💜️ Still With You 💜️ ( OT7)...

By ShineOT7sh

27K 4.7K 812

ආදරය... ජීවිතේ ජීවත් කරවන , ජීවිතේ විදින , විදවන , කෙනෙක් ළඟ සතුට පුරවන, තව කෙනෙක් ළඟ... More

1
2
3
4
5
6
7 🔞
8
9
10
11
12 🚫
13
14
15
16
17
18
🚫🔞 19 🔞🚫
20
21
22
23
25
26
27
28
Final Chapter
🌟 Author's Note 🌟

24

560 132 9
By ShineOT7sh


ජින් හ්‍යුන්ග්...
යූශින් මෙහෙට ගේන්න තව කල්‍ යයිද .. මට නම් දැන් මෙහෙම ඉදලා එපා වෙලා...

මට තේරෙන්නේ නෑ කුකී..
එයාව ගෙන්න ගන්න නම් තව ටික දවසක් යාවි. අඩු තරමේ සතියක් දෙකක් වත්. ඒත් අපි මේ කරන දේ හරිද කුකී...

හරි උනත් වැරදි වුනත් කරන්න දෙයක් නෑ හ්‍යුන්ග්.. ටේහ්‍යුන්ග් වෙනුවෙන් මීට වඩා දෙයක් උනත් මං කරනවා...

අබොජි ගැන මොකද.. එතකොට ඔම්මා..??

යුමී කියන්නෙ මගෙ කසින් .
අබොජි කිව්ව පලියට එහෙම මැරි කරන්න පුලුවන්ද හ්‍යුන්ග්.. හිතක වත් නැති කෙනෙක් එක්ක ජීවිත කාලෙම ඉන්නෙ කොහොමද ...
ඔම්මා ඒකෙ දුක හොදට දන්නවා හ්‍යුන්ග් , එයා මුලු ජීවිත කාලෙම ඔය හිරවෙලා ඉන්නෙ හිතක වත් නොහිටපු කෙනෙක් මැරි කරපු හින්දා...
ඒ නිසා එයාගෙන් මට කිසිම බාදාවක් නෑ..

ඔයා ටේහ්‍යුන්ග්ට කතා කළාද කුකී..

මං ගත්තා හ්‍යුන්ග්... ඒත් එයා මගේ කෝල්ස් වලට ආන්සර් කරන්නෑනෙ..

බයවෙන්න එපා..
හෝසොක් මට කතා කලා.
එයා හොදින් ඉන්නවලු. ඔයාට මෙහෙ දේවල් විසදගෙන ඉක්මනින් එන්න කිව්වා.. එතකල් එයාලා ටේහ්‍යුන්ග්ව බලාගනී

නෙක්ස්ට් වීක් එකේ කොන්සර්ට් එක කල්දාන්න කියන්න හ්‍යුන්ග්..
මේ ප්‍රශ්න විසදගෙන මිසක් ආයෙත් මං සිඩ්නි යන්නෑ. කොන්සර්ට් එකකට විතරක් මූන පෙන්නලා එන්න යන්න බෑ මට..ඒකෙන් ටේහ්‍යුන්ගිට තවත් රිදෙන එකයි වෙන්නෙ

හරි කුකී මං ඒක දැනටමත් කියලා තියෙන්නෙ .අපි බලමුකො.
යූශින් එනකල් ඔයාට ඔය රඟපෑම දිගටම කරන්න වෙනවා අබොජි ඉස්සරහ..
එක අතකට ටේහ්‍යුන්ග් මෙහෙන් ගිය එකත් හොදයි.. ඔයා ඔහොම යුමී එක්ක ඉන්නවා එයා දැක්ක නම් ඒක ලොකු අව්ලක් වෙනවා...

ඒ නිසාමයි මං මොකුත් කිව්වෙ නැත්තෙ හ්‍යුන්ග්.. එහෙම කිව්ව නම් යකා නටාවි මෙතන.. එදා මම අබොජිව හම්බෙන්න ගිහින් එන්න පරක්කු වුනු ටිකට නොකා නොබී හිටපු හැටි දැක්කනෙ....

දැන් ඔයාගෙ සින්දුවේ වැඩේ කොහොමද..

ගොඩක් දුරට ඉවරයි හ්‍යුන්ග්..පොඩි එඩිට් එකක් තියෙන්නෙ තව

ඔහොම මුලු රෑම නින්දක් නැතුව ඉන්න එපා කුකී..අන්තිමට ලෙඩ වෙයි..

හ්‍යුන්ග්...
නම්ජුන් හ්‍යුන්ග් කතා කලේ නැද්ද ....

ඔයා නිදාගන්න කුකී...
මාත් නිදාගන්න යනවා ගුඩ් නයිට්..

ජන්කුක්ගෙ ප්‍රශ්නය මගහැරපු ජින් කාමරෙන් පිට වෙන්න හැදුවෙ.
නමුත් ආයෙමත් ජන්කුක් කතා කලා..

හ්‍යුන්ග්...

මොකඳ ජන්කුක් මේ...

ආපසු හැරුනු ජින් කතාකලේ නුරුස්නා ආකාරයෙන්..

කවදා වෙනකල් ඔයා ඔහොම තනියෙන් දුක් විදිනවද...

මොනවා ගැනද ඔයා කියන්නෙ ජන්කුක්..

මං කතාකරන්නෙ නම්ජුන් හ්‍යුන්ග් ගැන..

කු..කුකීඊ.. ඔයා කොහොමද ...

පුදුම වෙන්න එපා හ්‍යුන්ග්..
මං බබෙක් නෙවේ...
හැමදේම මට පේනවා , තේරෙනවා.. ඔයාගෙ ඔෆිස් රූම් එකේ තියෙන ගොඩක් දේවල් නම්ජුන් හ්‍යුන්ග් ආස කරන දේවල්...
ඒ ටිකම ඇති හ්‍යුන්ග් ඔයාගෙ හිත තේරුම් ගන්න ..ඒත් ඇයි ඔහොම දෙන්නම දෙපැත්තක දුක් විදින්නෙ...

යන්න ගියපු ජින් ආයෙමත් බිමින් වාඩිවුනා...

මගෙ සතුට වෙනුවෙන් මං කොහොමද තව පවුලක සතුට උදුරගන්නෙ කුකී..
ඒ පවුලෙ සතුට තියෙන්නෙ නම්ජුනා ළඟ.. ඒ අය නම්ජුනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් මං නිසා නැතිවෙලා යාවි ....

අහන්න හ්‍යුන්ග්...
ප්‍රශ්න ඒවි.. මං නෑ කියන්නෑ
ඒත් මොකුත්ම නොකර දෙන්නම හිතින් විදවනවට වඩා , දෙන්නම එකතුවෙලා ප්‍රශ්න වලට මූන දෙන එක හොද නැද්ද

මට උපදෙස් දුන්නට ඔයා දැන් කරන්නෙත් හැමදේම ටේහ්‍යුන්ගේන් හංගලා ඔයා මෙහෙට වෙලා තනියම විදවන එක නෙවේද කුකී..
දවස් කීයකින් ඔයා හරියට නිදාගෙන නැද්ද , හරියට කාලා නැද්ද ...
එහෙනම් ඇයි ඒ ...

මේ මම ... තනියෙන් විදවනවා ???...
විහිලු කරන්න එපා හ්‍යුන්ග්...
ඔයාට එහෙම හිතෙනවා නම් ඔයා ඔයාගෙ මල්ලි ගැන හරියට දන්නෑ

අනිත් අය කොච්චර කිව්වත් ටේයුන්ගී හොදින් කියලා , මම දන්නවා එයා මේ දැනුත් එයාගෙ කාමරේ මුල්ලකට වෙලා අපේ පරන ෆොටෝස් බලනවා ඇති...
මගෙ කලිසමක් කමිසයක් ඇදගෙන ඇති.. හරියට කන්නෙ බොන්නෙ නැතුව පිස්සෙක් වෙලා ඇති...
මටත් වඩා එයා එහෙ ඉදන් දුක්විදිනවා කියලා මං දන්නවා හ්‍යුන්ග් ,
ඒත් මට කරන්න දෙයක් නැති නිසා
මං අනිත් අය කියන විදිහට එයා හොදින් ඇති කියලා හිත රවට්ටගන්නවා..

ජන්කුක් කිව්වෙ ඔහුගෙ හඩ බිදිලා යනකොට..

මට සමාවෙන්න කුකී..
ඔයාලා දෙන්න තරම් ආදරේ කරන්න මම දන්නෙ නෑ...

හ්‍යුන්ග්..
මෙතන තියෙන්නෙ දෙවිදියක කතා දෙකක්.. මං හැමදේම කරන්නෙ ටේහ්‍යුන්ගීව රැකගන්න ..
එයාව මගේ කරගන්න..
මං ආදරේ කරන්නෙ මගදි අතාරින්න නෙවේ...
ඒත් ඔයා ඇයි මේ හිතින් දුක් විදින්නෙ , එයාව අතාරින්න.. එයාව ඔයාගෙන් ඈත් කරන්න..එහෙම දේකට දුක් විදින්න ඕනද හ්‍යුන්ග් ..
අපේ කතාවල වෙනස ඒකයි...
ඔයාලා දෙන්න විදින දුකේ කිසිම තේරුමක් නෑ ...
කිසිම වටිනාකමක් නෑ..

ලං කරගන්න ටිකක් දුක් වින්දට කමක්නෑ හ්‍යුන්ග්..
ඒත් අතාරින්න මේ තරම් දුක් විදින්න එපා...
ඒක කොයිතරම් මෝඩ වැඩක්ද..
ඒ ගැන මට කියන්න පුලුවන් එච්චරයි හ්‍යුන්ග්..

තාමත් අවුරුදු දහනවයක් වෙච්ච මේ පොඩි කොල්ලා කතා කරන විදිහෙන් එයා කොයිතරම් වෙනස් වෙලාද , කොයිතරම් පරිනත වෙලාද කියලා ජින්ට හිතුනා..
මෙච්චර කාලෙකට තමන් හිතන්න උත්සහ නොකරපු පැත්තක් අද ජන්කුක් තමාට පෙන්නලා දුන්නු බවක් ජින්ට හැඟුණා...

ජින් නැගිටලා ජන්කුක් වෙත ආවෙ ඒ නිසා.. ඔහු ජන්කුක් අසලින් වාඩිවෙලා ඔහුව වැලදගත්තා .

කුකී... කුමාවෝ..
ඔයා මට කිව්වෙ මං කවදාවත් නොහිතපු දෙයක්. ඇත්තටම මං ඒ ගැන නිකමට වත් කල්පනා කරලා තිබුනෙ නෑ.. පොරොන්දු වෙනවා..
දැන් ඉදන් මං ඒගැන හිතන්නම්..

අන්න එහෙම ඉන්න හ්‍යුන්ග්...දැන් ගිහින් සතුටින් නිදාගන්න , ඊට කලින් නම්ජුනි හ්‍යුන්ග්ට කෝල් එකක් දෙන්න.. ඒකෙන් ඔයාට හොදක් දැනෙයි..

ම්ම්.. ගුඩ් නයිට්..

තම කාමරයට පැමිනි නම්ජුන්ට මතක් වුනේ ජන්කුක් කියපු දේවල්..

" ලංකරගන්න ටිකක් දුක් වින්දට කමක්නෑ , ඒත් අතාරින්න මේ තරම් දුක් විදින්න එපා "

ජන්කුක් කියන කතාවෙ කොයිතරම් ලොකු ඇත්තක් තියෙනවද කියලා ජින් කල්පනා කලා..ඒ ගැන හිතමින්මයි ඔහු නම්ජුන් ට ඇමතුමක් ගත්තෙ..

මේ අතරෙ ජන්කුක් තම කාමරයට වෙලා තම නවතම ගීතය නිර්මානය කරමින් හිටියා...එය අවසන් අදියරටම පැමින තිබුනා.. පද රචනය , සංගීතය , වගේම ගායනයත් ඔහුම තනිව කලා..

ටේහ්‍යුන්ග් නැතුව සෝල් වල ගෙවපු කිසිම රාත්‍රියක් ඔහුට සුව නින්දක් ගෙනාවෙ නෑ ..
ඔහුට පාලු දැනුනා..
ටේහ්‍යුන්ගේ ඒ උණුසුම ඔහුට ඕනවුනා..
ඒ අත් අතරෙ සැනසෙන්න ඕන උනා....
ඒ ඔහුට දැනෙන හැගීම් , ඒ දුක ,ඒ වේදනාව ඔහු වචන වලට පෙරලුවා...
ඔහුගෙ වේදනාව ටේහ්‍යුන්ග් වෙනුවෙන් ඔහු ගීතයක් බවට පත් කලා...
හැමදේම විසදුනු දවසක තමන් ටේහ්‍යුන්ග් නැතිව කොයිතරම් විදෙව්වද කියලා ඔහුට කියන්න මේ ගීය උදව්වක් වේවි කියලා ජන්කුක් ප්‍රාර්තනා කලා..

***************

ටේහ්‍යොනා... ටේහ්‍යොනා...
මේ දොර අරින්නකෝ... ඇවිත් මොනවහරි කාලා ඉන්නකො , ඔයා රෑට මොනවත් කෑවෙත් නෑනෙ

බලන්න හෝසොක්...
කීයෙ ඉදන්ද මං කතා කරන්නෙ මේ, දොර අරින්නෙම නෑනෙ....
දැන් සතියකට වැඩී මෙයා මෙහෙම කාමරේ අස්සෙ , හරියකට කෑමක් කන්නෑ, කැම්පස් එකට යන්නෙ නෑ.
අපි තව කවදා වෙනකල් ජින් හ්‍යුන්ග්ට බොරු කියන්නද මෙයා හොදින් ඉන්නවා කියලා ,

යුන්ගියා ඔහොම ඉන්න මං බලන්නම්...

ටේහ්‍යොනා..
මේ දොර අරින්න හොද දරුවා වගේ.. ඔයා කුකී ට ඇත්තටම ආදරේ නම් කරුණාකරලා මේ දොර අරින්න ටේහ්‍යුන්ග්.. ප්ලීස්..
එහෙම නැතිවුනොත් මට සිද්දවෙනවා ඔයා කරන මේ හැමදේම ජන්කුක්ට කියන්න,

හෝසොක් එහෙම කියපුගමන් ඊලග තත්පරේ දොර ඇරුණා..
හෝසොක් යුන්ගිත් එක්ක කාමරේ ඇතුලට ගියත් ඔවුන්ට දකින්න ලැබුනෙ ගිනි පිටවෙන ඇස් වලින් ඔවුන් දෙස බලන් ඉන්න ටේහ්‍යුන්ග් ...
ඔහු කතා කළෙත් ඒ තරම්ම කේන්තියකින්..
උස් හඩින්..

හැමතිස්සෙම මගෙ දුර්වලකම පාවිච්චි කරන්නෙ ඇයි ඔයාලා..
කුකීට ආදරේ නම් දොර අරින්න..
කුකීට ආදරේ නම් කෑම කන්න...
කුකීට ආදරේ නම් අරක කරන්න
මේක කරන්න....
ඇයි ඇයි ඔයාලට බැරි කුකීට ආදරේ නම් මට මැරිලා යන්න කියන්න..
ඇයි එහෙම නොකියන්නෙ.
එහෙම කිව්වා නම් මං ඒකත් කැමැත්තෙන් කරනවා හ්‍යුන්ග්....
කුකීට ආදරේ නිසා තමයි දෙයියනේ මං මේ තරම් දුක් විදින්නෙ ..
ඇයි ඔයාලා ඒක තේරුම් ගන්නෙ නැත්තෙ..

ටේහ්‍යුන්ග් ??? මොනවද ඔය කියවන්නෙ.

මං දන්නවා හ්‍යුන්ග්..
හැමදේම දන්නවා...
ඔයාලා මට හංගන සේරම මං දන්නවා..කුකී ඉක්මනින් මැරිකරාවි..
මං...මං ඒකට දැන් ඉදන් හිත හදාගන්න ඕන හ්‍යුන්ග්..
ඇයි ඔයාලා මට ඒකට උදව් කරන්නෙ නැත්තෙ.. මට මේ අවුරුද්දක දෙකක මතක එක්ක මුලු ජීවිතකාලෙම ඉන්න පුරුදු වෙන්න ඕන..ඒක නේද හ්‍යුන්ග් ඇත්ත කතාව.. කොච්චර නෑ කියලා හිතන්න හැදුවත් දවසක සිද්දවෙන්නෙ ඒක තමයි.
අනේ.. හ්‍යුන්ග්.මට උදව් කරන්නකෝ...
මේ දේවල් අමතක කරන්න , හිත හදාගන්න , මේවා දරාගන්න මට උදව් කරන්නකෝ...

ටේහ්‍යුන්ගෙ ඒ කේන්තිය දැන් සම්පූර්ණයෙන්ම ඇඩුමක් බවට පත්වෙලා තිබුනා.. ඔහුගෙ ඇස් වල කදුලු දිලිසෙමින් තිබුනා..

ටේහ්‍යුන්ග්. ඔයා මොනවද මේ කියන්නෙ.. එහෙම කිසි දෙයක් වෙන්නෑ . බොරුවට දුක් වෙන්න කලබල කරන්න එපා..කුකී ආයෙ ඉක්මනින් ඒවි.. හොද ළමයා වගේ ටිකක් ඉවසලා ඉන්න..

එයා.. එයා කවදාහරි එනවානම් මට හැමදාම බලන් ඉන්න පුලුවන් හ්‍යුන්ග්.. ජීවිත කාලෙම උනත් පුලුවන්
ඒත්...
මං දන්නවා ආයෙ එයාට එන්න බෑ . එයා මට වරදක් කරන්නෑ තමයි..
මං දන්නවා කූ මට කොයිතරම් ආදරේද කියලා .. ඒත් ඒක නෙවේ මෙතන ප්‍රශ්නෙ .
එයාට අකමැත්තෙන් උනත් මාවයි , එයාගෙ ෆැමිලි එකයි අතරෙන් කෙනෙක් තෝරගන්න වෙනවා හ්‍යුන්ග්...
මං හිතන්නෙ දැනටමත් එයා ඒක තෝරගෙන.

මං මොනවද දැන් කරන්න ඕන හ්‍යුන්ග්.ආ.. මට කියන්න...
ඔයාලා කියන්නෙ මොකුත් නොවුන විදිහට ඉස්සර වගේ කාලා බීලා විනෝදෙන් ඉන්න කියලද හ්‍යුන්ග්...
මගෙ පපුව පැලෙන්න තරම් රිදෙනකොට මං කොහොමද එහෙම හිනාවෙන්නෙ...
මගේ කූ...
කුකී කියන්නෙ මගෙ මුලු ජීවිතේම හ්‍යුන්ග්..
එයා නැතුව හිනාවෙන්න මම දන්නෑ හ්‍යුන්ග්..
එයානැතුව සතුටින් ඉන්නෙ කොහොමද කියලා මට කියලා දෙන්න හ්‍යුන්ග්...

ටේහ්‍යුන්ග් කියන්නෙ යුන්ගිගෙ උරහිස් දෙකෙන් අල්ලලා හොලවමින්..
ඒ දිලිසෙන ඇස් වලින් කදුලු බේරෙමින් තිබුනා..ඔහුගෙන් මේ පේන අසරණ පෙනුම යුන්ගිට වගේම හෝසොක්ටත් බලාගෙන ඉන්න බැරි තරමට දුකක් ඇතිකලා..

ශ්.. ශ්... ටේ... මේ තරම් කලබල වෙන්න එපා.. සන්සුන් වෙන්නකෝ..

යුන්ගි ටේහ්‍යුන්ව වාරුකරගෙන ඇදෙන් ඉන්දවගත්තා..

මං කොහොමද හ්‍යුන්ග් සන්සුන් වෙන්නෙ..
මගෙ කූ... අනේහ්... මගෙ කූ ආයෙමත් එන්නැත්නම්.. මං කොහොමද තවත් ජීවත්වෙන්නෙ හ්‍යුන්ග්..

ටේහ්‍යුන් එහෙම කියමින් ගත්තෙ සයිඩ් කබඩ් එක උඩ තිබුනු ජන්කුක්ගෙයි ඔහුගෙයි කුඩා පින්තූරය..

මේ විදිහට මට ආයෙත් මගෙ කූ ළඟ ඉන්න බැරිද හ්‍යුන්ග්.. ආ.
මේ විදිහට මගෙ අත් අස්සෙ තුරුල් වෙන්න එයාට එන්න බැරිද..
මට එයාව දකින්න ඕනෙ හ්‍යුන්ග්.. මට..මට මෙහෙම ළඟින් ඉන්න ඕනෙ.. මේ මූන රතුවෙනකල්ම කිස් කරන්න ඕන... අනේ හ්‍යුන්ග්...
මට මගෙ කූ ව ගේන්නකෝ...
අර කෙල්ලට එයාව දෙන්න බෑ හ්‍යුන්ග්...

ටේහ්‍යුන්ග් පිස්සුවෙන් වගේ කියවමින් හඩාවැටෙන එක හෝසොක්ටත් යුන්ගිටත් තවත් බලා ඉන්න නම් බැරිවුනා.. ඔවුන් දෙදෙනාගෙත් ඇස් වලට කදුලු ආවෙ ටේහ්‍යුන්ග් ජන්කුක්ට කොයිතරම් බැදිලද කියලා මේ හැසිරීමෙන් තේරුම් ගන්න පුලුවන් නිසා.

හරියට ඇදුමක් අදින්නෙ නෑ,
කොන්ඩෙ පිලිවෙලකට හදාගන්නෙ නෑ , ඇදුම් සපත්තු කාමරේ හැමතැනම.. කැම්පස් එකේ පොත් පත් මේස යට, පුටුව උඩ... ටේහ්‍යුන්ග් කවදාවත් කැමැත්තෙන් නොබොන වයින් බෝතල් පවා ඒ කාමරේ තැන තැන..
තනිකරම කාමරේ අවුල් ජාලයක්..
ඒ කාමරේම බිම වාඩිවෙලා ජන්කුක්ගෙ පින්තූර දිහා බලන් ඉන්න එක..
ජන්කුක් කලින් වතාවල කියපු සින්දු ආයෙ ආයෙ අහන එක. ජන්කුක්ගෙ කලිසමක් කමිසයක් ඇදගෙන ඉන්න එක...
මේවා තමයි ටේහ්‍යුන් දවස තිස්සෙම කරන එකම රාජකාරි...

හරි හරි...
දැන් හොද ළමයා වගේ ටිකක් කමුද.. ම්ම්.. මේ සැන්විච් දෙක විතරක් කන්නකො. නැත්නම් මේ කිරි එක විතරක් බොන්නකෝ..
ප්ලීස් ටේ...
කුකී ගැන හිතන්නෙ නැතුව අඩු තරමෙ ඔයාගෙ ජින් හ්‍යුන්ග් ගැන හිතලා හරි බොන්නකෝ..
එයා ඔයා මෙහෙම ඉන්නවා දැක්කොත් කොච්චර දුක හිතේවිද...

හෝසොක් කිව්වෙ ජින් කියන්නෙත් ටේහ්‍යුන්ගේ තවත් එක් දුර්වලකමක් කියලා දන්න නිසා.. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජය ගත්තු යුන්ගිත් කතා කරන්න පටන්ගත්තා.. ඔහුගේ කතාව නම් පැහැදිලි කිරීමකට වඩා මදක් තද ස්වරූපයක් ගත්තා.

ඒක ඇත්ත හෝසොකා...
ජින් හ්‍යුන්ග් අවුරුදු ගානක් ඔයා වෙනුවෙන් කැපවුනේ මෙහෙම දුක් විදිනවා බලන්නද ටේ... එයාගෙ ජීවිතේ හැම සතුටක්ම කැපකරේ ඔයා මෙහෙම ආදරයක් මත්තෙ මැරෙන්න හදනවා බලන්නද..
මොකුත් නොදන්න බබෙක් වගේ හැසිරෙන්නෙ ඇයි. ඔයාගෙ ඔය මුරණ්ඩු කමේ සීමාවක් තියාගන්න.
අර කොල්ලට පිස්සු හැදේවි ඔයා මේ ඉන්න විදිහ දැක්කොත්..
කවුරු ඔයාලග හිටියත් නැතත් ජින් හ්‍යුන්ග් අවුරුදු විසිඑකක් ඔයාව අතෑරියේ නෑ නේද ටේ...
ඉතින් එයා වෙනුවෙන් ඔයාට බැරිද ටිකක් හිත තද කරගෙන ඉන්න.
අඩු තරමෙ මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන්නෙ නැතුව ටිකක් මනුස්ස පාටට ඉන්න බැරිද..

යුන්ගිගෙ කතාවට නම් ටේහ්‍යුන්ග් මදක් සන්සුන් වුනා.. ඔහුට මැවී පෙනුනෙ තමන් වෙනුවෙන් මුලු ජීවිතේම කැපකරපු තම සොයුරාගෙ මුහුන..
අවුරුදු විස්සකට කිට්ටුවෙන්න ඔහු තමන් වෙනුවෙන් මොනවද නොකරෙ , තාත්තා කෙනෙක් වගේ තමන්ව උස් මහත් කරලා උගන්නලා තමන්ගෙ අනාගතේ වෙනුවෙන් බිස්නස් එකකුත් පරිස්සමෙන් බලාගෙන මේ ජීවිතේ හරි ලස්සනට හැදුවෙ ඔහු..
ඉතින් ටේහ්‍යුන්ග්ට දැනුනෙ වරදකාරී බවක්.. ඔහු ගොඩනගපු මේ ජීවිතේ ආදරේ නාමෙන් විනාස කරලා දාන්න තමන්ට අයිතියක් නෑ නේද කියලා ටේහ්‍යුන්ට හිතෙන්න ගත්තෙ යුන්ගිගෙ කතාව නිසා..

ඉතින් ඔහු අවසානෙ සැන්විච් පෙත්තකුත් කිරි වීදුරුවත් දෑතින් ගත්තෙ හූල්ලමින්..
ටේහ්‍යුන් තීරණයක් ගත්තා..
එක මොහොතකින් තීරණයක් ගත්තා.. තමන්ට සතුටක් තිබුනත් නැතත් තමන්ගෙ සහෝදරයා මෙතුවක් කාලෙකට තමන් වෙනුවෙන් කල කැපකිරීම වෙනුවෙන් වත් තමන් ජීවත් වියයුතුයි කියලා ටේහ්‍යුන්ග් හිතුව..
අඩුතරමෙ ඔහුගෙ බලාපොරොත්තු වත් තමන් ඉටුකළ යුතුයි කියලා ඔහු හිතුවා.

ඔහුගෙ ජීවිතේ හැමදාමත් තිබුනෙ අහිමිවීම්.. ඉදින් කුකීවත් අහිමි වෙලා යාවි.. නමුත් කුකීගෙ ආදරේ හැමදාම තමන්ගෙ හිත ඇතුලෙ තියේවි..
මුලු ජීවිත කාලෙම කුකීගෙ නමින් ටේහ්‍යුන්ග් බලන් ඉදීවි , අඩාවි , විදවාවි...
ඒත් ඔහු ඒ වේදනාව පිටතට නොපෙන්නා ඉන්න හිතුවා..
තමන් නිසා දුක් විදින මේ හැමෝම වෙනුවෙන් තමන්ගෙ වේදනාව හිත අස්සෙ ගුලිකරගෙන ටිකක් හරි හිත
තද කරගෙන නැගීහිටින්න ටේහ්‍යුන්ග් තීරණය කලා..

********************

ජිමින්... ඇයි පුතා ඔයා හදිසියේ මාවමීට් වෙන්න ඕනෙ කිව්වෙ..

ආන්ටී... වෙලාව තියෙයිද ඔයාට...
මං ආවෙ වැදගත් කතාවක් කියන්න ආන්ටී..

කියන්න පුතා.. ඔයා ඕන තරම් වෙලා ගන්න. ඔයාලා හත්දෙනාම අපේ දරුවො වගේ..කොච්චර වැඩ තිබුනත් අපිට ප්‍රශ්නයක් නෑ... ඕන දෙයක් කියන්න..ඇති තරම් වෙලා ගන්න..

ආන්ටී.. මං ආවෙ නම්ජුනී හ්‍යුන්ග් ගැන කතා කරන්න..

ජුනී ගැන මොකද පුතා..
එයා හොදින් නේද..

ඔව් ආන්ටී හ්‍යුන්ග්ට කරදරයක් නෑ..ආන්ටි මට කියන්නකෝ ආන්ටී හ්‍යුන්ග් ගැන මොනවද හිතන් ඉන්නෙ..

ඒ කිව්වෙ පුතා..??

නෑ , මං කිව්වෙ හ්‍යුන්ගෙ අනාගතේ ගැන , එයාගෙ මැරේජ් ලයිෆ් එක ගැන..

මගෙ වත් අන්කල්ගෙ වත් එහෙම ලොකු ප්ලෑන්ස් නෑ පුතා.. අපි හැමදාම නම්ජුන්ට ඕන විදිහට ජීවත් වෙන්න නිදහස දුන්නා.. එයා අද වෙනකල් ඒ නිදහසෙන් නැති නාස්ති වුනේ නෑනෙ.. ඉස්සරහට වුනත් එයා කැමති එයාට සුදුසු කෙනෙක් එක්ක එයා ලයිෆ් එක ඉස්සරහට යාවි...

ආන්ටී..
මං මේ කියන දේ නිසා කලබල වෙන්න එපා..ඒත් පුලුවන් නම් ඒ ගැන හිතලා බලන්න.. මං අද ආවෙ ඒ දෙන්න අනාගතේ ප්‍රශ්න කරදර ඒවි කියලා බයෙන් දෙපැත්තක ඉදන් දුක් විදින එක මට බලන් ඉන්න බැරි නිසා..

මොනවා...
අපේ ජුනී දැනටමත් කෙනෙක්ට ආදරේ කරනවද...

ඔව් ආන්ටී...මේහ්...

මට කියන්න ජිමිනා .
ඒ ගර්ල් කොහොම කෙනෙක්ද..
එයාගෙ කැම්පස් එකේ කෙනෙක්ද.. නම්ජුන්ට සතුටින් ඉන්න පුලුවන් කෙනෙක්නම් එයා කවුරු උනත් කමක්නෑ පුතා...

ඇත්තටම ආන්ටී...
එයාව ලැබුණොත් හ්‍යුන්ග් නම් හැමදාටම සතුටින් ඉදීවි... ඒත්..

ඇයි ඒත් ??

මම දන්නෑ ආන්ටිලාගෙ හීන , බලාපොරොත්තු හැබෑ කරන්න එයාලට පුලුවන් වෙයිද කියලා..
ඒ වගේම ඒකෙන් ආන්ටිලාගෙ ෆැමිලි එකට මොන වගේ තත්වයක් ඒවිද කියලා මට හිතාගන්න බෑ .

ජිමිනා ????

ඔව් ආන්ටී..ඒ කෙනා ගර්ල් කෙනෙක් නම් නෙවේ...

එහෙනම්....

අපේ නම්ජුන් හ්‍යුන්ග් කැමති කෙනා.. එයා... එයා... මේ .
පිරිමි ළමයෙක් ආන්ටී ...

වට්...
ඔයා මොනවද පුතා මේ කියන්නෙ ..
ඒක වෙන්න පුලුවන් දෙයක්ද..

අනිවාර්යයෙන් ඒක එහෙම වෙන්න පුලුවන් ආන්ටී...
අපි දන්නෑ අපිට කොයිවෙලාවෙ කා ගැන මොනවිදිහට හැගීම් එනවද කියලා..ඒ දේවල් කලින් ප්ලෑන් කරලා වෙන දේවල් නෙවේනෙ ආන්ටී..

ඔහ් ගෝඩ්...
මම දන්නෑ පුතා..
මට හිතාගන්න බෑ .
මට එකපාරටම කිසිදෙයක් කියන්න බෑමේ ගැන .
ඒත් මේ දේවල් තේරුම් ගන්න බැරි තරම් මෝඩ නෑ මම...
ඒත් ඒ කතාව මට ලොකු ශොක් එකක් ජිමින්..
මට ඒ ගැන තවත් හිතන්න ඕනෙ...
මං ජුනීගෙ ඩැඩී එක්ක මේ ගැන කතා කරන්න ඕනෙ..
මේක ජුනීගෙ ජීවිතේ ගැන විතරක් දෙයක් නෙවේ පුතා...
අපි හැමෝටම බලපාන දෙයක්....
අපේ බිස්නස් වලට පවා බලපාන්න පුලුවන් ..ඒවා සේරම අමතක කරත්
මේ රටේ අවුරුදු ගානක් ජීවත්වුනත් , අපි තාමත් උපතින් කොරියානුවෝ.
ඒ සිතුවිලි අපේ ඇගේ තාම තියෙනවා පුතා..ඒ නිසා මේක ලේසියෙන් පිලිගන්න පුලුවන් තත්වෙක නෑ අපි...

ඒකට කමක්නෑ ආන්ටී...
මං ආවෙ හ්‍යුන්ග් මේ විදිහට තනියම විදවන හැටි මට බලන් ඉන්න බැරි නිසා... එයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ එයා පවුලෙ එකම පුතා වෙච්ච එක...
ඔයාලගෙ හීන එයා මත විතරක් ගොඩගැහිලා තියෙන එක...
ඒ නිසා එයා එක පැත්තක් වත් තෝරගන්න බැරුව අසරණ වෙලා...
එයා හදන්නෙ හැමදේම අතාරින්න.. ඔයාලා වෙනුවෙන්...
ඒත් මට බයයි ආන්ටී....
කවදා වෙනකල් එයා මේ දුක හිරකරගෙන ඉදීද කියලා
ඉවසලා ඉවසලා අන්තිම මොහොතෙ ඒක එයා කොහොම දරාගනීවිද කියලා මට බයයි

පුතා...

ආන්ටී..

මට එක දෙයක් කියන්න පුතා ,
ඒ කෙනා කව්ද , එයා ආදරේ කරන පිරිමි ළමයා කව්ද ...

එයා.. අපේ ජින් හ්‍යුන්ග්..

දෙයියනේ...
යන්ග්ජේ ගෙ ලොකු පුතා... KIZ එකේ chairman ... i can't belive this පුතා... එයා මේ ගැන මොකද හිතන්නෙ...

ජින් හ්‍යුන්ග් තමයි ඒ දෙන්නා අතර හිඩැසක් හදලා තියෙන්නෙ ආන්ටී.. එයා නම්ජුන් හ්‍යුන්ග්ට ලංවෙන්න ඉඩ දෙන්නෑ.
හැම වගකීමක්ම අතෑරලා නම්ජුන් හ්‍යුන්ග් එයා ලගට එනවට එයයි අකමැතියි...
එයයි නම්ජුන් හ්‍යුන්ග්ව ඈත් කරන්න හදන්නෙ ....
හැමෝගෙම හොදට කියලා එහෙම කරත් දෙන්නම දෙපැත්තක දුක් විදිනවා ආන්ටී...
ඔයා අන්කල් එක්ක කතාකරලා බලන්න ආන්ටි .. මට මේක බලන් ඉන්න බැරිම තැන මං ඔයාට කතාකලේ..

ඒකට කමක්නෑ පුතා..
ඔයා එයා වෙනුවෙන් ආපු එකම ලොකු දෙයක්..ඔයාලා එකිනෙකාට කොච්චර ආදරේද කියලා මං හොදටම දන්නවා..
අපි බලමුකෝ...
මාව හම්බුනු බව එයාට කියන්න එපා.. මං අද මෙහෙ හොටෙල් එකක ඉදලා හෙට ගෙදර ඇවිත් යන්න එන්නම්..

හරි ආන්ටී..මම යන්නම්..ගුඩ්බායි..

ටේක් කෙයර් පුතා..

ජිමින් යන්න ගියා උනත් තවත් පැයබාගයක්වත් යනකල් ඇයට පියවි සිහියට එන්න නොහැකිවුණා.. ඇයට මැවී පෙනුනෙ නම්ජුන්ගෙ ඒ සිනාසෙන මුහුන...
ඇයට හිතාගන්න බෑ මෙහෙම දෙයක් උනේ කොහොමද කියලා.. ඉස්සරහට ඇය කුමක් කල යුතුද කියලා ඇය හිතුවා..
එක පැත්තකින් තමන්ගෙ එකම දරුවගෙ සතුට..
අනික් පැත්තෙන් තමන්ගෙ දරුවා ගැන ඔවුන් ගොඩනගපු බලාපොරොත්තු ...
තවත් පැත්තක පවුලේ ව්‍යාපාර ...
මේ කොයිදේ එක්ක සසදලා බැලුවත් අම්මා විදිහට ඇයට තම එකම දරුවගෙ සතුට ඉස්සරහ අනික් හැමදේම යටයි.
ඒත් ඇයට බය තම සැමියා මීට කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වාවිද කියන එක..ඒත් ඒ හැමදේටම කලින් එකම වතාවක් නම්ජුන්ව මුනගැහිලා මේ දේවල් ගැන ඔහුත් එක්ක කතා බහ කරලා ඔහුගේ සිතුවිලි දැනගන්න එක වඩා වැදගත් කියලා ඇය කල්පනා කලා..


************************************
💜️ Shashi 💜️

Continue Reading

You'll Also Like

1.4K 173 23
ආදරේ කරනකොට ජාති ආගම් මං බැලුවේ නැ මැණික . ඔය නිල් ඇස් දෙකට පුලුවන් උනා Alcohol නැතුවම මාව මත් කරන්න. Captai...
877K 36K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)
6K 951 16
හුරතලයයි දඟකාරයි හිත නුබගේ මනමාලයි ඔය දෑස මා මත් කලා දුටුවාම හරි කෝලයි හිත ඇත්තේ නුබ් ගාවයි සත්තයි මෙ මං ආදරෙයි.. Contents * BL * Boy × Boy * Cutene...
27.7K 6.3K 30
Baby, you are my world. Without your smiles, nothing makes any sense. I'm sorry for hurting you badly. Pardon me. ""*මගේ මැණික කූ,* *අහසේ ඇති තරුවක* ...