100 Ways chapter 19💟

233 69 41
                                    

අවසානයට පෙර..............

100 Ways 19

කුමක්ද...සටන් පුහුණුවක්...cheng නිලධාරී විමසුවා..
එසේයි..tai sun කුමරු මා හට අභියෝග කරලා..jia er පැවසුවේ ඔහු අත වූ හසුන cheng අතට දෙමින්...
ඔහු ඔබෙන් පලිගැනීමට සැරසෙන බවයි පෙනෙන්නෙ...ඒත් chun mei ශිල්පිනිය මේ බව දැනගතහොත් බොහෝ බිය වේවි..cheng පැවසුවා..
ඔව්..එමනිසා මෙය ඇගෙන් රහසක් ලෙස තබා ගත යුතුයි වැටහුනාද...jia er පැවසුවා...

කුමක්ද...කුමක්ද ඔබ දෙදෙනා මට සැඟවීමට උත්සාහ දරන්නේ...එක්වරම කුටියේ දොර විවර කරගෙන පැමිණි chun mei විමසුවා..ඇගේ හදිසි පැමිණීම ඔවුන් දෙදෙනාව විමතියට පත් කලා..

නැහැ..කිසිවක් නැහැ...jia er පැවසුවා..
ඔබට මා රැවටීමට නොහැකියි...මේ කුමක්ද..chun mei එක්වරම cheng අත තිබූ හසුන උදුරාගත්තා...

Jia er...මේ කුමක්ද...සටන් පුහුණුවක්...tai sun සමඟ....කුමක්ද මෙහි අර්ථය...chun mei ගේ මුහුණ බියෙන් පිරී ගියා...
ඔබ බිය විය යුතු නැහැ...එය ජයගැනීමට මට හැකියි...jia er පැවසුවා...
බිය නොවන්නේ කෙසේද..ඔහු ඉතාමත් අයහපත් අයෙක්...ඔබට එයින් පසුව හෝ අනතුරක් සිදුකල හැකියි...මට විශාල බියක් දැනෙනවා..මේ සියල්ල මා නිසයි...chun mei ගේ දෑස කඳුලින් පිරී ගියා...

ඔබ කුමටද හඬන්නේ...මෙය ඔබේ වරදක් නොවේ...chun mei...jia er ඈ අසලට ගියා..

සේනාධිපතිතුමනි මා හට දකුණු දොරටුව අසල රාජකාරි තිබෙනවා..මා පිටවයන්නම්...cheng නිලධාරී පිටව ගියා...

Chun mei jia er ගේ පපුව මත හිස තබාගෙන හඬමින්සිටියා...මේ සියලු කරදර jia er ට සිදුවන්නේ තමා නිසා යන වරදකාරී හැඟීම ඇගෙ සිතට වද දුන්නා..

Chun mei හඬන්න එපා..මේ අසන්න..මෙහි ඔබ අත කිසිදු වරදක්නැහැ...jia er පැවසුවා..
මා එසේ සිතන්නෙ නැහැ..මා ඔබවද අනතුරේ හෙලුවා...chun mei පැවසුවා..
නවතන්න ඔය හැඬීම..මාව කෝප ගන්වන්න එපා..jia er ඇගේ උරහිසින් අල්ලා සොලවමින් උස් හඬින් පැවසුවා..ඔහුගේ හඬට බියවූ chun mei හැඬුම නවතා ඔහු දෙස බැලුවා...

ඔබේකඳුලු දැකීමට මා අකමැති බව ඔබ නොදන්නේද chun mei..jia er එසේ පවසමින් ඇගේ දෑසෙහි කඳුලු පිස දැමුවා..ඔබ බිය විය යුතු නැහැ..මා ඔබ රැකගන්නවාමයි..මෙය පොරොන්දුවක්...jia er ඇගේ කුඩා මුහුණ අල්ලමින් පැවසුවා...
ඔබත් ආරක්ෂා වන්න jia er...ඔබට යම් අනතුරක් සිදුවුවහොත් මට දරාගත නොහැකි වේවි...chun mei පැවසුවා...
මා ඔබ වෙනුවෙන් ආරක්ෂා වන්නම්...තවත් හඬන්න එපා..jia er ඇගේ නළල සිපගත්තා...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now