Stolen Love

By U_MiShi

148K 33.5K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 12

1.4K 405 181
By U_MiShi

Vote goal 100
Comment goal 100

මොකක්ද ඒ ගමන පටන් අරගෙන තියන අලුත් නාඩගම...

නිදහසක් විදින්න කියලා ආවත් ආව දවස් ටිකේම කලේ පෙන්ත්හවුස් එකට වෙලා නිදියගන්න එක නිසා අද උදෙන්ම ජන්කුක් පෙන්ත්හවුස් එකෙන් එලියට බැහැලා ගියේ හැමෝම කියන ජේජු ඇත්තටම ඒ තරමටම ලස්සනද කියලා බලන්න...

ජන්කුක්ගෙ ගමන ගැන ඔහු සෑහීමටත් පත් වුනා...ජේජු ලස්සනයි...ජන්කුක් ආස කලා ජේජු වල ස්වභදහමට...අමුතුම මායාවක් ජේජු ස්වභදහමේ ජන්කුක්ට දැනුනා..




හොද මූඩ් එකකින් ආයෙමත් පෙන්ත්හවුස් එක බලා වාහනය drive කරපු ජන්කුක් වාහනය පාර්ක් කරලා වාහනෙන් බහිනගමන් නලල රැලි කරගත්තෙ කලබලෙන් පෙන්ත්හවුස් එක ඇතුලට දුවන සිකියුරිටි ගාර්ඩ්ස්ලා දකිද්දි...

යතුරු කැරැල්ල අතින් අතට උඩ දාලා මාරු කරපු ජන්කුක් දිවෙන් කම්මුල තද කරමින් පෙන්ත්හවුස් එක දිහාවට ඇවිද්දෙ අද පටන් අරගෙන තියන අලුත් ඩ්‍රාමා එක මොකක්ද හිතමින්...



වට් ද...

පඩිපෙල නගින්න ගත්ත ජන්කුක් ගෙ ඇගේ හැපීගෙන කලබලෙන් පඩිපෙල බැහැගෙන ආව මනුස්සයෙක් දුවන් ගියේ වැදුන වේගෙට ජන්කුක් ව පස්සට විසික් වෙද්දි...


කේන්තියෙන් ජන්කුක් න් මනුස්සයා දිවුව දිහා හැරිලා බැලුවත් ජන්කුක්ගෙන් සමාව වත් ගන්නෙ නැතුව ඔහු වේගෙන් එලියට දුවලා ඉවරයි...



තිබ්බ හොද මූඩ් එක නැති වුන ජන්කුක් දෙබැම රැලි කරගෙන පඩිපෙල නැග්ගා ....ජන්කුක්ට කම්මැලි හිතුනා මේ වෙලාවෙ මනුස්සයා හොයාගෙන යන්න..ඒක ඔහුගෙ වාසනාවක්..එහෙම නොවුනනම්.....

ජන්කුක්ට දැන් ඕන කලේ හොද නින්දක්...පඩිපෙල නැගන් ආපු ජන්කුක් ඔහුගෙ කාමරය දිහාවට යන්න හැරුනත් ජන්කුක්ට  ඇහුනෙ ටේහියුන්ග් ඉන්න කාමරෙ දිහාවෙන් කසු කුසු හඩක්...





ඕහ් මයි ඒස්‍රා අද මොකක්ද ඔයා පටන් ගත්ත අලුත් ඩ්‍රාමා එක..

කසු කුසු හඩ නිසා ටේහියුන්ගෙ කාමරේ දිහාවට ඇවිද්ද ජන්කුක් ගෙ කකුලට වතුර පෑගෙද්දි කොරිඩෝ එක පුරාම ගලන වතුර දිහා බලන් තමන්ටම මුමුන ගත්තා..



ජන්කුක් හරි....

ටේහියුන්ග්ගෙ වැහුනු කාමරෙ දොර තල්ලු කර කර අරින්න උත්සහ කරන සිකියුරිටි ගාර්ඩ්ස්ලා දිහායි ඒ ලග හිටගෙන කලබලෙන් මොනවදෝ කියවන විල්සන් දිහායි ජන්කුක් කම්මැලි ඇස් වලින් අත් දෙක පපුවට බැදගෙන බලන් හිටියා...


මොකද මෙතන වෙන්නෙ?


හැමෝගෙම අවදානය යොමුවුනේ ජන්කුක්ගෙ ගැබුරු කටහඩට.



පොඩි...බේබි...


ජන්කුක් දිලා බලන් විල්සන් ගොතගහන්න ගත්තා... විල්සන් උත්තරයක් දෙන්න කලින් ජන්කුක් ම කතාකලා..

බෝරින්ග් ඒස්‍රා ...මෙච්චර ඉක්මනට මැරෙන්න හිතාගත්තද? ඩ්‍රාමා එක  එන්ජෝයි කරන්න පටන් ගත්‍තා විතරයි..

කකුලට පෑගෙන වතුර දිහා බලන් ජන්කුක් කට කොනෙන් හිනාවුනා...

ජන්කුක්ගෙ කට කැඩිච්ච කතාවට දැනටමත් බය වෙලා ඉන්න විල්සන් තව තව බයවෙමින් පපුව අල්ලගත්‍තා..

ජන්කුක් දිහා ආයාචනාත්මක ඇස් වලින් බලන් ඉන්න විල්සන් දිහා ඇයි මොකද බැල්මෙන් බැලුව ජන්කුක් අත් උඩට උස්සලා එයා මුකුත් කලේ නැහැ කියලා අත් වලින් පෙන්නුවා...


දිගින් දිගටම උරහිසෙන් ටේහියුන්ග් ගෙ කාමරෙ දොරට ගහමින් ඉන්න සිකියුරිටිලගෙ උත්සහය සාර්ථක වෙමින් අවසානෙ දොර යන්තම් ඇරුනේ දොරට හේත්තු කරලා තියන කබඩ් එක අත් වලින් තල්ලු කරමින් ඔවුන් ටේහියුන්ග් ගෙ කාමරය ඇතුලට ඇතුල් වෙද්දි..

ජන්කුක් පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ..විල්සන් ජන්කුක්ව ගනන් වත් නොගෙන කාමරයය ඇතුලට දිවුවා...
විල්සන් ලග ජන්කුක් තවම දරුවෙක් වගෙ..ඉරිසියාවෙන් කම්මුල් වලට දිවෙන් ඇන්න ජන්කුක් එතනින් යන්න හැරුනත් ඔන්න ඔහේ කියලා ටේහියුන්ග් ගෙ කාමරෙ ඇතුලට ඔලුව දාලා බලන්න හිතුවා...


වොශ්‍ රෑම් එකෙන් එලියට උස්සන් එන සුදුමැලි ගැහුන ටේහියුන්ග් ව ඇද උඩින් තියන සිකියුරිටි දිහාත් පොඩි දරුවෙක් වගේ අඩා වැටෙන විල්සන් දිහාත් ජන්කුක් බලන් හිටියා...


ට්ස්ක්.....අඩන්න ඕනෙද? ...

විල්සන් දිහා බලන් ජන්කුක් තමන්ටම මුමුන ගත්තා...



දොස්තර මහත්තයාව හොයාගන්න නැහැ විල්සන් අජුස්සි..

ටිකකට කලින් ජන්කුක්ගෙ ඇගේ වැදෙමින් එලියට දිවුව කොල්ලා හති දාගෙන ආයෙමත් ටේහියුන්ග් ගෙ කාමරය තුලට දුවන් ආවා...

වත්ත පහල බැලුවද කොලුවො?

හැමතැනම බැලුවා අජුස්සි....

එහෙනම් ඉක්මන් කරනවා...ලොකු දොස්තර මහත්තයට කෝල් කරනවා...වාහනයක් ලෑස්ති කරනවා මහත්තයව එක්කන් එන්න යන්න..ඉක්මන් කරනවා...කෝ සයිමන්..ඕනෙ වෙලාවට මේ ගෙදර මිනිස්සු එකෙක්වත් නැහැ.



ගිරිය කඩන් කෑගහන විල්සන් දිහා ත් කොල්ලා දිහාත් ජන්කුක් මාරුවෙන් මාරුවට බැලුවා..

පස්සෙ එහෙම බලන් ඉන්න කම්මැලි හිතුන ජන්කුක් බ්ලැන්කට් වලින් පොරවලත් තවම ගැහෙන ටේහියුන්ග් දිහා බලන් හිටියා...


ටවුන් එකටම ගිහින් ඩොක්‍ටර් කෙනෙක් එක්කන් එන්න ගියොත්

ජන්කුක් අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා..ඇගිලි නවමින් මොනවදෝ ගනන් කලා. 


මෙයා වෙවුලලම මැරිලා යයි.......


තොල් පවා නිල් පැහැයට හැරිලා තියන ටේහියුන්ග් දිහා බලන් ජන්කුක් කිසි ගනනක් නැතුව කියලා දැන්මේ ටේහියුන්ග් ගෙ අත් උනුසුම් කරන්න උත්සහ කරන විල්සන් ගෙ කටින් වේදනාත්මක හැඩිල්ලක් පිටවෙද්දි..



මමයි මමයි හැමදේම කලේ..මට නොකියා ඉන්න තිබුනේ...ඇයි ඇයි මම කිවුවේ....


පපුවට ගගහා එක පාරටම අඩන්න ගත්ත විල්සන් දිහා ජන්කුක් වට් ද ෆක් ලුක් එකෙන් බැලුවේ ඔහු වටා සිද්ද වෙන සිදුවීම් ඇත්තටම ජන්කුක් බලපු ෆිල්ම් එකක් ඔහුට මතක් කරවපු නිසා...



ටූ මච් ඩ්‍රාමා .....මට නිදිමතයි...


ටේහියුන්ග් දිහා බලන් හිටිය ජන්කුක් යන්න හැරුනා..


පොඩි බේබි....අනේ පොඩි බේබි.....පොඩි බේබිට පුලුවන්..


යන්න හැරුන ජන්කුක් ගෙ අතේ එල්ලුන විල්සන් ජන්කුක් ගෙ අතින් ඇද ඇද ඉල්ලීම් කරන්න ගත්තා..


විල්සන් දන්නවා මම කැමති නැහැ කියලා...මෙයාට මුකුත් වෙන්නෙ නැහැ මම නිකන් කිවුවෙ.......



අහිංසකයා මැරිලා යයි පොඩි බේබි...



ඉතින් ඔය කියන අහිංසකයට ඒක නෙවේද ඕනෙ වුනේ?

මොකටද නවත්තන්නෙ ?මැරෙන්න ඕනෙ මිනිස්සුන්ට මැරෙන්න දෙන්න විල්සන් ..නැත්තම් එහෙම මිනිස්සු ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ ජීවිත අපායක් කරලා තවම නවතින්නෙ.

ටේහියුන්ගෙ ඇස් වල ඇදෙන සමහරක් හැගීම් ජන්කුක් හොදට අදීක්ශනය කරලා තිබුනා..ඒත් ඒ දේවල් ජන්කුක්ට වැදගත් දේවල් වුනේ නැහැ...



පොඩි බේබි දන්නෙ නැහැ..පොඩි බේබි මුකුත්ම දන්නෙ නැහැ...


ජන්කුක්ගෙ අත ගසලා දාලා ආවේගෙන් කෑගැහන විල්සන් දිහා ජන්කුක් හැරිලා බැලුවා..



මට දැනගන්න ඕනෙ නැහැ විල්සන්...අනිත් එක කොහෙවත් යන කොල්ලෙක් නිසා විල්සන් අද මට....


ජන්කුක්ට ඔහුගෙ වාක්‍ය සම්පූර්ණ කරන්න බැරි වුනා.. එක පාරටම ටේහියුන්ග් තව තව වේගෙන් ගැහෙන්න ගත්තෙ අපහසුවෙන් උඩට හුස්ම අදිමින්...


බය වුන විල්සන් ආයෙමත් ටේහියුන්ග් ලගට දිවුවා...ටේහියුන්ගෙ අත් උනුසුම් කරන්න උත්සහ කරමින් විල්සන් හඩා වැටෙනවා..
පොඩි බේබිට ඇයි බැරි..පොඩි බේබි රට ගිහිල්ලා ඉගෙනගත්තෙ මොනවද? ලොකු නෝනා හිටි...



ජන්කුක්ට තරහයි..හොදටම කේන්ති....


ඕක නවත්තනවා...අයින් වෙනවා ඔතනින් ....



ටේහියුන්ග් ලගින් ඉදගත්ත ජන්කුක් ටේහියුන්ග් ගෙ අත අතට ගත්තා....සීතල ඒ අත් වල තවම උනුසුම් බවක් රැදිලා තියනවා...



මගෙ  මෙඩික් බොක්ස් එක අරන් එනවා...


ජන්කුක් කියන පරක්කුවෙන් විල්සන් කාමරෙන් එලියට දුවලා ඉවරයි....







ටේහියුග්ට තවත් ඉන්ජෙක්ශන් එකක් ඉන්ජෙක්ට් කරපු ජන්කුක් මෙඩික් බොක්ස් එක වහලා විල්සන් දිහා රවලා බැලුවා...



හැපි නවු?

විල්සන් වේගෙන් ඔලුව වැනුවා...

එයාට මුකුත් වෙන්නෙ නැහැ ..උනුසුම්ව තියන්න හෙට වෙද්දි ආයෙමත් කුමන්ත්‍රණය කර කර ඉන්න පුලුවන් තත්වෙට ඇහැරෙයි...

ටේහියුන්ගෙ සුදුමැලි කම්මුලට තට්ටු කරලා ඇදෙන් නැගිට්ට ජන්කුක් යන්න හැරුනත් ඔහුට යන්න බැරි වුනා...ටේහියුන්ග්ගෙ සීතල ඇගිලි ජන්කුක් ව තද කරලා අල්ලගෙන....


කාමරය තුල හිටියේ ජන්කුකුත් විල්සනුත් විතරයි..ටේහියුන්ගෙ ඇදුම් මාරු කරද්දි කාමරේ හිටිය සේවකයින්ව ජන්කුක් එලියට යැවුවා...

ටේහියුන්ගෙ ඇගිලි වලින් අත ගලවගන්න ජන්කුක් උත්සහ කලත් ටේහියුන්ග් තවම ගැහෙනවා.....ටේහියුන්ගෙ අතින් අල්ලද්දි ජන්කුක් ට ටේහියුන්ගෙ සීතල බව හොදින් දැනුනා..

විල්සන් යන්න ඒස්‍රා ට උනුවෙන් බොන්න සුප් එකක් හදන් එන්න..


හොදයි හොදයි පොඩි බේබි...

ජන්කුක්ට විරුද්ද වෙන මානසික මට්ටමක විල්සන් හිටියෙ නැහැ ජන්කුක් කියන කියන හැමදේම විල්සන් කලා..විල්සන්ට ඕනෙ ටේහියුන්ග් ව ඉක්මනින් නැගිට්ටවගන්න....විල්සන් අද හිතුවෙ නැහැ ජන්කුක් එක්ක නේද ටේහියුන්ග් ව තනි කරලා යන්නෙ කියලා...






ගැහෙන ටේහියුන්ග් දිහා ජන්කුක් බලන් හිටියා. 

හොදට මතක තියාගන්නවා මේක පලවෙනිම සහ අන්තිම වතාව මම තමුන්ට උදවු කරන...



ඇදන් ඉන්න ශර්ට් එකේ බොත්තම් එකින් එක ගලවපු ජන්කුක් ශර්ට් එක බිමට අතෑරියා...ටේහියුන්ග්ට පොරවලා තියන බ්ලැන්කට් එක පහලට කරපු ජන්කුක් ටේහියුන්ග් ඇදන් ඉන්න ශර්ට් එකෙත් බොත්තමුත් එකින් එක ගලවලා පරිස්සමට ටේහියුන්ග් ව ඇදෙන් ඉස්සුවා...

ටේහියුන්ගෙ ශරීරය ගල් ගැහිලා...සමහරවිට ජන්කුක් අද ටේහියුන්ග් ට උදවු කලේ නැත්තම්....

ඒක එහෙම වුනා නම්...






ඇද මතට දන තියලා ඇදට නැග්ග ජන්කුක් ටේහියුන්ග්  ලගින් හාන්සි වෙමින්  ටේහියුන්ග් ව ඔහුගෙ අඩ නිරුවත් පපුවෙ උනුසුමට ලං කරගත්තා...


පූස් පැටියෙක් වගේ ජන්කුක් ගෙ උනුසුම දැනෙද්දි ජන්කුක්ට ගුලි වුන ටේහියුන්ග් ගෙ තොල් වලින් සිහින් කෙදිරිලි පිට වෙන්න පටන් ගත්තෙ සිවිලිම දිහා බලන් ඉන්න ජන්කුක් තනියම කතාකරද්දි...


ඇයි දැන් අමාරුද? ඒක හිතන්න තිබ්බෙ මෝඩ වැඩ කරන්න කලින් ...විල්සන් නැත්තම් මම අද තමුන්ට මැරෙන්න දෙනවා..


ජන්කුක්ගෙ බෙල්ල  අස්සෙ මූන හංගන් ඉන්න ටේහියුන්ග් දිහා ඉස්සිලා බැලුව ජන්කුක් ආයෙමත් කොට්‍යෙ උඩින් ඔලුව තියාගත්තා...














කාලය ගෙවුනා...ටේහියුන්ග් තවදුරටත් වෙවුලන්නෙ නැහැ...ජන්කුක්ගෙ උනුසුම ටේහියුන්ග් ව උනුසුම් කරනවා...



එපා....එපා...එපා...

ටික වෙලාවක් තිස්සෙ ටේහියුන්ග් එකම වචනය ඇස් පියන් මුමුනනවා... එපා කියන වචනය ඇහිලම ජන්කුක් හුස්මක් පහලට පිට කලා..


නිදියන්න ඒස්‍රා ...ඔයා හීනයක් දකින්නෙ...

අකමැත්තෙන් වගේ අත ඉස්සුව ජන්කුක් හෙමින් හෙමින් ටේහියුන්ග් ගෙ ඔලුවට තට්ටු කරන්න ගත්තෙ දකින හීනෙන් ඈත් කරවලා ටේහියුන්ග් ට හොද නින්දක් ලබා දෙන්න...

තමුන් මේ තරම් ඉක්මනට ගේම් එක අතෑරියම මට කම්මැලි....ඉක්මනට නැගිටින්න..

ටේහියුන්ගෙ ඉන වටේ අත දාලා තව තව ටේහියුන්ග් ව ලං කරගනිමින් ටේහියුන්ග්ට කියපු ජන්කුක් එහෙන්ම ඇස් පියාගත්තා....

ආයිශ් මට හරිම මහන්සි....




















------------

මම මෙව් චැප්ටර් එක මීට වඩා හොදට ලියන්න හිතුවා කරුනු දාලා විස්තර කරලා..ඒත් මට අද වැඩ වැඩි🤒💔...

අප්ඩේට් එක දෙන්න ඕනෙ නිසා දුන්නා..

වෝට් ගෝල් එක 100 ඒක පන්නන්න🧸..කමෙන්‍ට් දාන්න බැරි වුනත් තරුව ඔබන එක අමාරු දෙයක් නෙවෙයිනෙ🧸...

Reupdate කරන්න මම ඇත්තටම ආස නෑ එහෙම කලාම ඔයාලා මට බනිනවා කියලා මම දන්නවා මම ආස නැහැ බැනුම් අහන්න😅..ඉතින් දෙයියනෙ තරුව ඔබන් යන්න.🧸..දෙපාර්ශ්වයටම ලේසි...

අදහස් කියන් යන්න..

ජන්කුක්?

විල්සන් මොකක්ද ටේහියුන්ග් කිවුවා කියන කතාව.

ටටා...

Continue Reading

You'll Also Like

107K 24.3K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
438K 61.9K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
9.1K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...
105K 6.3K 44
တကယ်တော့ အချစ်ဆိုတာ စကားလုံးတွေနဲ့ လှပအောင် ပုံဖော်ထားတဲ့ အဆိပ်မီးတောက်လေး တစ်ခုပါဘဲ 🔥