Call me by your name 🦋 ( Com...

By thashi123

59.6K 10.2K 11.7K

පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස්... More

prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Last chapter

Chapter 13

1K 243 138
By thashi123

පැය ගානක් දුම්රියේ ආසනය මත ඉදගෙන ජනේලෙන් එපිට බලාගෙන හිටිය ටේහියුන්ග්ගේ අවදානේ බිදිලා ගියේ තමන්ගේ ඇස් වලට " සෝල් " කියලා ලියලා තිබ්බ ගමන් පුවරුවක් දැක ගන්න ලැබුන නිසා...

එහෙමම පුටුව යට තිබ්බ ගමන් මල්ලත් , ඔඩොක්කුව උඩ තිබ්බ ගමන් මල්ලත් අත් දෙක ලඟට අර ගත්ත ටේහියුන්ග් කෝච්චිය ස්ටේශමෙන් නතර කරනකන් බලාගෙන හිටියා...

ඊට තප්පර කිහිපයකට පස්සේ සෙනඟ පොකුරු පිටින් ඉන්න ස්ටේශමෙන් ටේහියුන්ග්ව ගමනාන්තය කරා ගෙන ආ කෝච්චිය නතර වෙද්දි පොර කාගෙන කෝච්චියෙන් බහින මිනිස්සු අතර තෙරපි තෙරපි ටේහියුන්ග්ද අවසානේ සෝල් පොලොව උඩ පලවෙනි වතාවට අඩිය තිබ්බා....

කෝච්චියෙන් බැස්ස හැටියේ ටේහියුන්ග් පපුව ඇතුලේ හිර වෙලා තිබ්බ ඒ බර කඳ සැහැල්ලු කර ගන්නාක් මෙන් ලොකු හුස්මක් නාස් පුඩු අතරින් ඇතුලට ඇද ගත්තා...

මේ වාතය ටේහියුන්ග්ට අලුත් හැඟීමක් ගෙන දුන්නා...ගමේ තරම් පිරිසුදු නැවුම් ගතිය නොතිබ්බාත් ටේහියුන්ග්ට නගරේ ජනග්‍රහනය අතරින් සැරිසරන වාතය අලුත් දෙයක් උනා....

තමන්ගේ අත් අතර හිර කරගෙන හිටිය එක් බෑගයක් උරහිසේ පැත්තකින් දා ගත්ත ටේහියුන්ග් එක එක පැති වලට බෙදෙන පඩිපෙල් කිහිපයක් අතරින් පිට වීමේ දොරටුව හොයාගෙන එතනින් එලියට ගියා....

ටේහියුන්ග් ඉර නගින්නත් ප්‍රථමයෙන් ගමෙන් පිට උනාත් මොකද ටේහියුන්ග් තමන්ගේ ගමනාන්තයට ලං වෙද්දි මහ දවාල උදා වෙලා තිබ්බා...

ගිනි මද්දහනේ පිට වීමේ දොර ලඟ හිටගෙන එතනින් පේන සුන්දර වගේම නවීන සෝල් නුවර දිහා බැලුව ටේහියුන්ග්ගේ මුවේ යාන්තමට හිනාවක් ඇදුනා...

ගමේ තියන තියන අඩියක් ගානේ රූස්සට වැවුන ගස් තිබුනාත් ඒ වෙනුවට නගරේ දකින්නට තිබුනේ අහසක් උසට නැඟුන විශාල ගොඩනඟැලි...

එක එක වර්ණයන්ගේන් සමන්විත සිය ගනනක් වාහන ඇසි පිය හෙලන පමාවට ටේහියුන්ග්ව පසු කරගෙන ගියා...මුලු පාරම ඒ වෛවාරන වාහන වලින් කාර්යයබහුල වෙලා තිබ්බා....

ටේහියුන්ග්ට මේ හැමදේම අලුත් අත් දැකීම්...ටේහියුන්ග් මේ අදහා ගත නොහැකි සුන්දර දසුන් දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා...

ටේහියුන්ග්ටත් නොදැනීම ටේහියුන්ග්ගේ යටි හිත හරි ඉක්මනට මේ සුඛෝපභෝගී නගරයට පෙම් බඳින්න පටන් ගත්තා....

මිනිත්තු පහකට ආසන්න කාලයක් වටේටම ඔලුව හරව හරව බලමින් හිටිය ටේහියුන්ග් ටිකකින් හරි සිහියට එන ගමන් තමන්ගේ සාක්කුවකට අත දැම්මා....

ටිකකින් ඒ සාක්කුවේ තිබිලා ගත්ත පොඩි කොල කෑල්ල දිග ඇරලා බැලුව ටේහියුන්ග් ආයේම ඔලුව උස්සලා ස්ටේශම ඉස්සරහාම නවත්තලා තිබ්බ සුදු පාට කාරයක් ලඟට ගියා....

" මාමේ , මාව මේ ගෙදරට ගිහින් දානවා ? "

ටේහියුන්ග් අතේ තිබ්බ සුදු පාට කොලේ රියදුරුට දෙද්දි ටේහියුන්ග් තමන්ට කතා කරපූ විලාසය දිහා අමුතුවට බැලුව රියදුරු ටේහියුන්ග්ගේ අතින් චිට් පත අර ගන්න ගමන් ටේහියුන්ග් එක්ක සුහඳව හිනා උනා...

" නඟින්න දරුවෝ..."

රියදුරා කොල කෑල්ලේ ලියලා තිබ්බ ලිපිනය කියවලා ආයේමත් ඒක ටේහියුන්ග්ට දෙන ගමන් සුක්කානම තිබ්බ ආසනය මතට ගොඩ උනා...

ටේහියුන්ද අතේ තිබ්බ කොල කෑල්ල ආයේමත් සාක්කුව ඇතුලට දාගෙන පිටිපස්සේ අසුන මතින් තමන්ගේ ගමන් මලු දෙක තියන ගමන් ඒ ලඟින්ම ඉද ගත්තා...

" පුතා නගරේ නෙමෙයි නේ... ? "

" නැහැ මාමේ...මං ඉගෙන ගන්න ආවේ..."

" හ්ම්ම්...ඒක තමයි...කතා කරනකොටම මට තේරුනා..."

මැද තිබ්බ කණ්නාඩිය දිහා බලලා පිටිපස්සේ හිටිය ටේහියුන්ග් එක්ක හිනා උන රියදුරු නැවතත් පාරට අවදානේ දුන්නා...

එතනින් පස්සේ නිහඬවම කාලය ගෙවීගෙන ගියා....

ජනෙලේ උඩින් අත තියලා ඒ අත උඩින් නිකට තද කරගෙන හිටිය ටේහියුන්ග් නිදහසේම තමන් පහු කරගෙන යන සුවිසල් ගොඩනැඟිලි දිහා බලාගෙන ගියා....

ටේහියුන්ග්ට තවමත් නගරේ අමුතුයි...මිනිස්සුන්ගේ කතා බහාත් ගමට වඩා වෙනස්..ඇඳුම් විලාසිතා , ආහාර පාන පවා ගමට වඩා හුඟාක් වෙනස්...නගරේ හැම අතින්ම දියුණු බව ටේහියුන්ග්ට වැඩි වෙලා නොයාම තේරුම් ගියා...

කොහොම නමුත් මේ නවීන නගරයට ටේහියුන්ග් ටික ටික ආස කරන්න දැන්ම පටන් අරන්...

විනාඩි තිහක විතර කාලයකට පස්සේ රියදුරු තැනක වාහනය නැවැත්තුවා...

" ඇයි මාමේ ? "

" ඔයා පෙන්නුව එඩ්‍රෙස් එකේ තියෙන්නේ මේ ගෙදර..."

රියදුරු කිව්වාම ටේහියුන්ග් වාහනේන් බැහැලා ගෙදර ඉස්සරහම පුවරුවේ ගහලා තිබ්බ අංක කිහිපය දිහා බැලුවා....

ඔව් , ඒ මේ ගෙදර...

" බොහොම ස්තුතී මාමේ..."

ටේහියුන්ග් අවශ්‍ය මුදල් ගෙවලා ඔලුව නමලා ආචාර කරද්දි එයා එක්ක හිනා උන රියදුරු එතනින් යන්න ගියා...

තමන්ගේ ලඟින් කාරය යනකන් බලාගෙන හිටිය ටේහියුන්ග් ආයේමත් ගැඹුරු හුස්මක් පහල දාලා තමන් ඉන්න තට්ටු තුනේ විශාල ගේ දිහාවට හැරුනා....

ගේට්ටුව ලඟට ගිය ටේහියුන්ග් එතන තිබ්බ සීනූව නාද කරලා ටික වේලාවක් බලාගෙන හිටියාම ගෙට්ටුව ඇරෙනවා වෙනුවට එයාට ඇහුනේ ඒ සීනූව ලඟම තිබ්බ මයික්‍රොෆොනයකින් කතා කරන ගැහැනු කෙනෙක්ගේ කට හඬක්...

" කවුද ? "

" අහ්ම්...මම...මම...මේ ටේහියුන්ග්..."

" ටේහියුන්ග් කිව්වේ ? "

" කි...කිම් ටේහියුන්ග්...ඔම්මා මට කිව්වා මේ ගෙදරට-"

" ඔහ් ගෝඩ්...!!! සේරීගේ පුතා ...ඉන්න..ඉන්න මං ගේට් එක අරින්න..."

එහෙම කිව්ව ඒ ගැහැණු කෙනා මයික්‍රොෆොනය අක්‍රීය කරනවත් එක්කම ටේහියුන්ග්ට ඇහුනේ ගේට්ටුවේ අගුල් ඇරෙන සද්දෙයි...

එහෙමම ගෙට්ටුව ඇරගෙන ඇතුලට ගිය හැටියේ ටේහියුන්ග්ට දකින්න හම්බුනේ විශාල වත්තක්...

මුලු වත්ත වටේම තණකොල පමණයි තිබුනේ..

ඒත් සමඟම විශාල නිවසේ දොර ඇරගෙන ලස්සන කාන්තාවක් එලියට එද්දි ඒ කාන්තාවගේ කකුල් අස්සේන් එලියට පැන්න පුංචි බලු පැටියාත් ටේහියුන්ග් දිහාවට දුවන්න පටන් ගත්තේ ටේහියුන්ග්ගේ හුස්ම ටිකත් මදකට හිර කරවලා....

" ඔම්මාආආආආආආ....!!!!!"

ගමන් මලු දෙක එතනම බිමට අතැරිය ටේහියුන්ග් හයියෙන් කෑගහන ගමන්ම වත්ත වටේ දුවන්න පටන් ගත්තා....

" පුතේ එයා කන්නේ නැහැ..."

" අනේ ඔම්මා බේර ගන්න...!!!"

" ටැනී කිව්වාම අහලා මෙහෙ එන්න..."

ටේහියුන්ග්ගේ පස්සෙන් දිවත් එලියට දාගෙන දුවන පුංචි බැලු පැටියාට ඕන උනේ ටේහියුන්ග් එක්ක සෙල්ලම් කරන්න...ඒත් ඒ බලු පැටියා බුර බුර නොනැවතිමක් නැතුව දුවගෙන එන විදිහ දැක්කාම ටේහියුන්ග්ගේ හිතට ආවේ එන්න තියෙන නරකම විදිහේ අදහස්...

බලු පැටියා ටේහියුන්ග් පස්සේ දුවද්දි බලු පැටියාගේ පස්සෙන් දුවන්න ගත්ත කාන්තාව අවසානේ පුංචි බලු පැටියාව අත් අතරට වඩා ගත්තා...

" බය වෙන්න එපා...එයා හපන්නේ නැහැ...මේ ගෙදර හුරතලේට ඇති කරන්නේ..."

" එයා ඇත්තටම හපන්නේ නැහැ නේද ? "

" නැහැ නැහැ එයාට ඕන ඔයාත් එක්ක සෙල්ලම් කරන්න....ඉන්න මං මෙයාව කුඩූවට දාලා එන්න..."

කාන්තාවගේ අත් උඩ තවමත් දඟල දඟල ටේහියුන්ග් ලගට දුවන්න හදන පුංචි බැලු පැටියාව ආයේ ගේ අස්සට ගෙනිච්ච කාන්තාව එයාව කුඩූව ඇතුලට දාන අතරේ කෙල ගුලියක් ගිලල අතින් මුහුනට පොඩ්ඩක් හුලන් ගහ ගත්ත ටේහියුන්ග් කලින් මඟ හලලා ආව ගමන් මලු දෙකත් උස්සන් ගෙදර ඉස්සරහින් හිට ගත්තා....

" මොනාද තවත් එලියට වෙලා කරන්නේ...එන්න ගේ ඇතුලට..."

" අහ් හොඳයි නැද්දේ..."

එහෙම කිව්ව ටේහියුන්ග් ගෙදර ඉස්සරහාම දාගෙන ආව සපත්තු දෙක ගලවන්න දෙකට නැමුනා...

" සපත්තු ගලවන්න ඕන නැහැ ඔහොමම ඇතුලට එන්න..."

" කමක් නැද්ද නැන්දේ ? "

" කමක් නැහැ දරුවෝ...එන්නකෝ , ඇවිත් මෙතනින් වාඩි වෙන්න "

ටේහියුන්ග් ඉස්සරහා එලලා තිබ්බ පාපිස්සෙන් කකුල් පිහිදගෙන අවසානේ ඒ සුදු පොලොව මතට අඩිය තිබ්බා....

ඒ ගෙදර මාලිගාවක් වගේ කියලායි ටේහියුන්ග්ට නම් හිතුනේ...හුඟාක් විශාල ගෙදර හරිම එළියයි...මුලු ගේ වටේම හරි අමුතු මල් සුවඳක් හැමුවා...සාලේ තිබ්බ පුටුවේ ඉදන් ඒ ගෙදර තිබ්බ හැම භාණ්ඩයක්ම මිල අධික බඩු වලට හිමිකම් පෑවා...

ටේහියුන්ග් ගේ වටේ අලංකාරය බල බලම ඇවිත් ඉදගෙන ඉන්නවා දැනෙන්නවත් නැති ඒ පුටුවක් උඩින් වාඩි උනා....

" හරි , කතා කරන්න කලින් අපි මොනා හරි බීලා ඉමූ..."

එහෙම කියමින් කාන්තාව පුටුවෙන් නැඟිට්ටා...

" අනේ කරදර වෙන්න ඕන නැහැ නැන්දේ..."

" මොන කරදරයක් ...ඔහොම චුට්ටක් ඉන්නකෝ..."

කාන්තාව එහෙම කියලා ඉස්සරහාට තිබ්බ අඩිය ආයේ ආ පස්සට අරන් ටේහියුන්ග් දිහා පොඩි වෙලාවක් බලාගෙන ඉදලා ඊලඟ මොහොතේ ඉස්සරහට නැමෙන ගමන් ටේහියුන්ග්ගේ පිම්ඹුන කම්මුල් දෙකම මිරිකන්න ගත්තා....

" අයිගෝඕඕඕ...ඔයා හුඟාක් ලොකු වෙලා..."

කාන්තාව හිතුවේ නැති විදිහට කම්මුල් අදින්න ගත්ත එකට කලබල උන ටේහියුන්ග් ඇස් ලොකු කර ගනිද්දි තමන්ම ඇදපූ කම්මුල් ආයේ ටිකක් අත ගෑව කාන්තාව ටේහියුන්ග්ගේ නහයට පොඩි තට්ටුවක් දාලා කුස්සිය දිහාවට ගියා....

වෙච්ච දේට ඉබේම කම්මුල් රතු කර ගත්ත ටේහියුන්ග් කකුල් දෙක අස්සේ අත් දෙක ගහගෙන තමන්ගේ හිසට උඩින් තියන විශාල බල්බ දිහා බලලා එහෙමම බෙල්ල හරවලා තමන්ගේ එහා පැත්තේ තිබ්බ කුඩූව දිහා බැලුවා...

කුඩූව අස්සේ ඉන්න පුංචි බලු පැටියාත් ටේහියුන්ග් හැරෙනවාත් එක්කම ඒ දිහා බැලුවාත් බලු පැටියා තමන් දිහා හැරුන ක්ශනිකයෙන් ටේහියුන්ග් ආයේ ඉස්සරහා බලා ගත්තා....

නමුත් ටිකකින් බලු පැටියා එහෙට මෙහෙට දඟලනවා කියලා දැක්ක ටේහියුන්ග් තමන්ගේ ඇස් කොනෙන් ඒ දිහා බැලුවාත් හරි සද්දෙන් හිනාවක් එලියට පිට කරේ පුංචි බලු පැටියා තමන්ගේම වලිගය අල්ල ගන්න වටේ කැරකි කැරකි ටේහියුන්ග්ට සංදර්ශන පෙන්නන්න පටන් ගත් නිසා....

ටිකකින් බීම වීදුරු දෙකක් එක්ක ආයේම පුටුව ලඟට ආව කාන්තාව ටේහියුන්ග්ට එක විදූරුවක් දෙන ගමන් ටේහියුන්ග්ගේ ඉස්සරහා තිබ්බ පුටුවෙන් වාඩි උනා....

" මට සේරී පුතා එනවා කියලා පණිවිඩේ දුන්නාම හුඟාක් සතුටු හිතුනා..."

" නැන්දා අපේ ඔම්මාව දන්නවා ? "

" හ්ම්ම් හ්ම්ම්..අපි හොඳ යාලුවෝ..."

" කොහොමද හම්බුනේ...? "

" හ්ම්ම් ඒක දිගම දිග කතාවක්...මං ඒක හිමීට ඔයාට කියන්නම්කෝ...දැන් ඕක බිලා උඩ තට්ටුවේ රූම් එකක් රෙඩි කරලා තියෙනවා...ඒකට ගිහින් රෙස්ට් කරන්න...පැය පහක විතර ගමනක් නේ... නිසා හොඳ නින්දක් දාන්න..තේරුනා නේද ? "

" ඔව් නැන්දේ..."

" මේක පිට ගෙයක් කියලා හිතන්න එපා...ඕන කරන මොනා හරි දෙයක් තිබ්බොත් ලැජ්ජාවක් නැතුව කියන්න ඕන හොඳේ..."

" හරි..."

ටිකකින් කාන්තාව එක්ක සුහදව හිනා උන ටේහියුන්ග් බීම වීදුරුව ඉස්සරහා මේසේ උඩින් තියලා ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා...

" නැන්දාගේ නම මොකක්ද ? "

" ඔයාට මාව මතකත් නැතුව ඇති...අපි අන්තිම වතාට හම්බෙද්දි ඔයා ගොඩාක් චුටී නේ...මං යුන්කී...එත් මං ආසයි පුතා නැන්දා කියලා කතා කරනවාට..."

" හොඳයි නැන්දේ මං නම මතක තියා ගන්නම්...එතකොට නැන්දා විතරද මෙහෙ ඉන්නේ..."

" අහ් නැහැ නැහැ හස්බන්ඩුයි බබායි ඉන්නවා... දෙන්නා වැඩ කරගෙන ගෙදර එද්දි කොහොමත් ටිකක් රෑ වෙනවා...දැන් පුතා ගිහින් රෙස්ට් කරන්නකෝ..."

යුන්කී එහෙම කියලා ටේහියුන්ග් එක්ක හිනා වෙද්දි ආ පිට ලස්සන හිනාවක් ඇයට සංග්‍රහා කෙරුව ටේහියුන්ග් තමන්ගේ ගමන් මලු දෙකත් උස්සන් කලින් යුන්කී පෙන්නුව කාමරේ දිහාවට ගියා.....

.

.

.

" ජන්කුකී ඔප්පා අපි කෝම්පිට්ටු හදමූ..එන්න..."

ගෙදර ඉස්සරහා ඉස්තෝප්පුවේ ඉදගෙන කම්මුලට අතකුත් තියන් තවමත් පාර දිහා බලාගෙන හිටිය ජන්කුක්ගේ අවධානේ තමන්ගේ පැත්තට ගන්න උත්සාහ කරපූ ආරී යූනාට කියලා ඉල්ල ගත්ත පොල් කටූ දෙකත් උස්සන් ජන්කුක්ගේ ඉස්සරහින් හිට ගත්තා...

" බැහැ බැහැ හියුන්ගී ආවෝත් එහෙම මං එයා එක්ක ඉන්න ඕන නේ.. හින්දා සෙල්ලම් කරන්න බැහැ..."

තමන්ගේ ඉස්සරහා ලස්සනට හිනා වෙලා හිටිය ආරීගේ මුහුනවත් නොබලා එහෙම කිව්ව ජන්කුක් ආරීව තමන්ගේ ඉස්සරහින් අහකට කරේ ආරී නිසා පාර නොපෙනුන නිසා...

" ඒත් ටේහියුන්ගී ඔප්පා දැම්මම එන එකක් නැහැ..."

" අපි ආයේමත් වැට ගාවට වෙලා බලන් ඉදිමූ...මට විශ්වාසයි එයා ආයේ එවී..."

" දැන් බලන් ඉදලා නේ ආවේ ඔප්පා..."

" අපි තව වතාවක් ගිහින් බලන් ඉමු..සමහරක්විට දැන් එයා එන ගමන් වෙන්නත් ඇති..."

ජන්කුක් තොලත් උල් කරගෙන අත දික් කර කර කතා කරද්දි එයා දිහා බලන් හුස්මක් පහල දැම්ම ආරී තමන්ගේ අතේ තිබ්බ පොල් කටු දෙක එහෙමම බිම දාලා ජන්කුක්ගේ ලඟින් ඉද ගත්තා...

" අනේ ඔප්පා...ඔහොම වෙන්න එපා..ආරී බබාට දුක හිතෙනවා..."

" හියුන්ගී ආයේ එයි නේද ආරී....අපි එයා එනකන් වැට ගාව බලන් ඉන්න ඔනී නැද්ද...? හියුන්ගීගේ ගමන් මලු බරත් ඇති...අපි උදව් වෙන්න ඕනි..."

ජන්කුක් උන්මත්තකයෙන් වගේ දිගින් දිගටම කියවන්න පටන් ගන්නකොට තමන්ගේ පුංචි අතකින් ජන්කුක්ගේ ඔලුව පිටිපස්ස අල්ල ගත්ත ආරී ජන්කුක්ගේ ඔලුව එහෙමම තමන්ගේ උරහිස උඩින් තියා ගත්තා.....

උදේ වරුවේ ටේහියුන්ග්ගේ නික්ම යෑමෙන් පසූ ජන්කුක්ගේ හැසිරීම් රටාව සහමුලීන්ම කනපිට හැරුනා...

වරුවකටත් වඩා වැඩි වේලාවක් ස්ටේශමේ දුවිලි පොලොව උඩ ආරීව බදාගෙන හඬමින් හිටිය ජන්කුක්ව එතනින් එලියට අරගෙන එන්න ආරී නොකරපූ දෙයක් නැති උනා...

අවසානේ බලෙන්ම වගේ ගම සීමාවට ජන්කුක්ව ගෙනාත් තිබ්බාත් ටේහියුන්ග් එනකන් වැට ගාව බලන් ඉන්නවා කියලා කිව්ව ජන්කුක් ආරී එක්ක එතන වැට ගාව සූර්යයා ඉහ මුදුනට එනකන්ම බලන් ඉදලා ගෙදර ආවා...

වේලාවකට ඔහේ බලාගෙන ඉන්න , තවත් වේලාවකට ඉකි ගගහා අඬන ජන්කුක් තවත් සමහර වේලාවට මේ හොඳට ඉදලා ඒ අනිත් පැත්තටම වැට ලඟට දුවන්න ගත්ත එකෙන් පුංචි ආරීට මුලු දවසම වගේ ගත කරන්න සිද්ද උනේ සිහියක් නැතුව හැසිරෙන ජන්කුක් එක්ක....

යූනාට පවා ජන්කුක්ව මෙල්ල කර ගන්න තරමක් අපහසූ උනා...පුංචි ආරී තමන්ට හැකි හැම උපක්‍රමේම යොදලා ජන්කුක්ව හොඳ සිහියට ගන්න ගියාත් ඒ හැමදේම ගඟට කපන ඉණි වගේ නිෂ්ඵල ක්‍රියා උනේ ජන්කුක්ගේ මනසට ටේහියුන්ග්ගේ පිටත් වීම ඕනාවටත් වඩා තදින් බලපාලා තිබ්බ නිසා....

" මේ බලන්න , ටේහියුන්ගී ඔප්පා දුන්න සිනී බෝල ටික තාමාත් එහෙමමයි...අපි ඒවා ටික කමූ....? "

ජන්කුක් උදේ ඉදන් අත් අතර හිර කරගෙන හිටිය , ටේහියුන්ග් දීලා ගිය අවසන් සිනී බෝල බෑග් එක දිහා බලන් ආරී එහෙම කිව්වාත් ඒත් එක්කම වැට ගාවට දුවන්න බලන් හිටිය ජන්කුක් කලින් වගේම ඉකි ගහන්න පටන් ගත්තා....

" ඔප්පා , නාඩා ඉන්නකෝ....යුනා නැන්දේ...!!! "

ජන්කුක්ව පුංචි අත් දෙකෙන් තදින් බදාගෙන ඒ පිට දැනෙන්න අත ගාන්න ගත්ත ආරී සද්දෙන් කෑගැහුව්වේ මෙච්චර වෙලා තමන් එක්ක ඉදලා තේ ඩිංගක් හදන්න කියලා කුස්සියට ගිය යූනාට....

" ආයේ අඬනවා ? "

" නැන්දේ බලන්නකෝ නැන්දේ...ඔප්පාට සාප නැති වෙයි මෙහෙම ඇඩුවොත්..."

පුංචි ප්ලාස්ටික් කෝප්ප දෙකක් එක්ක පිරීසියකට හකුරු ටිකක් දාගෙන ආව යූනා ජන්කුක් අඬනවා කියලා දැක්ක හැටියේ ඉක්මනින් ඒ ලඟට එන ගමන් එතනම මැටි පොලොව උඩ ඉද ගත්තා...

" කෝ මැණික , ඔම්මා දිහා බලන්න...මේ තේ ටික බීලා ඉදින් රත්තරනේ..."

යූනා ආරීගේ ඇඟ උඩින් ජන්කුක්ව අරන් ඒ කම්මුල් පිහිදලා කොණ්ඩේ පිටිපස්සට කරන ගමන් එහෙම කියද්දි තමන්ගේ නහය එකපාරක් උඩට ඇද්ද ජන්කුක් තමන්ගේ හැඬිම නවත්ත ගත්තා...

" හියුන්ගී බොරු කිව්වා ඔම්මා..එයා කිව්වා මාව බලන්න එනවා කියලා...දැන් කරුවලත් වැටෙන්න ලඟයි...තවමත් නැහැ...කරදරයක් වෙලාද දන්නේ නැහැ ඔම්මා..."

" නැහැ නැහැ...හියුන්ගීට කවුරු කරදර කරන්නද...එයා ඉක්මනින් ඒවී..කෝ මගේ හොඳ දරුවා වගේ මේ තේ එක බීලා ඉන්න..."

" මං වැට ගාවට දුවලා ගිහින් එන්නද ඔම්මා...හියුන්ගී මඟ එනවා නම් මට එතනදිම බලන්න පුලුවන් නේ..."

" මැණික කරුවල වැටුනාම එලියට යනවාට හියුන්ගී අකමැති නේ....ඔයා කරුවලේ වැට ගාව ඉන්නවා දැක්කොත් හියුන්ගීට හුඟාක් තරහා යයි..."

" හහ්...!! ඔව්..මට ඒක අමතක උනා...අම්බෝ එයාට තරහා ගියාම ගොඩාක් නපුරුයි..."

" ඒක නේ... නිසා දැන් කොහෙවත් නොයා ගෙදරට වෙලා ඉන්න හොඳද...හියුන්ගී ආවෝත් හෙට උදේට ගෙදරට එයි නේ...දැන් උණුවෙන්ම මේ තේ ටික බොන්න...දැන් අප්පා ගෙදර එනවාත් ඇති..."

පුංචි ආරීට තේ එක නිව නිව හෙමින් පොවන්න ගත්ත යූනා අනිත් අතෙන් දැන් ටිකක් සංසුන් වෙලා ඉන්න ජන්කුක්ගේ ඔලුව හැම තප්පරේම වගේ අත ගෑවා....

.

.

.

.

ඇඟෙන් දැනුන මහන්සි ගතියට ඇදගෙන ඉන්න ඇදුම පිටින්ම සුවපහසු ඇඳ මත නින්ද ගිහින් හිටිය ටේහියුන්ග් ඇඟ හරහා යන අමුතු සීතල ගතිය නිසා නින්දෙන් ඇහැරුනා....

වහගෙන ඉන්න ඇස් හෙමින් හෙමින් අරිද්දි ටේහියුන්ග්ට සම්පුර්ණයෙන්ම දැක ගන්න පුලුවන් උනේ ඝන අන්දකාරේ විතරයි....

නින්දට වැටෙන්න කලින් දැක්ක ඇඳ එහා පැත්තේ තිබ්බ විදුලි ලාම්පුවේ ස්වීචය කරුවලේම ඇඳ දිගේ අත ගෙනියලා හොයා ගත්ත ටේහියුන්ග් එය දල්වන ගමන් ඇඳෙන් හෙමීට නැඟිට්ටා....

ටිකකින් තමන්ව නින්දෙන් ඇහැරවන්න තරම් හුලඟක් කාමරයට ගෙන එන්න උදව් උන ජනේල් පියන් වහලා දැම්ම ටේහියුන්ග් කාමරේ විදුලි බල්බය දල්වලා තමන් ගෙනාපූ ඇඳුම් බෑගය අවුස්සන ගමන් සාලුවක් හොයා ගත්තා....

නවීන පන්නයට තැනූ නාන කාමරයක් ඇතුලේ විනාඩි තිහකට වඩා වැඩි කාලයක් ස්නානය කරමින් හිටිය ටේහියුන්ග් අවසානේ ශවරය වහන ගමන් ගෙනාපූ සාලූව ඉන වටේ බැදගෙන යලිත් කාමරයට ගොඩ උනා...

කොයි තරම් යුන්කී එක්ක සිනා මුසු මුහුනින් ටේහියුන්ග් කතා කරාත් කාත් කවුරුත් නැති බිත්ති හතරකට කොටු උන හැටියේ ටේහියුන්ග්ට කෝච්චිය තුලදි දැනුන ඒ හිස් බව යලිත් දැනෙන්න පටන් ගත්තා....

අතට අහු උන ඇඳුම් දෙකක් හොයාගෙන ඒක ඇද ගත්ත ටේහියුන්ග් එක් බෑගයක අයිනේ සාක්කුවක දාලා තිබ්බ ජන්කුක් තමන්ට දුන්න ඒ ලේන්සුව එලියට ඇද්දා....

ඇඳ උඩින් වාඩි වෙන ගමන් ටේහියුන්ග් හරිම පරිස්සමෙන් ලේන්සුව ලිහලා චුටී රිබන් එකක ගෙට ගහලා තිබ්බ කොණ්ඩ අහුර අල්ල මත ගුලි කර ගන්න ගමන්ම එහෙමම ඇඳ උඩ ඇල උනා...

ජන්කුක්ගේ ලඟින් එන එයාටම ආවේණික උන ඒ සුවඳ ටේහියුන්ග්ට දැනුත් අත් උඩ තියෙන කොණ්ඩේ අහුරෙන් දැනෙන්න පටන් ගත්තා....

ටේහියුන්ග් ඒ කොණ්ඩ අහුර එහෙමම ගුලි කරගෙන පපුවට තුරුල් කර ගත්තා....

ටේහියුන්ග් පලවෙනි වතාවට සීතල මෙට්ටය උඩ ජන්කුක්ගේ උණුසුම හොයන්න උනා...අවශ්‍ය වේලාවට දුවලා ගිහින් ඒ පපුවට හේත්තු වෙලා නිදහසේ ඇස් පියා ගත්ත ටේහියුන්ග්ට අද ඒ උණුසුම් පපුවේ අඩුව පුරව ගන්න සිද්ද උනේ පුංචි කෙස් ගස් කිහිපයක උපකාරෙන්....

ඒ කෙස් ගස් ජන්කුක්ගේ සුවඳ නැවත නැවතත් ටේහියුන්ග්ට මතක් කරා....

නමුත් ඒ කොණ්ඩ කෑලී කිහිපයට ටේහියුන්ග් හෙව්ව හරි උණුසුම දෙන්න තරම් අපොහොසත් උනා....

ඇඳ උඩම බෝලයක් වගේ ගුලි ගැහුන ටේහියුන්ග්ගේ ඇස් වලින් මෙච්චර වෙලා වේලීලා තිබ්බ කඳුලු වැල් නැවතත් අලුත් වෙමින් එකින් එක කම්මුල් හරහා මෙට්ටෙට වැටිලා ඒ සුදු රෙද්ද තෙත් කරන්න පටන් ගත්තා....

" ම්..මට...මට පාලූයි..."

නිහඬවම අඬපූ ටේහියුන්ග් දැන් ඉකි ගහනවා...ඒ පපුව පුරා පැතිරිලා යන වේදනාව එන්න එන්නම වැඩි උනා....වහගෙන ඉන්න ඇස් ටේහියුන්ග්ට තමන්ගේ අතීතේ වෙච්ච ලස්සන මතකයන් එක පෙලට මතක් කරා...ඒ මතකයන් කොයි තරම් සුන්දර දසුන් උනාත් මේ මොහොතේ ඒවාම ටේහියුන්ග්ව වේදනාවට පත් කරන්න සමත් උනා....

වේදනා දෙන පපුව අතැගිලි වලින් මිරිකගෙන දණහිස් දෙක පපු තුරුලුට ලං කර ගත්ත ටේහියුන්ග් තමන්ගේ කඳුලි පිහන්න කවුරුත් නැති තැන යලිත් වතාවක් සද්දෙන් අඬන්න ගත්තා....

.

.

.


.

" අනේ කොල්ලො , මේ රේඩියෝ එක චුට්ටක් බලහන්කෝ...ආයේම කැඩිලා නේ මේ ඉලව්ව..."

ඇඳ උඩින් වාඩි වෙලා හිටිය වූබින් රේඩියෝ එකේ ඇන්ටනා දෙක එහෙට මෙහෙට කරකව කරකව ඉදලා අවසානේ රේඩීයෝ එකට හෙමීට තට්ටු දාන ගමන් ඊට එහා පැත්තේ ඉදගෙන හිටිය ජන්කුක්ට කතා කරා....

" හැමදාම මේ අටමඟලේ ලෙඩ දෙන්න ගන්නේ මගේ නාට්ටි ටික අහන්න යද්දි තමයි...ඇත්තමයි එන තරහාට ගහන්න හිතයි උස්සලා පොලොවේ..."

වුබීන් හරියට ඕන කරන චැනලය අහු වෙන්නේ නැති නිසා ආපූ ආවේගේටම රේඩියෝ එකට ආයේම හයියෙන් පාරක් ගැහුව්වා....

" කොල්ලො මේක චුට්ටක් හදලා දියන්-"

වුබින් රෙඩියෝ එකෙන් ඔරලෝව දිහා බලලා ඔරලෝසුවෙන් ඇස් අහකට ගන්න ගමන් එහෙමම ජන්කුක් දිහාවට හැරුනේ ඇයි ජන්කුක් සද්දයක් නැත්තේ කියලා බලන්න...

" කොල්ලෝ...? "

කකුල් දෙක අස්සේ අත් ගහගෙන නිහඬවම ඉකි බිඳින ජන්කුක්ව දැක්ක හැටියේ වූබින්ගේ මුලු ඇඟම සීතල වෙලා යන්න ගියේ තප්පරයකටත් වඩා අඩු කාලයක්....

" මැණික ඇයි මේ ? "

වූබින් ජන්කුක්ගේ ඔලුව අත ගාලා කුතුහලයෙන් එහෙම ඇහුව්වාත් බිමට ඔලුව නවාගෙන හිටිය ජන්කුක් තමන්ගේ ඉකි ගැසීම් නවත්වන්න කිසිම වෙහෙසක් නොදැක්කුවා...

" කතා කරපන් කොලුවෝ ඇයි මේ..."

වූබින් ජන්කුක්ගේ උරහිස මදක් හොලවලා එහෙමම එයාව තමන්ගේ නිරුවත් පපුවට තුරුල් කර ගත්තා...

නමුත් තප්පර නැත්තම් දෙකයි ගියේ...

වුබින්වද කලබල කරවමින් ජන්කුක් තමන්ගේ හීන් ඉකි බිඳිල්ල මහ විලාපයකට පෙරලුවේ කුස්සියේ හිටිය යූනාවත් තිගස්සවලා....

" ජන්කුක් කතා කරපන් ඇයි මේ...අනේ කතා කරපන්කෝ වස්තුවේ..."

වූබින් ජන්කුක්ගේ නිකට අල්ලලා එහෙම ඇහුව්වත් වූබින්ව බදාගෙන කෑගහලා අඬන්න ගත්ත ජන්කුක් කිසිම වචනයක් නොකිව්වා...

" යූනා...!!! යූනා අනේ මේ කොල්ලා අඬනවා නේ...යූනා....නාඩා ඉදින් මැණික...කෝ මගේ හොඳ දරුවා නේ....අඬන්න එපා ඔහොම...උබ අසනීප වෙයි පුතේ....කෝ අප්පා දිහා බලන්න..."

වූබින් ජන්කුක්ගේ උරහිස වේගෙන් අත ගාන ගමන් කලබලෙන් කෑගැහුව්වා....

ඒ අතර රෑට කෑම පිසින ගමන් හිටිය යූනා උයන එකත් මඟ නවත්තලා දඩිබිඩියේ සාලේට දුවගෙන ආවේ ජන්කුක්ගේ මහ හඩින් කෙරුන විලාප ඇහිලා...

" පාර ඇයි ? "

" අනේ මන්දා....මගේත් එක්ක හොඳට හිටියා දැන්...එකපාරම කැගහලා අඬන්න ගත්තා නේ...."

වුබින් තමන්ගේ පපුවට හේත්තු වෙලා හිටිය ජන්කුක්ගේ කලවා අතගාන ගමන් එහෙම කියද්දි යූනා තමන් ඇදගෙන හිටිය රෙදි කෑල්ලෙන් අත් දෙක පිහගෙන ජන්කුක් ඉස්සරහින් දණ ගැහුව්වා....

" පුතේ , ඔම්මා දිහා බලන්න මැණික...කෝ මගේ හොඳ පුතා නේ..."

යූනා ජන්කුක්ගේ ඔලුව හිමීට පිරිමැදලා එහෙම කියද්දි ජන්කුක් වූබින්ගේ බෙල්ල අස්සෙන් මදකට ඔලුව උස්සලා යූනා දිහා බැලුවා...

" ඇයි රත්තරනේ මේ...? මොකක්ද උනේ මගේ මැණිකට..."

" හ්..හ්...හියුන්ගීව මතක් වෙනවා ඔම්මා..."

" ශ්ශ්...එයා එයි හොඳේ...හියුන්ගී එනවා කිව්වා නම් අනිවාර්යයෙන්ම එයි...කෝ දැන් නාඩා ඉන්න...අපි හැමෝටම දුකයි ඒකට..නමුත් ඇඩුවා කියලා ඵලක් නැහැ නේ වස්තුවේ...අපි හියුන්ගී එනකන් බලාගෙන ඉමු..."

යුනා තමන්ගේ ඇස් වලට පිරෙන කඳුලු වලට බිමට වැටෙන්න අවසර නොදි ජන්කුක්ගේ පුංචි අත් දෙක තමන්ගේ අත් අතරට අරන් ඒවා ආදරේන් ඉඹින්න ගත්තා...

" මගේ පුතා නාඩා හිටියෝත් අප්පා හෙට ටවුමෙන් ඔයා ඉල්ලුව සෙල්ලන් කාර් එක අරන් දෙනවා...දවසක් අර පොඩි කෙල්ල එක්ක සෙල්ලම් කරන්න කියලා ඇස් ගහන බෝනික්කෙක්ව ඉල්ලුවේ...අන්න එයාවත් අරන් දෙන්නම්...අහ් තව ඔම්මා ඔයා කන්න ආස කෑම එහෙමත් හදලා දෙයි...ඔම්මා මගේ කොල්ලාට ඒවා හදලා දෙනවා නේද ? "

" ඔව් , චුටි පුතා ඉල්ලන ඕනම දෙයක් හදලා දෙන්නම්...මගේ රත්තරං එලෝලු බත් කන්න ආසායි නේද හ්ම්ම් ? ඔම්මා හෙට රසට ඒවා හදලා දෙන්නම්..."

" අර දැක්කාද ඔම්මා හෙට එලෝලු බත් හදනවාලු....ඔන්න ඔම්මා හෙට බත් ගොඩාක් හදන්න ඕනී හොඳේ....කෝ කවුද කියන්න හෙට අප්පා එක්ක ටවුමට යන්න එන්නේ...? "

" අපි එනවා...!!! "

වුබින් අමාරුවෙන් හුස්ම ගන්න ජන්කුක්ගේ පපුව අත ගාමින් එහෙම කියද්දි ජන්කුක්ගේ අතක් අල්ලලා එක්ක උඩට උස්සලා ටිකක් හොල්ලන්න ගත්ත යූනා සද්දෙන් කෑගැහුව්වා....

වූබින්ගේත් යූනාගේත් ලොකු කැපවීම මත අවසානේ අමාරුවෙන් හුස්ම උඩට ඇද්ද ජන්කුක් සංසුන් උනාත් ඒ හිත ඇතුලේ වෙලා තිබ්බ තුවාලේ කවුරුත් හිතුවාට වඩා හුඟාක් ගැඹුරු එකක් උනා....

.


.


.

.

ඇඳේ ගුලි වෙලා හිටිය ටේහියුන්ග් තමන්ගේ පෙඟිච්ච කම්මුල් ඉක්මනින් පිහිද ගත්තේ කාමරේ දොරට කවුරුම හරි තට්ටු කරන සද්දේ ඇහිලා....

" පූතේ , කෑම කන්න එන්නේ නැද්ද...? දැන් රෑ දහයත් පහූ වෙලා..."

" පුතේ ? "

කිහිප වතාවක්ම දොරට ගහපූ යුන්කී ටේහියුන්ග්ගේන් කිසිම පිලිතුරක් හම්බුනේ නැති හින්දා අවසානේ දොර ලඟින් එහාට යන්න තීරණය කරේ ටේහියුන්ග්ට නින්ද ගිහින් ඇති කියලා හිතලා....

යුන්කී තමන්ගේ දොරට තට්ටු කරන හඬ ටේහියුන්ග්ගේ කන් වලට හොඳින් ඇහුනාත් ටේහියුන්ග් කිසිවක් නොකියා නිහඬවම ඉන්න වග බලා ගත්තේ ටේහියුන්ග් මේ මොහොතේ හිටියේ මනුස්සෙක්ට මුහුන පෙන්නන්න පුලුවන් මට්ටමක නෙමෙයි නිසා....

යුන්කී නිදන කාමරේ දොර ලඟින් එහාට ගියා කියලා දැනුන ටේහියුන්ග් යලිත් තමන්ගේ ඇස් දෙක වහ ගත්තා....ඒ හිත ඉල්ලපූ ඒ හිත හොයපූ ඒ නිදහස තවමත් ටේහියුන්ග්ට නොලැබුනා...

ටේහියුන්ට මතක් උනා ජන්කුක්ගේ සිනිඳු අත් අල්ලන් අවසන් වතාට කන්ද මුදුනට ගිය විදිහ , ටේහියුන්ග්ට මතක් උනා තමන් කියන චාටූ බස් වලට ජන්කුක් ඒ බෝල කම්මුල් රතු පාට කර ගන්න විදිහ , ටේහියුන්ග්ට මතක් උනා තමන්ගේ උරහිස උඩ ඔලුව තියන් ඇඟිලි එක්ක සෙල්ලම් කරමින් ජන්කුක් තොල් උල් කර කර කිව්ව හුරතල් කතා ගැන , ටේහියුන්ග්ට මතක් උනා හමුවෙන හැම වතාවකම දෙදෙනා අතර හුවමාරු උන උණුසුම් සිප ගැනීම් ගැන....

මේ හැමදේම මෙතෙක් කල් ටේහියුන්ග්ට ලස්සන අතීතයක් උනා...නමුත් අද ඉදන් , මේ දැන් ඉදන් ඒ හැම ලස්සන මතකයක්ම ටේහියුන්ග්ට දැනුනේ රෑ දැකලා උදේට අමතක වෙලා යන ලස්සන සුරංගනා හීනයක් වගේ...

ආයේත් ඒ චුටි ඇඟිලි තුඩු අතර ඇඟිලි පටලවන් ගම වටේ දුවන්න ටේහියුන්ග්ට බැහැ , ආයේත් ඒ කන ලඟට තොල් පෙති ලං කරලා චුටි චුටි මියුරු වදන් මුමුනන්න ටේහියුන්ග් බැහැ , ආයේත් ඒ රෝස පාට තොල් අතරින් පෙරලිලා එලියට පිට වෙන සුන්දර කටහඬ අහන්න ටේහියුන්ග්ට බැහැ , ආයේත් දරා ගන්න බැරි සෙනෙහස පාලනෙකින් තොර උණුසුම් සිප ගැනීමකින් එලියට මුදා හරින්න ටේහියුන්ග්ට බැහැ....

අදින් පස්සේ ටේහියුන්ග්ට ජන්කුක් එක්ක කිසිම දෙයක් කරන්න බැහැ....

ඒ ඇස් වල වැටෙන්න තරම් තවත් කඳුලු ඉතුරු වෙලා තිබ්බේ නැහැ....ටේහියුන්ට දැන් අඬන්න තරම්වත් ඒ ගතේ කිසිදු ශක්තියක් නැහැ....

හැමදේම සුලිකුනාටුවක් තරම් වේගෙන් සිද්ද වෙලා ටේහියුන්ග්ගේ හැමදේමත් අරගෙන අවසානේ ටේහියුන්ග්ව නිකන්ම නිකන් හිස් මිනිහෙක් බවට පරිවර්තනය කරමින් ඒ සුලි කුනාටුව යන්නම ගිහින්....

හිත ඇතුලේ ගොඩ ගැහුන ලස්සන හීන ගොඩාක් ගිනි ඇවිලුන කඩදාසියක් මෙන් අලු බවට හැරෙද්දි ටේහියුන්ග් කිසිම හැඟීමක් නැති හිස් බැල්මකින් ජනේලෙන් එපිට පායලා තියෙන ඒ සුන්දර චන්ද්‍ර්‍යා දිහා බලාගෙන හිටියේ හිතේ හරිම මන්දගාමීව උඩට මතු වෙමින් තිබුන හැඟීම් යලිත් ඒ හදවත පතුලේ මිහිදන් කරන ගමන්....

පැයක්...දෙකක්... සමහරවිට ඊටත් වඩා වැඩි කාලයක් හිස් බැල්මකින් ජනේලෙන් එපිට බලාගෙන හිටිය ටේහියුන්ග්ගේ අවදානේ දෙවනි වතාවටත් එකපාරම බිඳිලා ගියේ තමන්ගේ කාමරේ දොර ලගම ඇහුන ඒ ඝෝශාවට....

" හරි ශෝක් ශ්‍රියා කාන්තාව ගෙදරට වඩින වේලාව....මෙහෙමද තරුණ කෙල්ලෙක් හැසිරෙන්නේ අහ් දෝණී ? "

සංවාදේ මුලින්ම ඇහුනේ යුන්කීගේ කට හඬ...

" හයියෝ මාම්...කෑගහන්න එපා අනේ...මගේ ඔලුවත් එක්ක රිදෙනවා..."

ඒත් එක්කම තවත් පැත්තකින් ඇහුනේ නොදන්න තරුණියකගේ කට හඬක්....

" ඩැඩාගේ සල්ලි සේරම ටික ක්ලබ් වලට වියදම් කරලා ඔයා මොකක්ද මේ නටන විකාරේ...බලන්න ඔයා ගාවින් එන ඇල්කෝල් ගඳ විතරක්...කෙලින් හිට ගන්නවත් පණ තියෙනවා ? "

" එන්ජෝයි කරන්නේ මේ කාලේ විතරයි මාම්...ඒකටවත් මට ෆ්‍රීඩම් එකක් නැද්ද ? "

" අහ්හ්හ්හ් ෆ්‍රීඩම්...ඔය හෙනෙ තමා තමුන්ව මෙහෙම නාස්ති කරලා තියෙන්නේ...කෝලේජ් එකකට කියලා යැව්වාත් හරි එන්න එන්නම කාලකන්නි වෙනවා...බලනවා...ඊයේ ඉදලා කට කැඩෙනකන්ම කිව්වා අද අර දරුවා එනවා නිසා වේලාසන ගෙදර ඇවිත් පිලිවෙලකට ඉන්න කියලා...දැන් කොහොමද කියනවා හෙට උදේටවත් මං රෙද්දක් ඇදගෙන දරුවාට තමුන්ව මුන ගස්සවන්නේ..."

" අහ් විලේජ් බෝයි ආව ? කෝ දැන් ? "

" ලමයා නිදි...තමුන් මේ එලිවෙන ජාමේ ගෙදර එනකන් මං වගේ ගොන්නු බලන් හිටියාට... අනිත් මිනිස්සු ඇහැරගෙන බලන් ඉන්නේ නැහැ..."

" අපෝ මහ ගොඩේ නේ අනේ...මෙච්චර වේලාසන නිදා ගන්නවා ? "

" වේලාසන ? වේලාසන තමුන්ගේ ඔරලෝසුවේ පෙන්නන විදිහ වෙන්න ඕන...දැන් පාන්දර එකත් පහු වෙලා...බලනවා දරුවා කොයි තරම් පිලිවෙලට හැදිලා තියෙනවාද කියලා...පුදුමාකාර සංවරකමක් තියෙන්නේ...අනේ ඒකටම කියලා මාත් හැදුවා කෙල්ලෙක්ව..නමට විතරක් කෙල්ලෙක්..."

" හයියෝ මාම්....ඔය බණ කියවන එක නතර කරලා මට කෑම ටිකක් බෙදන් එන්නකො...ඩිනර් එක ගන්න හම්බුනෙත් නැහැ..."

" අහ් කුමාරිහාමිට බඩගිනිත් දැනෙනවා ? මං කෑම උයලා දීලා තව බෙදලාත් දෙන්න ඔනීද ? නැහැ ! සර්වන්ට් වැඩ මං කරන්නේ නැහැ...තමුන්ට බඩගිනි නම් තමුන් බෙදාගෙන කනවා... වගේම හෙට ඩැඩා නැගිට්ටාම උත්තර බදින්නත් ලෑස්ති වෙලා ඉන්නවා..."

යුන්කී එහෙම කියලා එතනින් යනකොට ටේහියුන්ග්ගේ දොර ගාව හිටගෙන හිටිය ඒ කෙල්ල එතනම බිත්තියට අත මිටමොලවලා ගැහුව්වේ කාමරේ ඇතුලේ ඇඳ උඩ ඉදන් මේ සේරම එව්වා අහගෙන හිටිය ටේහියුන්ග්නුත් ගැස්සිලා යද්දි....

වැඩිවෙලා නොයාම යුන්කී කිව්ව බබා ගැන තේරුම් ගත්ත ටේහියුන්ග් තමන්ගේ කාමරේ ඉස්සරහා උන යුද්ධය මදක් අඩු වෙනකන් ඉදලා ආයේම ඇඳ උඩින් ඇල උනේ හිමින් නිදි දෙව්දුව වැලඳ ගන්න බලාපොරොත්තුවෙන්....

.


.

.


.

" කොල්ලාට නින්ද ගිහින් ...?"

වූබින් ඇඳ උඩ ඉදගෙන බිම පැඳුර උඩ යූනාගේ අත උඩින් ඔලුව තියාගෙන ඉන්න ජන්කුක් දිහා බලලා යූනාගේන් එහෙම ඇහුව්වා...

" යාන්තම් ඇහැ පියා ගත්තා..."

යුනා තමන්ට තුරුල් වෙලා හිටිය ජන්කුක්ගේ ඔලුව දිගින් දිගටම අත ගාන ගමන් එහෙම මිමිනුවා...

" පව් කොල්ල...දරා ගන්න බැරුව ඇති..."

" මං හිතුවේ නැහැ පුංචි මහත්තයාගේ ගමන පොඩි එකාට මේ තරම්ම බලපායි කියලා..."

" බල නොපැවොත් තමා පුදුමේ..."

" මං පලවෙනි වතාවට මහත්තයා අපේ කොල්ලාව මේ විදිහට දැක්කේ.."

" ඔව් ඉතිං පුංචි මහත්තයාත් මේ පලවෙනි වතාවටනේ ආයේ නොයෙන්නම ගමෙන් එලියට ගියේ... හින්දා තමයි ඔය තරම් වේදනාව....."

" මට නම් බය ඔහොම ඉදලා ලෙඩක් හදා ගනීද කියලා...රෑට කෑවේත් නැහැ නේ..."

" එක නම් කියන්න දන්නේ නැහැ...කොල්ලා කොහොමත් දුර්වලයි නේ..."

වූබින් කියද්දි ජන්කුක් දිහා බැලුව යූනා ජන්කුක්ගේ මුහුන මත සෙනෙහස ගැබ් උන හාදු කිහිපයක් තැවරුවා....

" පුංචි මහත්තයා ආයේ ගමට එයි අපේ මහත්තයා..?"

" එයි...හැබැයි ගියපූ විදිහටම එයිද කියන්න විශ්වාසයක් නැහැ..."

" කිව්වේ ? "

" මෙහෙම නේ...ගමේ ගස් කොලන් එක්ක හැදුනාත් නගර වලට ගියාම හුඟාක් අය වෙනස් වෙනවා නෝනේ...අලුත් සමාජේට හුරු වෙද්දි , අලුත් යාලූ මිතුරන් මුණ ගැහෙද්දි නගරේ ගමට වඩා හොඳයි කියලා දැනෙද්දි මිනිස්සු නොදැනුවත්වම හරි වෙනස් වෙනවා..."

" අනේ අපේ පුංචි මහත්තයාත් එහෙම වෙයි ? "

" මං එහෙම වෙයිමයි කියලා කියන්නේ නැහැ නමුත් නොවෙයි කියලා කියන්නෙත් නැහැ... හින්දා පුංචි මහත්තයා ගිය විදිහටම එයි කියලා අපි බලාපොරොත්තුවක් විතරක් තියා ගමූ....."

" අපේ එක්කෙනාට පුංචි මහත්තයා එක්ක තිබ්බේ අමුතු යාලුකමක් නේ වූ...අනික් කිසිම කෙනෙක්ව එහෙම ලඟින් ආශ්‍රය කරනවා මං දැකලා නැහැ..."

" ඒක යාලුකමක්මත් නෙමෙයි යූනා..."

" කිව්වේ අපේ මහත්තයා ? "

" මං හිතුවා යූනා මේ වෙනකොටත් ඒක තේරුම් අරගෙන ඇති කියලා..."

" අපේ මහත්තයා මොනාද කියන්න උත්සාහ ගන්නේ...."

" අපිත් ආදරේ කරලා කසාද බැන්ද ජෝඩුවක් නිසා මං හිතුවා යූනාට දැනටමත් එයාලා අතර තිබ්බ බැඳීම කොයි වගේ එකක්ද කියලා තේරුම් යන්න ඇති කියලා..."

" මහත්තයා කියන දේ මට ඇත්තටම තේරෙන්නේ නැහැ...මහත්තයා කියන්නේ මේ දෙන්නා ආදරේ කරා කියලා ? "

" නැහැ නැහැ නෝනේ...එයාලාට එච්චර දුරක් යන්න හම්බුනේ නැහැ...එයාලා අතර තිබ්බේ යාලුවෙක්ට එහා ගිය නමුත් ආදරේකට මෙහා නැවතුන නමක් නැති බැඳීමක්...ඒක සහෝදරකමක් කියන්නත් බැහැ..."

" ඇයි ? "

" මොකද එයාලා හාදු දුන්නා...මං මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා..."

" ඉතිං එයාලා චුටි කාලේත් එහෙම කරානේ ? "

" කාලේ එයාලා අපි හැමෝම ඉස්සරහා විදිහට හාදු දුන්නේ නොතේරුම්කමට...නමුත් දැන් හාදු දුන්නේ හොරෙන්...කෙටියෙන් කිව්වොත් එයාලාට තේරෙනවා හැමෝම ඉස්සරහා දැන් හාදු දෙන එක හොඳ නැහැ කියලා...ඉතිං එයාලා හොරෙන් ඒක කරනවා...නමුත් එහෙම කරන්න හේතු එයාලාට තාම තේරිලා නැහැ..."

" අනේ මන්දා මහත්තයා...මං නම් දෙන්නාගේ එහෙම වෙනසක් දැක්කේ නැහැ...පුංචි මහත්තයාව මං එදා ඉදලා දැක්කේ මගේම දරුවෙක් වගේ...හරියට බැලුවොත් කොල්ලා උස මහත් උනේ වැඩි හරියක්ම අපේ ගේ ඇතුලේ නේ..."

" ඔව් ඉතිං බලන බලන කොයි වේලාවෙත් ජන්කූ ගාගෙන අපේ ගේ අස්සේ නේ....කොයි තරම් සැපපහසු ගෙයක් තිබ්බාත් මේ මැටි පොලව උඩ ඉදගෙන වල්පල් දොඩවන එක තරම් වෙනින් රාජකාරියක් පුංචි මහත්තයාට තිබ්බේ නැති තරම් නේ..."

" පව් , එක්කෙනෙක් නෙමෙයි දෙන්නාම...දැක්කාද උදේ පුංචි මහත්තයාගේ මුහුන...හිතකින් නෙමෙයි ගම දාලා යන්න හිත හදාගෙන තියෙන්නේ...දෙන්නාම පැති දෙකක ඉදන් දුක් විදිනවා...කාටද ඉතිං පුංචි කාලේ ඉදන් එකට හිටිය හිතවතුන්ව ඈත් කරලා යන්න හිත හදා ගන්න පුලුවන්....මේවාට වග කියන්න ඕන සම්පුර්ණයෙන්ම පුංචි මහත්තයාගේ මහ එවුන් තමා..."

" එහෙම කියන්න එපා යූනා...අපි ඔය විදිහට දැන් කිව්වාත් නිකන් හිතලා බලන්න , අද අපි දේහියුන්ග් මහත්තයාලා වගේ තැනක ඉදන් වගේ වත්කමක් තියන් හිටියා නම් අපිත් මේ වගේ තීරණයක් ගන්නේ නැද්ද කියලා...මොන දෙමාපියෝ අකමැති තමන්ගේ දරුවා හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට එනවා දකින්න..."

" මහත්තයා කියන කතාව එක පැත්තකින් ඇත්ත...ඒත් දරුවන්ගේ චුටී හිත් ඊටත් වඩා වටිනවා...කොහොම නමුත් දැන් වෙච්ච දේ උනා...දෙන්නාටම ඉවසන්න සිද්ද වෙනවා...මං බලාපොරොත්තු වෙනවා මේ ගමෙන් ගියපූ පුංචි මහත්තයාම ආයේ එන්න කියලා...එහෙම නොවුනොත් මගේ පොඩි එකාගේ පපුව පැලෙයි.."

" පුංචි මහත්තයා ගොඩාක් ගුණ යහපන් දරුවෙක්...ගමෙන් ඉගෙන ගත්ත පුරුදු ලේසියෙන් ඇඟෙන් යවන්න අමාරුයි...නමුත් දැන් පුංචි මහත්තයා කොයි වගේ පරිසර රටාවකද හැදෙන්නේ කියලා අපි දන්නේ නැහැ නේ... නිසා අපිට හරි තීරණේකට එන්න අමාරුයි...වෙනස් වෙනවාද නොවෙනවාද කියන වගකීම තියෙන්නේ සම්පුර්ණයෙන්ම පුංචි මහත්තයාගේ අතේ...."

එහෙම කිව්ව වූබින් ඇඳෙන් පහලට අත දාලා යූනාගේ පපුව අස්සේ මුහුන හංගන් ගැඹුරු නින්දක පසු වෙන ජන්කුක්ගේ කොන්ඩේ අතරින් ඇඟිලි යවලා එහෙමම ලාම්පුව නිවලා දැම්මේ පහුවෙනිදාට කුඹුරට යන්න වේලාසන නිදා ගන්න ඕන නිසා....

.

.

.

.

හායි...

ඔන්න මෙකේත් අප්ඩේට් එකක් දෙන්න පුලුවන් උනා....

වැරදි තිබ්බොත් කියන්න....

අලුත් චැප් එක ඉක්මනින්ම දෙන්න බලන්නම්...

එහෙනම් මෙතනින් මං තාවකාලීකව නතර වෙනවා...

ආයේම එනකන් මේ චැප් එක ලස්සන කමෙන්ට් වලින් පුරවන්න....

එතකන් බායි බායී... 😍❤️

Continue Reading

You'll Also Like

55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...
9.2M 646K 82
[ BOOK 1 OF AZITERA: YTHER'S QUEEN ] Consumed by avarice, the four human kingdoms-the Infernal Empire, the Kingdom of Caelum, the Kingdom of Treterra...
21.3K 3.5K 20
අයිස් නිලට හුරු තහනම් රෝස කුසුමක .. හාදුවක මුසු උනු වයින් රස දෙතොලතර ... කල් මරන්න හිතෙන රාගයේ ආශාව ගැන.. අදහසක් ඔබට ඇත්තෙන්ම නැහැ මරියා... අඳුර පිර...
106K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...