්න සිද්ද වුනා.

තමන්ගෙ මාලිගය තුලම තමන්ගෙ ජීවිතයට ආරක්ශාවක් නැහැ කියලා දැනෙද්දි හන්ගෙ පපුවෙ හුස්ම වේගෙන් වේගෙන් වැටෙන්න ගත්තා. වේගෙන් හුස්ම ගන්න හන්ග් ලගින් හිටගෙන හිටිය සයිමන් ඉක්මන් වෙමින් ඔහුගෙ කලිසම් සාක්කුවෙ තිබුන බෙහෙත් කුප්පියෙන් බෙහෙත් පෙත්තක් හන්ගෙ අත මතින් තිබ්බා.

මේ හැම දෙයක්ම දිහා සන්සුන්ව බලන් හිටිය වෛද්‍යවරාය්ගෙ ඇස් සයිමන් අතේ ගුලි කරන් ඉන්න බෙහෙත් බෝතලෙ ලග නතර වෙද්දි ඔහුගෙ ඇස් පුදුමයෙන් විසල් වුනා.සයිමන්  ලගට ඇවිදන් ආව වෛද්‍යවරයා සයිමන් අතේ තියන බෙහෙත් කුප්පිය ඉල්ලගත්තා. සයිමන්ගෙ හිසෙ සිට පාදාන්තය දක්වා ඇස් අරන් ගිය වෛද්‍යවරයා උගුර පාදමින් ආයෙමත්  සයිමන් අතට බෙහෙත් කුප්පිය දුන්නා.


"ජියොන් සර් අපිට ටිකක් කතාකරන්න පුලුවන්ද? "

කට පවා පැත්තකට ඇද වෙලා ගිහින් තියන හෙලේනගෙ මුහුන දිහා බලන් ඉන්න හන්ග්ට ආචාර කරමින් වෛද්‍යවරයා එහෙම කියද්දි හන්ග් හෙමින් හිස වැනුවා.

හන්ග් නැවතත් හෙලේනගෙ කාමරයට පැමිනෙන්න විනාඩි කිහිපයක් ගත වුනා.හෙලේනගෙ අතින් අල්ලන් හඩමින් ඉන්න සයිමන් හන්ග් කාමරයට පැමිනෙද්දි හන්ග් දිහා අසරන බැල්මකින් බලන් හිටියා. ඒත් හන්ගෙ මුහුනෙ කිසිම හැගීමක් ඇදිලා තිබුනෙ නැහැ.

" සයිමන්."

" මහත්තයා."

" කවුද ජූස් එක හැදුවේ."

" මම හැදුවෙ මහත්තයො.ඒත් ඒත් මම මේ මුකුත්ම දන්නෙ නැහැ."

"මම කලේ මහත්‍තයට බොන්න ජූස් එක හදන එක විතරයි. මහත්තයා මම ගැන දන්නවා නේද? සයිමන් කොහොමද මගෙ මහත්තයට අනතුරක් කරන්න හිතන්නෙවත්."

හන්ගෙ සන්සුන් බර ඇස් සයිමන්ව ටිකෙන් ටික බිය වැද්දුවා හන්ග් සයිමන් ලගට එක අඩියක් තියද්දි ඉබේටම සයිමන් අඩියෙන් අඩිය පසුපසට බඩ ගාන්න ගත්තා.සයිමන් ලගට ඇවිදන් යන හන්ගෙ දෙපා කාමරයෙ කෙලවර තියන මේස ලාච්චුව ලගට ඇවිදන් යද්දි සයිමන්ගෙ ඉකිගැසීම් වල ශබ්දය තව තව වැඩි වුනා. මේස ලාච්චුවෙන් තුවක්කුව අතට ගත්ත හන්ග් හෙමින් තුවක්කුව පිරිමදින්න ගත්තා.

"උබ මොනවද හිතුවෙ සයිමන්.උබට මාව එහෙම ලේසියෙන් මරලා දාන්න පුලුවන් කියලද?"

හන්ගෙ ඇස් ටිකෙන් ටික වියරු වැටෙනවා. වචනයෙන් වචනය ඔහුගෙ හඩ උස් වෙනවා.

ඒ මොහොතෙම වගේ මාලිගාවෙ කිචන් එකේ ඉදන් හන්ග්ව හොයන් දුවන් ආව මින්හො ඇපල් ඇට බ්ලෙන්ඩර් කරපු බ්ලෙන්ඩර් එකක් පෙන්නමින් හන්ගෙ කනට රහසින් යමක් පැවසුවෙ වියරුවෙන් රතු ගැහුනු හන්ගෙ දෑස් සයිමන් වෙත යොමුවෙද්දි.

"තෝ අවලම් බල්ලා. මං දුන්න කටු ලෙවකාලා උබට මදි වුනාද? උබ මාවම මරලා දාන්න ලෑස්තිවුනාද? "

හන්ගෙ කතාවෙ අගක් මුලක් තේරුම් ගන්න බැරුව සයිමන් බියෙන් හිස දෙපැත්තට වැනුවෙ ඔහු මුකුත්ම කලේ නැහැ කියලා හන්ගෙ දෙපා මුල වැටෙමින්  හඩා වැටෙමිම්.ඒත් උමතු හන්ග් හිටියෙ කිසිවක්ම හරි හැටි බෙදලා තෝරගන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි.

මේ තරම් කාලයක් බෙහෙත් කියලා ඔහුට සයිමන් ලබා දීලා තියෙන්නෙ පිස්සු හැදෙන බෙහෙත් කියලා හන්ග් දැනගනිද්දි ඔහුගෙ මුලු සිරුර පුරාම හිරි ගමන් කරන්න ගත්තා. විශ්වාසවන්තයින්ගෙ ද්‍රෝහීත්වය ඒ හැගීම එදා හන්සන්ග්ට දැනුන විදියටම හන්ග්ට දැනෙන්න පටන් ගෙන.

කවුරුමහරි හන්ගෙ ඇපල් ජූස් එකට ඇපල් ඇට වලින් හදපු ඇපල් සයනයිඩ් මික්ස් කරලා තියනවා. ඇපල් ජූස් එක හැදුව තැනම ඇපල් ඇට බ්ලෙන්ඩර් කරපු බ්ලෙන්ඩර් එක තිබුනා. හැම පැටලැවිල්ලකම අග නතර වෙන්නෙ සයිමන් ලගින්.හන්ගෙ පිස්සු වැටුන මනසට සයිමන්ව පෙනෙන්න ගත්තෙ ඔහුව මරන්න ආව බිල්ලෙක් වගෙ.

සයිමන් ඔහු මූකුත්ම කලේ නැහැ කියමින් හන්ග් වෙතට ඇවිදන් එන්න  උත්සහ කරද්දි හන්ගෙ ඇස් වලට පෙනුනෙ සයිමන් ඔහුව මරන්න පිහියක් රැගෙන ඔහු වෙත ඇවිදන් එනවා වගෙයි.

හෙලේනගෙ ඇස් බීතියෙන් වගහනිද්දි ඇගෙ ඇස් වලින් පහලට කදුලු කඩන් වැටෙද්දි හෙලේනගෙ සම්පූර්ණ කාමරයම ලේ විලක් බවට පත් වුනා. සයිමන්ගෙ ඇග මත නැගගෙන ඉන්න හන්ග් සයිමන්ගෙ සිරුර හරහා කිනිසි පහරවල් බස්සවන්න ගත්තෙ මේ දිහා බලන් ඉන්න මින්හොගෙ මුහුනෙ නම් පලිගැනීමෙ පිපාසය රැදි හිනාවක් ඇදෙද්දි.

සයිමන් ඔහුගෙ මරනයට හේතුවවත් හරියට දැනගෙන හිටියෙ නැහැ. මින්හො ගොඩක් දක්ශ විදියට හන්ගෙ මනස තුල සයිමන් ගැන සැකයෙ බීජය පහුගිය දින කිහිපය තුලම ටිකෙන් ටික පැල කලා. අද එය සියලු වැට සීමා බිදමින් ලේ විලකින් කෙලවර වුනා.

තමන්ගෙ ස්වාමිපුරුෂයා තමන්ගෙ දෑස් ඉදිරියෙම මියයනවා හෙලේනා බලන් හිටියා.උගුරින් අමුතු හඩවල් පිට කරමින් ඇය හඩා වැටුනා.

හන්ගෙන් කිනිසි පහරවල් ලැබෙන හැම වතාවකම අත් දෙක එකතු කරමින් සයිමන් ඔහුගෙ ජීවිතය යැද්දා.ඔහු මේ තරම් පවු ගොඩක් එකතු කරගත්තෙ මහත්තයා වෙනුවෙන්නෙ කියමින් ඔහු හඩා වැටුනා.


_____________________________________

මාලිගාවෙ දොරපලු වේගයෙන් දෙපැත්තට තල්ලු වෙමින් විවර වෙද්දි පඩිපෙල මත හිටගෙන ටේහියුන්ග් අපේක්ශාවෙන් බලන් හිටිය හන්ග් උමතු හිනාවක් පාමින් ඔහු සමග හිනාවුනා. ඒ හිනාව සමග එකිනෙකට ගැටුන ටේහියුන්ග් ගෙ රතු ගැහුන ඇස් තුල උඩුලමින් උඩු අතට නැගෙන ගින්නක් රැදිලා තිබුනා.

" ෆයිනලි."

ටේහියුන්ග් දිහා බලාගෙන අත්පුඩි ගහන්න  ගත්ත හන්ග් පඩි බසිමින් ටේහියුන්ග්  වෙත ඇවිදන් ආවා.

" තමුනුත් තමුන්ගෙ පපා වගේමයි .බැදීම් ලග දුර්වල වෙන පරාජිතයෙක්."

"අපි එහෙනම් පේපර්ස් වලට සයින් කරමුද? "


------------------------------------------------------------

මේ චැප්ටර් එක වේගෙන් වේගෙන් ගලන් ගියා. ජිමින්ලා නැතිවෙන්න කලින් වෙච්ච සිදුවීමක් මේක.

සයිමන්ව ඔයාලත් සැක කරපු එකේ හන්ග් සැක නොකර ඉදියිද..🙃😎 ඔයාලව වටේ යවන එක ඒක හොද හැගීමක්.🙂😪

සයිමන් මැරුනා.( මෙයාගෙ මරනෙ මම ගොඩක් හෙලේනට බලපාන්න ලිවුවෙ එදා ලීනා තමන්ගෙ දරුවා ආරක්ශා කරගන්න බැරුව ඇවිදගන්න බැරුව අඩද්දි දැනුන ඒ හැගීම හෙලේනත් ඒ විදියටම විදින්න ඇති. අතීතයෙ කර්මය ඒ විදියටම ආයෙමත් වර්තමානයෙ ලියවෙනවා.)

හෙලේනා හන්හ් වුක් තවම ඉතුරුයි. අපි බලමු.

අද මොකද හිතුනෙ.

හන්ග් ගැන( දඩුවම් ඉතුරුයි)

සයිමන් ගැන.( deserved more. අපායෙදි ලැබෙයි.)😇🙂

හෙලේනා ගැන.( දඩුවම් ඉතුරුයි)

Continue Reading

You'll Also Like

110K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
Drug By Merida

Fanfiction

192K 27.6K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...
271K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...
441K 62.2K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...