100 Ways chapter 6💟

278 72 26
                                    

100 ways 6

ඔවුන් දෙදෙනා නැවත මාර්ගයට පිවිස ගමන් ආරම්භ කලා...
ඇය ඉතාමත් කරුණාවන්තයි නේද...chun mei විමසුවා...
එසේයි...ඇය chengට මෙන්ම මටද ඇගේම දරුවෙකු ලෙසයි සලකනු ලැබුවේ...su yin ද මා ඇගේම සොයුරෙකු ලෙස සිතුවා...jia er පැවසුවා...

එවිට ඔබේ දෙමාපියන්ට කුමක්ද සිදුවූයේ...chun mei නැවත විමසුවා...
ඔවුන් මිය ගිහින්....
අනේ...සමාවෙන්න....chun mei පැවසුවා..
එයට සමාව ඉල්ලිය යුතු නැහැ....jia er පැවසුවා...
කුමක්ද ඔවුන්ට සිදුවූයේ...
මගේ පියාණන් රාජකීය විමර්ශන නිලධාරියෙක්ව සිටියා...වසර 15ට පෙර ඇතිවූ යුද්ධයක් නිසා ඔහු මියගියා...
වසර 10ට පමණ පෙර මෑණියන් හදවත් රෝගයක් හේතුවෙන් මියගියා....ඔහු පැවසුවා...
එවිට ඔබ...?
මා එතැන් සිට තනිවමයි ජීවත් වූයේ...jia er පැවසුවා...
නමුත් ඔබ රජ පවුල සමඟ බොහෝ සමීප බව මා දුටුවා...chun mei පැවසුවා..
ඔව්...මා කුඩාකල පියාණන් සමඟ මාලිගයට යනවා...පෙරසිටි රජු මගේ පියාණන් හා සමීපයි... එහිදී මට කිරුල හිමි කුමරු මුණ ගැසුනා...අප මිතුරන් බවට පත් වුනා...පසුව මමත් ආරක්ෂක අංශයට පැමිණියා...කුමරු රජු බවට පත්වූ පසු මමයි එතුමන්ගේ ප්‍රධාන ආරක්ෂක වූයේ...එබැවින් මවුබිසවද මට ඉතා සමීපයි.....jia er පැවසුවා....

ඔබ දන්නවද...මගෙත් දෙමාපියන් දෙදෙනාම දැන් මා අසල නැහැ...chun mei පැවසුවා..
ඔවුන්ට කුමක්ද සිදුවූයේ...jia er විමසුවා...
ඔබේ පියාණන් අහිමි වූ යුධ සමයේදී සාමාන්‍ය වැසියන් බලහත්කාරයෙන් ඒ සඳහා රැගෙන ගියා...මගේ පියාත් ඔවුන් රැගෙන ගියා...ඔහුද යුධබිමේදි මියගියා...
මගෙ මෑණියන්වද වහලියක ලෙස සේවය කිරීමට රැගෙනයනු ලැබුවේ ඉතා අමානුෂික ලෙසයි...එහිදී වූ පීඩාවන් නිසාම ඇයද මට අහිමි වූවා..ඉන් පසුවයි මා වාද්‍ය ශිල්පිනියක් වීමට මාලිගයට පැමිණියේ.......chun mei පවසන විට ඇගේ දෑස්වල රැඳි කඳුලු ඔහු දුටුවා.....

ඔබ...හඬන්න එපා...jia er පැවසුවා...
කොතරම් තද සිතැත්තෙකු වුවත් කාන්තාවකගේ කඳුලු ඔහුව සසල කිරීමට සමත්.........

දැන්...ඒ සියල්ල සිදුවී අවසන්....දැන් හැඬීමෙන් ඇති ඵලයක් නැහැ....chun mei පැවසුවේ කඳුලු පිසදා ගනිමින්...
එසේයි...පෙර සිදුවීම් අපව කෙතරම් රිදෙව්වත් ඒ මතම ඇලී සිටීමෙන් තවත් දුකක් මිස ලැබෙන කිසිවක් නැහැ...jia er පැවසුවා...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now