100 Ways chapter 12💟

247 65 19
                                    

100 Ways 12

Jia er රාත්‍රියේ තම නිවසින් පිටතට පැමිණියා..සඳ හොඳින් පායලා...ඔහුගෙ අතේ රැඳී තිබුනේ chun mei වෙනුවෙන් මිලදී ගත් හිස් පලඳනාවයි...නමුත් එය ඈට ලබා දෙන්නේ කෙසේදැයි ඔහු සිතා තිබුනේ නැහැ...

පසුදින එලඹුනා....
Chun mei තම වාද්‍ය භාණ්ඩය රැගෙන සූදානම් වූයේ චෙරිමල් නිම්නයට යාමටයි...එහි දැන් කිසිදු අනතුරක් නැහැ...
වෙනදා මෙන්ම සුන්දරව සැරසී සිටි ඈ පෙර දිනයක තමා ගයාගුම් වැයූ මේපල් ගස යට අසුන් ගත්තා...
ඇගේ ඇඟිලි ගයාගුම් වාද්‍ය භාණ්ඩයේ තත් මත වේගයෙන් ගමන් කලා...ඒ අවස්ථාවේදී ඇයට සිහි වූයේ පෙරදිනක jia er ඈ මෙහිදී බියගැන්වූ අයුරුයි...තමන් කෝප වී ඔහුට පහරදුන් අයුරු සිහිවී ඇගේ මුවට සිනාවක් නැගුනා......

සැබවින්ම ඔබ උමතු තරුණියක්...තනිව සිනාසෙන්නේ ඒ නිසානෙ...හදිසියේම ඇසුනු හඬක් නිසා ඈ හිස ඔසවා බැලුවා...

ඔබතුමා...මෙහි...ඇය විමසුවා..
මට අද විශේෂ රාජකාරියක් තිබුනෙ නැහැ..එමනිසා මා මෙහි පැමිණියා...chun mei ඉදිරියේ සිටගෙන සිටි jia er පැවසුවා..
ඔහුද සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටි බැවින් වෙනදාට වඩා කඩවසම්......

මා නම් මෙහි පුහුණුවීමටයි පැමිණියේ...chun mei පැවසුවා...
ඔබ වාදනය කරන්න...මා අසා සිටින්නම්...එසේ පැවසූ jia er ඈ අසලම අසුන් ගෙන ගසේ කඳට හිස තබාගත්තා...
එහෙමයි...chun mei සිනාසෙමින් නැවත වාදනය ඇරඹුවා...

මඳවේලාවකින් වාදනය නැවතූ chun mei jia er දෙස හැරී බැලුවා...
ඔහු ගසට හිස තබාගෙන දෑස් පියාගෙන සිටියා..ඔහුට නින්ද ගොසින්.......
chun mei ඔහුගේ කඩවසම් මුහුණ දෙස බලා සිටියා...
Jia er ගේ අසිපත ගස මුල තබා තිබුනා..
Chun meiට එය අල්ලා බැලීමට තිබුනේ දැඩි උනන්දුවක්...
ඇය සෙමින් ඒ වෙත අත දිගු කලා..chun mei එය ඇල්ලීමට තැත් කරන විටම jia er ගේ හැඩි දැඩි අතින් ඇගේ අත අල්ලාගනු ලැබුවා...

මා නින්දේ සිටින විට එය ඇල්ලීමට නේද සිතුවේ...තවමත් දෑස් පියාගෙන සිටි jia er විමසුවා ....
ඔබ කෙසේද එය දුටුවේ...ඔබ දෑස් පියාගෙනනෙ සිටියෙ...chun mei විමසුවා...

සෙබලෙකු නිරතුරුවම විමසිලිමත් විය යුතුයි...දෑසින් පමණක් නොවේ අවට සිදුවන දේ ගැන සංවේදීතාවක් තිබිය යුතුයි...ඔහු අන්ධයෙකු වුවත් මනසින් දැකීමේ හැකියාව තිබිය යුතුයි...jia er පැවසුවා...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now