100 Ways chapter 7💟

278 72 20
                                    

100 ways 7

කුමක්ද ඔබ කල්පනා කරන්නේ...chun mei විමසුවා...
කිසිවක් නැහැ..දැන් අප යායුතුයි...jia er පැවසුවා..
අනේ...දැන්ම යායුතුද...chun mei දුකෙන් පැවසුවා...
ඔව්...නැතිනම් බොහෝ රෑ බෝවේවි...jia er පැවසුවා...
එසේද...chun mei දුක්බර මුහුණින්ම පැවසුවා...jia er ඈ දෙස බැලුවා...
දුක් වන්න එපා...අප නැවත පැමිණෙන විටත් මෙම ස්ථානයෙහි නවතිමු...දැන් පිටවෙමු..පමා වූවා...jia er පැවසුවා...
එහෙමයි...chun mei තම ගමන් මල්ල රැගෙන පැමිණියා...

මෙය මා රැගෙන යන්නම්...jia er ගමන් මල්ල ඉල්ලා සිටියා...
අවශ්‍ය නෑ...මා රැගෙන යන්නම්...chun mei පැවසුවද එය රැගෙන යාම අපහසුයි...
ඔබ වැනි කෙසඟ තරුණියකට මෙවැනි විශාල ගමන් මල්ලක් රැගෙන යාම අපහසුයි...මෙහෙ දෙන්න...jia er එය උදුරාගෙන ඔහුගේ කරේ එල්ලාගත්තා...
දැන් යමු....

ගමන බොහෝ නිහඬයි...එක් අයකු වත් කතා කරන්නේ නැහැ...jia erට ඈ හා කතා කිරීමට සිත් දුන්නත් ඔහු එය කලේ නැහැ...

"හමුවෙන්න කල් එලඹියත්...
ඔහු තවම නැහැ...
වසත් සමයද පැමිණියා...
එයද නිමවී යාවී..
පිපී හුන් මල්...
පරවී යාවි....
නමුත් ඔහු තවම නැහැ....
කොපමණ කල් ගෙවී ගියත්...
මා කොතරම් මහලු වුවත්...
තවමත් ඔබ වෙනුවෙන් බලා සිටිමි....."

එක්වරම ඇසුනු මිහිරි ගීයක් නිසා jia er chun mei දෙස හැරී බැලුවා...
වාදනය මෙන්ම ඇගේ ගායනයද විශිෂ්ටයි...
ගීය ගයා නිමවූ ඈ jia er දෙස බැලුවා...

ඇයි ඔබ ඔය ලෙසට බලා සිටින්නේ....ඇය විමසුවා...
අහ්...කිසිවක් නැහැ...කනට ඉතා අමිහිරි ශබ්දයක් ඇසුනු නිසයි මා බැලුවේ...jia er පැවසුවා...
ඔබ නම් ඉතා නපුරුයි...chun mei රවන විට jia er සිනාසුනා...
කුමක් නිසාද හදිසියේ ගී ගැයුවෙ...ඔහු විමසුවා...
මේ ගමන ඉතා කම්මැලියි...ඔබත් කිසිදු වදනක් නොපවසා ගොලුවෙකු මෙන් ගමන් කරන්නේ...ඉතින් මා ගීයක් ගැයුවා...ඇය පැවසුවා...

ඉතින්...ඔබේ සහකරු නැවත පැමිණියෙ නැතිද...jia er විමසුවා...
කුමන සහකරුද...
ඔබ ගීතයේ පැවසූ පුද්ගලයා...
ආ...එය ගීතයක් පමණයි...මට සහකරුවෙකු නැහැ...chun mei ලැජ්ජාවෙන් මෙන් පැවසුවා...

එය නොවේ...ඔබට...ආදරවන්තියක් සිටිනවාද...chun mei විමසුවා...
කුමක්ද...jia er පැවසුවා...
ඔබ සෙනෙහස දක්වන තරුණියක් නොමැතිද...ඇය නැවත විමසුවා...
අප වැනි ආරක්ෂක නිලධාරීන් තරුණියකට සෙනෙහස දැක්වීමට බියයි...ඔහු පැවසුවා...
ඒ කුමක් නිසාද....chun mei විමසුවා...
කුමන අවස්ථාවක කැරැල්ලක් ඇතිවේවිද,යුද්ධයක් ඇතිවේවිදැයි පැවසිය නොහැකියි ...ඉතින් එවැන්නකදී අප මියගියහොත්...jia er පැවසුවා...
එසේ වන්නේ නැහැ...අසුබ දේ පවසන්න එපා...chun mei පැවසුවා...
අසුබ වුවත් එයයි සත්‍යය...අප වැන්නවුන්ගේ ජීවිත ඉතා අවිනිශ්චිතයි...
Jia er සිනාසුනා...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now