100 Ways chapter 8💟

289 68 62
                                    

100 ways 8

Jia er සේනාධිපතිතුමා.....wen cheng ඔහුව පිලිගත්තා...
කුමක්ද දැන් එහි තත්වය...jia er විමසුවා...
අප නිලධාරියෙක් සේවකයකු ලෙස වෙස් වලාගෙන ගොස් ඔවුන්ට වාදනයක් සූදානම් කල බව දැන්වූවා...හෙට සවස හයේ හෝරාවට වාදනය සඳහා පැමිණෙන ලෙස ඔවුන් දැන්වූවා...wen cheng පැවසුවා..
හොඳයි...මා ඔබට සැලසුම පැහැදිලි කරන්නම්...jia er පැවසුවා...

මුලින්ම ඔබ සියලු දෙනා පෙර සාකච්ඡා කරගත් ආකාරයට තොටුපොලේ ස්ථානගත වන්න...එහි කටයුතු cheng ඔබ බලාගත යුතුයි...මා හයේ හෝරාවට ශිල්පිනිය එහි රැගෙන යන්නම්...
ඔවුන් නැව්වලට බඩු පැටවීමට සූදානම් වන විට ඔබ සියලු දෙනා එය වැලැක්විය යුතුයි...කෙසේහෝ එම සිදුවීම ලැගුම්හලට ආරංචි වන තෙක් මා එහි රැඳෙන්නම්....වෙලඳුන් කලබල වී තොටුපොලට පැමිනේවි...එතෙක් අපි සිටිය යුතුයි...එහිදී ඔවුන් තමන්ගේ භාණ්ඩ ආරක්ෂා කිරීමට තැත් කරාවි...එවිට ඔවුන් අනවසර භාණ්ඩ සමගම පහසුවෙන් අල්ලාගත හැකියි...ඔබ සැමට වැටහුනාද...jia er සැලසුම මනාව පැහැදිලි කලා...
එහෙමයි සෙන්පතිතුමනි....

සියල්ල සාකච්ඡා කොට jia er නැවත නිවසට පැමිණෙන විට රාත්‍රිය උදාවෙලා...

ආ...ඔබ පැමිණියාද...රාත්‍රී ආහාර රැගෙන එන්නම්...මිත්තණිය පැවසුවා...
ඔබ වෙහෙස වෙලා....jia er පැවසුවා...
එසේ නොවේ...එය මට සතුටක්...ඇය පැවසුවා...
මෙම දියණිය මට බොහෝ උපකාර කලා...ඇය chun mei පෙන්වමින් පැවසුවා...
මඳ වේලාවකින් jia er නිවසින් පිටතට පැමිණියා...ඔහු නිවසේ ගල් පඩියක් මත අසුන් ගත්තා...

රාත්‍රිය උදාවෙලා..සඳ හොඳින් පායලා...
මඳ වෙලාවකින් ඇසුනු නිවසේ දොර ඇරෙන ශබ්දය නිසා ඔහු හැරී බැලුවා...
ආ...ඔබද....
එසේයි...මට නින්ද යන්නේ නැහැ...පිටතට පැමිණි chun mei පැවසුවා...
ඔබ කුමක්ද සිදුකරන්නේ...ඇය විමසුවා...
කිසිවක් නැහැ...jia er පැවසුවා...
අහස දෙස බලාගෙන ආදරවන්තියව සිහි කරන බව නිසැකයි...chun mei පැවසුවා...
නැවතත් ඔබ එයම පවසනවා...මට එවැන්නියක් නැහැ....jia er පැවසුවා...එය නොවේ ඔබ හෙට දිනයේ වාදනයට සූදානම් නොවේද...
මා සූදානම්...හැකි තරම් දිගු වාදනයක් පුහුණු වූවා...chun mei පැවසුවා...
එසේනම් හොඳයි....

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now