Comment goal 100
පියෝනි සුවද හමන පුංචි උනුසුම් කාමරය තුල හිටගෙන ඉන්න ඔහු අදත් රාජකාරියට යන්න සූදානම් වෙනවා..
උනුසුම් පුලුන් පොරවන වලින් ලස්සනට සකසලා තියන ඇද කෙලවරෙ තියන ලී මේසයේ මේස ලාච්චුව ඇරිය ජැක්සන් ලාච්චුව තුල තියන තුවක්කුව අතට ගෙන ඉන වටේ තියන තුවක්කු රදවනයෙන් රදවගත්තා.
රැක් එකේ එල්ලලා තියන රාජකාරි තොප්පිය අතට ගත්ත ජැක්සන් දොරට පිටුපාලා හිටගෙන හිටියත් හදිසියෙම ඔහුගෙ තොල අග ඇදුනේ හිනාවක්.
හිසට දාන්න ගත්ත තොප්පිය ආයෙමත් අතට ගත්ත ජැක්සන් එහෙන්ම දොර දිහාවට හැරුනේ ඇය දිහා බලන් ආදරනීයව හිනාවෙමින්.
"ඔම්මා.."
උනුසුම් කෝපි කෝප්පයක් අතේ තියාගෙන ඉන්න කිම් ලීනා ජැක්සන් ගෙ කාමරෙ දොර ලගටම රෝද පුටුව අරන් ඇවිල්ලා..
ජැක්සන් දිහා ආදරනීයව බලන් ඉන්න ලීනා ලගට ඇවිදන් ආව ජැක්සන් ඇගේ උස මට්ටමට ගැලපෙන උසකට දන තියල පොලවෙන් ඉදගත්තා..
"ඇයි ඔම්මා මම එනකන් හිටියෙ නැත්තෙ"
ලීනා දිහා බලන් ජැක්සන් අහද්දි ලීනා කලේ ඔහු දිහා බලන් හිනාවෙන එක.. එක අතක් ඉස්සරහට දික් කරපු ලීනා ජැක්සන්ගෙ කම්මුල ස්පර්ශ කලා.
"අප්පා වගේමයි..පුංචිම වෙනසක්වත් නැහැ."
ජැක්සන්ගෙ කම්මුල් අතගාමින් ලීනා කියද්දි ආදරය මහ ගොඩක් පිරුනු ඇස් වලින් ජැක්සන් බලන් හිටියා..
ජැක්සන්ගෙ කම්මුලට එක අතක් තියාගෙන ඉන්න ලීනා ඇගේ අනෙක් අතේ තියන කෝෆි කෝප්පය ජැක්සන් වෙතට දික් කලා..
නමුත් කෝෆි කෝප්පය අතට නොගෙනම ජැක්සන් පොඩි දරුවෙක් වගේ හිස දෙපැත්තට වැනුවෙ ලීනගෙ තොල් අගින් පුංචි හිනා හඩක් පිටවෙද්දි..
ජැක්සන්ට දික් කරන් ඉන්න කෝෆි කෝප්පය තමන්ගෙ තොල් වෙතට ලං කරගත්ත ලීනා දුම් දාන කෝෆි කෝප්පයට හෙමින් පිබින්න ගත්තා.. ජැක්සන් තවමත් පොඩි දරුවෙක් වගේ හිනාවෙමින් ඇය දිහා බලන් ඉන්නවා..
ලීනා ආයෙමත් ජැක්සන් වෙතට කෝෆි කෝප්පය දික් කලා නමුත් මේ වතාවෙ ලීනා කෝෆි කෝප්පය ලං කලේ ජැක්සන් ගෙ තොල් ලගට.
දරුවෙක් වගෙ ඔම්මගෙ අතින් කෝෆි බිවුව ජැක්සන් ලීනගෙ අතින් අල්ලන් කෝෆි කෝප්පය ඔහුගෙ අතට ඉල්ලගත්තා..
මේ වතාවෙ ජැක්සන් ගෙ වාරය.කෝෆි කෝප්පයට හෙමින් පිම්බ ජැක්සනුත් ලීනා වෙත කෝෆි කෝප්පය ලං කලා..
ඔම්මයි පුතයි දෙන්නම මාරුවෙන් මාරුවට උනුසුම් කෝෆි කෝප්පය හිස් කලා..
"මගෙ පුතේ..."
"හ්ම්ම් ඔම්මා "
"පරිස්සමට ගිහින් එන්න ඕනෙ හොදද?"
ලීනාට කෝෆි කෝප්පය දික් කරගෙන හිටිය ජැක්සන් ඇය දිහා ඇස් උස්සලා බැලුවා..කොයිතරම් ශක්තිමත් හදවතක් ජැක්සන් ට තිබ්බත් ඔම්මා ලග ඒ ශක්තිමත් හදවත ඔහුට හිතාගන්නත් බැරි තරම් සංවේදියි.
ලීනා බලන් ඉද්දි ජැක්සන් ගෙ ඇස් වලට කදුලු එකතුවුනා..
"අනේ මගෙ රත්තරනෙ ඇයි මේ.."
ජැක්සන්ගෙ ඇස් වලට එකතුවෙන කදුලු කැට ලීනව කලබල කෙරෙවුවා..නමුත් කදුලුත් එක්ක හිනාවෙමින් හිස දෙපැත්තට වනපු ජැක්සන් කෝෆි කෝප්පයෙ ඉතිරි ටිකත් ලීනට පෙවුවා..
"මගෙ පැටවු දෙන්නගෙ අප්පා අද ජීවතුන් අතර හිටියනම් මගෙ පුතා දිහා බලන් ගොඩක් ගොඩක් ආඩම්බර වෙයි.."
ලීනගෙ ඇස් වලත් කදුලු පිරිලා.. හෙමින් ඉස්සරහට අත දික් කරපු ජැක්සන් ඇයගෙ ඇස් වලින් පහලට කඩන් වැටෙන්න ගිය කදුලු කැට අල්ලගත්තා..
"මගෙ ඔම්මාගෙ ඇස් වලින් කදුලු වැටෙද්දි අප්පා කොහොමද මං ගැන ආඩම්බර වෙන්නෙ .."
ලීනා දිහා බලන් ජැක්සන් කියද්දි ලීනගෙ මුහුනෙ ඇදුනෙ මහ ආඩම්බර හිනාවක්.ඒ වගේ හිනාවකට හිමිකම් කියන්න පුලුවන් ඔම්මා කෙනෙක්ටම විතරයි.
"ඔම්මගෙ ඇස් වලින් සතුටට කදුලු වැටුනට අප්පා තරහ වෙන එකක් නැහැ මගෙ රත්තරනෙ.."
"මගෙ පුතාට අවුරුදු පහලවක් වෙද්දිම ඔම්මා එකතැන් වුනා..මගෙ පුතාගෙ ඔම්මා එදා ගොඩක් බය වුනා..අප්පාත් නැතුව අදින් පස්සෙ කොහොමද ඔම්මා මගෙ පැටවු දෙන්නව බලාගන්නෙ."
"ඒත් මගෙ බයට දවසකවත් ආයුශ ඉතුරු කලේ නැහැ මගෙ පුතා..
මගෙ රත්තරන් ඔම්මා ලගින් පර්වතයක් වගේ හිටගත්තා..ඒ පර්වතය අදටත් ඒ විදියටම ඔම්මාව ආරක්ෂා කරනවා."
"ඔම්මට සමාව දෙනවද මගෙ මැනික..ඔම්මා නිසා මගෙ මැනිකගෙ ලස්සන ලමා කාලය නැති වුනා..අවුරුදු පහලවේ පුංචි කොල්ලා අබ්බාගත මගෙයි චූටි මල්ලිගෙයි ජීවිතේ වෙනුවෙන් කොයිතරම් මහන්සි වුනාද. මගෙ පුතා අද වෙනකනුත් ඔම්මටයි මල්ලිටයි පුංචිම අඩුවක්වත් කරලා නැහැ.. කලින් ආත්මයක ඔම්මා ලොකු පිනක් කරන්න ඇති උබ වගේ පුතෙක් ලබන්න රත්තරනෙ.."
"දන්නවද මගෙ පුතේ මේ ඔම්මගෙ හිතේ කිසිම බයක් නැහැ..මගෙ ඇස් ඕනෙම වෙලාවක සදහටම පියවිලා යන්න පුලුවන් ඒත් මේ හිත හරිම නිදහස්.. ඔම්මා නැතත් මල්ලි හරි පරිස්සම් මගෙ පුතා ලග.."
ජැක්සන්ගෙ නලල මත හාදුවක් තිබ්බ ලීනාගෙ අතින් තද කරලා අල්ලගත්ත ජැක්සන් .
"කවදාවත් ඔය වගේ කතා ආයෙමත් කියන්න එපා..මොනවද ඔම්මා මේ කියන්නෙ..තවමත් මේ තරම් ලස්සන මගෙ ඔම්මද මෙහෙම කතා කියන්නෙ..තව අවුරුදු සීයකටත් වඩා ජීවත් වෙනවා මගෙ ඔම්මා.ඔන්න බලන්නකො මම බොරුද කියන්නෙ කියලා."
ජැක්සන් කිවුව කතාවට ආපස්සට යමක් ලීනා කියන්න ගියත් ලීනගෙ තොල් දෙක මත ඇගිල්ල තිබ්බ ජැක්සන් ඇය දිහා බොරුවට රවලා බැලුවා..
"තව එක වචනයක් හරි කිවුවොත්නෙ..මම දැන් යනවා .මම ගිහින් එනකන් තුන්දෙනත් එක්කම පරිස්සමෙන් ඉන්න ඕනෙ හොදද..
ජැක්සන් කියද්දි ඔහු දිහා බලන් ඇය හිනාවෙවී හිස වැනුවා.
ලීනාගෙ කම්මුල මත හාදුවක් තිබ්බ ජැක්සන් ඇගෙ රෝද පුටුවත් තල්ලු කරන් නිවසෙ පිවිසුම් දොර වෙතට ආවා..
"ගිහින් එන්නම් ඔම්මා."
ලීනට අත වනපු ජැක්සන් ලා තණ කොල වැවුනු මිටියාවත පුරාම ඇස් ගෙනිච්චෙ විශේශ ඇයව හොයන්.
"මාවද හොයන්නෙ ."
ජැක්සන්ට පිටුපසින් ඇහුන හියුජින්ගෙ හඩට ජැක්සන් ඇය දිහාවට හැරෙන්න ගියත් ජැක්සන් ට වඩා ඉක්මන් වුන ඇය ජැක්සන් ඉස්සරහට ඇවිත් හිටගත්තා..
"ගිහින් එන්නම් මී මැස්සි."
හියුජින්ගෙ රෝස කම්මුලක් ආදරනීයව ස්පර්ශ කරපු ජැක්සන් හොරෙන් පිටුපස බලමින් ඇගේ රෝස තොල් මත හාදුවක් තිබ්බා.
බලාපොරොත්තු නොවුන මොහොතේ ලැබුන පුංචි හාදුවට තිගැස්සිලා ගියපු හියුජින්ගෙ කම්මුල් තව තව රෝස පැහැ වෙද්දි ජැක්සන් ගෙ පපුවට පහරක් දුන්න ඇය හොර ඇස් වලින් පිටිපස්ස බැලුවා..
නමුත් හියුජින් බලද්දි ලීනා ඔවුන්ගෙ වහලෙ දිහාවට ඇගිල්ල දික් කරමින් මොනවද හොයනවා..
හියුජින්ගෙ හොර ඇස් ආයෙමත් හැරවුනෙ ජැක්සන් වෙතට දගයෙක් වගේ හිනාවෙන ජැක්සන් ගෙ තොල් මත ඉක්මන් හාදුවක් තිබ්බ හියුජින් ජැක්සන් ගෙ පපුව මතම මුහුන හංගගත්තෙ ලැබුන හදිසි හාදුවට ජැක්සන් ගෙ ඇස් ලොකු වෙලා යද්දි.
"ඔහොම ඉන්නකො මහත්තයො.."
ගෙදරින් එලියට බැස්ස ජැක්සන් ගෙ අතින් අල්ලගත්ත හියුජින් ජැක්සන් බලන් ඉද්දිම ඔහුගෙ කකුල් දෙක ලග පහලට නැවුනෙ ජැක්සන් ගෙ සපත්තුවෙ ලිහුනු ලේස් එක ගැටගහන්න..ජැක්සන්ගෙ තොල් අගින් පිටවුනෙ පුංචි හුස්මක් ..
හියුජින්ගෙ උස මට්ටමටම පහලට නැවුනු ජැක්සන් ඇගේ අතින් අල්ලගත්තා..
"මම මගෙ මී මැස්සිට පොරොන්දු දුන්නෙ රැජිනක් වගේ බලාගන්නවා කියලා.. "
හියුජින්ගෙ අතින් අල්ලන් ජැක්සන් කියද්දි ඔහු දිහා බලන් හිනාවුන හියුජින්..
"මම මගෙ මහත්තයට පොරොන්දු දුන්නෙ රජෙක්ටත් වඩා ආදරය දෙනවා කියලා."
එකිනෙකා දිහා ආදරය පිරුනු ඇස් වලින් බලන් ඉන්න ජැක්සන් දිහාත් හියුජින් දිහාත් ලීනා නිහඩව හිනාවෙමින් බලන් හිටියා..
දැන් ජැක්සන් ගෙ තුන්වෙනි වටය.. නිවසින් පිටවෙන්න කලින් නිවසෙ දගයට නීති ලිස්ට් එකක් දාන්න එපැයි.
"කෝ අපේ කරදරකාරයා."
හියුජින් දිහා බලන් ජැක්සන් අහද්දි හියුජින්ගෙ ඇස් හොරෙන් හොරෙන් යොමුවුනෙ ලීනා වෙතට..ලීනා තවම වහලෙ යමක් හොයනවා..
"ඔම්මාආඅ."
හියුජින්ව දන්නෙ නැහැ වගෙ අහක බලන ඉන්න ලීනා දිහා බලන් හියුජින් මැසිවිලි හඩින් කෙදිරි ගෑවා..
"බෙ...බෙ...යා ද?"
"ඔවු ඔවු මී මැස්සිගෙ බෙයා තමා.. ඒ ඇර වෙනින් කරදරකාරයෙක් ඉන්නවද අපේ ගෙදර."
"බෙ...යා තව.ම නිදිනේ ."
"හ්ම් එහෙමද.. "
ඇස් හීනි කරන් ජැක්‍සන් අහද්දි හිනාවක් මවාගත්ත හියුජින් හිස ඉහලට පහලට වැනුවා..
මම එනකන් දග වැඩ කරලා අහුවෙන්න එපා කියන්න . මතකනෙ බෙයා ඉන්නෙ පනිශ්මන්ට් වීක් එකක.තව දවස් තුනක් ඉතුරුයි...
එතකන් ගෙදරින් එලියට බහින්න බැහැ.
ජැක්සන් කියද්දි ඔවු ඔයා හරි කියන්න වගෙ හියුජින් ඔලුව වැනුවා..
"විශේශයෙන් මට ආයෙමත් ආරංචියක් ආවොත්නෙ අර වයසක මනුස්සයට කරදර කරන්න ගිහිල්ල කියලා.."
"නූනලයි බෙයාලවයි ඔම්මලවයි තුන්දෙනාවම අල්ලගන්නම් මම එදාට.."
"නැහැ...නැහැ අපෝ නැහැ.අපේ බෙයා කවද්ද එයාගෙ හියුන්ගෙ වචනෙන් එහා වැඩ කලේ නේද ඔම්මා."
හියුජින් ලීනා දිහා බලන් ඇස් ගහද්දි හියුජින් වගේම හිනාවක් මවාගත්ත ලීනා වේගෙන් වේගෙන් හිස වැනුවා..
ඇස් හීනි කරන් ඔම්මා දිහායි හියුජින් දිහයි බලන් හිටිය ජැක්සන් .
"හොදයි එහෙනම්..පරිස්සමෙන් තුන්දෙනාම.."
හියුජින්ගෙ නලලෙ ආයෙම වතාවක් හාදුවක් තිබ්බ ජැක්සන් නිවසින් යන්න පිටත් වුනා..
"විශේශයෙන් මට ආයෙමත් ආරංචියක් ආවොත්නෙ අර වයසක මනුස්සයට කරදර කරන්න ගිහිල්ල කියලා.."
ජැක්සන් නොපෙනී යන දුරකට යනකන් අත වනමින් බලන් හිටිය හියුජින් ඔම්මා දිහා බලමින් ජැක්සන් කිවුව වාක්‍ය ඒ විදියටම ආපහු කිවුවෙ ලීනගෙ මුවින් හිනාවක් එලියට පනිද්දි..
"අපි ප්‍රාර්ථනා කරමු .."
_______________________________
නිල් පාට කලිසම් සාක්කුවෙ තුල ඉදන් එලියට ඔලුව දාන් ඉන්න සුදු පුලුන් බෝලෙ ඔහු උඩ පනින වාරයක් පාසා සාක්කුවෙන් ඉහලටයි පහලටයි බම්ප් වෙනවා.
චූටි අත් වලින් තද කරලා කලිසම් සාක්කුවෙ කෙලවර මිරිකන් ඉන්න සුදු පුලුන් බෝලෙ අවසානයෙ සැනසුම් සුසුමක් හෙලුවෙ උඩ පැන පැන යන දගයගෙ ගමන හිටිගමන් නතර වුන නිසා..
"සුභ උදෑසනක් ....උදෙන්ම කොහෙද ඔයාලා මේ යන්නෙ..."
______________________________
මීට වඩා දිගට දෙන්න හිටියෙ ඒත් වැඩක් වැටුනා..තව ඇහැරන් ඉන්න බෑ හෙට කැම්පස් ..
මම ඇවිල්ලා තව එකක් දෙන්න බලන්නම්..
ඒක නෙවෙ ටේහියුන්ග් කොහෙද මේ යන්නෙ😁
ජැක්සන් ගැන
හියුජින් ගැන
ලීනා ගැන මොකද හිතෙන්නෙ?
අදහස් කියන් යන්න මම බලන් ඉන්නවා ඉතින්.
Reupdate කලේ vote වල වෙනසක් පෙනුන නිසා.. අතීත කතාව කියවන්න ස්මහර අය කම්මැලි මම හිතන්නෙ🐱