Stolen Love

By U_MiShi

148K 33.5K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 30

1.4K 375 357
By U_MiShi

Comment goal 200

අහසෙ තනිය මකන්න පායපු ඉරට යලිත් අහසෙන් සමුගන්නට වෙන හෝරාව ටිකෙන් ටික ලගා වෙනවා . ලා නිලට තේජාන්විතව බැබලුනු සුන්දර නිල් අහස කෙමෙන් කෙමෙන් දුක්බරව අදුරට බර වෙද්දි ඉරටත් අහස දිහා බලන් හීල්ලෙන්න ඇති .ඒකයි සමුගැනීමට ඉක්බිදව අහසත් එක්කම මනුස්ස පොලවත් ලා රතු පැහැයකින් සැරසෙන්න ඇත්තෙ.කිසිම හැලහොල්මනක් නැති අහසත් ඉරට හිතුමතේ අහස පුරා සිත්තම් අදින්න දීලා ඔහේ බලන් හිටියා.

අහසින් එහා මනුස්ස පොලව දිහාවට එබිලා බලපු ඉර බැස යන්නට ඉක්බිදව ආයෙම වතාවක් අහස දිහා හැරිලා බැලුවා..ඉර අහසට ඉගිපෑවා..

මගෙ  ආදරනීය අහස මේ තරම් කාලයක් බලන් හිටිය ඒ මොහොත උදා වෙන්නයි යන්නෙ..

දුක් වෙන්න එපා මගෙ අහස අද බැස ගියත් හෙට දවසෙදි මීටත් වඩා දීප්තිමත්ව බලාපොරොත්තුව නමින් මට උබව හොයන් එන්න පුලුවන් වේවි.

බලන්න අහස මනුස්ස පොලවේ අද උබ වෙනුවෙන් සාදානරයක් ඉශ්ට වෙන්නයි යන්නෙ..

උබ වෙනුවෙන් දැවි දැවි ගිනිගන්නා මහා ගිනිපුලිගුවක් උප්පත්තිය ලබන්නයි යන්නෙ..












වෙලාව හවස 5 පහු වෙලා 6යේ පැයට ආසන්න මොහොතක් වෙන්න ඇති.කොයිතරම් වෙලාවක් මේ වෙද්දි ගත වෙලා ඇත්ද කියා ඔහුට නිමානය කරගන්න බැරි වුනා..නහයට තද වුන ලේන්සුවකින් හැමුව සැර සුවදට ටිකෙන් ටික තමාගෙ සිහිය ගිලිහුන හැටි පමනක් ඔහුගෙ මතකයෙ ඉතුරු වෙලා තිබුනා..මොහොතකට පෙර නැවතත් සිහිය ලැබුවත් මේ වෙද්දිත් කොයිතරම් වෙලාවක් ගත වෙලා ඇත්ද කියලා ඔහු දැනන් හිටියෙ නැහැ.


සිදුවීමට යන්නෙ කුමක් වුනත් ඒ මොහොත උදා වෙනකන් සන්සුන්ව ඉන්න ඔහු උත්සහ කලත් මේ තරම් වෙලාවක් කණ වැකුන කාර්ය බහුල නගරයෙ අනෙක් වාහන වල ශබ්දයන් තවදුරටත් ලගින් ඇහෙන්නෙ නැති තරම් තමන්ගෙන් ඈතට යනවා කියලා දැනෙද්දි සන්සුන්ව හිදීම නුවනැති වැඩක්ද යන්න වග ආයෙම ආයෙම ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කලා. දෑත් පසුපසින් තඳින් බැඳිලා තිබුනු නිසාම කොයි තරම් ගැලවෙන්න දැඟලුවත් එය නිශ්ඵල ක්‍රියාවක් වෙද්දි වෙන්න යන්නෙ කුමක් වුවත් එයට සූදානම් වෙන්න ඔහු තීර්ණය කලා .

ඔහු සිටින්නෙ වේගයෙන් ඉදිරියට ඇදෙන වාහනයක් තුල බවත් වාහනය මේ මොහොතේ ගමන් කරන්නෙ මනුස්ස පුලුටක් ඇත්තෙවත් නැති පාලු පාරකින් බවත් ඔහු නිගමනය කලා .

මෙතෙක් වෙලා ඔලුව කෙලින් කරගෙන කල්පනාවක හිටි ඔහු හිස පහලට හරවන් ඇස් පියාගත්තෙ දැනෙන තද හිසේ කැක්කුම නිසා..ඇස් ඇරන් හිටියත් හිස වටා දමා තිබෙන කලු උරය නිසා ඔහු වටා සිදුවෙන කිසිදෙයකුත් ඔහුට පෙනුනෙ නැහැ.හැමතැනම කලුවරයි .. කලුවරම විතරයි...


ඔහු ඔවුන්ව මතක් කලා..වෙන්න යන්නෙ කුමක් වුනත් ඔහුට අයිති වෙන්න යන ඉරණම කුමක් වුනත් අවසන් වතාවට හෝ ඔවුන්ව එකම එක මොහොතක් දකින්න වැලදගන්න ඔහුගෙ හිත ලෝබකම් කලා.
නමුත් ජීවිතේ කවදකමහරි මේ වගෙ දවසක් ඔහුට උදාවේවියැයි කල් තියාම බලාපොරොත්තු වුන නිසා තමාගෙ දෛවය බාරගන්න හිතන් හිත හයිය කරගත්ත ඔහු ඇස් වලින් පහලට වැටෙන්න යන කදුලු ආයෙමත් ඇස් අස්සෙම හිර කරගත්තා.

නමුත් ඒ හිත වේදනාවෙන් කෑගැහුවා..හැමදෙයක්ම හරි ගස්සන්න එකම එක අවස්ථාවක් ආයෙමත් ලැබුනොත් .අතීතයේදි ගත්ත සමහර තීරන තමන්ට වෙනස් කරන්න තිබුනානම් ඔහු හිතුවා..නමුත් ඒ තීරන එහෙම වෙනස් කලත් ඔහුගෙ වේදනාවට සහනයක් නොලැබෙන බවත් ඔහු දැනන් හිටියා.



වේගෙන් වැදුන බ්‍රේක් පහරට මේ තරම් වෙලාවක් කල්පනා ලෝකයෙ ගිලිලා හිටිය ඔහුව ඉස්සරහට විසික් වෙලා ගියා.. කල්පනා ලෝකයෙන් මිදිනවාත් එක්කම යමෙක් ඔහු ඉදගෙන ඉන්න අසුනෙන් ඔහුව එලියට ඇදලා ගත්තා...

වාහනෙන් එලියට ගත්ත ඔහුට දැනුනේ ඔහු පිටිපස්සෙ හිටගෙන ඉන්න යමෙක් ඉදිරියට ඇවිදින්න කියලා ඔහුව ඉස්සරහට තල්ලු කරනවා කියලයි. ඒ විදියට ටික දුරක් ඉදිරියට ඇවිදන්  ආපු ඔහුව යමෙක් පුටුවක් මතින් ඉන්දෙවුවා.



"උබලා කවුද? උබලට මොනවද මගෙන් ඕනෙ?"

දැඩි නිහඩතාවයක් තමන් වටා පැතිරෙද්දි නිහඩතාවය දරාගන්නම බැරිම තැන ඔහු හඩ විවරකලා. බලාපොරොත්තු වුනා වගේම වැඩි වෙලාවක් කුතුහලයෙන් ඉන්නට ඔහුට ලැබුනෙ නැහැ.හිස වටා දමා තිබෙන කලු උරය යමෙක් හිසෙන් අයින් කරනවාත් එක්කම මේ තරම් වෙලාවක් අදුරෙ හිටිය ඔහු වෙතට ආලෝකය ගලන් ආවා.

වේගයෙන් ඇසි පිය ගසමින් ආලෝකයට ටිකෙන් ටික ඇස් හුරු වෙද්දි බොදව ගිය වටපිටාව ටිකෙන් ටික ඔහු ඉදිරියෙ පැහැදිලිව පෙනෙන්න පටන් ගත්තා.

ආලෝකයට හුරු වුන ඇස් වලට තමාට පෙනෙන දේ අදහගන්න බැරි වුනා..







"පො.....පො....ඩි බේ.බි."

තමන් ඉදිරියෙ නිහඩව හිටගෙන ඉන්න ජන්කුක් දිහා බලන් විල්සන් ගොතගැහුවා..වචන පිටකරගන්න බැරි තරමටම ඔහු පුදුමයට පත් වෙලා..

පොඩි බේබි ඇයි තමන්ව මේ විදියට අරගෙන ආවෙ කියන ප්‍රහේලිකාව විල්සන්ගෙ මනස පුරා හොල්මන් කරන්න ගත්තා.විල්සන් ජන්කුක් ට කතාකරලත් තවමත් ජන්කුක් නිහඩයි.ජන්කුක්ගෙ දඩයම් ඇස් විල්සන් ගෙ මුහුනෙ ඇදෙන පුංචිම ඉරියවුවක් පවා අදීක්ශනය කරමින් ඔහු දිහා බලන් ඉන්නවා..

විල්සන්ට පිටුපසින් හිටගෙන ඉන්න කලු හැදගත් පුද්ගලයෙක්ට අතින් යමක් සං කරපු ජන්කුක් ට හිස නවපු ඔහු විල්සන් ගෙ අත් බැදි ලනු ලිහන්න පටන් ගත්තා..ලනු වලින් මිදුනු වහාම පුටුවෙන් නැගිට්ට විල්සන් ජන්කුක් වෙතට දුවන් ආවෙ බොදව ගිය ඇස් වලින්.

ජන්කුක් කියන්නෙ තමන් වැදුවෙ නැතත් තමන්ගෙම පුංචි කුමාරයා..වචනයෙන් කියාගන්න බැරි වුනත් විල්සන් ගෙ හදවත වේදනාවෙන් රිදුම් දුන්නා..විල්සන් බලාපොරොත්තු වුනෙ වෙනත් පුද්ගලයෙක්ව..

වැලලුනු අතීතයෙ සාක්ෂි වලට රකින ඔහුව අවසානය මරා දාන්න ඔවුන් තීරනය කරන්න ඇතැයි කියයි විල්‍සන් හිතුවෙ..
නමුත්‍ විල්සන් ඉදිරියෙ හිටගෙන හිටියෙ හීනෙකින්වත් ඔහු බලාපොරොත්තු නොවුන කෙනෙක්.. ඒ පුද්ගලයා තමන්ගෙ පුංචි කුමාරයා බව දකිද්දි වෙන්න යන්නෙ කුමක්දැයි අදහගන්න බැරුව විල්සන් ගෙ මුලු හදවතම රිදුම් දුන්නා.


"පොඩි බේබි..මගෙ පොඩි බේබි ඇයි මේ."

අත් දෙක පපුවට බැදගෙන තවමත් නිහඩව විල්සන් දිහා බලන් ඉන්න ජන්කුක් ලගින් හිටගත්ත විල්සන් දිගින් දිගටම ජන්කුක් ට කතාකලා..

"මගෙ මල්ලි."


"පොඩි බේබි..?"

විල්සන්ගෙ ඇස් දිහා බලන් ජන්කුක් කිවුවෙ එච්චරයි..


"ඇයි එයා එහෙම කලේ විල්සන් ?"

ජන්කුක්ගෙ සන්සුන් නමුත් ගැබුරු  හඩ වචනනෙන් වචනෙ උස් වෙද්දි වියරු වැටෙන ජන්කුක් ගෙ ඇස් විල්සන් පවා වෙවුලවා හැරියා..

"කවුද පොඩි බේබි..."


"කිම් ටේහියුන්ග් .."



ටේහියුන්ගෙ නම ජන්කුක් ගෙ මුවින් පිටවෙද්දි ඉබේටම විල්සන් ජන්කුක් ගෙන් පස්සට අඩියක් තිබ්බා..

"පො...පො.ඩි බේ...."


"ඇති...."

විල්සන්ගෙ මූන ඉස්සරහට  අත දික් කරලා කෑගැහුව ජන්කුක් ආයෙමත් ඒ අතම තමන්ගෙ තොල් වෙතට ලං කරලා නිහඩ වෙන්න කියලා විල්සන් ට ඇගෙවුවෙ ජන්කුක් දිහා බලන් ඉන්න විල්සන් ගෙ නලලෙ එකතුවුන දහඩිය නලලෙන් පහලට රෑටද්දි.

"ඉදගන්න විල්සන් ."

විල්සන්ට පිටිපස්සෙ තියන පුටුවට ඇගිල්ල දික් කරපු ජන්කුක් තමන්ගෙ තරහ පාලනය කරගන්න නලල දෙපැත්ත මිරිකමින් විල්සන් ට පිටුපාලා හිටගත්තා.ජන්කුක් හිටගෙන හිටියෙ මේසයකට මුහුනලා මේසය මතට අත් දෙක බර කරපු ජන්කුක් ඇස් පියාගෙන තමන්වම සංසුන් කරගත්තා.

"මට කියන්න විල්සන් . "

මේ වතාවෙ ජන්කුක් ගෙ කටහඩ ගොඩක් සන්සුන් ..කුනාටුවකට පෙර හැමදේම ගොඩක් සංසුන්..


"විල්සන් දන්නවා මගෙ මල්ලි තරම් මේ ලෝකෙ  වැදගත් කිසිම දෙයක් මට නැහැ. මගෙ මල්ලිට ඉහලින් කිසිම කෙනෙක් මගෙ ජීවිතෙ නැහැ..ඉදලත් නැහැ .ඉන්නෙත් නැහැ.මගෙ ජිමිනිට පුංචිම හරි හීරිමක් වුනොත්  එයාටත් වඩා ඒක රිදෙන්නෙ මට කියලා විල්සන් දන්නවා.."

"පුංචිම පුංචි කාලයකටයි මට එයාව දාලා යන්න වුනේ..මම උන්ව  විශ්වාස කලා.මම නැතත් මම එනකන් මගෙ මල්ලිව බලාගනියි කියලා මම ඒ හැම එකෙක්වම විශ්වාස කලා.."

"ඒත් මොකක්ද වුනෙ?"

"ආපහු කොරියා ආපු මං ලගට මගෙ අහිංසකයා දුවන් ආවෙ නැහැ.වෙනදා වගෙ හියුන්ගෙ කරට පැනලා රන්ඩු කලේ නැහැ.
මගෙ සැනසීම මගෙ අහිංසකයගෙ හිනාව..ඒ ඇස් වෙනදා වගෙ මං එක්ක හිනාවුනෙ නැහැ..එදා ඒ ඇස් පියවිලා.
මං ලගට දුවන් එනවා වෙනුවට මගෙ අහිංසකයා හිටියෙ ඇදක් උඩ.  මගෙ පුංචි කොල්ලව උබලා කාටවත්  ආරක්ෂා කරගන්න බැරි වුනා. "

"ඇයි මට හැංගුවෙ? ඇයි විල්සන් .."

"පෙන්ත්හවුස් එක අස්සෙ දාන් මේ තරම් කාලයක් උබලා රැක්කෙ  ඌව.."
"ඇමරිකා ඉදන් ආව දවසෙ ඉදන් පිස්සුවෙන් වගේ මම හෙවුව ඌව."

"ඌව මරලා දාන ලේ පිපාසය  සංසිදෙනකන් මගෙ ආත්මයට සැනසීමක් ලැබෙන්නෙ නැහැ කියලා දැන දැන ඇයි උබලා මට  හැංගුවෙ."

"ඇයි ඌව මරලා දැන්මා කියලා මට බොරු කිවුවෙ.."
"මොකක්ද හේතුව විල්සන් ..මම නොදන්න තමුසෙලා විතරක් දන්න හේතුව මොකක්ද? "

"ජියොන් ජිමින්ගෙ ජීවිතේට වඩා ඇයි උගේ ජීවිතේ තමුසෙලට වැදගත් වුනෙ..කවුද ඌ විල්සන් .

"මගෙ මල්ලිට වෙඩි තිබ්බ ඌ කොහොමද මේ තරම් කාලයක් අපි අතරෙම ජීවත් වුනෙ.."

"ඇයි උබට බැරි වුනේ ඌව මරලා දාන්න විල්සන් ..කියනවා මට.."
"ඔම්මට දුන්න පොරොන්දුව මේ තරන් ඉක්මනින් අමතක කරලා දැන්මෙ කොහොමද? "

"කොහොමද එහෙම කලේ? කොහොමද කියනවා. ඇයි ඌව මරලා නොදැන්මෙ. "


වේගයෙන් මේසයට වැරෙන් පයින් පාරක් ගැහුව ජන්කුක් රතු වුන ඇස් වලින් විල්සන් දිහා බැලුවා.

"කොහෙවත් යන හිගන්නෙක් කොහොමද මගෙ මල්ලිට වෙඩි තිබ්බෙ .ජියොන් කෙනෙක්ට වෙඩි තියන්න හිතුව ඌ කොහොමද තවමත් ජීවත් වෙන්නෙ."

"කොහොමද ඌ තවමත් ජීවත් වෙන්නෙ? මරලා දානවා..මම ඌව මරලා දානවා.."

"ඌව විතරක් නෙවෙයි උගෙ මුලු පවුලම මම විනාශ කරලා දානවා..මගෙ මල්ලිගෙන් වැටුන ලේ බිංදුවක් පාසා මම උන්ට වද දෙනවා.."

"ජියොන් ලේ වල වටිනාකම ම...




ජන්කුක්ට ඔහුගෙ කතාව සම්පූර්ණ කරන්න බැරි වුනා.. බලාපොරොත්තු නොවුන කම්මුල් පහරකින් ජන්කුක්ගෙ මුහුන අනෙක් අතට හැරෙද්දි ජන්කුක් ඉස්සරහ හිටගෙන ඉන්න විල්සන් වේගයෙන් හුස්ම ගන්නවා..

විල්සන් දිහා ඔලුව උස්සලා බලපු ජන්කුක් රෞද්‍ර බැල්ම මේ වතාවෙ විල්සන් ව බය කෙරෙවුවෙ නැහැ.

"මරලා දානවා..."

"ඇයි තවත් කියවන්නෙ ජන්කුක් ..මරලා දානවා මේ තරම් කාලය නාස්ති කරන්නෙ ඇයි?"

ජන්කුක් දිහා බලන් වයසක විල්සන් වේගයෙන් හුස්ම ගන්නවා..ජීවිතෙ කවමදාවත් නැතුව විල්සන් අද ජන්කුක් ට අත ඉස්සුවා..ජන්කුක්ට ඔහුගෙ නමින් කතාකලා..


"මමත් අහන්නෙ එකම ප්‍රශ්නය පොඩි බේබි..."

"මොකක්ද හේතුව? මොකක්ද හේතුව පොඩි බේබි?"

"මම දන්න පොඩි බේබි පුංචි බේබිටට රිද්දුව ඒ මිනිහව මේ වෙනකොටත් මරලා දාලා .."

"ඉතින් ඇයි? මොකක්ද හේතුව පොඩි බේබි? "

"ඇයි පොඩි බේබි තවමත් මගෙන් ප්‍රශ්න කරන්නෙ? "

"මරන්න නේද ඕනෙ..මරන්නනෙ ඕනෙ .ඉතින් මරන්න."

විල්සන්ට පිටිපස්සෙන් හිටගෙන ඉන්න ගාර්ඩ් කෙනෙක්ගෙ ගන් එක උදුරලා ගත්ත විල්සන් බලෙන්ම ජන්කුක් ගෙ අත ඇදලා අරන් අත උඩට ගන් එක තල්ලු කරන්න උත්සහ කලා . නමුත් තවමත් විල්සන් දුන්න ගන් එක ජන්කුක් අතට ගත්තෙ නැහැ.

ජන්කුක් දිහා ඇස් උස්සලා බැලුව විල්සන් ගන් එක පැත්තකට විසික් කරලා හයියෙන් හිනාවෙන්න ගත්තා...ඇස් වලින් කදුලු පහලට ගලන් යද්දි උමතු වුන මිනිහෙක් වගෙ හිනාවුනා..

"පොඩි බේබිට බැහැ එයාව මරන්න එහෙම නේද?"

ල්පොඩි බේබි කවද්ද පුංචි බේබිට රිද්දුව මිනිස්සුන්ට එහෙම කරන්න හේතු තිබ්බද හෙවුවෙ
"පොඩි බේබි කවද්ද හේතු හොයන්න පටන් ගත්තෙ?"

"පුංචි බේබිට ඉහලින් ඔය හදවතෙ කවුරුත් නැහැ ..ඇත්ත විල්සන් පිලිගන්නවා..."

"පොඩි බේබි දක්ශයි.පොඩි බේබි වටේ ඉන්න හැම කෙනෙක්වම රවට්ටන පොඩි බේබි දක්ශයි..වැඩිම ඕනෙ නැහැ පොඩි බේබිගෙම හෘද සාක්ෂියම රවට්ටගන්න තරම් පොඩි බේබි දක්ශයි.."

"ඒත් කාවද පොඩි බේබි මේ රවට්ටන්න යන්නෙ..පොඩි බේබිව  හදපු මේ විල්‍සන්වද? "

"අද මේස පුටු වලට පයින් ගහන ඔය ශක්තිමත් කකුල් පලවෙනිම අඩිය තිබ්බෙ මේ අතින් අල්ලන්."

"බැහැ...බැහැ...කවමදාවත්ම බැහැ..කවමදාවත් බැහැ මරලා දාන්න."

"එයාම ඇවිල්ලා ඔය ඇස් ඉස්සරහ හිටගෙන කිවුවත් බැහැ.."

"ඇයි මොකක්ද හේතුව?"

නිහඩව අදුරු ඇස් වලින් විල්සන් දිහා බලන් ඉන්න් ජන්කුක් දිහා බලන් විල්සන් දිගින් දිගටම කියවන් ගියා.

"කියන්නෙ නැහැ..මමම කියන්නද පොඩි බේබි."

"ජීවිතේ පලවෙනි වතාවට මගෙ පොඩි බේබි හදවත පෙන්නපු ඇත්ත දැක්කා.."

හේතුව? පොඩි බේබි මගෙන් හේතු අහනවා..

"මොකක්ද ඔය හදවත කියන්නෙ ? "

ජන්කුක්ගෙ පපුවට ඇගිල්ලෙන් ඇන්න විල්සන් ජන්කුක් ගෙ ඇස් දිහා කෙලින් බැලුවා..

"ඔය හදවත පිලිඅරගෙන ඉවරයි .."

"හේතුව මොකක් වුනත්.. ඒ හේතුවෙදි කිම් ටේහියුන්ග් සාදාරනයි කියලා ඔය හදවත දන්නවා.."

"ඒක එහෙම නෙවෙයි නම් පොඩි බේබි අද හිටගෙන ඉන්නෙ මගෙ ලග නෙවෙයි..පොඩි බේබි ඔය මරනවා කියන කෙනා ලගයි."

"මොකටද හේතු හොයන්නෙ? ඒ මගෙ පොඩි බේබිගෙ ක්‍රමය නෙවෙයි."

"පොඩි බේබි මගෙන් අහනවා ඇයි මම ටේහියුන්ග් ව මරලා නොදැන්මෙ කියලා?"

"ලොකු නෝනාට විල්සන් දුන්න පොරොන්දුව ගැන පොඩි බේබි ප්‍රශ්න කරනවා."

"කොහොමද පොඩි බේබි? කොහොමද මම එහෙම කරන්නෙ.."

"පිපෙන්නවත් නොහිතපු පුංචි රෝස පොහොට්ටුවක් උන් විනාශ කරලා දැන්මා."

"කතාවට කියනවා ස්වභහදහම බලන් ඉන්නවලු හැමදෙයක් දිහාම.. එහෙම බලන් ඉදලා වැරදිකාරයොන්ට ස්වභහදහම විසින් දඩුවම් දෙනවලු.."

"බොරු...බොරු. හැමදෙයක්ම බොරුවක්.."

"එදා එයා හැමදෙයක්ම බලන් හිටියා..ස්වභදහම මුකුත්ම නොකර බලන් හිටියා..එයාගෙ පුංචි රෝස පොහොට්ටුව එයා ඉස්සරහම විනාස වෙලා යන දිහා මුකුත්ම නොකර බලන් හිටියා.."



"කොහෙවත් යන හිගන්නෙක්   කොහොමද මගෙ මල්ලිට වෙඩි තිබ්බෙ .ජියොන් කෙනෙක්ට වෙඩි තියන්න හිතුව ඌ කොහොමද තාමත් ජීවත් වෙන්නෙ.?"


ජන්කුක් කිවුව වචනම ආයෙ කිවුව විල්සන්  ඔහු දිහා බලන් හිනාවුනා..වේදනාව වැඩි කමට හංගන්න හදන හැම ඇත්තක්ම වේදනාවත් එක්කම විල්‍සන්ගෙ මුවින් පිටවුනා..


හිගන්නෙක්?

ජන්කුක් ලගට තව ටිකක් ලං වුනවිල්සන් ..

"ඇත්ත වැටුන ජියොන් ලේ බිංදුවක් පාසා මගෙ පුතා පලිගන්න ඕනෙ."

"ජියොන් හන්සන්ග්..."

අත් දෙක දෙපැත්තට දික් කරපු විල්සන් ඒ නම කිවුවෙ නමේ ගැබ්වුන අකුරක් පාසා තේජාන්විතව ශබ්ද කරමින්..

එකම එක නමකින් වෙනස් වුන ජන්කුක් ගෙ මුහුන දිහා බලන් මේ වතාවෙ දුකෙන් හිනාවුන විල්සන් හෙමින් අත උස්සලා ජන්කුක් ගෙ කම්මුලට තට්ටු කලා.

"එපා මගෙ පුතේ...උබ කොහොමද හිතුවෙවත් එයාව මරන්න.."

"එයා එනකන් උබ උබෙ පුංචි ඇගිලි නව නව ඇගිලි ගැන්නහැටි උබට අමතක වුනාට මට මතකයි..මල්ලිට වඩා ඉහලින් යන කෙනෙක් උබෙ ජීවිතේ නැහැ මම දන්නවා..ඒත් උබ කොහොමද එයාව අමතක කලේ.."


"වැලලුනු අතීතය තව දුරටත් පොඩි බේබි ලග වැලලුනු අතීතයක් නෙවෙයි.."

"ඇත්ත හැංගුවත් අදින් පස්සෙ කිසිම පලක් නැහැ.. මේ වයසක මිනිහා කොයි මොහොතෙ මේ ලෝකෙන් යන්න යයිද දන්නෙ නැහැ.
කරපු පවු හෝදන්න බැරි තරම් කිලිටි.."

"විල්සන් පරාජිතයෙක් පොඩි බේබි .ලොකු නෝනට දුන්න පොරොන්දුව විල්සන් ට රකින්න බැරි වුනා ."




-----------------------------------------------------

හායි🥹

මේ කොටස වෙඩින් එකට කලින්.. ටේහියුන්ග්ව ජන්කුක් අරන් යන්න කලින්.



නිදිද.. ඊලග කොටස විල්සන් පටන් ගනියි අතීතය කියන්න.


ජියොන් හන්සන්ග් කවුද ඒ?

අද මොකද හිතුනෙ කතාව ගැන.


විල්සන් අර අහන්නෙ හේතුවක් ගැන ජන්කුක් ගෙන්..ඒකෙන් කියන්නෙ.ජිමින්ට ටේහියුන්ග් වෙඩි තිබ්බ කියලා දැනගත්තනම් ඇයි ජීවත් වෙන්න්නෙ කියල හේතු හොයන්නෙ ඇයි කෙලින්ම මරලා නොදා කියලා.මොකද ජන්කුක්  එයාගෙ ජීවිතේට වටින් නැති මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතන කෙනෙක් නෙවෙයි.ඒ කෙනා සාදාරන වුනත් නැතත්..පලිගන්නවා එයා ඒ කෙනා සාදාරන වුනත්.ඒත් තරහෙන් වුනත් අද ජන්කුක් ටේහියුන්ග් ජීවත් වෙන්නෙ ඇයි කියලා හේතුව අහනවා..ඒක හොයන්න එයා පෙලබුනා..මොකද එයා පිලිනොගත්තට ටේහියුන්ග් ව ආශ්‍රය කරපු ටික දවසට ජන්කුක්ගෙ හවවත දන්නවා ටේහියුන්ග් සාදාරන ඇති කියලා..ඒක ඉබේටම එයාගෙ හදවත පිලිඅරන්..මොකද එයා දැක්කා ටේහියුන්ග් ගෙ ඇස් වලින් හැම හැගීමක්ම..තව එයා සමහර හේතු එකකට එකක් ගැලපුවා ඒක ඉස්සරහට තියෙයි කතාවෙ .

ටේහියුන්ග් ජිමින්ට වෙඩි තියලා?


අද ජන්කුක් ගැන මොකද හිතුනෙ..

ගැට ලිහෙන්න යන්නෙ ලමයි.

කතාව අවුල්ද? මම අහන්නමයි හිටියෙ.

මම හොදින් නෙවෙයි කිවුවම ඔයාලා කිවුව හැමදේටම ගොඩක් ස්තූති. ඒ හැම එකකම තිබ්බෙ ගොඩක් වටින වචන❤️💕

Vote and comment goal පන්නන්න👀

Continue Reading

You'll Also Like

21.6K 2.7K 10
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...
439K 61.9K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
107K 24.3K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
108K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...