💜️ Still With You 💜️ ( OT7)...

By ShineOT7sh

26.2K 4.7K 812

ආදරය... ජීවිතේ ජීවත් කරවන , ජීවිතේ විදින , විදවන , කෙනෙක් ළඟ සතුට පුරවන, තව කෙනෙක් ළඟ... More

1
2
3
4
5
6
7 🔞
8
9
10
11
12 🚫
13
14
15
16
17
18
🚫🔞 19 🔞🚫
20
21
22
23
24
25
26
27
28
🌟 Author's Note 🌟

Final Chapter

1.3K 145 46
By ShineOT7sh

🔔 Special Note 🔔

කතාවට කලින් කියන්න ඕනෙ අද මං පාවිච්චි කරන ෆෑන් එඩිට්ස් ෆොටෝ වල ඉන්නෙ BP ලා..
හේලි සහ එමා කියන චරිත දෙකට මට ජෙනී වයි රෝස් වයි ගන්න උනා

මං ඒවා ගත්තෙ මට වෙන ගර්ල්ස්ලා එක්ක bts ලා ඉන්න ෆොටෝ හොයාගන්න ටිකක් අමාරු වෙච්ච නිසා. ෆෑන් එඩිට් ඔක්කොම වගේ තියෙන්නෙ BP ලා එක්ක කරපුවා..
ඔන්න බනින්න එපා මට එයාලව  BP ලා එක්ක attach  කරා කියලා..yoongi bias and hobi bias කට්ටිය , තරහාගන්න එපා ඔන්න  ,
අව්ල් වගේ නම් කියන්න , මං අයින් කරන්නම්..

..........................................

Back to story .......

තුන් වසරකට පසු...

ටේහ්‍යොනා.. ජන්කුකා... නැගිටිනවලා දෙන්නම.. මේක යකාගෙ වැඩක් උනානෙ..මුන් දෙන්නා එන්න එන්න පොඩි උන් වෙන්න හදනවා...

කාමරේ දොර ඇරන් ඇතුලට ආපු යුන්ගි කතාකලේ නොරිස්සුම් සහගතව...
කාලය කොච්චර ගෙවිලා ගිහින් තිබුනත් අදටත් මේ දෙන්නව ඇහැරවන එක දවස ගානෙ එක එක්කෙනාට බාරවෙච්චි ඩියුටි එකක් වෙලා තිබුනා..

දෙන්නම කරුණාකරලා නැගිට්ටෙ නැත්නම් අද හොදවැඩක් කරනවා..

ඕහ්... හ්‍යුන්ග්... මෙච්චර උදේ ඇයි මේ.. පැය තුන හතරක් වත් නිදාගත්තෙ නෑනෙ..

එව්වා මගෙ වැරදිද ... මෙතන රෑ තිස්සෙ කෝලම් කරලා , අමතකද අද සෙනසුරාදා.. දැන්ම නැගිටලා ලෑස්තිවෙන්න ,

සෙනසුරාදා ... සෙනසුරාදා...

ඒ වචනෙ කන් අස්සෙ දෝංකාර දෙනකොට ජන්කුක් ටේහ්‍යුන්ග් දෙන්නම එකපාර ඇදෙන් පැන්නෙත් යුන්ගි කෑගහගෙන එලියට ගියෙත් එකම මොහොතක..

යුන්ගිගෙ කෑගැහිල්ලට හේතුව දැකපු ජන්කුක්ටත් ටේහ්‍යුන්ග්ටත් මැරෙනකල් හිනා..
ඔවුන් මෙතෙක් වෙලා බ්ලැන්කට් එක පොරවන් හිටියා උනත් ඇදගෙන හිටියෙ යට ඇදුම් විතරයි..
කලබලේට ඇදෙන් පැන්නත් ඔවුන්ට ඒ ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුනෙ..
යුන්ගි බැන බැන ගියේ ඒ නිසා..

යාහ්... කවදාවත් හැදෙන්නෑ...
මොන ලැජ්ජා නැති කොල්ලො දෙන්නෙක්ද මංදා...

මොකෝ යුන්ගියා උදේපාන්දර බෙරිහන්දෙන්නෙ...

දන්නවනෙ හෝසොකා , ඔයාගෙ හුරතල්ලු දෙන්න නැගිට්ටන්න ගියාම හැමදාම උදේට මගෙ ලේ රත්වෙනවා..
මගෙ කෙල්ලව ඇහැරවගන්න වත් මට එච්චර කරදරයක් නෑ..

යාහ් යුන්ගියා , බොරුවට කෑගහන්නෙ නැතුව ඔයත් ගිහින් රෙඩිවෙන්න.. හේලි ලෑස්ති වෙනවත් ඇති දැන්

ජිමිනා කොහෙද..

එයාව ඩ්‍රෙස් කරන්න එක්කන් ගියා..
අපිත් වෙලාවට එතනට යන්න ඕනෙ

යුන්ගි කිචන් එකට ආවෙ කිරි එකක් හදන්න.කිරි හදන අතරතුරු ඔහුට මතක්වුනේ මීට වසර දෙකකට පෙර අතීතය...
එදා හිටපු ඔහු අද සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙලා...
ඊට එකම හේතුව වුනේ ඇය...
ඔහුගේ ආදරය..
අද ඔහුගේ ආදරනීය බිරිද....
තවත් මාස කිහිපයකින් ඔහුගේ පුංචි පුතුගේ මව..
හේලි....

අතීතයෙන්........

      එදා සිඩ්නි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අංශයට වැදගත් දිනයක්. තමන් ක්‍රීඩා නොකළත් යුන්ගි ක්‍රීඩා පිටිය වෙත ගියේ පුරුදු පරිදි ඇයව දැකගන්න . එදින ඇය තරගවදින්න නියමිතයි..
ජාතික තලයේ තරග සදහා සුදුස්සන් තෝරන තරගවල දෙවනෙ වටය එළැඹිලා තිබුනෙ...
ඇය සියල්ලන්ගේම බලාපොරොත්තුව බවට පත්වෙලා තිබුනා..
කෙතරම් දක්ශ අයෙක් වුවත් අවාසනාවට මෙන් මොහොතේ ඇයගෙන් දැඩි පසුබෑමක් පෙන්නුම්   කලා.හරියට ආදුනික ක්‍රීඩිකාවක් වගේ..
ක්‍රීඩා පිටියෙ එක් කොනක සිට බලා උන් යුන්ගිට නම් ඇගේ විශාල වෙනසක් දක්නට ලැබුණා..
ඇය විශාල හිත් වේදනාවකින් ඉන්න බවක් පේන්න තිබුනා..
කොහොම නමුත් අවසානයේ තරගයේ ජය ඇගෙන් ගිලිහී ගියා.
ඇය ගැන විශ්වාස කල සියල්ලන්ම ඔවුන්ගේ බලාපොරොත්තු කඩවීම නිසා දොස් නගමින් පිටව ගියත් ඇය තවමත් ටෙනිස් පිටියෙ රැදී සිටියා..
ඒ වන විට වෙලාව සවස පහත් පසුවී තිබෙන්නට ඇති..

සියල්ලන් පිටව ගියත් එක එල්ලේ ක්‍රීඩා පිටිය වෙත නෙත් යොමු කරන් උන් ඇය නොහිතූ මොහොතක ටෙනිස් බෝල පිරවූ ලොකු කූඩ දෙකක් රැගෙන ටෙනිස් කෝඩ් එකට පැමිනියා
ටෙනිස් බෝල සම්පූර්ණයෙන්ම අවසන් වන් තෙක් ඇය දිගින් දිගටම තනිව ප්‍රහාරයන් එල්ල කලා.ටෙනිස් කෝඩ් එක පුරාම බෝල විසිරිලා ගිහින්...
අවසානයේ දැඩි වෙහෙස නිසා හුස්ම ගැනීමට අපහසුවී ඇදවැටෙන තෙක්ම ඇය තම නොසැලකිලිමත් ක්‍රීඩා රටාව ගැන  තමාටම දඩුවම් කරමින් හිටියා...

මේ සියල්ල දෙස එක් කොනකට වී බලා උන් ඔහු ඇය වෙත ළඟාවුණේ ඇය ඇදවැටුනු නිසා...ඔහු කලබල වුනේ ඇයට යම් කරදරයක් වේවි කියලා..

යුම්ගි අමාරුවෙන් හුස්ම ගනිමින් වැටී උන් ඇයව දෑතින්ම ඔසවලා අරන් සුවපහසු ලෙස හිදගැනීමට දී ඇයට ජලයද ලබා දුන්නා..ඇය යතා තත්වයට එන තෙක්ම ඔහු ඇය සමග රැඳි සිටියා.
රාත්‍රිය පැමිනි නමුත් ඇයව මෙසේ තනිකරලා යන්න ඔහුට හිත දුන්නෙ නෑ.. තවත් රෑ වෙනතුරුම ඇය අසල කිසිත් නොකියා ඇය අසල රැඳෙමින් ඇයට හඩාවැටෙන්නට ඉඩ දුන් ඔහු ආපිට පැමිමියේ ඇයව නිවසටත් ඇරලවීමෙන් පසුව...

එදා ඒ සිදුවීමෙන් පසු ටිකෙන් ටික හේලි සමග ඔහු ඇතිකරගත් මිතුරුකම නිසා ඇගේ ජීවිතයේ හැමදේම ඔහු දැනන් හිටියා , ඇයට පවුලක් කියලා හිටියෙ ඇගේ නැඟණිය පමනයි. අවාසනාවකට
ඇයත් ඉතා දරුනු රෝගයකින් පීඩාවිදිමින් හිටියා.  
සොයුරියගේ බලකිරීම ඇගේ ජීවිතය පවා අවිනිශ්චිතතාවයක තිබියදී එදා තරගයට පැමිනියත් හේලි තම චිත්ත පීඩා නිසාම පරාද වූවත් , ඉන් දින තුනකට පසු ඇගේ සොයුරියත් මෙලොව හැර ගියා...මේ ලෝකෙ හේලි කාත්කවුරුත් නැතිව තනිවෙනකොට ඇය අසල හැමදාම හිටියෙ යුන්ගි..
කාලයත් සමග හේලිගේ දුකට සැපට හිටපු එකම කෙනා වුනු යුන්ගි සමග  ආදරයෙන් බැදුනු ඇය මීට වසරකට පෙර ඔහු සමග කොරියාවේදී විවාහයට එලැබෙනවා.. එදා සිට දැන් වනතුරු  ඇගේ මුලු ලෝකයම ඔහු....
ඔහුගෙ මුලු ලොවම ඇය..ඔවුන්ගේ ආදරයේ සලකුණ දැන් ඇගේ කුස තුල..
ඇය දැන් සිව් මස් ගැබිනියක් ..

..............අතීතයෙන් පියවි ලෝකයට පැමිනි යුන්ගි කිරි වීදුරුව සකසාගෙන හේලිව සොයා ගියේ ඉක්මනින් සූදානම් වීමට..මන්දයත් ඔවුන් අද වැනි වටින දවසකවත් නියමිත වෙලාවට ගමන පිටත්විය යුතු නිසා..

ඉතින් අවසානෙ කොරියාවේ සිට තම උසස් අද්‍යාපනය සදහා සිඩ්නි බලා පැමිනි යුන්ගි අද සාර්ථක සංගීත නිර්මාපකයෙක් මෙන්ම සංගීත අද්‍යක්ශකවරයෙක් වෙලා..
ඔහුගේම නමින් සංගීත නිශ්පාදනාගරයක් පවා දැන් ඔහුට හිමියි.. ඊට අමතරව ජන්කුක් හා ටේහ්‍යුන්ගේ දැඩි ඉල්ලීම මත ක්‍රිස්ටල් රෙකෝඩින් හි ඕස්ට්‍රේලියාවේ ස්තාපිත කල නව සමාගමේ සංගීත අද්‍යක්ශකවරයෙක් ලෙසත් යුන්ගි කටයුතු කරමින් ඉන්නවා.
ඒ වගේ දැන් ඔහුගේ ආදරයත් ඔහුට හිමියි..
තවත් නුදුරු දිනක ඔහුගේ  පුංචි පුතුගේ ආගමනය නිසා ඔහුගේ ජීවිතය , ඔහුගේ පවුල , ඔහුගේ ආදරය සර්ව සම්පූර්ණ වේවි..

******************

එමී.. ඔයා රෙඩිද බබා ..

හෝසොක් නානකාමරයේ සිට කෙටි තුවායක් පමනක් ගත දවාගනිමින්ම පැමින කණ්ණාඩිය ඉදිරියේ හැඩබලමින් උන් ඇයව පසුපසින් වැලදගත්තා..

හෝබියා...ඇග හරියට පිහදගන්නකෝ. ඔහොම මාව බදාගෙන මගෙ ඇදුම් තෙත්වෙනවනෙ 

කමක්නෑ මැනික. ඔන්නඔහෙ චුට්ටක් මෙහෙම ඉන්න දෙන්නකො..

මේහ්... හෝබියෝ...

ඇය කතාකරන්නෙ තවතවත් හුරතල් වෙමින්..

ම්ම්..කියන්න මැනික..
මොකෝ මේ හුරතල් වෙන්නෙ..

අද හවසට අපි ගමනක් යමු..

ගමනක්.. ඒ කොහෙද..

ම්ම්ම්ම්..කොහෙ හරි.. දවස් දෙකකට විතර ... අපි ගිහින් එන්ජෝයි කරලා එමු හැමදාම වැඩ නේ නැත්නම් අපි..

ආ... මේ මොකෝ මේ එකපාර..
ඔයාගෙ ගමන් තියෙන්නෙ ඇකඩමි එකටයි , කඩචෝරු කන්න කඩවල් ගානෙ යන්නයි විතරනෙ බබා...

නෑ ඒක .. මේහ්..මටත් පොඩි දෙයක් ඕනෙ ඔයාගෙන්..

ඇය කියන්නෙ ලැජ්ජාවෙන් ඇඹරෙමින්

පොඩි දෙයක් නෙවේ අනේ ඉල්ලන ඕනම දෙයක් දෙන්නම් මැනික. කියන්නකෝ...

ඇය ඔහුගේ අත ගෙන ඇගේ කුසෙන් තියාගත්තා..

බබූ...මටත් ඕනෙ...
හේලිවගේ ලොකු බන්ඩියක්..
මමත් ආසයි චූටි බබෙක් මගෙ අතෙත් තියන් ඉන්න..එයාව හුරතල් කරන්න.

අනේ මැනික...
තාම මැරිකලා විතරනෙ බබා. ඔයාට මේම ටික කාලයක් ඉන්න ඕනෙ නැද්ද , මං හිතුවෙ ඔයා දැන්ම ඒකට කැමති නැතිවෙයි කියලා
ගෑනුලමයි කැමතීනෙ මැරිකරලා ටික කාලයක් නිදහසේ ඉන්න...

ආ.. ඔයා කොහොමද ගෑනු ළමයි ගැන දන්නෙ... මමනෙ ඔයාගෙ ෆස්ට් ලව් එක , අනික මං ඇවිත් බලෙන් එල්ලුනේ නැත්නම් ඔයා කවදාවත් මගෙන් අහන්නෙත් නෑ..මං දන්නවනෙ ඔයා ගැන...

අපෝ මැනික... ඕවා මොකටද දැන් ආයෙ අදින්නෙ...

හෝසොක් කියන්නෙ පසුපසින් ඇගේ ෆෙල සිපගනිමින්.

බබූ...කමක්නෑ..මම ඒකට කැමතී...
තව ටිකදවසකින් යුන්ගි එයාගෙ බබාව වඩාගෙන ඉදීවී... හුරතල් කරාවි..අනේ..මටත් ආසයි
හේලි වගේ වෙන්න..

ඇත්තට...
මේ කෙල්ල බලන්නකො දැන්..ඔයා ලෑස්ති නම් මමත් කැමතී බබා..
කව්ද අකමැති චූටි පැටවුන්ට.එහෙනම් ඔන්න අපි අද කොහෙහරි යනවා හොදේ...

හෝසොක් කියන්නෙ ඇයව තුරුලට අරන් ආයෙම ඇදට වැටෙමින්..

ආනේ... බලන්නකො මං ලෑස්තිවෙලානෙ ඉන්නෙ , ඔයත් ඉක්මනින්  ලෑස්තිවෙන්නකො අප්පා.
ඔය බලන්න ටවල් එකත් ගැලවෙයි දැන්. මං කිව්වෙ හවස අපි කොහෙ හරි යන් කියලා මිසක් දැන් මොනවත් කරන්න කියලා නෙවේ බබූ..

හෝසොක්ගේ දෙතොල් මත හාදුවක් තැබූ ඇය ඔහුගෙන් මිදිලා නැවත සූදානම් වෙන්න පටන්ගත්තා..

න්ග් හෝසොක්...

ඔහුගේ එකම හීනය වුනේ යම් දිනක තමාගේම කියලා නර්තන පාසලක් ආරම්භ කිරීම... වාසනාවකට තමා වටා සිටි මේ සොහොයුරන්ගේ උදව් නිසා ඔහුට පුලුවන් වුනා වසර එකහමාරකට පෙරදි සිඩ්නි නගරයේ හොදම නර්තන පාසල ආරම්භ කරන්න..
තනිව නම් නෙවේ ,

ඒ සදහා විශ්වවිද්‍යාලයේ සිටින අවදියේ සිට ඔහු සමග දැවටෙමින්  සිටි එමා වත් ඔහු සම්බන්ධ කරගනු ලැබුවා..

මේ වන විට එම පාසලේ ප්‍රදාන නර්තන ආචාරවරුන් දෙදෙනා වන ඔවුන් යටතේ තවත් බොහෝ ආචාරවරුන් සේවය කරනවා.. ඔවුන් යටතේ විශාල සිසුන් පිරිසක් නර්තනය හදාරනවා.

ඊට අමතරව කිසිවිටකත් තම සොයුරන්  පිටතින් තැබීමට අකමැති ටේහ්‍යුන්ග් හෝසොක්වත් සිඩ්නිහි පිහිටි ක්‍රිස්ටල් රෙකෝඩින් නව ශාඛාවේ ආදුනික ශිල්පීන් පුහුනු කරවන ප්‍රදාන නර්තන අද්‍යක්ශකවරයා ලෙස
ත්කරනු ලැබුවා..

මේ හැමදේම මැද්දෙ මාස හයකට පෙර ඔහුත් ඔහුගේ ආදරය වූ  එමා සමග විවාහයට පත්වුනා..හැමෝටම සතුට ගේන හෝසොක්ටත් අවසානෙ ඔහුගෙ සතුට හිමිවුනා..
ඉතින් දැන් ඉදන් ඔවුන්ගේ පුංචි පවුලත් සම්පූර්ණ වේවි ..

**************

මේ අතරෙ ජින් සහ නම්ජුන් න් සිය කාමරයේ විශාල යුද්ධයක පැටලිලා හිටියා.. හැමදාමත් වගේ ඔවුන් දෙදෙනාට තියෙන ලොකුම කාර්‍ය්භාරය වුනේ  සිය කුඩා නිවුන් පුතුන් දෙදෙනාව පාලනය කරගන්න එක..
ඒ සදහා ජින්ට හැකියාව තිබුනත් නම්ජුන්ට නම් කිසි දිනක ඔවුන්ව සනසා ගැනුමට හෝ පාලනය කිරීමට නොහැකී...
දරුවන් නලවන්න යන ඔහු අවසානයේ පොඩි දරුවන්ටත් වඩා වදයක් ජින්ට දීලයි නවතින්නෙ

නම්ජුනා... යාහ්... මම මෙයාලව බලා ගන්නම්, කරුණාකරල ඔයාගිහින් ලෑස්තිවෙනවද  , කොයිවෙලාවෙත් මගෙ වැඩ දෙක කරනවා මෙයා..

ජින් කෑගසමින් නම්ජුන්ව නානකාමරයට තල්ලු කලා...

තවමත් වසරක් වයසැති මේ පුංචි කොලුපැටව් දෙන්නා සමාන ලිංගිකත්වයන් ඇති යුවලවල් වෙනුවෙන් දරුවන් ලැබීමට ඕස්ට්‍රේලියානු නීතියට අනුගතව ඇති උපත්ක්‍රමයක් අනුගමනය කරමින් ජින්ටත් නම්ජුන්ටත් දාව උපන් ඔවුන්ගේම දරුවන්..

නමුත්...

මේ පොඩ්ඩො දෙන්නා නම්ජුන්ටත් ජින්ටත් වඩා බෙහෙවින් ලැදි වුනේ ඔවුන් දෙදෙනාව බලාගන්නට එන නෑනිලා දෙන්නට. එම කාන්තවන් දෙදෙනා ළඟ කිසිම කරදයක් නොදෙන
ඒ අය ජින් සහ නම්ජුන් දකින ඕනම මොහොතක පුදුමාකාර ලෙස දගකාර වෙනවා.. බොහෝවිට නම්ජුන් ව්‍යාපාර කටයුතු සදහා පිටත්කර දරුවන් සමග කල් ගෙවීමට තැත්කරන ජින් නම් දවස අවසන් වෙනකොට හොදටම හෙම්බත් වෙලා ඉන්නෙ පොඩ්ඩො එක්ක ඔට්ටුවෙලා.

නම්ජුන් එනතෙක් අමාරුවෙන් දෙදෙනාට ඇදුම් අන්දවාගත් ජින් ඔවුන්ගේ විශාල නිවාස සංකීර්නයේ එක් කොටසක රැදීවුන් දරුවන් බලාගන්නා කාන්තාවන් දෙදෙනා වෙත ඔවුන්ව බාර කලේ හොද හුස්මක් අරන් සැහැල්ලු වෙමින්..

අම්මෝහ්.. ජුනා... මේ දෙන්න එක්ක දගලනකොට හොද පන යනවා අනේ...

මම කිව්වා ජිනී , එක්කෙනෙක් ඇති කියලා , ඔයාටනෙ එකපාර දෙන්නෙක්ම ඕනවුනේ..

ඒක මගෙ පොඩිකාලෙ ඉදන් ආසාවක් ජුනා.. ටුවින් බබාලා ඉන්න එක කොච්චර ශෝක්ද බලන්නකො...

ඔව් ඔව් , හරි ශෝක්..
හුස්මක් ගන්න නෑ දැන්...
කොටින්ම දැන් මට ඔයා ළඟ ඉන්නත් නිදහසක් නෑනෙ.

නම්ජුන් එහෙම කියනකොට ජින් ඔහුගෙ ඒ සුන්දර හිනාවෙන්ම නම්ජුන්ට තුරුල් වුනා..

ඔයා නම් ජිනී එන්න එන්නම හුරතල් වෙනවා , ඇත්තටම දැන් ඔයා හොද අම්මා කෙනෙක් වෙලානෙ..

ම්ම්... පපා එච්චර හරි නැති එකේ මං වත් හොදවෙන්න එපැයි , නැත්නම් මගෙ පැටව් දෙන්නත් ඔයා වගේ වෙන්න බැරිනෑ..

ජින් ඒ කියපු කතවට නම්ජුන් ඔහුව මොහොතකින් ඇදේ පෙරලගත්තා..

මම..මම නරකයි තමා ජිනී..
ඉස්සර තරමටම ඔයා මාව තාමත් පිස්සු වට්ටනවා..
ඔහොම තොල් උල් කරගෙන කතාකරන්න එපා...
මට ඉන්න තැනත් අමතක වෙලා කිස් කරන්න හිතෙනවා...

එසේ කියමින් නම්ජුන් උදේ පාන්දරම ජින්ව සිපගත්තා..කොයිතරම් දේහදාරී අයෙක් වුවත් නම්ජුන් ඉදිරියේ ජින් ඇත්තටම යටත්වෙනවා..
ඔහු ඊට කැමතියි.නම්ජුන්ගෙන් ලැබෙන ඒ සුවයට ජින් බොහෝම ලෝබ කලා..

ජූන්...
දැන් ඇති නේද..
ඉක්මනින් ලෑස්තිවෙමු දැන්...
පස්සෙ බැරියැ ඔයාගෙ ඔය වෙන වැඩ කරගන්න... ම්...

කෝලම් අවසානයේ දදෙනාම ලහි ලහියේ සූදානම් වෙන්න ගත්තා...
මේ වැනි වැදගත් දිනයක කාලය ඔවුන්ට බොහෝම වටිනවා.

ජින් සහ නම්ජුන්...

... ඔවුන්ගේ ඒ ආදරය බොහෝ දුක් කරදර වින්දට පස්සෙ ලබාගත්තා...

එදා ඔවුන්ගේ ආදරයට අවසර දුන් නම්ජුන්ගෙ දෙමව්පියන් ඔහුගේ උපාදිය ලැබීමෙන් පසු සියලුම ඔවුන් සතු සියලු ව්‍යාපාර නම්ජුන් වෙත පවරලා , ඔවුන්ව නිත්‍යානුකූලව විවාහ කරදී නැවත කොරියාවට පිටත්වුනා..
ඔවුන්ට අවශ්‍ය උනේ ජීවිතේ ඉතාම වෙහෙසකර වසර විසිගනනකට පස්සෙ මේ ගෙවෙන සැදෑ සමය ඔවුන් උපන් භූමියේ සැනසීමෙන් ගතකරන්න...

නම්ජුන්ට සියලු ව්‍යාපාර හිමිවීමෙන් අනතුරුව ජින් සහ නම්ජුන් ඔවුන්ගේ පහසුව වෙනුවෙන් කොරියාවේ පවතින KIZ සමූහය සහ ඕස්ට්‍රේලියාවේ පැවති නම්ජුන්ගේ ව්‍යාපාර සියල්ල එකට එක්කර KIZ  සමූහය තවත්  පුලුල්
කරනු ලැබුවා.

මේ වන විට කොරියාවෙ රැදී සිටින නම්ජුන්ගේ දෙමව්පියන් මෙන්ම ජන්කුක්ගේ සොයුරිය යුමීත් ඇගේ සැමියා වන යූශිනුත්  ජින්ගේත් ජන්කුක්ගේත් ඉල්ලීම මත KIZ සමූහයේ කොරියාවේ පවතින ව්‍යාපාර පවත්වාගෙනයනු ලබන අතරෙ නම්ජුන් සහ ජින් ඕස්ට්‍රේලියාවේද KIZ සමූහයේ ව්‍ය්‍යාපාර ස්තාපිත කර පවත්වාගනිමින් හිටියා...

මේ මොහොත වනවිට නම්ජුන්ගේත් ජින්ගේත් ජීවිත ඔවුන් පැතුවාට වඩා සිය දහස් ගුනයකින් සර්වසම්පූර්න වෙලා..

කිසිදිනක නොහිතපු ආකාරයේ ආදරයක් , නොහිතපු විදිහෙ පවුල් ජීවිතයක්..
තමන්ගෙම කියලා දරුවන් ,
තිබුනටත් වඩා ලාබ ලබන ජාත්‍යන්තර වශයෙන් පුලුල් ව්‍යාපාර .
මේ හැම අතකින්ම අද ඔවුන්ගේ ජීවිත පරිපූර්ණ වෙලා..

මේ හැමදේත් එක්කම මුලු ලෝකම තමංගෙ වසඟයට ගත්ත 3kings කන්ඩායමේ හිමිකරුවන් වීමත් ඔවුන්ගේ මෙම සාර්ථකත්වයට විශාල හේතුවක් වෙලා තිබුනා..

*******************

කූ... මම එනවා...

ආහ්.. ටේහ්‍යුන්ගී... හැමදාම මෙහෙම එකපාරටම බාත්රූම් එකට රිංගන පුරුද්ද කවදද නැතිවෙන්නෙ ආ..

ඒවා කවදාවත් නැතිකරන්න පුලුවන් දේවල් නෙවේ...
විශේෂයෙන් බාත්රූම් එකේ ඉන්නෙ ඔයා කියලා දැන දැන නැවිත් ඉන්නෙ කොහොමද

ටේහ්‍යුන්ග් කියන්නෙ ඔහු ඇද වුන් ටවල් එක ගලවා  ඉවත්කර ශවර් එක යට ඉන්න ජන්කුක්ව පසුපසින් තුරුලු කරගනිමින්..

මේ උදේ පාන්දර නාමින් උන් ජන්කුක්ට වතුරෙ සීතල අතරෙන් ටේහ්‍යුන්ගෙ ගතේ උනුසුම දැනෙන්න උනා..ඒත් ඔහු තමාව පාලනය කරගනිමින් කතාකලා.

ඔයා කවදාවත් මට නිදහසේ නාගන්න දෙන්නෙ නෑනෙ ටේහ්‍යුන්ගී..

ජන්කුක් කියන්නෙ මවාගත්ත අකමැත්තක් පෙන්වමින්.

අනේ...
ඔයාට නිදහසේ නාන්න ඕන්නම් ඩෝර් එක ලොක් කරන්න එපැයි.
මං එන බව දැන දැනත් හැමදාම මේක බාගෙට ඇරගෙන ඉන්නෙ ඇයි ..

ටේහ්‍යුන් කියන්නෙ දිය බිඳිති ගලාගෙන යන ජන්කුක්ගෙ සිරුර පුරා අතැගිලි යවමින්..
ඒ ගෙල පිටුපස හාදු තබමින්..
ඒ ස්පර්ශයෙන් මොහොතකට ජන්කුක් ගැස්සිලා ගියා. ඔහුගෙ ඇස් පවා පියවී ගිහින් තිබුනා..
ඊලගට මොකක්ද වෙන්නෙ කියලා අත්දැකීමෙන් දැනන් හිටපු ටේහ්‍යුන්ගෙ මුහුනෙ මතුවුනේ සරාගී හිනාවක්.

ටේහ්‍යුන්ග් හිතූ පරිදිම මොහොතකින් ජන්කුක් තමන්ගෙ අත් අතරෙම කැරකිලා ටේහ්‍යුන්ගෙ ගෙල වටේ අත්‍ යැව්වා..
ඊලග මොහොතෙ ඒ දෙතොල් එකිනෙක පැටලුනා...
ඔවුන් හිතේ හැටියට සුව විදිමින් ස්නානයේ යෙදුණා.. 
උදේ පාන්දර සීතල ජල බිඳිති අතරෙන් ඔවුන්ට දැනෙන මේ උනුසුම් සුවය මොහොතින් මොහොත ඔවුන්ව හැගීම් වලින් ගිනියම් කරමින් තිබුනෙ....

මේ අතරෙ ආයෙමත් සූදානම් වී අවසන් වෙලා උන් හෝසොක් පැමිනියේ මේ දෙන්නා ලෑස්තිද බලන්න....
නමුත් කාමරයේ කොහෙවත් ජන්කුක්වත් ටේහ්‍යුන්ග් වත් පේන්න හිටියෙ නෑ..
ඒත් නානකාමරයෙන් ඇහෙන වතුර සද්දෙන් සියල්ල තේරුම් ගත් හෝසොක්ගෙ නම් කම්මුල් දෙකත්  එක්ක රතුවෙලා ගියා...
ඔහු නානකාමරයේ දොරට තට්ටුකරමින් කතා කරේ මේ මොහොතේ වෙන කරන්නට දෙයක් නැති නිසා...

යාහ්... ජන්කුකා.. ටේහ්‍යොනා...
ඕක ඇතුලෙත් කෝලම් කරන්නෙ නැතුව ඉක්මනින් ඇවිත් ලෑස්තිවෙනවද...
දැනටම අටට ලගයි...
ඔන්න කිව්වා...
නවය වෙනකොට ලෑස්තිවෙලා නොහිටියොත් අපි යනවා...

දේ හ්‍යුන්ග්.. ඉක්මනින් එනවා...

හෝසොක්ගෙ හඩින් පියවි සිහියට පැමිනි ජන්කුක් කෑගැසුවා..

විදිමින් උන් සුවය පසෙකට දැමූ ඔවුන් දෙදෙනා ඉක්මනින් පැමින සූදානම් වුනේ සියලුදෙනාම එකම මොහොතක පිටත්ව යායුතු නිසා,
මේ දවස අනික් හැමදේටම වඩා වැදගත් නිසා..

******************

මේ ගෙවෙන්නෙ වසන්ත කාලයේ මැද භාගය
සිඩ්නි නගරයට එය තවත් එක් සාමාන්‍ය දිනයක් උදාවෙලා තිබුනා..
වෙලාව උදෑසන නවයයි තිහ පමන වෙලා..
එහෙත් සිඩ්නි නගරයේ එක් ප්‍රසිද්ධ දේවස්ථානයක් ඉදිරියේ මහා ජනකායක් රැස්වෙමින් හිටියා.
ඔවුන් එක පොදියට රැස් වෙලා හිටියෙ ඔවුන්ගේ ආදරනීයයයන් දැකගැනීමට..

සුලු මොහොතකින් සුඛෝපභෝගී මෝටර්රථ හතරක් එක පෙලට දේවස්ථානයට ඇතුල්වෙත්ම රැස්ව සිටි ජනයාගෙන් විශාල ඔල්වරසන් හඩක් නැගෙන්නට වුනා...

ඉදිරියෙන්ම පැමිනි රථයෙන් ජින් සහ නම්ජුන් බැස ආවා...
කලු පැහැති ෆුල් සූට් ඇදලා උන් ඔවුන්ගෙන් දිස්වුනේ පුදුම කඩවසම් බවක්..

දෙවැනියට පැමින තිබුනෙ යුන්ගි සහ හේලි රැගත් රථය ..
යුන්ගිත් තනි කලු ප්‍රභාමත් ඇදුමකිනුත් , හේලි ඇගේ සිටින තත්වයට සුදුසු ඇදුමකුත් ඇද සිටියා..

තෙවනි මොටර් රථයෙන් හෝසොක් සහ ඔහුගේ බිරිද එමා පිටතට පැමිනියේ බොහෝ දෙනා මොහොතකට නිහඩ කරමින්..
ඒ තරමට ඔහුගේ ඒ බිරිඳගේ සුන්දරත්වය කැපීපෙනුනා..
බොහෝ දෙනා ඇය බාබි ඩෝල් කෙනෙක් ලෙස හඳුන්වමින් සිටියා.

අවසානයේදී සියල්ලන් බලාපොරොත්තු වුනු ටේහ්‍යුන්ග් සහ ජන්කුක්  රථයෙන් බැස ආවා.. ඔවුන් දෙදෙනාද කලු පැහැ ෆුල් සූට් එකට ඉතාම කඩවසම් ව පෙනුණා...

ඔවුන් සියලුම දෙනා දේවස්ථානය අසල එක්ව  රැස්ව සිටි පිරිසට ආචාර කර දේවස්ථානය තුලට ආවෙ අද දවස ඔවුන් හැමදෙනාටම විශේශ දවසක් නිසා...

අනෙක් සියලු දෙනා ඉදිරියේම පිහිටි විශේශිත අසුන් වල වාඩිවෙනකොට ජන්කුක් සහ ටේහ්‍යුන්ග් අල්තාරය අසලට පැමිණියා..
අල්තාරය ඉදිරියේ හිනාකටක් පුරවාගෙන ඔවුන් දෙස බලා සිටියෙ අද මේ ලස්සන දවසෙ  හිමිකාරයා...

ජිමින්..

අද ඔහුගෙ ජීවිතයේ වැදගත්ම දවස..
මේ වන විට ඔහුගෙ මිතුරු හවුලෙ සියලු දෙනා විවාහ වෙලා...
මේ ඔවුන්ගේ පවුලේ අවසාන විවාහය...

ජිමින් සහ ඔහුගේ ආදරනීය ලියා...

ඔවුන් අද ඔවුන්ගේ ආදරය ජයගෙන මින් ඉදිරියට සතුටින් දිවිගෙවනු ඇති...

ඔවුන්ගේ මේ ආදරය වෙනුවෙන් මැදිහත් වෙලා සියල්ල කලේ නම්ජුන්ගෙ මව..
කොරියාවේ උන් ජිමින්ගේ පවුලේ අය සමගත්  ලියානා ගේ මව සමගත් සාකච්ඡා කර මේ විවාහයේ මූලික දේවල් සකස් කලේ ඇය...
ජිමින්ගේ මව ඇගේ හොදම මිතුරිය වීම මෙයට වඩා පහසුවක් වුනා..
ඒ නම්ජුන්ගෙ මවගෙ හිතේ ජිමින් වෙනුවෙන් තිබු ආදරය වගේම නම්ජුන් වෙනුවෙන් ඔහු කල හැමදේටම ඇගේ ස්තූතිය..

ඉදින් විවාහය ඒ ආකාරයෙන් ස්තීර කරගත් විට විවාහ උත්සවයේ සහ අනිකුත් සියල්ලේ වියදම් සහ වගකීම ජින්ගෙන් සහ නම්ජුන්ගෙන්..

ඔවුන් දෙදෙනා හැමදාමත් ජිමින්ගේ හොද හිත වෙනුවෙන් ස්තූතිවන්ත වුනා..
අද ජින් සහ නම්ජුන් එක්ව සතුටින් සිටිනවා නම් ඊට එකම හේතුව එදා ජිමින් ඇගේ මව හමුවී මේ සියල්ල පහදා දීම...
එසේ නොවෙන්නට අදටත් කිසිත් කතා නොකරම තමා සහ නම්ජුන් වෙන්ව දුක් විදින බව ජින් හොදින්ම දැන සිටියා.
ඒ වෙනුවෙන් එදා ඔවුන් කිරීමට සූදානම් වූ විශේශ දේ වෙනුවෙන් දැන් කාලය පැමින තිබුනා..

ඉතින් ඒ ආකාරයෙන් ජිමින්ගේ විවාහය සුරංගනාකතාවක එන විවාහයක් මෙන් සංවිදානය කර තිබුනා..
දේවස්ථානය වෙත ඇතුලු වූ මොහොතේ සිට ජිමින් සිටියෙ පුදුමාකාර සතුටකින් , ඔහුගේ දෑස් කදුලින් තෙත්වෙලා ගිහින් , මාසයක් පුරාවට තමාගෙන් සගවමින් ඔවුන් මේ දේවල් සූදානම් කලේ කෙසේද කියලා ජිමින් පුදුම වුනා..

ඒ අතරෙ ගීතිකා වාදනයන් මැදින් දේවස්ථානයට පිවිසුණේ ඔහුගේ ආදරය
ලියානා..
පියවරෙන් පියවර ඇය තමා වෙත ලංවෙනකොට ජිමින්ගේ හදවතේ ගැස්මත් එන්න එන්නම වැඩිවුණා..
තවත් සුලු මොහොතකින් ඇය තම සහකාරිය වන බව ජිමින්ට විශ්වාස කරන්නත් නොහැකි තරම්.

මොහොතින් මොහොත කාලය ගෙවී ගිහින් දේවස්ථානයේ විවාහ චාරිත්‍ර සියල්ල අවසන්...
අවසානයේ සිපගැනීමේ මොහොත එළඹිලා තිබුනා..
රැස්ව සිටි හිතමිතුරු සියල්ල ඉදිරියේ ජිමින් ඇයව සිපගත්තෙ උතුරා යන ආදරෙන්..
අවසානයේ ඔහුගේත් ආදරය ඔහුට ලැබුණා...
ජීවිතේ සෑහෙන දුක් කදුලු මැදින් ආපු ගමනෙ ආරම්භයේ ඉදන් ඔහු සමගම උන් ඇය...
ඔහුට සවියක් වුනු ඇය ,
ඔහුගේ දුක සතුට ඉදිරියේ ඔහුව අත නොහැර සිටි ඇය...
වීනු ලියානා ස්මිත්..
මේ මොහොතේ පටන් ලියානා පාර්ක් වනු ඇති..

******************

ඔවුන් සියලුදෙනා ඊලගට පැමිනියේ ජිමින් සහ ලියා වෙනුවෙන් සූදානම් කල සාද භූමියට...
එය එක්තරා ආකාරයකින් ලියාගේ සිහිනයක් සැබෑ වූවාක් මෙන්...
ඇයට හැමදාමත් ඕනවෙලා තිබුනා යම් දිනයක තමා විවාහ වන විට එළිමහන් විවාහ සාදයක් පවත්වන්නට...
ඉතින් මේ ඇගේ සිහිනය...
සිඩ්නි වරාය පේන මානයේ විශාල ගස් පේලියකින් ආවරනය වුනු නිස්කලංක තැනක විශේෂ ආරක්ශක ක්‍රමයන් යොදමින් සාදය සූදානම්ව තිබුනා .. ආරාදිත අමුත්තන් සෑහෙන ප්‍රමානයක් ඒ සදහා සහභාගී වෙලා හිටියා..

සියල්ලන් උද්දාමයෙන්  විනෝද වෙමින් හිටි අතරෙ ජන්කුක්ට මතක්වුනේ මීට වසර එකහමාරකට ඉහත සිදුවීමක්...

ඒ සැප්තැම්බර් මාසෙ පලමුවෙනිදා  දිනයක්
ක්‍රිස්ටල් රෙකෝඩින් වෙතින් ජන්කුක්ගෙ උපන්දිනය වෙනුවෙන් විශාල ප්‍රසංගයක් සංවිදානය කර තිබුනා
විශේශත්වය වුනේ එය සෝල් නුවර විශාලතම ක්‍රීඩාංගණයක එය පැවැත්වීමට කටයුතු කිරීම...
එදින උදෑසන සිට සල් නුවර දැඩි මාර්ග තදබදයක් දකින්නට ලැබුණා..
ගෙවී ගිය කාලය ඇතුලත ඔවුන් කොතරම් ජනප්‍රිය වෙලා තිබුනද කියනවානම් 3kings ස්තීරවම කොරියාව තුල රදවාගැනීමට කොරියානු රජය පවා උත්සහකරමින් හිටියා..

ඔවුන් මේ කොරියාව කේන්ද්‍ර කරගෙන පවත්වන සිව්වැනි ප්‍රසංග මාලාව..
ඒ සෑම විටකම ඔවුන්ගේ ප්‍රසංග භූමි අතුරු සිදුරු නැතිව පිරීයනවා...
ඔවුන්ගෙ ප්‍රසංග ඇති ඕනෑම ස්ථානයකට විදේශිකයින් පවා බොහෝ රැස්වෙනවා...

ඉදින් එදත් එවැනිම රසිකයින් දහස්ගනනින් පිරී ගිය සෝල් ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංගය සාර්තකව අවසන් වෙමින් තිබුනා...
අවසානම මිනිත්තු කිහිපයයේදි  සියල්ලම අදුරේ ගිලිලා...

නිමේශයකින් නැවත ආලෝකමත් වූ
ඒ වේදිකාව මත ඔහුගේ සොයුරන් හැමදෙනාම පැමින සිටියා...
වේදිකාවේ උපන්දින කේක් එකක් තිබුනා..
නමුත් තම පසෙකින් වුන් ටේහ්‍යුන්ග් පේන්න හිටියෙ  නෑ,
එක්වරම ප්‍රේක්ශකාගාරයෙන් නැගුනු ඔල්වරසන් හඩට පසුපස හැරුනු ජන්කුක්ට අදහා ගන්න බෑ...

ඔහු අසල දන නවාගෙන තමා දෙසට මුදු යුවලක් දිගුකරන ටේහ්‍යුන්ග් දැකීම ජන්කුක්ට මහත් පුදුමයක්..
එහෙත් සියල්ලම නිශ්ශබ්දව ගිය එකම  එක තත්පරේක ටේහ්‍යුන්ගේ ගැබුරු හඩ ක්‍රීඩාංගනය සිසාරා පැතිරිලා ගියා

Mr. Jungkook Jeon ..
will you marry me ? 
would you like to stay with me for the rest of your life ??

ඒ ඔහුගේ යෝජනාව.. ඔහුට ඕන නෑ ටික කාලෙක බැදීමක්.. ඔහුට ඕනවුනේ ජීවිතය මරනයෙන් කෙලවර වෙන ඒ මොහොත දක්වාම ජන්කුක් එක්ක රැදී ඉන්න...

එදා එම යෝජනාව පිලිගන්නා ලෙස මුලු ප්‍රේක්ශකාගාරයම ජන්කුක් වෙත හඩ නගමින් සිටියා..
ජන්කුක්ට් සිතීමට කිසිවක් ඉතුරුව තිබුනේ නෑ..
ඔහුටත් අවශ්‍යව තිබූ  එකම දේ මෙය .

කවදාවත් නොසිතූ ලෙස ටේහ්‍යුන්ග් එයට අද වැනි දිනයක් යොදාගත්තා..
මෙවැනි ස්තානයක් යොදාගත්තා..

එය ජන්කුක්ට වටින උපන්දින ත්‍යාගයක් වුනා මෙන්ම ඔවුන්ගේ ආදරයට විශාල කුණාටුවක් ගෙන ආ සම්මත අසම්මත රාමුවකට සියල්ල ලඝු කරන කොරියානු සමස්ත සමාජයටම එල්ල කල දැඩි අතුල් පහරක් වුනා..

ඉතින් මෙවැනි බැදීමක් අසම්මතයැයි බහුතරය විරෝධතා දක්වන කොරියාවෙදීම , දහස් ගනනක් මිනිසුන් ඉදිරියේ ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගත්තා.. වේදිකාව මත සිපගත්තා...

ඊටත් මාස තුනකට පසු ඉතා සරල ලෙස පවුලේ අයවලුන් අතර පමනක් සාදයක් පවත්වා ඔවුන් විවාපත්වුනා..

විශාල ලෙස වියදම් කර සාද පැවැත්වීමට ඕනෑතරම් හැකියාව තිබියදීත් ඒ වැයකිරීමට සූදානම් කල සමස්ත මුදලම ඔවුන් විසින් ආරම්භ කල ඒ සමාජ සුබසාධන අරමුදල් සදහා පරිත්‍යාග කිරීමට ඔවුන් දෙදෙනා කටයුතු යෙදුවා..

කූ.....මොනවද කල්පනාකරන්නෙ ආ..

ජන්කුක් වෙත පැමිනි ටේහයුන්ග් ඔහුගේ උරහිස වටා අතයවා ඔහුව තමා වෙත ඇදගනිමින් කතාකලා..
ඔහුගෙ එක් අතක පුරුදු වදිහටම යොන්ටෑන් තුරුල් වෙලා හිටියා...

මට මතක්වුනා එදා සෝල් කොන්සර්ට් එකේදි කරපු ඔයාගෙ ප්‍රපෝසල් එක
ම්ම්... එදා තමා මං ඇත්තටම මගෙ ආදරේ දිනාගත්තෙ කූ...
මට ඕන වුනා අපි මේ ජීවත්වෙන්නෙ විසි එක්වෙනි සියවසේ මිසක් තාමත් පරන විදිහට හිතන කාලෙක නෙවේ කියලා හැමෝටම පෙන්නන්න..
මේ කොරියාවෙ වගේම වගේම ආකල්ප තියෙන අනික් රටවල් වලටත් යමක් පෙන්නන්නයි  ඕනවුනේ...
ඒ වගේම අපි වගේ වෙනස් හැගීම් තියෙන සමාජෙට එන්න බයේ, ඉදිරියට නොඑන හැංගිලා ආදරේ කරන ඒ තරුණ ජිීවිත වලට පොඩි ආත්ම විශ්වාසයක් ඇතිකරවන්න මං එහෙම කලේ..

ඒක මගෙ උපන් රටේ මගෙම සහෝදර සහෝදරියො ඉස්සරහ මං කරා...
ඒක දැන් හරි ලස්සනට ගලාගෙන යනවා..නේද කූ..

ඇත්ත ටේහ්‍යුන්ගී...
දැන් ගොඩක් දෙනා මේ දේවල් ගැන වෙනස් විදිහට හිතනවා  ඒ ගැන මට සතුටුයි ...
ඒ වගේම ඔයාට ආදරේ කරපු එක ගැන මේ ජීවිතේ කවදාවත් මට පසුතැවීමක් දැනෙන්නෙ නැතිවෙයි.
එදා මං ගත්ත තීරනේ ගැන දවසින් දවස මං ආඩම්බර වෙනවා ටේහ්‍යුන්ගී..
ඔයා වෙනුවෙන් මං අතෑරපු දේවල් ගැනපොඩි හරි වත් දුකක් දැනෙන්නෑ...

මගෙ කූ... ඔයා මගෙ කියලා කෑගහලා කියන්න මං පොඩ්ඩක්වත් බයනෑ..

ටේහ්‍යුන්ග් කියන්නෙ සෑහෙන පිරිසකගෙ අවදානය ඔවුන් වෙත යොමුවෙලා තියෙන බවට ගානක් වත් නැතිව ජන්කුක්ගෙ කන සිපගනිමින්..

යාහ්..ටේ..
මෙතන වෙඩින් එක ලියාගෙයි ජිමිනගෙයි.. අපේ නෙවේ..

i don't care baby , කොතන කොහොම උනත් ඒක මට ප්‍රශ්නයක් නෑ... ඔයා මගේ... my car ,, my petrol ... ok...

අයිගෝ...ටේහ්‍යුන්ග්... මොකෝ ඔයා මේ ටෑන්වත් මෙහෙ උස්සන් ආවෙ..

ඔවුන් අසලට එසේ කියමින් පැමිනියේ ජිමින්. ඔහු සමග ලියාත් ඔහුගේ දෑතේ වෙලෙමින් පැමිණියා..

එයාගෙ ජිමිනි අන්කල්ගෙ වෙඩින් එකට එන්න බැරිවුනොත් ටෑන්ට දුක හිතේවිනේ , ඒකයි එක්ක ආවෙ

දැන් ඉතින් බලුකුක්කො නෙවේ ඔයාලා හුරතල් කරන්න ඕනෙ ,
නේද ලියා..
අර ජින් හ්‍යුන්ග්ලා කලා වගේ ඔයාලටත් එහෙම දෙයක් කරන්න පුලුවන්නෙ...
එතකොට පුලුවන් බබ්බු නලවන්න...

ඔහ් ජිමිනා...
මම කියන්නමයි හිටියෙ.
ඒක අපි එකම කාලෙකදි කරගමු නේද ..
මං නම් හිතන්නෙ ඔයාලගෙයි අපි දෙන්නගෙයි බබලා එකට සෙල්ලම් කරන්න ඕනෙ , එකට ස්කූල් යන්න ඕනෙ ,
එයාලත් හරියටම ඔයයි මමයි වගේ එකම අවුරුද්දෙ ඉපදෙන සෝල්මේට්ලා වෙන්න ඕන..
එතකොට අපිව බලාගන්න හ්‍යුන්ග්ලා හිටියා වගේ මේ දැන් ඇවිත් ඉන්න ,එන්න ඉන්න පොඩ්ඩො ටික අපේ බබාලගෙ හ්‍යුන්ග්ලා වෙයි....

ටේහ්‍යුන්ග් කියන්නෙ ජිමින්ව වැලදගෙන වුවත් ඒ කියන දේවල් වලට ලියානම් බීට් අලයක් වගේ රතුවෙලා..

යාහ්.. ටේහ්‍යුන්ගී , ඕවා පස්සෙ කතාකරන්න අනේ.. මේ දෙන්නට දෙන්නකෝ දැන් අපි දෙන්නගෙන් එයාලට හම්බෙන ගිෆ්ට් එක..

ජන්කුක් එසේ කියත්ම ටේහ්‍යුන්ග් තම කෝට් එකේ ඇතුලු සාක්කුවකින් පිටතට ගත්තෙ කලු පැහැති දිග එන්විලොප් එකක් වැනි කවරයක් ..
එය ජිමින් අතට දුන් ඔහු නැවතත් දෙදෙනාවම ආදරෙන් වැලදගත්තා..

ජිමිනා... ඕක බලනවා ඉතින්...

පුරුදු විදිහට මේ අහිංසකයට සද්දෙ දාන්නෙ කුකී..

එය විවෘත කර බැලූ ජිමින්ටත් ලියාටත් අදහන්නත් බෑ.. ඔවුන්ගේ ඇස් වලට මොහොතකින් කදුලු පුරාගෙන ආවා..

එහි තිබුනෙ නවසීලන්තයේ ඕක්ලන්ඩ් බලා එදින මද්‍යම රාතියේ පිටත් වන ගුවන් යානයට air ticket  දෙකක් සහ ඕක්ලන්ඩ් හි පිහිටි සුන්දරතම තරු පන්තියේ හොටෙල් එකකට සතියක් සදහා කල වෙන්කිරීමක reservation note එකක්...

ජිමින් වත් ලියා වත් මෙවැන්නක් සිහිනෙකින් වත් බලාපොරොත්තු වුනේ නෑ . ඒත් මෙය ජිමින්ගෙ තවත් එක් ආසාවක්..ඔහු බලාපොරොත්තුවෙන් හිටියා යම් දවසක ලියා සමගින් නවසීලන්තයේ සංචාරය කරන්න..
නමුත් මේ විදිහට එය සැබෑවෙයි කියලා ඔහු හිතුවෙ නෑ...
ටේහ්‍යුන්ග් තමාගෙ හිත් කියවනවාද කියලා ඔහුට හිතාගන්න බෑ..

යාහ්..ටේහ්‍යුන්ග් ..
ඔයා මගෙ හිත කියවනවද...ආ...

එයට නම් ටේහ්‍යුන්ග් පිලිතුරු දුන්නෙ ජිමින්ගෙන් ටිකක් ඈත්වෙමින්..

ජිමිනා... මට හිත් කියවන්න නම් බෑ
ඒත් අහම්බෙකින් ඔයාගෙ අර රූම් එකේ කබඩ් එකක යටම ලච්චුවට දාලා ලොක් කරලා තියෙන බ්ලූ කලර් කවර් එකතියෙන ඩ්‍රීම් බුක් එක මට හම්බුනා...
ඉතින් මං ඒක නම් කියෙව්වා

ටේහ්‍යුන්ග් කියන්නෙ අහිංසක මූනක් මවාගෙන

යාහ්... කබඩ් එකේ යටම ලාච්චුවේ දාල ලොක් කරලා තිබ්බ එක කොහොමද අහම්බෙන් වගේ ඔයාට හම්බුනේ..
ආහ්...මෙහෙම කපටියෙක්..
අද මගෙ වෙඩින් එක නිසා ඉවසුවා කියලා හිතාගන්නවා ටේ...

ඊලගට ජිනි හැරුනෙ කුකීගෙ පැත්ත..

මම ඕවා දන්නෑ ජිමිනා.. එයා තමයි කිව්වෙ අපි ඕක ගිෆ්ට් කරමු කියලා ...

ජිමින් කතාකරන්න කල්න්ම ජන්කුක් ඇගබේරගත්තා

ඒත් ජන්කුකා... ඇයි අදම.. අපි දැනටමත් hamilton island එකට බුකින් එකක් දාලනේ තියෙන්නෙ...

ඒක අපි කැන්සල් කලා ජිමිනා..
hamilton island  නම් කවදා යන්න බැරිද, ඔයාලා ගිහින් ආවම අපි ඔක්කොම එකට යමු එහෙ..
දාන් ලියා එක්ක ඕක්ලන්ඩ් ගිහින් විනෝද වෙලා එන්න ,
සතියකින් එනකොට රෝස් ගාඩ්න් එකට ඔයාලව පිලිගන්න අපි ලෑස්ති වෙලා ඉන්නම් ස්පෙශලි අපේ නෑනා පොඩ්ඩ ලියාව...

රෝස් ගාඩ්න්...
දැනට ඔවුන් සියලුදෙනා ජීවත්වෙන සිඩ්නි නගරමද්‍යයේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසය... විශේශත්වය වුනේ එය තනිකරම ඔවුන් හත්දෙනාට පමනක් අයිති විශාල නිවසක් වීම ..
එයටම සම්බන්ධ කර වෙනතකට විවෘත  වන ලෙස සේවක කාමර සහිත කොටසක් නිර්මාණය කර තිබුනා... වසර දෙකකට පෙර මෙය සදා නිමකලේ නම්ජුන්ගේ අදහසකට සහ සැලසුමකට අනුව ..

ජන්කුක් හා ටේහ්‍යුන්ට එකක්  , ජින් සහ නම්ජුන්ට එකක් , යුන්ගිටත් හේලිටත් එකක් , හෝසොක්ට සහ එමාට එකක් මෙන්ම ඉදිරියේ පැමිනීමට නියමිත ජිමින්ට සහ ලියාටත් එහිම එක බැගින් නිවාස වෙන්කර තිබුනා..

තුන්වන හතරවන  සහ පස්වන මහල් තුන භාවිතා කර ,එක් මහලක් නිවාස දෙකකට බෙදීයන ආකාරයට ඔවුන්ගේ තනි තනි නිවාස සකස් කර තිබුනත් ඒවා සියල්ල එක් තැනකින් එකතුවෙලා පොදු ආලින්දයකට විවෘත වන ලෙස විශේශිත ගෘහනිර්මාන ක්‍රමයකින් එය සකස් කර තිබුනා ...

ඔවුනොවුන්ට වෙන වෙනම තනි නිවාස වෙන්කර තිබුනද ඔවුන් සැමදෙනාම සෑමවිටම පොදුවේ දෙවෙනි මහල භාවිතා කරා..
කොයිතරම් තම නිවාසයේ සිටිය හැකි වුවත් ඔවුන්ට ඉස්සර මෙන්ම තවමත් එකිනෙකා පේන දුරින් සිටීමට අවශ්‍ය වූ නිසා සැම රාත්‍රියකම හැමදෙනාම දෙවන මහලේ කාමර පමනක් භාවිතා කලා..

ඉහලම මහල ඔවුන්ගේ ජිම් එකටත් ස්විමින් පූල් එකටත් නම්ජුන්ගේ විශේෂ පුස්තකාලයටත් වෙන්කර තිබුනා...
බිම් මහල පැමිනෙන අමුත්තන් වෙනුවෙන් , මාද්‍ය කටයුතුවෙනුවෙන් , ඔවුන්ගේ ව්‍යාපාරික හමු සදහාත් ,
පලමු මහල ඔවුන්ගේ සංගීත හා නර්තන කටයුතු  ආදිය වෙනුවෙනුත් වෙන්කර සියල්ල සූදානම් කර තිබනා 

මේ විශාල නිවාස සංකීර්නයේ වැඩ කිරීමට සේවක සේවිකාවන් පහලවක් පමන යොදවා තිබුනා...
එහි සම්පුර්ණ උද්‍යානයම විවිද පාට රෝසමල් පදුරු වලින් පමක් වැසී තිබූ නිසයි සියලු දෙනා එය රෝස් ගාඩ්න් ලෙස නම්කරේ...
මෙම රොඉස් ගාඩ්න් මහල් නිවස ඕස්ට්‍රේලියාවේ පමනක් නොව ලොව පුරා බොහෝ දෙනෙක් ප්‍රිය කරන තැනක්..ඔවුන්ගේ ආදරනීයයන් ජීවත්වන නිවස දැකීම රසිකයින්ට මහත් සතුටක් වුනා...
මෙම නිවසට පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන විශේෂ ඉලෙක්ට්‍රෝනික ආරක්ශක පද්ධතියකින් මෙන්ම ඕස්ටේලියානු ආරක්ශක අංශයේද ආරක්ෂාව යෙදවීමට ජින් සහ නම්ජුන් අමතක කලේ නෑ...

ඉතින් මේ ආකාරයෙන් කිසිවකුත් එකිනෙකා අතහැර වෙන්ව ජීවත්වීමට ඇති අකමැත්ත නිසා මෙම විශාල නිවස ඉදිවුනා..
ආරම්භයේ සිටි ඔවුන්ට වඩා දහස් ගුනයකින් දියුනු වී ලොව වැඩිම ආදායම් උපයන ලාබාලතම පිරිස අතරට එක්වන්නට සමත්වූ ඔවුන් අදටත් එදා උන් අයමයි... ඒ දගකම්, මිතුරුකම් , සුහදකම් එමමයි...

මෙම විශාල නිවස ඔවුන්ගේ හිනා හඩවල් වලින් කෑකෝ ගැසීම් වලින් , ඔවුන්ගේ සංගීතයෙන් මෙන්ම එකිනෙකාට ඇති ආදරයෙන් පිරී ගිහින් තිබුනා. එය ආදරනීය නිස්කලංක නවාතැනක් වුනා ඔවුන් හැමදෙනාටම.

ඉදින් තවත් සතියකින් රෝස් ගාඩ්න් හි සියල්ල සම්පූර්ණ වෙන්නට නියමිතයි .
ජිමින්ගේ පවුලත් පැමිනි විට හැමදෙනාගේම ජීවිත සතුටින් පිරේවි.

මේ වන විට සාදයේ අවසාන භාගය උදාවෙලා තිබුනා..
පැමිනි සිටි සැමටම ස්තූතිවන්ත වූ ජිමින් සහ ලියා සූදානම් වුනේ ඔවුන්ගේ අලුත් ජීවිතය වෙනුවෙන් පිටත් වෙන්න..

ඒ අතර ඔවුන් වෙත පැමිනි යුන්ගිත් හෝසොකුත් ඔවුන්ව වැලදගෙන සුබපැතුවා 

ජිමිනා...
ඔයා අද ඉන්න තැන ගැන මට පුදුම තරම් සතුටුයි ජිමිනා. ඔය හිනාවෙන්ම හැමදාම ඉන්න දෙන්නම..
ඕනම දේකදි අපි හැමෝම ඔයාලත් එක්ක ඉන්නවා.
දැන් ඉතින් පිටත් වෙන්නයි තියෙන්නෙ..

කෝ කෝ යන් ඉතින් මගෙයි යුන්ගියාගෙයි ගිෆ්ට් එක ඔයාලා එනකල් එලියෙ බලන් ඉන්නවා.

හෝසොක් කිව්වෙ ඔවුන්ව සාද භූමියෙන් පිටතට කැදවාගෙන එමින්...

ජිම්න්ට හිතුනෙ මේ ලෝකෙ තමන් තරම් වාසනාවන්ත කෙනෙක් තවත් නෑ කියලා , ඒ තරම් ඔහුට මේ සොයුරන්ගේ ආදරය දැනුනා..
පිටවීමේ ගේට්ටුව අසල නවතා තිබුනෙ නවීන පන්නයේ කලුපැහැති බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ,
හෝසොක් සහ යුන්ගි වෙතින් ඔවුන්ට ලැබෙන විවාහ ත්‍යාගය එයයි.

******************

හැම දේකටම පස්සෙ..
ඔවුන්ගේ පිටත්වීමේ මොහොත එළඹුණා.
ජන්කුක් , ටේහ්‍යුන්ග් , නම්ජුන් , ජින් ,යුන්ගි , හේලි , හෝසොක් මෙන්ම එමාත් පැමින එක පොකුරට ජිමින්වත් ලියාවත් වැලදගත්තා ...
අවසාන වශයෙන් ඔවුන් සියලුදෙනා එක් සමූහ පින්තූරයක පෙනී සිටියා ..

ඉදින් ළඟදීම මෙම සුන්දර සේයාරුව ඔවුන්ගේ ආදරය පිරුනු රෝස් ගාඩ්න්හි එක් විශාල බිත්තියක් වසාගෙන නැගී සිටීවි.. එය ඔවුන්ගේ ජීවිතයේ සදාකාලික මතයක් වේවි..
රෝස් ගාඩ්න් එක හැමදාම මේ මිතුරු පවලේ සතුටු  සිනාවලින් පිරී ඉතිරී ගොස් තිබේවි.

තම නව දිවිය අරඹමින් පිටව යන ජිමින් සහ ලියා දෙස ඔවුන් සියලුදෙනා බලා සිටියෙ සතුටින්..

ඉතින් අවසානයේ හැමදේම හොදින් විසදිලා තිබුනා.

ටේහ්‍යුන්ග් සහ ජන්කුක් ඔවුන්ගේ ආදරය දිනාගෙන ,
මුලු ලොවක් ආදරය කරන කලා ලෝකයෙත් බබලන තරු වෙලා ඔවුන්ගේ හීන සැබෑ කරගෙන ඉතා සතුටින් දිවි ගෙවනකොට
නම්ජුන් සහ ජින් ද ඔවුන්ගේ ආදරය සේම ව්‍යාපාර ලෝකයත් ඉහලින්ම දිනාගත්තා.
ක්‍රිස්ටල් රෙකෝඩින් හි හිමිකරු ලෙස ටේහ්‍යුන් පත්කලාට පසුව ඔහුගේ ඉල්ලීම පරිදි අවසානයේ අහම්බෙන් මුනගැසුණු ඒ මිතුරු පවුලම රටවල් දෙකක ව්‍යාප්තවූ KIZ සමූහ ව්‍යාපාරයේ කොටස් හිමියන් බවටත් පත්කරන්නට ජින් කටයුතු යොදලා තිබුනා.....
ලේසියෙන් කෙනෙක්ට හිතන්න වත් බැරි සාර්ථකත්වයක් හිමි කරගෙන..
ඒ ආපු ගමන ඔවුන්ට මල්මාවතක් නම් වුනේ නෑ ..

හැබැයි එක් වචනයක ශක්තිය ඔවුන්ව මහා පවුරක් වගේ ගොඩනැගුවා..

ආදරය..

ඔවුන් එකිනෙකා කෙරෙහි බැදුනු අසීමිත ආදරය නිසා කිසිවිට ඔවුන් පරාද වුනේ නෑ , කිසිවිට ඔවුන් බිදී ගියේත් නෑ ..

ආදරය කියන වචනයේ අරුත ගැහිනියක් පිරිමියෙක් හිතෙන් බැදෙන ,  රාගික ආශාවන් සම්පුර්ණ කරන , දරුවන් ලබන , මැරෙන තුරාවට එකට ඉන්නවා කියන මතුපිට අර්ථයට වඩා එහා ගිය ගැඹුරු යමක් බව ඔවුන් ලෝකය ඉදිරියේ පෙන්වා සිටියා

මිතුරන් අතරේ ඇතිවන ආදරය ,
සොයුරන් අතරේ ඇතිවන ආදරය ,
ගැහැනු පිරිමි අතර ඇතිවන ආදරය , වැඩිහිටියන් දරුවන් අතර ආදරය...
ඒ හා සමානවම
සමාන ලිංගික අනන්‍යතා දක්වන අය අතරත් මේ ආදරය ඇතිවන බව ඔවුන් ලෝකයට පෙන්වා දුන්නා..
එය සමාජය තුල ගැරහීමට ලක්වීමට තරම් පහත් දෙයන් නොවන බවත් ඔවුනුත් ලෝකයේ අනිත් මිනිසුන් හා සමාන අයිතීන් ඇති පුද්ගලයින් බවත් ඔවුන් ලොවට පෙන්වා දුන්නා..

ආදරය නම්

එය ආදරයම පමනක් බවත් ඔවුන් ලෝකෙය ඔපපු කර සිටියා

ඉදින් සැබෑ ආත්මික ආදරයකට හැකියි
කෙනෙක්ව ජීවත් කරවන්න  ,
ඒ ජීවිතේ විදින්නට සලසන්න,

ඒ වගේම ඒ ආදරයටම පුලුවන් කෙන්ක්ව මුලු ජීවිත කාලෙම  විදවීමකට ඇද දාන්න

ඒ වගේම ආත්මික වූ ආදරයකට 
හැකියි
කෙනෙක් ළඟ සතුටක් පුරවන්න
තව කෙනෙක් ළඟ කදුලු උතුරවන්න ,
     
කවදා ඇතිවෙයිද ,
කොහොම , කොතනදී ඇතිවෙයිද
කා වෙනුවෙන් කවුරුන්ගෙ හදවතේ ඇතිවෙයිද ,
මේ කිසිවක් ගැන සිහිනෙකින්වත් අනුමානයක්
      හෝ කල නොහැකි ,
      මහා ප්‍රාතිහාරික අකුරු හතරක් තමයි ආදරය කියලා කියන්නෙ..

ආදරය කියන වචනෙ ලෝකෙ තියෙන බලවත්ම වචනෙ වෙන්නෙ අන්න ඒ නිසා .
ජීවිතයක් එක මොහොතකින් ගොඩනගන්න වගේම ,
විනාශ කරලා දාන්නත් මේ ආදරයට අප්‍රමාන වූ හැකියාවක් තියෙනවා...
 

දගකාර යෞවනයේ සීමා මායිම් බිද දමමින් ඔහේ පියඹලා ගියපු , තරුන ජීවිතේ සැහැල්ලුව උපරිමේටම විදපු
කිම් ටේහ්‍යුන්ග්
ජීවිතේ වගකීම් සහගත පුද්ගලයෙක් විදිහට නැගී සිටින්න , තමන්ගේ ආදරනීයයන් වෙනුවෙන් කැපවීම් කරන්න , ලෝකෙම ආදරේ කරන තරුවක් වෙන්න වගේම ඒ ආදරේ වෙනුවෙන් පෙරලා ලෝකෙට යමක් දියහැකි සාර්තක මනුස්සයෙක් වෙන්න ටේහ්‍යුන්ව මෙහෙයවූයේ මේ
පුංචි අකුරු හතර..

තමන් කවදාහරි ලෝකෙම ආදරේ කරන තරුවක් විය යුතුයි කියලා ඔහුගෙ හිතට පුංචි කාලෙ ඉදන් බලෙන් ඔබ්බපු හීනයක් හිතේ තියන් උපන් බිමෙන් එතෙරට ආපු පුංචි ජියොන් ජන්කුක්..
ඔහුගේ අසීමිත හැකියාවන් නිසාම ඔහුගේ ලමා කාලය මෙන්ම තරුන කාලයත් රාමුවකට කොටුවෙලා ගෙවීගිය මොහොතක ,
තම පවුල තුළින්ම ඔහුව පීඩාවට පත්කරලා තිබුනු මොහොතක
ඔහුගේ ඇතුලාන්තයේ සැගවී හිටපු ඒ ශක්තිවන්ත තරුනයාව එලියට ගන්න , ඔහුගේ හදවතේ ඇති නියම හැගීම් හදුන ගන්න , තමාගේ සතුට වෙනුවෙන් ලෝකයක් එක්කම සටන් කරන්නට , ඒ සටනින් අද වෙනකොට දිනලා මේ ලෝකෙම ආදරේ කරන කෙනෙක් විදිහට තමන්ගෙ හදවතේ හැගීම් ලෝකෙත් එක්කම බෙදාගන්නට ,
තමන් වගේම පීඩා විදින දහස් ගානාක් වෙනුවෙන් සතුට ලගාකර දෙන්නට ඔහුට හැකියාව ලැබුණෙත් ඒ ඔහුගේ ආත්මික ආදරයේ ශක්තියෙන්..

මේ සොයුරන් සැමට පනවගේ ආදරේ කරපු ජිමින් ,
ඔහුගේ තිබුනු යහපත් ගතිගුණ , තමන්ට පෙර අනෙකා වෙනුවෙන් කැපවෙන ඒ ආදරනීය  හදවත නිසාවෙන්ම ඔහුගේ ජීවිතයට ආත්මික ආදරයක් මුනගැහුනා..

ආදරය එවැනි දෙයක්...
සුදුසු අය වෙත සුදුසුම ආකාරයෙන් ආදරය ලගාවෙනවා.. ඔවුන්ව සොයා එනවා...

නම්ජුන් , ජින්...

ඔවුන් අන් කවරෙකුටත් වඩා ආදරයේ නාමයෙන් අනනතවත් කැපවීම් කල අය.. අනෙකාගේ සතුට වෙනුවෙන් , අනෙකාගෙ දියුණුව වෙනුවෙන් තම හැගීම් , තම ආදරය සගවා ගත් දෙදෙනෙක්...
නමුත් කිසිවෙක් නොහිතපු එක් මොහොතක ඔවුන්ගේ ජීවිත කනපිට හැරවූවෙත් ඒ ආදරයමයි..

එක් මවකගේ එක් පියෙකුගේ ඒ ආදරයත් තවත් ප්‍රේමනීය හදවත් දෙකක එක්වීමකට මග පෑදුවා...

මේ හැම දෙනාගෙම ආදර කතාවන් පිටුපස යෝද ශක්‍තියක්ව උන් යුන්ගිට වගේම හෝසොක්ටත් දෛවය විසින් ඔවුන්ගේ ආදරය මුනගස්වා තිබුනා..

මේ කිසිම කෙනෙක් ආරම්භයේදී දැනගෙන හිටියෙ නෑ ආදරය කියන පුංචි අකුරු තුනහතරකින් කෙනෙක්ගෙ ජීවිතය කනපිට හරවන්න පුලුවන් කියල
නමුත් එය ඒ ලෙස සිදුවෙලා තිබුනා.

මේ ලෝකෙ ඕනම කෙනෙක් ඉපදෙන මොහෙත ඔවුන්  සමග එන්නෙ ඔවුන්ගේ හිතෙන් එක් අඩක් පමනයි
එහි ඉතුරු කොටස රැගෙන මේ ලෝකෙ කොයි කොනක හරි තවත් කෙනෙක් නොවරදවාම ඉපදෙනවා..
එයයි ලෝකයේ ස්වභාවය...
දවසක ඒ දෙපැත්තක තිබුනු හිත් දෙක  ඔවුන්නොවුන් මුනගැහෙනවා ..
ඔවුන් දන්නෙ වත් නෑ මේ මගේ ජීවිතයේ ඉදිරි කාලය අත්වැල් අල්ලාන යා යුතු සහකරු හො සහකාරිය බව..
 

  නමුත් ආදරය ...

ආදරය නම් මායාව ඔවුන් මොහොතින් මොහොත ලං කරනවා, වෙන්කරනවා , බාදා පමුනුවනවා , දරාගන්නට දෙනවා, විදවන්නට දෙනවා
නමුත් අවසානය බොහෝ විට සතුටකින් කෙලවර කරනවා...

මේ ලෝකෙ කොහෙ හරි තියේවිද  කාටවත් පාලනය කරන්න බැරි වචනයක්..

නමුත් ඒ වචනය විසින් මුලු ලෝකෙම  පාලනය කරනවා නම්.....
එය එසේ විය හැකිද...

සත්‍ය වශයෙන්ම ... එසේ විය හැකියි.. එවැනි බලසම්පන්න  වචනයක් ඇත්නම්

                                   ආදරයම පමනයි.. !

      💜️💚💜️💚 THE END💚💜️💚💜️

                        ************

         පසු සටහනෙන් හමුවෙමු............

Continue Reading

You'll Also Like

290K 50K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
19.5K 3.6K 38
Tae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk
63.7K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
36.5K 5.5K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...