💜️ Still With You 💜️ ( OT7)...

By ShineOT7sh

27K 4.7K 812

ආදරය... ජීවිතේ ජීවත් කරවන , ජීවිතේ විදින , විදවන , කෙනෙක් ළඟ සතුට පුරවන, තව කෙනෙක් ළඟ... More

1
2
3
4
5
6
7 🔞
8
9
10
11
12 🚫
13
14
15
16
17
🚫🔞 19 🔞🚫
20
21
22
23
24
25
26
27
28
Final Chapter
🌟 Author's Note 🌟

18

782 148 16
By ShineOT7sh


ලියා ඔයා මොකද කරන්නේ.. ලෑස්තිද දැන්....අනිවාර්යයෙන් එනවා නේද අද. ආන්ටි මොකුත් කිව්වෙ නෑ නේද ,

මේ උදේ පාන්දර ඔයා විහිලු කරනවද ජිමින්..මෙච්චර උදේ මං එන්න ඕන නෑනෙ.. ඒ වෙලාවට මං ඇවිත් ඉන්නම්..

කොහොමද එන්නෙ...

මං ටැක්සියක් දාන් එතනනටම එන්නම් ජිමින්

මමා එපා කිව්වෙ නැද්ද ??

අද අපිට කොච්චර ස්පෙෂල් දවසක්ද..එක පැත්තකින් ඔයාලා තුන්දෙනා , අනිත් පැත්තෙන් අපේ යුනි එක.. ....මමා මොකුත්ම කිව්වෙ නෑ..

ඔයාව එන ගමන් මගින් ගන්න කියන්නද හ්‍යුන්ග්ට...

ඕන නෑ ජිමින්.. ආපහු එනකොට ලිෆ්ට් එකක් දුන්නොත් ඇති මට...

ඕකේ ස්වීටි.. ටේක් කෙයාර් ..අපි නම් තව ටිකකින් යනවා.. කලින්ම ගිහින් ඉන්න ඕනනේ..

ජිමින් ඇමතුම විසන්දි කරේ ඒ තරම් හිත හොදකින් නෙවේ..පිටත්වෙන්න කලින් ඇයව දැකගැනීමට නොහැකිවීම ඔහුට දුකක් වුනා

මොකෝ කියන්නෙ ලියා එනව නේද..

ම්ම්... එනවලු... හවසට.
තනියම එතනට එනවා කියන්නෙ...

යාහ්... බලන්නකො කුකී ජිමිනගෙ මූන.. මදැයි යන්න කලින් මූන බලාගන්න හිටියා. ,
මං නම් කියන්නෙ ලියාගෙ මමාට ඔයාව නෝට් වෙලා තියෙන්නෙ...
ඕනවට වැඩීනෙ පස්සෙන් යනවා..
ඒ නිසයි ලියාව තනියම ටැක්සි එකක එවන්නෙ..

ටේහ්‍යුන්ග් කියන්නෙ ඇත්තටම ඔහුට හිතෙන දේ..

ඇත්තටම එහෙම වෙන්න ඇතිද ටේහ්‍යුන්ග්.මට බයත් හිතෙනවා..
ආන්ටි මොකුත් කියයිද ...

මොකුත් වෙන්න කලින් බයවෙන්න එපා ජිමින්.. මොනව හරි කිව්වොත් ඒක ඒ වෙලාවට බලමු.

ටේහ්‍යුන්ග් කිව්වෙ මේ වෙලාව ඔය දේවල් කතාකරන්න වෙලාවක් නොවුන නිසා.

*******************

තුන්දෙනා දැන් ලෑස්ති ඇති නේද...
මට නම් ඉවසිල්ලක් නෑ නම්ජුනා...

මටත් එහෙමයි හ්‍යුන්ග්...බයවෙන්න එපා තුදෙනාගෙන් එක්කෙනෙක් අනිවාරෙන් 1st වෙනවාමයි..

ඒක නම් ඇත්ත හෝසොක්
ඒ තුන්දෙනා පුදුම තරම් දක්ශයි ඉපදෙනකොටම අරන් ආපු ලොකු වාසනාවක් තුන්දෙනාටම තියෙනවා..

හැමෝගෙම කතාවන් අතරතුර ඔවුන් තරගය පැවැත්වෙන සිඩ්නි ඔපෙරා හවුස් වෙත ලගාවනවිට සවස පහටත් ආසන්නව තිබුනා...

අන්තර් විශ්වවිද්‍යාලයීය ගායන තරගයේ අවසන් මහා තරගය ආරම්භ වීමට තවත් පැයකට ආසන්න කාලයක් පමනයි ඉතිරි වී තිබුනෙ..

ටේහ්‍යුන්ග් ජන්කුක් මෙන්ම ජිමිනුත් සියල්ල සූදානම් කරගෙන සුලු මොහොතකට හෝ තම සොයුරන් දැකගැනීමට පිටතට ආවෙ ආරම්භයට පෙර ඔවුන්ගෙන් ලැබෙන් එක වචනයක් වුනත් ඔවුන්ට ආශිර්වාදයක් කියලා සලකපු නිසා..
අහම්බෙකින් මෙන් ලියාද පැමින ඔවුන් සමග එක්වුනෙත් ඒ මොහොතෙමයි. ඇය දුටු ජිමින්ගේ මුවේ නම් හිනා මල් දහසක් පිපුනා...
වහාම ජිමින් වෙත පැමිනි ඇය ඔහුට කෙටි දෙතොල් හාදුවක් තැබුවෙ ජිමින්ද ඇගේ ඉන වටේ අත් යවලා ඇයව තමාට ලන්කර ගන්නකොට..

ගතවෙලා ගියපු වසරක් තිස්සෙ තනි ආදරයක් නිසා වේදනා විදපු ජිමින් ආයෙමත් ඔහුගෙ මුලු හදවතින්ම සිනහා වෙන එක ගැනනම් අනෙක් සියලු දෙනාම සතුටු වුනා..

විශේෂයෙන් යුන්ගිට දැනුනා ජිමින් පහුගිය මාස ගණනාවකට පස්සෙ ඒ විදපු වේදනාවන්ටත් එක්කම මේ ගතවන කාලය උපරිමෙන් සතුටින් ආදරෙන් ඇය සමග ගතකරන බව...
ඒ වෙනුවෙන් ඔහු ලියාට ස්තූතිවන්ත වුනා... මොකද ජිමින්ගෙ දුකක් නම් එය හැමදාමත් යුන්ගිටත් දුකක්...
ජිමින් සතුටු වෙනවා නම් යුන්ගිට හැමදාමත් එය සැනසීමක් වුනා...

යුන්ගිගෙ ආදරේ හරි පුදුමයි,
ඔහු නිහඩව ළඟින් හිටගෙන හිටියත් මහා ආරක්ශාවක් දැනෙනවා ඕනම කෙනෙකුට.. ඒත් ඒ ආදරේ අනික් හැමටම වඩා ජිමින් වෙනුවෙන් තිබුනා.
ජිමින් දුකින් ඉන්න පහුගිය කාලෙ කාටවත් නොපෙනි යුන්ගි හූල්ලපු තරම් දන්නෙ යුන්ගි පමනයි.
ඒ වගේම අද මෙහෙම ලියාගෙ ළඟ ඒ ඇස් වල උතුරන සතුට දැක්කම යුන්ගිට තම සතුට වාවාගත නොහැකියි.. ඒ නිසාමයි ඔහු ජිමිනුත් ලියාත් තම දෙපසට කරන් ඔවුන්ව වැලදගත්තෙ ..

ජිමිනා මේ හිනාව හැමදාම තියාගන්න..හිනාවෙලා සතුටින් ඉන්න ඔයාගෙ හ්‍යුන්ග් ඉල්ලන්නෙ ඒ දේ විතරයි.
ඒ වගේම ලියා... ප්ලීස්...
එයා මෙහෙම හිනාවෙන්නෙ ඔයා නිසා.. ගොඩක් කාලෙකට පස්සෙ..
පුලුවන් නම් හැමදාම එයා ළඟ ඉන්න ලියා... සතුටින් ඉන්න දෙන්නම.
යුන්ගි හ්‍යුන්ග් ඕනම වෙලාවක
ඔයාලා එක්ක ඉන්නවා..

යුන්ගි කිව්වෙ පුදුමාකාර සතුටකින්..

යුන්ගි අද මේ තරම් හැගීම්බර වෙච්ච එක අනික් අයට පුදුමයක් වුනේ නෑ.. මොකද හැමෝම දැනන් හිටියා යුන්ගි ජිමින්ට කොයිතරම් ආදරේද කියලා..

******************

කාලය ටිකෙන් ටික ගෙවී ගොසින් තරග සමාරම්භයට කාලය එළැඹෙන මොහොතේ දෙදහසකට වැඩි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමග තවත් අමුත්තන් රැසක් සිඩ්නි ඔපෙරා හවුස් හි නෘත්‍ය ශාලාවේ අසුන්ගෙන හිටියේ පුදුමාකාර නොඉවසිල්ලකින්

ඉදින් කාලය එලැබුනා...
තරග සමාරම්භක අවස්තාවට තරගකරුවන්ගෙන් වැඩි නියෝජනයක් ඇති කොරියාවේ සාම්ප්‍රදායික නර්තන වින්‍යාසයන් රැසක් භාවිතා කර අලංකාර කර තිබුනා. මෙම තරුණයින් තිදෙනා නිසා පලමු වරට තරගාවලිය සදහා විශේශ මුහුණුවරක් ලැබී තිබුනා

සමාරම්භයෙන් අනතුරුව පැමිණියේ ගායන තරගයේ අවසන් රාත්‍රියේ තරගකරුවන් තරගවදින පලමු වටයයි..

පලමු වටයේදී එක් එක් සිසුවා විසින් ගීත දෙකක් ගායනා කලයුතු වූ අතර අවම වශයෙන් ඉන් එක් ගීතයක් හෝ ඉංග්‍රිසි ගීයක් වීමත් අත්‍යාවශ්‍ය තරග කොන්දේසියක් වුනා.

තරගවැදීමේදී පලමුව තම අවස්තාව උදාකරගනිමින් වේදිකාවට පැමිණියේ සිඩ්නි විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ජියොන් ජන්කුක්

ඔහුට ලැබුනු ඒ මිනිත්තු කිහිපය තුල ඔහු මුලු ප්‍රේක්ශකාගාරයම තම වසඟයට ගත්තා...
වර්තමාන පරපුර ආදරෙන් වැළඳගෙන ඇති සුපිරි තරුවකගේ ගීත දෙකක් ඔහු ඉතාම අලංකාරව ප්‍රේක්ශකාගාරයම වසග කරගනිමින් ගායනා කලා..
2U & Nothing like us

ඔහුගේ ඒ ගැයුම එම ගීතයන්හි මුල් ගායනයද අභිබවා ගිය බවක් අසා සිටි සියල්ලටම දැනුනා

ඉන් අනතුරුව දෙවන අවස්තාව ලද ජිමින් වේදිකාවට පැමිනුනේ ප්‍රේක්ශකාගාරයේ එක් තැනකට පමනක් නෙත් රදවගෙන..
මදක් ඒ දෙසම බලා සිටි ඔහු ඉතා සංයමයෙන් ගැයුවා...
ඇය දෙස බලාන ඇය වෙනුවෙන් ගැයුවා..
සමාන අරුත් දෙන ප්‍රකට ඉංග්‍රීසි ගීත දෙකක් වන
Perfect & With you i'm in love .

ගී අවසන ඇගේත් ඔහුගේත් දෑසට කදුලු උනා තිබුනෙ හදවතේ ආදරය ගීතයක පදවැල් ඔස්සේ ඔව්නොවුන් වෙත ලගා වූ නිසා..

පර්ත් විශ්වවිද්‍යාලය නියෝජනය කල තුන්වන තරගකරුගෙන් පසු අවසාන අවස්තාව ලබාගෙන වේදිකාවට නැගි කිම් ටේහ්‍යුන්ග්ට ප්‍රේක්ශකාගාරයෙන් උනුසුම් පිළිගැනීම ලැබුණා..

17 & Only you
.....ඔහුගේ ගැයුම ඉංග්‍රීසි ගීයක් සමග කොරියානු ගීයක් එකට එක් කර මනා ලෙස සැකසූ නව සංස්කරණයක් වුනා.

එම ගීත දෙක පුදුමාකාර ලෙස ඔහු සංයෝජනය කර තිබුනා..
ඔහුගේ ඇති කලාතුරකින් කෙනෙකුට ලැබෙන ආකාරයේ පුදුම සහගත හඩ පෞරුෂය මුලු ප්‍රේක්ශකාගාරයම ආනන්දයට පත්කලා..

පලමු වටය තුලින් කවුරු කවුරුන් අභිබවා යාවිදැයි කිසිවකුට සිතාගත නොහැකි වුනා. සියල්ලෝම තම තමන්ගේ සිත් එක්කම පැටලිලා හිටියෙ එක අයකු තෝරාගැනීමට ඔවුන්ට සිත එකග කරගත නොහැකි බැවින්..

ඒ ආකාරයෙන් පලමු වටය සාර්තකව අවසන් කල ටේහ්‍යුන්ග් වේදිකාවෙන් බැස පසුපස ඇති විවේකාගාරය වෙත පැමිනියත් ඊට ඇතුලුවීමට මොහොතකට පෙර ඔහුව පසෙකට ඇදගත් ජන්කුක් වටපිට බලමින් ඉක්මනින් ඇතුලු වුනේ තරගකරුවන් සදහා වෙන්කර තිබුනු ,එනමුත් කිසිවිට ඔවුන් භාවිතා නොකළ වෙනත් විවේක කාමරයක් වෙත...

දොරෙන් ඇතුලු වූ වහාම ජන්කුක් ටේහ්‍යුන්ව තදින් වැලදගත්තා... ටේහ්‍යුන්ග්ට හුස්ම ගන්න පවා බැරිවෙන තරම් තදින් ජන්කුක් වැළඳගෙන සිටියා...

කූ.... මොකද මේ...
මේ ගෙදර නෙවෙයි...
මොනවද කරන්නේ

මං කරන්නෙ මේ වෙලාවෙ මට කරන්න ඕන දේ ටේහ්‍යුන්ගී

එහෙම කියපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ තොල් සිපගන්න වුනේ වටපිටාව ගැන කිසිදු සැලකිල්ලක් නැතිව..
අඩුම තරමෙ ඔහුට මතක තිබුනෙ නෑ ඔහු ඉන්නෙ කොහෙද කියලා ...
ඒ තරමට ටේහ්‍යුන්ගේ ගායනය නිසා ඔහු උමතුවට පත්වෙලා...

සිදුවෙන දේ ගැන හිතේ ගැස්මක් තිබුනත් ටේහ්‍යුන්ග්ට පවා මේ ජන්කුක්ගෙන් ලැබෙන හාදුවක් වෙනුවෙන් පුදුම තරම් ලෝබකම් කලා..

විශේෂයෙන් මෙවැනි මානසික අතින් දැඩි පීඩන අවස්තවකදි එවැනි හාදුවක් සිත එකග කරගැනීමට බොහෝ ඉවහල් වනු ඇතැයි ටේහ්‍යුන්ග් අපේක්ශා කලා.
ඒ නිසාමයි මොකක් සිද්ධ වුනත් කමක්නෑ කියලා ඔහුත් ජන්කුක්ට ඉඩදෙමින් නිහඩ වුනේ..

නමුත් ඔවුන් දැනන් හිටියෙ නෑ ඒ සිදුවීම දෙස අයෙක් බලා සිටි වග...
එපමනක් නොවේ , මේ සිදුවීම එම පුද්ගලයා තම කැමරා කාචයේ සටහන් කරගත් වගක් ඔවුනට දැනුනේ වත් නෑ..
නමුත් මොවුන් යම් දිනක සාර්ථක කලාකරුවන් වන බව නම් ඒ කෙනා දැන සිටියා.. එනිසයි ඒ දුටු දේවල් යුහුසුළුව ඔහු විසින් පටිගත කලේ , අද නැතත් යම් දිනයක නොවරදවාම මේවා ඔහුට ප්‍රයෝජනවත් වෙනු ඇතැයි ඔහු විශ්වාස කලා.

සිදුවන දේ ගැන කිසිත් නොදැන ඔවුන්ගේම ලෝකෙ තනිවෙලා හිටපු ටේහ්‍යුන්ග් සහ ජන්කුක් මිනිත්තු දෙක තුනකින් පසුවයි ඒ දෙතොල් මුදාගත්තෙ.

අහම්බෙන් මෙන් බාගෙට විවරවූ දොර දෙස ටේහ්‍යුන්ග් බැලුවෙත් , දොර අසලින් යමෙක් ඉවත්වන ආකාරයක් ඔහුට පෙනුනෙත් එකම මොහොතක. නමුත් පිටතට පැමින සොයා බැලුවත්
ඔවුන්ට කිසිවකුත් සොයාගත නොහැකි වුනා..

ටේහ්‍යූන්ගී ඇයි මේ කලබල වෙලා...ම්ම්

කුකී... මං දැක්කනෙ කෙනෙක් ඉක්මනින් මෙතණ ඉදන් බලන් ඉදලා අයින් වෙනවා..
ඒත් දැන් බලනකොට මෙ හරියෙ කවුරුත් නෑනෙ...

ඒ ගැන හිතන්න එපා ටේහ්‍යුන්ගී...කිස් කරන එක මැජික් එකක් නෙවේනෙ. ඔයා තරගෙ ගැන විතරක් හිතන්න..
දැන් යමු..කලින් වගේම මාව අඩවන්න පුලුවන් තරමට සින්ග් කරන්න ඕනෙ හරිද..නෙක්ස්ට් රව්න්ඩ් එකේදි...
මම ආසයි අර තියෙන ට්‍රෝෆි එක ඔයාගෙ අතින් අරන් මේ ස්ටේජ් එකේ හිටගෙන ඉන්නවා දකින්න..

ම්ම්.. මං අනිවාරෙන් ඔයා වෙනුවෙන් ඒකට ට්‍රයි කරන්නම් කූ.. ඒත් ...
ඔයා තාමත් මට කිව්වෙ නෑ සකන්ඩ් රවුන්ඩ් එකේ කියන්න යන්නෙ මොකද්ද කියලා ...

ඒක කියනකොටම අහගන්නකෝ දැනටම මං ට්‍රැක් එකයි , නෝට්ස් ටිකයි ඒ අයට දීලා ඉවරයි... යන් දැන් අපිට ආයෙමත් චේන්ජ් කරගන්න වෙයි..

******************

අතරමැද යෙදුනු විශේශාංග කිහිපයකින් පසු නැවත වරක් තරගාවලිය ඇරඹුණු අතර එහිදී ඔවුන්ට ඉංග්‍රීසි හැර වෙනත් ඕනම භාශාවක ගීයක් ගැයීමට නියමවී තිබුනා.....

ඔවුන්ට ලැබෙන මිනිත්තු පහක කාලය තුල ඔවුන්ගේ සියලු හැකියාවන් පෙන්වියහැකි ආකාරයේ ගීතයක් ඉදිරිපත් කරන්නටද සිදුවුණා..

උදාවුනේ ජන්කුක්ගෙ අවස්තාව...

only then...
ඔහුගේ ප්‍රියතම ගීයක්..
අර්තාන්විත හැගීම්බර ගීයක්..
ඔහු ගැයුවා...
තමන් වෙනුවෙන් ගැයුවා..
තම ප්‍රේමය වෙනුවෙන් ගැයුවා... ටේහ්‍යුන්ග් වෙනුවෙන් ගැයුවා...

වේදිකාව පිටුපස සිටි ටේහ්‍යුන්ගේ දෑස් කදුලෙන් බරවෙලා තිබුනා... මෙවැන්නක් ඔහු බලාපොරොත්තු වුනේ නෑ ... ජන්කුක්ට මේතරම් හැගීම්බර වෙන්න පුලුවන්ද ....
මේ හැම වචනයක්ම ටේහ්‍යුන්ගේ හදවතටම දැනුනා..
ඔහුට හිතුනෙ මේ ගීය ඔහු වෙනුවෙන්ම ගැයූවක් බව...
ජන්කුක් වේදිකාවෙන් ඉවත්වෙලා තමා අසලට පැමිණෙන තෙක්ම ටේහ්‍යුන්ග්ට ඒ පිලිබදව සිහියක් තිබුනෙ නෑ...

ටේහ්‍යුන්ගී ..
මට විශ්වාසයි ඔයාගෙ අත් උඩ තව ටික වෙලාවකින් ලොකු කුසලානයක් තියේවි ...
ඒ වෙනුවෙන් මං බලන් ඉන්නවා....
මං ගොඩක් ආදරෙයි... ඒක මතක තියාගෙන ඉස්සරහට යන්න .

ජන්කුක් කිව්වෙ වේදිකාවෙන් ඉවත්වෙලා ටේහ්‍යුන්ව වැලදගෙන සුබ පතමින්

දෙවනුව නැවතත් වේදිකාව වසඟයට ගත්තෙ ජිමින්..
ඩිජිටල් තිර ඔස්සේ ගීතවල ඉංග්‍රීසි අරුත් ප්‍රදර්ශනය වෙමින් තිබුනා ... කනට ඇසෙන මිහිරි ගීතවල අභ්‍යන්තර හැගීම නිවැරදිව කියවා ගැනීමට පේක්ශකාගාරයට එය පහසුවක් වුනා..

මෙය නම් ආශ්චර්යජනක අවස්තාවක් බව පැමින සිටි හැමටම දැනුනා..
අද මෙම අවස්තාව දැකගන්න තමන් පැමිණීම ගැන ඔවුන් බොහෝ සතුටු වුනා.. පැමිනීමට නොහැකි බොහෝ දෙනෙක් මාධ්‍ය හරහා මේ අවස්තාව දැකගත්තා..මෙවැනි අතිදක්ශ තරුණයන් තම ජීවිත කාලය තුල එක වරක් හෝ දැකගත හැකි වීම ගැන බොහෝමයක් දෙනා සතුටු වුනා.

My destiny
ගීතය ගයමින් ජිමින් විසින් අන් කිසිදාක නොකළ තරම් හැගීම් බරව තම අවසන් අවස්තාව ප්‍රයෝජනයට ගත්තා...

මේ අතර තම අවස්තාව එනතුරු බලා සිටි ටේහ්‍යුන්ග්ට , තමාට මගහැරුනු යමක් ඇති බව හදිසියේ සිහිවුනා...
ජන්කුක් තමන්ගෙ ආදරේ ගැන දහස් ගණනක් ඉදිරියේ අද ගායනා කලා..
ටේහ්‍යුන්ග් දැන සිටියා ඒ ගැයුම ඔවුන් දෙදෙනා වෙනුවෙන් බව...

ඉතින් දැන් ටේහ්‍යුන්ගෙ අවස්තාව.. ඔහුට අවශ්‍ය වුනා මේ වෙලාවෙ තමන් පෙර තේරූ ගීතය වෙනස් කිරීමට..
ජන්කුක් වෙනුවෙන් ගැයීමට ඔහුට අවශ්‍ය වුනා .
ප්‍රසිද්ධ වේදිකාවෙ මේ වගේ වටින අවස්තාවක් තම ආදරනීය කූ වෙනුවෙන් වෙන් කල යුතු බවයි ඔහු කල්පනා කරේ .

ජන්කුක්ගෙ අසලින් මිදුනු ඔහු තරග සංවිදායකයකු හමුවී තම අවශ්‍යතාව කයා සිටියේ මෙවැනි අවස්‍තාවක් මගහැරීමට ඔහු කිසිසේත් අකමැති වූ නිසා. සංවිධායකවරුද ඊට අවසර ලබා දුන්නේ තරගකරුවන්ට කැමති ගීතයක් ගායනා කිරීමට අවසර දී තිබූ නිසා....

අදාල සංගීත ඛණ්ඩය මොහොතක් තුල සපයාගත් ටේහ්‍යුන්ග් එය සංවිදායකවරයා වෙත ලබා දුන්නෙ තම ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් බොහෝ ස්තූතිවන්ත වෙමින්.. ඒ උපකාරය කොතරම් වටිනවද කියලා ඒ මොහොතෙ දැනුනෙ ටේහ්‍යුන්ග්ටම පමනයි..

තවත් මොහොතකින් සිඩ්නි නුවර ඔපෙරා හවුස් හි පැවති තරගයේ උච්චතම අවස්තාව උදාවී තිබුනා...

ප්‍රේක්ශකාගාරයේ සිටි ජින් ඇතුලු පිරිස නම් ටේහ්‍යුන්ග් හදිසියේ තම ගීතය වෙනස් කිරීම ගැන කනස්සල්ලට පත්වෙලා හිටියෙ
එක් තරගකරුවකුගේ පුංචි හෝ අඩුපාඩුවක් නිසා ඔවුන්ගෙන් අවස්තාව ගිලිහීමට වැඩි ඉඩක් තිබූ බැවින්..
ඔවුන් කලබලයටත් බියටත් පත්වුනේ එබැවින්...

නමුත් ටේහ්‍යුන්ග් ...
ඔහුට තමන් ඉදිරියේ කුකීගෙ හිනාව මැවී පෙනුණා..
ඔහුට තමන් ඉදිරියේ දෙදහසකට වැඩි පිරිසක් සිටින බවක් මතකයේවත් තිබුනෙ නෑ..
ඔහු ගැයුවෙ ජන්කුක්ටම පමනයි...

The one and only you....

ඉදින් ලෝකයේ ප්‍රමුඛ පෙලේ යැයි පිලිගත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල දෙකක් නියෝජය කල මෙම සිසුන් තරගකාරීත්වයට එහා ගොසින් තම ආදරය , තම හැගීම් , තම ආත්මය ප්‍රේක්ශකාගාරය ඉදිරියේ දිගහරිමින් සිටියා...

********************

තවත් පැය දෙකකට පසු ටේහ්‍යුන්ග් , ජිමින් සහ ජන්කුක් නම්ජුන්ගේ රථයෙන් ගමන් කරමින් සිටියා...

ටේහ්‍යුන්ග්ට මතක් වුනේ මීට පැයකට හෝ ඊට පෙර තම ජීවිතයේ ලබපු එක් විශේෂම වටිනා යමක් තමාට හිමිවුනු
ඒ අවස්තාව... ....

සෑම ඉදිරිපත් කිරීමක් හමුවේම ටේහ්‍යුන්ග්ට වගේම ජන්කුක්ටත් සම ලකුනු ලැබී තිබුනා..
විනිශ්චයකාරවරුන් කෙතරම් උත්සහ කලත් ඔවුන්ට ඉන් එක අයෙක් වෙනකර ඉතා දුශ්කර කාර්‍යක් වුනා..

ඒ අනුව ඕස්ට්‍රේලියානු අන්තර් විශ්වවිද්‍යාලයීය ගායන තරගාවලියේ ජයග්‍රහණය කිසිදාක සිදුනොවූ ලෙස එකම විශ්වවිද්‍යාලය නියෝජනය කරන තරගකරුවන් දෙදෙනෙක් විසින් සමතැන ලබමින් ජයග්‍රහණය කරනු ලැබුවා..
දෙවන තැන ජිමින්ටත් තෙවැන්න
පර්ත් විශ්වවිද්‍යාලයටත් හිමිවුණා..

විනිශ්චයකාරවරුන් ලෙස අසුන්ගෙන සිටි ජාත්‍යන්තරය පවා ජයගත් ගායන ශිල්පීන් පවා ඔවුන්ගේ මෙම දක්ශකම් හමුවේ නිරුත්තර වී සිටියා..

ඉදින් තරගාවලිය නිමාවුනේ තරගාවලි ඉතිහාසය වගේම සිඩ්නි විශ්වවිද්‍යාල ඉතිහාසය පවා අලුතෙන් ලියමින්..ජයග්‍රහණය ලැබූ තිදෙනාම විදේශික සිසුන් වීම මෙහි ඇති විශේශත්වය වුනා....

ටේහ්‍යුන්ග් ..මට නම් හරිම සතුටුයි අනේ... තව ටික දවසකින් ඔයාලා ලෝක ප්‍රසිද්ධ ස්ටාර්ස්ලා වෙයි නේද... වාහ්... මේහ්... ඔයාලා දැන්මම මට ඔටෝග්‍රාෆ් දෙන්න හොදේ... සෙල්ෆි එකක් ගන්නත් ඕනෙ...

වාහනේ යන අතරතුර ලියා මේ එකම දේ කියන කීපාරද කියලා ජිමින්ට හිතාගන්න බෑ... ඔහුට ලියාගෙ කරච්චලේ අහන් ඉදලා එපා වෙලා තිබුනෙ ..

ආහ්.. ලියා ඕක නවත්තන්න අනේ.. ඔයා ඔටෝග්‍රාෆ් අරන් මේ රටෙන් යන්නෑනෙ ඔයාට ඕන වෙලාවක මං වගේම මෙයාලවත් මීට් වෙන්න පුලුවන් මගෙ වයිෆ් උනාම..

වයිෆ්...ම්හ්... ජිමින්...
ඒ ගැන නම් මට ආයෙ පාරක් හිතලා බලන්න වෙයි වගේ..දැන් කට්ටිය ෆේමස් උනාම අපිව ඕනවෙන එකකුත් නෑනෙ..

ලියා එය පැවසුවේ විහිලුවට උනත් ජිමින්ට නම් එය දරාගත නොහැක්කක් වුනා.. සිහිනෙකින් වත් ලියාගෙන් වෙන්වීමක් ගැන සිතා නැති ජිමින්ගෙ ඇස් බොදවෙලා ගියේ නිතැතින්
ඔහු මොහොතකින් හැරුනෙ ලියාගෙ පැත්තට...

ඔය ඇත්තමද ලියා...
ඔයාට .. ඔයාට එහෙම හිතෙනවද...

ජිමින් ඇහුවෙ ඇයගෙ මුහුනෙ ඉරියව් කියවා ගැනීමට උත්සාහ කරමින්.ඔහුගෙ ඇස් කලබලකාරී ලෙස එහා මෙහා යමින් තිබුනා..

ජිමින්....

ලියා... ඒක ඇත්ත නෙවේ නේද... ආහ්..මට කියන්න ලියා.. ඔයා එහෙම කිව්වෙ ඇත්තටමද...

ලියා හිතුවෙ නෑ තමන්ගෙ මේ විහිලුව ජිමින්ගෙ හිත මේතරම් රිදවයි කියලා .
මෙ සහෝදරයො හත්දෙනාගෙන් අහිංසකම කෙනා ජිමින් කියලා අදයි ලියා තේරුම් ගත්තෙ...
පුංචි විහිලුවකට උනත් හිත රිදවගන්න මේ කොල්ලා ගැන ලියාට තව තවත් ආදරේ හිතුනා...

අනේහ් ජිමින්....

ලියා ඒ තුරුලට පැන්නෙ ඉන්න අනික් අය ගැනවත් නොසලකා .

මම විහිලුවක් කලේ ජිමින්... ඔයා දන්නවා මං කොච්චර ආදරේද කියලා.. ප්‍රොමිස් , ආයෙ නම් මං ඒ වගේ විහිලුවක්වත් කරන්නෑ...ඔයා මොන තරුවක් උනත් මට වැඩක් නෑහ්... ඔයා යන්න කිව්වත් මං එල්ලිලාම ඉන්නවා..දාලා යන්නෑ ජිමින්

ලියා කියන්නෙ ඒ තුරුලට තවත් ගුලිවෙමින්.. ඔහුත් ඇයව තදින් වැලදගනිමින් ආසනයෙන් ඔසවලා තම උකුල මතටගත්ත..
ඒ ආකරයෙන්ම පසුපස ආසනයට හේත්තුවුනු ජිමින් ඇයවත් පපුවට තදකරන් ඇස් පියාගත්තෙ සතුටින්..

රථය ඇතුලෙ හිටපුඅනිත් අය නම් හිනාව නවත්වාගෙන හිටියෙ පුදුමාකාර අමාරුවකින්..
ආදරේ ඉස්සරහ කෙනෙක්ට මේතරම් බොලද වෙන්න පුලුවන්ද කියලයි යුන්ගි කල්පනා කරේ..

හා හා ළමයි ටික ... දැන් ලව් කරා ඇතිහොදේ

ජින් කියන්නෙ එක් පසක තුරුල් වෙලා ඉන්න ජිමිනුයි ලියා යි වගේම අනිත් පැත්තෙ තුරුල් වෙලා කෝලම් කර කර යන ටේකුක් ඩබලටත් එක්කමයි.

අද මං ගානෙ අපේ ටේහ්‍යුන්ග් , ජන්කුක් ජිමින් වෙනුවෙන් ට්‍රීට් එකක්... ඔයාලා ඉල්ලන ඕන දෙයක් දෙනවා... කැමති තැනකට යමු...

ආයෙමත් ජින් කතාකලේ අද ඔහු ජීවිතේ වැඩියෙන්ම සතුටුවුනු දවසක් නිසා...

ටේහ්‍යොනා ... ජන්කුකී....

ඔහ්... හ්‍යුන්ග්...

හෙට ඔය දෙන්නට හවස පොඩි ගමනක් යන්න තියෙනවා... උදේ කැම්පස් එකේ ඔයාලව වෙල්කම් කරන්න ඉවෙන්ට් එකක් තියෙනවා... වැඩේ ඉවරවුනු ගමන් පුලුවන් ඉක්මනින් ඔයාලා එහෙ යන්න ඕනෙ

අපි දෙන්නා.. දෙන්නා විතරක් ඇයි?

ඒක ගිහින් බලන්නකො...මගෙ මමාගෙ වැඩකට යන්න තියෙන්නෙ .

නම්ජුන් කිව්වෙ බැරෑරුම් පෙනුමකින්.. ඒත් ඒක කිව්වම නම් දෙන්නගෙම කටවල් ඇදවුනා.

එදින ඔවුන් සිඩ්නි නගරයේ ඇති ජනප්‍රිය කොරියානු අවන්හලක් වෙත ගොස් මද්‍යම රාත්‍රියද ගෙවී පාන්දර යාමය වනතුරු ආහාර රසවිඳිමින් , ඔවුන්ගේ ජය සමරමින් විනෝද වුනා

***********************************

අද එයාලා වින් කරපු නිසා මගෙන් තෑග්ගක්... 💜️ 😁😁
.
.
.
.
.
.
සම්පුර්ණ playlist එකම ❤️❤️

**********************💜️ Shashi💜️

Continue Reading

You'll Also Like

3.2K 753 5
"Why do you kiss me?" "I wanted to know what you tasted like." "What do I tasted like?" "Like Mine." | Sinhala | | Short Story | Royal Rivals | Top...
1.4K 173 23
ආදරේ කරනකොට ජාති ආගම් මං බැලුවේ නැ මැණික . ඔය නිල් ඇස් දෙකට පුලුවන් උනා Alcohol නැතුවම මාව මත් කරන්න. Captai...
25.9K 3.8K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
877K 36K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)