Stolen Love

U_MiShi tarafından

149K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... Daha Fazla

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 54

1.1K 350 775
U_MiShi tarafından

Comment goal 200
Vote goal ? ඔයාලට දෙන්න පුලුවන් තරමක් මට දීලා යන්න💞.



ගැබුරු හිස් ආගාදයකි ඒ ඇස්. රැදුන අවසන් පුංචි ආලෝකයත් හොර රහසේම නොකියා නිවී ගිහිල්ලා. ඉදිමුනු රතු ගැහුනු පුංචි දිගටි ඇස් අගින් උනු කදුලු වැලක් කඩන් වැටෙද්දි හමන් ආව සීතල හුලගක් ඔහුගෙ ගතේ දැවටෙමින් ඔහුව සනසන්න උත්සහ කලා.



"මේ ඉන්නෙ පවුකාරයෙක්ගෙ දරුවෙක් ටේහියුන්ග්. "
"මේ දරුවා මැරුනෙ නැත්තම් මට මගෙ ආදරය නැති වෙනවා.මට බැහැ. මට බැහැ මගෙ ආදරයට මැරෙන්න දෙන්න."

"ඔයාව විනාශ කරපු පවුකාරයගෙම දරුවා වෙනුවෙන්  හියුන්ගෙ ජීවිතෙ බිලිදෙන්නද ඕනෙ?ඔයා කොහොමද එහෙම කරන්නෙ ටේහියුන්ග් ? මට මගෙ ජැක්සන් හියුන්ගෙ ජීවිතය හැමදේකටම වඩා වැදගත් නැද්ද ඔයාට. මං තරම්වත් ඔයා හියුන්ග්ට ආදරෙ නැද්ද?"

"ආශිර්වාදයක් නෙවෙයි මේ.පවුකාරයෙක්ගෙ ලෙයින් උපන් තවත් පවුකා.."


ගැහෙමින් හඩාවැටෙන ජිමින් ටේහියුන්ග් දිහා බලන් ආවේගයෙන් දුකෙන් කෑගහන් ගියත් ඔහු කියන්න ගිය වචන පෙල සම්පූර්ණ කරන්නත් කලින් ටේහියුන්ග් ඔහුව වෙවුලන අතකින් පස්සට තල්ලු කරලා දැන්මා.

"මගෙ පැටියා.මගෙ පැටියා පවුකාරයෙක් නෙවෙයි."

ටේහියුන්ගෙ රතුගැහුන ඇස් ජිමින් දිහා බලන් වේදනාබරව මුමුනද්දි ජිමින් ඔහු හිටිය තත්වයෙන් ටික ටික එලියට ආවා.


"ටේ...ටේහියුන්ග්. මට.සමාවෙන්න. මම .මම හිතලා නෙවෙයි එහෙම කිවුවෙ. ඒත් මං දිහා ඔහොම බලන්න එපා.
මගෙ තැන ඔයා හිටියනම් මොකද කරන්නෙ. ඒ මගේ ආදරය ටේහියුන්ග් . මගෙ මුලු ජීවිතේම එයා. බැදීමක් නැති මේ දරුවා වෙනුවෙන් මට බැහැ මගෙ ආදරය මරාගන්න."


පුංචි දරුවව පපුවට තුරුලු කරන් ඉන්න ටේහියුන්ගෙ ඇස් වලින් පහලට කදුලු වැලක් කඩන් වැටුනේ ඔහු වටා සිද්දවෙන මේ සියල්ලම මායාවක් මෙන් හැගීමක් ඔහුට දැනෙද්දි.මොහොතකට කලින් ඔහු දිහා පුංචි ඇස් බෝල කරන් බලන් හිටිය සුරංගනාවි  ඉක්මනින්ම දීර්ග නින්දකට වැටිලා.වේදනාවත් තෙහෙට්ටුවත් නිසා ජිමින්ගෙ තුරුලෙ ටේහියුන්ග් ට මොහොතකට නින්ද ගියා. විනාඩි කිහිපයක නින්දෙදි ඔහු එය දැක්කා.

එය ලස්සන තනපිට්ටනියක්. ලා කොලට වැවුන තනකොල පිටිය දිගේ ඇවිදන් එන ටේහියුන්ගේ දෙපා අතරමගදි නතර වෙන්නෙ මලානික ගැහුන කොල වැටුන රෝස ගසක් ලග. කොල සියල්ලම වැටිලා මලානික වෙලා තිබුනත් ඒ රෝස ගහෙ එකම එක සුදු රෝස මලක් පිපිලා තිබුනා.

වියලුනු රෝස ගහ දකිද්දි ටේහියුන්ග්ට වේදනාවක් දැනුනත් පිපුනු සුදු රෝස මල ටේහියුන්ගෙ හදවතට සැනසිලිදායක සතුටක් ගෙන දුන්නා.රෝස මල දිහා බලන් පුංචියට හිනාවුන ටේහියුන්ග් පිපුන සුදු රෝස මල අල්ලන්න හෙමින් අත දිගු කලා. නමුත් සිදු වූයෙ පුදුමයක්.

ටේහියුන්ග් සුදු රෝස මල ස්පර්ශ කරන්නත් කලියෙන් සුදු රෝස මලේ පෙති එකින් එක මලෙ නටුවෙන් ගිලිහෙමින් බිමට වැටෙන්න ගත්තා. රෝස මල් පෙති නටුවෙන් හැලවෙනාවත් එක්කම හමන් ආව හුලගකින් රෝස මල් පෙති ටේහියුන්ග් ගෙන් ගොඩක් ඈතට ගහගෙන ගියා. ගහන් යන සුදු රෝස පෙති දිහා වේදනාවෙන් බලන් ඉන්න විතරයි ටේහියුන්ග් ට පුලුවන් වුනේ. මැලවුන රෝස ගහට ඉතුරු වෙලා තිබුන අවසන් පුංචි රෝස මලත් රෝස ගහට නැතිවුනා.

දැන් එය හුදෙක් වියලිලා ගිය කටු පිරුන  ගසක් පමනයි.


නින්දෙන්ම ටේහියුන්ග් ගෙ ඇස් වලින් කදුලු කඩන් වැටෙද්දි හදවතෙ යමක් සිර වෙන්නාක් මෙන් වේදනාවක් ඔහුට දැනුනා.පපුවට අත තියන් හෙමින් ඇස් ඇරිය ටේහියුන්ග් ඔහු ලගින් ඉදගෙන ඉන්න ජිමින් දිහා බලන් සැනසීමෙන් හිනාවෙන්න ගියත් ටේහියුන්ගෙ ලෝකය එක තැනම නතර වෙලා ගියා.





"ඒ මගේ ආදරය ටේහියුන්ග් . මගෙ මුලු ජීවිතේම එයා. බැදීමක් නැති මේ දරුවා වෙනුවෙන් මට බැහැ මගෙ ආදරය මරාගන්න."

"පොරොන්දු වෙනවද ඩක්. මගෙ සුරංගනාවිට රිද්දන්නෙ නැහැ කියලා."





ටේහියුන්ගෙ මුවින් වේදනාබර හැඩුම් පිට වුනේ නැතත් දිගින් දිගටම ඒ ඇස් වලින් පහලට කදුලු වැල් කඩන් වැටුන.

හුස්ම වැටෙන් නැති ලේ කිරි කැටියෙක් සීතල හුලං මැද පපුවට තුරුලු කරන් අදුරු පාලු කැලෑවක් මැද ඔහු ඇවිදන් යනවා. කන් පහලට නවාගත්ත පුංචි ස්නෝවිත් ටේහියුන්ග් පසුපසින් ඇවිදන් එනවා.ටේහියුන්හෙ දෙපා අතරින් ගලන් ගිය රුදිර වැල් වල තෙතමනය තවමත් රැදිලා තියනවා.නමුත් ඒ රුදිරය මැදින් උපන් පුංචි සුරංගනාවිගෙ හුස්ම ඒ ලේ වියලෙන්නත් කලින් බොහොම ඉක්මනින්ම නතර වෙලා ගිහිල්ලා.



පුංචිම ආලෝකයක්වත් රැදී නැති ඒ ඇස් ඉබාගාතෙ ඇවිදන් ගියේ  පෙන්ත්හවුස් වත්ත වටකරමින් පිහිටලා තියෙන පයින් කැලෑව තුලට. පුංචි දරුවෙක් පපුවට තුරුලු කරන් ඇවිදන් යන ටේහියුන්ගෙ දෙපා පෑගෙන කටු පදුරු වලට තුවාල වුනත් ඒ වේදනාවන් ඔහුට දැනුනෙවත් නැහැ.

පාලු කැලෑවම ආලෝකමත් කරමින් අහසෙ අකුනක් කෙටුවෙ මේ තරම් වෙලාවක් ඉබාගාතෙ ඇවිදන් ආව ටේහියුන්ග් පයින් ගහක් ලග දෙපා පන නැතුව ඇදන් වැටෙද්දි. පයින් කැලෑවම කුනාටුවකට අසු වෙලාක් මෙන් චන්ඩ හුලං කැලෑව පුරාම ඒ මේ අතට හමනවා.සද්දන්තයින් මෙන් අහස උසට වැඩුන පයින් ගස් ක්‍රාස් ශබ්දය නගමින් වේගයෙන් දෙපැත්තට වැනෙනවා. මහ කුනාටු වර්ශාවක පෙර නිමිති අහස විසින් කියාපානවා.



"මගෙ සුරංගනාවි.මම නිසයි මගෙ මැනිකට මෙහෙම වුනෙ. ගොඩක් විශ්වාස කලා. එහෙම නොකර හිටියනම් මගෙ පුංචි සුරංගනාවි තවමත් ඔම්මා ලග එහෙම නේද."

"පුලුවන්ද මගෙ මැනිකේ මට සමාව දෙන්න."

පුංචි පැටියගෙ සීතල කම්මුල් අතගාමින් ටේහියුන්ග් අහද්දි ටේහියුන්ග් ලගට ඇවිදන් ආව පුංචි ස්නෝවි පැටියගෙ මුහුන ලෙව කාමින් බුරන්න ගත්තා. පැටියා දැන් ඇහැරෙයි දැන් ඇහැරෙයි කියලා ඇස් බෝලන්කරගෙන බලන් හිටියා. පැටියා ඇස් ඇරලා ස්නෝවි දිහා බලන් නැති නිසා කන් පහලට කරන් කෙදිරිගාන්න ගත්ත ස්නෝවි ටේහියුන්ග් ගෙ කුස වෙත ගුලි වුනා.

කෑමොර දෙමින් හඩාවැටෙන්න පුංචි ටේහියුන්ග් ට ඕන කලා. ඒත් ටේහියුන්ග් ගෙ මනස එකතැන නතර වෙලා.ඔහුගෙ මුවින් සිහින් මිමිනුමක් මිස වෙනත් හඩක් පිට වුනේ නැහැ.

"මගෙ සුරංගනාවි හුස්ම ගන්න ඕනෙ. "


පුංචි පැටියව ආයෙමත් පපුවට තුරුලු කරගත්ත ටේහියුන්ග් ඔහු ඇදගෙන වැටුන පයින් ගහ යට  පොලව අතින් හාරන්න ගත්තා. උමතුවෙන් මෙන් අතින්ම ටේහියුන්ග් පයින් ගහ මුල හාරමින් වේදනාබර කදුලු සැලුවා.

මහ ගොඩක් ලෝබයි .ඒ අහිංසක හදවතට දරාගතනොහැකි තරම් ලෝබයි. මාස නවයක් කුසේ තියන් වදපු පුංචි සුරංගනාවිව කොහොමද ඔහු පසට යට කරන්නෙ.ඔහු කොයිතරම් කාලයක් මගබලන් හිටියද සුරංගනාවිව තම දෝතට ගන්න. සුරංගනාවිගෙ උනුහුම් කම්මුල් සිපගන්න. නමුත් අද ඒ උනුහුම් කම්මුල් සීතල ගැහිලා. ටේහියුන්ගෙ පුංචි සුරංගනාවිගෙ ඇස් ඒවා හරි ලස්සනයි.පුංචි ඇස් ඇරලා විපරම් කරමින් ඇය ටේහියුන්ග් දිහා බලන් හිටියා. මේ තරම් කාලයක් ඔම්මගෙ හඩ ඇහුනට ඇය ඔම්මව දැක්කෙ නැහැනෙ. ටේහියුන්ග් ඇයට කිරි පොවද්දිත් ඇස් නොපියාම ඇය ටේහියුන්ග් දිහා බලන් හිටියා. නමුත් ටේහියුන්ග් ගෙ ඇස් පියවුන විනාඩි කිහිපයට.

ඒ මොහොතෙත් පුංචි සුරංගනාවි ඔම්මා දිහා බලන් ඉන්න ඇති. පුංචි හදවතෙ හුස්ම හිර වෙද්දිත් ඇය ඔම්මා ඇය දිහා බලනකන්ම බලන් ඉන්න ඇති.

වේදනාබර ඉකිබිදුම් ටේහියුන්ගෙ තොල් අතරින් පිටවෙද්දි ඔහු පැටියගෙ මුලු මුහුනම සිපගත්තා. එකිනෙකට ගුලි වුන පුංචි ඇගිලි මතත් හාදු තිබ්බ ටේහියුන්ග් ආයෙම ආයෙම දරුවව පපුවට තුරුලු කරගත්තා. ඔහුගෙ උනුසුම දැනිලා හෝ පැටියා නැගිටීව්දො බලන් හිටියා. නමුත් ගැස්මක් නැති සීතල නිසල සිරුර ටිකෙන් ටික තව තව සීතල වෙනවා.

"නැහැ. නැහැ මගෙ දරුවා හුස්ම ගන්න ඕනෙ. මගෙ දරුවා හුස්ම ගන්න ඕනෙ. "

ටේහියුන්ග් තමන්ගෙ අත් දෙකෙන්ම හාරපු වල මතින් පුංචි පැටියව තියද්දි මුලු පයින් වනයම දෙදෙරවමින් අහස වේදනාවෙන් ගිගිරුවා.

"මගෙ සුරංගනාවිව බලාගන්නවා නේද? එයාටත් ඔයාලා එක්කම හුස්ම ගන්න කියලා දෙන්න .කියලා දෙන්න හොදද. මගෙ මැනිකගෙ හුස්ම මෙහෙම නතර වෙන්න දෙන්න එපා."
"පයින් ගසෙ කද මතින් අත තිබ්බ ටේහියුන්ග් පයින් ගහ දිහා බලන් වේදනාවෙන් මිමිනුවා."



කොයිතරම් කාලයක් ගත වුනාද කියලා ටේහියුන්ග් දැනන් හිටියෙ නැහැ. පුංචි පැටියා වලලපු තැන හිස තියන් පුංචි ස්නෝවි ඇස් පියන් ඉන්නවා. පයින් ගහ යටම ඉදගෙන ටේහියුන්ග් මේ දිහා හිස් ඇස් වලින් බලන් හිටියා.

"ඔයාටත් යන්න ඕනෙ වුනා නේද පුංචි පැටියෝ.එයාව පරිස්සමෙන් බලාගන්න."

පුංචි ස්නෝවිගෙ හිසට තට්ටු කරමින් ටේහියුන්ග් කියද්දි වෙනදා මෙන් ස්නෝවි ඔහු දිහා හිස ඔසවලා බැලුවෙ නැහැ. ඔහුත් දුර ගමනක් ගිහින් පුංචි සුරංගනාවිත් එක්කම.

ස්නෝවිගෙ මුලු ජීවිතේම බැදිලා තිබුනෙ ටේහියුන්ග් ගෙ කුසේ වැඩෙන පුංචි පැටියාගෙ හුස්මත් එක්ක. ස්නෝවි මුලු දවසම ගත කලේ ඒ හුස්මෙ හඩ අහගෙන.ඉතින් පුංචි ස්නෝවි කොහොම දරාගන්නද ඒ හුස්ම නතර වුනාම. තවදුරටත් පුංචි පැටියාගෙ හෘද ස්පන්දනය පුංචි ස්නෝවිට ඇහෙන්නෙ නැහැ. පැටියා වලලපු සීතල පොලවෙම පුංචි ස්නෝවිත් ඔහුගෙ අවසන් හුස්ම හෙලුවෙ දරාගත නොහැකි වේදනාවකින් පපුව පැලිලා.




_______________________________

සැරෙන් සැරේ අහසෙ කොටන මහ අකුනු අදුරු පෙන්ත්හවුස් එක ආලෝකමත් කලා. අදුර රජයන වුක්ගෙ කාමරයත් අහසෙ කෙටුව අකුනකින් සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙලා යද්දි වුක් ලග එක් පුද්ගලයෙක් හිටගෙන හිටියා. කොටන අකුනත් එක්කම ඔහුගෙ මුහුන අදුර තුලින් පැහැදිලි පෙනුනා.ඔහු බලන් ඉන්නවා වුක් දිහා. හැගීමක සේයා මාත්‍රයක්වත් ඒ මුහුනෙ ඇදිලා නැහැ.

ආයෙම වතාවක් අහසෙ කෙටුව මහ අකුනකට අදුරු කාමරය ආලෝකමත් වුනා. අකුනෙ ආලෝකයත් එක්කම අදුරෙ තවත් යමක් දිලිසුනා. දෑතෙ දරාසිටින කිනිස්ස ඉහලට ඔසවපු පුද්ගලයාගෙ ඇස් අගින් එකම එක කදුලක් කඩන් වැටුනා.

වුක්ගෙ පපුව මැදට පලවෙනිම කිනිසි පහර කිදාබහිද්දි විසිරුනු රක්ත රුදිරය කිනිස්ස දරාසිටින ඔහුගෙ මුහුනට විසික් වුනා.සිරුර පසාරු කරගෙන කිනිස්සක් පපුව තුලට කිදාබහිද්දි වේදනාවෙන් කෑගහමින් නින්දෙන් අවදි වුන වුක් ඔහුට පහර දෙන තැනැත්තාගෙන් ගැලවෙන්න දැගලුවා. නමුත් කිනිසි පහරවල් දිගින් දිගටම වුක් වෙත එල්ලවෙද්දි තදින් කිනිස්ස අතින් අල්ලගත්ත වුක් අදුරු ඡායාවව ඔහුගෙන් ඈතට තල්ලු කරන්න උත්සහ කලා.ආයෙමත් අහසෙ කෙටුවෙ ආලෝකමත් අකුනක් .



"ඩෝ....ලී...ම...ගෙ .ඩෝලි."


වුක්ගෙ රුදිරයෙන් නැහැවිලා ඉන්න ටේහියුන්ග් දකිද්දි වුක්ගෙ ඇස් වේදනාව මිශ්‍ර බියකින් විසල් වෙලා ගියා.

"ඇයි. මේ මගෙ ඩෝලි."


ටේහියුන්ග් දිහා බලන් වුක් වේදනාවෙන් අහද්දි ආයෙමත් වාතලයට උස් වුන කිනිසි පහරක් වුක්ගෙ පපුව සිදුරු කලා.

"මගෙ අප්පා. මගෙ පපා. මගෙ පුලුන් බෝලෙ.මගෙ ඔම්මා.මගෙ හියුන්ගි .මගෙ නූනා.ස්නෝවි මගෙ පුංචි සුරංගනාවි ."


"ප්‍රාර්තනා කරනවා අපායම මම උබ වෙනුවෙන්."

______________________________

ටේහියුන්හ් ඇදගෙන හිටිය සුදු පැහැ ශර්ට් එක වුක් ගෙ රුදිරයෙන් රක්ත පැහැයට හැරවිලා. ලේ වැක්කෙරෙන කිනිස්ස වුක්ගෙ කාමරයෙම අතහැරපු ටේහියුන්ග් මලමිනියක් මෙන් කාමරයෙන් එලියට ආවා.පඩි කිහිපයක් බහිමින් එන ටේහියුන්ග් පඩිපෙල අතරමග නතර වුනෙ ඔවුන්ව දකිද්දි.

පෙන්ත් හවුස් එකේ සුදු ටයිල් පොලව ඔහුගෙ රක්ත රුදිරයෙන් වර්නවත් වෙලා. තවදුරටත් ටේහියුන්ග් කෑගසමින් විලාප තබමින් හඩා වැටුනෙ නැහැ. පඩියෙන් පඩිය ඔහු හෙමින් පඩිපෙල බැස්සා. ටේහියුන්ග් දැනටමත් මියගිහින් ඉවරයි.නමුත් මියගිය ඔහුට තවමත් වේදනාව දැනෙනවා. ලේ ගොඩක් උඩ වැටිලා ඉන්න ජැක්සන් ලග දනින් වැටුන ටේහියුන්ග් වෙවුලන අතින් ජැක්සන් ගෙ විවර වෙලා තියන ඇස් වැහුවා.

" මගෙ බෙයාට බය හිතෙන  ඕනෙම වෙලාවක හියුන්ග්ව මතක් කරගන්න.. හියුන්ග්ට කතාකරන්න..ගවු ගනන් දුරෙන් හිටියත් හියුන්ග් එනවා මගෙ බෙයා ලගට.."

"ප්ලොමිස්?"

"ප්රොමිස් මගෙ මැනික.."

"ඔයත් ගියාද හියුන්ග්. මාව විතරක්ම තනි කරලා ඔයාලා හැමෝම ගියාද."




ජැක්සන්ගෙ අතට හිර වෙලා තියන ගන් එක වෙවුලන අතින් අතට ගනිමින් ටේහියුන්ග් අහද්දි.




"වෛර කලා එයා මට .හියුන්ගෙ අවසන් හුස්ම වැටෙද්දිත් එයා මට වෛර කලා."

"තත්පරයකටවත් එයා ලගට ලං වෙන්න දුන්නෙ නැහැ.මගෙන් ඈතටම ගියා.මම ලං වෙන්න උත්සහ කරද්දි එයාටම තව තව රිද්දගත්තා."

"දරාගන්න බැරි වුනා එයාට .එයාගෙ පුංචි මල්ලිගෙ දරුවගෙ ජීවිතෙ ඒ හුස්ම වෙනුවෙන් නතර වුනා කියන ඇත්ත එයාව වියරු වැට්ටුවා."

"දුන්නෙ නැහැ සැනසීමක් හියුන්ග්ට අන්තිම මොහොතෙදිවත් මම. මගෙ පවුකාරකම හියුන්ගෙ ජීවිතෙ විනාශ කලා. ඔයාව විතරක්ම අන්තිම හුස්මෙදිත් හියුන්ග් මතක් කලා."

"එයාට සමාව වෙන්න කිවුවා.ඒත් මට මහ ගොඩක් වෛර කරනවා කිවුවා."


තදින් ඇස් පියාගත්ත ටේහියුන්ග් ජැක්සන්ගෙ නලල මත හාදුවක් තිබ්බා.පිටුපස හැරිලා ජිමින් දිහා බලපු ටේහියුන්ග් ඔහු අතේ තියන තුවක්කුව ජිමින් වෙතට එල්ල කරද්දි ජිමින්ගෙ වේදනාබර මුහුනෙ පුංචි හිනාවක් ඇදුනා.







"බොරු කියන්න එපා මෝඩයො.මේ ඔයා ? හහ් අනේ යනවා යන්න මෝඩ බකා."

"විශ්වාස කරන්නකො ඩක්. ඇත්තමයි මම දන්නවා .හියුන්ගි තමා කියලා දුන්නෙ."

පුංචි දගයා ජිමින්ගෙ කරේ එල්ලෙමින් කියද්දි ඇස් හීනි කරන් දගයා දිහා බැලුව ජිමින්.

"නැහැ.නැහැ විශ්වාස නැහැමයි."

"හා ඉන්නකො එහෙනම් දවසක මම ශූට් කරලා පෙන්නනම්කො ඔයාට. විශ්වාස කරන්නෙ නැහැනෙ මාව."

"කාටද මටද?"

"මොනාද ජිමිනි කියන්නෙ. "

දගයා මුහුන බෙරි කරන් අහද්දි හිනාවෙලා දගයගෙ නහය මිරිකපු ජිමින් දගයත් ඇදගෙනම තනගොල්ල උඩ හාන්සි වුනා.


"මගෙ අහිංසක පුංචි දගයා. කොහොමද ඩක් විශ්වාස කරන්නෙ .කැලේ හැදෙන ගහක කොලයක්වත් කඩන්න  අකමැති  මගෙ කොල්ලා කොහොමද ගන් එකක් යූස් කරන්නෙ."


"ඉන්නවකො මෝඩ තාරාවා මම ශූට් කරලා පෙන්නන්න එදාටත් ඔහොම හිනාවෙලා පෙන්නවකො මට."

දගයා ජිමිනිට පිටුපාලා හැරෙද්දි දගයව උරහිසෙන් ඇදලා ගත්ත ජිමින් දගයට කිතිකවමින් හිනාවෙන්න ගත්තෙ කොල්ලො දෙන්නගෙම හිනාහඩ නිදහස් වාතලයෙ ගලන් යද්දි.








"ඔයාට බැහැ ශූට් කරන්න ටේහියුන්ග් .ඔයා දන්නෙ නැහැ ගන් එකක් යූස් කරන්න."

ටේහියුන්ග් දිහා බලන් වේදනාවෙන් හිනාවෙමින් ජිමින් කියද්දි ගන් එක ලෝඩ් කරපු ටේහියුන්ග් හිස් ඇස් වලින් ජිමින් දිහා බලන් හිටියා.


"ඔයාට බැහැ ටේහියුන්ග් .ඔයා දන්නෙ නැහැ. "



ටේහියුන්ග් වෙත ලං වෙමින් ජිමින් කියද්දි ටේහියුන්ග් ගෙ ඇස් වල ආයෙමත් කදුලු පිරුනා. ඒත් කදුලු වැටෙන ඒ ඇස් වල තවමත් කිසිම හැගීමක් නැහැ.


"වෛර කරනවා ජිමින්."


ටේහියුන්ග් අතේ තියන ගන් එකෙන් සද්දෙන් උන්ඩයක් පිටවෙද්දි කදුලු වැටෙන ඇස් පියාගනිමින් ජිමින් හීනියට හිනාවුනා.

"මට සමාවෙන්න. "


_____________________________

ජැක්සන් ඔහුටම වෙඩි තියාගත්තට පස්සෙ ආයෙමත් පෙන්ත්හවුස් එකේ වෙඩි හඩක් ඇහෙද්දි සයිමනුත් හෙලේනත් වෙඩි හඩ ඇහුන දිහාවට දුවන් ආවා. ජිමින්ගෙ කාමරෙ හිර කරලා හිටිය විල්සනුත් වෙඩි හඩ ඇහෙද්දි ගාර්ඩ්ලගෙන් ගැලවිලා කාමරෙන් එලියට දුවන් ආවෙ හෙලේනා සයිමන් දිහා ඇස් කොනෙන් බලද්දි.

ලේ ගොඩක් උඩ වැටිලා ඉන්න ජිමිනිව දකිද්දි විල්සන්ගෙ දෙපා ගැහෙන්න ගත්තා.ජිමින් ලගම ඉදගෙන ඔහු දිහා ටේහියුන්ග් බලන් ඉන්නවා


"මගෙ පුංචි බේබි."

ජිමින් ලගට දුවන් ආව විල්සන් ටේහියුන්ගගෙ අතින් ඇදලා ඔහුව පැත්තකට තල්ලු කරමින් ජිමින්ව ඔහුගෙ තුරුලට ඇදලා ගත්තා.


"මිනීමරුවා මගෙ පුංචි බේබිගෙන් ඈතට යනවා.."

"මගෙ පුංචි බේබි ඇස් අරින්නකො.බේබි මං දිහා බලන්න."


විල්සන් ජිමින්ව තුරුලු කරන් හඩාවැටෙන දිහා පුංචි ටේහියුන්ග් හැලහොල්මනක් නැතුව හිස් ඇස් වලින් බලන් හිටියා.
ජිමින් ගැන කලබලයෙන් බියෙන් හිටිය විල්සන් නමුත් එක් දෙයක් දැක්කෙ නැහැ.

ගන් එක අතින් තද කරන් ඉන්න ජිමින්ගෙ පන නැති අතින් සද්දෙන් ගන් එක ටයිල් පොලව මතට වැටුනෙ මේ දිහා බලන් ඉන්න ටේහියුන්ග් ගෙ ඇස් වලින් අවසන් වතාවට කදුලු පේලියක් කඩන් වැටෙද්දි.





"වෛර කරනවා මම ජිමින්."




----------------------------------------------------

අතීතය ඉවරයි මෙතනින්.

මොකද හිතෙන්නෙ ඔයාලට අද චැප්ටර්  එක ගැන.

සුරංගනාවි?

ටේහියුන්ග් ආදරය කරන පරිසරයේම කොටසක් වෙලා පයින් කැලෑව තුල හුස්ම  ගනීවි.  ඇයයි ටේහියුන්ග් ආදරය කරන පයින් කැලෑවෙ ආත්මය.ටේහියුන්හ් ආදරය කරන පයින් ගස් වනාන්තරයෙ හුස්ම අයිති ඇයටයි.






ටේහියුන්ග්?

ටේහියුන්ග් කියන්නෙ අහිංසක පුංචි දගයෙක් පුංචිම කූබියෙක්ට පවා හමන හුලගටත් පවා ආදරය කරපු දරුවෙක් මනුස්සයෙක් මරන්න තරම් දරුනු වුනා කියන්නෙ . ඔයාලම හිතාගන්න ඒ වේදනවා කොයිතරම් බලපාන්න ඇත්ද කියලා ඒ මනසට. දරුවා නැතිවෙනකන්ම ටේහියුන්ග් එයාගෙ අහිංසකම දරන් හිටියා ඒත් ඒ අවසන් සීමාවත් ඔහුට නැතිවුනා.


වුක්?

ටේහියුන්ගෙ දරුවා නැති කරන්න එයා සම්බන්ද නොවුනත් එයාත් මහ ගොඩක් පවු කලා. ඇත්තක් එයත් ජිමින්ගෙ එක ස්වරූපයක් තමා. එයාගෙ  තරුන වයසෙදි.



විල්සන්?

ටේහියුන්ග්ට විල්සන් ආදරෙ කලත් එයා අතින් උස්මහත් කරපු දරුවන්ට එයා වැඩියෙන් ආදරෙයි. ගොඩක් මනුස්සයො  එහෙම නෙවෙයිද.



හෙලේනා? සයිමන්?

බල ලොභය තන්හාව ඒ ඇස් අන්ද කරලා.හදවතට අගුලු වැටිලා.



ජිමින්?

එයා ගෙවන වයසත් එක්ක ආදරය ලෝකයම කරගත්ත කෙනෙක්. කරන කියන දේවල් වල හරි වැරැද්ද තේරූම් ගන්න බැරි තරම් ආදරය ලෝකයම කරගෙන.

ජැක්සන්.?

මනස අවුල් වෙලා තියන ජැක්සන් ට තවත් මේ දේවල් දරාගන්නබැරි වෙන්න ඇති. ඔහු උන්මන්තකයෙක් නිසා කරන හැමදේම එයාට පැහැදිලි නැහැ.සියදිවි නසාගත්තට වරද පටවන්න බැහැ.



පුංචි ස්නෝවි.?

දරුවගෙ හෘද ස්පන්දනය ඔහුටත් තවදුරටත් ඇහෙන් නැතුව ඇති. නැත්තම් පයින් ගහ යට වලලපු සුරංගනාවි ගෙ හෘද ස්පන්දනග පයින් කැලෑව තුලින් ඔහුට ආයෙමත් ඇහෙන්න ඇති ඉතින් ඔහුත් පයින් කැලෑවෙම කොටසක් වෙන්න තීරනය කරන්න ඇති.




මේ චරිත ගැන ඔයාලගෙ අදහසුත් කියන් යන්න .


වේදනාවට උත්තර හොයමු අපි.



ජියොන් ජන්කුක්..........🥀



මම මේ වෙනුවෙනුත් ඔයාලට ස්තූති කරන්න ඕනෙ. මේකෙ අතීත කතාව  චැප්ටර්ස් 24/25 වගේ ඇදුනා. ලේසියෙන් ටේකුක් කතාවක් ටේකුක් මූමන්ට්ස් නැතුව රීඩර්ස්ලා කියවනවා අඩුයි. ඒත් මගෙ පැටවු ටික මේක කියෙවුවා. ඒකට ස්තූති. ඒ ඉවසීමට මම සාදාරනය ඉශ්ට කරන්නම්❤️💞

Okumaya devam et

Bunları da Beğeneceksin

163K 32.1K 98
මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........
111K 4.9K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
59.8K 10.2K 35
පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එය...
155K 22.9K 17
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."