100 Ways chapter 10💟

253 71 33
                                    

100 ways 10

නගරයේ අලංකාරය මේ වන විටත් chun meiව වසඟ කොට ගෙන හමාරයි...
ඇය සිනාමුසු මුහුණින් වටපිට බලමින් ඉදිරියට දිවගියේ jia er වත් පසු කරමින්...
නමුත් මෙහි හරිහැටි විනෝද වීමට ඈ අත මුදල් නැති බව නම් jia er දැන සිටියා...

Chun mei...කොහිද ඔබ දිවයන්නේ...jia er ද ඈ පසුපස දිවගියා...
මෙහි ඉතා සුන්දරයි...ස්තූතියි මා මෙහි රැගෙන ආවාට...
එය එතරම් දෙයක් නොවේ...ආ..මෙහි පැමිණෙන්න...jia er හදිසියේම ඇගේ අතින් අල්ලා ගෙන තැනකට රැගෙන ගියා...
මේ කුමක්ද...chun mei විමසුවා...
රසකැවිලි...ඔබ අකමැතිද...ඔහු විමසුවා...
මා ලඟ මුදල් නැහැ...ඇය පැවසුවා...
ඔබ කැමති දෙයක් ගන්න...ඔහු පැවසුවා...
ඔවුන් මිලදීගත් රස කැවිලි කමින් ඉදිරියට ගියා...

නැවතත් නොයිවසිලිමත් chun mei jia er පසුකරමින් දිවගියේ ආභරණ වෙලෙන්දෙකු අසලටයි...එහි නොයෙක් ආකාරයේ අලංකාර පලඳනා දක්නට ලැබුනා...එයින් එක් හිස් පලඳනාවක් අතට ගත් chun mei ඒ දෙස ආසාවෙන් බලාසිටින අයුරු jia er දුටුවා...නමුත් එය ආපසු තැබූ ඈ නැවත ඉදිරියට දිව ගියා...

Chun mei ඉදිරියට ගොස් එක් තැනක නතරවී අහස දෙස බලා සිටියා...මඳ වේලාවකින් jia er ද එතනට පැමිණියා...

සුන්දරයි නේද....අහස පුරාවට පාවී යන ප්‍රාර්ථනා පහන් දෙස බලාසිටි chun mei පැවසුවා...
ඔව්...එය අලංකාරයි....jia er ඇයව අනුමත කරා...
ඒත් ඔබතුමා සිතනවද මෙහි පතන ප්‍රාර්ථනා සැබවින්ම ඉටුවේවි කියලා....ඇය විමසුවත් පිලිතුරක් ලැබුණේ නැහැ...ඉතින් ඇය jia er දෙස හැරී බැලුවා...

කොහෙද ඔහු...මේ දැන් මෙහි සිටියනේ...ඇය වටපිට බලමින් ඔහුව සෙව්වා...
ගිය ස්ථානයකින් පැමිණේවිනේ...ඇය නැවතත් පාවෙන පහන් දෙස බලා සිටියා...

Chun mei.....ඒ හඬට ඇය හැරී බැලුවා...
Jia er පැමිණිලා...
ඔහු දල්වන ලද ප්‍රාර්ථනා පහනක් අතේ තබාගෙන සිනාසෙමින් ඈ දෙස බලා සිටියා...
ඔබ මෙය ගෙන ඒමටද ගියේ...ඇය විමසුවා...
මෙය අහසට යවන්න...ප්‍රාර්ථනාවත් සමඟම...jia er පහන ඇය වෙත දිගු කලා...

ඔබට ස්තූතියි...ඔබ මා වෙනුවෙන් බොහෝදේ කලා...chun mei ඔහු දෙස බලමින් පැවසුවා...
මෙම පහනට දෙදෙනෙකුගේ ප්‍රාර්ථනාවන් වැඩි නැහැ...අප දෙදෙනාම එක්ව මෙය මුදාහරිමු...ඈ පැවසුවා....

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now