100 Ways chapter 5💟

312 71 46
                                    

100 ways 5

පසුදා උදෑසන සිට chun mei රාජකාරිය සඳහා පිටත් වීමට සූදානම් වූවා....

මට නම් සිතාගැනීමටවත් නොහැකියි chun mei...ඔබ පිටවන්නේ jia er සේනාධිපති සමඟයි...ඔබ බොහෝ වාසනාවන්තයි...lun ha පැවසුවා...
වාසනාව....ඔබ උමතුවෙන්ද...මෙය භයානකයි...chun mei පැවසුවා...
නමුත්...ඔබ අද වෙනදාටත් වැඩියෙන් රූමත්...සෙන්පතිතුමා ඔබ කෙරෙහි වශී වූවොත්....කුමක් සිදුවෙයිද...lun ha පැවසුවා..
Lun ha...ඔබ මෙතරම් අනුවණ බව මා දැන සිටියේ නෑ..ඔහු ඉතා දරදඬු පුද්ගලයෙක්...
එවැනි තැනැත්තෙක් මා හට සෙනෙහස දැක්වීම සරදමක් වැනියි....chun mei පැවසුවා..

සූදානම් වී අවසන්....
සත්තකින්ම chun mei...ඔබ ඉතා සුන්දරයි..lun ha ඇගේ අතක් අල්ලා ගනිමින් පැවසුවා...
Chun mei කැඩපතෙන් පෙනෙන තමාගේ රුව දෙස බැලුවා....
ලා රෝස පැහැය මුසුවූ සේද ඇඳුම නිසා ඈ වෙනදාටත් වඩා රූමත් වූවා..ඇගේ දිගු කොණ්ඩය මඳක් පිටුපසට කොට රෝස පැහැ පීත්ත පටියකින් ගැටගසා තිබුනු අතර ඉතිරිය පිට දිගට කඩා හැලෙන සේ සකසා තිබුනා...ආලේපන නොගැල්වූ රත් පැහැ දෙතොල් හා කුඩා මුහුණ ඇගේ හුරුබුහුටි පෙනුම තවත් වැඩිකලා....

ඔහු දැන් පැමිණ ඇති...අටේ හෝරාවට ආසන්නයි...අප පිටතට යමු...තම ගයාගුම් වාද්‍ය භාණ්ඩය ඇතුලු තවත් ගමනට අවශ්‍ය කරන බඩු බාහිරාදිය රැගත් තරමක් විශාල මල්ල කරේ එල්ලාගත් ඈ lun ha සමඟ පිටතට පැමිණියා....

අටේ හෝරාවට ඉතිරිව ඇත්තේ තවත් විනාඩි දෙකක් වුවත් ඔහු තවමත් පැමිණ නැහැ...

ඔහු සේනාධිපතිවරයෙකු වුවත් වේලාවට වැඩ කිරීම ඉතා පහත් මට්ටමක පවතින බවයි මට නම් හැඟෙන්නේ......chun mei පැවසුවා...
මා පැවසුවේ අටේ හෝරාව මිස ඊට විනාඩියක් පෙර හෝ පසු නොවේ...පිටුපසින් ඇසුනු කටහඬ නිසාවෙන් දෙදෙනාම පිටුපස බැලුවා...

ඔහු පැමිණිලා...වෙනදාට නිල ඇඳුමෙන් දැක පුරුදු ඔහු සාමාන්‍ය ඇඳුමින් සැරසිලා...නමුත් සුපුරුදු පරිදි ඔහුගේ සුරතේ අසිපත රැඳී තිබුනා...ඔහුද වෙනදාටත් වඩා කඩවසම් බව නොසිතා සිටීමට chun meiට හැකිවූයේ නැහැ...

ඔබ සූදානම් බැවින් පිටත් වෙමු..jia er පැවසුවා...එය නොවේ...ඔයතරම් විශාල ගමන්මල්ලක් කුමටද...අප එහි යන්නේ සදහටම ජීවත් වීමට නොවේ...ඔහු පැවසුවා..
ගයාගුම් වාද්‍ය භාණ්ඩය විශාල බව ඔබ නොදන්නේද සෙන්පතිතුමනි...chun mei පැවසුවා...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now