Comment goal 200
පුංචි අත් දෙකක් හරිම කාර්‍යබහුලව ඇගෙ දෙපා දිගේ ඉහලට පහලට ගමන් කරනවා.. අත් දෙකේ අයිතිකරු කොයිතරම් නම් ඔහු කරන කාර්‍යයට අවදානය දෙනවද කියනවනම් ඔහුටත් නොදැනීම රෝස තොල් පොට දත්වලින් හපාගෙන..
විවර කරලා තියන ලී ජනේලය හරහා පුංචි කාමරයට ලා හිරු රැස් ගලන් එනවා.. ජනේලයට බර වුන ලා දම් පාට මල් ගහේ අත්තක වහල හිටිය පුංචි කුරුලු හාමිනෙ මල් අත්තෙන් ලී ජනෙල් ගැට්ට මතට බැස්සෙ කාමරය මැද පුංචි බංකුවක ඉදගෙන ඉන්න දගයාව චූටි ඇස් වලින් අදීක්ශනය කරමින්..
වෙනත් දවස් වලට මේ වෙද්දිත් කුරුලු හාමිනේලා බලන්න වත්තට දුවන් එන දගයා අද තවමත් ඔවුන් බලන්න වත්තට නොආපු නිසා දගයා බලන්න කුරුලු හාමිනේ කෙනෙක්ම ඇවිල්ලා..
ජනෙල් ගැට්ට මතට ආපු කුරුලු හාමිනෙ දකිද්දි දගයගෙ උරහිස උඩ බෝල පුලුන් නැට්ට උස්සන් වටපිට බල බල හිටිය පුලුන් බෝලෙ දගයගෙ උරහිසෙන් පැනලා කුරුලු හාමිනෙ ලගට දිවුවෙ කුරුලු හාමිනෙව පිලිගන්න..
"ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ් සද්ද කරන්න එපා දෙන්නම..ඔම්මා තාම නිදිනෙ"..
පුංචි පුලුන් බෝලෙව දකිද්දි කුරුලු හාමිනෙ කිචි බිචි ගගා පුලුන් බෝලෙට මොනාදො කියනවා පුලුන් බෝලෙත් හුරතල් හඩින් ආපිට කුරුලු හාමිනේට උත්තර දෙනවා.දෙන්නගෙ කතාවෙ ඉවරයක් නැති තැන ඔවුන් දිහා බලපු දගයා තොල් ලගට ඇගිල්ල ගෙනියමින් ඔවුන්ට සද්ද කරන්න එපා පෙන්නමින් සනීපෙට නිදියන් ඉන්න ඔම්මා වෙතට ඇගිල්ල දික් කලා..
පුංචි කුරුලු හාමිනෙ පුංචි හිස හරවමින් දගයා කියන දේ තේරුම් ගන්න උත්සහ කරද්දි ආයෙමත් පඩි ගැට්ටෙන් බිමට පැන්න සුදු පුලුන් බෝලෙ දගයාගෙ ඔඩොක්කෙ වෙතට දුවන් ආවා..
පුලුන් බෝලෙගෙ පුංචි හිස මතින් හාදුවක් තිබ්බ දගයා ආයෙමත් ඔම්මගෙ කකුල් තෙල් ගාලා අතගාන්න ගත්තෙ සැරෙන් සැරෙ ඔම්මගෙ දෙපාත් සිපගනිමින්..
දගයා හිතන් හිටියත් ඔම්මා ඔහු මේ කරන කිසිමදෙයක් දන්නෙ නැහැ කියලා.පුලුන් බෝලෙට දගයා තටවටු කරද්දිම ඔම්මා ඇගෙ නින්දෙන් අවදි වුනා..ගෙවුන දවස් කීපයම තිස්සෙ ලීනගෙ රෝගී තත්වය තව තව වැඩි වෙමින් තිබුනා.ඇයට ඒ බවක් ඇගෙ දරුවන්ට පෙන්වන්න උවමනා කලේ නැතත් ඇය දැන් ගොඩක් දුර්වලයි..
ඇස් ඇරලා මොහොතක් ගත වුනත් ලීනට ඇගෙ වටපිටාවට පැහැදිලිව පෙනුනෙ නැහැ.ඉනෙන් පහල පන නැති ඇයට පුංචි දගයගෙ ස්පර්ශ දැනුනෙ නැහැ.නමුත් තමන්ගෙ පුංචි දරැ පැටියගෙ හුස්ම ගන්න හඩ පවා ඇයට ඇස් පියන් වුනත් අදුරගන්න පුලුවන්..
"මගෙ මැනික.."
ලීනගෙ කටහඩ ඇහෙද්දි මේ තරම් වෙලාවක් ඇගෙ දෙපා තෙල් ගගා අතගාමින් හිටිය දගයා ඇස් උස්සලා ඇය දිහා බැලුවා.
"මගෙ මැනික අද නිල් අහස බලන්න ගියෙ නැද්ද ම්ම්ම්? පායපු ඉරටත් මගෙ මැනික නැතුව පාලු ඇතිනෙ.."
"ඔම්මාආආ..ඔම්මා ඇහැරුනාද."
පුංචි බංකුවෙන් නැගිටලා ලීනා වෙත දුවන් ගිය දගයා ඇගෙ මුලු මුහුනම ඉවරයක් නැතුව සිපගන්න ගත්තා..
"ඔම්මගෙ රාජ කුමාරයා..."
"ඔම්මව බලන්න ආවද උදෙන්ම ම්ම්ම්"
දගයගෙ සිනිදු කෙහෙරැලි අතරින් ඇගිලි ගෙනිමින් ලීනා ආදරනීයව දගයගෙ නලලත මතින් හාදුවක් තිබ්බෙ පුංචි කොල්ලා හුරතල් හිනාවක් පිටකරද්දි..
"ඔම්මා ...ඔම්මා...ඔම්මා.."
දගයගෙ පුංචි අත් වල තෙල් වැදිලා කියලා දකිද්දි දගයා කර කර ඉන්න ඇත්තෙ මොකක්ද කියලා ලීනට වැටහුනා.වේගෙන් ඇසිපිය ගසමින් දගයට හොරා ඇස් අස්සෙම කදුලු හංගගත්ත ලීනා දගයගෙ අත් දෙකම සෙනෙහසින් සිපගත්තා..
"මගෙ මැනික මේ දේවල් කරන්න ඕනෙ නැහැ..මගෙ මැනික රාජ කුමාරයෙක්.."
"මගෙ ඔම්මා ගොඩක් ලෙඩ වෙලාද?"
ඔම්මාගෙ කදුලු දකිද්දි දගයාගෙ ඇස් වලත් කදුලු පිරිලා. පුංචි කොල්ලාත් ඔම්මා වගේම කදුලු හංගගන්න උත්සහයක.දගයා දිහා බලලා ලස්සනට හිනාවුන ලීනා ඇද මත කෙලින් වෙමින් දගයව ඇය ලගින් ඉන්දවගත්තා..
"කවුද මගෙ පුංචි මැනිකට ඒ වගෙ ලොකු බොරුවක් කිවුවෙ..බලන්න බෙයාගෙ ඔම්මා බෙයාගෙ සුපර් පවර්ස් නිසා හැමදාම වගෙ ගොඩක් ඉක්මනට සනීප වුනා..ඔම්මා ලෙඩින් නෙවෙයි මගෙ රත්තරනෙ.ඔම්මා ගොඩක් හොදින්.."
දගයගෙ දිග ඇස් මත පුංචි හාදු තිබ්බ ලීනා දගයගෙ පුංචි නහය මත ඇගෙ නහය අතුල්ලමින් හිනාවුනා.
"බිග් බෝයිස්ලා අඩන්නෙ නැහැ හොදද..කෝ බලන්න ඔම්මා දිහා බලන්න මගෙ පුංචි කුමාරයා."
ඔම්මාගෙ ඇස් දිහා නොබලා බිම බලන් ඉන්න දගයාගෙ මුහුන වෙත එබුන ලීනා ඇයගෙ ඇස් වපර කරලා පෙන්නමින් කන් දෙක උඩට පහලට හොලවමින් හිනාවුනෙ ඒ දිහා බලන් ඉන්න පුංචි කොල්ලගෙ තොල් අතරින් හුරතල් හිනාවක් පිට වෙද්දි.
"ඔම්මා ආයෙමත් ලෙඩ වෙන්න එපා..ඔම්මා ලෙඩ වුනාම මට ගොඩක් බය හිතෙනවා... ඔම්මයි හියුන්ග්නුයි නූනායි ඇර බෙයාට වෙන කවුරුත් නෑනෙ"
ලීනාව තදින් වැලදගත්ත දගයා හිමින් මුමුනද්දි දගයගෙ හිස අතගාමින් ඇස් පියාගත්ත ලීනා දගයා ආසම සිංදුව කියන්න ගත්තා..
දගයව මදක් ඇගෙන් ඈත් කරපු ලීනා දගයගෙ අතක් අරන් ආදරනීයව සිපගත්තා..දගයගෙ පුංචි නහය රෝස බෝල කම්මුල් මත ආදරනීය හාදු තියන ලීනා දිහා කදුලු පිරුනු ඇස් වලින් බලන් හිටිය දගයා..
"පොරොන්දු වෙන්න ඔම්මා..පොරොන්දු වෙන්න බෙයාව කවදාවත්ම දාලා යන්නෙ නැහැ කියලා.."
ඉශ්ට කරන්න බැරි පොරොන්දුවක් දගයා ඇගෙන් ඉල්ලදි ලීනා කලෙ දගයාව තදින් තුරුලු කරගනිමින් දගයගෙ හිස අතගාන එක..
"මගෙ පුංචි බෙයා දන්නවද?"
"මගෙ පුංචි බෙයාත් අර ඈත පේන නිල් අහස වගෙ.ගොඩක් දීප්තිමත් ..සීමාවක් හොයාගන්න බැරි තරම්ම සුන්දර නිදහසක් අහසෙ හැංගිලා තියනවා..හරියට මගෙ පැංචා වගේමයි.."
"ඒත් කොයිතරම් දීප්තිමත්ව බැබලුනත් නිල් අහසත් හැමදාටම ඒ තරම් දීප්තියෙන්ම බබලන්නෙ නැහැ. ආලෝකය වගේම අදුරත් නිල් අහස හොයන් එනවා.හැමදාටම දීප්තිමත්ව බබලන්න විතරක් නිල් අහස ආස කලාට කවදාවත්ම නිල් අහසෙ ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වුනෙ නැහැ.."
"ඒත් මගෙ බෙයා නිල් අහස කවදාවත් බලාපොරොත්තු අතෑරගත්තෙ නැහැ.නිල් අහස දන්නවා අද කොයිතරම් අදුරකින් අහස අදුරු වුනත් ඉර ආයෙමත් ඉක්මනින්ම නිල් අහස හොයන් එනවා කියලා.ඉර ආයෙමත් හොයන් එන බලාපොරොත්තුවෙන් නිල් අහස අදුර ගෙවෙන රාත්‍රියත් තමන්ගෙම කොටසක් කරගත්තා.."
"මගෙ බෙයාත් නිල් අහසක්..කොයිතරම් අදුරු රාත්‍රින් නිල් අහස හොයන් ආවත් නැවත පායන ඉර ගැන විශ්වාසයෙන් ජීවත් වෙන්න තරම් ශක්තිමත් වුන නිල් අහසක්.."
"මගෙ පුංචි බෙයා මේ ලෝකෙට ආවෙම බලාපොරොත්තුවක් නමින්..තේරෙන නොතේරෙන වයසෙ ඉදන් මගෙ බෙයාගෙ හදවතෙ බලාපොරොත්තුව කියන ආලෝකය මහ ගොඩක් පිරිලා තිබුනා.
ලස්සන ලස්සන පුංචි පුංචි බලාපොරොත්තු මගෙ බෙයා ලග හැමදාම තිබුනා.."
"කෝ බලන්න අපෙ පුංචි සුදු පුලුන් බෝලෙ.."
දගයගෙ ඔඩොක්කෙ ඉන්න පුලුන් බෝලෙව උස්සලා වඩාගත්ත ලීනා ආයෙමත් දගයා දිහා බැලුවා.
"ඔම්මට අද වගෙ මතකයි. හියුන්ග්නුයි ඔම්මායි ලගට එදා පුංචි කුමාරයෙක් දුවන් ආවා තනියමනම් නෙවෙයි කුමාරයගෙ පුංචි අත් අස්සෙ එදා තවත් පුංචි පැටියෙක්ගෙ පනක් ගැහුනා.පපුවට අත් දෙක ගුලි කරන් හිටිය මගෙ බෙයා පරිස්සමට ඇගිලි දිගාරිද්දි ඒ පුංචි අත් අස්සෙ පුලුන් බෝලයක් ගුලි වෙලා හිටියා."
"ගෙවුන රාත්‍රියක හැමුව මහ හුලග දොඩම් ගහ උඩ ලස්සනට ජීවත් වුන පුංචි ලේන් පවුල විනාස කලා..විනාශ වුන පුංචි පවුලෙන් ඉතුරු වුනෙ මේ පුංචි පැටියා විතරයි.ඒත් ඒ පැටියා ලගත් මේ ලෝකෙ තවදුරටත් ජීවත් වෙන්න ශක්තියක් ඉතුරු වෙලා තිබුනෙ නැහැ."
"පුංචි පැටියට ජීවත් වෙන්න බැරි වෙයි මැනිකෙ. එයා ගොඩක් දුර්වලයි"
"ඔම්මා..හියුන්ග්...නූනා අපි හැම තුන්දෙනාම එදා එකම දේ කියද්දි පුලුන් බෝලෙ වෙනුවෙන් බලාපොරොත්තු තියාගත්ත එකම කෙනා මගෙ මැනික.."
"පුලුන් බෝලෙ ඇස් ඇරලා මගෙ මැනික දිහා බලනකන් මගෙ මැනිකට රැයක් දවාලක් ගෙවුනෙ නැහැ..තත්පරේකටවත් මැනික පුලුන් බෝලෙ ලගින් හෙල්ලුනෙ නැහැ.අපි කා ලගවත් නොතිබ්බ බලාපොරොත්තුව මගෙ මැනික ලග විතරක්ම තිබුනා.
මගෙ මැනිකගෙ බලාපොරොත්තුව නිසාම මගෙ මැනික වගේම හුරතක් බෝලයක් අපේ පවුලට එකතුවුනා."
"ඔම්මට පොරොන්දු වෙන්න මගෙ පුංචි කුමාරයො මගෙ මැනිකගෙ හදවතෙ පිරිලා තියන මේ බලාපොරොත්තුවේ ආලෝකය ජීවිතෙ කවමදාවත් නැති කරගන්නෙ නැහැ කියලා..මොනම ප්‍රශ්නය මගෙ බෙයාගෙ ජීවිතේට ආවත් ඒ හැම ප්‍රශ්නයක් තුලින්ම බලාපොරොත්තුවක් හොයාගන්නවා කියලා."
දගයාගෙ හිස අතාගාමින් ලීනා ඉල්ලද්දි පුදුමෙකට අද දගයා හිස දෙපැත්තට වැනුවා..
"මට බැහැ.. මම තරහයි ඔම්මා එක්ක..."
"ඇයි මගෙ බෙයා ඔම්මා එක්ක තරහා."
"මම දන්නවා මගෙන් පොරොන්දු අරන් ඔම්මා මාව දාලා යන්න යන්නෙ..ඉතින් දෙන්නෙ නැහැ කිසිම පොරොන්දුවක් ."
"නපුරු බෙයා කෙනෙක් වෙලා නේද?"
ලීනා ඇස් පුංචි කරන් හිනාවෙද්දි ආයෙමත් ලීනව තදින් වැලදගත්ත දගයා..
"නපුරු වුනත් එහෙම කලාම හැමදාටම ඔම්මට මං ලගින් ඉන්න වෙනවා..බෙයා පොරොන්දුව දෙනකන්ම ඔම්මට මං ලගින් ඉන්න වෙනවා. ඒ නිසා මම පොරොන්දුව දෙන්නෙ නැහැ.පොරොන්දුව ලැබෙනකන් ඔම්මට බැහැ මාව දාලා යන්න.."
"කපටි පුංචි බෙයා මගෙ.."
හැමදාකටම ඔම්මට බැරි වෙයි මේ විදියටම මගෙ බෙයා ලගින් ඉන්න ඒත් ඔම්මාට පුලුවන් කවදමහරි දවසක හදක් වෙලා මගෙ බෙයා දිහා බලන් ඉන්න.
"ඒත් ඒත් හද හැමදාකම අහස හොයන් එන්නෙ නැහැ ඔම්මා.."
"ඒත් තරු අහස හොයන් එනවනෙ...ඔම්මා මගෙ බෙයාව බලාගන්න තරු ගොඩක් එවන්නම්.."
තොල් බෙරි කරගත්ත දගයා අත් දෙක පපුවට බැදගෙන අහක බලාගත්තෙ දගයගෙ හුරතල් තරහට ලීනා තනියමම හිනාවෙද්දි.
"එහෙම කොහොමද ඔම්මා එක්ක තරහ වෙන්නෙ මේ දග පැටියා.."
දගයාට කිතිකවමින් ලීනා හිනාවෙද්දි පනු පැටියෙක් වගෙ ඇබරෙමින් ඇද මතට වැටුන දගයා හුරතලෙන් හිනාවෙන්න ගත්තෙ මොහොතකට කලින් ඔහුගෙ ඔලුවට වද දුන්න ප්‍රශ්න ඉබේටම පුංචි හිතෙන් අමතක වෙද්දි..දගයට හිනාවෙන්න සතුටෙන් ඉන්න පුංචිම හේතුවක් ඇතිවුනා.
"ඉතින් මගෙ දග පැංචා ඔම්මට කියන්නෙ නැද්ද මගෙ පැංචගෙ අලුත් යාලුවො ගැන ම්ම්ම්?"
දගයව තුරුලට ගනිමින් ලීනා අහද්දි ලීනගෙ ඇගිලි එකින් එක ගනින්න ගත්ත දගයා බක්ගෙයි ඩක්ගෙයි වීරක්‍රියා සියල්ලක්ම ඇයත් එක්ක ඇස් ලොකු කරමින් බෝල කරමින් රගපාමින් කියන්න පටන් ගත්තා..
ඔම්මගෙයි පුංචි දගයගෙයි හිනා හඩවල් කාමරය පුරා ගලන් යද්දි ඔම්මගෙ කාමරෙ දොර ලග හැංගිලා හිටගෙන හිටිය හියුජිනුත් ජැක්සනුත් ඔවුනොවුන්ගෙ මුහුන දිහා බලන් හිනාවුනා..
ඔම්මගෙ කම්මුල් සිපගනිමින් දගයා හිනාවෙද්දි හියුජින්ගෙ තොල් මත හාදුවක් තිබ්බ ජැක්සන් ඇයව ආදරනීයව පපුවට තුරුලු කරගත්තා..
________________________________
"මගෙ මහත්තයෝ.."
"ම්ම්ම්ම් මගෙ මී මැස්සි.."
"ඔය ඇති මහත්තයො.."
"එහෙම කොහොමද ..මෙහෙම හොදට තෙල් දාලා මසාජ් කලාම ඉක්මනින්ම මගෙ මී මැස්සිගෙ ඔලුවෙ කැක්කුම හොද වෙයි..විශ්වාස කරන්න මේවා ජැක්සන් එක්ස්පර්ට්ගෙ වැඩ.."
මී මැස්සිව ලී පොලව මත වාඩි කරගෙන ඇය ලගින්ම ඉදගෙනම ජැක්සන් ඇගෙ ඔලුව මසාජ් කරනවා. ඔවුන් දෙදෙනාගෙම ඇස් වල එකිනෙකා වලින් ඇදිලා තියන ආදරය මහ ගොඩක් වෙද්දි ඔවුන් දෙදෙනා දිහා තව කෙනෙක් බලන් හිටියා..නමුත් ඒ ඇස් වල නම් ඇදිලා තිබුනෙ වේදනාවක් නමුත් ඒ වේදනාවත් එක්ක බලාපොරොත්තුවක් ඒ ඇස් වල ඇදිලා තිබුනා..
"හියුන්ග්..."
හියුජින්ගෙ ඇස් දිහා සෙනෙහෙබරව බලන් හිටිය ජැක්සන් ජිමින්ගෙ කටහඩට නිවසෙ දොර වෙතට ඇස් අරන් ගියා.
"පොඩි මහත්තයා ඇවිල්ලා ..එන්න මහත්තයා ඉදගන්න..
කෝලා කෙනෙක් වගෙ ඇගේ ඇලිලා ඉන්න ජැක්සන් ව හිනාවෙමින් පැත්තකට තල්ලු කරපු හියුජින් ජිමින්ව පිලිගන්න ඔහු වෙතට ඇවිදන් යන්න ගියත් හියුජින්ගෙ ප්‍රශ්නය මගහැරපු ජිමින් ජැක්සන් වෙතට හැරුනා .
"හියුන්ග් බක් කොහෙද?"
"ටේ බෙයා නම් මේ වෙලාවෙ ඔම්මා එක්ක..එන්නකො මම ඔයාව එක්කගෙන යන්නම්."
"හ්ම්ම්ම්"
තමන්ව මගාරින ජිමින් දිහා බලන් ඉන්න හියුජින් දිහා එක වතාවක් ඇස් උස්සලා බලපු ජිමින් ජැක්සන් පසුපසින් යන්න හැරුනා..ජිමින් තමන්ට වැඩි කැමැත්තක් නැහැ කියන හැගීම හියුජින්ට කීප වතාවකම දැනිලා තිබුනා නමුත් ජිමින්ගෙ මේ හැසිරීමට ඇත්තම හේතුව ඇය හීනෙකින්වත් හිතුව දෙයක් නෙවෙයි. මොකද ටේ බෙයා වගේම ජිමිනුත් ඇගෙ ඇස් වලට දරුවෙක්.
_______________________________
"ඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්...ඔයා ආවද මාව බලන්න"
කාමරයට ඇතුල් වෙන ජිමින්ව දකිද්දිම දගයා ඔහු ලගට දුවන් ගියා..පුංචි දගයා ජිමින් දිහා බලන් හිනාවුනත් ජිමින් නම් දගයා එක්ක අමනාපෙන්. අත් දෙක පපුවට බැදගත්ත ජිමින් අද දගයව වෙනදා වගේ වැලදගත්තෙ නැහැ. අත් දෙක දිගෑරගෙන දගයා ජිමින් ලගට දුවන් ගියත් ජිමින් ඔහුව වැලදගත්තෙ නැති නිසා පුංචි තොල් බෙරි වෙලා පහලට බර වුනා.
"ඩක්ක්ක්.."
"දවස් තුනක් . දවස් තුනක් තිස්සෙ ඔයා මාව බලන්න ආවෙ නැහැ."
ජිමින් අමනාපෙන් කියද්දි පුංචි කොල්ලා හිනාවුනා..ජිමින්ගෙ අත අල්ලගත්ත දගයා ජිමින්ව ඔහුගෙ ඔම්මා ඉන්න ඇද ලගට එක්කගෙන ගියා..
"ඩක්ක්ක් මම ඔම්මා එක්කනෙ හිටියෙ..මගෙ ඔම්මා චුට්ටම චුට්ටක් ලෙඩ වෙලා.. තරහ වෙන්න එපා ..ගුබ් බෝයිනෙ ඩක්ක්ක්ක්"
"බෙයා .."
"ඔම්මා ..ඔම්මා මේ තමා මගෙ හොදම යාලුවා..ඩක්ගෙ නම ජිමිනි ඒත් එයා ගස් කපන්න ආව නපුරු තාරාවෙක් නිසා බෙයා එයාව ඩක් කෙනෙක් කලා."
" ඔම්මා .ඔයාට කොහොමද? මම දැනන් හිටියෙ නැහැ ඔම්මා අසනීපෙන් කියලා.එහෙනම් මීට කලින්ම මම ඔම්මා බලන්න එනවා..සමාවෙන්න ඔම්මා."
ලීනට හිස නවලා ආචාර කරපු ජිමින් ලීනට හොරෙන් දගයට ටොක්කක් ඇන්නා..තොල් බෙරි කරන් ඔලුව අතගාපු දගයා දුවලා ගිහින් ලීනාගෙ ඇද උඩට පැන්නා..
"ඒකට කමක් නැහැ පුංචි මහත්තයෝ..මගෙ ලොකු පුතා කිවුවා මය මහත්තයලා ගැන.කොහෙද ඉතින් මට බැරි වුනානෙ මගෙ මැනිකගෙ අලුත් යාලුවව බලන්නවත් එන්න."
"එහෙම කියන්න එපා ඔම්මා."
ජිමින් කියද්දි ලීනා ඔහු දිහා බලන් කාරුනිකව හිනාවුනා..
"ඔම්මා.."
"ඔවු පුතේ."
ඔම්මා ඔම්මට පුලුවන්ද? මටත් ඔම්මගෙ බෙයාට වගේම මැනික කියලා කතාකරන්න..මගෙ ඔම්මාත් ඉස්සර මට මැනික කියලාලු කතාකලෙ."
ජිමින් ලීනගෙ ඇස් මගහරිමින් චකිතයෙන් අහද්දි ලීනගෙ ඇස් ගොඩක් සෙනෙහෙබර වුනා..
"කෝ එන්නකො මේ මැනිකත් එහෙනම් ඔම්මා ලගට."
ලීනා ජිමින්ට කතාකරද්දි හීනි අඩි තියමින් ජිමින් ඇය වෙත ඇවිදන් ආවා.ජිමින්ගෙ අතින් අල්ලගත්ත ලීනගෙ උනුසුම අත ඔහුවත් ඇය ලගින් ඉන්දවගත්තා.. ජිමින්ගෙ ඔලුව අතගෑව ලීනා ජිමින්ගෙ හිස මත හාද්දක් තිබ්බා.
ලීනා ජිමින්ගෙ හිස සිපගද්දි පුංචි කොටියෙක් ලීනගෙ තුරුලු හැංගිලා කෙදිරි ගාද්දි හිනාවුන ලීනා පුංචි කොටියගෙ හිස මතත් හාදුවක් තිබ්බා..
"පුලුන් බෝලෙට.?"
ලීනා වෙතට පුලුන් බෝලෙව දගයා දික් කරද්දි ලීනා පුලුන් බෝලෙගෙ හිස මතත් හාදුවක් තිබ්බා..
ඔම්මගෙ තුරුලට ගුලිවුන පැංචො දෙන්නයි පුලුන් බෝලෙයි ඔවුන්ට අහිමි මවු සෙනෙහස ඇගෙ උනුසුම තුල විදගත්තා..
__________________________________
පු....තාඅ....ම..ගෙ පු.තේ...
බෝංචි වැලට ලී කොටුවක් ගසමින් හිටිය ජැක්සන් ලීනගෙ වෙවුලන කටහඩ ඇහෙද්දි තිගැස්මකින් ඇය වෙතට හැරුනා..
ලීනගෙ ඇස් වල බයටම කදුලු පිරිලා.. තදින් ඇගිලි වලට පොඩි කරගත්ත චිත්‍රයක් ඇගෙ අතේ..
"ම.ට...ම..ට ම.ගෙ බෙ..යා..ඕ.නේ..."
"ම.ගෙ බෙඅ.ය කෝ..ම.ගෙ කු..මාරයා කෝ පු.තේ..."
"ඔම්මා "
වෙවුලන ලීනව තදින් තුරුලු කරගත්ත ජැක්සන් ඇයි මේ ඔම්මා කියන බැල්මෙන් ඇය දිහා බැලුවා.
"බෙය...කෝ...කෝ ම.යෙ බෙයා.."
"ඔම්මා බෙයා ජිමින් මහත්තයායි විල්සන්වයි බලන්න පෙන්ත්හවුස් එකට ගියා.."
"මා..ව..එක්..ක ය..න්න..මා..ව .එක්ක.යන්න..මගෙ..බෙයා ල.ගට.. මා. ව එක්ක.. ය.න්න.."
-----------------------------------------------------------
හායි🙂.
ජැක්සන් ලීනාව පෙන්ත්හවුස් එකට එක්ක යයිද🙂
මොනා වෙයිද🙂
ලීනා ගැන මොකද හිතෙන්නෙ?
අදහස් කියන් යන්න..
චැප්ටර් එක හොදද.