100 Ways chapter 13 💟

249 68 23
                                    

100 Ways 13

පසුදිනද එලඹුනා...chun mei දිනය පුරා ඇඟිලි ගනිමින් සිටියේ jia er මුණ ගැසීමට කාලය එලඹෙන තුරුයි...
සවස් යාමය එලඹෙත්ම ඇය නිම්නය වෙත පිටත් වූවා....නමුත් ඈ ඇගේ වාද්‍ය භාණ්ඩය නම් රැගෙන ගියේ නැහැ....
මඳක් සීතල සන්ද්‍යාවක්...ඇය නිම්නයට පැමිණෙන විටත් jia er පැමිණ ඈ එනතුරු බලා සිටියා...

ඔබ පැමිණියා එසේ නම්...මා සිතුවේ නොඒවි කියායි...jia er පැවසුවා...
සමාවන්න...නමුත් මා දුන් පොරොන්දු කඩ කරන අයෙක් නොවේ..chun mei පැවසුවා...
කොහිද ඔබේ වාද්‍ය භාණ්ඩය...
එය මා තබා ආවා...
හේතුව කුමක්ද...
මා අද පැමිණියේ පුහුණුවීමට නොවේනෙ....මගේ සේනාධිපතිතුමා මුණගැසීමටනෙ..ඉතින් කුමටද එය ගෙන එන්නේ....ඇය දඟකාර ලෙස පැවසුවා...

ඔබේ සේනාධිපතිතුමා ?
ඔව්...ඔබ මගේ සේනාධිපතිතුමා නොවේද...chun mei පැවසූ ආකාරයට jia er ට සිනා පහල වූවා...
එසේයි එසේයි...ඔබේ තමයි....පැමිණෙන්න...කතා කිරීමට බොහෝ දේ තිබෙනවා....jia er ඇගේ අතින් අල්ලාගෙන එහි තිබූ විශාල චෙරි ගසක් යටට ගොස් අසුන් ගත්තා...
ගස ලා රෝස පැහැ මලින් බරවීතිබුනා...

ඉතින්...පවසන්න...chun mei පැවසුවා...
කුමක්ද....?
ඔබ කෙදින සිටද මා වෙත සෙනෙහස දැක්වූයේ...chun mei නොඉවසිල්ලෙන් විමසුවා...
ම්ම්................එය දැනගැනීමට අවශ්‍යමද ...jia er විමසුවා...
එසේයි.......
ඔබ හා මා මෙහි මුණ ගැසුනු පලමු දිනයේ සිටයි........jia er පැවසුවා...
නමුත් එතරම් කල්....ඔබ එය සිතේ තබාගෙන සිටියාද...chun mei පුදුමයෙන් විමසුවා....
මා ඔබට පවසා ඇති...සෙබලුන් තරුණියකට සෙනෙහස දැක්වීමට බිය බව....jia er පැවසුවා.....
ඔව්...මතකයි....
නමුත් ඔබ එදා කී දේ නිසා මට බොහෝ සතුටු දැනුනා...නමුත් ඔබ මා වැන්නෙකුගේ සෙනෙහස ලැබීමට කැමති වේවිදැයි සැකයෙනුයි මා සිටියේ......jia er පැවසුවා...
එසේ සිතුවෙ ඇයි...ඔබ දුටුවානම් වාද්‍ය අංශයේ ඔබ ගැන කතා කරන අයුරු....ඔබට කෙතරම් තරුණියන් පිරිසක් ඇලුම් කරනවාදැයි දැකගත හැකියි...chun mei පැවසුවා...
නමුත් මා සිත්ගත්තේ එම අංශයේම සිටි මුරණ්ඩුම තරුණිය නොවේද...jia er විමසුවා...
Chun mei ගේ මුහුණ ලැජ්ජාවෙන් රත් පැහැ ගැන්වුනා.......

ඔබ අද වාද්‍ය භාණ්ඩය ගෙනාවෙ නැහැනේ...ඒ අඩුව මා පිරවිය යුතුයි....හදිසියේම එසේ පැවසූ jia er එක්වරම chun mei ගේ උකුල මත හිස තබාගෙන බිම වැතිරුනා...
සේනාධිපතිතුමනි...ඇයි මේ...chun mei කලබලයෙන් මෙන් විමසුවා....
ඔබ වෙනදා වාද්‍ය භාණ්ඩය මෙසේ තබාගෙන සිටිනවා නොවේද...jia er සිනාසුනා...
ඔබ වාද්‍ය භාණ්ඩයක් නොවේනෙ ඉතින්.....chun mei පැවසුවා.....
ඔව්...ඔබ පවසන පරිදි.......මා ඔබේ සේනාධිපතිතුමා.............jia er පැවසුවා....
එසේ තමයි...chun mei තම ඇඟිලිතුඩු ඔහුගේ හිසකෙස් අතර ගෙන ගියා....

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now