Comment goal 100
නගරෙන් ගොඩක් දුර ඈත ස්වභහදහම් මාතාවගෙන් ආශිර්වාද ලත් එක පුංචි ගමක් තිබුනා...මේ ගමේ චූටිම චූටි පුංචි හුරතල් කොල්ලෙක් ජීවත් වුනා. ඔහු හරි අහිංසකයි හැබැයි ඒ අහිංසක කමටම ගැලපෙන හුරතලාටම ආවේනික දගකාරකමක් හුරතලාට පිහිටලා තිබුනා.
සුන්දර ස්වභදහම ජීවිතේ කොටසක් කරගෙන ජීවත් වුන හුරතලා ලෝකෙ දැක්කෙ ඔහු වටා තිබෙන සුන්දරත්වය තුලින් මිසක් විසකුරු මිනිසුන් තුලින් නෙවෙයි..
ඔහු ජීවත් වෙන ගමෙන් ඈත දුර නගරෙ ජීවත් වෙන විසකුරු මිනිසුන් ගැන පුංචි කොල්ලට පුංචිම අදහසක්වත් තිබුනෙ නැහැ..
පුංචි හිත සීමාවුනෙ සුන්දර කැලෑවටයි ඔහුගෙ පුංචි පවුලටයි විතරයි..පුංචි ඇස් ලෝකෙ දැක්කෙ ඔවුන් තුලින් පමනයි.
හිස තියන් නිදියන්න උනුසුම් උකුලක්,පුංචි කොල්ලගෙ ඔම්මා..
කරේ තියන් කැලේ ඇවිදින්න ශක්තිමත් උරහිසක් ,පුංචි කොල්ලගෙ හියුන්ග්..
දග වැඩ කලාම බේරගන්න සෙසෙනහස පිරුනු හදවතක් ,පුංචි කොල්ලගෙ නූනා..
හුරතලාගෙ පුංචි ගෙදර පිහිටලා තිබුනෙත් ඔවුන් ජීවත් වෙන ගමෙ කෙලවරට වගේ වෙන්න.ඉතින් පුංචි පවුල හැරෙන්න හුරතලාට වෙනත් යහලුවො හිටියෙත් නැහැ..හිටියා..හැබැයි පුංචි හුරතලාගෙ බාශාව තේරන යාලුවො නම් නෙවෙයි..ඔහු දගයෙක්..හුරතල් පුංචි දගයෙක්..නපුරු ලෝකෙ ගැන මුකුත්ම නොදන්න අහිංසකයෙක්..
නිදහස් හුලගත් එක්ක ස්වභහදහම ජීවිතේ කරන් ජීවත් වුන හුරතලෙක්..
මෙහෙම ජීවත් වුන ඔහුට එකමත් එක දවසක අමුත්තෙක් හම්බෙනවා..පුංචි හුරතලා නොදන්න දුර ඈත පිහිටලා තියන නගරෙන් ආව අමුත්තෙක්..අලුත් අලුත් දේවල් ඉගෙනගන්න පුංචි හිත කුතුහලෙන් පිරිලා ගිහිල්ලා..පුංචි හොර ඇස් හියුන්ගෙ අස්සෙ හැංගිලා අමුත්තා දිහා එබිලා බැලුවා.
හුරතලා නම් අමුත්තා දැක්ක පලවෙනිම දවසින් ඔහුට බොහොම කැමති වෙනවා..හැබැයි නගරෙන් ආව අමුත්ත නම් ටිකක් විතර වස පුද්ගලයෙක් ...ඒත් කුතුහලේ පිරුනු පුංචි හිත නපුරු අමුත්තට බය වෙනවද? අහිංසක හිත නපුරගෙ නපුරු කම් වලට බය නැහැ..
අමුත්තගෙයි පුංචි කොල්ලගෙයි යාලුකමේ ආරම්භයනම් ඒ හැටි හොද ආරම්භයක් නෙවෙයි...නපුරු අමුත්තා ඔහුට අවදානය නොදෙද්දි ඔහුගෙ අවදානය ලබාගන්න පුංචි හුරතලා මහ ගොඩක් දග වැඩ කලා.
මෙහෙමයි නපුරු අමුත්තා පුංචි හුරතලාගෙ වයසට ගැලපෙන වයසක හිටිය පුද්ගලයෙක්නම් ඔහුට මේ දගකම් ඉවසගන්න තිබ්බා..ඒත් වයසක ඔහු කොහොමද මේ දගකාර වදුරු පැටියගෙන් බේරෙන්නෙ..ඉතින් අවසානයෙ නපුරු අමුත්තනට අකමැත්තෙන් වුනත් වදුරු හුරතලා එක්ක යාලුවෙන්න වෙනවා..
අකමැත්තෙන්? ඒක නපුරු අමුත්තා ඔහුගෙ හිතම රවට්ටගන්න කියාපු වචනයක්...
නගරෙන් ආව අමුත්තා හොයාගෙන උදෙන්ම වත්තට දුවන් එන එක හුරතලාගෙ දින චර්‍යාව බවට පත් වුනා.. මුලු දවසම ඔහුත් එක්ක කාලය ගත කරන්න හුරතලා හරි ආස වුනා.
ගෙවුන මුල් කාලෙ නම් නපුරු අමුත්තා මේ ගැන හුරතලාට පැමිනිලි කරමින් බැන වැදුනත් කාලය ගෙවෙද්දි නපුරු අමුත්තටත් පුංචි හුරතලා නැතුව බැරි වුනා..
ඉතින් පුංචි ගමක ජීවත් වුන පුංචි හුරතලා ඔහුගෙ පුංචි ලෝකෙට තවත් සාමාජිකයෙක් එකතු කරගත්තා...
තවමත් ඒ ලෝකෙ මහ ගොඩක් අහිංසකයි..ඒත් ඒ අහිංසක ලෝකෙ හිස් තැන් ගොඩකින් පිරිලා..ඔහු නොදන්න දේවල් බොහොමයක් තියනවා...ගෙවෙන හැම තත්පරයකම ඒ හිත කුතුහලෙන්.අලුත් දේවල් දැනගන්න ඔහු හරි ආසයි..
ඉතින් නපුරු වයසක අමුත්තට පුංචි හුරතලාගෙන් හරි කරදරේ...ඔහු ආව නගරෙ ගැන කුතුහලෙන් ඉන්න හුරතලාගෙන් ඔහුට ගැලවීමක් නැහැ.. වයසට ගිය ඒ කටට නිවනක්නම් පුංචි හුරතලාගෙන් ලැබුනෙ නැහැ..
හැම දවසකම නගරෙ ගැන කතන්දර හුරතලාට කියලා දෙන්න වුනා...නගරෙ ගැන කතන්දර කියලා දෙද්දි හරි පුදුම කතාවක් වයසක අමුත්තා හුරතලාට කියලා දෙනවා...ආඩම්බරකාර පුංචි කුමාරයෙක්ගෙ කතාවක්..
වයසක නපුරු අමුත්තා හුරතලාට නමින් රැවුල් අජුස්සි එතකොට රැවුල් අජුස්සිගෙ කතා වල ඉන්න ආඩම්බර කුමාරයා රැවුල් අජුස්සිට අනුවනම් පුංචි බේබි.
නගරෙ ගැන ..නගරෙ මිනිස්සු ගැන ගොඩක් කතා ඇහුව හුරතලාට මේ පුංචි බේබිගෙ කතා විතරක් හරිම වෙනස් කතා වෙනවා..හුරතල් අහිංසක හිතට පුංචි බේබි කරපු වීරකම් මහ ගොඩක් තදින් වැදෙනවා...හුරතලාගෙ අහිංසක ලෝකෙට දඩබ්බර නපුරු පුංචි බේබි වීරයෙක් වෙන්න මහ කාලයක් යන්නෙ නැහැ...
කවදාවත් කාටවත් දෙවෙනි නොවෙන ..කවදාවත් කාටවත් බය නැති පුංචි බේබි ගැන කතා අහන්න පුංචි හුරතලා හැමදාම රැවුල් අජුස්සි ලගට දුවන් ආවා...රැවුල් අජුස්සි හරි ආඩම්බරෙන් ඒ කතා හුරතලාට කියලා දුන්නෙ..උජාරුකම් කිය කියා පුරසාරම් කතා කියන රැවුල් අජුස්සි පුලුවන් තරම් පුංචි බේබිගෙ ආඩම්බර අහංකාර ගතිගුන ගැන ආඩම්බර කම් කියෙවුවත් ඒ කතා වලින් පුංචි හුරතලා දැක්කෙ වෙනම පැත්තක්..
ආඩම්බර පුංචි බේබි කොයිතරම් නපුරුද කියලා රැවුල් අජුස්සි හුරතලාව බය කරන්න ගියත් රැවුල් අජුස්සිවත් පුදුම කරමින් හුරතලා කිවිවෙ හරි පුදුම වචන ටිකක්..
"නපුරු බේබි නපුරු වුනාට රැවුල් අජුස්සිගෙ අනිත් කතාවල හිටිය නපුරො තරම් නපුරු නැහැ...රැවුල් අජුස්සිගෙ නපුරු බේබිව කවදහරි මට හම්බුනොත් මම එයාව හොද කෙනෙක් කරනවා..."
"එතකොට එයාට පුලුවන් එයාගෙ සුපර් පවර්ස් වලින් නපුරොන්ට ගහන්න.."
"හීන ලෝක වල ජීවත් වෙන්න එපා පිස්සු කොල්ලො...."
"රැවුල අජුස්සිට මාව විශ්වාස නැද්ද?"
"කොහෙත්ම නැහැ වදකාර පැටියා.."
"රැවුල් අජුස්සි දන්නෙ නෑ...රැවුල් අජුස්සිගෙ නපුරු බේබි නපුරු නෑ..ඔම්මගෙ ආදරේ දුන්නොත් එයත් ටේටේ වගේ ගොඩක් හොද බබෙක් වෙයි.ඉන්නකො කවදමහරි ටේටේරැවුල් අජුස්සිගෙ පුංචි බේබි ටේටේගෙ ඔම්මා ලගට එක්ක යනවා..එතකොට ටේටේට පුලුවන් නපුරු බේබිව හොද බේබි කෙනෙක් කරන්න.."
___________________________________
ටේහියුන්ග් ඔහුගෙ බිලි පූජාවෙ පලවෙනි බිල්ල අරගෙන ඉවරයි..ඒත් ටේහියුන්හ් හෙවුව සැනසීමෙ අල්පමාත්‍රයක්වත් තවමත් ඔහුට දැනුනෙ නැහැ..
ජන්කුක් යන්න ගිහින් අද වෙද්දි දවස් හයක් වෙනවා.. ගෙවෙන රැයක් දවාලක් නොදැන ටේහියුන්හ් ආයෙමත් ඔහුගෙ පරන කලුවර කාමරයටම හිර වුනා. බැල්කනියට පවා ගහලා තියන යකඩ පොලු තදින් අල්ලගෙන මුලු දවසම කල්පනා කරනවා හැර ටේහියුන්හ් ට කරන්න වෙනත් දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නැහැ..
පිටතට නොපෙන්නුවට ඒ හිත එන්න තියන අනාගතය වෙනුවෙන් ගෙවෙන තත්පරයක් පාසා විශාල බයකින් ජීවත් වුනා..
ටේහියුන්ගෙ දහනව වෙනි උපන්දිනයට හරියටම තව දවස් හයයි..පිටතින් බලන කෙනෙක්ට ටේහියුන්හ් ව පෙනෙන්නෙ ඔහු ගොඩක් සන්සුන්ව ඉන්නවා කියලයි.ඒත් ගෙවෙන හැම තත්පරයක ඒ හිත දස දහස් වාරයක් මැරි මැරි ඉපදුනා...
වීදුරු ජනේලෙන් යන්තමින් හෝ ගලන් එන හිරු එලිය දිහා බලන් ටේහියුන්හ් ඔහුගෙ ඇස් මහන්සි කෙරෙවුවා...
අදුරු අහස ඉර පායනකම් බලන් ඉන්නවා වගේ...ජන්කුක්ගෙ නැවත පැමිනීම වෙනුවෙන් ටේහියුන්හ් බලන් හිටියා. මුලු දවසම යකඩ කූරු ලග හිටගෙන දුර පේන වත්ත දිහා ටේහියුන්හ් බලාපොරොත්තුවෙන් බලන් හිටියා.. ටේහියුන්ගෙ බලාපොරොත්තුව අදවත් ආයෙමත් ඔහුව හොයන් එයි..
ටේහියුන්ග්ට ඉතුරු වෙලා තිබුන අවසාන බලාපොරොත්තුව ජන්කුක් ...හැම උත්සහයකම අවසානයෙ බලාපොරොත්තුවක් නැතුව ජීවත් වුන ටේහියුන්හ් ගෙ අවසාන බලාපොරොත්තුව...
ජන්කුක් නැතුව ටේහියුන්හ් ලග කිසිම සැලසුමක් තිබුනෙ නැහැ..ජන්කුක් හරියට ටේහියුන්හ් ගෙ අදුරු අහසට හදිසියෙම පායපු ඉර වගෙ.ඒත් ඒ ඉර අද ආයෙමත් යන්න ගිහිල්ලා..අදුරු අහස අදුරෙ තනි කරලා..
ජන්කුක් මුලින්ම පෙන්ත්හවුස් එකට ආව දවස ටේහියුන්ග්ට අද වගේ මතකයි.දඩබ්බර ජන්කුක් වාහනෙන් බහින දිහාත් විල්සන්ව තද කරලා වැලදගන්න දිහාත් ටේහියුන්හ් ඔහුගෙ කාමරයෙ ජනේලෙ තුලින් බලන් හිටියා..
රැවුල් අජුස්සිගෙ පුංචි බේබිව ටේහියුන්හ් මුලින්ම දැක්ක දවස .ටේහියුන්හ් තුල මිය ගිය පුංචි ටේටේ කවදාවත් නොදැක්ක ඔහුගෙ ලෝකෙ වීරයා..
ටේහියුන්ගෙ බලාපොරොත්තුවට හේතුව ඔහුවත් අද වෙනකන් දන්නෙ නැහැ..තමන්ගෙ ජීවිතේ අපායක් කරපු ජියොන් පවුලෙ උරුමක්කාරයෙක්වම තමන්ගෙ ගැලවීම විදියට ටේහියුන්හ් දැක්කෙ ඇයි ?
පුංචි ටේහියුන්හ් මේ වෙද්දි ටේහියුන්හ් තුලින් මැරිලා ගිහින් හිටියත් ටේහියුන්හ් ට හොරා ඔහු තවම ටේහියුන්හ් තුල ජීවත් වෙනවද? . නමුත් ජන්කුක් වගේ කෙනෙක් ඔහුට උදවු කරයි කියලා හිතන්න තරම් ඇයි ඒ හිත බොලද වුනේ?
සෙල්ලමක් නමින් ටේහියුන්හ් කරන්නෙ රැවුල් අජුස්සිගෙ කතා වල හිටිය පුංචි බේබිව එලියට ගන්න එකද? කවුරුත්ම නොදැක්ක ටේහියුන්හ් විතරක් පුංචි බේබි තුලින් තේරුම් ගත්ත පැත්ත එලියට ගන්න එකද?
කතන්දරේකින් ඇහුව පුංචි වීරයෙක් ගැන ඒ තරම් විශ්වාසයක් තියාගන්න එක හොද දෙයක්ද?
කල්පනා ලෝකෙ ගිලිලා හිටිය ටේහියුන්හ් ගැස්සිලා ගියේ ඔහු ඉන්න කාමරය ලගින් ෆෝන් එකක් රින්ග්ස් වෙන ශබ්දය ඇහෙන්න ගත්ත නිසා..
අගුලු දැන්ම දොරට එහා පැත්තෙන් දුරකතනයක් දිගින් දිගටම රින්ග්ස් යනවා..
මුලින්ම රින්ග්ස් යන දුරකතනයට අවදානය නොදී ඉන්න ටේහියුන්හ් හිතාගත්තත් දිගින් දිගටම දුරකතනය රින්ග්ස් යනවා..යකඩ පොලු ලගින් දොර දිහාවට හැරුන ටේහියුන්හ් දොර දිහාවට ඇවිදන් ආවා...රින්ග්ස් යන දුරකතනය තියෙන්නෙ ටේහියුන්හ් ගෙ දොර ලග බිම..දුරකතනයෙ ආලෝකයෙන් ටේහියුන්හ් ට පේනවා..
බලාපොරොත්තුවක් නොතිබ්බත් ටේහියුන්හ් හෙමින් ඔහු ඉන්න කාමරයෙ doon knob එක කැරකුවා...ටේහියුන්ගෙ ඇස් පුදුමයෙන් විශාල කරමින් දොර හැරුනා..මේ තරම් වෙලාවක් ටේහියුන්හ් ඉන්න කාමරෙ දොර අගුලු දාලා තිබුනෙ නැද්ද?
විවර වුන දොරෙන් පහල රින්ග්ස් යන දුරකතනය ලගට නැමුනු ටේහියුන්හ් හෙමින් දුරකතනය අතට ගත්තා..
ටේහියුන්ගෙ ඇගිලි වෙවුලනවා...ඒ ඇස් වලට ඉබේටම කදුලු පිරිලා...
අවුරුදු තුනක් තිස්සෙ ටේහියුන්හ් කතාකරන්න උත්සහ කරපු නම්බර් එක..ටේහියුන්ගෙ අතේ තියන දුරකතන තිරයෙ සටහන් වෙලා තියන ෆෝන් නම්බර් එක දිහා ටේහියුන්හ් කදුලු පිරුනු ඇස් වලින් බලන් හිටියා..සිද්ද වෙන දේ එක පාර ඒ හදවතට තේරුම් ගන්න බැරි වුනා..වේදනාව ඉබේටම ඔහුගෙ ඇස් වලින් කදුලු බවට පරිවර්තනය වුනා...
ෆෝන් කෝල් එක ආන්සර් කරපු ටේහියුන්හ් ගැහෙමින් දුරකතනය කනට ලං කරගත්තා...
"පහලට එන්න..."
දුරකතනය කෙලවරින් ටේහියුන්ග්ට ඇහුනෙ අහලා පුරුදු කටහඩක්...ඒත් ඒ ගැනවත් තැකීමක් නොකර ටේහියුන්හ් ගෙ වෙවුලන දෙපා පහල මහල දිහාවට දිවුවා..
පඩිපෙල වේගෙන් බහින්න ගියපු ටේහියුන්හ් පඩියක් පැටලිලා බිමට ඇදගෙන වැටුනත් ආයෙමත් නැගිටලා වේගෙන් පහලට දුවන් ආවා...
පඩිපෙලේ අන්තිම පඩියට ආව ටේහියුන්හ් ගල් ගැහිලා ගියා..ඔහුගෙ ඇස් වලින් පහලට කදුලු වැලක් රූටනවා...
දුරකතනයක් කනේ තියන් පෙන්ත්හවුස් එකේ දොර ඉස්සරහා හිටගෙන ඉන්න ඔහු දිහා ටේහියුන්හ් බොදව ගිය ඇස් වලින් බලන් හිටියා..
ලස්සන පුංචි ටේහියුන්හ් ගෙ ජීවිතේට එදා කුනාටුවක් ආවා...පුංචි ටේහියුන්හ් විශ්වාස කරපු ඔවුන්ම ඔහුට ද්‍රෝහි වුනා...පුංචි හිතේ තිබුන හැම බලාපොරොත්තුවක්ම රාක්ශයින් විනාශ කරලා දැන්මා.
සුදු වලාකුලු වලින් පිරිලා නිල් පැහැයට දිලිසුන නිල් අහස ඔවුන් අදුරු අහසක් බවට පරිවර්තනය කලා...
නමුත් අලෝකය ආයෙමත් ඔහුව අද හොයාගෙන ඇවිල්ලද?
_______________________________
ඔන්න දුන්නා..මම හොද අක්කෙක් දැක්කනෙ/ නංගෙක්🤭
අද මොකද හිතුනෙ..
ඔයාලට අදහසක් තියනවද ඇයි ටේහියුන්හ් ජන්කුක් ව එයාගෙ බලාපොරොත්තුව කරගත්තෙ කියලා..ඒක සිම්ප්ලි බොලදයි තමා.
ඒත් බලාපොරොත්තු නැතිම වුන මනුස්සයෙක්ට තව තව උත්සහ කරන්න ඕනෙ නම් පුංචි දේවල් පවා මහ දේවල් වෙනවා එයාලට..පුංචිම අවස්තාව පවා උත්සහ කරලා බලනවා එයාලා..
ටේහියුන්ග් ජන්කුක් ගෙන් උත්සහ කරන්නෙ එහෙම දෙයක් ..
ටේහ්ක්‍යුන්ග් ගැන අද මොකව හිතුනෙ?
කවුද ටේහියුන්හ් ට පහලට එන්න කිවුවෙ?
මොකක් වෙයිද?