Comment goal 100
"හියුන්ග්ග්ග්ග්.මේ අන්තිම වතාව ප්‍රොමිස්. අහන්නකො එකම එක පාරයි."
හන්ග් පසුපසින් දුවන් එන පුංචි හන්සන්ග් හන්ගෙ අතේ එල්ලුනෙ ඔහුගෙ හුරතල් තොල් බොක්ස් එකක් හැඩේට පෙරලගනිමින්.හන්ග්ට ඉදිරියට ඇවිදන් යන්න ඉඩ නොදී පුංචි හන්සන්ග් හන්ග්ව අතින් පසුපසට අදිනවා.එක තල්ලුවකින් හන්සන්ග්ව තමන්ට තල්ලු කරලා දාන්න පුලුවන් කම තිබුනත් annoying බැල්මකින් හන්ග් පුංචි හන්සන්ග් වෙතට හැරුනා .
පුංචි ඇස් බෝල කරගෙන හුරතල් විදියට සිනහසෙමින් තමන් දිහා බලන් ඉන්න පුංචි හන්සන්ග් දිහා බලන් හන්ග් ලොකු සුසුමක් පහලට හෙලුවා.
"හෙ.හෙ.හෙ.හෙ"
හිනාවෙමින් ඔහුව ඇදගෙන යන පුංචි හන්සන්ග් පසුපසින් හන්ග් ඇවිදන් ගියා. පුංචි හන්සන්ග් හන්ග්ව එක්ක ආවේ පුංචි හන්සන්ග්ට මාලිගාවෙ විශේශිතම කාමරයට. එය කාමරයක්ම නෙවෙයි හන්සන්ගෙ මියගිය ඔම්මා ජියොන් ලීසා ආදරයෙන් රැකබලාගත්ත රෝස පැලෑටි එකතුව තමා මේ කාමරයෙ තිබුනෙ. රෝස පැලෑටි වලට නිදහසෙ වැවෙන්න හැකි පරිදි පසුබිමකින් ඒ කාමරය නිමවලා තිබුනා. ලීසා ජීවත්වුන කාලයෙ ඇය වැඩිහරියක්ම කාලය ගත කලේ මේ කාමරයෙ. පුංචි හන්සන්ග්ව ලගින් තියන් රෝස මල් වත්ත මැද බටනලා වාදනය කරන්න ඇය ගොඩක් ප්‍රිය කලා.හන්සන්ග්ට වයස අවුරුදු තුන පිරෙද්දිම ලීසාට මේ ලෝකයෙන් යන්න වෙන්නෙ ඇගෙ රෝස මල් සමගම එකට පිපෙමින් හිනැහුන ඇගෙ පුංචි පැටියව ඔහුගෙ අප්පත් හියුන්ග්නුත් සමග තනිකරලා.
පොලවට තට්ටු කරමින් තමා ලගින් ඉදගන්න කියලා හන්ග්ට සං කරපු පුංචි හන්සන්ග් ඔහු මේ තරම් වෙලාවක් හංගන් හිටිය පුංචි බටනලාව සාක්කුවෙන් එලියට ගත්තා. බටනලාව පුංචි රෝස තොල් ලගට ලං කරගත්ත හන්සන්ග් ඇස් පියාගත්තා. පුංචි හන්සන්ග් වයස අවුරුදු පහක පුංචි දරුවෙක් වුනත් ඔහුගෙ ඔම්මා වගේම ලස්සනට බටනලාව වාදනය කරන හැකියාව උපතින්ම හන්සන්ග්ට පිහිටලා තිබුනා.පුංචි හන්සන්ග් ඇස් පියන් බටනලාව වාදනය කරද්දි ඔහු ලගින් ඉදන් ඉන්න හන්ග් හන්සන්ග් දිහා බලන් හිටියා.
එකම එක වතාවයි කිවුවට හැමදාම වගෙ පුංචි හන්සන්ග් හන්වත් එක්කන් මේ කාමරයට එන්නෙ පුංචි හදවතට ඔම්මා නැතුව දැනෙන පාලුව මකාගන්න. කොයිතරම් බෑ කිවුවත් හන්ග් හැමදවසකම පුංචි හන්සන්ගෙ පාලුව මකන්න ඔහුත් එක්ක මේ කාමරයට ආවා. හන්ග් එක රහසක් හන්සන්ගෙන් හංගන් හිටියා .හන්සන්ග් එක්ක මේ කාමරයට එන්න හන්ග් අකමැති කියලා පෙන්නුවත් හන්සන්ග් වයන බටනලා තනුව හැමදවසකම හන්ගෙ මනස සැහැල්ලු කලා. පුංචි හන්සන්ග් සමග රෝස මල් කාමරයෙ කාලය ගත කරන්න හන්ග් පවා ගොඩක් කැමතියි.
කාලය ගෙවෙද්දි සියල්ලක්ම වෙනස් වුනා. පුංචි හන්සන්ග් වගේම හන්ග් ටිකෙන් ටික උස් මහත් වෙන්න ගත්තා. හන්සන්ග් තුල තිබුන හුරතල් ගතිගුන අතුරුදහන්ව යද්දි ඔහු තේජාන්විත ජියොන් කුමාරයෙක් මෙන් වැඩෙන්න පටන් ගත්තා.
කොයිතරම් කාලය ගෙවුනත් තමන්ගෙ හියුන්ග් සමග හිනාවෙන්න හන්සන්ග් කවදාවත් අමතක කලේ නැහැ. නමුත් කොතනක හරි ලොකු වැරැද්දක් සිද්දවුනා. දිනෙන් දින වැඩෙමින් දීප්තිමත්ව බබලන හන්සන්ග් කෙරෙහි දලුලන ද්වේශයක් හන්ගෙ මනසෙ පන ගහන්න පටන් ගත්තා.එදා පුංචි හන්සන්ගෙ ඉල්ලීමක් පවා අහක දාන්න බැරි වුන හන්ගෙ හිත මේ විදියට ද්වේශය සහ වෛරයෙන් පිරී ගියෙ කවදා කොතනකදි කියලා හන්ග්ට පවා හිතාගන්න බැරුව ඇති.
_________________________________
මාලිගාවෙ කොරිඩෝව දිගේ ඇවිදන් එමින් හිටිය හන්ගෙ දෙපා හිටිගමන් එකතැන ගල් ගැසිලා ගියා. හුරුපුරුදු බටනලා හඩක් ඔහුට්ව් ඇහෙන්න ගත්තා.
කොයිතරම් කාලයක් ගෙවුනත් හන්ග්ට ඇහෙන මේ බටනලා හඩ මේ තනුව හන්ගෙ මතකයෙන් කවමදාවත් අමතකව යන මතකයන් නෙවෙයි. හන්ගෙ කකුල් ඉබාගාතෙ ඇවිදින්නාක් මෙන් බටනලා හඩ ඇහෙන දිහාවට ඇවිද්දා. කොයිතරම් කොරිඩෝව දිගේ ඇවිදන් ගියත් හන්ග් තවම බටනලා හඩට පොඩ්ඩක්වත් ලං වෙලා නැහැ. නමුත් හන්ග් දිගින් දිගටම ඇවිද්දා.
අවසානයෙදි හන්හ් බටනලා හඩට ලං වුනා. කොරිඩෝව දිගේම ඇවිදන් ආව හන්ගෙ දෙපා එක තැනකදි නතර වුනා. කොරිඩෝව කෙලවරින් ඔහුට ඒ පෙනෙන කාමරය. ලීසාගෙ ආසම විදුරු කැටයමෙන් නිර්මාණය කරපු කාමරයෙ වීදුරු දොර දිහා හන්ග් බලන් හිටියෙ ගැහෙන හදවතින්. හන්ග් හුස්ම ගන්න වේගය පවා මේ වෙද්දි වැඩි වෙමින් තිබුනා. හන්ග්ට උවමනා කලේ නැතත් ඔහුගෙ දෙපා බටනලා හඩ ඇහෙන කාමරය වෙත ඇවිදන් ගියා.බටනලා හඩ හන්ග්ව පාලනය කරනවා මෙන් ඔහු ඒ වෙතටම ඇවිදන් යනවා.
කාමරයෙ දොර අඩවන්ව විවෘත වෙලයි තිබුනෙ. වෙවුලන අතින් බාගෙට විවර වෙලා තියන තල්ලු කරලු හන්ග් සම්පූර්ණයෙන්ම විවර වුන කාමරයෙ දිහා වේගයෙන් හුස්ම ගනිමින් බලන් හිටියා. හන්ග්ට ඔහුගෙ දෑස් අදහාගන්න බැරි වුනා. එදා අතීතයෙ මෙන්ම අදත් එහි ලස්සනට සුදු රෝස මල් පිපිලා තියෙනවා . වීදුරු ජනෙල් හරහා ගලන් එන හිරු ආලෝකය සුදු රෝස මල් මතට වැටිලා සම්පූර්ණ කාමරයම දීප්තිමත් ආලෝකයකින් බබලනවා.
දීප්‍තිමත් කාමරයෙ වීදුරු ජනෙලයෙ ගැට්ට මත යමෙක් ඉදගෙන බටනලාව වාදනය කරනවා. සම්පූර්ණ සුදු වස්ත්‍ර වලින් සැරසිලා ඉන්න ඔහු හන්ග් දිහා හැරිලවත් බැලුවෙ නැහැ.හන්ග් අන්දයෙක් නෙවේ බටනලාව පිබින තරුනයා හන්ග්ට පිටුපාලා හැරිලා හිටියත් ඒ ඉන්නෙ ටේහියුන්ග් කියලා හන්ග් අදුනගත්තා.
"ටේහියුන්ග්."
හන්ග් ටේහියුන්ග් ට කතාකලත් ටේහියුන්ග් හන්ග් දිහා හැරිලා බැලුවෙ නැහැ. ඔහු දිගින් දිගටම බටනලාව වාදනය කරනවා.කලක් හන්ගෙ මනසට සැනසීමක් වුන ඒ බටනලා තනුවම අද හන්ගෙ කන් වලට ඇහෙද්දි හන්ග්ට දැනුනෙ ඔහුගෙ ඔලුව පුපුරලා යන්නාක් මෙන් ආතතියක්. හන්ග් තුල ඉදන් යමෙක් ඔහුව ඇතුලතින් තෙරපන්නාක් මෙන් හන්ග්ට දැනෙද්දි ඉහලට ගන්න හුස්මෙ පවා හිරවීමක් හන්ග්ට දැනුනා. හන්ගෙ මනස තුල ඉදන් කවුරු හො කෑගහනවා. ඒ හඩ හන්ග්ව ටිකෙන් ටික පිස්සු වට්ටනවා.
"ටේහියුන්ග් ඕක නවත්තනවා."
නතරනොවෙන බටනලා හඩ හන්ගෙ අතීතය ඔහු ඉදිරියෙ චිත්‍රපටයක් මෙන් පටිගත කරවනවා. කාමරය පුරා එහෙ මෙහෙ දුවන කුඩා දරුවන් දෙදෙනෙක් හන්ගෙ ඇගෙ වැදි නොවැදි ඔහු ලගින් දුවන් ගියා.
" හියුන්ග් මාව අල්ලගන්න ..හියුන්ග්.. හියුන්ග්."
"ටේහියුන්ග් ඕක නවත්තනවා."
තවදුරටත් බටනලා තනුව අහන් ඉන්න බැරුව අත් දෙකෙන්ම කන් වහගත්ත හන්ග් උමතුවෙන් මෙන් කෑගහන්න ගත්තා.නමුත් හන්ගෙ කෑගැසීම් ටේහියුන්ග් ට ඇහෙන් නැති තරම් වගේ තවමත් ටේහියුන්ග් දිගින් දිගටම බටනලාව වාදනය කරනවා.
හන්ගෙ ඇස් තරහින් රතු ගැහිලා. ආවේගයෙන් ටේහියුන්ග් ලගට ඇවිදන් ආපු හන්ග් අත දිගහැරලා ටේහියුන්ග් ට කම්මුල් පාරක් ගැහුවා.
ක්‍රාස් .
ශබ්දයෙන් වීදුරු මල් පෝච්චියක් බිදිලා යද්දි හන්ග් වේගයෙන් ඇසිපිය ගැහුවා . බිදීගිය වීදුරු මල් පෝච්චියක් හන්ගෙ දෙපා ලග වැටිලා තියනවා. හන්ගෙ නලලින් පහලට දහඩිය ගලන් යනවා. වේගයෙන් වේගයෙන් ඔහු හුස්ම ගන්නවා. විසල් කරගත්ත දෑසින් කාමරය පුරා ඇස් අරන් ගියපු හන්ග් අඩි දෙක තුනක් පසුපසට විසික් වුනා. හන්ග් ඇත්තයම හිටගෙන ඉන්නෙ කාමරයක් තුල නෙවෙයි ඔහු තවම ඉන්නෙ ඇවිදන් ආව කොරිඩෝවෙමයි.
"හියුන්ග්."
"අනෙ එකම එක වතාවයි. අහන්නකො .අහන්නකො."
හන්සන්හෙ කටහඩ ආයෙ ආයෙ හන්ගෙ කන ලගින් ඇහෙන්නාක් මෙන් හන්ග්ට දැනුනා.අත් දෙකෙන්ම කන් දෙක වහගත්ත හන්ග් ආපහු හැරිලා ඔහුගෙ කාමරය වෙත දුවන්න ගත්තෙ සයිමන්ගෙ නම කියලා කෑගහමින්.
"සයිමන්..... සයිමන්...."
හන්ග් හිටගෙන හිටියෙ සේවකයෙක්වත් පෙනෙන්න නොහිටිය පාලු කොරිඩෝවක වුනත් මේ වෙලාවෙ ඔහු දිහා එක මනුස්සයෙක් බලන් හිටියා. හන්ගෙ හැසිරීම දිහා බලන් ඉන්න ඔහුගෙ ඇස් වල වියරුවක් සැගවුන සන්සුන් බැල්මක් රැදිලා තිබුනා.ඔහු අතැතිව එක බටනලාවක්. බටනලාව අතින් තද කරලා අල්ලගත්ත ඔහු කොරිඩෝවට මේ වෙලාවෙම වගෙ ඇවිදන් ආව පුද්ගලයෙක් දිහා බලල හෙමින් හිස වැනුවා.
"ටේහියුන්හ් සර් කාමරයට යන්න. ඉතුරු වැඩ ටික මම බලාගන්නම්."
ටේහියුන්ග්ට හිස නවලා ආචාර කරපු ඒ පුද්ගලයා එතනින් යන්න ගියේ ටේහියුන්ග් ගෙ ඇස් ඔහු අතැති බටනලාව වෙත ගමන් කරද්දි.
___________________________________
සයිමන්.. සයිමන්.සයිමන්...
හන්ගෙ කෑගැසීම ඇහෙද්දි හති දමමින් සයිමන් හන්ග්ගෙ කාමරය වෙත දුවන් ආවා.
ලොකු මහත්තයා.ඇයි මේ. ලොකු මහත්තයා.
සයිමන් කාමරයට ආව ගමන්ම සයිමන්ගෙ කොලර් එකෙන් ඇදලා ගත්ත හන්ග් ඇස් විසල් කරගනිමින් උමතුවෙන් මෙන් එකම දේ දිගින් දිගටම කියවන් ගියා.
" ඒ කාමරය. ඒ කාමරට ඇතුලට මම ගියා."
"මොන කාමරයද මහත්තයො."
"හන්සන්ගෙ රෝස මල් උයන. මම මම ඒකට ගියා."
"හන්සන්හ් මහත්තයගෙ රෝස මල් උයන? ඒත් එහෙම කාමරයක් අපේ මාලිගාවෙ නැහැනෙ මහත්තයා. හන්සන්ග් මහත්තයගෙ රෝස උයන තියෙන්නෙ අපේ පරන මාලිගාවෙ."
"නැහැ නැහැ ඒ කාමරය අපේ මාලිගාවෙ තියනවා. මම ඒකට ගියා. මම ඒකට ගියා යකෝ. ඒක ඇතුලට ටේහියුන්ග් ඇවිත් හිටියා. එයා එයා බටනලාව වාදනය කලා. හන්සන්ග් වගේම ඒ විදියටම පුංචිම වෙනසක්වත් නැතුව.මම ඌට ගැහුවා ඒත් ඌ හිටියෙ නැහැ. ඌ හිටියෙ නැහැ. ඌ අතුරුදහන් වුනා."
"මහත්තයො මොනවද මේ කියන්නෙ මහත්තයා කියන කිසිම දෙයක් මට තේරෙන්නෙ නැහැ. "
"ටේහියුන්ග් ටේහියුන්ග් ඌ කොහෙද කියනවා මට."
ටේහියුන්ග් පොඩි බේබි එක්ක කම්පනි එකට ගියා ලොකු මහත්තයා. මහත්තයාමනෙ මට ඒ ගැන කිවුවෙ. දැන් මහත්තයත් ලෑස්ති වෙලා ගියෙ කම්පනි එකට යන්නනෙ. මොකද වුනෙ ලොකු මහත්තයා. ඇයි ආයෙමත් කාමරයට ආවෙ."
තැතිගැන්මකින් මෙන් සයිමන් කියද්දි හන්ග් සයිමන්ව පැත්තකට තල්ලු කලා.
"බෙහෙත්.බෙහෙත් මගෙ බෙහෙත් ටික දෙනවා මට."
හන්ග් වියරු වැටිලා මෙන් කෑගහද්දි ඔලුව වනමින් හන්ගෙ මේස ලාච්චුව ලගට දිවුව සයිමන් එයින් හන්ගගෙ බෙහෙත් පෙති ටික රැගෙන ආවා.
"ලොකු මහත්තයා. මහත්තයා හිතේ කරදරේකින්ද ඉන්නෙ. ටික දවසක ඉදලා මහත්තයා."
සයිමන් ඔහු කියන්න ගිය වචන මගින් ගිලගත්තෙ හන්ගෙ වියරු වැටුන ඇස් සයිමන් වෙත යොමුවුන නිසා.බෙහෙත් පෙති ගත්තට පස්සෙ වේගයෙන් හුස්ම ගන්න හන්ග් ටිකෙන් ටික සන්සුන් වෙන්න පටන් ගත්තා.හිසෙ අත තියන ඇස් පියන් හිටිය හන්ග් හිටිගමන්ම සෝෆාවෙන් නැගිට්ටා.
හන්ග්ටත් නොදැනීම ඔහු ඔහුගෙ ඇගිල්ලක නියපොත්ත කන්න ගත්තෙ මේ දිහා සයිමන් පුදුමයෙන් බලන් ඉද්දි. මොකද හන්ගෙන් පිටතට දිස් වුනෙ අමුතුම චරිතයක්. හන්හෙ ඇස් වල කලු බෝලෙ වේගයෙන් එහෙ මෙහෙ යනවා .නියපොත්ත හපමින් කාමරයෙ ඇවිදන්න ගත්ත හන්ග් සයිමන් දිහා බැලුවා.
"හෙලේනා මට හෙලේනව ඕනෙ. උබ අදම ගිහිල්ලා හෙලේනව මාලිගාවට එක්ක වරෙන්."
"හොදමයි මහත්තයා."
_______________________________
ලැවු ගින්නක් මෙන් කොරියාව පුරාම ජියොන් ටේහියුන්ග් ගැන කට කතා පැතිරෙනවා.
ඒ අතර හන්ග් ඔහුගෙ අලුත්ම සෙල්ලම පටන්ගෙන තිබුනා. මිනිස්සුන්ගෙ හිත් වලට විස පුරවන්න හන්ග් ගොඩක් දක්ශයි. සාමාන්‍ය ජනතාව අතර වෙස්වලන් ඉන්න හන්ගෙ ගෝලයින් පලවෙනිම විශබීජය සාමාන්‍ය ජනතාවගෙ මනස තුලට කාවදන්න පටන් ගත්තා.
හන්සන්ග් ගැන මාතෘකාව කතාවට ඇදලා ගන්න ඔවුන් කතාව ටික වෙලාවක් ඇදිලා යද්දි ටේහියුන්ග් කියන්නෙ ඇත්තටම ජියොන් හන්සන්ගෙ පුතා වෙන්නම පුලුවන්ද යන ගැටලුව ඔවුන්ට ඉදිරිපත් කරනවා. එතනින් එහා ඔවුන් මෙන්න මේ වගෙ හේතු නිසා ටේහියුන්ග් ව සැක කරනවා කියලා කතාබහට එකතුවුන මිනිස්සු එක්ක තර්කයන් ඉදිරිපත් කරනවා. මීඩියා වලට පසු හොදම මාධ්‍ය මිනිස්සුන්ගෙ කට කතා.
ටේහියුන්ග් මීඩියා කියන ආයුදය පාවිච්චි කරද්දි හන්ග් මිනිස්සුන්ගෙ කට කතා ටේහියුන්ග්ව විනාශ කරන්න පාවිච්චි කලා.
----------------------------------------------
Flute music එකට මම තෝරගත්තෙ මේක.
🙂
හායි
අද මොකද හිතුනෙ.
හන්ගෙයි හන්සන්හෙයි ලමා කාලය.
යම් දෙයක් සිද්ද වෙනවා.🌝
හන්ග්ට මොකද මේ වෙන්නෙ.
ලෙලි ගහලා ඉල්ලුවා අයට.ඔන්න කන්න.😒❤️