Call me by your name 🦋 ( Com...

By thashi123

59.6K 10.2K 11.7K

පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස්... More

prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Last chapter

Chapter 7

1.9K 282 348
By thashi123

~ අවුරුදු දෙකකට පසූ...

කාලය ඇහිපිය ගහන පමාවෙන් ගෙවීගෙන ගියා...මේ වෙනකොට ටේහියුන්ග් පාසලේ අන්තිම විභාගයත් නිම කර පාසල් ගමන සම්පුර්ණයෙන්ම අවසන් කර තිබුනා...නමුත් ජන්කුක් නම් සුපුරුදු පරිදි තේ වත්තේ වැඩ වලට දුව පනිමින් යුනාටද උදව් පදව් වෙමින් වෙනදා වගේම කාලේ ගෙවලා දැම්මා...

දැන් ටේහියුන්ග්ට යහමින් අවුරුදු විස්සයි..ජන්කුක්ටත් අවුරුදු දහහත ලබන්න ඔන්න මෙන්න...ඔවුන් තවත් අවුරුදු දෙකකින් වයසට ගිහින්...දෙදෙනාම තවත් පරිනත යෞවනයන් බවට පත් වෙලා...

නමුත් ඔවුන්ගේ නොබිඳෙන සහෝදර බැඳීම දිනෙන් දින ශක්තිමත් වෙමින් වෙනදා මෙන්ම ප්‍රේමණීය ලෙස ගලාගෙන ගියා...

" මං සැරයක් කිව්වා ටේහියුන්ග්..ඔයා යන්නේ නැහැ..!!! "

සේරී ලිපේ තිබ්බ මැටි හට්ටිය කුරූ ගගා හිටිය හැන්දත් දික් කරමින් සද්දෙන් කෑගැහුව්වේ කුස්සියේ වැඩ කරමින් හිටිය අනිත් සේවකයෝ දෙන්නවත් ගැස්සිලා යන තරම් සද්දේන්...

" අනේ ඔම්මා..අද ගමේ හැමෝම එතනට යනවා නේ..."

" උනාට ඔයා යන්නේ නැහැ...පාඩුවේ තියෙන වැඩක් කරගෙන ගෙදරට වෙලා ඉන්න..."

" ඇයි ඔම්මා ඔයා ඔහොම "

ටේහියුන්ග් ඉදගෙන හිටිය බැම්ම උඩ ඉදගෙනම කකුල් දෙකත් ගස ගස ඇස් හිනී කරා...

" ටේහියුන්ග් , මං දැන් සිය පාරකට වඩා කිව්වා..තවත් එකට එක කියාගෙන ඇවිත් කෝටු පාර කන්න ලෑස්ති වෙන්න එපා...යනවා ගිහින් වැඩක් කර ගන්නවා..."

" මේක මාර වැඩක් නේ...මට තමයි ඔක්කොම නිතී..මං ගිහින් අප්පාගෙන් අහනවා..."

බැම්මෙන් බිමට පැන්න ටේහියුන්ග් සේරීට රවලා කුස්සියෙන් එලියට යනවා වෙනුවට එහෙමම ගිහින් නතර උනේ වැඩ කරමින් හිටිය සේවකයෙක් ලඟ...

" පුංචි මහත්තයා මටත් රවන්නේ මං මොන වරදක් කරාටද ? "

ඇහිබම එකට ගෑවෙන්න තරම් ලං කරගෙන , ඔරවගෙන ඉන්න ටේහියුන්ග් දිහා බලමින් ඒ සේවකයා එහෙම කිව්වාත් ඒ දේට ප්‍රති උත්තරයක් දෙන්න මහන්සි නොවුන ටේහියුන්ග් සේවකයා හද හද වට්ටියට දාමින් හිටිය ඉම්බුල් කිරිබත් ගුලියක් අරන් ආයේම ගිහින් සේරී ඉස්සරහ හිට ගත්තා....

" හම්ප්.."

අතේ තිබ්බ බත් ගුලියෙන් භාගයක්ම සේරීගේ මුහුන දිහා බලාගෙනම ගිලලා දැම්ම ටේහියුන්ග් අයේම සේරීට ගස්සන්න ගත්තේ ඒ දෙයින් තවත් ටිකක් සේරීගේ කේන්තිය ඇවිස්සෙද්දි....

" උබ ඔය මටද ගස්සන්නේ අහ් ? බඩගිනි හැදුනාම ආයේ වරෙන්කෝ කුස්සියට මේ ඔම්මාටත් උබට වඩා හොඳට ගස්සන්න පුලුවන් බව පෙන්නන්න..."

සේරී මහ සද්දෙන් කෑගහද්දි ඒ කිසිවක් කනකට නොගත්ත ටේහියුන්ග් අතේ ඉතුරු වෙලා තිබ්බ ඉම්බුල් කිරිබත් කෑල්ලත් කමින් එහෙමම ගියේ සාලේ ඉන්න දේහ්‍යුන්ග්ව මුණ ගැහෙන්න....

අද ගමේ විශේශ දවසක්...අන්තිම පාර අස්වැන්නෙන් පස්සේ අලුත් පලදාව සඳහා නැවතත් කුඹුරු හාන රාජකාරිය සිද්ද වෙන්න තිබුනේ අදයි...

හැම අවුරුද්දේම මෙදාට ගමේ හැම මනුස්සයාම වාගේ එකට එකතු වෙලා සහයෝගයෙන් ඒ ඒ රාජකාරීන් වල නියැලුනා...ගමේ පිරිමි සේරමල්ලාම කුඹුරු හාන්න යනකොට ගැහැනු උදවිය කරේ මහන්සි වෙන පිරිමින් වෙනුවෙන් කෑම පිලියෙල කරන් කුඹුරට ගෙනියන එක...

අදත් අන්න ඒ වගේ දවසක්...වෙනදාට වඩා ගමේ ඝෝෂාව තවත් වැඩියෙන් ඇහෙද්දි ගේ අස්සේ හිටිය ටේහියුන්ග්වත් නලියන්න ගත්තේ එලියට යා ගන්න බැරුව....

දේහියුන්ග් හිටියේ තමන්ගේ අතේ තිබ්බ පත්තරේට සම්පුර්ණයෙන්ම අවධානය දීලා...කෙටියෙන් කිව්වොත් මීට තප්පර කිහිපකට පෙර කුස්සිය ඇතුලේ පුත්තු බිරින්දෑවරු අතර සිද්ද උන බහින්බස් වීම ගැනවත් දේහ්‍යුන්ග්ට කිසිම ගානක් නැහැ...

නමුත් ටිකකින් පත්තරේට අලවගෙන හිටිය ඇස් දෙක එතනින් අයින් කර ගත්ත දේහ්‍යුන්ග් එහෙමම පත්තරේන් පහලට ඇස් ගෙනිච්චේ තමන්ගේ ඉස්සරහා හිටගෙන ඉන්න කකුල් දෙකක් දැක්ක නිසා...

" ඇයි උබව ඔම්මා කුස්සියෙන් එලෙව්වා ? හොඳඳඳ වැඩේ...මං කිව්වා මනුස්සයාට පාඩුවේ උයන්න දීපන් කියලා...මොකො , මෙදා පාරත් උන්දෑ පොල් කටු හැන්ඳක් කැඩුවා ? "

දේහියුන්ග් කිව්වේ ආයේම පත්තරේ දිහාට අවධානේ දීලා...

" ඔය පත්තරේ පොඩ්ඩක් අයින් කරලා මං කියන දේ අහන්නකෝ අප්පා..."

" අනේ මේ උබ දැන් ඔම්මාට විරුද්ධව කියන නඩු අහන්න මට නම් බැහැ ..උබ කුස්සියට යද්දිමයි නේ මං අනතුරු ඇඟෙව්වේ...කොහෙද ඉතින් අපි කියන එකක් අහන එකක් දැයි...කවදා හරි දවසක මං බංකලොත් වෙන්නේ උබට ගගහා කඩන පොල් කටු හැඳි වලට හරියන්න අලුත් හැඳි ගෙන්නලාමයි..."

" විකාර කතා කියවන්නේ නැතුව ඔය පත්තරේ අයින් කරන්න අප්පා..."

එහෙම කියමින් දේහියුන්ග්ගේ අතේ තිබ්බ පත්තරේ ඇදලා අරන් ඉස්සරහ තිබ්බ පොඩි මේස කෑල්ලට විසි කරපූ ටේහියුන්ග් දේහ්‍යුන්ග්ගේ ඉස්සරහම තිබ්බ තනි පුටුව උඩින් වාඩි උනා...

" අහ් කොලුවෝ , උබ අද ගුටි කෑවේ නැතැයි ? "

" අප්පාත් බලන් ඉන්නේ මං ගුටි කනකන් ? "

" නැහැ ඉතින් ඔම්මා උබේ ඔලුවටම ගගහා හැමදාම හැඳි ටික කැඩුවාත් මනුස්සයාත් මේ මහන්සි වෙන්නේ උබේ ඔය කොප්පරා ඔලුව පාදාන්න නේද කියලා මතක් උනාම මේ අප්පා ඇත්තටම හදවතින් සතුටු වෙනවා මගේ පුතේ..."

දේහියුන්ග් තමන්ගේ පුතාගේ මුහුන එන්න එන්න රත් පැහැ ගැන්වෙන විදිහ බලාගෙන අමාරුවෙන් එලියට පනින්න යන හිනාවත් මැඩපත්වා ගනිමින් එහෙම කියද්දි තමන්ගේ යටි තොලේ ඇතුල් පැත්ත හපන්න ගත්ත ටේහියුන්ග් ඇස් දෙකත් හිනී කරගෙන දේහියුන්ග් දිහාවට දරුණු බැල්මක් දැම්මා...

" අහන්න...අද ඔම්මා මට ගැහුව්වේ නැහැ...ගහන්න කලින් මං එලියට ආවා...හැබැයි වැදගත් කතාවකට..."

" වැදගත් කතාව , කා එක්කද ? "

" අප්පාත් එක්ක..."

" අනේ බං..උබත් එක්ක මට තියෙන වැදගත් කතා මොනාද ? "

" ඕක නේ ඉතිං...කැනට කලින් මූවා පැනලා ඉවර නේ...මේක අප්පාගේයි පුතාගේයි අතර වෙන වැදගත් විදිහේ කතාවක්..."

" උනාට ඔම්මාව අයින් කරන එක හරි නැති වැඩක් නේ කොල්ලෝ...අපි මොනා උනාත් එක පවුලක් නේ..."

ඒත් එක්කම ටේහියුන්ග් බර හුස්මක් එලියට මුදා හැරලා මොහොතකට ඇස් වහ ගනිද්දි දේහ්‍යුන්ග් ඉක්මනින් තමන්ගේ යටි තොල හපා ගත්තා...

" කියන දේ අහලා ඉන්නකෝ අප්පා..."

" හරි හරි..කියපන්කෝ උබේ ඔය වැදගත් කතාව..."

අවසානේ ටේහියුන්ග්ට විහිලු කරන නැවැත්තුව දේහ්‍යුන්ග් කනත් ටිකක් ඇඟිල්ලක් දාලා හොල්ලලා තමන්ගේ සම්පුර්ණ අවදානේ ටේහියුන්ග්ට විතරක්ම දුන්නා...

" අප්පා , අපි ඇවිත් ගමේ ඉන්න වැදගත් පවුලක් නේද ?"

" ඔව්...උබ ඉපදෙන්න කලින් නම් එහෙම තමා...හැබැයි දැන් නම් ගැන මට හරි විශ්වාසයක් නැහැ..."

" ඔයාත් එක්කත් බැහැ අප්පා..."

" ඉතිං මං බොරුවක් නෙමෙයි නේ කිව්වේ ...හරි දැන් අපේ පවුලේ තියෙන වැදගත්කම උබට මොකටද ? ඇයි උබට ඔප්පු ටිකවත් ලියලා ඕන ? "

" නැහැ...!!! තව එක වචනයක්වත් කියන්න එපා හරි...මං අහන දේට විතරක් උත්තර දෙන්න...කැමති ? "

" උබත් ඔම්මා වගේමයි බං...හා හා..ඕන දෙයක් අහපන්කෝ...මෙච්චර කාලයක් අහන දේට විතරක් උත්තර දිදී හිටිය මට ඕක නුපුරුදු දෙයක් නෙමෙයි නේ...මං අහන දේට විතරක් උත්තර දෙන්නම්..."

දේහියුන්ග් කියද්දි ඔලුව විතරක් වනපූ ටේහියුන්ග් ඉදගෙන හිටිය පුටුවෙන් මදක් ඉස්සරහට ආවා...

" අප්පා කියන්නේ ගමේ ඉන්න මිනිස්සු හැමෝම ගරු කරන කෙනෙක්...හැමෝටම කිම් පවුල කියන්නේ හුඟාක් වැදගත් පවුලක්..එහෙම නේද අප්පා..? "

" හා...උබ කියනවා නම් එහෙම වෙන්න ඇති..."

" ඉතිං අප්පා , එහෙම තැනක ඉන්න අපේ පවුල ගමේ මිනිස්සු සේරමල්ලා එකතු වෙලා කරන වැදගත් වැඩකදි සහභාගි නොවී ඉන්න එක හොඳ නැති දෙයක් නේද ? "

" ඔව් ඔව්..ඒක ගොඩාක් හොඳ නැති දෙයක්...එතකොට අපි නිකන් ඔලුව උදම්මව ගත්ත මිනිස්සු වෙනවා නේ..."

" වගේ වේලාවකදි අපිත් අපේ ගරු නම්බු පැත්තකින් තියලා එකා වගේ ගමේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕන කියන මතේ අප්පා අනුමත කරනවා ? "

" ඔව් අනිවාර්යයෙන්ම...ගමේ හොඳ දෙයක් සිද්ද වෙනවා නම් අපෙත් යුතුකම තමා ගිහින් පුලුපුලුවන් විදිහට උදව් කරන එක..."

දේහියුන්ග් එහෙම කියලා ඒ වාක්‍ය අවසන් කරනවාත් එක්කම ටේහියුන්ග් අමුතු විදිහට හිනා වෙන්න ගත්තා....

" එහෙනම් අප්පා අද මං කුඹුරු හාන්න යන්නද ? "

" හා හා යන්- ම්..මොකක්ද කිව්වේ ? "

" කුඹුරු හාන්න යන්නද කියලා..."

" ඔම්මාගෙන් උබ ඇහුව්වා ? "

" ඔව් "

" ඔම්මා මොනාද කිව්වේ...? "

" මොනා කියන්නද ? වෙනදා වගේම ගමේ උන් ගැවිච්ච තැන එපා කියා ගත්ත ගමන්ම තමා..."

" ඔම්මා එපා කිව්වා නම් මටත් කිය- "

" අනේ අප්පා...එපා කියන්න නම් එපා...අනික ඔයාමනේ කිව්වේ ගමේ මිනිස්සුන්ට උදව් කරන එක යුතුකම කියලා..."

ටේහියුන්ග් එහෙම කියන ගමන් තමන්ගේ ඇස් දෙක
බෝල කරද්දි අන්න එතකොට තමා දේහියුන්ග්ට තේරුම් ගියේ තමන්ගේ එකම පුතා ඔලුව වටේන් නහය අල්ලනවා වගේ තමන්ට කියලා කරව ගන්න හදන්නේ මොකක්ද කියලා....

" උබ නම් මහ රට ආඳේක්...අප්පාලා පුතාලාගේ වැදගත් කතා කියලා ඔම්මා එපා කියපූ දෙයකට මගෙන් අවසර ගන්නද හදන්නේ ? "

" අනේ මොකක්ද අප්පා...ඔයා නේ මේ ගෙදර ගෘහ මූලීකයා..."

" අන්න පුතේ උබට වැරදුන තැන... කතාව වලංගු උනේ අපේ සීයාලා මුත්තාලා කාලේ..දැන් තියරිය සම්පුර්ණයෙන්ම වෙනස්..."

" හරි , මොකක් හරි...අනේ අප්පා..මට යන්න දෙන්නකෝ..."

" උබේ වැඩ හින්දා කොයි වෙලාවේ හරි මගේ ගෑනීත් මගේන් දික්කාසාදේ ඉල්ලන දවස වැඩි ඈතක නැහැ..."

" දැන් අප්පාත් කියන්නේ යන්න එපා කියලාද ? එතකොට අප්පාත් අර කලින් කිව්වා වගේ ඔලුව උදම්මව ගත්ත කෙනෙක් වෙනවා නේ..."

ටේහියුන්ග් තමන්ගේම වචන වලින් තමන්ට පහර එල්ල කරන බව වැටහුන දේහියුන්ග් කියපූ වචන ආයේ ගන්න බැරිකමට ඔලුව පිටිපස්ස කසන්න ගත්තා....

" හරි එහෙනම්... උබ පලයන්කෝ...මං නෝනාව මොනා හරි කරගන්න බලන්නම්..."

" ඇත්තටම යන්න දෙනවා නේද ? "

" රට කාලා වතුර බීපූ කොල්ලෙක්ගේ අප්පා කෙනෙක් විදිහට මට මීට වඩා හොඳ උත්තරයක් උබට දැන් දීගන්න විදිහක් කොහෙත්ම නැහැ කියලා උබ දන්නවා නේ කොල්ලො...උබ ගිහින් වරෙන්..."

" අයිගෝඕඕඔ...මං දන්නවා නේ ඉතිං අප්පා කොහොමත් ඔම්මාට වඩා හොඳයි කියලා..."

ටේහියුන්ග් එහෙම කියමින් ඉස්සරහට ඇවිත් දේහියුන්ග්ගේ කම්මුල් දෙකම මිරිකන්න ගත්තා...

" පලයන් හැබැයි රෑ වෙන්න කලියෙන් ගෙදර වරෙන්...මොකද මට බැහැ පස්සේ උබව හොයන්න කියලා ගම වටේ එක එක තෝල්කයෝ යවන්න..."

" හරි හරි අනේ...මං එන්නම්..අනික දැන් මං අවුරුදු විස්සක ලොකු කොල්ලෙක් නේ..."

" අවුරුදු විස්සක ? උබට අවුරුදු විස්ස ලබපූ විදිහ මට තාමාත් හිතාගන්න බැරුව ඉන්නේ...හරි එව්වා වැඩක් නැහැ..අඩුම රෑ අට වෙන්න කලියෙන්වත් ගෙදර වරේන්..දැන් පලයන්..."

දේහියුන්ග් එහෙම කියලා ආයේ පත්තරේ ගන්න අත දිග අරින අතරේ ටේහියුන්ග් දිව්වේ එයාගේ කාමරේට...

නමුත් දෙන්නාගේන් කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ එයාලාගේ කතාවේ අවසාන හරිය මේ වෙනකොටත් තවත් කෙනෙක් අහගෙන හිටිය බව...

දේහියුන්ග් මේසය උඩ තිබ්බ පත්තරේ අතට අරගෙන ඉවර වෙලා ඉබේම වගේ එක පැත්තකට ඔලුව හැරෙව්වේ ඒ පැත්තේ ඉදන් ඉස්සරහට එන කෙනෙක්ගේ චායාවක් යාන්තමට ඇස ගැටුන නිසා...

සේරී අතේ තිබ්බ ලී හැන්ඳත් අරගෙන තමන් ලඟට එනවා කියලා දැක්ක දේහියුන්ග් සේරීගේ මුහුනට ඉක්මනින් ඇස් ගෙනියලා , ඒ මුහුනේ තියෙන්නේ කොයි වගේ ඉරියව්ද කියලා බලන ගමන් ඉක්මනින් අතේ තිබ්බ පත්තරේ උස්සලා තමන්ගේ මුහුනම ආවරණය කර ගත්තේ සේරීගේ මුහුනේ ඉරියව් තමන්ගේ ගුණ වයන්න නෙමෙයි නමුත් කන පිරෙන්න මියුරු බස් දොඩන්න එන බව හැඟෙව්ව හින්දායි.....

" අපේ මහත්තයා මොකක්ද කරේ ? "

" ඇයි ? මං මොනාද කරේ ? "

දේහියුන්ග් පත්තරේ උස්සගෙන ඒක දිහා බලාගෙනම සංසුව උත්තර දුන්නාත් ඒ හදවත ගැහෙන වේගේ දැනගෙන හිටියේ දේහ්‍යුන්ග්ම විතරයි...

" කොලුවාට කුඹුරට යන්න අවසර දුන්නේ ? කුඹුරු කොටන්න දන්නවැයි ? "

" හරකෙක්ගේ මදි පාඩුවක් උනොත් නඟුල දාලා ඌව හරි අර ගනීනේ...ඔන්න ඔහේ නිකන් ඉන්න එකේ ගිහින් ආපූ දේන්..."

" ගමේ උන් රිංගන රිංගන හැම තැනටම අපේ කොලුවත් ගියාම ඌට යන කලදසාව මොකක්ද ? ඌගේ තත්වේට මොකද වෙන්නේ ? "

" සේරී...අසනීපයක් හරි උන වේලාවකට ඔය තත්වේ අපි ලඟ ඉන්නේ නැහැ නේ...කෑම ටිකක් හරි ගෙදරට උස්සගෙන එන්න ඉතුරු වෙන්නේ අන්තිමට ඔය ගමේ උන් විතරයි නේ මැණිකේ..."

" මොකට කියනවාද ඉතිං...අප්පාගේම පුතා නොවෑ...කොල්ලා මුරණ්ඩූ වෙන්න මූලීක හේතුවත් අපේ මහත්තයා කියලා අමතක කරන්න එපා...මට හදාගන්න දෙන්නෙත් නැහැ එයා හදන්නේත් නැහැ...අප්පායි පුතායි ඕන දෙයක් කර ගන්න එකයි ඇත්තේ...මොනා හරි කරගෙන ආවාම මං ගාවට නම් එන්න එපා..."

දේහියුන්ග් පුලුවන් තරම් හඬ බාල කරලා සේරීව කේන්ති ගස්සන්නේ නැතුව සංවාදේ යෙදෙන්නේ උත්සාහ ගත්තාත් මේ වෙනකොටත් අප්පයි පුතායි දෙන්නා එක්කම කේන්ති ගිහින් හිටිය සේරී අවසානේ දේහ්‍යුන්ග්ටත් කෑගහලා ගස්සගෙන ආයේම කුස්සියට යන්න ගියේ තමන්ගේ මහත්තයාත් ටේහියුන්ග්ගේම ගනේට අයිති බව දන්න නිසායි...

'මොකෝ '

කාමරේට ගිහින් දඩිබිඩියේ ඇඳුමක් දාගෙන එලියට එන්න හදපූ ටේහියුන්ග් එහෙමම දොර ලඟ නැවතිලා දොරේ තිර රෙදි අතරින් හොරෙන් බලාගෙන හිටියේ තමන්ගේ වැරදි නිසා කොහෙවත් හිටිය අහිංසක දේහ්‍යුන්ග්නුත් අන්තිමට සේරීගෙන් බැනුම් අහන විදිහ දිහා...

ඊට ටිකකින් සේරී කුස්සිය පැත්තට ගස්සගෙන යන විදිහ දැක්ක ටේහියුන්ග් මෙච්චර වෙලා තිර රෙදි අස්සේ හැංගිලා හිටිය එකෙන් එලියට ඇවිත් නලල දිගේ බේරීගෙන ගියපූ දාඩිය බිංදු කිහිපය අතින් පිහිදාන දේහ්‍යුන්ග් ලඟ නැවතිලා ඇස් වලින් කුස්සියට ඇතුලු උන සේරීව පෙන්නන ගමන් තොල් හොල්ලමින් මොකද කියලා ඇහුව්වේ සේරී තවමත් මේ ගමනට අකමැතිද කියලා දැන ගන්නයි...

නමුත් ඒත් එක්කම දේහියුන්ග්ගෙන් තමන්ට ලැබුන රැවිල්ල නිසා අමුතු විදිහට හිනා උන ටේහියුන්ග් තවත් මුකුත් නොකියා ගෙදර දොර ලඟට ඇවිදගෙන ගියාත් දේහ්‍යුන්ග්ගෙන් ඉල්ල ගන්න දෙයක් තිබ්බ හේතුවෙන් යන ගමන එහෙමම ටිකකට නවත්ත ගත්තා...

" මේ අප්පා, මං ඔයාගේ උදැල්ලත් අරගෙන යනවා හොඳේ.."

" කුඹුරු හාන්න මොකටද බොල උදැලි..ඔන්න ඕක ඔහේ තියලා පලයන්..."

" කවුද දන්නේ වලක් එහෙම හාරන්න තියෙද කියලා...කොයි එකටත් කියලා අරගෙන යන්නම් හොඳේ..."

" ඔව් ඔව් හාරපන් මට වලක්...ඒකක් විතරයි මදි වෙලා තියෙන්නේ...දැන් ඉතින් නෝනාව යාලු කරගන්නත් එපැයි...මූත් දෙන ගෙඩි මමත් රසයි කියලා කනවා නේ"

ටේහියුන්ග් අප්පාගේන් පිලිතුරක් ලැබෙන්නත් කලින්ම වත්තේ පැත්තක තිබ්බ පරණ බඩු දාන මඩුවට දුවද්දි පුතායි නෝනායි දෙන්නාම නිසා හිසේ රුදාව හදාගෙන හිටිය දේහ්‍යුන්ග් අවසානේ තොල් අතර එහෙම මුමුනමින් නලල ඇඟිලි දෙකකින් පිරිමදින ගමන්ම පුටුවෙන් නැඟිට්ටේ කුස්සියට ගිහින් තමන්ගේ බිරිඳට චාටුබස් කිහිපයක් කියලා ඒ ගිනි දැල් වෙමින් තියෙන හිත පොඩ්ඩක් නිවාලන්නයි...

.

.

.

උදැල්ලත් උස්සන් තමන්ගේ ගෙදරින් එලියට බැස්ස ටේහියුන්ග් කුඹුරට යනවා වෙනුවට ගිහින් එහෙමම නැවතුනේ ජන්කුක්ගේ ගෙදර ඉස්සරහ....

" ජන්කූ...!!! "

ගෙදර දොරකඩ ඉස්සරහින් උදැල්ල තියලා දොර ලඟම බිමට එලලා තිබ්බ පාපිස්සෙන් කකුල් පිහිදපූ ටේහියුන්ග් ගෙදරට ගොඩ උනේද ජන්කුක්ගේ නම අමතමින්....

" මං කුස්සියේ හියුන්ගී..."

ජන්කුක්ගෙන් ආ පිට ආව උත්තරේත් එක්ක සාලේ තිබ්බ ඇඳ මත ඉද ගන්න සැරසුන ටේහියුන්ග් බිමට නැමුන දණහිස යලිත් කෙලින් කරගෙන කුස්සියට යන්න ලෑස්ති වෙද්දි ඒත් එක්කම පිලිකන්නේ ඉදන් කුස්සිය පහු කරගෙන ආව වූබීන් ඔලුව පිහිදන එක මදකට නවතලා ටේහියුන්ග් එක්ක හිනා උනා...

" මොකද මේ අද කුකුළාත් අතින් අරගෙන ? "

" වුබීන් අප්පා තාම කුඹුරට ගියේ නැතැයි..."

" තව ටිකකින් යන්න ඕන....කොහෙද මේ නැඟිටින්න පරක්කු උනා නේ..."

" අර මක්කෙයි ? වෙනදාට වූබින් අප්පා වේලාසන නැඟිටිනවා නේ..."

" ඊයේ රෑ රෙඩියෝ එකේ ලස්සන සිංදු වගයක් ගියා නේ...ඒවා ටික අහගෙන ඉද්දි දන්නේවත් නැතුව දොලහත් පහු වෙලා...මැණිකේටයි පුංචි එකාටයි දෙන්නාටම නින්ද ගිහින් ඉද්දි තමයි වේලාව බලන්න මතක් උනේ..."

" එක අතකින් පරක්කු වෙලා නැඟිට්ට එකත් හොඳයි...අද මමත් එනවා කුඹුරු හාන්න..."

" පුතාට හැකිද ඕවා කරන්න ? "

" උත්සහ කරලා බලමූ...කවදාවත් නොකෙරුවොත් හැමදාමත් බැහැම තමා..."

" දේ නම් හොඳා තමා...ඔන්න අද අපේ පුංචි එකාත් එන-"

" හියුන්ගී...!!! ඔයා එන්නේ නැද්ද අනේ "

වූබින්ගේ කතාවට බාදා කරමින් එහෙම කෑගැහුව්වේ ජන්කුක්...

" ආඃ කෑගහනවා...ගිහින් බලලා එන්නකෝ..."

වූබින් කියද්දි ටේහියුන්ග්ද වූබින් එක්කම හිනා වුනා...

" ඕඕඕ....මේ එනෝ...."

ජන්කුක්ගේ තරමටම කෑගැහුව්ව ටේහියුන්ග් අවසානේ කුස්සියට ගියා...

" දෙයියනේ...මොනාද මෙච්චර උයන්නේ ? අරහේ ඉස්තෝප්පුවටත් සුවඳ එනවා..."

කුස්සියේ කුමේරේ ලඟ උයමින් හිටිය යූනා ලඟට ගිය ටේහියුන්ග් තමන්ගේ නහය තවත් සැරයක් උඩට අදිමින් බෙල්ල දික් කරලා ලිප උඩ තිබ්බ හට්ටිය දිහා බැලුවා...

" වැව් මාළු වගයක්...හවහාට කුඹුරුට ගෙනියන්න එපැයි පුතේ..."

" වැව් මාළු විතරද හැදුවේ ඔම්මා...? "

" මට භාර දුන්නේ මාළු හොඳ්දක් හදාගෙන එන්න කියලා විතරයි...සුදු බත් තියෙනවා...ටිකක් බෙදලා දෙන්න , කනවා ? "

යූනා ටේහියුන්ග් දිහා බලලා එහෙම අහද්දි ඉස්සරහ දත් දෙක පේන්න විතරක් හිනා උන ටේහියුන්ග් ඉක්මනින් ඔලුව ඉහල පහල කරා...

" පොඩි , ඔය පොල් ටික ගාන එක නවත්තලා හියුන්ගීට තේ එකක් වක්කරලා දෙන්න..."

" හොඳයි ඔම්මා..."

ජන්කුක් ඉදගෙන හිටිය තැනින් නැඟිටින අතරේ පිඟානට කෑම ටිකක් බෙදන්න ගත්ත යූනා ඒක ටේහියුන්ග්ගේ අත් උඩින් තියලා පිලිකන්න පැත්තට ගියේ මදි උන දර කොට වගයක් අරන් එන්නයි...

ඒ අතර අතේ තිබ්බ පිඟාන පිටින් තමන්ට පිටුපාලා තේ හදන ජන්කුක් දිහා බැලුව ටේහියුන්ග් නිහඬ වෙලා ඉන්න ජන්කුක්ගේ එහා පැත්තෙන් හිටගෙන පිඟාන කන්ඩිය උඩින් තියන ගමන් එතනටම ඉණේ පිටිපස්ස හේත්තු කර ගත්තා...

" මොකද වෙලා තියෙන්නේ ? "

" ඇයි ? "

ටේහියුන්ග් ජන්කුක්ගේ පැත්තට ඔලුව හරවගෙන එහෙම ඇහුව්වත් ජන්කුක් නෙමෙයි නිකමටවත් තේ කෝප්පෙන් ඇස් අහකට ගත්තේ...

" කුස්සියට එන්න කියලා කෑගැහුවට දැන් මගෙත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැත්තේ...? "

" මං කතා නොකෙරුවේ..? හියුන්ගී නෙමෙයිද ආපූ ගමන්ම ඔම්මා ලඟට දිව්වේ..."

" ඉතිං යූනා ඔම්මා මොනාද හදන්නේ කියලා බලන්න නේ මැණිකේ..."

" එහෙනම් ඔම්මා එක්කම කතා කර කර ඉන්නකෝ...අපිව කොහොමත් කෑම ඉස්සරහදි පේන්නේ නැහැ නේ..."

ජන්කුක් එහෙම කියලා ටේහියුන්ග්ගේ පැත්තට තේ කෝප්පේ දික් කරද්දි ජන්කුක්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගත්ත ටේහියුන්ග් ජන්කුක්ගේ අතේ තිබ්බ තේ කොප්පේ අරගෙන ඒක බැම්ම උඩින් තියන ගමන් ඒ අනිත් පැත්තටම ජන්කුක්ගේ අතින් අල්ලගෙන ලඟට ඇදලා ගත්තා...

" හ්.හියුන්ගී..? "

නොහිතුව විදිහට ටේහියුන්ග් ඇද්ද පාරේන් නූල කැඩුන සරුංගලේ වගේ ටේහියුන්ග්ගේ පැත්තට ඇදිලා
ආව ජන්කුක් එහෙමම නැවතුනේ ටේහියුන්ග්ගේ පපුවේ ඔලුව වද්දගෙන...

ඒත් එක්කම ජන්කුක්ගේ සම්පුර්ණ ඉන වටේ එක අතක් බැඳගෙන දෙන්නා අතර තිබ්බ පුංචි හිඩසත් නැති කරලා දැම්ම ටේහියුන්ග් තමන්ගේ පපුව උඩ අත් දෙක තියාගෙන තමන් දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න ජන්කුක් දිහා බලන්න ඔලුව පහත් කරා...

" මගේ ජන්කූට ඊරිසියා හිතිලා වගේ..."

" අනේ මෙහ් මට ඇති ඉරීසියාවක් නැහැ...දැන් අයින් වෙන්න ඔම්මා දකී..."

" අයිගෝ...කෝ බලන්න මැණිකගේ මුහුන.."

" අයින් වෙන්න හියුන්ගී..."

ටේහියුන්ග් තමගේ දඹර ඇඟිල්ලෙන් ජන්කුක්ගේ මුහුන උඩට ඉස්සුවාත් ඒ ක්ශනිකයෙන්ම ඒ අත තමන්ගේ නිකටෙන් අයින් කරපූ ජන්කුක් ආයේම රවාගෙන පහල බැලුවා...

" ඔය ඉතිං , දැන් මුහුන පුලුටු කරන් ඉන්නේ තරහා වෙලා ? "

" නැහැ..."

" බොරු ඔය...තරහා හින්දා තමයි හියුන්ගීට ඔහොම ඔරවගෙන ඉන්නේ..."

" කිව්වා නේ සැරයක්...තරහා නැහැ..."

" විශ්වාස ? "

ටේහියුන්ග් හිනාව තද කරගෙන එහෙම අහද්දි ඇස් කොනෙන් ටේහියුන්ග් දිහා බැලුව ජන්කුක් කටින් අමුතු සද්දයක් පිට කරලා ආයේම අහක බලා ගත්තා....

" හරි...ජන්කූ කියනවා නම් හියුන්ගී එක්ක තරහා නැහැ කියලා...කෝ වෙනදාට දෙන හාදුව දෙන්න බලන්න..."

" මට බැහැ..."

" දැක්කා නේ තරහා වෙලා තමා...මං දන්න ජන්කූ නම් මෙහෙම ඉල්ලනකන් බලන් ඉන්නේ න්-"

ටේහියුන්ග් ජන්කුක්ගේ ඉණ වටේ අත් ඔතාගෙනම පිලිකන්න පැත්තට ඔලුව හරවලා තමන්ගේ පපුවට හේත්තු වෙලා ඉන්න ජන්කුක්ට ඇහෙන්න මුමුනද්දි මෙච්චර වෙලා තොල් දෙකත් පෙරලගෙන බිමට ඔලුව නවාගෙන හිටිය ජන්කුක් අහක බලාගෙන ඉන්න ටේහියුන්ග්ගේ කම්මුල මත හරි ඉක්මනින් තොල් තද කරේ තමන්ගේ හිතේ ටේහියුන්ග් ගැන එහෙම තරහාවක් නැහැ කියලා හඟවන්නයි...

නමුත් ඒ බව හඟවන්න ජන්කුක්ගේන් කම්මුලට ලැබුන හාදුව ටේහියුන්ග්ට ප්‍රමානවත් නොවුනේ හාදුවක් ඉල්ලුවාත් ඒ හාදුව නිසි තැනට නොලැබුන නිසායි...

" ජන්කූ මගෙත් එක්ක ඇත්තටම තරහා වෙලා තමයි..."

" ඇයි මං හාදුවක් දැන් දුන්නේ..? "

" එතනට නෙමෙයි උනාට මං ඉල්ලුවේ ? "

" එහෙනම් ? "

" මෙතනට..."

එහෙම කිව්ව ටේහියුන්ග් ජන්කුක්ට පේන්න එකපාරක් තමන්ගේ තොල් උල් කරලා ආයේ සමාන්‍ය තත්වේට පත් කර ගනිද්දි තමන්ගේ දිහා එක එල්ලේ බලාගෙන ඉන්න ටේහියුන්ග්ගේ දුඹුරු පාට ඇස් වලින් මදක් ඈත් උන ජන්කුක් ලැජ්ජාවක් පිරුනු පොඩි හිනාවක් තොල් මත ඇදගෙන පිලිකන්නට යන්න තිබ්බ දොර දිහා බලලා ඒත් එක්කම ඇඟිලි තුඩු වලින් ටිකක් ඉස්සෙන ගමන්ම ටේහියුන්ග්ගේ තොල් උඩ තමන්ගේ තොල් දෙක තියා ගත්තා...

ඒ හාදුව උපරිම තප්පරයක හාදුවක් උනාත් ඒ පුංචි තොල් ස්පර්ශය ගැඹුරු සිප ගැනීමකට පෙරලගන්න උවමනා උනා ටේහියුන්ග් තමන්ගේන් ඈතට යන්න සැරසුන ජන්කුක්ගේ ඉණ තනි අතකින් අල්ලන් එහෙමම ජන්කුක්ව කරකවලා බැම්මෙන් හේත්තු කරවන ගමන් තමන්ගේ ඇස් දෙක වහ ගත්තා...

නොහිතුව විදිහට උන දෙයින් ඉක්මනින් ටේහියුන්ග්ගේ කමිසය පොඩි කර ගත්ත ජන්කුක් දෙවනි වතාවටත් ටේහියුන්ග්ගේ තොල් තමන් මත ස්පර්ශ උන නිසා හෙමින් සංසුන් වෙද්දි ටේහියුන්ග් තමන්ගේ නිදහසේ තිබ්බ අතෙන් ජන්කුක්ගේ නිකටත් කම්මුලත් අල්ලන් ඒ මුහුන උඩට උස්සන ගමන්ම සිප ගැනීමට ලේසි වෙන්න තමන්ගේ ඔලුව පැත්තකට බර කරා....

එකිනෙකාගේ තොල් අතර සෙල්ලම් කරමින් මඟින් මඟ නැවතුන හාදුව කෙටි හාදු වලින් දිගටම කරගෙන ගිය ටේහියුන්ග් ජන්කුක් දෙන්නා නැවතත් හැමදේම අමතක කරන ගමන් එකිනෙකාගේ ඇස් දිහා බලන් හෙමින් හිනා උනේ යුනා පිලිකන්නට ගියාට වූබින් තවමත් ගේ ඇතුලේ බව අමතක කරලා....

" මැණිකේ මන්- කැහ් කැහ්..."

කුඹුරට පිටත් වෙනවා කියලා දැනුම් දෙන්න යූනාව හොයාගෙන කුස්සියට ආව වූබින් තමන්ගේ බිරිඳට මඟ ඉදලාම කියාගෙන ආපු එක මඟදිම නැවතිලා ඉබේම හට ගත්ත කැස්ස එලියට සද්දෙන් මුදා හැරියේ ඇත්තටම කුස්සිය ඇතුලේ වෙමින් තිබුන දේට බාධා කරන්න ඒ තුන් හිතකවත් නොතියෙද්දි....

ඒ අතර නලලවල් හේත්තු කරන් එකිනෙකා දිහා බලන් හිනා වෙවී හිටිය ටේහියුන්ග් ජන්කුක් ජෝඩුව ආයේමත් මඟ නැවතුන හාදුවට පටන් ගැන්මක් දෙන්න මුහුනවල් විරුද්ධ පැති වලට ඇල කරනවාත් එක්කම කුස්සියට ඇතුල් වෙන දොර ලඟින්ම ඇහුන කහින සද්දෙත් එක්ක දෙන්නාම එකම වේලාවේ ගැස්සිලා ගියා....

එකටම කුස්සියේ දොර දිහාවට ඔලුව හැරෙව්ව ටේහියුන්ග් ජන්කුක් දෙන්නා අයේමත් සැරයක් ගැස්සිලා ගියේ තමන් වගේම ඇස් ලොකු කරගෙන ඉන්න වූබීන්ව දැකලා...

තප්පරයක්...හරියටම තප්පරයක් එයාලා කිසිම හෙලවීමක්වත් නොකර ඒ ඉන්න විදිහටම හිටියාත් ඉක්මනින් හරි සිහියට ආව ටේහියුන්ග් මෙච්චර වෙලා අත් දෙකෙන්ම අල්ලන් හිටිය ජන්කුක්ගේ කම්මුල් අත අරින අතරේ ඒ වෙච්ච දෙයින් ආයේත් පොලොවට ගොඩ බැස්ස ජන්කුක් අඩියක තරම්වත් පරතරයක් නැතුව හිටගෙන ඉන්න ටේහියුන්ග්ව පස්සට තල්ලු කරලා ඉක්මනින් බැම්ම තියෙන පැත්තට හැරිලා මීට විනාඩි දෙක තුනකට කලින් හැඳි ගගා හිටිය ටේහියුන්ග්ගේ තේ ඒක ආයේමත් හැඳි ගාන්න ගත්තා....

" අහ්..ජන්කූ...මේ ...ඔයාගේ ..ඇහැට ගිය අර රොඩ්ඩ ගියාද ? "

" ...ඔව් හියුන්ගී..."

ටේහියුන්ග් ඔලුව පිටිපස්ස කසන ගමන් මුකුත් නොකියා තමන්ව පහු කරගෙන යන වූබින් දිහාත් ජන්කුක් දිහාත් මාරුවෙන් මාරුවට බල බල එහෙම කියද්දි ජන්කුකුත් ඊට පිලිතුරු විදිහට උත්තර දීලා තවත් සිනී හැන්දක් තේ කෝප්පේට එකතු කරන ගමන් දිගටම සිහියක් නැතුව කෝප්පේ හැඳී ගෑවා...

" පූතේ මේ ඔම්මා කෝ... ? "

තුන්ගොල්ලො අතර තිබ්බ ඒ අමුතු අපහසුතාවය මඟ හැරව ගන්න තමන් කුස්සියට එන්න හේතු උන කාරණය මතක් කර ගනිමින් ටේහියුන්ග්ව පහු කරගෙන පිලිකන්න පැත්තට යන්න තිබ්බ දොර ගාවට ගිය වූබින් එතන නැවතිලා ජන්කුක්ලාට පිටුපාලාම යුනා කොහෙද කියලා අහන ගමන් ජන්කුක්ගේන් හම්බුන උත්තරෙත් එක්ක එහෙමම යූනාව හොයාගෙන ගෙදර පිටිපස්සේ තියෙන වත්තට ගියා....

" අපිව දැක්කාද දන්නේ නැහැ නේද ? "

වුබින්ගේ අඩි සද්දේ කුස්සිය ඇතුලෙන් එලියට ගියාම පිටිපස්සට බෙල්ල හැරෙව්ව ටේහියුන්ග් ආයේම ජන්කුක් ලඟට ලං උනා...

" මං කිව්වා මෝඩ හියුන්ගීට..."

" මට ඇත්තටම අමතක උනා වූබින් අප්පා ගේ ඇතුලේ කියලා..."

" මටත් අමතක උනා නේ...අපි කරේ මොකක්ද කියලා එයා දැක්කා නම් එහෙම මොන විදිහට එයා ඒකට උත්තට දෙයිද මන්දා..අයිශ් ඔයා තමයි හියුන්ගී ඔක්කොම කරේ..."

" යාහ්...දැන් මං -"

ජන්කුක්ගෙන් පුංචි ගුටියකුත් කන්න උන ටේහියුන්ග් ඒකට මොනා හරි කියන්න ගියාත් ඒත් එක්කම ඒ කතාව මඟ නැවතිලා ගියේ ඒ වෙනුවට වෙනින් කෙනෙක් කතා කරන්න ගත්ත නිසා...

" ටේහියුන්ග් පුතේ...අපේ කොලුවාගේ ඇහේ අර තිබ්බයි කිව්ව රොඩ්ඩ ගියාද කියලා හරියට බලන්න හොඳේ..."

පිටිපස්ස දොරෙන් ඔලුව විතරක් දාලා අමුතු හිනාවක් මුහුන මත ඇදගෙන වුබීන් ඒ විදිහට කියද්දි ආයේත් සැරයක් ජන්කුක්ගේ ඇඟේ ගෑවී නොගැවී හිටගෙන හිටිය ටේහියුන්ග් අඩියක් පස්සට උනා.....

" හා හරි වූබින් අප්පා..."

ටේහියුන්ග් තමන්ගේ කන ඇඟිලි අතර හිර කරගෙන ඒක පිරිමදින ගමන් එහෙම කියලා තවමත් නොක්කාඩු විදිහට හිනා වෙමින් හිටිය වූබීන් දොර ගාවින් ඔලුව ගන්නවාත් එක්කම දොර ලඟට ඇවිදගෙන ගිහින් වූබින් මෙදාපාර ඇත්තටම කුස්සිය ලඟින් එහාට ගියාද කියලා තහවුරු කර ගත්තා....

" අප්පා ගියාද ? "

" ඔව් ඔව් මෙදාපාර නම් ඇත්තටම ගියා..."

ටේහියුන්ග් ආයේත් පාරක් දොරන් එපිටට ඔලුව දාලා බලලා ජන්කුක් ලඟට එන ගමන් ඊට එහා පැත්තේ තිබ්බ බත් පිඟාන අරගෙන එහෙමම බිම වාඩි උනා....

" ජන්කූ කාලාද ඉන්නේ...?"

" ඔව් , පාන්දරම ඔම්මා බත් ටිකක් දුන්නා..."

" ඒකට කමක් නැහැ...මගේ එකෙනුත් ආයේ කමූ...මං කවන්නම්..."

ටේහියුන්ග් එහෙම කියලා ජන්කුක්ගේ අතින් අල්ලන් තමන්ගේ එහා පැත්තෙන්ම වාඩි කරව ගනිද්දි අත උස්සලා බැම්ම උඩ තිබ්බ ටේහියුන්ග්ගේ තේ කොප්පේ ගත්ත ජන්කුක් ටේහියුන්ග් තමන්ට කවන අතරේම ටේහියුන්ග්ගේ තොල් ලඟට කෝප්පේ ලං කරා....

" හප්පා... තොල් දෙක ඇලෙනවා..."

පලවෙනි තේ උගුර බිපූ හැටියේ ටේහියුන්ග්ගේ ප්‍රතිචාර උනේ ඒක...

" ඇයි ? හියුන්ගීට සිනී මදි ? ඉන්න මං තව හැන්දක්-"

" එපා පිස්සු ? තව සිනී හැන්දක් දැම්මොත් එහෙම මට වැඩිකල් නොයාම දියවැඩියාට බෙහෙත් ගන්න සිද්ද වෙයි..."

" සිනී වැඩි ? "

" බීලා බලන්නකෝ..."

ටේහියුන්ග් කියද්දි ජන්කුක් ඒ කෝප්පේම කටේ තිබ්බේ ටේහියුන්ග් බොරු කියනවා ඇති කියලා හිතලා...නමුත් බීපූ පලවෙනි උගුරත් එක්කම ජන්කුක් මුහුන අමුතු කර ගනිද්දි කට ලඟට ගත්තු බත් කටත් පැත්තකින් දාපූ ටේහියුන්ග්ගේ පලවෙනි සහ එකම රාජකාරිය උනේ ජන්කුක්ගේ මුහුනේ දිස්වෙන විහිලු සහහත ඉරියව් දිහා බලාගෙන සද්දෙන් හිනා වෙන එක...

" හරි නේ...අප්පා ඉන්න වේලාවේ සම්පුර්ණයෙන්ම හදලා ඉවර උන තේ ඒකට තවත් සිනී හැඳි දෙකක් දැම්මා කියලා මතක් උනේ දැන් නේ..."

ටේහියුන්ගේ නොනවතින සිනහ සාඟරේ මැද්දේ එහෙම මිමිනුව ජන්කුක් ඊට එහා පැත්තේ තිබ්බ වතුර කලේ එහෙමම කටේ ගහ ගනිද්දි අනිත් පැත්තෙන් යූනාව හමුවෙන්න ගිය වූබින් දඟකාර කෙලොලොල් වයසක පසුවෙන කෙනෙකු මෙන් හැසිරෙන්න උනා...

" මහත්තයා , ඕං ආයේ කියන්නේ නැහැ හොඳේ...ඉනෙන් අත ගන්න...මට මේ දර ටික පාඩුවේ කඩා ගන්න දෙන්නකෝ..."

යුනා තුන්වෙනි වතාවටත් තමන්ගේ බඳ අල්ලගෙන පිටිපස්සෙන් තමන්ට තුරුලු වෙලා ඉන්න වුබින්ට එහෙම කියමින් ඉනේ එතිලා තිබ්බ අත අයින් කරා...

" මොකක්ද මැණිකේ...පොඩ්ඩක් ඕක නවත්තලා මෙතනින් වාඩි වෙන්නකෝ..."

වූබින් ඊට එහා පැත්තේ භාගේට කපාපූ ගහක කඳ උඩ ඉදගෙන තමන්ගේ කලවා වලට තට්ටු කරා....

" ඔඩොක්කු උඩ වාඩි වෙලා හුරතල් වෙච්ච කාලේ ඉවරයි වුබින්...අනික ඔහොම ඉන්නවා ලමයි දෙන්නාගෙන් කවුරු හරි දැක්කොත් එහෙම...අපි දැන් ලොකු ඉලන්දාරියෙක් ඉන්න දෙමාපියො දෙන්නෙක්..."

" ඉතිං මොකද ? කර ලඟට උස පුතෙක් හිටියාත් ඔයා තවමත් ඉස්සර මං ආදරේ කරපූ කෙනාම නේ...ඉතිං මගේ බිරිඳ එක්ක මං කොයි විදිහට හැසිරුනාත් කාටත් මොකො...අනික එයාලාට කරන්න පුලුවන් නම් අපිට බැරි ඇයි ? "

" මොකක්ද ? "

වුබීන් කිව්ව දේ හරිහැටි නොතේරුන යූනා කපපූ දර මිටිය ඉනේ තියා ගන්න ගමන්ම වුබීන් දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බැලුවා...

" නැහැ නැහැ මුකුත් නැහැ...මැණිකේ වෙනස් වෙලා..."

" විකාර...මෙතනට වෙලා කියව කියව ඉන්නේ දැන් කුඹුරුට යන්නේ නැතැයි...? "

" යන්න තමයි හදන්නේ...මැණිකේටත් ඕන මාව එලව ගන්න නේ..."

" ඔන්න ඉතිං පටන් ගත්තා...මොකද ඔයාට උනේ ? අද උදේ හොඳට හිටියා නේද ? "

යූනා එහෙම ඇහුව්වාත් ඊට පිලිතුරු දෙන්න නොගිය වුබින් එහෙමම බිම බලා ගත්තා...

ජන්කුක් ලැබුනායින් පස්සේ කලාතුරකින් තමන් ලඟ හුරතල් වෙන්න දඟලන වුබින් අද කවදාවත් නැතුව ලමයි ලඟපාත ඉන්නැද්දිම මෙහෙම හැසිරෙද්දි යූනාට ඇත්තටම ඒක ප්‍රශ්නයක් උනා...

" වූ , දරුවෝ දෙන්නා කුස්සියේ හින්දායි එපා කිව්වේ "

අවසානේ ඉණේ තිබ්බ දර මිටිය ටිකකට බිමට දැම්ම යූනා වුබින් ලඟට ඇවිදගෙන ගිහින් වටේම පොඩ්ඩක් සෝදිසි කරන ගමන් වූබින්ගේ ඔඩොක්කුව උඩ වාඩි උනා...

" මගේ මහත්තයා මාත් එක්ක තරහා වෙලාද ? "

තවමත් වචනයක්වත් නොකියව්ව වුබින් නිහඬවම යූනාගේ ඉන වටේ අත දවට ගනිද්දි ආයේමත් සැරයක් කුස්සිය තියෙන පැත්තට ඔලුව හැරෙව්ව යූනා වුබින්ගේ තොල් උඩින් තමන්ගේ දෙතොල් තද කරපූ ක්ශනිකයෙන්ම ඈත් උනා...

" මැණිකේ එක්ක මං මොකට තරහා වෙන්නද...මට තේරෙනවා මැණිකේ එහෙම කරන්න හේතුව..."

" හ්ම් එහෙනම් දැන් හරි නේ...මං ගෙට යනවා..."

එහෙම කියමින් යූනා හැදුවේ වුබීන්ගේ ඔඩොක්කුව උඩින් නැඟිටින්න...නමුත් මෙච්චර වෙලා යූනාට කුස්සියට ගොඩ වෙන්න නොදි නවත්තගෙන ඉන්න උත්සාහයක් දැරුව වුබින් මෙදා සැරෙත් යුනාගේ අතින් අල්ල ගත්තා...

" මහත්තයා , මට යන්න දෙන්නකෝ..."

" එපා එපා ඔහොම ඉන්න.."

" මොකක්ද මහත්තයා...අර කොලුවාට තව බත් ඔනීද දන්නේ නැහැ...මං ගිහින් අඩුපාඩුවක් තියෙනවාද කියලා බලලා එන්නම්..."

" ඒකට අපේ පොඩි එකා ඉන්නවා නේ..ඌත් දන්නවා අඩුපාඩු හොයලා බලන්න...ඔයා මෙතනට වෙලා ඉන්න දෙන්නාට බාධා නොකර..."

" ඇයි ? මං මොනා කියලා දෙන්නාට බාධා කරන්නද ? කෝ අත අරින්න මට යන්න..."

" එපා.."

" ඇයි ? "

" ඇයි කියලා අහන්න එපා...යන්න එපා..."

" ඔයාට නම් මොනා වෙලාද මන්දා..."

තමන්ව අත් දෙකෙන්ම බදාගෙන උරහිසට ඔලුව තියාගෙන ඉන්න වුබින්ට එහෙම කිව්ව යූනා අවසානේ තොල් දෙකත් පෙරලන් අත් දෙක එකට ගෙට ගහගෙන අහක බලාගෙන හිටියේ තවත් තමන්ගේ මහත්තයා එක්ක ඔට්ටු අල්ලලා තේරුමක් නැති නිසා....

.

.

.

.

පැය ගානක් ගෙවිලා ගියා...ගමේ පිරිමි සේරම කුඹුරු වලට බැහැලා වැඩ කරද්දි ටේහියුන්ග්ද එයින් කෙනෙක් උනා...නමුත් ජන්කුක් නම් පැත්තකට වෙලා හිටියේ ඒ සියුමැලි අත් වලට පිරිමි කරන වැඩ ඇත්තෙන්ම බර වැඩි හින්දා...

" එයි කොහෙද ඔය බලාගෙන ඉන්නේ...? "

හුඟ වෙලාවක් තිස්සේ තමන්ගෙන් ඇස් අහකට අරගෙන වෙනතක බලන් බර කල්පනාවකට වැටිලා හිටිය ජන්කුක්ගෙන් එහෙම ඇහුව්ව ටේහියුන්ග් තමන්ගේ කකුලක් දිගේ ඇඟිල්ලක් ගෙනියලා ඒ කකුල් වල ගෑවිලා තිබුන මඩ ටික අරගෙන ඒක එහෙමම ජන්කුක්ගේ කම්මුලක ගෑවා...

" යාහ් හියුන්ගී..!! මඩ ගාන්න එපා අනේ..."

ජන්කුක් එහෙම කියමින් ටේහියුන්ග් නිසා තමන්ගේ කම්මුලේ හිටුන මඩ පාර ඉක්මනින් පිහිද ගත්තා...

" චුට්ටක් ගෑවුනා කියලා මුකුත් වෙන්නේ නැහැ...මඩ ගෑවුනාම තවත් ලස්සන වෙනවාලූ..."

" නිකන් ඉන්න හියුන්ගී බොරු නොකියා..."

" ඇයි අනේ අර කතාවකුත් තියෙන්නේ මඩ සොදා ගත් කල ගොවියත් රජකමට සුදුසුය කියලා..."

" ඉස්සර කාලේ කතා...දැන් එව්වා නැහැ...අනික හරි ගොවියෝ කලිසම් ඇදගෙන කුඹුරු හාන්නේ නැහැ..."

ජන්කුක් ටේහියුන්ග් ඇඳගෙන ඉන්න කලිසම දිහා බලලා කට කොනට හිනා වෙන ගමන් ඇස් කරකවලා අහක බලා ගත්තා...

" අහ්හ්..දැන්නේ මට තේරුනේ... කියන්නේ ජන්කූටත් ඕන මං අමුඩ අදිනවා බලන්නද ? "

" කවුද දැන් එහෙම දෙයක් කිව්වේ..? "

" කටින් නොකිව්වාට ඔය ඇස් නම් එහෙම දෙයක් තමා මට කියන්නේ...අනික ඒක නිසා නෙමෙයිද මං දිහා නොබලා වෙන අය දිහා බලාගෙන ඉන්නේ..."

" ඇයි ඔයා දිහාම බලාගෙන ඉන්න හියුන්ගී අවුරුදු කුමාරයාද ? "

" නොබැලුවාට ජන්කූ දන්නවා නේ මේ හියුන්ගී තරම් කඩවසම් කෙනෙක් ටවුමෙවත් නැහැ කියලා..."

ටේහියුන්ග් එහෙම කියලා තමන්ගේ උඩුකය නිරුවත් ශරීරේ පපුව තවත් ඉස්සරහට දැම්මේ ජන්කුක්ගේන් ඊට ලැබෙන පිලිතුර ගැන එක අංශු මාත්‍රයක්වත් නොදැනගෙන.....

" හැටි විතරක්...පාන්ඩුව හැදිලා වගේ..."

ගත් කටටම ජන්කුක් කිව්ව දෙත් එක්ක මෙච්චර වෙලා ඇඟේ මාංශ පේශීන් උලුප්පන් හිටිය ටේහියුන්ග්ගේ කට බිමටම පහත් උනේ ජන්කුක් කිසිම පැකිලිමකින් තොරව මුහුනටම කිව්ව ඒ කතාවට...

" මං දැන් යනවා හියුන්ගී..."

" ඇයි ? අනික දැන්ම...?"

" ගමේ උන් ටික උයන පිහින වැඩ ටික මේ වෙනකොටත් ඉවර කරලා ඇති...උන්ගේ මිනිස්සු සේරම මෙතන හින්දා ඒවා තනියම උස්සන් එන්න අමාරුයි....ඉතිං මාත් යනවා උදව් වෙන්න..."

" හොඳයි හොඳයි එහෙනම් ගිහින් එන්නකෝ..."

ටේහියුන්ගේ පිලිතුරත් එක්ක හිටිය අට්ටාලෙන් එලියට ආව ජන්කුක් අවට වැවිලා තිබ්බ වෙල් මාරුක් පැලැටියක් ගලව ගන්න ගමන් එහෙමම ඉස්සරහට ඇවිදගෙන ගියා...

" මෙහ් ජන්කූ...? "

"හ්ම්ම් ? "

ටිකක් දුර ඇවිදගෙන ගිය ජන්කුක්ට අඬ ගැහුව්ව ටේහියුන්ග්ද කලින් ජන්කුක් එක්ක හිටිය තැනින් එලියට ආවා...

" දැන් ඔය කෑම අරන් එන්නේ එක එක්කෙනාගේ මහත්වරුන්ට විතර ? "

" එහෙම තමන්ගේ එක්කෙනාට කියලා වෙනම අරගෙන එන්නේ නැහැ...නමුත් මෙතන ඉන්න හැමෝමටම වගේ බිරින්දෑවරු ඉන්න වග හියුන්ගී දන්නවා නේ...ඉතිං හැමෝම වගේ මොනා හරි හදාගෙන එනවා..."

" එහෙනම් ඔයාගේ මිනිහාත් මෙතන කියලා හිතලා මටත් කෑම ටිකක් කන්න පුලුවන් වෙයි නෙහ්...? "

"මගේ මිනිහා ? හොඳට තියෙයි.."

ටේහියුන්ග් කිව්ව දේත් එක්ක ලා රෝස පාටට හැරුන කම්මුල් හංග ගන්න ඒ විදිහට උත්තර දුන්න ජන්කුක් ඉක්මනින් ටේහියුන්ග්ට පිටුපාලා ඇස් දෙක වහ ගන්න ගමන් යටි තොල හපාගෙන හිනා වෙන්න උනා....

ජන්කුක්ගේ නික්මයාමත් එක්ක ආයේමත් තමන් කර කර හිටිය රාජකාරියට අවදානේ දෙන්න සූදානම් උන ටේහියුන්ග් දැන් බලාපොරොත්තුවෙන් හිටියේ කුඹුරු හාන එක කෙසේ වෙතත් ජන්කුක්ගේ නැවත පැමිණිමයි...

ඊට පැය එකහමාරකට විතර පසූව කුඹුරෙන් ඇහෙන කසුකුසුව තවත් දෙගුණ වෙද්දි කුඹුරේ වැඩ කරමින් හිටිය සේරමල්ලාගේ අවදානේ එකම වේලාවේ ගියේ එකම පැත්තට...

ගමේ ගැහැණූ සේරමල්ලා ඉනේත් හිස මතත් තියාගෙන පන් වට්ටි උස්සගෙන හිනාවෙවී එන අතරේ ටේහියුන්ග්ගේ ඇස් ඒ හැමෝම අතරින් දිව්වේ ඊට පිටිපස්සේම ඉදන් අනිත් කාන්තාවෝ වගේම ඉණේ පන් වට්ටියක් තියාගෙන වෙනදා වගේම උකුල පද්දමින්
ඇවිදගෙන එන ජන්කුක් දිහාවට...

තමන්ගේ බිරින්දෑවරුන්ගේ පැමිණිමත් සමඟ මොහොතක විවේකයක් ගන්න හිතුව පිරිමි පාර්ශවය කුඹුරෙන් ගොඩ වෙලා අතපය පිරිසිදු කරන් අහුවෙච්ච තැනකින් වාඩි ගත්තා...

" පුතේ මෙන්න මේවා ටික හැමෝටම බෙදාගෙන පලයන්.."

ලඟ හිටිය කාන්තාවක් ජන්කුක්ගේ අතට නෙලුම් කොල වගයක් තියමින් එහෙම කියද්දි ඔලුව වනලා ඒ කාන්තාව එක්ක හිනා උන ජන්කුක් නෙලුම් කොල ටිකත් අරගෙන මුලින්ම ගියේ ටේහියුන්ග් ඉන්න දිහාවට...

තමන් වගෙම කුඹුරු හාන්න උදව් වෙන්න ආව කොල්ලො කිහිප දෙනෙක් එක්ක හොඳ කතාවක් දාගෙන හිටිය ටේහියුන්ග්ගේ කට වැහිලා ගියේ ලඟ හිටිය මිතුරෙක් වැලමිටෙන් ඇනලා තමන්ලා දිහාවට එන ජන්කුක්ව ඇස් වලින් පෙන්නුව නිසා...

එහෙමම ජන්කුක් ලඟට එනවා දැකලා තමන්ගේ අත් දෙක අයේමත් පපුවේ අතුල්ලගෙන පිහිද ගත්ත ටේහියුන්ග් අත් දෙකම ඉස්සරහට දික් කරන් ජන්කුක් එක්ක ලස්සනට හිනා උනේ දැන් ඒ නෙලුම් කොලේ උඩට කෑම ටික වැටෙනකන් ඉවසිල්ලක්ද නැතුව...

නමුත් ටේහියුන්ග්ගේ හිනාවට ජන්කුක්ගේ ප්‍රතිඋත්තර ඊට හාත්පසින්ම වෙනස් උනා...

"හම්ප්.."

ලඟට ආව ජන්කුක් ටේහියුන්ග්ගේ අත් උඩින් නෙලුම් කොලයක් තිබ්බාත් ඒ අනිත් පැත්තටම තොලත් පැත්තකට කරන් ටේහියුන්ග්ට ගස්සන්න ගත්තේ තමන් ඒ පාර කරපූ වැරැද්ද ගැන හිතමින් ටේහියුන්ග්ගේ මනසම කාර්යයබහුල වෙද්දි...

" ආං ගස්සගෙන ගියා..."

" ඒක තමයි මටත් හිතා ගන්න බැරි..."

තමන්ගේ යාලුවා කිවූ කතාවට ඔලුව කසමින් පෙරලා උත්තර දුන්න ටේහියුන්ග්ට ඊට පිලිතුරු විදිහට හම්බුනේ නම් යාලුවාන්ගේ සමච්චල් සහගත හිනා හඬවල් පමණයි....

ටිකෙන් ටික තමන්ගේ නෙලුම් කොලේ උඩ වෛවාරන කෑම වලින් පිරෙද්දි ජන්කුක්ද මුට්ටියක් උස්සන් දෙවනි සැරෙටත් ටේහියුන්ග් ලඟට ආවා...

" ඔය මොනාද ? "

" මස් වගයක්.."

ජන්කුක්ගේ උත්තරේත් එක්ක කටට පීරුන කෙල ටික එහෙමම ගිලගෙන තොල් ලෙව කෑව ටේහියුන්ග් නෙලුම් කොලේ ආයේම ජන්කුක් දිහාවට දික් කරනකොට එයාව ගනන් නොගත්තා වගේ හැසිරුන ජන්කුක් ටේහියුන්ග්ට එහා පැත්තේ ඉදගෙන හිටිය පිරිමි ලමයාට බෙදන්න පටන් ගත්තේ ටේහියුන්ග්ගේ මුහුන පරවෙච්ච මලක් බවට පරිවර්තනය වෙද්දි....

" මටත් බෙදන්න..."

ටේහියුන්ග් කිව්වේ තොල උල් කරන්...

" ඇඟපත හොල්ලලා වැඩ කරපූ අයට විතරයි මස් දෙන්න කිව්වේ..."

" ඉතිං මමත් මහන්සි උනා නේ..."

" කුඹුරේ බැහැලා හිටිය පලියට හැමෝම මහන්සි වෙන්නේ නැහැ නේ..."

ටේහියුන්ගේ මුහුනවත් නොබලා ජන්කුක් එහෙම කියමින් තවත් ඉස්සරහට ඇදෙද්දි නෙලුම් කොලේ අතේ තියන් යටි තොල පෙරලන් හිටිය ටේහියුන්ග් තමන්ගේ අතේ ඉතුරු වෙලා තියෙන කෑම ටික කනවා වෙනුවට ඔහේ ඉස්සරහ බලාගෙන හිටියා...

ටිකකින් හැමෝම වගේ තමන්ගේ අත් උඩ ඉතුරිව තිබ්බ කෑම වල රස බලන්න ආරම්භ කරාත් ටේහියුන්ග්ට නම් මෙච්චර වෙලා බඩ පිනුම් ගහමින් තිබ්බ ඒ කැම රුචියත් අඩු වෙලා ගිහිනුයි තිබුනේ...

" මොකො කන්න අදහසක් නැතිද ? "

ජන්කුක් එහෙම අහමින් ටේහියුන්ග්ගේ එහා පැත්තෙන් වාඩි උනාත් ඒකට කිසිම දෙයක් කියන්න නොගිය ටේහියුන්ග් අහක බලාගෙනම හිටියා...

ටේහියුන්ග් ඉන්නේ තමන් එක්ක තරහින් බව දැන දැනම මුවගට නැඟුන සිනහාව මැඩපවාත්වා ගත්ත ජන්කුක් ටේහියුන්ග්ගේ අත් උඩ තිබ්බ කෑම වලින් පිරුන නෙලුම් කොලේ තමන්ගේ ලඟට අර ගනිද්දි ටේහියුන්ග් ඉන්න තැනින් නැඟිට්ටා...

" කොහෙද ඔය යන්න හදන්නේ...? "

ටේහියුන්ග් තමන්ගේ ලඟින් යන්න කලින් ඉස්සර උන ජන්කුක් ඉක්මනින් ටේහියුන්ග්ගේ අතින් අල්ල ගත්තා....

" ඔම්මා වේලාසන ගෙදර එන්න කිව්වා...මං දැන් ගෙදර යනවා..."

" මෙතනින් ඈඳි ගන්න...කෑම ටික කාලා ඕන තැනකට යන්න..."

" මට බඩගිනි නැහැ...මගේ කෑම එකත් ඔය මහන්සි උන කෙනෙක්ටම දෙන්න...මට පුලුවන් ගෙදර ගිහින් කන්න...දැන් අතාරින්න ජන්කුක්..."

ටේහියුන්ග් ජන්කුක්ගේ සම්පුර්ණ නමම කියමින් ජන්කුක්ගේ ග්‍රහණයෙන් අත ගලව ගන්න හැදුවාත් තමන්ගේ සම්පුර්ණ නමම ඒ විදිහට ආමන්ත්‍රණය කරන්නේ ඇත්තටම ටේහියුන්ග්ට තරහා ගිහින් කියන වග තේරුම් ගත්ත ජන්කුක් හිටගෙන ඉන්න ටේහියුන්ග්ගේ අතින් ඇදලා ආයේම තමන්ගේ එහා පැත්තෙන් වාඩි කරව ගත්තා...

" ඔහොම ඉන්න...මෝඩයා..."

ජන්කුක් එහෙම කියලා තමන්ගේ ඔඩොක්කුව උඩ තිබ්බ කෑම එක පැත්තකින් තියලා ටේහියුන්ග් ලඟට එන්න කලින් තමන් වෙනම ටේහියුන්ග්ට කියලා බෙදුව කෑම එක අතට ගත්තා...

" හික්..."

මෙච්චර වෙලා ජන්කුක්ට හැංගිලා තිබ්බ කෑම එක දැක්ක හැටියේ කටේ දාගෙන හිටිය බත් ගුලියත් හිර කර ගත්ත ටේහියුන්ග්ගේ එහා පැත්තේ හිටිය මිතුරා ඇස් දෙක විශාල කර ගත්තේ ඇත්තටම ඒ දැක්ක දේ ඔහූව පුදුමයට පත් කරපූ නිසා.....

"යාහ් ජන්කුක්...ඇයි අපිට මස් කෑලි දෙක ගානේ දීලා ටේහියුන්ග්ට කෑලි තුනක් බෙදලා තියෙන්නේ...මගේ අම්බේ මාලු කෑලීත් දාලා...කෝ අපිට මාලූ..!!? "

" මගේ හියුන්ගී ඔයාලාට වඩා ටිකක් වැඩිපුර වැඩ කරා නේ...ඒකයි..."

" මහ අසාධාරණයි ඒක...ටේහියුන්ග්ට මෙතන ගස්ස ගස්ස පද්ද පද්ද ඉදලා එයාටම වැඩිපුර කෑම බෙදන් ඇවිත්...තවත් බෙදන්න ඔය නෙලුම් කොලේ ඉඩ මදි උනාද අහ්..? "

ඒ කොල්ලා එහෙම කෑගහද්දි ඒ කිසිවක් ගනන් නොගත්ත ජන්කුක් දිව දික් කරලා කොලොප්පන් කරමින් තවමත් අහක බලාගෙන වචනයක්වත් නොකියන ටේහියුන්ග්ට අවදානේ දුන්නා...

" හියුන්ගී මේක කාලා ඉන්නකෝ..."

" මට ඕන නැහැ..."

" මේ බලන්න මං ඔයාට මස් වැඩිපුරත් දාලා තියෙන්නේ..."

" මගේ බඩගින්න ගියා...දැන් කන්න රුචියක් නැහැ..."

" එතකොට මේ කෑම එක අපරදානේ.."

" ජන්කු කන්න... නැතිනම් වෙන කාට හරි දෙන්න..."

" එහෙමද ? කියන්නේ කන්නේම නැද්ද ? "

ජන්කුක් අහද්දි ටේහියුන්ග් කටින් සද්දයක් පිට කරලා අහක බලාගෙනම හිටියා...

" අයිගෝ මගේ හියුන්ගීට තරහා ගිහින් නේ..."

" අයින් වෙන්න ජන්කූ...විහිලූ කරන්න එපා..."

තමන්ගේ අතට ඇඟිල්ලෙන් ඇන ඇන හිටිය ජන්කුක්ගේ අතත් උරහිස ගස්සලා අහකට කෙරුව ටේහියුන්ග් ජන්කුක්ගේ මුහුන බලන්න ටිකක්වත් මහන්සි නොවුනා...

" කියන්නේ ඔයාගේ ජන්කූ අනලා කවන කටවත් කන්න අකමැති ? "

ජන්කුක් එහෙම කියලා කට ගන්නවත් එක්කම මෙච්චර වෙලා ජන්කුක් දිහා නොබලා ඉන්න ලොකු උත්සාහයක නියැලෙමින් හිටිය ටේහියුන්ග්ගේ ඔලුව නිරායාසයෙන් වගේ ජන්කුක් දිහාවට හැරුනා..

" ජන්කූ මට කවනවා කියලාද කිව්වේ ? "

" ඒක නේන්නම් මං මෙච්චර වෙලා කියන්න උත්සාහ කරේ...කොහෙද ඉතිං මුරණ්ඩුකම ලොකුයි නේ තියෙන මෝඩකමටත් වඩා..."

" එකපාර කලින් කිව්වා නම් තේරුම් ගන්නවා නේ..."

ටේහියුන්ග් එකට පටලව ගත්ත අත් දෙක කකුල් දෙක මද්දේ ගහන් ඇඹරෙන ගමන් උරහිසෙන් ජන්කුක්ගේ උරහිසට තට්ටුවක් දාද්දි ඔලුව දෙපැත්තට වනන ගමන් සැරෙන් සැරෙ වෙනස් වෙන ටේහියුන්ග්ගේ චරිතේට හිනා උන ජන්කුක් ටේහියුන්ග්ට කවන්න බත් කටක් ඇනුවා...

" කොහොමද ? ඒක රසද ? "

ටේහියුන්ට කවපූ ක්ශනිකයෙන්ම ජන්කුක් ඇහුව්වේ ඔච්චරයි...

" හ්ම්ම් හ්ම්ම්...ජන්කූගේ අතින්ම අනලා කවන නිසාමද මන්දා කෑම එක ඕනාවටත් වඩා රස වෙලා..."

" නිකන් ඉන්න හියුන්ගී.."

ටේහියුන්ග්ගේ චාටුබස් වලට කම්මුල් රත් පැහැ කර ගත්ත ජන්කුක් ඉදුල් නොගැවුන අතින් ටේහියුන්ග්ගේ උරහිසට පාරක් ගහලා ආයේ ඔඩොක්කුව උඩට අවදානේ දුන්නේ අනිත් පැත්තෙන් ටේහියුන්ග්ද නිකට යටට අතකුත් තියන් ජන්කුක්ගේ රෝස කම්මුල් දිහා බලන් ඉද්දි....

.

.

.

.

දවල් කෑමෙන් පැයකට පමණ පසූ ටේහියුන්ග් සහ ජන්කුක් ගියේ ගඟ ලඟට...

දහවල් වරුවේ පවා ගඟේ පිරිසිදු වෙමින් කිහිප දෙනෙක් හිටිය නිසා දෙදෙනාම අසල තිබ්බ ගල උඩ වාඩි වෙලා බලාගෙන හිටියේ ගඟ ගාව ඉන්න සියලු දෙනාම ඒ දෙන්නාව පමණක් තනි කර එතනින් පිටව යනකන්....

විනාඩියෙන් විනාඩිය එකිනෙකා තම තමන්ගේ රාජකාරීන් අවසන් කොට එතනින් යන්න සැරසෙද්දි තමන්ගේ කමිසය ගලවා එය ජන්කුක්ගේ අත් උඩ රැදෙව්ව ටේහියුන්ග් ඉදගෙන හිටිය ගල උඩින් බිමට පැන්නා....

" රාත්‍රියේ තියෙන පැදුරු සාජ්ජේට ඔය දෙන්නාත් එනවා නේද ? "

ටේහියුන්ග් එක්කම ගල උඩින් බිමට බැස්ස ජන්කුක් ටේහියුන්ග් එක්ක ගඟ දිසාවට ඇදෙන අතරේ ඔවුන් දෙදෙනාව පසු කරගෙන ගිය මනුස්සෙක් අතේ තිබුන සාලුවේන් ඔලුව පිහිදන ගමන්ම පිටිපස්ස හැරිලා ටේහියුන්ග් සහ ජන්කුක් දෙදෙනාගෙන් එලෙස ඇසුවේ වසරකට දෙවතාවක් හෝ තුන් වතාවක් පමණ ප්‍රිතීප්‍රමෝදය වෙනුවෙන් පවත්වන පැදුරු සාජ්ජේ ගැන නැවතත් මතක් කරමින්...

රාත්‍රියේ කඳු මැදින් හමාගෙන එන සීතල සුලඟ මැද්දේ ගිනි මැලයක් පත්තු කරන් සිංදු කියමින් නටමින් එක එක ගෙවල් වලින් ලැබෙන කෑම බිමද ආහාරයට ගනිමින් එදින රාත්‍රිය ගමේ මිනිසුන් සේරම වගේ හුඟාක් සතුටු උනා...පවුල් පනහකටත් වඩා අඩූ සංඛ්‍යාවක් ඉන්න මේ ගම ඇතුලේ තියෙන පැදුර සාජ්ජේ කිසිම කෙනෙක්ට අනිවාර්ය නොවුනාත් එක පවුලකින් එක සමාජිකයෙක් හරි එදාට එතනට රැස් වෙලා සතුටු සාමිච්චියේ යෙදෙන්නේ එය ගම ඇතුලට පමණක් සීමා වෙච්ච උත්සවයක් වගේ දෙයක් උනූ නිසා.... හැම අලුත් කන්නයේදිම ආරම්භක දවසේ ගමේ සියලූ දෙනාම වගේ එකතු වෙලා මේ වගේ පැදුරු සාජ්ජියක් සංවිධානය කරන්න හුරුපුරුදු වෙලා හිටියා......

" ඔව් මාමේ අපි අනිවාර්යයෙන්ම එනවා.."

ගෙදරින් එයට අවසරයක් නැති වග දැන දැනම ටේහියුන්ග් ඒ විදිහට උත්තර දුන්නේ ජන්කුක්ගේ ආසාව ගෙදර නිතී රිතී වලටත් වඩා වැදගත් උන නිසා...ගමේ මිනිස්සුන්ව කුඩා කල පටන් දැන හඳුනගෙන හිටියාත් ටේහියුන්ග් නැතිව රෑ පානේ ගම සීමාවෙන් එපිට තියා ගම වටේවත් රවුම් ගහන්නේ නැතිව ඉන්න ජන්කුක් පුරුදු වෙලා හිටියා...නමුත් ඉදලා හිටලා තියෙන ගමේ විශේෂ අවස්තාවලට එකතු වෙන්න ජන්කුක් දැඩි ඇල්මක් දැක්කුවාත් ටේහියුන්ග් නැත්තම් ඒවාටවත් නොයා ඉන්න තරම් ජන්කුක් ටේහියුන්ග්ගේ වචන වලට යටත් උනා....

කොහොම නමුත් ඒ යටි හිතේ තිබෙන ආශාවල් ගැන ඉබේම වගේ තේරුම් අරන් ඉන්න ටේහියුන්ග් ජන්කුක්ගේ කටින් වචනයක් පිටවෙන්නත් කලියෙන්ම ඒ ආශාවල් ඉශ්ට සිද්ද කරන්න පෙලඹුනේ තමන්ගේ දෙමාපියන් රැකගෙන එන තත්වෙටත් දෙවතාවක් නොහිතාම පිටුපාලා...

ටිකකින් ගඟ ලඟ ටේහියුන්ග් සහ ජන්කුක් පමණක්ම ඉතුරු වෙද්දි අයේම ටිකක් බෙල්ල හරවලා වට පිට බලන්න ගත්ත ටේහියුන්ග් යට ඇඳුම පමණක් ඇඟේ ඉතිරි කරගෙන කලිසම පවා ගලවලා විසි කරේ මේ වෙනකොටත් ගඟට බැහැලා තමන්ගේ කමිසයට සබන් අතුල්ලමින් ඉන්න ජන්කුක් දිහාවට....

" හියුන්ගී ඔය යට ඇඳුමත් ඔහොමම ගලවලා දෙන්න...මං හෝදලා දෙන්නම්..."

" එපා...ජන්කූ ඔය දෙක විතරක් හොඳලා දෙන්නකෝ...මං යට ඇඳුම හෝද ගන්නම්..."

" කිව්වාම අහලා දෙන්න...එතකොට එකපාර ඔක්කොම හෝදලා ගල උඩ වේලෙන්න දාන්න පුලුවන් නේ..."

" එපා එපා...ඒක අපිරිසිදුයි නේ... හින්දා ජන්කූ ඒක අල්ලන්න ඕන නැහැ...මට හැකියි තනිවම සෝද ගන්න.."

" අපිරිසිදු නිසා නේන්නම් හෝදන්න හදන්නේ...අනික මං මීට කලින් හියුන්ගීගේ ඇඳුම් හෝදලා නැති ? කෝ කියන දේ අහලා ගඟ මැද්දට ගිහින් ඕකත් ගලවලා දෙන්න..."

ජන්කුක් එහෙම කියමින් යලිත් තමන්ගේ රාජකාරියට අවදානේ දෙද්දි ගඟේ මැදට ගිහින් හිට ගත්ත ටේහියුන්ග් තමන්ගේ ඉණ ලඟට පමණ තිබ්බ වතුර යටට අත දාලා ජන්කුක් කිව්වා වගේම යට ඇඳුමත් ගලවලා ගඟට බහින්න තියෙන තැනේ ඉදන් අඩි කිහිපයක් ඉස්සරහට ඇවිත් රෙදි අතුල්ලමින් ඉන්න ජන්කුක්ට අල්ල ගන්න පුලුවන් වෙන විදිහට විසි කරා...

එතනින් පස්සේ කිසිම හිරිකිතයක් නැතුව ජන්කුක් ටේහියුන්ග්ගේ යට ඇඳුම පවා අතින් අතුල්ලමින් හෝදන්න පටන් ගත්තාත් ඇඟ හෝදන්න කියලා ගඟට බැස්ස ටේහියුන්ග්ගේ නම් ඇස් නැවතිලා තිබ්බේම වෙන සිහියක හිටිය ජන්කුක් ලඟ...

යාලුවෙක් තියා ලේසියෙන් සහෝදරයෙක්වත් නොකරන දෙයක් මේ මොහොතේ ජන්කුක් කරද්දි නොදන්නා මොකක්දෝ හේතුවකට ටේහියුන්ග්ගේ හදවත යමක් තමන්ට පවසන්න උත්සාහ කරනවා මෙන් වේගෙන් ගෑහෙන්න උනා...

අඟක් මුලක් හොයා ගන්න අපහසූ , තේරුමක් තිබුනාත් ඒ ගැන හරි හැටි තේරුම් ගන්න අමාරු හැඟීම් කිහිපයක් හරි ඉක්මනට ටේහියුන්ග්ගේ හදවත ඇතුලේ පොදි ගැහෙන්න පටන් ගත්තා...

නමුත් තේරවිලි වගේ දැනෙන ඒ හැඟීම් සේරම මොහොතකට නවත්ත ගත්ත ටේහියුන්ග් තමන් එක්කම තර්කයේ යෙදෙන එක නවත්තලා හිතට දැනුනු අදහස් සේරම තමන්ව පහු කරගෙන යන ජල කදත් එක්කම පා කරලා යැව්වේ තව දුරටත් තේරුමක් නැති සිතුවිලිත් එක්ක පොර බැදලා ඵලක් නැති නිසා....

විනාඩි ගානක්ම වතුර යට ඇඟෙන් භාගයක් බස්සගෙන පිරිසිදු වෙමින් හිටිය ටේහියුන්ග් අවසානේ ඊට ටිකකට පස්සේ ගඟෙන් ගොඩට එන්න තීරණය කරේ තවත් වෙලා හිටියොත් ගමේ කවුරුන් හෝ එතනට එයි කියන බයත් එක්ක...

ඒ අතර ජන්කුක් නම් ටේහියුන්ග්ගේ හෝදලා දාපූ ඇඳුම් කිහිපය හොඳින් අව්ව වැටෙන ගලක් උඩ වේලෙන්න හැරලා ඉදගෙන ඉන්න තැනේ ඉදලාම දණහිස් දෙක ලඟට අරන් ඒ අස්සේ මුහුන ගහ ගත්තේ ඇඟේ එක නූල් පොටක්වත් නැති ටේහියුන්ග් අහක බලා ගන්න කියමින් අණ කෙරුව නිසා....

" දැන් හරි "

සාලුව ඉණ වටේ ඔතාගෙන ජන්කුක්ට එහා පැත්තෙන්ම වාඩි උන ටේහියුන්ග් හෙමින් ජන්කුක්ගේ කන ලඟ මිමිනුවා....

ඒත් ඒක්කම මෙච්චර වෙලා කමිසේ කරේනුත් මුහුන වහන් කකුල් දෙක අස්සේ ඔලුව ගහගෙන හිටිය ජන්කුක් එතනින් ඔලුව අරන් ටේහියුන්ග් දිහා බලන ක්ශනිකයෙන්ම ඉස්සර උන ටේහියුන්ග් ජන්කුක්ගේ දෙතොල් හරි ඉක්මනට සිප ගන්න ගත්තා...

ටේහියුන්ගේ උණුසුම් තොල් තමන් හා ස්පර්ශ වෙනවත් එක්කම ටේහියුන්ග්ගේ පපුව උඩින් අතක් තියා ගත්ත ජන්කුක් ඇස් දෙක පියන් තමන්ව හෙමින් සිප ගන්න ටේහියුන්ග් දිහා බලාගෙනම ටේහියුන්ග්ව අනුගමනය කරා....

වෙනදා වගේම හාදුවේ මැදකදි වගේ ඉබේම ගිහින් ඇල්ලෙන ජන්කුක්ගේ ඉණ මෙවරත් අල්ලගෙන හිටිය ටේහියුන්ග් ඊලඟට සැරසුනේ ජන්කුක්ව හෙමින් බිම දිගා කරවන්නයි...

ඒ අතර ජන්කුක්ද කියන කියන විදිහට හැඩ ගැහෙන මැටි කලයක් වගේ ටේහියුන්ග්ගේ හාදුව අතරේදිම සිද්ද වෙන පුංචි තල්ලු කිරිමට ඉදගෙන ඉන්න විදිහෙන්ම පිටිපස්සට බර උනා...

තමන් එක්කම ඉස්සරහට නැවෙන ටේහියුන්ග්ගේ ඔලුවේ පිටිපස්ස අත් දෙකෙන්ම බදා ගත්ත ජන්කුක් තමන්ගේ පිට බිම ගෑවෙන්න ඔන්න මෙන්න තියලා කලබලෙන් ඇස් දෙක ඇරියේ එකපාරම හැමුව හුලඟත් එක්ක අවට තිබ්බ ගස් වල කොල සද්දෙන් සෙලවුන නිසා...

එහෙමම තමනුත් ටේහියුන්ග්නුත් මේ විදිහට හැසිරෙමින් ඉන්නේ ගමේ මිනිස්සු යන එන පැත්තක කියලා තේරුම් ගත්ත ජන්කුක් තවත් තප්පරයක්වත් පරක්කු නොවී ටේහියුන්ග්ව එහෙමම පස්සට තල්ලු කරන ගමන් යලිත් බිමටම නැමුනූ ශරිරේ කෙලින් කර ගත්තා...

" ඇයි නැවැත්තුවේ ? "

" හියුන්ගීගේ සාලුව කැඩෙයි..."

" සාලුව කැඩෙන නොකැඩෙන එක ගැන මං බලා ගන්නම්...ඇයි ජන්කූ එකපාරම ඒක නැවැත්තුවේ..."

" සාලුව කැඩෙයි කියලා බයට තමා..."

ටේහියුන්ගේ ඇස් මඟ හරිමින් කලබලෙන් වගේ කිව්ව ජන්කුක් ගඟ දිහාවට හැරෙද්දි ටික වෙලාවක් ඇහිබම එකට එකතු කරන් ජන්කුක්ව අධ්‍යනය කරන්න ගත්ත ටේහියුන්ග් තමන්ව මඟ හැරලා ඉස්සරහ බලාගෙන ඉන්න ජන්කුක්ගේ මුහුන කිට්ටුවට ආවා....

" ජන්කූ ඒක නැවැත්තුවේ ඇත්තටම සාලුව කැඩෙයි කියන බයට නෙමෙයි නේ...නේද ? "

" ඒකට තමා..."

" බොරු කියන්න එපා...මං දන්නවා සාලුව කැඩුනාත් ඔයාට ඒක ගානක් නැති බව...මට ඇත්ත කියන්න...ඇයි එකපාරම නැවැත්තුවේ ? "

ටේහියුන්ග් අහද්දි මුලින්ම ටේහියුන්ග් දිහා ඇස් කොනෙන් බැලුව ජන්කුක් ටේහියුන්ග් දිහා බැලුවාටත් වඩා වේගෙන් ආයේ ඉස්සරහ බලා ගත්තා...

" ජන්කූ ? මොනාද ඔයා මගේන් හංගන්නේ ? "

ජන්කුක්ගේ නිහඬ බව ටේහියුන්ග්ට යමක් හැගෙව්ව නිසා ටේහියුන්ග්ටම ආයේත් ඒ හඬ අවදි කරන්න සිද්ද උනා....

" මෙහෙම කිව්වායි කියලා හියුන්ගී හිත රිදව ගන්න නම් එපා හොදේ..."

" නැහැ එහෙම වෙන්නේ නැහැ...කියන්නකෝ මොකක්ද හේතුව ? "

" ආයේත් මට හාදු දෙන්න එපා...මං මේ කිව්වේ ගමේ මිනිස්සු දකිවී කියලා හිතෙන තැන් වලදි දෙන්න එපා..."

" ඇයි ? "

" ගම වටේ අපි දෙන්නා ගැන වැරදි කට කතාවක් යනවා..ඔම්මාට ඇහිලා තියෙනවා ගමේ මිනිස්සු එහෙම දෙයක් ගැන කතා කරනවා..."

" මොනාද ගමේ මිනිස්සු කියන්නේ ? "

" ඒවා වැඩන් නැහැ හියුන්ගී...මං කිව්ව දේ විතරක් මතක තියා ගන්නකෝ..."

" ජන්කූ මෙතන කට කතාව ගියේ ඔයා ගැන විතරක් නෙමෙයි නේ... කට කතාවේ මමත් හිටියා...ඉතිං මට දැන ගන්න අයිතියක් නැද්ද ඒක...මොනාද ගමේ මිනිස්සු කියනවා කියන්නේ..."

" එයාලා කියනවා අපි දෙන්නා අමුතුයිලූ...හරියට ජෝඩුවක් වගේ කියලා...මං හිතන්නේ කවුරු හරි අපි හාදු දෙනවා දැකලා තියෙනවා..."

" ඉතිං ? දැන් මොකක්ද එකේ තියෙන වැරැද්ද ? "

" අහ් ? "

ජන්කුක්වත් පුදුම කරවමින් ටේහියුන්ග් දුන්න උත්තරේට ජන්කුක්ගේ ඇස් දෙක විශාල වෙලා ගියේ ඉබේම වගේයි....

" ඇයි ඔහොම බලන්නේ...? "

" හියුන්ගීට මේක විහිලුවක් වගේද පේන්නේ..? "

" නැහැ...ඇයි ? "

" එහෙනම් ගානක් නැහැ වගේ කතා කරන්නේ...? "

ජන්කුක් එහෙම කියද්දි තමන් දිහා තවමත් ඇස් ලොකු කරන් බලාගෙන ඉන්න ජන්කුක් එක්ක හිනා උන ටේහියුන්ග් ජන්කුක්ගේ උරහිස වටේ අත යවලා එයාව එහෙමම පපුවට හේත්තු කර ගත්තා...

" ජන්කූ මට කියනවාද දැන් ඔය කතාවේ ගානක් ගන්න තියෙන කාරණේ මොකක්ද කියලා..."

" හියුන්ගී එයාලා අපි ගැන නරක කතා කියනවා..."

" ඉතිං කියපුවාවේ...අපිට මොකො...ජන්කූ මොකද ඒවාට සැලෙන්නේ...කවුරු හරි ඇහුව්වොත් ඔයාලා ආදරේ කරනවාද කියලා...කට ඇරලා කියන්න ඔව් කියලා..."

" හියුන්ගී ඔය විහිලු නේද කරන්නේ ? "

" නැහැ...මං කිව්වේ ඇත්තටම එහෙම කියන්න කියලා...අපිට බැහැ ජන්කූ අනික් මිනිස්සුන්ගේ කටවල් වහන්න..එයාලාට අයිතිය තියෙනවා ඕන දෙයක් අපි ගැන කියන්න...ඉතිං එයාලා කියපුවාවේ...අපෙන් ඇහුව්වොත් අපිත් එයාලාට එකඟ වෙමූ...අපි දෙන්නා විතරක් දැන ගත්තාම ඇති නේ අපි දෙන්නා අතර තියෙන්නේ කොයි වගේ බැඳිමක්ද කියලා...නේද ? "

" හ්ම්ම්"

ටේහියුන්ග් ජන්කුක්ගේ නිකට යටට දඹර ඇඟිල්ලෙන් තට්ටුවක් දාලා එහෙම ඇහුව්වාත් ජන්කුක් හීන් මිමිනිල්ලකින් පමණක් ඊට උත්තර දුන්නේ ටේහියුන්ග් කිව්ව දේයින් තමන් සැහීමකට පත් නොවුන බව ටේහියුන්ග්ට හඟවලා...

" දැන් ඇයි ඔය මුන එල්ලන් ඉන්නේ හ්ම් ? "

" මට ඇත්තටම බයයි හියුන්ගී...ඔයා කියනවා වගේ නෙමෙයි...අපි ඔහොම එයාලාට උත්තර දෙන්න ගිහින් අවසානේ ඕවා සේරී නැන්දාගේ කනට ගියොත් එහෙම...හියුගීව ආයේ මට මුන ගැහෙන්නවත් බැරි වෙයි..."

" කවුද අනේ එයා කියන දේවල් ගනන් ගන්නේ...ජන්කූ දන්නවා නේ කොහොමත් අපේ ඔම්මාගේ හැටි...අපි දෙන්නා දන්නවා නම් අපි කවුද කියලා අපිට වෙනත් අයගේ කතා මොකටද ? දැන් ඕක අමතක කරලා දාන්න...ජන්කූ දන්නවා නේ හියුන්ගී මගේ ජන්කූව මොන ප්‍රශ්නේ ආවාත් දාලා නොයන බව... හින්දා ඕනාවට වඩා දේවල් හිතලා මනස විකාර වලින් පුරොව ගන්න එපා...තේරුනාද ? "

" මේ ප්‍රශ්නේ නිසා හියුන්ගීව මට නැති වෙන එකක් නෑහැ නේ ? "

" අනේ නැහැ මගේ මැණිකේ...චුටී කාලේ ඉදන් උබේ යාලුවෙක් වෙන්න අච්චර කට්ටක් කෑවේ මේ කාගේවත් කතා නිසා උබව අතාරින්න නෙමෙයි..."

ජන්කුක්ගේ උරහිස අල්ලන් තමන්ගේ ඔලුව ජන්කුක්ගේ කනක ඇතිල්ලුව ටේහියුන්ග් ජන්කුක්ගේ කම්මුලක් සිප ගන්න ගමන්ම ජන්කුක්ගේ ගාවින් අයින් උනා...

එතනින් පස්සේ විනාඩි කිහිපයක් හෙමින් ගෙවිලා ගියාත් දෙදෙනා අතරම කිසිම වචනයක් හුවමාරු නොවුනේ ඒ නිශ්ශබ්ද බවත් එයාලාට සැනසිල්ලක් එකතු කරලා...

ටේහියුන්ග් තමන්ගේ දෙපැත්තේ තියෙන අත් දෙකට සම්පුර්ණයෙන් බර දිලා දිග ඇරගෙන ඉන්න කකුල් තප්පරෙන් තප්පරේ දෙපැත්තට පද්දන අතරේ ජන්කුක් තමන්ගේ කකුල් දෙකම එක පැත්තකට වෙන්න නවාගෙන ඒ ඔඩොක්කුව උඩ තිබ්බ අතේ ඇඟිලි එක්ක සෙල්ලම් කරා....

නමුත් ගිනි ගහන අව් රශ්මියට ගල උඩ වේලෙන්න දාපූ ඇඳුම් හරි ඉක්මනින් වේලෙන විදිහ දැක්ක ටේහියුන්ග් ගඟ ගාව ඉන්න මේ විනාඩි ගානට කතා කරන්න පුලුවන් මාතෘකාවක් මතක් කරමින් මෙච්චර වෙලා පිටිපස්සට බර වෙලා හිටිය එකෙන් ඉස්සරහට එන ගමන් ජන්කුක්ගේ ගානට කෙලින් උනා...

" මෙහ් ඒක නෙමෙයි ජන්කූ...? "

" හ්ම්ම් ? "

" මට දෙයක් දැන ගන්න පුලුවන් ? "

" මොකක්ද ?"

"ජන්කූගේ හිතේ කා ගැනවත් කැමැත්තක් නැද්ද ? මං කියන්නේ මේ ගම සීමාවේ ඉන්න කෙනෙක් ගැනම නෙමෙයි ටවුමේ හරි ඉන්න කෙනෙක් ගැන...?"

" කිව්වේ හියුන්ගී ? මට තේරුනේ නැහැ නේ..."

" මෙහෙමෙයි , ජන්කූගේ වයසත් එක්ක කෙනෙක් ගැන අදහසක් , කැමත්තක් එහෙමත් නැත්තම් අපි කිව්වොත් ආදරයක් වගේ දෙයක් කවදාවත් ජන්කූට දැනිලා නැද්ද ? කෙටියෙන් කිව්වොත් ජන්කුගේ හිත හොරකම් කරන්න පුලුවන් උන කෙනෙක් නැද්ද ? "

ටේහියුන්ග් අහද්දි ටික වේලාවක් ටේහියුන්ග් දිහා බලාගෙන හිටිය ජන්කුක් හෙමින් ඔලුව ඉහල පහල කරේ ඒ විදිහේ උත්තරයක් බලාපොරොත්තු නොවුන ටේහියුන්ග්ගේ ඇස් ඉබේම විශාල වෙද්දි....

" ජන්කූට එහෙම කෙනෙක් ඉන්නවාද ? "

ටේහියුන්ග්ට කලින් හම්බුන උත්තරේ පිලිගන්න අපසුයි වගේ දැනෙද්දි එයා ආයේමත් ඒකම ඇහුවේ ජන්කුක් තමන්ගේ උත්තරේ නැහැ කියන තැනට පත් කර ගනී කියලා හිතලා...නමුත් ජන්කුක් දෙවනි වතාවටත් ඔලුව ඉහල පහල කරමින් එහෙම කෙනෙක් ඉන්න බව කියද්දි ටේහියුන්ග්ගේ මුවඟට නැඟි තිබුන හිනා පොද එහෙමම නැතිවෙලා යන්න ගත්තේ ඒ හිතේ කොනක පොඩි වේදනාවක් හට ගනිමින් ඒ වේදනාව මුලු හදවත පුරාම සීසාරා යන අතරෙයි...

නමුත් ජන්කුක්ට වෙනසක් නොපෙන්වා ඉන්න උත්සාහ ගත්ත ටේහියුන්ග් අයාසයෙන් මෙන් මවා ගත්ත සිනාහවකින් යලිත් මුව සරසගෙන වේදනාවට පත් වෙමින් තියෙන හදවත එහෙමම සඟව ගත්තා....

" මට මීට කලින් ජන්කූ එහෙම දෙයක් ගැන කියලා නැහැ නේ...හරි ඒකට කමක් නැහැ....මට දැන්වත් දැන ගන්න බැරි මටත් හොරා මගේ ජන්කූගේ හිත හොරකම් කරන්න පුලුවන් උනේ කාටද කියලා..."

" ඒකට වේලාව දැන් නෙමෙයි හියුන්ගී...මගේ හිතේ එයා ගැන තියෙන බව එයාවත් දන්නේ නැතිකොට මං කොහොමද එයා මගේ කියලා තවත් කෙනෙක්ට කියන්නේ...මං පොරොන්දු වෙනවා කෙනාට මගේ හිතේ තියෙන දේ කියන්න පුලුවන් වෙච්චදාකට මං ගැන මුලින්ම ඇවිත් කියන්නේ මගේ හියුන්ගීට..."

" මට පුදුම ඉරීසියාවක් උබ ගැන දැන් දැනෙන්නේ...ජන්කූ මාව කුතුහලයෙන් පුච්චලා දානවා...අද රෑට නින්ද යන එකකුත් නැහැ මට..."

" හරි හරි තාම මං හියුන්ගීගේ නේ ඉතිං.."

" ඒත් ඔය එක එකා ඇවිත් මගේ ජන්කූව මගෙන් ඉල්ලුවොත් මං මොකද කරන්නේ...ජන්කූටත් මාව අමතක වෙලාම යයි..."

" මගේ හියුන්ගීව මට අමතක වෙන්න නම් මේ ජන්කූට මැරිලා ආයේත් ඉපදෙන්න සිද්ද වෙයි..."

" මං ඔයාට එහෙම මාව අමතක කරන්න ඉඩ දෙන්නෙත් නැහැ...මං එදාටත් හැමවේලාවේම ඇවිත් මේ දැන් වගේම ඔයාට කරදර දිදී ඉන්නවා...නමුත් ඒක නෙමෙයි...ජන්කූට හිතෙන්නේ නැද්ද ඔය හිතට දැනෙනන හැඟීම් කියන්න පරක්කු උනොත් එයාව වෙන කෙනෙක් අරගෙන යයි කියලා...."

" සමහරදාට එහෙම බයක් නම් දැනිලා තියෙනවා...නමුත් එයා මට අකමැති නම්, මට බැහැ නේද බලෙන් එයාව ලඟ තියා ගන්න..."

" එතකොට ජන්කූ උත්සාහවත් නොකර පරාජය භාර ගන්නද ලෑස්තිය ? "

" සමහරවිට ඔව්...ඒක මට හුඟාක් රිදෙයි...නමුත් ආදරේ කියන්නේත් එක්තරා පරිත්‍යාගයක් කියලා හිතලා මේ දැන් වගේම ආදරේ හදවත ඇතුලේ හංගන් ඉන්නවා..."

" ඔහොම කටින් කිව්වාට අපි ආදරේ කරන අය අපිට ඇත්තටම නොලැබුන දාට අපිට ඒක ලොකු වේදනාවක්...මං කියන්නේ උත්සාහය අතාරින්න එපා...එයා දිගටම බැහැ කිව්වොත් හියුන්ගීව දැනුවත් කරන්නකෝ...ඉතුරු ටික මං බලා ගන්නම්..."

" ඇයි හියුන්ගී මොනා කරන්නද ? "

" මං ගිහින් එයාට කතා කරලා කියනවා...එයා ගැහැනු ලමෙක් නිසා ඉතිං අත පය විසි කරන්න බැහැ නේ..."

ටේහියුන්ගේ වාක්‍යයේ අවසානේත් එක්ක යාන්තමට තොල් මත හිනාවක් ඇද ගත්ත ජන්කුක් ටේහියුන්ග්ගේ අතින් ඇල්ලුවා...

" එයා ඇත්තටම පිරිමි ලමෙක් හියුන්ගී..."

" මොකක්...!!! පිරිමි ලමෙක් ? කියන්නේ මගේ යාලුවෝන්ගෙන් කෙනෙක්ද ? "

" නැහැ "

" එහෙනම් කවුද ජන්කූ...? "

" මං කලින් කිව්වා හියුන්ගී...ඒකට මේ වේලාව නෙමෙයි..."

" හරි දැන් හියුන්ගීට ඔයාගේ හදවත හොරකම් කරපු පුද්ගලයා ගැන කියන්න බැරි නම් අඩුම මට කියනවාද ඔය හදවත හොරකම් කර ගන්න තරම් එයා ගාව තිබ්බ ගති ලක්ශන මොනාද කියලා...? "

ටේහියුන්ගේ වචන කිහිපයත් එක්ක ඒ ඇස් දිහා එක එල්ලේ බලාගෙන යාන්තම් හිනා උන ජන්කුක් තමන්ගේ හදවත හැම මොහොතේම වේගෙන් ගැහෙන්න සැලැස්සුව ඒ රූපේ විස්තර කරන්න පටන් ගත්තා...

" හ්ම්ම් එයා සුදුයි..."

ජන්කුක් කියද්දි ජන්කුක් කියන රූප ලක්ශන අහන්න ආසාවෙන් බලාගෙන හිටිය ටේහියුන්ග්ගේ කුතුහලයත් එහෙමම බිදිලා ගිහින් කට ඉරක් වගේ උනේ ජන්කුක් හා හා පුරා කියලා කියපූ පලවෙනි රූප ලක්ශනේ අහලා....

" අනේ බං...මේ ගමේ ඉන්න ඔක්කොම උන් සුදුයි නේ...ඊට වඩා වැඩි යමක් කියන්න..."

" ඇත්තටම එයා සුදුයි කිව්වාට සුදුමත් නැහැ...නමුත් දුඹුරුත් නැහැ...එයාගේ හම ලස්සනයි...හ්ම්ම් මී පැණි පාටයි..."

" හ්ම්ම් හ්ම්ම් තව ? "

" එයාට තියෙන්නේ යාන්තම් කැරලි ගැහුන කොණ්ඩයක්.... ඇස් ගොඩාක් ලස්සනයි...හැම වේලාවේම ඒවා හරි නපුරුයි නමුත් මං ගාවදි ඒවා සංසුන්...මං ආසම එයාගේ කෝපි පාට ඇස් වලට...සමහරදාට ඒවා ගොඩාක් දිලිසෙනවා වේලාවට මට දැනෙන්නේ ඒවා මගේත් එක්ක කතා කරනවා වගේයි...එයා ඇත්තටම පරිපුර්ණයි...දෙවියෝ උනාත් එයාව නිදහසේ මවලා තියෙන්නේ...අහ් ! තව එයාට ලස්සන කට හඬකුත් තියෙනවා...දැනට එච්චරයි..."

ජන්කුක් තමන්ගේ විග්‍රහ කිරීම අවසන් කරද්දි ටේහියුන්ග් තමන්ගේ නිකට යට ටික වෙලාවක් ඇඟිලි තුඩු වලින් පිරිමැදලා ආයේම ජන්කුක් දිහා බැලුවා...

" ජන්කූ කිව්ව අංග ලක්ශන සේරම මටත් තියෙයි නේ...අහෝ දෙවියනේ මට කියන්න නම් එපා කැස්ප බිත්තරයක් වගේ ඉන්න ඔයා -"

එච්චරයි ටේහියුන්ග්ට කියන්න පුලුවන් උනේ...ඒත් එක්කම කලබලෙන් ආව ජන්කුක්ගේ අත එහෙමම ගිහින් නතර උනේ ටේහියුන්ග්ගේ නිරුවත් පිට මැද්දේ...

" මට කියලා අහ ගන්න එපා හියුන්ගී හරි...!!! මට මේ වෙන වැඩ නැහැ නේ ඔයාත් එක්ක යාලු වෙලා මඟුල් කන්න..."

" අහ් ඇයි ? ඇයි ? අපි කලු අහ් ? "

" කලු ? "

ටේහියුන්ග් මුහුනත් දික් කර කර ජන්කුක්ගෙන් අහනකොට ටේහියුන්ග් කිව්ව දේට හිනා උන ජන්කුක් තමන්ගේ සම්පුර්ණ අල්ලම ටේහියුන්ග්ගේ මුහුන මැද්දෙන් තියලා තද කරන ගමන් ටේහියුන්ග්ව පස්සට තල්ලු කරා...

" නැහැ මෙහෙමෙයි...මං කිව්වේ සුදු ඇඟේ කලු එව්වාත් කිහිපයක්ම තියෙනවා තමයි..."

" දැන් කියන්නකෝ බලන්න හියුන්ගීට විතරක් තියෙන කලු එව්වා මොනාද කියලා.."

" මට විතරක් නෙමෙයි ඔයාටත් තියෙනවා..."

" කිව්වේ...? "

" අපේ කොණ්ඩ කලුයි...තව ඇස් බෝල කලුයි..තවවවව...."

" තව මොනාද ? "

" ඒක කලුමමයි කියන්නත් බැහැ....අපි ඒක තද දුඹුරුයි කියලා කියමූකෝ ..."

ටේහියුන්ගේ මුහුන මත අමුතු හිනාවක් ඇදිලා තියෙද්දි ඒ හිනාවෙනුත් ටේහියුන්ග් කිව්ව දෙයිනුත් ටේහියුන්ග් මොකක්ද නොකියා අදහස් කරේ කියලා තේරුම් ගත්ත ජන්කුක්ගේ කන් දෙකම එකපාර රතුපාටට හැරෙන්න ගත්තා...

" ඊයා හියුන්ගී....මොනාද අනේ කියන වල් කතා.."

" ඉතිං මං ඇත්ත නේ කිව්වේ...මගේ නම් පාට තමා ජන්කූගේත් එහෙම ? "

ටේහියුන්ග් එහෙම අහලා ජන්කුක්ගේ පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්න අතරේ ටේහියුන්ග් දිහා එකපාරක් බලලා ඒ ක්ශනිකයෙන්ම ඉස්සරහා බලා ගත්ත ජන්කුක් අත් දෙකෙන්ම මුහුන වහගෙන ඔලුව උඩ පහල කරා....

" ඇත්තටම..!!! බොරු කියන්න එපා... කියන්නේ ඒක වෙනස් වෙලාද ? "

" ඇයි ? හියුන්ගී කලින් දැකල තියෙනවා ? නැහැ නැහැ ඒක වෙන්න බැහැ...මට හොඳටම විශ්වාසයි මං හියුන්ගී ඉස්සරහ කවදාවත් ඇඳුම්වත් මාරු කරලා නැහැ කියලා..."

"මොකෝ නැත්තේ , පුංචි කාලේ ඕන තරම් මං ජන්කූව හෙලුබැල්ලෙන් දැකලා තියෙන්නේ... කාලේ නම් ජන්කූගේ රංකිරා සෝස පාටයි...යූනා ඔම්මා කී වතාවක් නම් මගේ ඉස්සරහාම ඔයාගේ ඇඳුම් මාරු කරවලා ඇත්ද...ඒත් ඔයා කියන විදිහට ඒක දැන් දුඹුරුයි නම් අපරාදේ කලින් තිබ්බ පාට තමා ලස්සන..."

" අනේ ඇති හියුන්ගී...ඔයා හදන්නේ මාව මෙතන පුපුරවන්නද..."

" හරි හරි ඉතිං ඔයා ඔහොම ඇඹරෙනවා බර ගානකට කලින් මං ඔයාගේ රංකිරාව දැක්කා කියලා...එතකොට මං මෙතන ඇඹරිලා මිරිකෙන්න එපැයි ගිය මාසේ ඔයාට කියලා මට කරවගන්න උන දේ මතක් වෙලා..."

ටේහියුන්ග් මීට මාසේකට කලින් තේ වත්තේ වෙච්ච තවත් සුන්දර මතකයක් නැවතත් මතකාවර්ජනය කරද්දි ටික වේලාවක් මොකක්ද උන සිද්දිය කියලා මතක් කරපූ ජන්කුක් ඊලඟ මොහොතේ හුස්ම ගන්න එකත් අමතක කරලා සද්දෙන් හිනා වෙන්න ගත්තේ මෙදාපාර ටේහියුන්ග්ගේ කම්මුල් රතු පාටට හරවලා...

" තරම් වාසනාවන්ත කුඩෑල්ලෙක් මට මීට කලින් හම්බෙලාම නැහැ හියුන්ගී...මේ ඇත්තමයි..."

" දැන් එහෙමද ? කමක් නැහැ කමක් නැහැ හිනා වෙන්නකෝ...කවදා හරි දවසක ඔබතුමාටත් යට ඇඳුම අමතක වෙලා තේ වත්තට යන්න සිද්ද වෙයි නේ...."

" අනේ නැහැ...මං අවුරුදු ගානක් ඔය තේ වත්තට යන එන නිසා මතක ඇතුව යට ඇඳුම අදිනවා...අනික ඔහොම තැනක මගේ එල්ලුනා නම් එහෙම ඔය එක්කෙනෙක් වගේ යට ගිරියෙන් කෑගහලා ලඟ ඉන්න එකෙක්වත් ඇදගෙන තේ පඳුරකට මූවා වෙලා ' මගේ රංකිරාව කනවා ' කියලා අඬන්න ගන්නේ නැහැ..."

ජන්කුක් එහෙම කියමින් මීට මාසේකට උඩදි යට ඇඳුම අඳින්න අමතක වෙලා ටේහියුන්ග්ට උන වින්නැහිය ගැන හිනා වෙවී කියද්දි ලක්ශවෙනි වතාවටත් එදා ඒ වාසනාවන්ත කුඩෑල්ලාව ඇස් දෙක පියන් හිටිය ජන්කුක්ට කියලා ගලව ගන්න සිද්ද උන එකට පසුතැවෙන්න ගත්ත ටේහියුන්ග් රතු උන කම්මුල් ජන්කුක්ගේන් හංග ගන්න ජන්කුක්ගේම ඉණ වටේ අත් පටලව ගන්න ගමන් ඒ බෙල්ලේ අස්සටම වෙන්න මුහුන ගහ ගත්තා....

.

.

.

.

ආයේමත් ගෙදර ගියොත් නැවතත් එන්න නොලැබෙන බව දැනගෙන හිටිය ටේහියුන්ග් මුලු හවස් වරුවේම වගේ ජන්කුක්ගේ ගෙදර ඉදලා යාන්තමින් රෑ බෝ වේගෙන එන අතරතුරේ ජන්කුක් එක්කම ගෙදරින් එලියට බැස්සේ ටේහියුන්ග්ලා වෙනදාට අත් පන්දු තරඟ පවත්වන තරමක් විශාල පිට්ටනිය දිහාවට යන්න...

එදා ඒ පිට්ටනිය තමා ඔවුන් පැදුරු සාජ්ජිය සඳහා තෝරගෙන තිබුනේ....

ටිකකින් ටේහියුන්ග් සහ ජන්කුක් දෙන්නාම ගෙදරින් රැගෙන ආ පුංචි බංකු දෙකත් ඉඩ තියෙන තැනකින් තියාගෙන එතන හිටිය ගමේ අනිත් මිතුරන් එක්ක ආගිය තොරතුරු කියවන්න උනා...

හැමදාම වගේ මෙදාපාරාත් පැදුරු සාජ්ජේ සඳහා ලොකු මිනිස්සුන්ටත් වඩා සහභාගි වෙලා හිටියේ ගමේ ඉන්න ලස්සන ඉලන්දාරියෝ ටිකත් ගමම හොල්ලගෙන ඉන්න ලමිස්සියෝ ටිකත් විතරයි...

ටිකකින් ජන්කුක් තමන් මෙතන ඉදි කියලා බලාපොරොත්තු උන රුව හොයන්න බෙල්ල වටේටම කැරකුවාත් වෙනදාට ජන්කුක් එක්ක පැහිච්චකම් කියවන ඒ පුංචි කෙල්ල අද පේන්න නොහිටිය නිසා ජන්කුක් තමන්ගේ තොල් දෙක කනපිට පෙරලා ගත්තා...

නමුත් ඒ කෙල්ල වෙනුවට ඒ කෙල්ලගේ ඔම්මා මෙතන ඉන්න බව දැක්ක ජන්කුක් ඉදගෙන හිටිය තැනින් ටිකකට නැඟිට්ටේ ඒ ගැහැණු කෙනාව මුන ගැහෙන්න යන්නයි....

" ජන්කූ කොහෙද යන්නේ...? "

" මං ආරීගේ ඔම්මාව හම්බෙලා එන්නම්..."

ජන්කුක් කිව්ව දේට ඔලුව වැනුව ටේහියුන්ග් ජන්කුක්ගේ අල්ලන් හිටිය අත අතැරලා ජන්කුක්ට යන්න අවසර දුන්නා...

" නැන්දේ , ආරී කෝ...? එයා ආවේ නැතෑයි ? "

" එකී ගෙදර...හොඳටෝම නින්ද ගිහින්...මං ඇහැරවන්න ගියේත් නැහැ...උදේ ඉදලාම ඔයාව හොය හොයා හිටියේ..."

" අනේ පව් දෙයියනේ...කොහෙද මට කියන්න අමතක උනා නේ අද සෙල්ලම් කරන්න එන්න වෙන්නේ නැහැ කියලා...මගෙත් එක්ක තරහා වෙලාද දන්නේත් නැහැ..."

" ඔය පුංචි එකී වෙන කා එක්ක තරහා උනාත් ඔයාත් එක්ක නම් තරහා වෙන්නේ නැහැ...හැබැයි ඉතිං තරහා වෙලා නම් යාලු කර ගන්න කඩේට යන්න සිද්ද වෙයි..."

ආරිගේ ඔම්මා ඒ විදිහට කියද්දි ජන්කුක්ගේ කටින් එකපාරම හිනාවක් පැන්නේ ඒ ගැහැනූ කෙනා එහෙම කියන්න හේතුව හොඳාකාරවම දැනගෙනයි...

" ආරීට කියන්නකෝ ජන්කුකී ඔප්පා එයාට හෙට අයිස් පලම් එකක් අරන් දෙන්න පොරොන්දු උනා කියලා..."

" හොඳයි හොඳයි මං කියන්නම්කෝ..."

ජන්කුක් එක්ක හිනා උන ඒ කාන්තාව එතනින් එහාට යනකොට ඔලුව දෙපැත්තට වනලා තමන්ගේ පුංචි යාලුවාගේ හැටි තවත් වතාවක් මතක් කෙරුව ජන්කුක් ආයේම ටේහියුන්ග් ලඟට යන්න පිටිපස්සට හැරුනාත් ඒ ඇහිබම එකපාරම එකට ලං උනේ ටේහියුන්ග්ගේ හැසිරිම දැකලා...

බංකුව උඩ ඉදගෙන හිටියාත් ටේහියුන්ග්ගේ ඇස් හරි සූක්ෂම විදිහට කාව හරි හොයන බව ජන්කුක්ට තේරුම් කෙරෙව්වා...වෙනදාට ජන්කුක් ගැන ඇහැ ගහගෙන ඉන්න ටේහියුන්ග්ට දැන් ජන්කුක් ආයේ ලඟට එනකන් බලන් ඉන්න එක කෙසේ වෙතත් ඊටත් වඩා වැදගත් රාජකාරියක් තිබ්බ හැඩයි...

ජන්කුක් කිසිම සද්දයක් නොකර ටේහියුන්ග්ගේ එහා පැත්තේ තිබ්බ බංකුව උඩින් වාඩි උනාත් ඒ ගැන වගක්වත් නැති උන ටේහියුන්ග් නම් තවමත් බෙල්ල දික් කර කර වටේ රැස් වෙලා ඉන්න තමන්ගේම මිතුරන් දිහා පරික්ශාකාරී ලෙස බලාගෙන හිටියා....

" හියුන්ගී ? "

" හියුන්ගී ? "

" එයි හියුන්ගී ? "

ජන්කුක් කිහිප වතාවක්ම ටේහියුන්ග්ගේ නම ඇමතුවාත් සම්පුර්ණයෙන්ම ජන්කුක් ගැන තිබ්බ අවදානේ බිඳගෙන හිටිය ටේහියුන්ග් ගැස්සිලා ගියේ ජන්කුක් තමන්ගේ අතින් අල්ලන් හයියෙන් හොලවන්න ගත්ත නිසා...

" ජන්කූ කොයි වෙලාද ආවේ ? මං එනවා දැක්කේ නැහැ නේ.."

" දැක්කේ නැති වෙන එක සදාරනයි නේ...මොන ලොකේද හිටියේ...? මං කී පාරක් අඬ ගැහුව්වා ? මොනාද ඇත්තටම ඔය බෙල්ල දික් කර කර බලන්නේ ? "

" මං ඔයා ආදරේ කරනවායි කිව්ව පිරිමි ලමයාව හොයනවා...එකෙක් ගැන මට සැකයක් තියෙනවා...ඉන්නකෝ බලන්න..."

" හියුන්ගී -"

" එයි මින්හූ...!! මෙහෙ වරේන්කෝ පොඩ්ඩක්..."

ටේහියුන්ගේ වචන වල අවසානේත් එක්ක ජන්කුක් ඉක්මනින් ටේහියුන්ග්ව නවත්තන්න සූදානම් උනේ ටේහියුන්ග් ඊගාවට මොනා කරයිද කියලා දැනුන සැකේට...නමුත් ජන්කුක්ට වඩා වේගවත් උන ටේහියුන්ග්ගේ කට මහ සද්දෙන් එලියට පිට උනේ ඊට ටිකක් එහාට වෙන්න හිටිය ටේහියුන්ග්ගේ යාලුවා කර කර හිටිය දේත් මඟ නවත්තලා ටේහියුන්ග් ලඟට එද්දි....

" හියුන්ගීඊඊඊ...මොනාද කරන්න හදන්නේ..."

ජන්කුක් තමන්ගේ පැත්තට එන මින්හූ කියන කොල්ලා දිහා බලන් තොල් අතර මුමුනලා ටේහියුන්ග්ගේ අත හෙමින් මිරිකන්න ගත්තේ ටේහියුන්ග් ඒ කොල්ලාගේන් මොන වගේ දෙයක් අහයිද කියලා හිතට දැනුනු හදිසි බය නිසා....

" ඔයා ඉන්නකෝ...මං අහලා බලන්නම්..."

" හියුන්ගී එපා..."

" ඕඕඕ...කියපන් ටේහියුන්ග්ගා.."

ඒත් එක්කම මින්හූ ටේහියුන්ග්ගේ ඉස්සරහා හිට ගනිද්දි ජන්කුක් ඉක්මනින් ටේහියුන්ග්ගේ අත අතැරලා අහක බලා ගන්න ගමන් ඇඟිලි තුඩු වලින් නලල පිරි මැද්දා...

ඒ අතර ටේහියුන්ග් තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න කොල්ලා දිහා ආයේත් සැරයක් හොඳට බලන්න ගත්තා....

ඒ කොල්ලා ගැන වෙන්න ඇති ජන්කුක් කියන්න ඇත්තේ කියලා ටේහියුන්ග් සැක කරන්න ගත්තේ ජන්කුක් කිව්ව අංග ලක්ශන වලින් යාන්තමට කැරලි ගැහුන කොණ්ඩයක් ඔය මින්හු කියන පිරිමි ලමයාටත් එහෙමම පිහිටලා තිබ්බ නිසා...

" එයි ! මොනාද උබ කරන්නේ...? "

මින්හූගේ හිසේ ඉදන් පාදාන්න දක්වා දෙතුන් පාරක්ම සෝදිසි කෙරුව ටේහියුන්ග් එකපාරම මින්හූගේ අත අල්ලලා ඒක තමන්ගේ ඇස් කිට්ටුවටම ගෙනාවා....

" උබටත් තියෙන්නෙ ගොඩාක් සුදු නැති හමක්..."

ටේහියුන්ග් මින්හූට වගේම ජන්කුක්ටත් ඇහෙන්න එහෙම කියලා තවත් එකම එක දෙයක් ස්ථිර කර ගන්න සූදානම් වෙද්දි මෙච්චර වෙලා ටේහියුන්ග්ට තමන්ගේ හිතේ තිබ්බ දේ ගැන කිව්ව එක අපරාදේ කියලා හිතමින් හිටිය ජන්කුක්ගේ ඇස් දෙක ලොකු උනා...

" හියුන්ගී ඕක නවත්තන්න..."

ටේහියුන්ග්ට පිටුපාලා හිටිය ජන්කුක් ඉක්මනින්ම ආයේත් ටේහියුන්ග් දිහාවට හැරිලා තවමත් ටේහියුන්ග් අල්ලගෙන ඉන්න මින්හූගේ අත එතනින් ගලවන ගමන් ටේහියුන්ග්ට ඒක නවත්තන්න කියමින් ඇස් වලිනුත් හැඟෙව්වා....

නමුත් කුතුහලයේ උපරිම මට්ටමට ඇවිත් හිටිය ටේහියුන්ග් ජන්කුක්ගේ අමුතු හැසිරිමට හේතුවත් තමන්ගේ සැකේ කියලා හිතලා ආයේම මින්හූගේ අතින් අල්ලන් ඒ කොල්ලාව පහලට ඇදලා තමන්ගේ මුහුන ලඟට කිට්ටු කර ගත්තා....

" මගේ ඇස් දෙක දිහා කෙලින් බලපන් හොඳේ..."

" හියුන්ගී කියන දේ අහන්නකෝ...මින්හූ හියුන්ග් යන්න...මේ අපේ එක්කෙනාට පිස්සු අනේ..."

" උබ ජන්කූ කියන දේ නාහා මගේ ඇස් දෙක දිහා විතරක් හරි කෙලින් බලපන්..."

ටේහියුන්ග් එහෙම කියලා රාත්‍රියේ ආයේත් ගෙදර යද්දි ඕන වෙන නිසා අරගෙන ආව භූමි තෙල් ලාම්පුව නිදහස් අතින් අරගෙන ඒක උඩට උස්සන ගමන් තමන්ගෙත් මින්හූගේත් ඇස් කිට්ටුවට ගෙනාවා....

ලාම්පූ එලියෙන් ඕනාවටත් වඩා මින්හූගේ ඇස් කැපිලා පේන්න සලස්වද්දි ටේහියුන්ග් ඒ එලියම උපයෝගී කරගෙන තමන්ගේ සැකේ සියයට සියයක්ම ස්ථිර කර ගන්න උත්සාහ කරේ ඒ ගමන්ම යම් හේතුවකට රිදිගෙන එන තමන්ගේ හදවත ගැනත් මොහොතකට අමතක කරලා....

ඒ අතර ලාම්පුවේ එලියෙන් ටේහියුන්ග්ගේ ඇස් මින්හූගේ ඇස් සමඟ එකට යා වෙලා තියෙනවා දැක්ක ජන්කුක් තමන්ගේ අතේ තිබ්බ නියපොතු ටික හින්දන්න ගත්තේ කරුමේට මින්හූගේ ඇසුත් දුඹුරු පාට උනොත් එහෙම තමන් ඇත්තටම අදහස් කරපූ පිරිමියා මින්හූ නොවුනාත් ටේහියුන්ග් ඒ විදිහට සැක කරයි කියලා බයක් ඒ හිතේ හට ගත්ත නිසා....

" උබේ ඇස් කෝපි පාට නෙමෙයි නේ...හරි කමක් නැහැ...උබ ඔහොමම ජන්කූ දිහාට හැරියන්කෝ..."

" උබ මොනාද බං කරන්න යන්නෙ..."

" උබට පැහිච්චකම් වැඩක් නැහැ නේ...කිව්ව දේ කරපන්...කෝ කෝ බලපන් ඉතිං..."

ටෙහියුන්ග් කිව්ව දේ අන්තිමට කරන්න ලෑස්ති උන මින්හූ හුස්මක් පහල දාලා ඇස් කරකවන ගමන් මෙච්චර වෙලා බලාගෙන හිටිය ටේහියුන්ග්ගේ ඇස් වලින් අයින් වෙලා එහෙමම ජන්කුක් දිහා බැලුවා....

ඒත් එක්කම කුතුහලයෙන් පිරුණු ටේහියුන්ග්ගේ ඇසුත් මින්හූ ලඟටත් ජන්කුක් ලඟටත් ඉතා සූක්ශම අයුරින් ගමන් කරේ මොනාම හරි හෝඩුවාවක් අහු වෙයි කියලා බලාපොරොත්තුවෙන්....

නමුත් ජන්කුක් ගඟ ලඟදි කිව්වා වගේ මින්හූගේ ඇස් ජන්කුක් ලඟදි චංචල වෙන බවක් ටේහියුන්ග් නොදැක්ක එකෙන් සියයට අනූවක් වගේම හරි ගිහින් තිබ්බ සැකේ එහෙමම කඩ වෙලා ගියේ ජන්කුක් කිව්ව පුද්ගලයා මින්හූ කියලා කරපූ අනුමානේත් වැරදියි කියලා ඔප්පු කරලා....

" දැන් හරි නේ...මං යනවා..."

මින්හූ එහෙම කියලා අවසානේ එතනින් යන්න ගියා...නමුත් ටේහියුන්ග් හිටියේ ඒ කොල්ලාට උත්තර දී ගන්නවාත් පුලුවන් මනසකින් නෙමෙයි...ටේහියුන්ග් දන්නේත් නැහැ ඇයි තමන් මෙච්චර ජන්කුක් කැමති පුද්ගලයාව හොයන්න උත්සාහ ගන්නේ කියන්න...ඒ දේ තමන්ව අහේතුවකට රිද්දනවා උනාත් ඒ දැනෙන වේදනාවම ටේහියුන්ග්ව තවත් කුතුහලයෙන් මරලා දැම්මා...

මින්හූ එතනින් යද්දි ටේහියුන්ග් එහෙමම බැලුවේ ජන්කුක් දිහා...ජන්කුක්ගේ ඇස් වල කලින් ටේහියුන්ග් තමන්ටත් මුරණ්ඩු වෙලා කරපූ වැඩේ ගැන පුංචි කේන්තියක් ලියවිලා තිබ්බා...ඒ දේ ටේහියුන්ග්නුත් ජන්කුක්ගේ ඇස් වලින් හොඳාකාරවම දැක්කා...මොන රජකම කරාත් සිංහයා උනාත් කේන්ති ගියපූ සිංහ දේනුවගෙ ගෙරවුම් හඬට නිහඬයි වගේ මේ තරම් ශක්ති සම්පන්න ටේහියුන්ග්නුත් ජන්කුක්ගේ තරහාව යටතේ පුංචි දරුවෙක් වෙන්නේ ගත්තේ තප්පරයකටත් වඩා අඩූ කාලයකින්...මින්හූ එක්ක ඉද්දි තිබ්බ ටේහියුන්ග්ගේ ඒ තියුණු ඇස් ජන්කුක්ගේ නපුරු ඇස් ඉස්සරහ සංසුන් වෙලා වැරැද්දක් කරපූ පුංචි එකෙක් ගානට පරිවර්තනය උනේ නිරායාසයෙන් වගේ....

" මොකක්ද හියුන්ගී කරපූ වැඩේ..!!"

දෙදෙනා අතර තිබ්බ නිහඬ බව බිදාලමින් මුලින්ම හඬ අවදි කරන්න තීරණය කරේ ජන්කුක්....

" මට සමාවෙන්න ජන්කූ.."

" නැහැ ඔයාට සමාවක් නැහැ...!!! ඇයි එහෙම කරේ...? මං ඔයාට මගේ හිතේ තිබ්බ දේ කිව්වේ ඔයාව විශ්වාස කරපූ නිසා...ඒත් මොකක්ද ඔයා මෙතන කරන්නේ...? "

" ජන්කූ මට දැන ගන්න ඕන උනේ කවුද කියලා විතරයි... ඇරෙන්න වෙන මුකුත් නෙමෙයි..."

" මං කලිනුත් කිව්වානේ....මං ඒක වේලාවට කියන්නම්..."

" මං කුතුහලය හින්දායි ජන්කූ එහෙම ඇහුව්වේ...ඒක මගේ හිතට ගොඩාක් වද දෙනවා..."

" වැඩක් නැහැ...උත්සහා කරන්න එපා...ඔයා කවදාවත් එයාව තනියම හොයා ගන්න එකක් නැති වෙයි..."

" කිව්වේ ? කියන්නේ ජන්කූ ආදරේ කරන්නේ මේ ගමේ කෙනෙක්ට නෙමෙයි ? "

" ඔයාට නම් කියලා වැඩක් නැහැ හියුන්ගී...කැමති දෙයක් කර ගන්න...හොයලා හොයලා මහන්සි හැදුන තැනේදිවත් ඔය දේ අතාරින්න තීරණේ කරයි නේ..."

" කියන්නකෝ ජන්කූ...එයා ටවුමේ කෙනෙක්ද ? "

" මං දන්නේ නැහැ...මගේන් ඕවා ගැන අහන්න එපා...කියන්න පුලුවන් ටික මං ගඟ ලඟදි කිව්වා...තවත් කිසිම දෙයක් මම කියන්නේ නැහැ..."

ජන්කුක් එහෙම කියලා නිහඬ වෙද්දි තවත් එකමදේ හාර අවුස්ස අවුස්ස ගොඩ ගන්න එක කිසිම තේරුමක් නැහැ කියලා තේරුම් ගත්ත ටේහියුන්ග්ද එහෙමම නිහඬ උනා...

විනාඩියෙන් විනාඩිය ගත වෙලා ගමේ පැදුරු පාටියත් වෙනදා මෙන් විනෝදකාමීව ගෙවීගෙන ගිය අතරේ මීට සුලු මොහොතකට පෙර ටේහියුන්ග් එක්ක තරමක කෝපයෙන් හිටිය ජන්කුක් යලිත් වෙනදා වගේම ටේහියුන්ග් එක්ක විහිලු තහලූ කරමින් හිටියා...

ඊට ටික වෙලාවකට පස්සේ හැමෝම එතනට ගෙනාත් තිබ්බ යෝගට් කෝප්ප එකා අතර බෙදාගන්න පටන් ගනිද්දි මේ මොහොත උදා වෙනකන් බලන් හිටිය ටේහියුන්ග් තමන්ගේ අත් උඩ තිබ්බ කෝප්පේ දාරේට කට තියලා හැන්දෙන් ඒ සේරම යෝගට් ටික එක කටට හලා ගත්තේ තාම ජන්කුක් එයාගේ යෝගට් කෝප්පේ පලවෙනි කට ගැන හිතන්නත් කලිනුයි....

" ජන්කූට පුලුවන්ද තව යෝගට් එකක් මට ඉල්ලලා දෙන්න ? "

පලවෙනි හැන්ද කටේ දා ගන්න සැරසුන ජන්කුක් ගැස්සිලා ගියේ ටේහියුන්ග් කනට ලං වෙලා මුමුනපූ වචන ටික ඇහිලා...

" හියුන්ගී කාලාත් ඉවර ? "

" ඔව්"

" දෙයියනේ !! මේ දැන් නේ යෝගට් එක දීලා ගියේ..."

" එකේ චුට්ටයි තිබ්බේ...මගේ ඇඟට දැනුනේවත් නැහැ..."

" හියුන්ගී මාර මනුස්සෙක් නේ...ඔහොමත් කනවා ? "

" අනේ අනේ මට තව එකක් ඉල්ලලා දෙනවාකෝ...අනේ ජන්කූ..."

ටේහියුන්ගේ ජන්කුක්ගේ අතින් අල්ලන් ඒක හොල්ලන ගමන් හුරතල් වෙන්න පටන් ගන්නකොට කට ඉරක් කරන් ඔලුව දෙපැත්තට වැනුව ජන්කුක් ටේහියුන්ග්ගේ තොල් කෙලවර මහපට ඇඟිල්ලෙන් පිරි මැදලා තමන්ට කන්න කියලා ලැබුන යෝගට් කෝප්පේත් ටේහියුන්ග්ගේ පැත්තට දික් කරා...

ජන්කුක් තමන්ට දික් කරගෙන ඉන්න යෝගට් කෝප්පේ දැකලා ඇස් දිලිස ගත්ත ටේහියුන්ග් ඒකටත් කලින් යෝගට් එකට කරපූ දේම කරන්න ගත්තේ ඒ දිහා ජන්කුක්ගේ අප්‍රමාන ආදරයකින් පිරිලා ගිය ඇස් බලාගෙන ඉද්දි....

" ටේහියුන්ග්ගා නටන්න වරේන්කෝ..."

" මට දැන් බැහැ බං.."

යෝගට් තුනක් හතරක්ම කාලා බඩ පුම්බන් හිටිය ටේහියුන්ග් ඉදගෙන හිටිය බංකුවෙන් නැඟිටින්න තිබ්බ කම්මැලිකමට එහෙම කියලා ආයේත් සිංදු කියන කට්ටියට උදව් වෙන්න අත්පුඩු ගහන්න පටන් ගන්නකොට ටේහියුන්ග්ට නටන්න කියලා අඬ ගැහුව්ව කොල්ලාගේ ඇස් ඊලඟට කෙලින්ම ගියේ ජන්කුක් ගාවට....

" ජන්කුක් , ටේහියුන්ග්ට බැරි නම් අඩුම ඔයාවත් එන්නකෝ...අර බලන්න හැමෝම නටනවා නේ..."

" හියුන්ගී එන්නේ නැත්තම් මටත් බැහැ...ඔගොල්ලො ගිහින් නටන්න..."

නටන්න ආස කරාත් ඒ නටන්නත් ටේහියුන්ග්ව ඕන උන ජන්කුක් තමන්ගේ ආසාව යටිපත් කරගෙන ඒ විදිහට උත්තර දුන්නේ ඇත්තටම හිතකින් නම් නෙමෙයි....

" ඉදහන් මං එන්නම්...යමූ ජන්කූ..."

" හියුන්ගී කලින් කිව්වා නේ බැහැ කියලා..."

" උනාට දැන් ඕන...කෝ එන්න..."

ජන්කුක්ගේ හිත කියවනවා වගේ ජන්කුක් හිතන දේ පවා හරි ඉක්මනට තේරුම් ගන්න ටේහියුන්ග් තමන්ට නටන්න දැන් කිසිම උවනාවක් නොවුනාත් ජන්කුක්ද තමන් නිසා නටන්න නොයා ඉන්නවා දැක්ක ටේහියුන්ග් අවසානේ ජන්කුක්ගේ අතින් අල්ලගෙන එයාවත් ඇදගෙන ගිහින් නැවතුනේ අනිත් කෙල්ලො කොල්ලො ලඟ...

එතනින් ගෙවුන හැම තප්පරේම එයාලා නැටුවා සිංදු කිව්වා...කෙටියෙන් කිව්වොත් ඔවුන් ඒ මොහොතේ විනෝදය කියන වචනේ උපරිමෙන්ම වින්දා....

නමුත් ඒ දෙන්නාටම අමතක උනා ලෝකේ ස්වභාවය අනුව හිනා වෙන්නත් සීමාවන් තියෙන බව...

ටේහියුන්ග් ජන්කුක් දෙන්නා වටේට රොක් වෙලා ඉන්න සෙනග අතරේන් වැඩිය කාටත් නොපෙනන පැත්තකට ආවා...ඒ නැතත් එතන හිටිය හැමෝගේම අවදානේ ටේහියුන්ග් ජන්කුක් දෙන්නාට පමණක් දෙන්න නොහැකි උනේ ඒ හැමෝගෙම අවදානේ මේ වෙනකොටත් ගිනි මැලේ වටේ ඉදන් නටන ගමේ පොඩි උන් දිහාවට ගිහින් තිබ්බ නිසා...

තවමත් ටේහියුන්ග් ජන්කුක් දෙන්නා ගිනි මැලේ තියෙන හරියෙන් එලියට නාවට එයාලා හිටිය හරියේ සේරමල්ලාම වෙන වෙන රාජකාරින් වලට කාර්යයබහුල වෙලා හිටිය හේතුවෙන් ඒ තැන සම්පුර්ණයෙන්ම වගේ හිස් වෙලා තිබ්බේ නිකන් බංකු ටිකක් විතරක් ඉතිරි කරලා....

" ජන්කූ..."

ටේහියුන්ග් ජන්කුක්ගේ ඉණ වටේ හෙමින් අත ගෙනියද්දි ඒ ස්පර්ශය අදුර ගත්ත ජන්කුක් මෙච්චර වෙලා හිතෙන හිතෙන විදිහට නටන ලමයි දිහා බලන් හිනා වෙවී හිටිය එක නවත්තලා ඉක්මනින්ම ටේහියුන්ග් දිහා බැලුවා...

" හ්..හියුන්ගී..."

තමන්ගේ කමිසය ඇතුලට හෙමින් යන ටේහියුන්ග්ගේ ඇඟිලි වල උෂ්ණත්වය දැනුනු ජන්කුක් ටේහියුන්ග් තමන්ට කලින් කතා කරා වගේම හෙමින් මුමුනලා තමන්ව අඩපණ කරන ටේහියුන්ග්ගේ ස්පර්ශයන් දරා ගන්න ටේහියුන්ග්ගේ කමිසයේ යට කොණ තදින් ඇඟිලි තුඩු අතර හිර කර ගත්තා....

සමාන්‍යයෙන් තමන් ලඟ නිවිලා තියෙන ඇස් තමන් ලඟදිම අමුතු ස්වභාවයක් ගත්ත විදිහ දැක්ක ජන්කුක් ටේහියුන්ග්ගේ ඇස් ඒ විදිහට වෙනස් වෙන්න හේතුව දන්න නිසාම වේගෙන් හුස්ම ඉහල පහල කරා....

ටේහියුන්ගේ අතත් මේ මොහොතේ තමන්ගේ ගමනේ අවසානේ විදිහට ජන්කුක්ගේ ඉණ දිගේ ගිහින් අන්තිමට නැවතිලා තිබුනේ ඒ පිරිපුන් පිටුපස ලඟ....

එයාලා අතර හැමදාමත් වගේ කැරකුන ඒ උණුසුම් හුළඟ මේ දැනුත් ඒ වගේම කැරකෙද්දි ටේහියුන්ග් ජන්කුක්ගේ බෙල්ල ඉලක්ක කරන් එතනට හෙමින් පහත් උනේ අනිත් පැත්තෙන් ජන්කුක්ද ගමේ මිනිස්සු කියනවායි කිව්ව කටකතා ගැනත් මොහොතකට අමතක කරලා ඇස් වහ ගනිද්දි.....

" පුංචි මහත්තයා...!! "

අඩි කිහිපයක දුරින් ඉදන් ඇහුන හුරුපුරුදු කට හඬට නිදහසේ වහගෙන හිටිය ඇස් කලබලෙන් ඇරිය ටේහියුන්ග් ජන්කුක්ගේ බෙල්ල ලඟින්ම තමන්ගේ වම් පැත්තට ඔලුව හැරෙව්වා...

නට නට ඉන්න මිනිස්සු අතරේන් ටේහියුන්ග්ව එකිනෙකාගෙන් අහ අහ ඉස්සරහට ඇදෙන ගෙදර සේවකයාව දැක්ක ටේහියුන්ග් ජන්කුක්ගේ කලිසමට උඩින් අල්ලන් හිටිය ජන්කුක්ගේ පිටුපස අත ඇරලා කොණ්ද කෙලින් කර ගත්තා....

" මාමේ මං මෙහේ...!!! "

ටේහියුන්ග් ටිකක් සද්දෙන් කෑගහලා අතක් උඩට කරලා වනද්දි තමන්ගේ වටේ හිටිය හැමෝම අතරින් ඇඟිලි තුඩු වලින් ඉස්සිලා යාන්තමට ඇහුන ටේහියුන්ග්ගේ කට හඬ ආපූ දිහාවට ඔලුව හැරෙව්ව ඒ සේවකයා දඩිබිඩියේ එකිනෙකාව තල්ලු කරන් ටේහියුන්ග් ලඟට ගියා...

" අපි යමූ.."

" මොකක්ද කාරණාව..."

" පුංචි මහත්තයා අපි යමූ..."

" මට මුලින් කාරණාව කියලා ඉන්න...ඇයි මේ හදිස්සියෙන් වගේ..."

" කාරණාව යන ගමන් කියන්නම්...අපි පරක්කු උනොත් තවත් ප්‍රශ්නයක් වෙයි..."

" ඉතිං මාමේ මට මුලින් කාරණාව කියලා ඉන්න..."

"කිම් මහත්මිය දැනටමත් එනවා ඇති.."

" කිව්වේ ? "

" කිම් මහත්මිය ඔයාව හොයන-"

" කිම් ටේහියුන්ග්......!!!! "

නමුත් සේවකයාගේ වචන ඒ වෙනකොටත් පරක්කු වැඩි උනේ ලඟින්ම ඇහුන ඒ ගාම්භීර කට හඬ නිසා...

ඒ කෑගැහිල්ලත් එක්ක මෙච්චර වෙලා ඇහුන සංගීත සද්දෙත් ඒ සංගිත වලට හරියන්න අඩි තියමින් නර්තනයේ යේදුන අයත් නැවතුනේ හැම පැත්තම එකම එක තප්පරේකට සම්පුර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලා යද්දි...

" ක්..කිම් මහත්මිය...? "

" ටේහියුන්ග් කොහෙද ? "

සේරීගේ එහා පැත්තේ හිටගෙන හිටිය පිරිමි කෙනා යටහත් පහත් ස්වරයෙන් සේරීව අමතනකොට ඒ මනුස්සයා දිහාත් රවලා බැලුව සේරී ඇහුව්වේ ටේහියුන්ග් කොහෙද කියන එක විතරයි....

ගමේ මිනිස්සු ටේහියුන්ග්ට වගේම දේහියුන්ග්ටත් හුඟාක් ගරු කරාත් ඒ හැම පුද්ගලයාගේම හිත් වල සේරීට තිබ්බේ ගරු කිරිමකට වඩා බයක්...කවදාවත් ගමේ මිනිස්සු එකතු වෙලා කරන වැඩවල් වලට සහයෝගය නොදක්වන සේරීගේ මේ පැමිණිම හැමෝවම පුදුමයකට ලක් කරාත් සේරී ඇවිත් තියෙන්නේ ටේහියුන්ග්ව ගෙනියන්න කියලා වැටහුන වහාම ගම්මුන් සියලූ දෙනාම ටේහියුන්ග්ට අනුකාම්පා කරන්න උනා....

සේරී ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානේ ගමේ මිනිස්සු එහාට වෙලා සේරීට යන්න පාර හදන අතරේ සේරීගේ කෝපයටම ගිනි දැල් පත්තු උන ඇස් කෙලින්ම නැවතිලා තිබ්බේ ජන්කුක්ගේ අතින් අල්ලන් එයාව තමන්ගේ පිටිපස්සට ගත්ත ටේහියුන්ග් ලඟ...

ටේහියුන්ට හුඟාක්ම ලැඳි හේතුවෙන් ගමේ අනික් මිනිස්සුන්ටත් වඩා සේරීට බය ජන්කුක්ව මේ වෙනකොටත් වතුරෙන් ගොඩට ගත්ත මාලුවෙක් වගේ ගැහෙන්න පටන් ගත්තේ සේරී එදා ඉදලාම කෙරුව අනතුරු ඇඟවීම් මතක් වෙලා....ජන්කුක්ගේ අත් වේගෙන් ගැහෙන විදිහ දැනුන ටේහියුන්ග් ජන්කුක්ගේ අත තදින් අල්ලන් නොකියා හඟවන්න උත්සහා කරේ තමන් මොනවත් ජන්කුක්ට වෙන්න නොදෙන බවයි...

අවසානේ සේරී ටේහියුන්ග්ගේ ඉදිරියේ හිටගෙන ජන්කුක් දිහා එකපාරක් බලලා නැවතත් ටේහියුන්ග් දිහාට හැරුනා...

කිසිම සද්දයක් නොවුන පරිසරයේ හැමෝම බලාගෙන හිටියේ ඊලඟට මොනා වෙයිද යන්න කුතුහලයත් එක්ක....

තප්පර කිහිපයක් නිහඬව ගෙවුනා....

නමුත්....

Slap ~

මුලු පැත්තම දෙදරවමින් ඇහුන සද්දේට ජන්කුක් ඉක්මනින් තමන්ගේ කට අත් දෙකින්ම වහ ගත්තේ මීට තප්පරයකට කලින් සිද්ද උන දෙයින් තමන්ගේ කටින් සද්දෙන් ඉකියක් පිට උන නිසා...

හැමෝම උඩට ගත්ත හුස්ම එතනම නතර කර ගනිද්දි ටේහියුන්ග්ගේ එක කම්මුලක් සම්පුර්ණයෙන්ම රත් පැහැයට හැරිලා විශාල වේදනාවක් පැතිරේමින් තිබුනා...නමුත් එක කඳුලු බිඳවක්වත් නොහෙල්ලන්න මහන්සි නොවුන ටේහියුන්ග් වෙනුවට මේ වෙනකොටත් ඉකි ගහන්න පටන් අරන් තිබුනේ කම්මුල් පාර වැදුන ටේහියුන්ග්ටත් වඩා වේදනාවෙන් හිටිය ජන්කුකුයි...

ගමක් ඉස්සරහම තමන්ව ලැජ්ජාවට පත් කරපූ සේරී ගැන ටේහියුන්ග්ගේ හිතේ ඇති උනේ දරාගත නොහැකි තරහාවක්...ඒත් ඒ තරහාව හට ගන්න මූලීකම කාරණාව උනේ තමන්ට වැදුන කම්මුල් පාරටත් වඩා ඊට පිටිපස්සේන් ඇහෙන ජන්කුක්ගේ හීන් ඉකි ගැසීමයි....

මෙච්චර වෙලා තමන් එක්ක හිනා වෙවී සතුටින් හිටිය ජන්කුක් සද්දෙන් ඉකි ගගහ අඬන්න පටන් ගන්නකොට එදා ඉදලාම ඒ දිලිසෙන ඇස් වලින් වැටෙන හැම කඳුලු බිඳකටම වෛර කරන ටේහියුන්ග්ට මොහොතකට තමන්ගේ මව ගැනම කලකිරෙන්න ගත්තා....

අත් දෙක මිට මොලවන් , දත් එකට එක තද කරන් තමන්ගේ කේන්තිය පාලනය කරගන්න ලොකු උත්සාහයක් දරමින් හිටිය ටේහියුන්ග් සේරී දිහා එකපාරක් බලලා ඒ ඇඟේ වැදීගෙනම කේන්තියෙන් එතනින් යන්න ගියේ සේරීගේත් පිට වීමෙන් පස්සේ එතනම බංකුවක වාඩී වෙලා තමන් පිට සේරම වැරදී දා ගත්ත ජන්කුක් කාටවත් පාලනය කරගත නොහැකි වෙන අයුරෙන් කෑගහලා අඬන්න ගනිද්දි....

.

.

.

.

හායි
ඔන්න දිගම දිග චැප් එකකින් ආවා...මෙච්චර ලිව්ව පලවෙනි චැප් එක...

ශුවර් නැත්තම් ඔන්න බලන්නකෝ...

එහෙනම් මහන්සියටම මොනා හරි කියාගෙන යන්නකෝ...

ආයේ ඉක්මනින් මුන ගැහෙමු...බායි බායි...

Continue Reading

You'll Also Like

5.9M 251K 63
Jungkook is a single CEO father, and Taehyung is a college student looking for work. Jungkook has children who are afraid of other people, but things...
191M 4.5M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...
55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...
106K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...