100 WAYS - VALENTINE SPECIAL❤️

66 9 36
                                    

100 ways valentine special
Let's reflect on an old memory...
පෙර නොකී කතාවක්❤️‍🩹

.
.
.

සෙමින් අසු පදවන්න Jia Er...කුමක්ද කලබලය...?
කිසිදු කලබලයක් නැහැ...වේගයෙන් අසු පැදවීම විනෝදයක් නොවේද...හහා.....
Jia er පැවසුවේ සිනාවෙමින්...
අහ් මගෙ හිසත් කැරකෙනවා...ෂැන් ඔබටවත් වැටහෙන්නෙ නැතිද..ඔබේ හාම්පුතා මාව මරා දමන්නට තැත්කරන වග...
ෂැන්ඩියැං කන් දෙන්නෙ මගෙ අණට පමණයි...

Jia er ෂැන්ගේ වේගය තරමක් අඩුකර අසු නවතා ගත්තා...
අසුපිටින් බැසගත් ඔහු දෙස රවා බලන Chun mei දෙස බලාසිටීම ඔහුට සිනාසීමට හේතුවක් වුනා...
කුමක් නිසාද සිනාසෙන්නේ...මාව බස්සන්න...
ඔබ උතුරු පලාතේ සොරුන් ඇල්ලූ මහා වීරවරිය නොවේද...තනිව බැසගන්න...
ඔබ නම් ඉතා දුෂ්ට සෙන්පතියෙක්...මම දිනෙක ඔබේ කඩුවෙන්ම ඔබව--- අහ් ආයි....
එවර අසුපිටින් ඇදවැටුනා නොවේද...
Jia er සිනාසෙමින් Chun mei වෙත ඔහුගේ අතක් දිගුකලා...
ඒ අතර ෂැන්ඩියැං Chun mei දෙස අවඥාසහගත ලෙස බලා හේෂාවරයක් නැගුවේ chun meiගේ කෝපය ඉහළ නංවමින්...

ඔබ වැනිම ඔබේ නපුරු අශ්වයා...දෙදෙනාටම මා වෛර කරනවා...
Jia erගේ අතට ගසා තනිව නැගීසිටි Chunmei කෝපයෙන් රවමින් පැවසුවේ Jia er තවමත් සිනහවෙන් බලාසිටියදීයි...
කොහිද ඔබ ඔය දිවයන්නේ...ගමනාන්තය මෙහියි...Jia Er ඈත කෝපයෙන් ඇවිද යන Chunmeiට හඬනගා පැවසුව අතර ඈ නැවතත් විරුද්ධ දෙසට වේගයෙන් ඇවිද ගියේ Jia erවත් පසුකරමින්...
ඔහු අසු අසල ගසක බැඳ Chunmei වෙත දිවගියා...

ඔබ මා සමඟ තරහින්ද...
නෑ...මා ඉතාමත් සන්තෝසයෙන් සිටින්නේ...හහ් හහ් හා...නොදුටුවේද මගෙ සිනහව...
මා ඔබට රසකැවිලි රැගෙන දෙන්නම්...
ඔබ සහ ඔබේ රසකැවිලි...හැමවිටම මා කෝප ගන්වා රසකැවිලි රැගෙන දීමෙන් පලක් තිබේද...මා තවදුරටත් රැවටෙන්නේ නම් නැහැ...
හ්ම් එසේද...එසේනම් මා මෙය ෂැන්ට ලබා දෙන්නම්...ඔහුත් මේවාට ඉතා කෑදරයි...
Jia Er ඔහු අත වූ රසකැවිලි මල්ල උඩ දමා අල්ලමින් පැවසුවා...
අශ්වයින්ට පැණිරස අගුණයි...එය මට දෙන්න...
Chunmei රසකැවිලි මල්ල උදුරා ගනිමින් පැවසුවා...

කොහිද ඔබ පැවසූ ඇඳුම් මසන්නිය සිටින්නේ...?
Jia Er විමසුවේ ඔවුන් මෙහි පැමිණි කාර්යය සිහි වීමෙන් පසුවයි...
ඔවුන් රාජ්‍යයේ දකුණු දෙසට පැමිණියේ එම ප්‍රදේශය රෙදි පිළි කර්මාන්තය සඳහා ඉතා ප්‍රසිද්ධ වූ බැවින්...
සත්‍යම හේතුව නම් ඔවුන් එහි පැමිණියේ Chun mei සඳහා මංගල ඇඳුමක් තෝරා ගැනීමටයි...
මා සිතන්නේ තවත් ඉදිරියට යායුතුයි...ආ අන්න අර ස්ථානය විය හැකියි...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Dove le storie prendono vita. Scoprilo ora