Comment goal 150
අදුර ගෙවෙන රාත්‍රිය ඝන අන්දකාරයක අවසානය දකිනවාත් එක්කම නැවුම් පරිච්ඡේදයකට පිටු පෙරලුවා. ගම්මානය පුරාම හමමින් සීතල හුලං විශේශිත පුද්ගලයෙක්ව හොයනවා.විටෙන් විට මුනගැහෙන පිපුනු පුශ්පයන්හි මුරන්ඩු සිනිදු මල් පෙතිත් පුශ්පයන්ගෙන් මිදෙමින් හුලග හා එක් වෙලා ඔහුව හොයනවා.
ගම්මානය පුරාම හමන හුලග අවසානයෙ ඔහුව හොයාගෙන. විවර වුන ජනෙල් කවුලු අතරින් කාමරය තුලට හමන් ආව හුලග තද නින්දකට වැටිලා ඉන්න ඔහුගෙ තද කලු කෙස් අතරින් යමින් ඔහුව අවදිකරගන්න උත්සහ කලා. ඔහුගෙ කනට කේලම් කිවුවා.
උනුසුම් පොරවනයට ගුලි වෙලා නිදියන් ඉන්න ජන්කුක් දැනෙන සීතලට ඇස් පුංචි කරමින් නලල රැලි කරමින් හෙමින් හෙමින් ඇස් අරින්න පටන් ගත්තෙ හුලගෙ මේ උත්සය සාර්ථක කරමින්.
ජන්කුක් හොයන් ආව සීතල හුලග ජන්කුක් ඇස් අරිනවාත් එක්කම සුදු පැහැ කර්ට්න් දෙපැත්තට කරමින් කාමරයෙන් ආයෙමත් එලියට හැමුවා. නිල් මල් පෙති පමනක් ජන්කුක් ගෙ ඇද මත ඔහුගෙ තනිය මකන්න ඉතුරුවෙලා.නලලට වැටුන කෙස් රොද එක් අතකින් පසුපසට කරමින් ඇද මත කෙලින් වුන ජන්කුක් අත් දෙක දෙපැත්තට විහිදුවමින් ඇගෙ හිරි කැඩුවා.
ජන්කුක්ට කලින් කාමරයට ආව කවුරුන් හෝ උනුසුම් කෝෆි කෝප්පයක් ලී මේසය මත තියලා ගිහිල්ලා. කෝෆි කෝප්පය අතට ගත්ත ජන්කුක් ඇදෙන් බිමට බැහැලා කාමරයෙන් එලියට ඇවිද්දා. ඇවිදන් එන ජන්කුක් ගෙ දෙපා ඔහුගෙ කාමරය ලග නතර වෙද්දි බාගෙට විවර වෙලා තියන ලී දොර දිහා ජන්කුක් නිහඩව බලන් හිටියා.
"ටේහියුන්හ්? නූනා? "
යන්‍තම් විවර වෙලා තියන දොරට තට්ටුවක් දැන්ම ජන්කුක් ටේහියුන්ගෙන් පිලිතුරක් ලැබෙනකම් බලන් හිටියත් ඔහුට ටේහියුන්ග් ගෙන් පිලිතුරක් ලැබුනෙ නැහැ.
"ටේහියුන්හ් ඔයාලා ඉන්නවද? "
විනාඩි කිහිපයක් ගෙවිලත් ඔවුන්ගෙන් පිලිතුරක් නැති න්ජ්සා ටේහියුන්ගෙත් නූනගෙත් නින්දට බාදා කරන්න ඕනෙ නැහැ හිතුව ජන්කුක් එතනින් යන්න හැරුනත්.
"ජන්කුක්."
"නූනා."
"ටේ බෙයා."
"නූනා?"
"ටේ බෙයා කාමරයෙ නැහැ ජන්කුක් ."
වාතලය වෙත දික්වුන දිගු ඇගිලි කාටවත් නොපෙනෙන ඔහුට පමනක් පෙනෙන ඒ ආත්මය විදින්න උත්සහ කරනවා.දිගු ඇස් පිහාටු පිරුනු කම්මුල් හා ස්පර්ශ වෙද්දි ඔහු හෙමින් ඇස් පියාගත්තා. ස්වභහදහමත් එක්ක වැඩුන ඔහුගෙ ආත්මයෙ එක කොටසක් තවමත් මේ ස්වභහදහමත් සමග ජීවත් වෙනවා. මියදිලා ගිය එක ආත්මයක් ජීවමාන ස්වභහදහමේ තවමත් ජීවත් වෙන ඔහුගෙ නොමැරුන ආත්මය සොයනවා.
හමන සීතල හුලග ජන්කුක්ට කේලම් කියා ආයෙමත් ටේහියුන්ග් ව හොයන් ඇවිත්. ඇස් පියන් වහන් වාතලය ස්පර්ශ කරමින් ඉන්න ටේහියුන්ග් ගෙ සිල්වර් පැහැ කෙස් හුලගත් එක්ක දග කරනවා.වැටෙන ලා හිරු එලිය ටේහියුන්ග් ගෙ රන්වන් පැහැ සමට අමුතුම දිස්නයක් එකතු කරලා.
ගම්මානය පුරාම ටේහියුන්ග් ව හොයමින් දිවුව ජන්කුක් මහන්සිබර බර හුස්මක් පහලට හෙලුවෙ ඔහුට මදක් ඈතින් හිටගෙන ඉන්න ටේහියුන්ග් දිහා බලන්. තවමත් ගැහෙන පපුවට අත තියාගත්ත ජන්කුක් ටේහියුන්ග් දිහා ඔලුව උස්සලා බැලුවා. මොකක්ද මේ දැනෙන හැගීම . ඇයි මේ හැගීමෙන් මේ තරම් වේදනාවක් ඔහුට දැනෙන්නෙ. සැහැල්ලුවෙන් සෙල්ලක්කාර ජීවිතයක් ගෙවුව ජියොන් ජන්කුක්ගෙ හදවත ඇයි අද මේ තරම් වේගයෙන් ගැහෙන්නෙ.
ඈතින් හිටගෙන ඉන්න ටේහියුන්ග් දිහා බලන් ජන්කුක් ඔහුගෙන්ම ප්‍රශ්න කලා.
ටේහියුන්ග් ලගට ඇවිදන් යන්න ඇයි අද ඔහු දෙපාරක් හිතන්නෙ.
ජන්කුක්ට ඕන කලෙ නැහැ ටේහියුන්ග් ට බාදා කරන්න. ඒත් ඒ හේතුවම විතරද ජන්කුක් ගෙ හදවත මේ තරම් ගොලු කරන්නෙ.
කාලය ගෙවුනා. තත්පර විනාඩි කරමින් පැය බවට පත් වෙමින් කාලය ගෙවුනා.ජන්කුක් තවමත් නිහඩව ටේහියුන්ග් දිහා බලන් ඉන්නවා.
අවසානයෙ තත්පරයකට ටේහියුන්ග් ගෙන් ඇස් අහකට ගත්ත ජන්කුක් පීච් අත්තකින් පහලට බර වුන පීච් ගෙඩි ටිකක් දිහා බැලුවා. යන්න කලින් පීච් ගෙඩියක් ටේහියුන්ග් ට කඩලා දෙන්න ඔහු හිතුවා.
ආයෙමත් ටේහියුන්ග් වෙත ජන්කුක් ඇස් අරන් ගියා ගැහුනා ඒ හදවත වේගයෙන්.
ටේහියුන්ගෙ ගැබුරු හිස් ඇස් ජන්කුක් දිහා බලන් ඉද්දි ජන්කුක්ට දැනුනෙ ටේහියුන්ග් ගෙ ඇස් හරි එකේල්ලෙම ඔහුගෙ ආත්මය කියවනවා කියලයි.ටේහියුන්ගෙ ඇස් ජන්කුක්ව වචන වලින් ගොලු කරනවා කියලා දැනෙද්දි ජීවිතේ කවමදාවත් නොවින්ද මේ හැගීම ජන්කුක්ව කුතුහලයට පත් කලා.ඔහුව පටලවන නාදුනන හැගීමට උත්තර පසුව හොයන්න ජන්කුක් හිතාගත්තා.
තමන් දිහා බලන් ඉන්න ටේහියුන්ග් දිහා බලන් ඔලුව කසමින් හිනාවුන ජන්කුක් .
"ඔයාට ඕනෙද?"
ටේහියුන්ග් තවමත් ජන්කුක් දිහා බලන් ඉන්නවා.
පහලට බර වුන පීච් ගෙඩි අත්තෙන් පීච් ගෙඩියක් කඩාගත්ත ජන්කුක් ටේහියුන්ග් වෙතට ඇවිදන් ගියා.
ටේහියුන්ග් වෙත පීච් ගෙඩිය දික් කරපු ජන්කුක්ගෙ අතින් පුදුමෙකට මෙන් ටේහියුන්ග් පීච් ගෙඩිය ගත්තා.ආයෙමත් ඒ හැගීම .වේගෙන් ගැහෙන හදවතෙ ගැස්ම ටේහියුන්ග් ටත් ඇහෙනවද හිතෙන තරමට ජන්කුක්ගෙ හිත බය වෙලා. කම්මුල් රතු පැහැයකට හැරෙද්දි පපුවට අත තියාගත්ත ජන්කුක් ටේහියුන්ග් ගෙන් මදක් ඈතින් හිටගත්තා.
විනාඩි ගනනක් පුරාවටම ඔවුන් අතර ආයෙමත් ගලන් ගියෙ දැඩි නිහඩතාවයක්. ටේහියුන්න්ගෙ හිස් ඇස් ඉදිරිය බලන් ඉද්දි ජන්කුක් ටේහියුන්ග් දිහා බලන්න බැරුව වෙනත් දිහාවක් දිහා මොහොතක් බලන් හිටියා.
ජියොන් ජන්කුක් ගෙ අහංකාර කම එක දවසකින් එක අතීතයකින් ටේහියුන්ග් ලග දිය වෙලා ගිහිල්ලා.තමන්ගෙ පවුල නිසා එක දරුවෙක්ගෙ සම්පූර්ණ ජීවිතේම පාලු සොහොන් පිටියක් බවට පත් වුනා. ටේහියුන්ගෙ තැන හිටගෙන ඒ වේදනාව මවාගන්න ජන්කුක් උත්සහ කලා.උඩු දදා ඉහලට නැගෙන ගින්දරකින් නොමැරි දිනපතා පිලිස්සිලා යන්නක් මෙන් වේදනාවක් දැනෙද්දි වේගයෙන් ඇස් ඇරිය ජන්කුක් ටේහියුන්ග් දිහාට හැරුනා.
"මම මොකක්ද කරන්න ඕනෙ ටේහියුන්ග් ."
නොහිතුව මොහොය්ජක ජන්කුක් ටේහියුන්ග් ගෙන් එහෙම අහද්දි ඉස්සරහ බලන් හිටිය ටේහියුන්ග් ගෙ ඇස් ජන්කුක් වෙතට හැරුනා.
"ජන්කුක්ට මොනවද මං වෙනුවෙන් කරන්න පුලුවන්?"
අවසානයෙ ටේහියුන්ග් ජන්කුක් හා කතාකලා.
"ටේහියුන්ග් වෙනුවෙන් සාදාරනය මම ඉශ්ට කරන්නම්."
"ජන්කුක්ට බැහැ."
"මම ඔයාට පොරොන්දු වුනා ටේහියුන්ග් ."
ටේහියුන්ග් ආයෙමත් ඉස්සරහ බලාගත්තා.කොහෙදෝ බලන් ඉන්න ටේහියුන්ගෙ ඇස් කෙලින් ජන්කුකුත් ටේහියුන්ග් බලන් ඉන්න දිහා බැලුවා.
පුංචියට අටවපු කුරුලු කූඩුවකින් කුරුලු පැටියෙක් එලියට ඔලුව දානවා.ඒ දිහා ටේහියුන්ග් හරිම අමුතු බැල්මකින් බලන් ඉන්නවා.
"ටේහියුන්ග්ට කුරුලු පැටියව ඕනෙද?"
ටේහියුන්ගෙ බැල්ම තේරුම ගන්න අපහසු නිසා කූඩුව දිහාවට අත දික් කරමින් ජන්කුක් එහෙම අහද්දි ටේහියුන්ගෙ ඇස් ආයෙමත් ජන්කුක් වෙතට යොමුවුනා.
"හරිම ලේසියි නේද ජන්කුක් ? "
"ඔම්මා කෙනෙක්ගෙන් දරුවෙක් වෙන් කරන එක හරිම ලේසි දෙයක්. ඒ වෙනුවෙන් දෙපාරක් හිතන්නෙ නැහැ.ඇයි මට ඔයාගෙන් එයාව මතක් වෙන්නෙ? "
"ජන්කුක්ගෙ මල්ලි මගෙ දරුවව මගෙන් උදුරගත්ත වගෙ මේ පුංචි පැටියගෙ ඔම්මගෙනුත් පැටියාව උදුරගන්න ජන්කුක් දෙපාරක් හිතන්නෙ නැහැ."
"මං වෙනුවෙන් සාදාරනය ඉශ්ට කරන්න පොරොන්දු දුන්න ජන්කුක් ට පුලුවන් වෙයිද? එයාගෙ එකම මල්ලිගෙ සතුට මං වෙනුවෙන් උදුරගන්න .හරියට එයා මගෙන් උදුරගත්තා වගෙ.ජියොන් ජිමින්ට මං දෙන දඩුවම ජන්කුක්ට දරාගන්න පුලුවන් වෙයිද?"
"ජන්කුක් මං ලගින් හිටගත්තා කියලා ජීවිතෙ කවමදාවත් බලාපොරොත්තු වෙන්න එපා ජියොන් ජිමින්ට මම සමාව දෙයි කියලා.
මගෙ පපුවෙ අවසන් හුස්ම පොද වැටෙනකම් මම වෛර කරනවා. මගෙ දරුවගෙ මිනීමරුවට මම වෛර කරනවා."
"ජන්කුක් ජන්කුක් ගෙ කියලා රකින හැම මනුස්සයෙක්ම මගෙ ජීවිතෙ විනාශ කලා. පොරොන්දු ?"
"දුන්න එක වචනෙකින් ජන්කුක්ට පුලුවන්ද විනාශ කරන්න ඒ හැම ජීවිතයක්ම."
"ජන්කුක් තමන්ගෙම වචන ගැන පොරොන්දු ගැන දෙපාරක් හිතන්න. ජන්කුක්ගෙ එකම එක පොරොන්දුවක්වත් මම බාරගත්තෙ නැහැ."
ජන්කුක්ගෙ කකුල් දෙක ලගම පීච් ගෙඩිය අතෑරපු ටේහියුන්ග් ජන්කුක් ව තනි කරලා එතනින් යන්න ගියා.ටේහියුන්හ් යන දිහා හැරිලවත් බලන්න ශක්තියක් නොතිබ්බ ජන්කුක් ඔහුගෙ කකුල් දෙක ලග වැටුන පීච් ගෙඩිය පහලට නැවිලා අතට ගත්තා.
"මම දන්නවා ඔයා මෙතන ඉන්නවා කියලා.එලියට එන්න."
පිටිපස්ස නොබලම ජන්කුක් කියද්දි මේ තරම් වෙලාවක් කැලෑ රෝස පදුරක් පිටිපස්සෙ හිටගෙන හිටිය ජිමින් එයින් එලියට ආවා.
හෙමින් ජන්කුක් ලගට ඇවිදන් ආව ජිමින්ව ජන්කුක් තුරුලු කරගනිද්දි ජන්කුක්ගෙ උරහිස ජිමින්ගෙ කදුලෙන් තෙත් වුනා.
"ඕනෙ නැහැ සමාවක් මේ පවුකාරයට .ඒත් ඒත් මගෙ හියුන්ග්ට පුලුවන් නේද එකම එක වතාවකට හරි මගෙ බක්ව මගෙ ඇස් ඉස්සරහට ගෙනත් දෙන්න . මගෙ බක් ගොඩක් වෙනස් වෙලා. මගෙ අහිංසක ටේ බෙයා ගොඩක් වෙනස් වෙලා."
"එයාට එහෙම වෙන්න වුනා මගෙ ජිමිනි ."
"ඇයි ඇයි හියුන්හ් මට තවමත් දඩුවමක් නොලැබුනෙ."
"ඔයාට දැනටමත් දඩුවම් ලැබිලා මගෙ ජිමිනි."
"නැහැ.නැහැ.මේ වගෙ පුංචි වේදනාවක් කොහොමද මගෙ දඩුවම වෙන්නෙ. "
"ජීවත් වෙන්නෙ ඒ දවස වෙනුවෙන් හියුන්ග්.මගෙ බක් අතින්ම මට දඩුවම් ලැබෙන දවස වෙනුවෙන්."
_______________________________
අදුරු අහසෙ කොටපු අකුනක් එක්ක සම්පූර්ණ ගම්මානයම සුදු ආලෝකයකින් ආලෝකමත් වෙලා ගියා. හියුජින්ගෙ කොන්ඩෙ පීරමින් හිටිය ටේහියුන්ග් පනාව පැත්තකින් තියමින් ජනෙල් කවුලුව වෙත ඇවිදන් ආවා. සම්පූර්ණ අහසම අදුරු වෙලා. දිගින් දිගටම අහසෙ විදුලි රේකා ඇදෙනවා.
"කුනාටුවක් එන්න යන්නෙ ටේ බෙයා ජනෙලේ වහලා නූනා ලගට එන්න."
හැල හොල්මනක් නැතුව විනාඩි කිහිපයක් තිස්සෙම ටේහියුන්ග් කවුලුවෙන් එලිය බලන් ඉද්දි හියුජින් රෝද පුටුව අතින් පැදගෙන ටේහියුන්ග් ලගට ආවා.
"එන්න මගෙ මැනික."
හියුජින් ටේහියුන්ග් ගෙ අතින් අල්ලගෙන ඇය ලගට ගද්දි අදුරු අහසින් ඇස් අහකට ගත්ත ටේහියුන්ග් හියුජින් ලග දනගහලා ඉදගත්තා. ටේහියුන්ග් ගෙ හිස ඇගේ ඔඩොක්කෙට බර වෙද්දි හෙමින් ටේහියුන්ග් ගෙ හිස අතගාන්න ගත්ත හියුජින් ටේහියුන්ග් ගෙ හිස මත හාදුවක් තිබ්බා.
"හියුන්ග් එයාගෙ ශක්තිමත් බෙයා ගොඩක් ආඩම්බර වෙනවා ඇති."
ටේහියුන්ගෙ හිස අතගාමින් කදුලු හංගගනිමින් හියුජින් කියද්දි ටේහියුන්ග් තදින් ඇස් පියාගත්තා .
"නූනා එහෙම හිතනවද? "
"අනිවාරෙන්ම මගෙ පුංචි මැනික.නූනගෙ ශක්තිමත් බෙයා."
හියුජින් එක්ක පවා ටේහියුන්ග් හරිම නිහඩයි.මේ ඉන්නෙ ඇගෙ පුංචි දගයා නොවෙන වග හියුජින් දැනන් හිටියත් ටේහියුන්ග් ගෙ මේ වෙනස ඇයව ගොඩක් රිදෙවුවා. පවුකාරයින් අහිංසක ආත්මයක් විනාශ කරලා දාලා. ඇගෙ පුංචි බෙයා කොයිතරම් විදවලද කියලා ඇයට මවාගන්නත් බැරි තරම්.මේ තරම් වෙනසක්. කොහෙද යන්න ගියේ ඒ හුරතල් හිනාව.
ටේහියුන්හෙ හිස අතගාමින් ඉන්න හියුජින්ටත් ටේහියුන්ග් ටත් බාදා කරමින් ඔවුන්ගෙ කාමරයෙ දොරට යමෙක් තට්ටු කරන්න ගත්තා. ටේහියුන්ග්ව එහෙන්මම ඇද මතින් ඉන්දවපු හියුජින් රෝද පුටුව අතින් පැදගෙන දොර වෙතට ගියා.
"හෝසොක් ? "
"නූනා.ජන්කුක් ආවද ඔයාලව බලන්න."
"නැහැ ජන්කුක් ආවෙ නැහැ"
"මේ මනුස්සයා මේ අකුනු ගහන වැස්සෙ කොහෙ ගිහිල්ලද? කුනාටු අස්සෙ කොහෙ යනවද මන්දා."
හෝසොක් කලබලෙන් වගෙ කියවන් යද්දි හියුජින්හෙ මුහුනෙත් බියකතැතිගැන්මක හැගීම් ඇදුනා
"නූනා කලබල වෙන්න එපා .අපි ඔක්කොමලා එලියෙ ඉන්නවා. ඔයාල නිදියගන්නකො මම බලන්නම්. සමහරවිට මේ මනුස්සයා සෝල් වලට ගියාද දන් නැහැ . ජන්කුක් ඔහොම වැඩ කරනවා නූනා."
"ඒත් මේ කුනාටු එක්ක?"
"නැහැ නැහැ නූනා හිතන්න එපා මම බලන්නම්."
හෝසොක් යන්න ගියාට පස්සෙ හියුජින් කාමරයෙ දොර වහලා ආයෙමත් ටේහියුන්ග් දිහාවට හැරුනා. නමුත් ටේහියුන්ග් තවමත් ජනෙල් කවුලුවෙන් කුනාටු වැස්ස දිහා බලන් ඉන්නවා.ටේහියුන්ගෙ ඇස්වල පුංචිම ජීවමාන බවක්වත් ඇදිලා නැහැ.
____________________________________
පැය ගනන් ගත වුනා අවසානයෙ මද්‍යම රාත්‍රිය ගත වෙද්දි කුනාටුව ටිකෙන් ටික අඩුවෙන්න ගත්තා.නමුත් තවමත් අහසෙ අකුනු කොටනවා.අකුනු මැදින් වරින් වර ආලෝකමත් වෙන කාමරයෙ දොර යමෙක් විසින් හෙමින් විවර කලා. අහසෙ කොටන අකුනකින් කාමරය වෙත ඇවිදන් එන යමෙක්ගෙ ඡායාවා බිත්තියෙයි නිරූපනය වුනා.
කාමරය තුලට ඇවිදන් එන ඔහුගෙ ඇදුම් සියල්ලම සම්පූර්ණයෙන්ම තෙත බරිත වෙලා. හීනි අඩි තියමින් ඇවිදන් එන ඔහු ඇද මත නිදියන් ඉන්න ටේහියුන්ග් ලගින් නතර වෙන්නෙ අහසෙ තවත් අකුනක් කොටමින් කාමරය ආලෝකමත් වෙනවාත් එක්කමයි.
ඔහුගෙ අත් තැනින් තැන හිරීලා ගිහිල්ලා.තෙත බරිත ඇදුම තුල ඔහු යමක් සගවන් ඉන්නවා. ජැකට් එක තුලට අත දැන්ම ඔහු එතුලින් එලියට ගත්ත යමක් පරිස්සමෙන් ටේහියුන්ග් ලගින් තිබ්බෙ ටේහියුන්ග් නින්දෙන් අවදි වෙයිද කියලා සැරෙන් සැරේ පරීක්ෂා කරමින්.
"ශ්ශ්ශ්ශ්ශ්ශ් ."
ඇද දිහා බලන් පුංචියට හිනාවුන ඔහු තොල් දෙකට ඇගිල්ල තියමින් යමෙක්ව නිහඩ කලා.
ආයෙම මොහොතකින් අදුරු කාමරයෙ දොර ඇරිලා වැහෙද්දි මේ තරම් වෙලාවක් ඇස් පියන් හිටිය ටේහියුන්ග් හෙමින් ඇස් ඇරියා. ටේහියුන්ග් ගෙ උනුහුමට ගුලි වෙලා ඉන්න පුංචි කුරුලු පැටියාගෙ හිස හෙමින් අතගාපු ටේහියුන්ග් කුරුලු පැටියව ඔහුගෙ උනුහුම් පපුවෙන් උනුහුම් කලා.
"හැමුව කුනාටුවෙන් ඔයාටත් ඔයාගෙ පුංචි පවුල නැති වුනාද මගෙ පැටියෝ."
----------------------------------------------------------
හායි.
කම්මැලි වෙලා ටයිප් කරන්න .එපා වෙනවා වගෙ වෙලා.
ඒත් දෙන්න ඕනෙ නිසා ටයිප් කරන්න ගත්තා. ඉතින් අද මොකද හිතෙන්නෙ?
චැප්ටර් එක අවුල් වගෙ නම් සොරි.🙂
ජන්කුක්?
ටේහියුන්හ්?
Wors count 1575😒කොටයි කිවුවොත්නෙ.කමෙන්ට්ස් ඕනෙ මට.🫣