100 Ways chapter 16💟

259 69 25
                                    

100 Ways 16

මඳ වෙලාවක් ගංගාව අසල ගතකල ඔවුන් නැවත පැමිණෙමින් සිටියා..

Jia er කුමක්ද ඔබ පැවසූ විශේෂ රාජකාරිය වන්නේ...
ආ...රජු විසින් මට පැවරූවක් එය...
කුමක්ද ...
ඔබ දන්නවාද රජුගේ සොයුරු tai sunව...පෙර සිටි රජුගේ උපබිසවකගේ පුත්‍රයෙක් ඔහු...jia er පැවසුවා..
මා ඔහු ගැන අසා තිබෙනවා..ඉතින්...
වත්මන් රජු කිරුල හිමි කුමරු ලෙස නම්කිරීමෙන් පසුව tai sun කුමරු ජපන් දේශයට පිටත් වූවා..ඔහු මේ තව මසකින් නැවත මේ රාජ්‍යට පැමිණෙන බව පණිවිඩ එවා තිබෙනවා...ඉතින් ඔහු නැවත පැමිණෙන ගමන් මාර්ගයේ ආරක්ෂාව සැලසීම මා විසින් සිදු කල යුතුයිලු...jia er පැවසුවා...

බැරෑරුම් රාජකාරියක් නොවේද..chun mei විමසුවා..
එසේ තමයි..නමුත් කල යුතුයිනෙ...
නමුත් ඔබ එම රාජකාරියට අකමැති බවක් පෙනෙනවා..chun mei පැවසුවා..
හ්ම්..එසේයි..
එයට හේතුව..
Tai sun යහපත් පුද්ගලයෙකු නොවේ..ඔහු මත්පැනට ස්ත්‍රීන්ට හා බලයට ඉතා ලොල් වූවෙක්...ඔහු අසරණ තරුණියන් රාශියක් ඉතා දුක්ඛිත තත්වයට පත්කලා...ඔහු වැන්නෙකු නැවත රාජ්‍යට පැමිණීම විනාශයක්...jia er කේන්තියෙන් පැවසුවා..
ඔහු එසේ පුද්ගලයෙක්ද..නමුත් රජු ඔහුට කැමති ඇති නේද..chun mei විමසුවා..
ඔබ උමතුවෙන්ද..රජු ඔහුට බිඳක්වත් කැමති නැහැ..ඔහුටත් රාජ්‍යයේ අයිතියක් ඇති බැවින් අවසර දුන් නමුත් රජුත් දරන්නේ මගෙ අදහසමයි...jia er පැවසුවා...

නමුත් ඔබ මෙතරම් කේන්තියෙන් ඇයි...chun mei විමසුවා..
හේතුව ඔබ වාද්‍ය අංශයේ දක්ෂතම ශිල්පිනිය වීමයි chun mei...jia er පැවසුවා..
ඉතින්..එයට කෝප වීමට හේතුව..?
ඔබට ඔහු සහභාගි වන උත්සවයන්ට වාදනය කිරීමට සිදුවේවි..ඔබව ඔහුගේ ඇස ගැටුනහොත් නිසැකයෙන්ම ඔබව ඔහුට අවශ්‍ය වේවි...එයයි හේතුව...jia er පැවසුවා..
Jia er ඔබ මා බියගන්වනවා..chun mei බියෙන් පැවසුවා...
ඔබ බියවිය යුතු නැහැ...ඔබට අතක් තැබුවහොත් ඔහු රජපවුලේ බව මා සලකන්නේ නැහැ..විනාශ කර දමනවා...jia er පැවසුවා...
Jia er ඔබ මා සමඟ සිටින්න...හැමවිටම..chun mei ඔහුව වැලඳගනිමින් පැවසුවා...
එසේයි..කිසිදින ඔබ තනි කරන්නේ නැහැ..jia er පැවසුවා......
.........................................
මසක් ගෙවී ගියා...jia er ඇතුලු පිරිස රාජකාරිය සඳහා පිටව ගියා...
Tai sun පැමිණි නැව වරායට ලඟා වූවා...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now