Stolen Love

By U_MiShi

149K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 69

1K 287 224
By U_MiShi

Comment goal 100

වීදුරු ජනෙල් හරහා කාමරයට තුලට ගලන් එන හිරු එලිය ජන්කුක් ගෙ මුහුනට පමනක්ම වැටුනෙ ඔහුව පමනක් නින්දෙන් අවදි කරන්න උවමනාවෙන් මෙනියි .ඇහි බැම් අකුලමින් හිස පැත්තකට හරවගත්ත ජන්කුක්  මුහුනට වැටෙන හිරු එලිය අතින් ආවරනය කරගන්න උත්සහ කලත් ජන්කුක් ගෙ අත මතින් ඔහුට දැනුනෙ යම් බර ගතියක්.නිදිබරව පහලට බර වෙලා තියන ජන්කුක් ගෙ ඇසිපියන් වේගයෙන් විවර වුනේ බොහොම ලගින් හමන රෝස සුවදකුත් ජන්කුක් ගෙ නහයට දැනෙද්දි.

ඇස් ඇරිය ඊලග තත්පරයේම ජන්කුක් ගෙ තොල් අග ඇදුනෙ සුන්දර සිනහවක්.සෙනෙහෙබර ආදරනීය හැගීම් ගොන්නක් ජන්කුක් ගෙ ඇස් වල ඇදිලා යද්දි ජන්කුක්ගෙ තුරුලට ගුලි වෙලා ඉන්න ටේහියුන්ග් දිහා බලන් හිස ඇල කරමින් තනිවම ජන්කුක් හිනාවුනා.
ජන්කුක්ගෙ උනුහුමට ගුලිවෙලා නිදියන් ඉන්න ටේහියුන්ග් නින්දෙන්ම ජන්කුක්ගෙ පපුවට තුරුලු වෙලා තවමත් තද නින්දෙ.ජන්කුක්ට හෙලවෙන්නවත් බැරි විදියට ටේහියුන්ග් ගෙ කකුල් ජන්කුක් ව ඔහුගෙ කකුල් අතරට හිර කරගෙන. ලොකුම ලොකු ටෙඩියෙක් බදාගෙන මෙන් ජන්කුක්ව බදාගෙන නිදියන් ඉන්න ටේහියුන්ග් ගෙ තොල් නින්දෙන්ම හුරුබුහුටි පොවුටි එකකට පෙරලිලා.අකීකරු සිනිදු කෙස් වැටියක් ටේහියුන්ග් ගෙ මුහුනට වැටිලා. ඔවුන්  ටේහියුන්ගෙ සුන්දරත්වය  ජන්කුක්ගෙ ඇස් වලින් හංගගෙන.. නමුත් දෑස් පියාගත්තත් අදුර මැදින් වුනත් ටේහියුන්ග් ගෙ සුන්දරත්වය දකින ජන්කුක් ලග එය අසාර්ථක උත්සයක්ම පමනයි.


කලින් රාත්‍රියේදි ටේහියුන්ග්ට ඇදේ නිදියගන්න කියලා ජන්කුක් සෝෆා එකෙන් නිදියගන්න ගියත් ජන්කුක්ව නතර කරපු ටේහියුන්ග් කිවුවෙ ජන්කුක්ටත් ඔහුත් එක්ක ඇදේ නිදියගන්න කියලයි. එවෙලෙ ටේහියුන්ග් දිහා බලන් ජන්කුක් හිස පමනක් වැනුවට හිත ඇතුලෙන් නම් ඔහු මුලු කොරියාව වටේටම ලොකු මැරතන් එකක් දිවුවා.

පොවුටි ගැහිලා තියන ටේහියුන්ග් ගෙ රෝස තොල් ටේහියුන්ග් ගෙ මුහුනට අමුතු  හුරතල් බවක් එකතු කරලා තිබුනා .එක අතක් කම්මුලට තියන් ලාවට හිස ඔසවන් ටේහියුන්ග් දිහා බලන් ඉන්න ජන්කුක් ටේහියුන්ග් ගෙ මුහුනට වැටුන කෙස් වැටිය ඔහුගෙ කන අගින් රැදෙවුවා.

දවසම වුනත් ටේහියුන්ග් දිහා ජන්කුක් ට මෙහෙම බලන් ඉන්න පුලුවන් නමුත් දුරකතනය අතට ගත්ත ජන්කුක්  වෙලාව පිරික්සුවා. තවම  වෙලාව උදෑසන 6.25යි. ටේහියුන්ග්ට බෙහෙත් බොන්න තව වෙලාව තියනවා. ඒත් ඊට කලින් ජන්කුක් ට කරන්න වෙනම වැඩක් තියනවා.

ජන්කුක්ගෙ කකුල් දෙක හිර කරන් ඉන්න ටේහියුන්ග් ගෙ කකුල පරිස්සමෙන් උස්සලා ඇද උඩින් තිබ්බ ජන්කුක් ටේහියුන්ග් දිහා ඇස් උස්සලා බැලුවා. ජන්කුක්ගෙ උනුහුම කකුලට දැනෙන් නැතිවුන තත්පරයේම නින්දෙන්ම  ටේහියුන්ග්ගෙ ඇහිබැම් හැකිලිලා. ලොකු කොට්ටයක් ගත්ත ජන්කුක් බොහොම පරිස්සමෙන් ටේහියුන්ග් ගෙ කකුල් දෙක මැදින් ලොකු කොට්ටය තිබ්බා. ටේහියුන්ග් ගෙ අත ලගටත් කොට්ටයක් තල්ලු කරපු ජන්කුක් හොර පූසෙක් මෙන් බොහොම හෙමින් ඇදෙන් බිමට බැස්සා.කාමරයෙන් එලියට යන්න කලින් තව එකම එක වතාවක් ටේහියුන්ග් දිහා හැරිලා බැලුව ජන්කුක්ගෙ තොල් අගින් පුංචි හිනාවක් පිටවුනා. ටේහියුන්ග් ට පොරවපු සුදු බ්ලැන්කට් එක කකුලෙන් තල්ලු කරලම ඇදෙන් බිමට වැටෙන්න ඔන්න මෙන්න .ජන්කුක් ලගට දුන්න කොට්ට දෙක තදින් තුරුලු කරගෙන තොල් දෙකත් උල් කරගෙන ටේහියුන්ග් තද නින්දක.තව ටික දවසකින් පුංචි පැංචෙක්ගෙ ඔම්මා කෙනෙක් වෙන්න යන්නෙ මේ අහිංසකයනෙ කියලා හිතෙද්දි ජන්කුක් ගෙ හදවත තුලින් ඔහුට යම් කිසි වේදනාවකුත් දැනුනා.



___________________________________

"පොඩි බේබි."

කිචන් එකේ වැඩකරමින් හිටිය මේඩ් කෙනෙක් එහෙම කියද්දි ඇයට මුහුනලා  හිටගෙන හිටිය අනෙක් මේඩ් ඇය කරමින් හිටිය කාර්යය නතර කරමින් මේඩ් දිහා හිස ඔසවලා බැලුවා.කප කප හිටිය එලවලු ටික අතින් පැත්තකට කරපු මේඩ් ඇය අතේ තියන පිහිය සද්දෙන් කටින් බෝඩ් එක මතින් තිබ්බා.


"පොඩි බේබි.පොඩි බේබි. ඊයෙ ඉදන්ම එකම කතාව ආයෙ අයේ කියවලා ඇති වුනේ නැද්ද රෝසි. ආයෙමත් පටන් ගත්තද?"

" හරි පොඩි බේබි ලොකු මහත්තයට නොකියා හොරෙන්ම කසාදයක් කරගෙන අලුත් මහත්තයෙක්ව මාලිගාවට අරන් ආවා. ඒකත් ඒ මහත්තයා රූපෙන් නැතිවුන හන්ස්නග් මහත්තයාගෙ කපාපු පලුව. ඒ වගේම මුලු කොරියාවම අපේ පොඩි බේබි පෙන්නපු මේ ප්‍රාතිහාර්‍ය දැකලා මේ වෙද්දිත් පිස්සු වැටිලා. "

අලුත් මහත්තයායි නැතිවුන හන්ස්නග් මහත්තයයි ගැන රැයක් දවාලක් නැතුව එකම නිවුස් එක මීඩියා වලින් රිපීට් කරනවා මදිවට උබත් ආයෙමත් පටන් ගත්තද රෝසි.  අලුත් මහත්තයා හන්සන්ග් මහත්තයගෙ දරුවෙක් කියලා අපි හැමෝම සැක කරනවා තමා ඒත් උබ මේවා මේ මාලිගාව ඇතුලෙ ඕනෙවට වඩා කියවන්න ගිහිල්ලා ලොකු මහත්තයට කියලා ඉක්මනින්ම උඩට  ටිකට් බුක් කරවගන්නවා. "

"දැක්කෙ නැද්ද ඊයෙ ලොකු මහත්තයගෙ මූන.මම මේ මාලිගාවෙ වැඩට ආවයින් ආවා ලොකු මහත්තයගෙ මූනෙ බයක් ඇදිලා තියනවා දැක්කමයි. ඒ වගේම උබ අලුත් මහත්තයගෙ ඇස් දැක්කද? ඒ ඇස් වලින් මනුස්සයෙක් පනපිටින් දවලා දාන්න පුලුවන් බන්. මම දැක්කා ඒ ඇස් වල බැල්මෙන්ම අලුත් මහත්තයා අපේ ලොකු මහත්තයව  මරලා දානවා. ඒ වගේම ඒ බැල්මට පවා අපේ ලොකු මහත්තයා බය වුනා.මොනා නැතත් ලග ලගම මේ මාලිගාට ලොකු සුලි කුනාටුවක් නම් ගහගෙන එනවා."

"ඒ නිසා හොද එකී වගේ ආයෙමත් ඔය ගැන අපි මාලිගාව ඇතුලේ කතා නොකර ඉමු.කවුද දන්නෙ උබ ඕවා ගැන කියවද්දි ලොකු මහත්තයා හරි පොඩි මහත්තයා හරි වැරදිලා හරි උබෙ පිටිපස්සෙන් වත් හිටගෙන හිටියොත් රෝසි."


රෝසිගෙ යෙහෙලියක් වන ඇය රෝසි ට ඇගිල්ල දික් කරමින්   මෙහෙම කියවන් කියවන් යද්දි රෝසි ඇය දිහා බලන් හිටියෙ සුදුමැලි ගැහිලා .

" ඒ ගමන මොකද උබ අනින්නෙ. අහගත්තා මදිද. තව කියන්න ඕනෙද මම?"

ඇස් දෙකත් විසල් කරගෙන යහලුවා දිහා බලන් ඉන්න රෝසි  වේගෙන් වේගෙන් හිස දෙපැත්තට වැනුවා.

"මොකද ඒ ගමන උබට වෙලා තියෙන්නෙ. පුදුමයි අද පලවෙනි වතාවට මගෙ කීමක් අහලා උබෙ කට වැහිලා ගිහිල්ලා. උබ නිකන් හැසිරෙන්න මං කිවුවත් වගේ පොඩි බේබි මගෙ පිටිපස්සෙන් හිටන් ඉන්නවා වගෙ."


රෝසිට ඇගිල්ලෙන් අනිමින් නර්වස් විදියට හිනාවමින් අනෙක් මේඩ් එහෙම කිවුවෙ දැන් දැන් ඇයටත් යන්තම් යමක් වැටහිලා යද්දි.
ඇය හිතන දේ එහෙමම තමා කියන්න රෝසි හිස පැත්තක්කට ඇල කරමින් තොල් එකට එකතුකරෙගන කෙල ගුලියක් ගිලමින් හිස වැනුවා.

රෝසිගෙ ඇස් දිහා බලන් යෙහෙලි මේඩුත් කෙල ගුලියක් ගිල්ලා. හෙමින් හිස හරවමින් පිටුපසට හැරුන ඇගෙ සර්වාංගෙම එකම තාලෙට ගැහෙන්න ගත්තෙ ඔවුන් දිහා බලන් ඉන්න ජන්කුක්ව දකිද්දියි.



"පොප්.පොප්.පොප්.පොප්ඩි බේ. බේබ්.බේබි. "

පපුවට අත්දෙක බැදගෙන කම්මුලට දිව තද කරමින් එක ඇහිබැමක් ඔසවන් මේඩ්ස්ලා දිහා බලන් ඉන්න ජන්කුක්ව දකිද්දි කකුල් පන නැතිව ගිය මේඩ් පහලට කඩන් වැටෙන්න ගියත් ඇය ලගින් හිටන් ඉන්න රෝසි ඇගේ අතින් තද කරලා අල්ලගත්තා.

"අපිට සමාවෙන්න .සමාවෙන්න. සමාවෙන්න පොඩි බේබි."


අංශක අනූවටම පහලට නැවෙමින් මේඩ්ස්ලා සියල්ලන්ම ජන්කුක්ගෙන් සමාව ගත්තෙ තදින් ඇස් පියාගනිමින්.විනාඩි හයක් හතක් තිස්සෙ ඇස් තදින් පියන් හිස් පහලට කරන් හිටියත් ඔවුන්ට ජන්කුක් ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ. හිස ඔසවලා ජන්කුක් දිහා බලන්නත් ඔවුන් බොහොම බය වුනා. තවත් විනාඩි දහයක් ගෙවුනා. කිචන් එක දෙසින් අමුතු හඩක් ඇහෙද්දි හිස් පහලට බර කරන් හිටිය මේඩ්ස්ලා සියල්ලන්ම එකවර වේගයෙන් ඇස් ඇරියා. කවුරු හරි පිහියක් මුවහත් කරනවා. පොඩි බේබි වැරදිලාවත්..

"අනේ අනේ අපිට සමාවෙන්න පොඩි බේබි. අනේ අපිව මරන්න එපා."

"අනේ අපේ දරු පවුල් ගැන හිතන්න. අපිට සමාවදෙන්න."

තවමත් හිස් පහලට බරකරගෙන ඉන්න මේඩ්ස්ලා හිස ඔසවන් නැතුවම ජන්කුක් ඉදිරියෙ දනින් වැටිලා අත් දෙක එකට එකතු කරලා එකට අතුල්ලමින් සමාවගන්න ගත්තෙ පිහිය එකිනෙකට යමක ගැටන ශබ්දය එකවරම නැති වෙලා යද්දි .

තවත් විනාඩි කීපයක් ගෙවුනා. මේඩ්ස්ලට ජන්කුක් ගෙන් ආයෙමත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ. බොහොම අමාරුවෙන් ශක්තිය එකතු කරගත්ත එක මේඩ් කෙනෙක් පමනක් හෙමින් හිස ඔසවමින් එක ඇහැක් පමනක් අරිමින් ජන්කුක් හිටගෙන හිටිය දිහා බැලුවා. ජන්කුක් යන්න ගිහිල්ලා. බර සැනසුම් දායක හුස්මක් පපුව අල්ලන් පහලට හෙලුව මේඩ් ඇගෙ ලග බිමට වැටිලා හිස පොලවෙ ගහන් ඉන්න අනෙක් මේඩ්ලට අතින් තට්ටු කලා.


"නැගිටිනවා. නැගිටිනවා. පොඩි බේබි ගිහිල්ලා."

ජන්කුක් යන්න ගිහිල්ලා කියලා දකිද්දි එකිනෙකාගෙ මුහුනු දිහා බලන් හිනාවෙන්න ගත්ත මේඩ්ස්ලා දනහිස් අතින් පිහිදමින් ඔවුන් දනගහන් හිටිය තැනින් පිලිවලට නැගිටින්න ගත්තා. මරන බිය හිතට දැනිලා තිබ්බත් ජන්කුක් ඔවුන්ට මුකුත්ම නොකියා යන්න ගිහිල්ලා කියලා දකිද්දි එකිනෙකාව වැලදගනිමින් ඔවුන් සැනසිලිදායක හැගීමකින් හිනාවෙන්න ගත්තා.

"පොඩි බේබි."

ජන්කුක් යන්න ගිහින් කියලා හිනාවෙමින් පපුවට අත තියන් සැනසුම් සුසුම් හෙලන අනෙක් මේඩ්ස්ලගෙ පිටට ඔවුන් පිටුපසින් හිටගෙන ඉන්න එක මේඩ් කෙනෙක් වේගෙන් වේගෙන් තට්ටු කරන් ගියෙ අනෙක් මේඩ්ස්ලා සියල්ල annoying බැල්මකින් ඒ මේඩ් දිහාවට හැරෙද්දි. ඒත් ඔවුන්ගෙ ඒ annoying බැල්ම තත්පරේක වේගයෙන් වාශ්ප වෙලා ගියෙ ඔවුන් ඔහුව දකිද්දියි.


"පො..පො.ප් ඩි බේ බ්බි."


මේඩ්ස්ලාට එහායින් කිචන් එකෙ එහා කොනේ හිටගෙන ඉන්න ජන්කුක් refrigerator එක ඇතුලට ඔලුව දාගෙන යමක් හොයනවා. ජන්කුක් ගෙ ඉනෙන් පහල කොටස විතරයි මේඩ්ස්ලා පෙනුනෙ.

වෙජිටබල්ස් පුරවපු කටින් බෝඩ් ස් දිහා බලන් මේඩ්ස්ලා ඔවුන්ගෙ මුහුනට මුහුන බලාගත්තා.

"පොඩි බේබි"

"පොඩි බෙබිට මොනවද ඕනෙ.අපිට කියන්න අපි හදලා දෙන්නම්."

බොහොම අමාරුවෙන් වචන එකතු කරගත්ත මේඩ් කෙනෙක් එහෙම කිවුවෙ නුහුරට පිහිය අල්ලන් ඉන්න ජන්කුක් ව දකිද්දි.

"අවශය නැහැ.ඒත් ඒ වෙනුවට තමුන්ලාට දාන්න රූල් එකක් තියනවා මට."

"මොක කක්ද පොඩි බේබි ."


අද මේ විනාඩියෙන් පස්සෙ මගෙ අනුදැනුමෙන් තොරව වතුර බිංදුවක්වත් තමුන්ලා අතින් මගෙ මහත්තයාගෙ අතට යන්න  බැහැ. මේ මාලිගාවෙ කාගෙ  කීම මතමවත්  එහෙම දෙයක් සිද්ද වෙලා තියෙන්න බැහැ.වැරදිලාවත් එහෙම  අදහසක් හරි තමුන්ලග්ස් හිතෙ තිබුනා කියලා මට දැනගන්න ලැබුනොත් .

මේඩ්ස්ලා දිහා බලන් අමුතු විදියට හිනාවුන ජන්කුක්  ලොකු ගෝවා ගෙඩියක් එක පිහිපාරින්  දෙකට කැපුවා.

"Got it?"


ජන්කුක් දිහා බලන් මේඩ්ස්ලා වෙවුලමින් හිස වැනුවා පමනයි.

"ගුඩ් "


______________________________

ජන්කුක් හිටියෙ ටේහියුන්ග් ට බොන්න සුප් එකක් හදමින්.


"පොඩි බේබි.පොඩි බේබි."

ජන්කුක් හොයන් කිචන් එකට දුවන් ආව මාලිගා සේවකයෙක් ජන්කුක් දිහා බලන් වේගෙන් වේගෙන් හුස්ම ගත්තා.


ජන්කුක් අතේ තිබුන පිහිය සද්දෙන් සුදු ටයිල් පොලව මතට වැටෙද්දි ජන්කුක් ගෙ කකුල් ඉබේටම ටේහියුන්ග් ලගට දුවන්න ගත්තා.




------------------------------------------------------

හායි.

නිදිද.🌝

මං ආවා ඔයාලට චැප්ටර්  එකක් දීලා යන්න

ඉතින්.🌚

ගෝවා කපන්න ඕනෙද ඔයාලට.😒

එන්න මම කපලා දෙන්නම්.

මොකද හිතුනෙ අපේ කුකී ගැන.

Continue Reading

You'll Also Like

43.6K 6.6K 37
" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් ම⁣ගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම්...
21.6K 2.7K 10
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...
108K 24.3K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
17.7K 2.9K 22
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...