𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

45.3K 6.1K 848

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40

Chapter 02

1.2K 189 14
By Jeon_Haeso

ජංකුක් අත් දෙක දික් කරත් පුදුමෙකට වගේ චූටි කෙල්ල ටේහ්‍යුන්ගේ පපුවේ මූණ අතුල්ලමින් කෙදිරි ගෑවේ හරියට ටේ ගාවින් අයින් වෙන්න බෑ වගේ.ඔහ් දැන් ටේගේ හදවත හයියෙන් ගැහෙන්න පටන් අරන් තිබ්බේ.රෝස මල ටේගේ පපුවේ මූන අතුල්ලද්දි ටේට දැනුනේ නුහුරු හැගීමක්.හැබැයි එයා ඒ දැනෙන දේට ආදරය කරා.

"ආ ඩැඩා ගාවට එන්න බැරිද"

ජංකුක් හුරතල් විදිහට තොල් උල් කරන් එයාගේ princess ගේ කම්මුලේ නහය අතුල්ලන්න ගත්තේ චූටි කෙල්ල හිනා වෙද්දියි.

ටේ නම් හිටියේ ගල් වෙලා.හැමෝම කියන cold hearted Jeon Jungkook මෙතන පොඩි ලමයෙක් වගේ හුරතල් වෙන එක දැක්කනම් මොකද වෙන්නේ.ඒ විතරක්ද ජංකුක් ටේගේ තුරුලේ ඉන්න පැංචිගේ මුහුනේ නහය අතුල්ලද්දි ජංකුක්ගේ උණුසුම් හුස්ම ටේහ්‍යුන්ගේ බෙල්ලට දැනෙද්දි එයාට දැනුනේ නිකන් ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ.ජංකුක් ගාව සුවදයි එයා ගාවින් එන්නේ manly smell එකක්.ටේට ඒ සුවදට ආස හිතුනේ සමහරවිට එයාගේ sexuality එක නිසා වෙන්න ඇති.

අනිත් පැත්තෙන් තමන් එක පාරටම සූහා එක්ක හුරතල් උනේ තව කෙනෙක් ඉස්සහරා නේද කියලා මතක් වෙද්දි එයාගේ කන් ලාවට රතු උනා.ඒත් එයාට uncomfortable feeling එකක් දැනුනේ නැති නිසා එයා දිගටම පුංචි සූව හුරතල් කරා.ජංකුක්ට ටේහ්‍යුන්ග් ලගින් ආවේ soft smell එකක්.ඒක ගොඩක් ආකර්ෂණීයයි.සමහරවිට සූහා පවා ටේ ගාව ඉන්න හේතුව එයාගේ ඩෑඩ්ගේ manly smell එකට වඩා ටේහ්‍යුන්ග් ලගින් එක Soft smell එකට එයා ආස නිසා වෙන්න පුලුවන්.

"ම්..සර් සූට කිරි එක පෙවුවනම් හරිනේ නැත්තන් ඒක නිවෙයි"

ටේ කිවුවම ඔලුව වනපු ජංකුක් කිරි එක princess ගේ කටට ලං කරේ පුංචි සූ ටේගේ තුරුලේ ඉද්දිමයි.

"Mr.kim ඔයාට අමාරුයි නම් මට එයාව දෙන්න"

"ඔහ් මට අමාරු නෑ මන් කිරි එක පොවන්නම් සර් ගිහින් වැඩ ටික කරන්න.

ටේහ්‍යුන්ග් කිවුවම ජංකුක් හිස වනලා couch එකෙන් නැගිටලා එයාගේ table එකට ගිහින් වැඩ ටික කරන්න පටන් ගත්තා.අහ්ම්...ජංකුක් කවදා ඉදන්ද කෙනෙක්ට මේ තරම් අවනත වෙන්න පටන් ගත්තේ.

ජංකුක් වැඩ කරන අතරේ ටේ සූ බබාට කිරි එක පොවලා වඩාගෙන පිට අත ගාන ගමන් ඇවිද්දේ ගුඩුස් යන්න ඕන නිසා.ටේගේ ආදරණීය වචන වලට හිනාවෙන සූ දිහා ජංකුක් බලන් හිටියේ හරි ආදරයෙන්.අලුත් project එකක් නිසා මේ දවස් ටිකේම ජංකුක් බිසී උන නිසා එයාට එයාගේ princess ගේ හිනාව ගොඩක් මග හැරුනා.

"Good girl අපි දැන් ගිහින් දෝ ගමු හොදේ."

ටේ චූටි රෝස මලවත් අරන් ඇවිත් couch එකෙන් වාඩි වෙලා තුරුල් කරගෙන බෝල පස්සට තට්ටු දාන ගමන් නලවන්න පටන් ගත්තේ සූ බබත් ටේගේ පපුවට මූන තද කරන් ඇස් පියා ගනිද්දි.ටිකකින් cabin එකේ දොරට තට්ටු කරන සද්දයක් ආපු නිසා ජංකුක් හඩ බාල කරලා ඒ කෙනාට ඇතුලට එන්න කිවුවේ රෝස බෝලේටේහ්‍යුන්ගේ තුරුලේ නිදන් ඉන්න නිසා.

"සර් මේකට සයින් එකක් ඕනේ."

ජංකුක් සයින් කරන අතරේ ලින්ඩා මූණත් අමුතු කරන් බලන් හිටියේ ටේහ්‍යුන්ග් දිහා.ටේට නම් ඒක එච්චර නෝට් උනේ නැත්තේ එයා හිටියේ සූගේ ලෝකේ නිසා.

"ඔහ් සූහා බබා ඔයා ලගට එනවද mr.kim"

ලින්ඩා අහද්දි ටේහ්‍යුන්ග් ගැස්සිලා ගිහින් ලින්ඩා දිහා බැලුවා.ලාවට ඔලුව වනපු ටේ ආපොහු පුංචි සූහා දිහා බැලුවා.

"දැන් ඔයාට යන්න පුලුවන්."

ජංකුක් කිවුවම ලින්ඩා ෆයිල්ස් ටිකත් අරන් cabin එකෙන් ගියේ මූනත් අමුතු කරන්.

"සර් මෙයාව crib එකෙන් තියලා එන්නම්."

ටේ ගිහින් කෙල්ලව crib එකෙන් තියලා නලලට soft kiss එකකුත් දීලා එලියට ආවේ අමුතු හැගීමක් දැනෙද්දි.කෝමහරි හවස 4ත් උනා හැබැයි තාම සූ නම් ඉන්නේ තද නින්දක.ටේ වැඩ කරන ගමන් කල්පනා කරේ හරිනම් දැන් සූ කාලා ඉන්නත් ඕනේ.ඒත් තාම පැංචි දවල්ටවත් කාලා නැතුව හොදට නිදි.ටේහ්‍යුන්ග් කලබලෙන් ඉන්නවා දැක්ක ජංකුක් ටේහ්‍යුන්ග්ට කතා කරේ ඇයි කියලා අහන්න

"ටේහ්‍යුන්ග් මොකක්හරි ප්‍රශ්නයක්ද?"

"ම්..සර් සූ කන්නේ නැද්ද දැන් හවසත් වෙලානේ"

"ඒත් එයා නිදිනේ නැගිට්ටම කවනවා"

"ඒත් සර් සූ තාම ඉන්නේ උදේ බීපු කිරි එකෙන්.එයාට දවල්ට දෙයක් කවන්න ඕනේ ඒ උනාට දැන් හවසුත් වෙලා."

"නිදන් ඉන්න කෙනෙක්ව නැගිට්ටවන එක හොද නෑනේ."

"එයා දැන් පැය තුනකටත් වඩා නිදා ගත්තා ඒම හොද නෑ ඉන්න මන් ගිහින් නැගිට්ටවගෙන එන්නම්"

ජංකුක් කියපු මෝඩ කතාවට ටේහ්‍යුන්ග් ජංකුක්ට පේන්නේ නැති වෙන්න රැව්වා.ඒත් ඒක ජංකුක් දැකලා ඉවරයි.එයා ලාවට හිනාවෙලා සූගේ කෑම එක හැදුවා.

"ඌව්ව්...කම්මැලි කෙල්ල කෝ නැගිටින්න අපි අබුන් කමු හොදේ..."

ටේ සූ පැටියව හුරතල් කරමින් ඇවිත් couch එකෙන් ඉද ගත්තා.ජංකුක් කෑම එකත් අරන් සූ ලගට ආවා.

"හියු...සර් එයාගේ බෝතලේට වතුර එකක් ගේනවද?"

ජංකුක් වතුර ගේන්න යද්දි ටේ කල්පනා කරේ තමන්ගේ සර්ට කතා කරන්න ගියපු විදිහ.ජංකුක් වතුර එක අරන් ආවට පස්සේ ටේ සූවත් හුරතල් කරමින් කෑම එක කැවුවා.

"මගේ මැණිකගේ බන්ඩිය පිරුණද?"

ටේහ්‍යුන්ග් ආපු දේ තේරුනා වගේ හයියෙන් හිනා වුන සූ බබා ටේගේ පිරුණු කම්මුලක් අල්ලන්න උත්සහ කරා.ඒක තේරුන ටේ තව ටිකක් සූව තමන් ලගට ලං කර ගත්තේ පැංචිට ලේසි වෙන්න.මේ දිහා ජංකුක් බලන් හිටියේ අමුතුම නිදහසකින්.

"ම්-මමා"

හිතුවෙවත් නැති වචනයක් සූගේ කටින් පිටවෙද්දි ජංකුක් ටේහ්‍යුන්ග් දෙන්නම ගැස්සුනා.සූ බබානම් හිටියේ එයාගේ මමාගේ බෝල කම්මුල් එක්ක සෙල්ලම් කරමින්.

"I'm really sorry taehyung.මට පස්සේ Princess ලං උන එකම එක්කෙනා ඒ ඔයා ඒ නිසා වෙන්න ඇති එයා ඒම කතා කරන්න ඇත්තේ මට සමාවෙන්න."

"සර් සමාව ගන්න ඕනේ නෑ. ඒකට කමක් නෑ එයා තාම පුංචීනේ"

ජංකුක් අපහසුවෙන් එක දිගට ටේගෙන් සමාව ගනිද්දි ටේ කමක් නෑ කියලා කිවුවේ එයා 'මමා' ඒ වචනයට හිත යටින් ගොඩක් කැමති උන නිසා.අද දවසෙම ජංකුක්ගේ princess එයාගේ ඩෑඩ්ව අමතක වෙලා තිබ්බේ.ටේට සූ බබාට කැව්වවට පස්සේ කිසිම වැඩක් කරන්න බැරි උනේ සූ එයාට ගම් ගාලා වගේ ඇලිලා ඉන්න නිසා.ජංකුක් කමක් නෑ කියපු නිසා ටේත් හරි සතුටින් සූ එක්ක සෙල්ලම් කරේ හරියට එයත් පොඩි ලමයෙක් වගේ.

ටේහ්‍යුන්ග් හිටපු නිසා ජංකුක්ට රෑ 8 වෙද්දි වැඩ ටික ඉවර කර ගන්න පුලුවන් උනා.නැත්තන් සැරෙන් සැරේට සූව බලමින් වැඩ ඉවර කරලා ගෙදර යද්දි රෑ 12ත් පවු උනා.

"මන් ගිහින් ඔයාව drop කරන්නම් taehyung"

ජංකුක් කිවුවේඑයාගේ ෆෝන් එකයි වොලට් එකයි කෝට් එකයි අතට ගන්න ගමන්.

"ඔහ් මම තනියම යන්නම් සර් thank you"

"ඒක ප්‍රශ්නයක් නෑ ඔයා අද කරපු උදව් එක්ක ඕක එච්චර දෙයක් නෙවෙයි මන් ගිහින් drop කරන්නම්"

ජංකුක් කියපු නිසා ටේ සූ බබාවයි එයාගේ බෑග් එකයි අරන් ජංකුක් පස්සෙන් එලියට ආවා.හැමෝම වගේ දැනටමත් ගෙදර ගිහින් තිබුනා.ජංකුක් ටේට කාර් එකේ දොර ඇරලා දුන්නේ සූ අතේ ඉන්න නිසා.ජංකුක් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙලා ටේගෙන් පාර අහගෙන යන්න පිටත් උනා.

"මමා මේ බ්ලැන්කට් එක හදනකන් ඕම ඉන්න ඕනේ දග කරන්නේ නැතුව හරිද"

ටේ රෝස බෝලෙගේ චූටි කම්මුලක් තොල් වලින් හපලා කියද්දි සූ බබා හිනාවෙලා එයත් ටේගේ රෝස කම්මුල් වල කෙල නෑවුවා.

ටේ සූට එයාව මමා විදිහට හදුන්වලා දුන්න වෙලාවේ ජංකුක්ට හුස්ම ගන්න එකත් හිර උනා.ජංකුක් හිතුවේ එතකොට මන් ඩැඩා නම් ටේහ්‍යුන්ග් මමා කියන්නේ...ඔහ් නෑ ජංකුක් තමුන් මොනාද හිතන්නේ එයා ඒම කියන්න ඇත්තේ princess තාම පොඩි නිසා වෙන්න ඇති.

"Oh god මේ කෙල්ල ඔයාව කෙල වලින් නාවලා."

ජංකුක් යන්තමට හිනාවෙලා වැඩිය හිතන්නේ නැතුව එයාගේ මහපට ඇගිල්ලෙන් ටේගේ සිනිදු කම්මුල් පිහදැම්මා.'ඔහ් කොහොමද මෙයාගේ කම්මුල් මේ තරම් සිනිදු උනේ හරියට princess ගේ වගේමයි.'ජංකුක්ට හිතුනේ ඒම.අදිසි ස්පර්ශයට ටේගේ මුලු මූණම රෝස පාට වෙලා ගියා.ඒක දැක්ක ජංකුක් කට කොනින් හිනාවෙලා ආපොහු පාරට අවදානය දුන්නා.

'මමාත් එකයි දුවත් එකයි.'













_____________________________________

අද එක අවුල්ද? අඩුපාඩු තිබ්බොත් කියන්න.

වෝට් කරලා කමෙන්ට් කරන් යන්න

සරන්හේහේ~ ❤️😘

Continue Reading

You'll Also Like

23.3K 3.4K 32
"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්න...
3.4K 208 6
"i could be your boyfriend." athena said, her tone bitter-sweet. rosita furrowed her brows, "but, you're a girl?" when athena smirked, rosita fixed h...
48.4K 8.5K 33
Started : 2023 - 06 - 13 Finished : 2023 - 09 - 27 ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do...
12.3K 368 20
When you experience something and that thing changes you, you need to learn to adapt and with time move on. (This story shows what could have happene...