Stolen Love

By U_MiShi

148K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 15

1.5K 368 289
By U_MiShi

Comment goal 100

මෙහෙම....

ජන්කුක්ගෙ ඇගිලි රටාකවට ඔහුගෙ ඇගිලි අතර පටලගනිමින් එකින් එක නැවුව ටේහියුන්ග් ඊලගට කරන්න ඕනෙ එක ජන්කුක් ට කියලා දුන්නා...


දැනෙනවද?...

ටේහියුන්ග් ඇගිලි නවන රටාව දිහා බලන් එකින් එක ඇගිලි නවපු ජන්කුක් ටේහියුන්ග් දිහාම බලන් ඉද්දි එකිනෙකට පැටලුන ඇගිලි ජන්කුක්ගෙ පපුව මතට තල්ලු කරපු ටේහියුන්ග් ජන්කුක් ගෙ ඇස් වලට එබුනා.


ඔයාගෙ හද ගැස්ම ඔයාව උනුසුම් කරනවා....මගෙ හද ගැස්මත් ඔයාව උනුසුම් කරනවා...

අනෙක් අතත් ජන්කුක් ට දික් කරමින් ටේහියුන්ග් කිවුවේ මේ වතාවෙ ඔයා උත්සහ කරන්න කියලා ජන්කුක් ට පෙන්නමින්..



පයින් කැලෑවම අදුරෙන් වහගෙන ඇදහැලෙන වර්ශාවෙ සීතලෙන් ගැලවෙන්න ජන්කුක්ට කියලා දෙන ටේහියුන්ග් දිහා ජන්කුක් අමුතු විදියට බලන් හිටියා..


ඇයි?

මේ තරම් වෙලාවක් නිහඩව හිටිය ජන්කුක් එහෙම අහද්දි ජන්කුක් ගෙ ඇස් දිහා ඇස් උස්සලා බැලුව ටේහියුන්ග් හිනාවුනා...


එතකොට මම ඔයාට ණය නැති වෙයි...

මොකටද?

අද දවස වෙනුවෙන්....


හෙමින් මුමුනපු ටේහියුන්ග් ජන්කුක්ගෙ ඇගිලි හා පටලැනුනු ඔහු අනෙක් අත  ඔහුගෙ පපුව උඩින් තියාගනිමින් පයින් ගහට හේත්තු වුනා...



ඒක මම තමුන් වෙනුවෙන් කරපු දෙයක් නෙවෙයි..



මම දන්නවා....ඔයාට මාව කියවන්න ඕනෙ ....එතකොට ඔයාට කම්මැලි නැහැ...

ඔයා වගෙ කෙනෙක්ට ප්‍රහේලිකාවක් විසදන්න ඇති වෙන ආසාව ඕනෙම සීමාවක් බිදලා දාන තරම් දුරකට ඇදගෙන යන්න තරම් මත් වෙන බෙහෙතක් වගෙ ඒ වගේම ඒ මත් ගතියට ඔයා ආස කරනවා...ඒ වෙනුවෙනුයි මට ඕනෙ දෙයක් කරගන්න දීලා ඔයා බලන් හිටියෙ...

ඉතින් ජන්කුක් කියන්න මට..


ටේහියුන්ග් දිහා දැනටමත් බලන් ඉන්න ජන්කුක් දිහාවට හැරුන ටේහියුන්ග් ජන්කුක් ගෙ ඇස් වලට එබුනා...

කොයිතරම් දුරට ප්‍රහේලිකාව විසදගත්තද ?


යම් තාක් දුරක්....

තොල් අග ආඩම්බර හිනාවක් රදවගනිමින් කිවුව ජන්කුක් වැටෙන වැහි බිංදු දිහා බලන් නිහඩ වුනා....




ඔයාට පුලුවන් ප්‍රෙහේලිකාව ගැන කෙලින්ම මගෙන් අහන්න...

නිහඩතාවය බිදිමින් ටේහියුන්ග් කතාකලත් ටේහියුන්ග් ට හිනාවුන ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවා..



මට පුලුවන් ..ඕනෙම වෙලාවක ලේසියෙන්ම හොයාගන්න මට පුලුවන් ..

විල්සන්ගෙන් ...අප්පගෙන්.. .ඕනෙම කෙනෙක්ගෙන් දැනගන්න ...

හැම දෙයක්ම මම දැනගනී...ඊටපස්සෙ මොකද වෙන්නෙ? ආයෙමත් මට කම්මැලි හිතෙයි...



ජන්කුක් කියද්දි ටේහියුන්ග් ගෙ තොල් අග ඇදුනෙ ලා හිනාවක්...


ඔවු ඔයා වගෙ කෙනෙක්ට ඒක එහෙම වෙන්න ඕනෙ ...


ඔවු....

ටේහියුන්ග් ගෙ හිනාවෙ මිශ්‍ර වෙලා තිබුන වේදනාව ජන්කුක් ට දැනුනත් ඔහු ඒ ගැන නොහිතා ඉන්න තීරනය කලා...

ඒස්‍රා...


හ්ම්ම්.. .


මම මෙහෙම කිවුවොත්....


කොහොමද?


තමුන්ට යන්න පුලුවන් කියලා....මගෙ හිත වෙනස් වෙන්න කලින් මෙතනින් පැනලා යන්න කියලා....


ජන්කුක් කියද්දි ටේහියුන්ග් හිනාවුනා...


ජන්කුක් මගෙ උත්තරෙ දැනගෙන මොකටද මාව පරීක්ෂා කරන්නෙ. ජන්කුක් දැනටමත් මගෙ උත්තරෙ නිගමනය කරලා ඉවරයි .




මම දන්නවා තමුන්ට ඕනෙ පැනලා යන්න නෙවෙයි කියලා...එහෙම ඕනෙ නම් සමහරවිට තමුන් පැනලා ගිහිල්ලා...
ඇයි එහෙම නොකලේ ඒස්‍රා ? ඔයාට මොනවද ඕනෙ? ඇයි අප්පා ඔයාව හිර කරගෙන ඉන්නෙ? මට හොයාගන්න ඕනෙ....

ටේහියුන්ගෙත් ජන්කුක් ගෙත් එකට පැටලුනු අත උස්සපු ජන්කුක් ටේහියුන්ග් ගෙ මුහුනට වැටුන කොන්ඩ කැරලි කන පිටිපස්සෙ රැදෙවුවා...


ඒත් ජන්කුක් කියන්නෙ අනිත් මිනිස්සුගෙ ප්‍රශ්න වලට ඇගිලි ගහන කෙනෙක් නෙවෙයි කියලා ජන්කුක්ම නේද මට කිවුවේ...

ජන්කුක්ගෙ ඇස් දිහා බලන් ටේහියුන්ග් අහද්දි ජන්කුක් ගෙ තොල් අගින් පිටවුනේ හිනාවක්..ඔලුව් වනමින් හිනාවුන ජන්කුක් ටේහියුන්ග් ගෙ ඇස් දිහා ආයෙමත් බැලුවා...



මම කිවුවා....


එහෙනම් මොකක්ද හේතුව?


ආශාව හා කුතුහලය...මම තමුන්ට කිවුවේ නැද්ද ඒස්‍රා ..ප්‍රශ්නය කොයිතරම් දුරට interesting ද කියන එක මත මගෙ තීරනය වෙනස් වෙනවා..

තමුන්මයි තමුන්ගෙ සෙල්ලමට මාව ගෙන්න ගත්තෙ...ඉතින් සෙල්ලම් කරන්න කලින් ල් සෙල්ලම් කරන්න යන්නෙ මොන වගෙ සෙල්ලමක්ද කියලා මම දැනගෙන්න ඉන්න ඕනෙ එහෙම නේද?

සෙල්ලම් කරන සෙල්ලම ගැන කිසිම අවබෝදයක් නැතුව සෙල්ලම් කරන්න ගියිත් සෙල්ලම පටන් ගන්නත් කලින් මට පරාද වෙන්නයි වෙන්නෙ.. මම ඒක අද තවත් හොදට තේරුම් ගත්තා..
මම ඒකට කැමති නැහැ..




එහෙනම් මම බලන් ඉන්නම්..  ජන්කුක්ම හොයාගන්නකම්...


ගුඩ්....


ඔයාගෙ අත් උනුසුම් කරගන්න... ටේහියුන්ගෙත් ජන්කුක්ගෙත් පැටලුනු එක අතකට ටේහියුන්ග් පිබිද්දි ටේහියුන්ග් දිහා බලාගෙනම ජන්කුක් ඔවුන්ගෙ පැටලුනු අනෙක් අත උනුසුම් හුස්මෙන් උනුසුම් කලා..


























කඩන් වැටුන වැස්ස ටිකෙන් ටික නතර වෙලා ගියත් අදුරු අහසෙ අදුර නැති වුනේ නැහැ...ඒත් අද රාත්‍රි අහසෙ අදුර තනි නොකර ඉන්න පුංචි පුංචි තරු පායලා..

විල්සන්ලා අපිව හොයනවා ඇති. නැගිටින්න යන්න ඕනේ...


පයින් ගහ යටින් නැගිට්ට ජන්කුක් ටේහියුන්ග් දිහාවට හැරිලා කතාකලත් ටේහියුන්ග් තවමත් සන්සුන්ව අදුරු අහස දිහා බලන්..

තමුන් තරු වලට ඔය තරමටම කැමතිද?



එයාලා මට මතක් කරනවා....


මොනවද?


මම තනි වෙලා නැහැ කියලා....
කොයිතරම් මහන්සි දැනුනත් නතර වෙන්න එපා කියලා..
පාලු අදුරෙන් තනි වුන මගෙ ජීවිතේ ඔවුන්ට ආලෝකමත් කරන්න පුලුවන් කියලා.
කොයිතරම් දුර ගියත් ඔවුන් මාව තනි කලේ නැහැ කියලා...
ඔවුන් මං දිහා බලන් ඉන්නවා කියලා..


අහස දිහා බලන් හිටිය ටේහියුන්ග් ජන්කුක් හිටගෙන ඉන්න දිහා බැලුවත් ජන්කුක් ඔහු හිටගෙන ඉන්න තැනින් අඩි කිහිපයක් ඉස්සරහට ගිහින් තිබුනා...

මගෙ වේදනාවන් වලට ඇහුම්කන් දෙන්න කවුරුත්ම නැති වුනත් ඔවුන්ට මං ලග ඉන්න බැරි වුනත් බලාපොරොත්තුව අතහරින්න එපා කියලා තරු මට මතක් කරනවා...

තනියම මුමුනපු ටේහියුන්ග් කකුල් දෙක එකතු කරලා කකුල් දෙක උඩින් නිකට තියන් ඇස් පියාගත්තා...

මට ගොඩක් මතක් වෙනවා....

හෙමින් මුමුනපු ටේහියුන්ග් ගෙ ඇස් අගින් කදුලක් පහලට රෑටලා ගියා....



ඒස්‍රා ඇනබෙල් තමුන් එනවද නැත්තම් මම මගෙ පැටවු තුන්දෙනාව එවන්නද තමුන්ව කැන්දන් යන්න...

ටිකක් ඈතින් ඇහුන ජන්කුක් ගෙ කටහඩ ටේහියුන්ග් ගෙ තොල් අග ලා හිනාවක් ඇති කලා ..

මම එනවා....














තමුන් මීට කලිනුත් මේ කැලෑවෙට හොරෙන් එනවා නේද?

අතරමං වත් වෙන්නෙ නැතුව හරිපාරෙම ඇවිදන් ආපු ජන්කුක් ඈත ලාවට පේන පෙන්ත්හවුස් එක දිහා බලන් ඇහුවෙ ටේහියුන්ග් ලාවට හිනාවෙද්දි..

හද පායන හැම රැයකම....


කොහොමද?


අත දික් කරලා පෙන්ත්හවුස් එක පෙන්නපු ටේහියුන්ග් ජන්කුක් දිහා බලලා ආයෙමත් හිනාවුනේ ජන්කුක් සෝ ඩන් ෆේස් එකකින් ටේහියුන්ග් දිහා බලද්දි...

තමුන් එහෙමයි එහෙනම් මගෙ කාමරෙ බැල්කනි එකට ආවෙ...


ටේහියුන්ග් හෙමින් හිස වැනුවා...


එදත් හද පායපු දවසක්..මගෙ බැල්කනි එකට එන එක කැලෑවට ඇවිත් යන එකට වඩා තමුන්ට වැදගත් වුනා... Interesting ...
මං වගේ හැන්ඩ්සම් කොල්ලෙක් දැක්කම එහෙම වෙනවා තමා...


ආඩම්බරෙන් හිනාවෙන ජන්කුක් දිහා බැලුව ටේහියුන්ග් ජන්කුක්ගෙ ඔලුවට ගහන්න ඔහු තුල ඇති වෙන හදිසි ආශාව මැඩ පවත්වා ගත්තා..


ඒත් මට තවදුරටත් එහෙම යන්න බැරි වෙයි. 


යකඩ කූරු?

බැල්කනියට යන ජනේල වහලා දාලා එයාලා යකඩ කූරු ගැහුවා...එයාලා බය වෙන්න ඇති එයාලගෙ පොඩි බේබිව මම ගිලලා දායි කියලා.


ටේහියුන්ග් කියද්දි ජන්කුක් ඇස් රෝල් කලා...


තමුන්ට ගිලින්න පුලුවන් ඒත් මාව නෙවේ  මගෙ මිනි ජන්කුක්ව.. wanna try baby boy?


ටේහියුන්ගෙ කන් පෙති ලගට නැවුනු ජන්කුක් ‍රහස් හඩින් ඇහුවෙ ටේහියුන්ග් ජන්කුක් ගෙ කකුල පාගන්න උත්සහ කරද්දි ඒත් ඊට ඉස්සර වුන ජන්කුක් ටේහියුන්ග් ගෙ කකුලට කකුල් මාට්ටුවක් දැන්මෙ බැලන්ස් එක නැති වුන ටේහියුන්ග් බිමට ඇදගෙන වැටෙද්දි...


ඒත් බිම නොවැදුන ටේහියුන්ග් ජන්කුක් ගෙ ඇස් දිහා බලන් හිටියා..ජන්කුක්ගෙ එක අතක් ටේහියුන්ග් ගෙ ඉන වටේ එතිලා තියෙද්දි අනෙක් අත ටේහියුන්ග් ගෙ කම්මුල් උඩට පහලට ස්පර්ශ කලා. .



අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නෙ නැති ජන්කුක් වැරදිලා හරි ඒ වගෙ ප්‍රශ්නෙකට ඇගිලි ගහනවා බලන්න ඕනේ වුනොත්  ඒ වෙනුවෙන් මම මොනවද කරන්න ඕනෙ ජන්කුක් ?

කුතුහලයක් ආශාවක් මගෙ හිතේ ඇති කරන එක...


මට ලකුනු කීයක් දෙනවද ජන්කුක් ?

එස්‍රා ඇනබෙල්....


ටේහියුන්ග් දිහා බලන් මුමුනපු ජන්කුක් ඔලුව දෙපැත්තට වනමින් හිනාවුනා...


ප්‍රහේලිකාව විසදගත්ත දවසක ජන්කුක් සෙල්ලම්
කරන්න පටන් ගනියි නේද?එතකන් මට බලන් ඉන්න වෙනවද?

සමහරක් විට..ඒක අවිනිශ්චිතයි..මමවත් උත්තරය නොදන්න දෙයක්...ඒක මෙහෙමයි...ප්‍රහේලිකාවෙන් මට ලැබෙන අවසන් උත්තරය මාව කම්මැලි නොකලොත් මම සෙල්ලම් කරයි..

නැත්තම්?

ටේහියුන්ගෙ ඇස් වල ඇදිලා තිබුනෙ අමුතු හැගීමක්...


නැත්තම් මම ඉස්සරහට ඇවිදන් යයි...මම විසදපු ප්‍රෙහේලිකා මට ලැබුනු උත්තර හැමදෙයක්ම අමතක කරලා මම මගෙ පාඩුවෙ ඉස්සරහට ඇවිදන් යයි...


ප්‍රහේලිකාව අවසානයෙ ජන්න්කුක්ට කම්මැලි හිතුනෙ නැත්තම් ජන්කුක් මට උදවු කරයිද?


එහෙම කරන්න හේතුවක් මට ලැබෙයි කියලා මම හිතන් නැහැ...
අපි දෙන්නා කන්ඩායම් දෙකක්...

ඒස්‍රා මගෙ දඩයම මම ඒස්‍රාගෙ දඩයක්කාරයා....

ඔයාට ඇති තරම් දුවන්න දීලා පාඩුවෙ බලන් ඉන්න හදපු මාව ඔයාමනෙ මේවට ගාවගත්තෙ...

ඔය පුංචි මොලේ ඇතුලට දාගන්න...
සන්සුන්ම ප්‍රතිචාරය ලැබෙන ප්‍රතිවාදියව කවදාවත් විශ්වාස කරන්න එපා..
එයාලා සූදානම් වෙනවා....ගොඩක් හොදට සූදානම් වෙනවා...

ටේහියුන්ගෙ ඔලුවට තට්ටු කරපු ජන්කුක් එහෙම කියනවත් එක්කම ජන්කුක්ලා ඉන්න දිහාවට යොමුවුනෙ ටෝච් එලි ගොඩක අලෝකයක්..





පොඩි බේබිව හොයාගත්තා .....


ටේහියුන්ග්?

ජන්කුක්ට ඇහුනු ඔහුට හුරුපුරුදු කටහඩක්...



ටේහියුන්ග් බේබිත් ඉන්නවා.....


ජන්කුක්ගෙ අත් උඩ වැටිලා ඉන්න ටේහියුන්ග් ගෙ මූනට ජන්කුක් එබුනා...ජන්කුක්ගෙ තොල් අග ඇදුනේ හිනාවක්...



ඒස්‍රා ඇනබෙල්....


සිහිය නැහැ වගේ ජන්කුක් ගෙ අත් උඩ ඉන්න ටේහියුන්ග් ව හරහට උස්සගෙන ජන්කුක් ටේහියුන්ග් ගෙ කනට කරලා රහසින් මිමිනුවා...

ඒත් ජන්කුක්ට ටේහියුන්ග් ව වඩාගෙන ඉස්සරහට යන්න වුනේ නැහැ...

අදුර මැදින් එන ටෝර්ච් එලි අලෝකයෙන් ඉස්සරහට ඇවිදන් ආපු රුව ජන්කුක් ඉස්සරහින් හිටගත්තා...


ඕහ් මින් යුන්ගි....

ජන්කුක් දිහා බලන් ඉන්න යුන්ගි දිහා බලන් ජන්කුක් සමච්චල් සහගත හඩකින් කතාකලා...

පොඩි බේබි...

ජන්කුක්ට හිස නවලා ආචාර කරපු යුන්ගි ජන්කුක්ට එතනින් එහා වචනයක්වත් නොකියා ඔහු අතේ ඉන්න ටේහියුන්ග් ව උස්සලා වඩාගත්තා...

අත් අතර දැනුන උනුසුම ඈතට යද්දි ජන්කුක් ට දැනුනෙ අමුතු හැගීමක්..


පොඩි බේබි ...මගෙ පොඩි බේබි විල්සන් බය වුනා මගෙ පොඩි බේබිට කරදරයක් වෙලා කියලා.. අනේ මගෙ පොඩි බේබි හොදින් නේද?


ලොකු බ්ලැන්කට් එකක් උස්සන් දුවන් ආව විල්සන් ජන්කුක් ගෙ නිරුවත් උඩුකය ආවරනය කරමින් ජන්කුක් ගෙන් ප්‍රශ්න කරන්න ගත්තත්....

ජන්කුක්ගෙ අවදානය යොමු වෙලා තිබ්බෙ ඔහුගෙන් ඈතට ඇවිදන් යන යුන්ගි දිහාවට....



ප්‍රහේලිකාව අවසානෙ තවදුරටත් සෙල්ලම් කරන්න හේතුවක් ලැබෙනවට මම කැමති ඒස්‍රා ...
ඒත් කාගෙ කන්ඩායමට සෙල්ලම් කරයිද මම?


මොනවද මම හොයාගත්තෙ කියලා ඔයා ඇහුවා නේද?
මම හොයාගත්තා.. .

ඒස්‍රා කියන්නෙ ශක්තිමත් කියලා පෙන්නන්න උත්සහ කරන දුර්වලයෙක් ...

ශක්තිමත් ගසක් නැතුව ඉර හොයාගෙන උඩට ඇදෙන්න බැරි වැලක් වගෙ...

ශක්තිමත් ගසක් නැතුව ඒස්‍රා ට කවදාවත් ඉර හොයාගෙන යන්න බැරි වෙයි....

ඒත් ඒ ගහ කවුද? 

මට කියන්න එපා මගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න තරම් තමුන් මෝඩ වුනා කියල නම්...















-----------

හායි...

අද මොකද හිතුනේ කතාව ගැන?

ජන්කුක්ගෙ චරිතෙ

ටේහියුන්ගෙ චරිතෙ

ගැන සිතුවිලි කොහොමද අද?

ඔයාලට තේරුනාද එයාලගෙ කතා බහ..🥲තේරුම් නෑ කියන්න එපා ටිකක් හිතන්න.

ටේහියුන්ග් ජන්කුක්ගෙ කාමරයට ගියේ බැල්කනියෙන් ඒත් පස්සෙ ඒකට යකඩ කූරු ගැහුවා...

ටේහියුන්ග් කලිනුට්ජ් කැලෑවට ගිහින් ආයෙමත් කාමරයට ඇවිත් එයාට ඕනෙ කලේ පැනලා යන්න නෙවෙයි...

Continue Reading

You'll Also Like

17K 2.8K 22
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
271K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...
9.1K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...
109K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...