Comment goal 100
අදුරු අහසට අද ගොඩක් විශේශ දවසක්. හරි අපූරුවට අදුරු අහස පුරාවටම තරු කැට පායලා. පාලුවට ගිය කලුවර අහසෙ තනිය මකන්න ඔවුන් අදුරු අහස හොයන් ඇවිල්ලා නමුත් තනියම නම් නෙවෙයි.ඔවුන් එක්ක විශේශ අමුත්තෙකුත් අද අදුරු අහසෙ තනිය මකන්න ඇවිල්ලා..
කලුවර අහස පුංචි තරු කෝටි ගනනකින් සැරසිලා.. ඒ තරු කෝටි ගනන පිරිවරාගෙන හදත් කලුවර අහස බලන්න ඇවිල්ලා..
පුංචි තරුත් එක්ක එකතු වෙලා හද අදුරු අහසෙ අදුර පලවාහරින්න උත්සහ කරන්න හදනවද කොහෙද..නමුත් කාලයක් තිස්සෙ අහස පුරා පැතිරුනු මුලු අදුරුම පලවාහරින එක තමන්ට විතරක් කරන්න බැරි දෙයක් බව තේරුම් ගත්ත හද අදුරු අහසෙ ඉදන් පොලව දිහාවට එබිකම් කලා.
හද හෙවුවා ඇගෙ පුංචි මැනිකගෙ අදුර පලවාහරින්න ඇය තෝරගත් ඔහු කොහෙද කියලා.... මනුස්ස පොලවට එබිකම් කරමින් ඔහුව හොයපු හද දීප්තිමත්ව සතුටෙන් දිලිසෙන්න ගත්තා.
අවසානයෙ ඔහු ඇවිල්ලා.. අදුරු අහසෙ අදුර පලවාහරින්න හද විසින් තෝරගත් පොලවෙ උපන් දීප්තිමත් ගිනිපුලිගුව.
තාරකා සිය දහසක් එකතු වෙලත් පලවාහරින්න බැරි වුන අදුර එකම එක දීප්තිමත් ගිනිපුලිගුවක් විසින් පලවාහරියි..අහසෙ ඉදන් පොලව වෙතට එබිකම් කරපු හද ඔවුන් දිහා බලන් තව තව දීප්තිමත්ව දිදිලුවා..
දීප්තිමත්ව බැබලෙන හඳ තරු පායපු කලුවර රෑක පාලුවට ගිය තාර පාරක් දිගේ හුළඟ කපාගෙන වේගෙන් ඉදිරියට ඇදෙන මෝටර් බයික් එක තව තව එය රේස් කරමින් එහි වේගය වැඩි කලා.
පාර දෙපස තැනින් තැන තියන චිමිනි ලාම්පු වල එලිය විතරක් පාලු පාරෙ පාලුව මකද්දි බයිසිකල් රෝද තාර පාර මත වේගෙන් ලෙස්සලා යන හඬ සවන් වැකුනු බකමූණෙක් වහලා හිටපු ගහෙන් ඈතට ඉගිලිලා ගියා.
මුලු ගතම හිරිවට්ටන සීතල හුළඟ මෝටර් බයික් එකේ වේගයට අභියෝග කරමින් ප්‍රතිවිරුද්ධ අතට හමද්දි මෝටර් බයික් එක පදවන ඔහු සයිඩ් කන්නාඩියෙන් ඔහුගෙ පිටුපස ඉදගෙන ඉන්න තරුනයා දෙස බැලුවා..මෝටර් බයික් එකේ වේගයට වාරුවෙන්න ඔහුගෙ උරහිස තදින් අල්ලන් ඉන්න දිගු හීනි ඇගිලි සීතල හුලගෙ සීතල වැඩිකමට රත් පැහැයට හැරිලා.ඔහුට ඕනෙ කලත් බයික් එක නවත්තලා ඔහු හැදගෙන ඉන්න ජැකට් එක තරුනයට දෙන්න තවත් ටික දුරක් මෙහෙම යන්න ඔහු තීර්ණය කලා..මේ වගේ වෙලාවක පුංචිම හෝ රිස්ක් එකක් ගන්න ඔහු සුදානම් වුනෙ නැහැ.
ටික දුරක් ඔය විදියටම බයික් එක ඉස්සරහට ඇදෙද්දි අතුරුපාරක් අයිනේ නවත්තලා තිබුනු කලු පැහැ බෙන්ස් රථයක් ඉක්මනින් පනගන්වමින් බයික් එක ගමන් කරන මං තීරුවේම දකුනු පසට එකතු වුනා.. කාර් එක බයික් එක හා හමුවෙනවත් එක්කම ටික දුරක් ඉස්සරහට ගියපු බයික් එක කාර් එක හරස් කරමින් ඒ ඉදිරියෙන් නැවැත්තුවා..
"බහින්න."
යන්තම් පිටුපස හැරිලා බලපු ජන්කුක් ඔහු පිටුපසින් ඉදගෙන ඉන්න ටේහියුන්ග් දිහා නොබලම කතාකලා.
"පරිස්සමෙන් බලාගෙන."
තමන්ගෙ හීනි ඇගටත් වඩා දෙකක් විතර විශාල ගවුමකුත් උස්සන් බයික් එකෙන් බහින ටේහියුන්ග් ගවුම පටලගනී කියලා හිතලදො කොහෙද බලාපොරොත්තු නොවුන වචන පෙලක් ජන්කුක් ගෙ මුවින් පිටවුනා.නමුත් ජන්කුක්ගෙ මුහුන දිහාවත් නොබලපු ටේහියුන්ග් බයික් එකෙන් බැහැලා බයික් එකට ටිකක් එහාට වෙන්න හිටගත්තා.
ටේහියුන්ග් දිහා හැරිලා නොබැලුවත් සයිඩ් කන්නාඩියෙන් ටේහියුන්ග් දිහා බලන් හිටිය ජන්කුක් ඔහු පැලදගෙන ඉන්න හෙල්මට් එක ගලවලා බයික් එකේ හැන්ඩ්ල් එකේ රදවමින් බයික් එකෙන් බැස්සා..
බයික් එකෙන් බැස්ස ජන්කුක් ටේහියුන්ග් වෙතට ලං වෙද්දි ඉබේටම ටේහියුන්ග් ජන්කුක් ගෙන් පස්සට අඩි තිබ්බා..ටේහියුන්ග් තමන්ගෙන් ඈතට යන්න උත්සහ කරනවා කියලා පෙනෙද්දි ටේහියුන්ග් වෙත ලංවෙමින් හිටිය ජන්කුක් අතරමග නැවතුනා..
ඈතින් ඉදන්ම අත දික් කරපු ජන්කුක් ටේහියුන්ග් පැලදගෙන ඉන්න හෙල්මට් එකෙ බකල් එක ගලවන දිහා ටේහියුන්ග් හෙමින් ඇස් උස්සලා බැලුවා..ජන්කුක්ගෙ සම්පූර්ණ අවදානය යොමුවෙලා තිබුනෙ ඒ වෙතට නිසා ටේහියුන්ග් ඔහු දිහා බලනවා ජන්කුක් දැක්කෙ නැහැ.
"එන්න "
ටේහියුන්ග් පැලදගෙන හිටිය හෙල්මට් එක ගලවලා අතට ගත්ත ජන්කුක් තනි වචනයෙන් ටේහියුන්ග් ට කතාකරමින් ඔවුන්ට පසුපසින් නවත්තලා තියන කාර් එක වෙතට ඇවිද්දා..
ජන්කුක් ටේහියුන්ග් ට කතාකරලා එහෙම යන්න ගියත් ටේහියුන්ග් තවමත් ඔහු හිටගෙන හිටිය තැනට වෙලා හිටගෙන බලන් ඉන්නවා..
ජන්කුක්ට දැනුනා ටේහියුන්ග් ඔහුත් එක්ක එන්නෙ නැහැ කියලා.යන ගමන මගින් නවත්තපු ජන්කුක් ටේහියුන්ග් දිහා හැරිලා බැලුවේ අමුතුම හැගීමකින්..
ටේහියුන්ග් තවමත් ඈතින් ඉදන් ජන්කුක් දිහා බලන් ඉන්නවා..හමන සීතල හුලග ටේහියුන්ගෙ සිල්වර් පැහැ කර්ලි කොන්ඩයත් එක්ක දග කරනවා..ගෙවුනු දවස් කිහිපයට පස්සෙ අදයි ජන්කුක් හරියටම ටේහියුන්ග් දිහා බැලුවෙ.සියුමැලි රෝස තොල් වලට ටේහියුන්ග් ම හානි පමුනුවගෙන .දත් අතරට මැදි වෙලා ඒ තොල් තද රතු පැහැයට හැරිලා..ටේහියුන්ගෙ ඇස් විඩාබරයි..
ටේහියුන්ග් දිහා බලන් ජන්කුක් හෙමින් ඔලුව වැනුවා..වචනයෙන් කතාකරන්න බැරි හැගීම් ගොඩක් ජන්කුක් ගෙ ඇස් වල ඇදිලා තියෙද්දි ඒ හැගීම් කියවගන්න තමන්ට බැරි වුනත් ටේහියුන්ග් ඒ දිහා බලන් හිටියා..
විශ්වාසය හා ද්‍රෝහීත්වය අතර ටේහියුන්ග් හිර වෙලා..
නමුත් ජන්කුක්ගෙ ඇස් ටේහියුන්ග් ට වෙනමම කතාවක් කියනවා..
අවසානයෙ තදින් ඇස් පියාගත්ත ටේහියුන්ග් වෙවුලන සුසුමක් පිට කලා..ජන්කුක් දිහා ආයෙම වතාවක් ඇස් ඇරලා බැලුව ටේහියුන්ග් පලවෙනිම අඩිය ජන්කුක් දිහාවට තිබ්බෙ ඒ දිහා බලන් ඉන්න ජන්කුක් හීනියට ටේහියුන්ග් එක්ක හිනාවෙද්දි.
"මම ඉන්නවා."
ජන්කුක්ගෙ ඇස් වල ඇදිලා තියන හැගීම් වලින් මේ හැගීම විතරක් ටේහියුන්ග් ට හොදින් කියවගන්න පුලුවන් වුනා.
_________________________________
"මම එන්නම් ඔහොම ඉන්න."
ටේහියුන්ග්ට නගින්න කාර් එකේ දොර ඇරපු ජන්කුක් ටේහියුන්ග් කාර් එකට නගිනකම් බලන් ඉදලා දොර වහලා දැන්මා.
කාර් එකෙන් ටිකක් ඈතට ගිහින් හිටගත්ත ජන්කුක් මොහොතකට කලින් කාර් එක drive කරන් ආව තරුනයට යමක් කියන දිහා ටේහියුන්ග් බලන් හිටියා.නමුත් ජන්කුක් කියන්නෙ මොකක්ද කියලා ටේහියුන්ග් ට ඇහුනෙ නැහැ.. සාක්කුවෙ දාගෙන ඉන්න ගන් එක අතට ගත්ත ජන්කුක් ඒ ගන් එක ඔහුත් එක්ක කතාකරන තරුනයගෙ අත උඩින් තියලා පිටට තට්ටු කලා.
ජන්කුක් එහෙම කරද්දි ගන් එක අතට ගත්ත තරුනයා කාර් එකේ ඉදගෙන ඉන්න ටේහියුන්ග් දිහා හැරිලා බැලුවෙ ටේහියුන්ග් ට හෙමින් හිස නවමින්.
ජන්කුක්ට සමුදුන්න ඔහු ජන්කුක් අරන් ආපු බයික් එකට ගොඩ වෙද්දි කාර් එකේ ඉස්සරහ දොර ඇරිය ජන්කුක් කාර් එකට ගොඩ වුනා.මේ හැමදෙයක්ම දිහා බලන් ඉන්න ටේහියුන්ග් තවමත් නිහඩයි..
මුල් කාලෙ පටන් ටේහියුන්ග් නිහඩව ඉන්නවට ජන්කුක් ගෙ හිත පොඩ්ඩක්වත් ආස වුනේ නැහැ.නමුත් අද ටේහියුන්ග් ට එහෙම ඉන්න එපා කියලා කියන්න බැරි තරම්ම ජන්කුක් පවා නිහඩ වෙලා..
_____________________________
කලුවර වීදි පාර දිගේ කාර් එක ඉදිරියට ඇදෙනවා..දැඩි නිහඩතාවය කාර් එක පුරාම රජයනවා.. මේ තරම් වෙලාවක් පාර දිහාවට අවදානය දෙමින් හිටිය ජන්කුක් ඇස් කොනෙන් ටේහියුන්ග් දිහා බැලුවෙ අවසානයෙ හරි ටේහියුන්ග් එක්ක කතාකරන්න උත්සහ කරන්න හිතාගෙන..නමුත් එහෙම බැලුව ජන්කුක් ගෙ මුහුනෙ ඇදුනෙ පුංචි හිනාවක්..
කාර් එකෙ දොරට ඔලුව ගහන් ඉන්න ටේහියුන්ග් තද නින්දකට වැටිලා..දවස් ගානකට පස්සෙ අද ඔහුට සැනසීමෙන් නින්දක් ලබන්න ලැබිලා වගෙ..මහන්සිබර ටේහියුන්ගෙ ඇස් දකිද්දිම ජන්කුක්ට එය හිතුනා.
කාර් එකේ වේගය මදක් අඩුකරපු ජන්කුක් එක අතකින් ස්ටියරින් වීල් එක අල්ලන් අනෙක් අත හෙමින් ටේහියුන්ග් වෙතට දිගු කලා..
ටේහියුන්ගෙ කම්මුල ස්පර්ශයට ඔන්න මෙන්න ලං වුන ජන්කුක් ආයෙමත් වේගෙන් අත අහකට ගත්තෙ හදිසි යමක් මතක් වුනාක් මෙන්.
අන්දකාරයෙන් වහගත්ත කාමරයක වැහුනු දොර ක්‍රැක් හඩින් විවර වෙද්දි විවර වුන කාමරය තුලට යමෙක් ඇතුල් වුනා..පූර්න හද පායන්න ඉතිරි තව එකම එක දවසයි.අන්දකාරය තුලින් කාමරය තුලට වැටිලා තියන හද එලිය නිසා කාමරය තුලට ඇතුලුවුන පුද්ගලයාගෙ හෙවනැල්ල කාමරයෙ බිත්තියෙ මත සටහන් වුනා..
ශබ්ද නෑහෙන ලෙස සියුමි අඩි තියමින් අදුරු හෙවනැල්ල ටිකෙන් ටික ලං වුනේ කාමරය මැද තියලා තියන ඇද දෙසට..ඇද සමීපයටම ලං වුන අදුරු සෙවනැල්ලෙ අයිතිකාරයා ඇද මත ඇස් පියන් ඉන්න ටේහියුන්ග් දිහා බලාගෙන මොහොතක් නතර වුනා .
හද එලිය නිසා බිත්තියට වැටුන ඔහුගෙ සෙවනැල්ලෙන් පෙනුනා ඔහු ටේහියුන්හ් වෙතට අත දික්කරනවා..ඉදිරියට දික් වුන ඔහුගෙ අත ඇද මත නිදියන් ඉන්න ටේහියුන්ගෙ කම්මුල ස්පර්ශ කලා.
මොහොතකට කලිනුත් ටේහියුන්ගෙ කම්මුල් දිගේ පහලට කදුලු ගලන් ගිහිල්ලා..සාමාන්‍ය රස්නයට වඩා සීතල ගැහුනු කම්මුල් ටේහියුන්ගෙ ඇස් වලින් ගලන් ගිය කදුලු වලට සාක්ෂි දැරුවා..
"ගෙවුනු අතීතය කවදාවත්ම මට වෙනස් කරන්න බැරි වෙයි. බිදිලා විසිරුනු ඔය ආත්මයෙ හිස්තැන් හැම එකක්ම පුරවන්නත් මට බැරි වෙයි."
"නමුත් පොරොන්දු වෙන්නම්..."
"පොරොන්දු වෙන්නම් මේ ජන්කුක් ."
"උබ හොයන සැනසීම මම උබට හොයලා දෙනවා.."
"ඒස්‍රා උබ මගෙන් එදා ඇහුවා නේද? හැම ඇත්තක්ම දැනගත්ත දවසක ජන්කුක් මං වෙනුවෙන් සෙල්ලම් කරනවද..මට උදවු කරනවද.."
"ඒත් එදා මම උබට හිනාවුනා නේද? "
"ඉතින් අද මම උබට මොකක්ද කියන්න ඕනෙ ඒස්‍රා?"
"ජියොන් ජන්කුක් සෙල්ල්ම් කරපු සෙල්ලමකින් කවදාවත් පැරදිලා නැහැ.. ඒත් අද ජන්කුක් පරාද වෙලා ඉවරයි ඒස්‍රා."
"ජීවිතේ පලවෙනි වතාවට මම පරාද වුනා..උබ දිනුම් ඒස්‍රා.."
"ඒත් උබ දන්නවද ඒස්‍රා.. හැමදාම දිනලා සතුටු වෙන මම අද පැරදිලා සතුටු වෙනවා.."
"අපි ආයෙමත් සෙල්ලම් කරමු ඒස්‍රා ඒත් මේ වතාවෙ ඔයාට සෙල්ලම් කරන්න වෙන්නෙ තනියම නෙවෙයි."
"මම ඉන්නවා ..ජන්කුක් ඉන්නවා...අදින් පස්සෙ හෙවනැල්ලක් වගෙ මම උබත් එක්ක ඉන්නවා."
"තව එකම එක දවසක් මං වෙනුවෙන් ඉවසන්න. "
වචනයෙන් කියාගන්න බැරි හැගීම් හිතින් පමනක් හිතමින් ටේහියුන්ග් දිහා බලන් හිටිය ජන්කුක් පහලට නැවිලා සියුම් හාදුවක් ටේහියුන්ග් ගෙ නලල මත තිබ්බා..රහසේම ආයෙමත් කාමරෙන් පිටවුන ජන්කුක් එදා රැයේදි ලොකුම ක්‍රීඩාව පටන් ගත්තා.
-----------------------------------------------------
සොරි මම පරක්කුයි මම දන්නවා.
මම හොදින් නෙවෙයි ඒකයි අප්ඩේට් ලේට් වුනේ.
වේදනාවක් දැනෙනවා ගොඩක් තදටම.
අදහස් කියන් යන්න.
ජන්කුක්?
ටේහියුන්ග් ?
මම දෙයක් ඔයාලා එක්ක කියන්න ටයිප් කලා.ඒත් ඒක මෝඩ වැඩක් කියලා හිතෙනවා.මම මේ තරම් වෙලාවක් ඒක ටයිප් කරපු නිසා පැයබාගයක් අප්ඩේට් තව ලේට් වුනා.
අද චැප්ටර් එකේ මහ දෙයක් නෑ මම දන්නවා..මට බැරි වුනා හිත එකතැනක තියාගන්න..