100 Ways chapter 11💟

266 72 19
                                    

100 ways 11

Chun mei ශිල්පිනියනි...ඔබ කුමක්ද සිදුකරන්නේ...lun ha විමසුවේ උදයෙන්ම මුලුතැන්ගෙයි ආහාර සකසන chun mei දෙස බලමින්....
ආ...මේ ඔබ...නමුත් එසේ අමතන්න එපා lun ha..මට දුරස් බවක් දැනෙනවා..chun mei පැවසුවා...
නමුත් ඔබ මගේ මිතුරියනෙ..උසස්වීම ගැන සතුටුයි...lun ha chun meiව වැලඳගෙන පැවසුවා...
එය නොවේ...ඔබ ඔය කුමක්ද සිදුකරන්නේ...lun ha විමසුවා...
ආ...මේ කැවිලි විශේෂයක්...chun mei පැවසුවා...
කා හටද....
මා මෙය...මේ....chun mei ගොතගැසුවා...
ආ....වැටහුනා..jia er සේනාධිපතිතුමාට නොවේද...lun ha සිනාසෙමින් විමසුවා..
එසේයි...මා මෙසේ කරන්නෙ ඔහුට කළගුණ සැලකීමක් ලෙසටයි...ඔහු මා වෙනුවෙන් බොහෝ දේ සිදුකලා...මගෙ වැරදිවලට සමාවද ලබාදුන්නා..ඉතින් මෙසේ සිදුකිරීම මගෙ යුතුකමක් නොවේද...chun mei පැවසුවා...
එය නම් එසේ තමයි...නමුත්..මට ඊට වඩා දෙයක් හැඟෙනවා chun mei...lun ha සිනාසුනා...
කුමක්ද ඔබගේ සිනාවෙහි අර්ථය...chun mei විමසුවා...
ශිල්පිනිය සේනාධිපතිතුමාට කැමැත්තක් දක්වනවාදැයි සැක පහලවෙනවා...lun ha පැවසුවේ chun meiගේ ඇඟේ හැපෙමින්....
එසේ නැහැ...chun mei ලැජ්ජාවෙන් මෙන් සිනාසුනා...
හ්ම් හ්ම්...අපි බලමුකෝ...ඉන්න මාත් ඔබට උපකාර කරන්නම්...lun ha ද උපකාරයට පැමිණියා...

දහවල උදාවුනා...chun mei මාලිගයේ රාජකාරියට පිටත් වූයේ සැකසූ ආහාරද රැගෙනයි...අහස් නිල් පැහැ නව නිල ඇඳුම ඇයව තවත් සුන්දරකලා...
විශේෂ රාජකාරියක් නොතිබූ බැවින් ඇය ආහාරද රැගෙන ආරක්ෂක අංශය වෙත පිටත් වූවා...

ඇය එහි ඇතුලු වූයේ තරමක බියෙන්...
සෑම තැනම ආයුධ අතින් ගත් සෙබලුන් සැරිසරමින් සිටියා...
ඇය වටපිට බලමින් සිටියදී එහි පැමිණි wen cheng නිලධාරී ඇයව දුටුවා...

ඔබ නොවේද උතුරු ප්‍රදේශයේ රාජකාරි සඳහා ගිය තරුණිය...?එහි පැමිණි cheng විමසුවා...
ඔහුගේ හඬට ඇය තිගැස්සී ගියා...
එහෙමයි නිලධාරීතුමා...ඇය පිලිතුරු දුන්නා..
නමුත් ඔබ කුමක්ද මෙහි තනිව සිදුකරන්නේ...
මට jia er සේනාධිපතිතුමා මුණ ගැසිය හැකිද...ඈ විමසුවා...
ඔහු මේ අවස්ථාවේ නම් නවක සෙබලුන්ට සටන් පුහුණුකිරීමෙහි යෙදෙනවා...මඳ වේලාවකින් අවසන් වෙයි...මා සමඟ පැමිණෙන්න...wen cheng පැවසුවා...
එහෙමයි...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Opowieści tętniące życiem. Odkryj je teraz