Stolen Love

By U_MiShi

148K 33.5K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 57

1K 292 376
By U_MiShi

Comment goal 150

ජිමින්ගෙ කාමරෙ දොරපලු වේගයෙන් දෙපැත්තට ඇරෙද්දි ජිමින්ගෙ ඇද ලග ඉදගෙන හිටිය සාත්තු සේවිකාවක කලබලෙන් පුටුව මතින් නැගිට්ටා...


"එලියට ."

ජන්කුක්ගෙ එක වචනයකින්  ජිමින්ගෙ කාමරෙ හිටිය සියලුම සේවකයින් කාමරෙන් එලියට දිවුවා .

ජන්කුක්ගෙ ආවේගශීලි ඇස් ජිමින් ලගදි ටිකෙන් ටික මෘදු වෙන්න පටන් ගත්තා.හීනි අඩි තියමින් ජිමින්ගෙ ඇද ලගට ඇවිදන් ආපු ජන්කුක් ජිමින් ලගින් ඉදගත්තා.

ජිමින්ගෙ සිහින් අත පරිස්සමෙන් අත් අතරට ගත්ත ජන්කුක් ජිමින්ගෙ අත ඔහුගෙ නලල මතට තද කරගනිමින් හිස පහත් කරන් ඇස් පියාගත්තා.


"සමාවෙන්න. සමාවෙන්න හියුන්ග්ට ."

"දෙවෙනි වතාවටත් ඔයාගෙ හියුන්ග් fail වුනා .මට බැරි වුනා මගෙ මල්ලිව ආරක්ෂා කරගන්න."

"ප්ලීස් ඉක්මනට නැගිටින්න..හියුන්ග්ට ඉන්නෙ ඔයා විතරනෙ."

"හියුන්ග් පොරොන්දු වෙනවා ඔයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න.."





"කවුද වගකියන්න ඕනෙ? "



මේ වෙනකොටත් වුක් ජන්කුක් පිටුපසින් හිටගෙන ඉන්නවා කියලා ජන්‍කුක් දැනන් හිටියා..




"අවුරුදු තුනක් තිස්සෙ ජන්කුක් ගෙන් හැංගුන ලොකු රහසක් තියනවා.. ."

වුක් දිහා ඔලුව හරවලා බැලුව ජන්කුක් එක ඇහිබැමක් ඉස්සුවා.


"එයා තාම ජීවත් වෙනවා .."

වුක් බලන් ඉද්දි ජන්කුක් ගෙ ඇස් මෘගයෙක්ගෙ මෙන් අදුරු ඇස් බවට පත් වුනා.වුක් ලගට ඇවිදන් ආව ජන්කුක්ගෙ අත් අතරට වුක්ගෙ ශර්ට් කොලර් හිර වුනෙ ජන්කුක් ගෙ අදුරු ඇස් වුක්ගෙ මුහුන ලගටම ලං වෙද්දි.


"කවුද."



වුක් කියන්නෙ ගොඩක් සන්සුන් නිහඩ මනුස්සයෙක්..ජන්කුක් කොයිතරම් තරහෙන් හිටියත් ජන්‍කුක්ව සන්සුන් කරගන්න හැකියාවක් ඔහු තුල තිබුනා..




"මං එක්ක එන්න.ජන්කුක්ට පෙන්නන්න දෙයක් තියනවා මට."

"ජන්කුක්ගෙ ප්‍රශ්න වලට උත්තර එතනින් ජන්කුක් ට හම්බවෙයි.."



_____________________________________

"බෑන්ග්"

ටේහියුන්ග් ඔහු අතැති ගන් එක ශූට් කරනවාත් එක්කම තදින් ඇස් පියාගත්ත ජන්කුක් ඔහුගෙ ඇස් ඉදිරියෙ ප්ලේ වෙන cctv footage මගහරිමින් අහක බලාගත්තා.

මේ තරම් වෙලාවක් ජන්කුක් පිටුපසින් හිටගෙන හිටිය වුක් ජන්කුක්ගෙ හැම ඉරියවුවක්ම හැම හැගීමක්ම හොදින් අද්‍යයනය කරමින් මේ දිහා බලන් හිටියා .

"මම දන්නවා ඔයාට දැනෙන හැගීම  ජන්කුක් .මට සමාවෙන්න.ඒත් මට මේ ඇත්ත ඔයාගෙන් හංගන්න සිද්ද වුනා.ඒක මගෙ තීරනයක් නෙවෙයි.ජිමින්ගෙම තීරනයක්."

වුක් කතාකලත් ජන්කුක් තවම ගොඩක් නිහඩයි.

"ජන්කුක්ගෙ  කේන්තිය අපිට පාලනය කරන්න බැහැ. ඒ කේන්තිය පාලනය කරන්න පුලුවන් එකම මනුස්සයත් මේ මාලිගාව අතෑරලා දාලා ගියාට පස්සෙ සිද්ද වුන හැමදෙයක්ම ජන්කුක් ට කියන්න මම  බය වුනා. විශේශයෙන් හන්ග්ට ඕන කලේ නැහැ ජන්කුක් හදිසි වෙලා වැරැද්දක් කරනවා බලන්න."

"හැම ඇත්තක්ම ජන්කුක් දැනගත්තනම් මේ වෙනකොටත් කොල්ලව ජන්කුක්  මරලා දාලා. ඒත් හන්ග්ටයි මටයි කොල්ලට ලේසි මරනයක් දෙන්න ඕන කලේ නැහැ."




"ජැක්සන්?  ජිමින් ආදරය කරපු මනුස්සයගෙ ඩෙඩ් බොඩි එක. ජැක්සන් මගෙ මල්ලිට වෙඩි තිබ්බෙ නැත්තම් ඇයි ජැක්‍සන්ව මැරුවෙ?"

ජන්කුක්ගෙ රතු ගැහුන ඇස් වුක් වෙත යොමුවෙද්දි බර හුස්මක් පිට කරපු වුක් .

"මම දන්නවා මේ හැමදෙයක්ම ජන්කුක් ට විශ්වාස කරන්න බැරි තරම් එකිනෙකට පැටලුනු පැටලැවිල්ලක් කියලා."

"ඇයි තවමත් ඌ ජීවත් වෙන්නෙ? "

"විදවන්න ඕනෙ නිසා ජන්කුක් ."

"හහ්?"


"මීනා නැතිවුනාට පස්සෙ මගෙ මුලු ජීවිතේම ගෙවුනු  ඔයාලා තුන්දෙනා වෙනුවෙන්.මගෙම නොවුනත් ඔයාලා තුන්දෙනාම මගෙ දරුවො.මගෙ දරුවෙක්ගෙ ලේ හොල්ලපු ඌට ලේසි මරනයක් මම දෙයි කියලා ජන්කුක් හිතුවද?"

"පැහැදිලිව කියන්න අන්කල් වුක්."

මම දන්නෙ නැහැ අපේ ජිමින්ට කොතනද වැරදුනෙ කියලා ජන්කුක්. උන් ජිමින්ගෙ අහිංසකකමින් ප්‍රයෝජන ගත්තා.ජැක්සන් කියන්නෙ ගොඩක් කපටි මනුස්සයෙක්.

අපේ ජිමින්ට ලං වෙන්න ඌ පාවිච්චි කරපු ලොකුම ඉත්තා වුනේ කිම් ටේහියුන්ග් .ජන්කුක් දන්නදා අපේ තත්වෙට නොගැලපෙන මිනිස්සුන්ව අපේ ජිමින් කවදාවත් ආශ්‍රය කලේ නැහැ කියලා ඒත් මේ අවුරුදු පහලවක කොල්ලට අපේ ජිමින්ට ගොඩක් ලං වෙන්න පුලුවන් වුනා. එහෙම ලං වුන කොල්ලා අපේ ජිමින්ගෙ සහමුලෙන්ම වෙනස් කලා.
අපේ තත්වෙට නොගැලපෙන විවාහ වුන මනුස්සයෙක් ගැන අදහසක් අපේ ජිමින්ගෙ හදවතෙ ඇතිවුනා කියන ඇත්ත ඔයාට පිලිගන්න පුලුවන්ද ජන්කුක්.උන්ට ඕන කලේ අපේ ජිමින්ව රවට්ටන්න.

මම මේ හැම ඇත්තක්ම දැනගත්තම ජිමින්ට හැමදෙයක්ම එකින් එක පැහැදිලි කරන්න උත්සහ කලා ඒත් ඒ කිසිමදෙයක් තේරුම් ගන්න බැරි තරම් අපේ ජිමින් ආදරයෙන් අන්ද වෙලා.ඔයා මටත් වඩා හොදට දන්නවා ජන්කුක් අපේ ජිමින්ට දෙයක් ඕනෙ කලොත් එයා හැසිරෙන්නෙ කොහොමද කියලා.

ඒත් මම හැම වෙලාවෙම ඇත්ත ජිමින්‍ට පෙන්නන්න උත්සහ කලා අන්තිමෙදී  හැම ඇත්තක්ම ජිමින්ම තේරුම් ගත්තා.

ඒත් ඒ වෙද්දිත් අපේ ජිමින්. ....උන් අපේ ජිමින්ව විනාශ කලා ජන්කුක් .

හිස පහලට බරකරගත්ත වුක් අන්තිම් වාක්‍ය හෙමින් මිමිනුවෙ වේගෙන් ආව අත් දෙකක් වුක්ගෙ කොලර් එකෙන් අල්ලගනිද්දි.

"තමුන් හොද සිහියෙන්ද කියවන්නෙ ."

ජන්කුක් දිහා වේදනාබර බැලමකින් හිස ඔසවා බැලුව වුක් ඔහුට පේන්නම  ඔහු ඇදගෙන ඉන්න ශර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන්න ගත්තා.



"ජන්කුක්ට තවමත් මාව විශ්වාස නැද්ද? උන් අපේ පුංචි ජිමිනිව විනාශ කලා. අපේ ජිමින්ව බේරගන්න මම උත්සහ කලත් ඒ වෙනුවෙන් මට ලැබුන සලකුනු තමා මේ ජන්කුක්. "

"මම ජැක්සන්ව මරලා  දැන්මා ඒත්  අවුරුදු පහලවක පොඩි කොල්ලෙක්ව මම මරලා දාන්නෙ කොහොමද? ඌත් අපේ ජිමින් වගේම දරුවෙක් කියලා එදා මම හිතුවා .මම ඌට යන්න දුන්නා ජන්කුක්."

"ඒක ඒක තමා මම මගෙ ජීවිතේ කරපු ලොකුම වරද. ඌ අපේ ජිමින්ට වෙඩි තිබ්බා ජන්කුක්.නයාගෙ පැටියත් නයිපැටියෙක් කියන ඇත්ත එදා මට අමතක වුනා.
අහිංසකයා ට එයාගෙ හියුන්ග්ලා දෙන්න ඕනෙම වුන වෙලාවෙ ඔයාලා කවුරුවත්ම එයා ලග හිටියෙ නැහැ. ජින් එයාගෙ ආදරය හොයන් ගියා. එතකොට ඔයා? ඔයා ඇමරිකා වල ෆයිනල් එක්සෑම් කරනවා ජිමින්ට දකින්න ඕන කලා. ඔයාව ගෙන්නන්නවත් මේ ඇත්ත ඔයාට කියනවා බලන්නවත් එයාට ඕන කලේ නැහැ."



"මාව මේ වතාවට විතරක් විශ්වාස කරන්න ජන්කුක් .කිම් ටේහියුන්ග්ව මම ලේසියෙන් අතාරින්නෙ නැහැ "

"මම  උගෙ  ජීවිතේ ටිකෙන් ටික විනාශ කරනවා. උන් අපේ ජිමින්ව රවට්ටලා විදින්න හීන දැක්ක ජීවිතේ මම කිම් ටේහියුන්ග් ට ඒ විදියටම දෙනවා.ඌ ආස කරපු  සැප සම්පත් ලැබිලත් ඒ  ජීවිතේ ඇතුලෙමම මම ඌට විදවන්න දෙනවා. "

" ජන්කුක් මේ වෙනකොටත් කොල්ලව ආශ්‍රය කරලා තියනවා. ජන්කුක් ඒ එක දවසකවත් කොල්ලගෙන් පසුතැවීමක් දැක්කද. පසුතැවෙන් නැති මනුස්සයෙක් එක පාර මරලා දාලා අපිට මොනවද ලැබෙන්නෙ ජන්කුක් . "

"හැමදේම මට බාර දෙන්න අපේ ජිමින්ගෙ ජීවිතේට හානි කරපු උගෙ ජීවිතෙ මම ටිකෙන් ටික විනාශ කරන්නම්.ගෙවෙන හැම තත්පරයකම මැරුනනම් හොදයි හිතෙන තරමටම මම ඌව විනාශ කරන්නම්.මමයි ඌට අවස්තාවක් දුන්නෙ.මම නිසයි ඌ එදා ජිමින්ට වෙඩි තිබ්බෙ. මම දුන්න ඒ අවස්ථාව පාවිච්චි කරපු ඌට අපාය පෙන්නන අයිතිය තියෙන්නෙ මටම නෙවේද ජන්කුක්."

"මම දන්නවා ජන්කුක් අන්කල්ව විශ්වාස කරනවා කියලා."


"Physically ජිමින් ආයෙමත් යතා තත්වයට පත් වුනත් අදටත් ජිමින් මානසිකව විදවනවා. කිම් ටේහියුන්ග් ට ලේසි මරනයක් ලැබෙන්න බැහැ ජන්කුක් . අපේ ජිමින්ට වඩා ඌ විදවන්න ඕනෙ. "

"ජන්කුක් දන්නවද ජිමින් ඇල්කොහොල් වලට මේ තරම් ඇඩික්ට් වුනෙ ඇයි කියලා. ජිමින් දවසින් දවස දුර්වල වෙනවා ජන්කුක්. අපිට ජිමින්ව හම්බුනෙ වහලා දාපු  පරන මාලිගවට යන පාලු පාරෙ වැටිලා ඉදිලා. ඇල්කොහොල් නිසා ජිමින්ගෙ ශරීරය ගොඩක් දුර්වල වෙලා.ඒ නිසා ජිමින්ව ගොඩක් ප්‍රෙශර් කරන්න එපා . එයාට අපි කාලය දෙමු. ජිමින්ව මේ හැමදෙයක්ම දවසක ඔයාට කියයි."


ජන්කුක් තවම බොහොම නිහඩයි.


"මම ඔයාට කාලය  දෙන්නම් මේ ගැන හොදට කල්පනා කරන්න. "



නිහඩ ජන්කුක්ව කාමරයෙ තනි කරලා වුක් එතනින් යන්න ගියේ ජිමින් නිදියන් ඉන්න ඇද වෙතට ජන්කුක් හෙමින් ඇවිදන් යද්දි.



ජිමින් ලගින් ඉදගත්ත ජන්කුක් හෙමින් ජිමින්ගෙ අත ඔහුගෙ අතට ගත්තා. හෙමින් ජිමින්ගෙ අතට තට්ටු කරපු ජන්කුක් ජිමින් දිහා බලන් හිටියා. ජිමින් තවමත් තද නින්දක. දවල් ගෙවෙමින් රැයත් උදා වුනා තවමත් ජන්කුක් ජිමින්ගෙ අතට හෙමින් තට්ටු කරනවා.

ජිමින්ගෙ අත නලල මතින් තියන් හිස පහත් කරන් ජිමින්ගෙ අතට තට්ටු කරන ජන්කුක් වේගයෙන් හිස එසෙව්වුවෙ ජන්කුක් ගෙ රිද්මයටම ඔහුගෙ අතටත් ජිමින්ගෙන් දුර්වල තට්ටු දෙකක් ලැබෙද්දි.

වේගෙයෙන් හිස ඔසවපු ජන්කුක් මුකුත් නොවුනා වගේම ආයෙමත් හිස පහලට බර කරන් ජිමින්ගෙ අතට ආයෙමත් තට්ටු කලා. ජන්කුක් බලාපොරොත්තු වුන පිලිතුරම ජිමින්ගෙන් ලැබෙද්දි ජිමින්ගෙ අත මත හාදුවක් තිබ්බ ජන්කුක් පරිස්සමෙන් ජිමින්ගෙ අත ඇද මතින් තිබ්බා.

ජිමින් ලගින් නැගිට්ට ජන්කුක් පහලට නැමිලා ජිමින්ගෙ නලල මතත් හාදුවක් තිබ්බෙ තවමත් ඇස් පියන් ඉන්න ජිමින්ගෙ ඇස් අගින් කදුලු පේලියක් කඩන් වැටෙද්දි.






ජිමින්ගෙ කාමරයෙන් එලියට ආව ජන්කුක් ඔහුගෙ දුරකතනය අතට ගත්තා. තවමත් එහි සටහන් වෙලා තියන විශේශ දුරකතන අංකය දිහා බලපු ජන්කුක් දුරකතනය තදින් අතින් මිරිකගත්තා.







මම ඇමරිකා වල යූස් කරපු number එක ලැබෙන්න තරම් මගෙ මල්ලිට තමුන් වටින කෙනෙක් වුනා.

ඒත් ඇයි ?

බක්?








----------------

චැප්ටර් එක කොටයි තමා කරන්න දෙයක් නැහැ. අතේ කැක්කුමක් හැදිලා. තනි අතින් ටයිප් කලේ.

මේක කියන්නත් ඕනෙ ඔයාලට මම. ජීවිතෙ හැමදාම ඔයාලා හරි තීරන අරන් තියනවද?

මගෙ උත්තරය නැහැ🙂

ඉතින් සමහර චරිත වලින් එයා මේ හරිම දේ කලානම් හරිනෙ කියන දේ බලාපොරොත්තු වෙන්න එපා. තත්පරයක් ඇති අපේ හිත් කලබල වෙන්න ගෙවෙන විනාඩියක් ඇති නොහිතා හදිසි තීරනයක් ගන්න.
මිනිස්සුන්ගෙ ජීවිතෙ එහෙමයි සමහර තැන් වලදි

කලබල වුනාම අසරන වුනාම අපිට හරි කියලා පේන දේ කරනවා. එයාලගෙ තැන හිටගන් නැතුව ආහ් මෙහෙම නොකලෙ ඇයි අහන්න බැහැ අපිට.

අදහස් කියන් යන්න.

වුක්?

ජන්කුක්?

Continue Reading

You'll Also Like

439K 61.9K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
153K 22K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
105K 6.3K 44
တကယ်တော့ အချစ်ဆိုတာ စကားလုံးတွေနဲ့ လှပအောင် ပုံဖော်ထားတဲ့ အဆိပ်မီးတောက်လေး တစ်ခုပါဘဲ 🔥
52.2K 9.2K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...