100 Ways chapter 9💟

265 72 29
                                    

100 Ways 9

Chun mei...ඇස් අරින්න...කරුණාකර ඔබේ දෑස් විවර කරන්න...
Chun meiට තමා කාගේ හෝ පපුවට වාරු වී ඇති බව දැනුනා...
ඇය හෙමින් ඇගේ දෑස් විවර කලා...

ආ..හ්.....ඔබ හොඳින්...මා බොහෝ බියට පත්වූවා....jia er පැවසුවේ ගැඹුරු හුස්මක් හෙලමින්....
ඔබ උමතුවෙන්ද...පාලම එතනින් අවසන් බව නොදැනද පසුපසට පැන්නේ...ඔහු බැන වැදුනා...
ඇයි මටම බැන වදින්නේ...chun mei විමසුවේ කඳුලු පිරුනු දෑසින්....
ආ..හරි...නමුත් මා හැඬීමට තරම් දෙයක් පැවසුවේ නැහැනෙ...jia er පැවසුවා...
හඬන්න එපා ඉතින්...jia er ඇගේ කඳුලු පිසදැම්මා...ඔබට දැන් අසුන් ගත හැකිද...ඔහු විමසුවා...

මෙතෙක් වේලාවක් chun mei ඔහුගේ පපුවට හේත්තු වී සිටි නමුත් ඔහුට හෝ ඇයට ඒ පිලිබඳ කිසිදු තැකීමක් තිබුනේ නැහැ...

මට හැකියි...ඇය සෙමෙන් හිස කෙලින් කොට අසුන් ගත්තා...
ඔබද මා බේරාගත්තේ...jia er ගේ ජලබිඳු බේරෙන කොණ්ඩය හා තෙමුණු ඇඳුම් දුටු chun mei විමසුවා...
හ්ම්......
නමුත් අර වෙලෙන්දා...ඔබ ඔහුට කුමක්ද සිදුකලේ...ඔහුව මරා දැමුවාද ඇයි එසේ සිදුකලේ....ඇය එකදිගට පැවසුවා...

Cheng...jia er එම ස්ථානයේ රැඳී සිටි wen chengව ඇමතුවා...
එහෙමයි...
මගේ අසිපත කොහිද...
එය මා ලඟයි....
එය මට ලබාදෙන්න මඳකට...jia er පැවසුවා..
ඒ කුමටද හදිසියේම..cheng විමසුවා...
මැයගේ දිව කපා දැමීමට...එවිට වත් නිහඬව සිටීවිනෙ...jia er පැවසූ විට chun mei රවමින් නිහඬ වූවා...

Cheng ඔබ දැන් අත් අඩංගුවට ගත් පිරිස රැගෙන යන්න...ඔබ ඇතුලු සේනාව බොහෝ වෙහෙස වූවා...jia er පැවසුවා...
කෘතඥ වෙනවා සෙන්පතිතුමනි...අපට එසේනම් පිටත් වීමට අවසර.....cheng නිලධාරී පිරිස සමග පිටත් වූවා...

නමුත් jia er හා chun mei තවමත් තොටුපලේයි....
අපද දැන් පිටවෙමු...jia er chun mei දෙස බැලුවා...
බොහෝ තෙතබරිත වී සිටි ඈ රාත්‍රියේ සීතලත් ජලයේ සීතලත් නිසා වෙව්ලමින් සිටියා...
ඔබ වෙව්ලනවා නේද...යමු...ඉක්මනට...
නැගී සිටි jia er ඇයව එසවීමට තැත්කලා...
එපා...මට යා හැකියි...chun mei පැවසුවත් සීතල ඇගේ ශරීරය අප්‍රාණික කලා...

නිහඬව සිටින්න...
Jia er chun meiව සිය දෑතට ඔසවා ගත්තා...සිහින් සිරුරක් සහිත ඇගේ බර jia erට නොදැනුනු තරම්....
Jia er ඈ ඔසවාගෙන යන විට ඔහු සුසුම්ලන හඬත් ඔහුගේ හදවතේ රිද්මයත් chun meiට හොඳින් ඇසුනා...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Donde viven las historias. Descúbrelo ahora